Saturday, April 29, 2017

විචාරක සමු අරන්



දිනය අවසන් වෙලා 
රාත්‍රිය උදා වෙලා
බ්ලොග් ලෝකය 
සෝ සයුරක ගිල්වා 
විචාරක සමු අරන් 

වෙනදා දැණුම බෙදූ 
අසමි දකිමි සොයමි 
බ්ලොග් එක නිහඞයි 
අවසාන සටහන ලියා
විචාරක සමු අරන් 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

22 comments:

  1. He always encouraged us and I got to know about your writing through comments he left about your books... such a cheerful person

    ReplyDelete
  2. මගේ බ්ලොග් එකට ආ පළවෙනි ප්‍රසිද්ධ බ්ලොග් කාරයා රසික. දෙවැන්නා විචාරක මට මතක විදියට.
    සුභ ගමන්

    ReplyDelete
  3. මා උපතින්ම අබාධිත අයෙක්. ඒ නිසා ගොඩක් වෙලාවට නිවසේම කාලය ගතකල මම ලෝකය ගැන ගොඩක් දේවල් දැනගත්තේ විචාරක මහතාගේ බ්ලොග් එකෙන්. එතුමා අසනීප වෙලා ඉන්නවා කියලා දැන ගත්තම පස්සේ මම එතුමාට ඊමේල් කරා. එතුමාගේ දුරකථන අංකයත් දුන්නා. ඒත් උපතින්ම ගොළු මට කතා කරන්න බැහැනි. මම එස්එම්එස් කලා.

    මගේ පියා මම කුඩා කලම මිය ගියා. ඒ ගැන විස්තර මම විචාරකතුමාට කිව්වම එතුමා කිව්වා මගේ මියගිය පියා කොහේ හරි ඉදන් මට අවශ්‍ය දැනුම ලබා දෙන්න විචාරක මහතාව මෙහෙයවනවා වෙන්නත් පුළුවන්, ඒ නිසා එයා බ්ලොග් එක ලියනවා වෙන්නත් පුළුවන් කියලා.

    මගේ සහෝදරයා තමයි මට විචාරක මහතාගේ බ්ලොගය ගැන මුලින්ම කිව්වේ. එයාත් මෙතුමාගේ වියෝව ගැන දුකින් ඉන්නේ. මටයි සහෝදරයටයි පියෙක් වගේ තමයි විචාරක මහතා උපදස් දුන්නේ.

    මගේ සහෝදරයා මුලින්ම විචාරක මහතාගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එක සහ ඒකට එතුමා ලබාදුන් පිළිතුර පහලින් තියෙනවා. ඒ මගින් තමයි මමත් විචාරක මහතාව හදුනා ගත්තේ.
    .....

    AnonymousJune 9, 2015 at 1:02 PM

    මම වෛද්‍ය අධ්‍යාපනය හදාරන අයෙක්. නිවාඩු පාඩු වෙලාවට ඇවිත් මේ බ්ලොග් අඩවිය බලනවා. ආරක්ෂක අංශ ගැන දැනගෙන නොහිටි කාරනා ගොඩක් මේ බ්ලොග් අඩවිය බලලා දැනගත්තා. ඒ වගේම මෙම බ්ලොග් අඩවියේ රචකයා වන විචාරකතුමා සෑම විටම ඉතා පැහැදිලිව, ඕනෑම කෙනෙකුට වැටහෙන පරිදි ලිපි සම්පාදනය කර තිබෙනවා. ඔබතුමාට ඒ හැකියාව ලැබී ඇත්තේ උසස් හමුදා පුහුණුව නිසා වෙන්නට ඕනි.

    මගේ පියා සේවය කෙරුවේ ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස. කොළොන්නාව තෙල් ටැංකි වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මගේ පියා මිය ගියා. එතකොට මම පාසලේ බාලාංශ පන්ති වල හිටියේ. මගේ පියා අද සිටියා නම් ඔබතුමා වගේම ගුවන් හමුදාවේ තොරතුරු ඔහු කියා දේවි.

    Reply
    Replies

    විචාරක - WicharakaJune 9, 2015 at 1:21 PM

    ඔබ මගේ දරුවකුගේ වයසේ ඉන්න කෙනෙක් බව පෙනෙනවා. මගෙත් එක දියණියක් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී දැන් ඉන්ටර්න් පත්වීමක් ලබා කොළඹට ආසන්න රෝහලක සේවය කරනවා. ඔබටත් වෛද්‍ය වරයකු ලෙස රටට සේවය කරන්න වාසනාව උදාවේවා කියා ප්‍රාර්ථනය කරනවා.

    පියාගේ වියෝව ඔබට මහත් වේදනාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය ජීවිතය පුරාම දැනෙයි. දැන් කලයුත්තේ ඉදිරිය ගැන සිතා වැඩ කිරීමයි. ඇත්තෙන්ම ඔබ එහෙම වැඩ කිරීම නිසා තමයි අද ඔය තත්වයට ඇවිත් ඉන්නේ. පියා වෙනුවෙන් කළහැකි සෑම පින්කමක්ම ඔබ කරනු ඇතැයි සිතනවා. මා ඔබේ පියා යයි සිතන්න. කවුද දන්නේ ඔහු කොහේ හො සිට මේවා ලියන්න මාව පොළඹවනවාද කියා. කැමතිනම් ඔබේ සිතේ තියන දේවල් මට ලියන්න wmjgslsr@gmail.com

    මේ අඩවිය ඇගයීම ගැන ස්තුතියි.

    ReplyDelete
  4. ඔහු මට දයාබර ලොකු අයියෙකුම විය. ඔහුට නිවන් සුව.

    ReplyDelete
  5. අසමි නුඹේ වියමන මී බිඳු සේම
    දකිමි ලෝ දහම පියයන් වෙන්වීම
    සොයමි සැඟ උනේ කොතනද නොකියාම
    පතමි සුභ ගමන් මිතුරාණනේ මම

    ReplyDelete
  6. මිතොට මුල්ලේ පන පිටින් කුණුවලින් වැළලුනු ජිවිත ගැන කඳුලුක් නැති එවුන් එක ස්වාභික මරණයක් ගැන කොමන්ට් වැහිවහලා

    ReplyDelete
    Replies
    1. "එක පුන්සඳින් දුරුවෙයි ලොව ඝන අඳුරු
      නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු "

      Delete
    2. ඇනෝ 1.36, අල්ල ගන්න ප්‍රමාණයටනෙ කදුලු.. මීතොටමුල්ලේ කුණු කන්ටදට යට වෙලා බ්ලොග් කාරයෙක් මැරුනනම් තත්ත්වය මීට වෙනස් වෙන්න තිබුනා...

      Delete
    3. AnonymousApril 30, 2017 at 1:36 AM කුහක වෙන්න එපා ඔබට මිතොට මුල්ලේ පන පිටින් කුණුවලින් වැළලුනු ජිවිත පිලිබඳව අමුතු දුකක් නැත ; ඒ හරහා ඔබ මිය ගිය විචාරකගේ නාමයට කුණු කතා කියනවා පමණි. ඊට හේතුව ඔබගේ ජරා කුහක සිත ය​.

      Delete
  7. මම බ්ලොග් ලියන කෙනෙක් නොවුනොත් නිතරම විචාරකතුමාගේ ලිපි කියෙව්වා. ඔබ නිතරම යුද්ධයේ අත්දැකීම් නිසා මානසික සමබරතාව ගිලිහුණු පුද්ගලයන් ගැන කථා කරනවා. යුද්ධයේ දරුණු අත්දැකීම් එතුමාගේ පෞරුෂය වෙනස් කිරිමට අසමත්වී අැති බව පෙනෙනවා නේද? බ්ලොග් ලෝකයේ සිටි ඉතාම සුන්දර ම්නිසෙක්. එතුමාට නිවන් සුව...

    ReplyDelete
    Replies
    1. ඉතාම සුන්දර මිනිසෙක්

      Delete
  8. මම බ්ලොග් ලියන කෙනෙක් නොවුනොත් නිතරම විචාරකතුමාගේ ලිපි කියෙව්වා. ඔබ නිතරම යුද්ධයේ අත්දැකීම් නිසා මානසික සමබරතාව ගිලිහුණු පුද්ගලයන් ගැන කථා කරනවා. යුද්ධයේ දරුණු අත්දැකීම් එතුමාගේ පෞරුෂය වෙනස් කිරිමට අසමත්වී අැති බව පෙනෙනවා නේද? බ්ලොග් ලෝකයේ සිටි ඉතාම සුන්දර ම්නිසෙක්. එතුමාට නිවන් සුව...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook