බඩට ගැසීම යනු අසා පුරුදු වැකියකි. මිනිසුන් ගේ බඩට ගසන්නෝ දේශපාලකයෝ ය. එහෙත් අධ්‍යාපනයට ගැසීම හෙවත් කෙනෙකුගේ අධ්‍යාපනයට අකුල් හෙලීමද අපගේ සමාජයේ තිබෙන එක් කුහක පිලිවෙතකි. අධ්‍යාපනයට ගසන්නෝ උගතුන් වීමද විශේෂත්වයකි. ප්‍රතිපත්තියක් ලෙස මම කිසිවෙකුගේ අධ්‍යාපනයට නොගසමි. ඒ මා තුල තිබෙන සුවිසේෂී ගුනාංගයක් නිසා නිසා නොව කෙනෙකුගේ අධ්‍යාපනයට ගැසීම ඉතා තුච්ච ක්‍රියාවක් ලෙස මා සලකන බැවිනි.
ලංකාවේ ජීවත් වූ කාලයේදී මම බොහෝ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට ඔවුන් ගේ නිබන්ධන සම්බන්ධයෙන් ගුරු හරුකම් දීමෙන් උදව් කලෙමි. එසේම කොතලාවල සහ බටලන්ද මිලිටරි ඇකැඩමි වල එම් එස් සී අධ්‍යනයේ නියැළුනු හමුදා නිලධාරීන්ටද අධ්‍යාපන කටයුතු වලදී උපකාර කලෙමි. මගෙන් උපකාර ලත් බොහෝ දෙනෙකු තම අධ්‍යනයන් සාර්ථකව නිම කිරීමෙන් පසු මට ස්තූති කල අතර සමහරු පැදුරටත් නොකියා පලා ගියහ. එහෙත් ඒ පිළිබඳව මට කණගාටුවක් නැත. මිනිසුන් ගේ ගති විවිධාකාරය.
අධ්‍යාපනයේදී මම අනෙකුන්ට උදව් කලද මගේ අධ්‍යාපනයට සමහර පුද්ගලයන් විසින් අවහිර කල අවස්ථා කිහිපයක් තිබුනු බව මට සිහිපත් වේ.
1999 වසරේදී මම ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා සහ මහාචාර්‍ය ඩී.සී.එච් සෙනරත් මහතා යටතේ උපදේශන ඩිප්ලෝමා පාඨමාලවක් සාර්ථකව නිම කලෙමි. මේ කාලයේදී කොලඹ විශ්ව විද්‍යාලය මගින් උපදේශන ඩිප්ලෝමා පාඨමාලවක් අරඹා තිබූ අතර මෙයට අයදුම් කරන ලෙස ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා මාව දිරිමත් කලේය. මේ වන විට මම වෛද්‍ය උපාධියට අමතරව එංගලන්තයේ බාන්ස්ලි විදුහලෙන් ළමා මනෝ විද්‍යා හදාරා , කොළඹ ළමා මනෝ විද්‍යා ඇකඩමියෙන් ළමා මනෝ විද්‍යා ඩිප්ලෝමාවද ලබා ගෙන සිටියෙමි. ඊට අමතරව යුද ආතතිය පිළිබඳව පත්‍රිකා දෙකක් ද ඒ වන විට මා විසින් පළ කොට තිබුනි.
සත්‍ය වශයෙන්ම කොලඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් තිබුනි. මෙම ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මා නිතැතින්ම තේරෙනු ඇති බව කියමින් මහාචාර්‍ය ඩී.සී.එච් සෙනරත් මහතාද මාව දිරිමත් කලේය. එසේම විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්‍ය දියනාත් සමරසිංහ මහතාද දිගටම මනෝ විද්‍යා උපදේශනය සහ මනෝ ප්‍රතිකාරයන් හදාරන ලෙසට මට උපදෙස් දුන්නේය.
මෙම උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මම අයදුම්පතක් දැමූ අතර මුල් වටයේදී මාව තේරුණි. සති දෙක තුනකට පසුව මුල් වටයේදී තේරුණු අපේක්‍ෂකයන්ට සම්මුඛ සාකච්ඡාවක් කොලඹ විශ්ව විද්‍යාලයේදී තිබෙන බව දැණුම් දෙන ලදි. එම නිසා මම එම සම්මුඛ සාකච්ඡාවට ගියෙමි.
මෙම සම්මුඛ සාකච්ඡාවට තේරුණු අපේක්‍ෂකයන් උපාධිධාරීන් මෙන්ම ගුරුවරුද වූහ. මගේ දැණුම අනුව කිසිදු වෛද්‍යවරයෙකු නොවීය. මෙම අපේක්‍ෂකයන් අතර ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමාගේ පොත්ගුල භාරකරුද විය. මම ඔහු සමග කතා කලෙමි. ඔහු මැදි වයසේ අයෙකි. තමන්ට උපාධියක් නොමැති නිසා සම්මුඛ සාකච්ඡාවෙන් කැපී යනු ඇතැයි ඔහු කීවේය. නමුත් මම ඔහුව දිරිමත් කොට සම්මුඛ සාකච්ඡාවට ධනාත්මකව මුහුණ දෙන ලෙස කීවෙමි.
අපව සම්මුඛ සාකච්ඡාවට ලක් කලේ ආචාර්‍ය ගැමිලා සමරසිංහ සහ තවත් කාන්තාවකි. මගේ වාරය ආ විට මම සම්මුඛ පරීක්‍ෂක මඩුල්ල වෙත ගියෙමි. ආචාර්‍ය ගැමිලා සමරසිංහ මගේ අධ්‍යාපන සහතික පත් පරීක්‍ෂා කොට බලා ඉංග්‍රීසි බසින් " ඩොක්ට ජයතුංග ඔබ වෛද්‍යවරයෙක් , ඇයි ඔබ මනෝ විද්‍යාව ඉගෙන ගන්නේ ? කියා ඇසුවාය.
මෙම ප්‍රශ්නය මට මඳක් පුදුමය උපදවන ලද ප්‍රශ්නයක් විය. ඒ වන විට මම මීගමුව රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ලලින් ප්‍රනාන්දු මහතා යටතේ මානසික රෝග සායනයේ වැඩ කලෙමි. තවද මනෝ විද්‍යාව වෛද්‍යවරුන්ට අකැප දැයි කියා මෙම කාන්තාවන් සිතනවාද කියා කුකුසක් මට මතු විය. එහෙත් මම සන්සුන්ව මෙසේ කීවෙමි.
" මැඩම් මනෝ විද්‍යාවේ පියා වූ සිග්මන් ෆ්‍රොයිඩ් වෛද්‍යවරයෙක්, ඒ වගේම කාල් යුං, ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් , කැරන් හෝනි, කාල් මැනිංගර් , ජෝන් බෝල්බි , කාල් ජැස්පර්ස් යනාදීන් සියළු දෙනා වෛද්‍යවරු. එම නිසා වෛද්‍යවරයෙක් ලෙස මනෝ විද්‍යාව ඉගෙන ගැනීම වරදක් ලෙස මම දකින්නේ නැතැයි කියා සුහදව කීවෙමි. අනෙක් කාන්තාව මගේ පිළිතුරෙන් සෑහීමකට පත් වූවාය. ඒ අතරවාරයේ ආචාර්‍ය ගැමිලා සමරසිංහ මා විසින් ලියන ලද යුද ආතතිය සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පත්‍රිකා අතට ගෙන කියවූවාය. ඉන් පසු තවත් ප්‍රශ්න දෙක තුනක් ඇසීමෙන් පසු සම්මුඛ සාකච්ඡාව අවසන් විය.
සති තුනකට පසුව මට කොලඹ විශ්ව විද්‍යාලයෙන් ලිපියක් ආවේය. එම ලිපිය අනුව කොලඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මාව තෝරාගෙන තිබේ. ඩිප්ලෝමා පාඨමාලාව සඳහා රුපියල් තිස් දහසක් ගෙවිය යුතුය.
පසු දින මම මුදල් බැඳීම සඳහා කොලඹ විශ්ව විද්‍යාලයට ගියෙමි. අදාල මුදල් මම චෙක්පතකින් ගෙවීමට තැත් කරද්දී කොලඹ විශ්ව විද්‍යාලයේ කාර්‍යාලයේ සේවය කරන තරුණියක් ආවාය. මට එම ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සහභාගී විය නොහැකි බව ඇය දැණුම් දුන්නාය. ඉන් පසු මගේ චෙක් පත ආපසු භාර දෙන ලදි. මීට හේතුව කුමක්ද ?කියා මා ඇසුව නමුත් දිස්නා නම් එම යුවතිය දෙනෙත් වල කඳුළු පුරවාගෙන කිසිවක් නොකීවාය. ඇය මේ කරන්නේ උඩින් එන නියෝගයක් ක්‍රියාත්මක කිරීමක් බව මම වටහා ගත්තෙමි. එම නිසා මම චෙක් පත අතට ගෙන ආපසු ගියෙමි.
මේ අසාධාරන ක්‍රියාව ඇසූ ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය මේ ගැන උසස් අධ්‍යාපන ලේකම්වරයාටත් කොලඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයන් භාරව සිටින මහාචාර්‍ය කුසුමා කරුණාරත්න මහත්මියටත් ලිඛිතව දන්වන ලෙස කීවාය. මම ඒ අනුව ඔවුන්ට මෙම සිද්ධිය ගැන දැණුම් දුන්නෙමි. එහෙත් විශ්ව විද්‍යාල මාෆියාව ඉතා බලවත් ය. එම නිසා යටත් පිරිසෙන් මේ ගැන පරීක්‍ෂණයක් වත් පැවැත්වූයේ නැත. එහෙත් මහාචාර්‍ය කුසුමා කරුණාරත්න මහත්මියට ආචාර්‍ය ගැමිලා සමරසිංහ විසින් කරන ලද අසාධාරණ ක්‍රියාව වැටහුනාය. නමුත් සිංහල අංශයේ මහාචාර්‍යවරියක වූ කුසුමා කරුණාරත්න මහත්මියට ප්‍රන්සයේ මනෝ විද්‍යා ආචර්‍ය උපාධි ලැබූ සහ විශ්ව විද්‍යාලයේ බලවත් චරිතයක් වූ ගැමිලා සමරසිංහට එරෙහිව කිසිවක් කරනු බැරි විය. එහෙත් මහාචාර්‍ය කුසුමා කරුණාරත්න මාව ගෙන්වා ලබන වසරේ මේ ඩිප්ලෝමා පාඨමාලාවට අයැදුම් කරන ලෙස කීවාය. එහෙත් මම ඊට කිසිදා අයැදුම් කලේ නැත.
ඉන් වසර පහ හයකට පසුව මලිත් ජයතිලකගේ අලිමංකඩ පරාජය පොත දොරට වැඩි උත්සවයේදී මට මහාචාර්‍ය කුසුමා කරුණාරත්න මහත්මිය හමු වූවාය. මගේ සුදුසුකම් වලට සහ මනෝ විද්‍යාව ඉගෙන ගැනීමට මා තුල තිබූ උනන්දුව දැක ආචාර්‍ය ගැමිලා සමරසිංහ බියවූ බවත් ඒ නිසා හුදු ඊර්‍ෂ්‍යාව සහ ඉන් මතුවූ අනාරක්‍ෂීභාවය නිසා මාව කපා දමන ලද බව මහාචාර්‍ය කුසුමා කරුණාරත්න කීවාය. එය සත්‍යක් බව මට තේරුනේ ඔවුන් මාව කපා දමා උපාධියක් වත් නොතිබූ මර්වින් ප්‍රනාන්දු පියතුමාගේ පොත්ගුල භාරකරු මෙම පාඨමාලාවට තෝරාගෙන තිබූ බව දැනගත් විටදීය.
පසු කාලයක සරත් විජේසූරියගේ මගේ නඩුව ඉවරයි පොත කියවන විට කොලඹ සරසවියේ තිබෙන මාෆියා සබඳතා සහ හුදු ඉරිසියාව සහ අනාරක්‍ෂීභාවය නිසා දක්‍ෂයන් කපා දමා එතරම් දස්කම් පෙන්විය නොහැකි මධ්‍යමාන පුද්ගලයන්ට තැන දෙන බව මට තේරුම් ගියේය. මධ්‍යමාන පුද්ගලයන්ට තැන දෙන්නේ ඔවුන් ගෙන් අනාගතයේ තර්ජනයක් නොමැති නිසාය. එහෙත් මෙවැනි ක්‍රියාවන් නිසා කොලඹ විශ්ව විද්‍යාලය ආසියාවේ විශ්ව විද්‍යාල අතරින් අන්තිම තැන නියෝජනය කරන බව මොවුන් නොදන්නවා විය හැක.
මෙම සිදුවීමෙන් පසු තවත් වසර ගනනකට පසුව ආචාර්‍ය ගැමිලා සමරසිංහ මාව කොලඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවෙන් කපා දැමූ තවත් මූලික හේතුවක් මට අහම්බයෙන් මෙන් දැන ගැනීමට හැකි විය. එය මට කීවේ කොතලාවල විශ්ව විද්‍යාලයේ එම් එස් සී අධ්‍යනයන් කරන ලද ශ්‍රී ලංකා ඉන්ජිනේරු බලකායේ ලුතිනන් කර්නල් වරයෙකි. ඔහු කියූ අන්දමට ආචාර්‍ය ගැමිලා සමරසිංහ කොතලාවල විශ්ව විද්‍යාලයේ යුද හමුදා නිලධාරීන්ට දේශන පවත්වා තිබේ. ඇය කොතලාවල විශ්ව විද්‍යාලට පවසා තිබෙන්නේ ඇය ප්‍රන්සයේ තම ආචාර්‍ය උපාධියට කොම්බැට් සයිකෝලොජි හෙවත් සංග්‍රාමික මනෝ විද්‍යාවද හදාරා තිබෙන බවය. එහෙත් එය බොරුවකි. ඇය සංග්‍රාමික මනෝ විද්‍යාව හදාරා නැත. සංග්‍රාමික මනෝ විද්‍යාව යුද හමුදා සොල්දාදුවන් ආශ්‍රයෙන් ප්‍රායෝගිකව ඉගෙන ගෙන තිබූ සහ යුද ආතතිය සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව ගැන පත්‍රිකා ලියන ලද මාව ඇය දුටුවේ අනාගත තර්ජනයක් ලෙසටය. එම නිසා ඇය මාව කටුගා දැමුවාය.
ගැමිලා සමරසිංහට මාව කටුගා දැමිය හැකි වූවද මාව විනාශ කර දැමීමට නොහැකි වූවාය. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිලිබඳ මා විසින් ලියන ලද පරියේෂණ පත්‍රිකා ඇමරිකානු යුද හමුදාවේ ක්ලමථ පරියේෂණ අංශයන් විසින් ඔවුන් ගේ ජර්නල වල පළ කරන ලදි. යුද ආතතිය ගැන දේශනා පැවැත්වීමට මට ඇමරිකානු Veteran Administration එකෙන් ආරාධනා ලැබ කැන්සාස් සහ ෆිලඩෙල්ෆියාවේ වෙතරානු රෝහල් වලට ගොස් මම දේශන පැවැත්වූයෙමි. ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද Defense Review කමිටුවට මාව තෝරා ගන්නා ලදි. එහෙත් ප්‍රන්සයේ කොම්බැට් සයිකෝලොජි හෙවත් සංග්‍රාමික මනෝ විද්‍යාවද හදාරා තිබෙන බව කියූ තැනැත්තිය මේවා දෙස කොළ පැහැති ඇස් වලින් බලා සිටියාය.
එපමනක් නොවේ වරක් මනෝ විද්‍යා සැසියකට ලන්ඩන් හි කිංස් විද්‍යාලයේ මනෝ විද්‍යාඥ පද්මාල් ද සිල්වා විසින් මට කරන ලද ආරාධනයක් අනුව මම එයට සහභාගී වූයෙමි. එම සැසියට ආචාර්ය ගැමිලාද පැමිණ සිටි අතර මා දැකීමෙන් ඇය තැති ගත්තා පමණක් නොව වරදකාරී බව නිසා මගේ ඇස් දෙක මඟ හැරීමටද උත්සහ කලාය. මට ඇයගේ හැසිරීම අධ්‍යනය කරනු අවශ්‍ය විය. මම කූල් එකේ ඇය වෙත ගොස් ඒ කාලයේ පිටවූ මගේ කෘතියක පිටපතක් ද දුන්නෙමි. මට කතා කිරීමට දිරියක් ඇයට නොවූවාය.
දෛවය මිනිසුන්ට සලකන්නේ අමුතු අන්දමටය. දෛවය එක් දොරක් වසන විට තව දොරක් අරියි. හුදු ඉරිසියාව සහ කුහක භාවය නිසා කොලඹ විශ්ව විද්‍යාලය මට දොර වැසූ නමුත් ඉන් වසර කීපයකට පසුව ඉතා ඉහල ශ්‍රේණිගත අගයක් දැරූ උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක් මනෝ විද්‍යාව අධ්‍යනය කිරීම සඳහා මට දොර ඇරියේය. එසේම ලෝකයේ හොඳව විශ්ව විද්‍යාලය වන හාවර්ඩ් විශ්ව විද්‍යාලය 2016 වසරේදී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිලිබඳව දේශනයක් පැවැත්වීම සඳහා මට ආරාධනා කරන ලදි.
ගැමිලා සමරසිංහ කෙරෙහි මට තරහක් නැත. මම ඇයට අනේකවාරයක් ඉස්තූතිවන්ත වෙමි. ඒ මන්ද යත් මනෝ විද්‍යාව විෂය ගැඹුරින් ඉගෙන ගැනීමට අවශ්‍ය අභිප්‍රේරණය ඇය මට සැපයීම නිසාය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
;-)
ReplyDeleteරුසියාවට වඩා ඉරිසියාව ලොකුයි යන කියමන සඳහා මෙය හොඳ උදාහරණයක්.
මෙය රුසියාවට වඩා ප්‍රංශය ලොකුයි කියා කීමටද යොදා ගත හැකියි!
athha
Deleteඅය ඔබ කපා දමන්නට හේතු වූ වැදගත්ම කරුණ දෙකක් ඔබට හසුවී නෑ, ඒ තමයි විශයය ගැන යමක් දන්නා අන්නන්න අමාරු සිසුවෙකු දේශන ශාලාවේ දැකීමට ඇති බිය, එයට සූදානම් එකදු ආචාර්ය වරයෙක් වත් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ නෑ. ඔබ එහි සිටියානම් ඇයට ඒ සෑම දිනයකම තැති ගැනීමෙන් පසුවීමට සිදුවෙනවා, දේශන සඳහා සීරුවෙන් සූදානම් වෙන්න සිදුවෙනවා, කට පරිස්සමෙන් කතා කරන්න වෙනවා, ඒ කියන්නේ ඇය තදබල මානසික පීඩාවකට ලක් වෙනවා, ඒ වගේම අදාල පාඨමාලාව ඉහල ගුණාත්මක භාවයකින් කරන්න ගිහින්, රැකියාවේ ඉහළට යාම සඳහාම ඩිප්ලෝමාව ගන්න එන බහුතරය පේල් වෙන්නත් පුළුවනි. ඔබ ගැන ඇයට හොඳ මතකයක් ඇත්තේ, එවන් තීරණ කලාතුරකින් ගන්න සිඳුවෙන නිසා වෙන්නැති, එහෙත් බොහෝ ආචාර්ය මහාචාර්ය වරුන්ට ඔවැනි දේවල් හරිම සැහැල්ලුයි.
ReplyDeleteකෙසේ වෙතත් දෙමාපියන් ඇයට සුදුසුම නමක් කල් ඇතිවම තොරාගෙන තියනවා.
1) ඒකෙත් ඇත්තක් තියනවා; මම ඒ ගැන හිතුවේ නෑ. නමුත් යෝක් විශ්ව විද්‍යාලයේ මගේ ගුරුවරු වූ මහාචාර්‍ය ඇල්කොක් , මහාචාර්‍ය ලේලොන්ඩ් මගේ එප ප්‍රශ්න අසන ස්වභාවයට කැමැත්තක් දැක්වූවා. ඔවුන් ගැමිලා මෙන් ආතතියට පත් වූයේ නෑ
Delete2) කෙසේ වෙතත් දෙමාපියන් ඇයට සුදුසුම නමක් කල් ඇතිවම තොරාගෙන තියනවා///// ????
//ඒ තමයි විශයය ගැන යමක් දන්නා අන්නන්න අමාරු සිසුවෙකු දේශන ශාලාවේ දැකීමට ඇති බිය// මාත් හිතන්නෙ මේක තමයි ප්‍රමුඛ!
Deleteyes I agree
Deleteකපන්නෝ නිකන්ම කැපිලා යති. ඔවුන් තමන්ගෙ කටයුතු වලින් සතුටක් නොලබන පිරිසක් බවට පත්වෙති. ඔබ මේවා ඇත්ත ඇති සැටියෙන් ලිවීම හොඳය. අපටත් සරසවි ගැන එවැනිම අත්දැකීම් තිබේ. මේ මිනිස්සුන් මොන තරම් නරුමද යන්න උදාහරණ ද සහිතව මතක් වෙයි.
ReplyDeleteසමහරුන්ගේ විදේශ ශිෂ්‍යත්වයන්ට අදාලව යැවිය යුතු ට්‍රාන්ස්ක්‍රිප්ට්, රෙකමන්ඩේෂන් පවා නොයැවූ අවස්තා මම අසා ඇත. මගේ එක රෙකමන්ඩේෂන් එකක් දෙනවා කියා නොදී මහ අසමජ්ජාති වැඩක් කල අවස්තාවක් ද ඇත. මගේ ඉන්ටර්න්ෂිප් එකට කෙලෙවුවා මතකය.
මට නම් දරුවෙක් සිටින කාලයකට මෙහෙම තැන් වලට යවන්නට ඕනැ නැත. ඒ සඳහා රටින් පිටුවහල්ව ඇමරිකාවේ නොව සයිබීරියාවේ වුවත් සතුටින් ජීවත්වෙමි. (Udaya Jayawardhana)
++++++++++++++++++++++++++
Deleteගැමිලා නොහොත් ජාමිලා මනෝවිද්‍යාව උපාධිදාරින්ට මෙන්ම විශයගත අවබෝධයක්, ක්‍රියාකාර්ත්වයක් ඇති හැමෝටම බයයි. ඒ පිලිබද මාගේ හා මාගේ මිතුරකුගේ පුද්ගලික අත්දැකිම්ද ඇත. මේ ජමිලාගේ වගේම සමස්ත විශ්වවිද්‍යාල පද්ධත්යේ ප්‍රතම උපාධිය ලබාදිමේදි පවා අප අත් දකින ලාංකිය පසුගාමිත්වයේ හා ගෝත්‍රිකත්වයේ පිලිබිබුවක්.(Pradeep Koswaththa )
ReplyDelete++++++++++++++++++
Deleteඇයටත් PTSD ද ?
ReplyDeletedont think so
DeleteDr.Jayathunga,this is the painful truth in Sri Lanka.I studied Architecture and the some lectures were terrible. When I was in third year one of the lecture tried to fail portfolio exam even I had over 75% average marks for all designs.But now I finished as a chartered architect.As you said now this same lecture sometimes meets annual sessions and I can see as you said her face turning into black to green.
ReplyDeleteso sad
Delete//පසු කාලයක සරත් විජේසූරියගේ මගේ නඩුව ඉවරයි පොත කියවන විට කොලඹ සරසවියේ තිබෙන මාෆියා සබඳතා සහ හුදු ඉරිසියාව සහ අනාරක්‍ෂීභාවය නිසා දක්‍ෂයන් කපා දමා එතරම් දස්කම් පෙන්විය නොහැකි මධ්‍යමාන පුද්ගලයන්ට තැන දෙන බව මට තේරුම් ගියේය.//
ReplyDeleteමම ද ඉහත කරුණටත් ඊට අමතරව ශ්‍රී ලංකාවේ තිබෙන යල්පැනගිය කපාදැමීමේ කතුරු වලටත් මුහුණ දීමෙන් යම් කලකිරීමකට පත්වුණා.
//දෛවය මිනිසුන්ට සලකන්නේ අමුතු අන්දමටය. දෛවය එක් දොරක් වසන විට තව දොරක් අරියි. හුදු ඉරිසියාව සහ කුහක භාවය නිසා කොලඹ විශ්ව විද්‍යාලය මට දොර වැසූ නමුත් ඉන් වසර කීපයකට පසුව ඉතා ඉහල ශ්‍රේණිගත අගයක් දැරූ උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක් මනෝ විද්‍යාව අධ්‍යනය කිරීම සඳහා මට දොර ඇරියේය.//
ඔබ කියන එක ඇත්ත. ශ්‍රීලංකාවේ ඇකඩිමියානු බමුණුකුල අපට දොර වැහුවත් වෙනත් දොරවල් එකින් එක සෙමින් විවෘත්ත වෙනවා. අපි අවංක චේතනාවෙන් නිර්ව්‍යජාව වැඩ කරනවා නම් අනික් සියලු අවාසනාවන් බොහෝදුරට මගහැරෙන බවයි මට හිතෙන්නේ.
පුද්ගලික විශ්විද්‍යාල වල දේශණ අවස්ථා බෙදී යාමේ අවධානමත් දැන් ඔය කැපීම වලට එක අලුත් හේතුවක් වෙලා.
salute
DeleteI have the same kind of story. After my return to SriLanka from Ministry of Health Sultanate of Oman, I decided to study for BSc Nursing in Open University of SriLanka. Both me and my wife Gayani were selected to enter the program after successful completion of the admission test together with our academic performances which are taken place in Oman. Both of us were able to complete the degree and Gayani got the gold Medal and was the clean sweeper of all the awards for Nursing Department. I was the batch 2nd with Second class upper honors. Right after the graduation, I have involved in number of research studies regarding coronary nursing, wound management etc together with Dr. Tolusha Harishchandra and Dr.Chandima Amarasena. Also I used to write number of articles in cardiac nursing, tissue viability and nursing management. In Nursing management articles, I used to point out the existing weaknesses and the strategies to overcome them in order to improve the quality of care to make our profession as the victorious and the community as the ultimate beneficiary. I used to have ward teaching classes for final year student nurses in Cardiothoracic unit at their request. Also I have written a patient education booklet for patients who are undergoing heart surgeries. I together with Dr.Amarasena and Dr.Sriparathan started the cardiac rehabilitation program for our patients which benifitted our patients more and enhanced the prognosis of our surgical interventions. But I did not get any encouragement or support from Nursing management of the Hospital and they always tried to obstruct and ignore me. I felt that they had so many insecurities in front of me when comparing my academic abilities and fluency in English. I too did not want to socialize with those who tried to push me back but very close to academic staffs such as Surgeons, Medical officers, Nutritionists and Physiotherapists. After 1 year of my graduation, Department of Nursing Sri Jayawardanapura University has advertised a vacancy for the post of assistant lecturer and I had all the qualifications to apply for that post.Meanwhile Gayani too applied for the post of assistant lecturer in Faculty of Health sciences at Open University. I went for the interview with my academic qualifications and all the academic work I have involved after my graduation. I was very well able to face the interview successfully and the head of Medical faculty at that time was the head of the interview board was so much impressed with my work. But I got to know that I was not selected for the post after 1 week. At hat time I have turned down the offer I got from Sultan Qaboos University in Oman for the same post because my craving desire to serve my own country. Gayani too rejected from Open University and we were so frustrated. Instead of both of us they have selected 2 people who even don't have second class lower degree and not at all involved with any advance academic activity. Hilarious thing is the one selected to Open University was always after us to write her academic assignment during the degree program. After 4-6 months of this incident, I met Prof. Dayasiri Fernando who was the dean of Faculty of Medicine before this incident has taken place and told me that He got to know from the Head of the interview board that he as selected me and the head of the Nursing Department strongly opposed my posting because I am tough guy to handle with sound vision based on knowledge. On that day Prof. Fernando requested me to leave the country if I want to use my skills on behalf of people.The reason of Gayani's rejection was even though she is the gold medalist and clean sweeper of all awards she will shine among the students with her sound teaching skills. Common reason for rejection of both of us was our suggestion to re write the out dated course books which were using at that time in nursing department. Still they are teaching the concept of Health for all in Year 2000. But the world is looking for millennium goal and further.
ReplyDeleteThanks for your story
Deleteගැමිලා මැතිනියව වහාම කවුන්සිලින් කරවන්න !!
ReplyDeletemmmmmmmmmmmmmmmmmm
DeleteMohanaya sambanda hoda doctor kenek sitida sri lankawe oba danna doctor?
ReplyDeleteokkoma inne horu
Deleteකැපිලි කෙටිලි වලට තත්වය, උගත් නූගත් බව අදාළ නෑවගේ...
ReplyDeleteඔව්
Deleteඅධ්‍යාපන යටගැසීම
ReplyDeleteයටගැසීම
Deleteමේ මෙවන් ක්‍රියාවලියකට එක් උදාහරණයක් පමණයි. තමන්‍යට අභියෝගයක් වන සිසුන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බියයි. හැම විශ්වවිද්‍යාලයකම අඩු වැඩි ලෙස මේ තත්ත්වය දකින්නට පුළුවනි.
ReplyDeleteමේවා නම් හා වාසගම් එක්ක ප්‍රසිද්ධ කිරීම වැදගත්.
මේවා නම් හා වාසගම් එක්ක ප්‍රසිද්ධ කිරීම වැදගත්/////////////// එකඟයි
DeleteI have seen my colleagues are quoting Gammila's writings for their project proposals in my office. This is a good story to share with them. Bec. for them she is one of the best in Sri Lanka in her field.
ReplyDelete