Tuesday, April 25, 2017

අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක



1)  2020 මහ මැතිවරණයෙන් අනුර කුමාර දිසානායක විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. ලංකාවේ ප්‍රථම වරට ජනතා විමුක්ති පෙරමුණට චන්දයකින් බලයට ඒමට හැකි විය​. අනුර කුමාර දිසානායක ගේ ජයග්‍රහනය ලංකාවේ නව යුගයක් ඇති කරන බවට ලකුණු පහල වී තිබේ​.  මෙතෙක් ප්‍රධාන පක්‍ෂ දෙකේ හොරකම් , දූෂණය සහ නාස්තිය නිසා ප්‍රපාතයට වැටී සිටි ලංකාව බේරා ගැනීමට හැකි ගැලවුම්කරුවා ඔහු බව ජවිපෙ හිතවාදීන් පමණක් නොව මෙතෙක් කල් ප්‍රධාන පක්‍ෂ වලට චන්දය දුන් ජනයාද පවසති. 

2) අනුර කුමාර දිසානායක සරල නායකයෙකි. ඔහු නව රජයේ බොහෝ වියදම් කපා ඒවා ජනතා සුබසෙත සඳහා යොදවා තිබේ. පාර්ලිමේන්තු නියෝජිතයන්ට අධික මිලැති සුපිරි වාහන වෙනුවට ලාභ දායක ඩබල් කැබ් නිර්දේශ කොට ඇත​. 

3)  ජවිපෙ නව රජය යටතේ ආහාර ද්‍රව්‍ය සඳහා වූ මිල 75% අඩු කොට ඇත​. ජනතාව පෝලිම් ගැසී සහන මිලට දෙන භාණ්ඩ මිලදී ගනිති. ගොවීන් සඳහා පොහොර මෙන්ම අනෙකුත් නව සහනාධාර ලබා දෙයි. 

4)  ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක විසින් මෙතෙක් ව්‍යාජ ලෙසින් ජනතාව රවටමින් කල එෆ්.සී.අයි.ඩී නඩු ඇසීම් නාටක අවසන් බවත්  රාජ්‍ය දේපළ සොරකම් කල දේශපාලකයන්ට මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන්ට ජනතා උසාවි මගින් දඞුවම් දීමත් ඔවුන් වංචනික ලෙස උපයාගත් දේපළ රාජ්‍ය සන්තක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීවේය​. 

5) ජනාධිපතිවරයා ශපථ  කල ලෙසින් දේශපාලකයන් බොහෝ දෙනෙකුට මෙන්ම රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකට ජනතා උසාවි මගින් නඩු පවරා තිබේ. ප්‍රමාදයකින් තොරව ඇසෙන මෙම නඩු මගින් වරදකරුවන් සිරගත කිරීමටත් ඔවුන් ගේ දේපළ පවරා ගැනීමත් කෙරේ. 

6) ජනතා මුදල් සොරකම් කිරීමේ චෝදනාව මත බැසිල් රාජපක්‍ෂ, විමල් වීරවංශ , සරණ ගුනවර්ධන , රවී කරුණානායක යන දේශපාලකයන්ට සිර දඞුවම් නියම කොට ඇත​. ඔවුන් ගේ දේපළ රජයට පවරාගෙන තිබේ. තවත් බොහොමයක් දේශපාලකයන්ට විරුද්ධව නඩු ඇසෙමින් පවතියි. විමල් වීරවංශ ගේ සුපිරි නිවස රජයට පවරාගෙන එහි ඩේ කෙයාර් එකක් ආරම්භ කොට තිබේ. 

7) හිටපු දේශපාලකයන් බොහෝ දෙනෙකු දැන් සිරභාරයේය​. ඔවුන් විසින් වංචනිකව මිලට ගත් දේපළ ජනසතු කොට තිබේ. සමහර දේශපාලකයන් විසින් පිටරට  බැංකු වල සඟවා තිබෙන බිලියන ගනනක මුදල් යලි ලංකා රජය වෙත ලබා ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය​. 

8)  ආහාර ද්‍රව්‍ය හිඟයක් වෙළඳ පොළ තුල පවතියි.  ආහාර ද්‍රව්‍ය මිල 75 % අඩු කිරීම නිසා කළු කඩ වෙළඳුන් බඩු සඟවාගෙන බව රජය කියයි. මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් පවසන අන්දමට කිසිදු ආර්ථික තක්සේරුවකින් තොරව ආර්ථික විශේෂඥයන් ගේ නිර්දේශ නොතකා ආහාර ද්‍රව්‍ය මිළ 75 % අඩු කිරීම නිසා භාණ්ඩ ඌනයක් ඇතිවී තිබේ. කෙසේ නමුත් රජය විසින් පත් කරන ලද කළු කඩ වෙළඳුන් වැටලීමේ බලකාය විසින් සඟවන ලද ආහාර ද්‍රව්‍ය සොයා මෙහෙයුමක් අරඹා තිබේ. මේ බලකාය සමන්විත වන්නේ ජවිපෙ හිටපු කේඩර්වරයන් ගෙනි. 

9)  ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සලාක පොත් නිකුත් කොට තිබේ.  සලාක පොත් වලට බඩු ගැනීමට ජනයා පෝලිම් ගැසී සිටිති. මේ අතර බොහොමයක් ජවිපෙ සාමාජිකයන් පෝලිම් වල නොසිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම මිනිසුන් ගේ නොසතුටට හේතු වී තිබේ. 

10) ජනතා උසාවි මන්දගාමී බවත් පනවන ලද දඞුවම් කුඩා බවත් ජවිපෙ දැඩි මතධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායකට බලපෑම් කරති. ඔවුන්ට පොලිට් බියුරෝවේ සහයෝගය ලැබේ. සමාජවාදී රාජ්‍යක් ලංකාවේ ගොඩ නැගීම සඳහා අනුර කුමාර දිසානායක ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බව ඔවුන් ගේ චෝදනාවයි. 

11) අනුර කුමාර දිසානායක ගේ බල අභිබවමින් ජවිපෙ දැඩි මතධාරීන් ගේ බලය වර්ධනයව තිබේ. 1988-89 කාලයේ ඝාතන කොට රටින් පිටවී ගොස් සිටි සාමාජිකයන් ද දැන් ලංකාවට පැමිණ අනුර කුමාර දිසානායකට අභියෝගාත්මක ලෙස  ජවිපෙ දැඩි මතධාරීන්ට එක්වී ක්‍රියා කරති. ජනාධිපති මේ කල්ලියේ සිරකරුවෙක් බවත් ඔහු නාමික ජනාධිපතිවරයෙකු බවත් රාවයක් පවතියි. 

12 ) රජය විසින් නව වෙනස්කම් ගනනාවක් ඇති කොට තිබේ. පුද්ගලික දේපළ සීමා කොට ඇත​. මේ නිසා බොහෝ නිවාස සහ ඉඩම් මෙන්ම  වාහන  රජයට පවරාගෙන තිබේ. සෑම රජයේ ආයතනයක්ම අධීක්‍ෂනයට මෙන්ම පාලනයට රතු කොමිසාර්වරු පත් කොට තිබේ. මේ රතු කොමිසාර්වරු ජවිපෙ සිටි පූර්ණකාලීනයන්ව සිටි භක්තිමත් සාමාජිකයන් ය​. මේ අනුව පාසල් , බැංකු , රෝහල් , රජයේ කාර්‍යාල මෙකී සියල්ලම පාලනය වන්නේ  රතු කොමිසාර්වරු මගිනි.  හමුදාවේ එ්කකද රතු කොමිසාර්වරු යටතේ පාලනය වේ. වැඩ වර්ජන තහනම් ය​. පුද්ගලික වෛද්‍ය සේවා , ටියුෂන් තහනම් කොට තිබේ. රෝහල් වල වෛද්‍ය වැඩ වර්ජනයක් කිරීමට උත්සහ කල වෛද්‍ය පාදෙනියව නිවාස අඩස්සියට පත් කොට තිබේ. ජනතාවගේ සෞඛ්‍යය කඩාකප්පල් කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ ඔහුට නඩු පවරා ඇත​. 

13) ධනවතුන් බොහෝ දෙනෙක් රට හැරයාම නිසා රජයේ නිර්දේශයකින් තොරව පිට රට යෑම තහනම් කොට තිබේ. තමා සේවය කරන කාර්‍යාලයේ රතු කොමිසාර්වරයාට තමන් ගේ ගමන් බලපත්‍රය භාර දෙන ලෙසට නියෝගයක් පනවා ඇත​. රතු කොමිසාර්වරයාගේ අවසරයකින් තොරව ගමන් බලපත්‍රයක් ලඟ තබා ගැනීම වසර 10 ක සිර දඞුවම් ලැබීමට හේතු වේ. තවද වෙරලාරක්‍ෂක බලකාය විසින් හොරෙන් මුහුදු මගින් ඉන්දියාවට , මාලදිවයිනට පලා යන මිනිසුන් අත් අඩංගුවට ගැනීමත් අනවසර බෝට්ටු වලට වෙඩි තබා ගිල්වීමත් කරයි. 

14) රෝහණ විජේවීරයන් ගේ උපන් දිනය නිවාඩු දවසක් බවට පත් කොට තිබේ. ඔහුගේ පින්තූරය සෑම කාර්‍යාලයකම මෙන්ම නිවසකම ප්‍රදර්ශනය කල යුතුය​. රෝහණ විජේවීරයන් ගේ උපන් දිනයට ගාළු මුවදොර පාසල් සිසුන් දස දහස් ගනනකගේ  සහභාගීත්වයෙන් විශාල පෙලපාලියක් පවත්වයි. ළමෝ ජාතික කොඩි සමග විජේවීර ගේ රුව රැගත් කොඩි අතින් ගෙන පෙලපාලියේ යති. පොලිට් බියුරෝවේ සාමාජිකයන් ජන සතු කරන ලද ගෝල්ෆේස් හෝටලය ඉදිරියේ සාදන ලද අට්ටාලක සිට පෙලපාලිය පිලිගනිති. ප්‍රධාන නගර වලද මෙම පෙලපාලි පැවැත්වේ. ඒවාට රජයේ නිලධාරීන් අනිවාර්‍යෙන් සහභාගී විය යුතුය​. මෙම වාර්ශික පෙලපාලියට නොපැමිනි අයගේ නම් ලැයිස්තු අදාල රතු කොමිසාර්වරුන් වෙත යැවීමට ආයතන ප්‍රධානීන්ට නියෝග කොට තිබේ. රෝහණ විජේවීරයන් ගැන ප්‍රාථමික පන්ති වල සිට ළමුන්ට උගන්වති. ඔහු ලංකාව බේරාගත් විරුවාය​. ඔහුගේ ප්‍රතිමා කොලඹ නුවර ගාල්ල යනාදී මහා නගර වල ඉදි කොට තිබේ. මෙයින් කොලඹ ඉදි කරන ලද ප්‍රතිමාව උසින් අඩි 200 ඉක්මවයි. 

15) රතු කොමිසාර්වරු හෙවත් පක්‍ෂ නියෝජිතයන් බොහෝ දෙනෙකු විසින් කරන දූෂිත ක්‍රියා නිසා ජනතාව රහසේ ජනාධිපතිවරයාට සහ රජයට දොස් කියති. රජයට පවරා ගත් සුපිරි නිවාස සහ වාහන මෙන්ම අනෙකුත් භාණ්ඩ රතු කොමිසාර් වරු පරිහරනය කරති. ඔවුන් හැසිරෙන්නේ අතීත ලංකාවේ අධිකාරම්ලා හැසිරුනු අහංකාර ලීලාවෙනි. රතු පොලිසිය පවා ඔවුනට යටත් ය​. සාමාන්‍ය ජනයා යටත් වැසියන් මෙන් නියාළුව ජීවත් වෙති. සාමාන්‍ය ජීවිත ගත කල රතු කොමිසාර්ලා බොහෝ දෙනෙකු දැන් උස්මුරුත්තාවට එන තෙක් සැප වලඳති. එක් රතු කොමිසාර්වරයෙක් කුමාර් සංගක්කාර ගේ ජනසතු කරන ලද නිවසේ පදිංචිව සිටි අතර එම නිවසේ පිහිනුම් තටාකයේ යුවතියන් සමග නිරුවතින් සාද දැමූ බව හෙලි විය​. මොහු හිටපු කාර්‍යාල කාර්‍ය සහායකවරයෙකි. නමුත් පක්‍ෂය සමග 1988 කාලයේ සිට හිටපු තැනැත්තෙකි. එම නිසා ඔහුට විරුද්ධව පියවර ගත්තේ නැත​. 

16) රජය අපකීර්තියට පත් කිරීම සඳහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බව නියමුවා පුවත් සේවය වාර්තා කරයි. ලංකාවේ පුද්ගලික ජනමාධ්‍ය සහ පුද්ගලික පුවත්පත් අහෝසි කොට තෙවසරකි. මාධ්‍ය ඒකාධිකාරය රජය සතුය​. අන්තර්ජාලය සීමා සහිත කොට තිබේ. රජය විවේචනය කරන්නන් , කඩාකප්පල්කරුවන් සහ ද්‍රෝහියන් අත් අඩංගුවට ගැනීමට රතු ඔත්තු සේවය ක්‍රියාත්මක වේ. මෙහි සේවය කරන්නේ ජවිපෙ හිතවත් නිලධාරීන් වෙති. අතීතයේ ජවිපෙ විවේචනය කල පුද්ගලයන් ද අත් අඩංගුවට ගනිති. ඔවුන්ව විශාල එලිමහන් බන්ධනාගාර වල තාවකාලිකව රඳවා තිබේ. කිසිවෙකුටත් ඔවුන් බැලීමට යාමට ඉඩ දෙනු නොලැබේ. 

17) අහාර මිල අඩු වූවද සලාක ක්‍රමය මත භාණ්ඩ බෙදා හැරීම සිදුවේ. පෝලිම් බොහෝ දිගය​. මිනිසුන් ගේ කාලය වැය වන්නේ පෝලිමේ සිට ආහාර ලබා ගැනීමටය​. නමුත් මිනිසුන් රජය විවේචනය කිරීමට බිය වෙති. යම් වදනක් කීවේද එම පුද්ගලයා සොයා ඔහුගේ නිවසට රතු ඔත්තු සේවයේ නිලධාරීන් එති. ඉන් පසුව ඔහුට සිර දඞුවම් පැනවේ. මේ නිසා මිනිසුන් ජීවත් වන්නේ සැකයෙනි ඔවුන් අසල්වාසීන්ටද බිය වෙති. 

18) ජනාධිපති අනුර කුමාර දිසානායක යටපත් කරමින් පොලිට් බියුරෝවේ බලය අල්ලා ගත් ජවිපෙ දැඩි මතධාරීන් බරපතල තීරණ කීපයක් ගෙන තිබේ. දැනට රජය විවේචනය කිරීම , ජනතා සේවා කඩාකප්පල් කිරීම , කළු කඩ පවත්වාගෙන යාම , රටින් පිටවීමට තැත් කිරීම ,  රජයේ ප්‍රතිපත්ති වලට අනුගත නොවීම , යනාදී චෝදනා මත සිර දඞුවම් විඳින පුද්ගලයන් උතුරු මැද පලාත් වලට ප්‍රවාහනය කොට ඔවුන් ගේ ශ්‍රමය මගින් වාරිමාර්ග තැනීම සහ මැතිවරණ අහෝසි කොට ජවිපෙ පොලිට් බියුරෝව හරහා රට පාලනය කිරීමය​. මේ අනුව ජනාධිපතිවරයාව නාමික නායකයෙකු බවට පත් කොට තිබේ. 

19) රජය විසින් උතුරු මැද කලාපයේ ගුලාර්ග් ශ්‍රම කඳවුරු පිහිටුවා ඇති බවත් එම කඳවුරු වල ආහාර හිඟය​, පහරදීම් , වෛද්‍ය සේවා නොලැබීම , දැඩි වෙහෙසකාරී සේවා වල යෙදවීම යනාදී කරුණු නිසා දෛනිකව මිනිසුන් දහස් ගනනාවක් මිය යන බව විමුක්ති රේඩියෝව පවසයි. මෙම විමුක්ති රේඩියෝ සේවය පවත්වාගෙන යන්නේ මානුෂික දේශයක් නිර්මාණය කිරීමට වෙහෙසුනු ජවිපෙ සිටි යහපත් මිනිසුන් ගේ දායකත්වයෙනි. මෙම සේවය ඉන්දියාවේ සිට රහසින් පවත්වාගෙන යන අතර  මොවුන් ද්‍රෝහියන් බවත් අධිරාජවාදීන් ගේ කුලී හේවායන් බවත් නියමුවා පුවත් සේවය පවසයි.  

20) රජයේ ප්‍රතිපත්ති වලට අනුගත නොවන්නන් පුනරුත්ථාපන  කඳවුරු වලට යවනු ලැබේ. මේවා වධ කඳවුරු මෙනි. මෙකී කඳවුරු පාලනය කරන්නේ විශ්ව විද්‍යාල වල සිටි නවක වධකයන් ය​. ඔවුන් විසින් රැඳවියන්ව නොයෙකුත් කායික මානසික වධයන්ට ලක් කරති. නිරුවත් කිරීම , මිනිස් මළ මුත්‍ර පිරි ටැංකි වල  ගෙල තෙක් ගිල්වා තැබීම ,   පොලු වලින් පහර දීම , කරති. වධයන්ට ලක් කරවමින් රජයේ  ප්‍රතිපත්ති වලට එකඟ වීම සඳහා බල කරති. වසරක් ඇවෑමෙන් මෙම පුනරුත්ථාපන කඳවුරෙන් පිට වෙන රැඳවියා සෝම්බි කෙනෙකු මෙන් බියෙන් ගැහෙමින් ජීවත් වන අතර ඔහු රජයේ ඕනෑම රෙගුලාසියකට යටත් වෙයි. 

21) කළාව පාලනය කරන්නේ රජය විසිනි. රජයේ අනුමැතියෙන් තොරව පොත් එලි දැක්වීම​, නාට්‍ය , චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් ය​. ටෙලි නාට්‍ය මගින් වර්තමාන රජයේ සංවර්ධනයන් අතිශයෝක්තියෙන් හුවා දක්වයි. උතුරු මැද පලාත් වල ගුලාර්ග් ශ්‍රම කඳවුරු වල මැරෙන ජනයා , අහාර හිඟ කමෙන් පීඩා විඳින මිනිසුන් , මන්ද පෝෂණයට ලක්වූ ළමුන්, මර්ධනයට ලක් වූ මිනිසුන් ගැන නිර්මාණ පළ වෙන්නේ නැත​. සියළු නිර්මාණ සඳහා කළා කටයුතු සඳහා පත් කොට තිබෙන කොමිසාර්වරයාගේ අනුමැතිය ලබා ගත යුතුය​. 

22) රජය විසින් දියත් කරන ලද සැලසුම් , සංවර්ධන ක්‍රියාදාමයන් අඩාල වී තිබේ. මේ සඳහා එක් මූලික හේතුවක් නම් එකී විශයන් ගැන දන්නා විශේෂඥයන් වෙනුවට පක්‍ෂයේ හෙන්චයියන් ඒ ඒ තනතුරු වලට පත් කොට තිබීමය​. පක්‍ෂයේ හෙන්චයියන් විශේෂඥයන් මෙහෙයවති. ඔවුන්ට උපදෙස් දෙති. මේ නිසා අවසානයේදී සැලසුම් අඩාල වෙති. එහෙත් පොලිට් බියුරෝව පවසන්නේ අධිරාජවාදීන් විසින් කඩාකප්පල්කාරී මෙහෙයුම් දියත් කොට ඇති බවය​. 

23) මේ ගෙවෙන්නේ ජවිපෙ රජය යටතේ දස වැනි වසරයි. අනුර දිසානායකව බල රහිත කොට තිබේ. රට පාලනය වන්නේ පොලිට් බියුරෝවෙනි. පොලිට් බියුරෝව සමන්විතව ඇත්තේ ජවිපෙ දැඩි මතධාරීන් ගෙනි. මින් සමහරක් 1988-89 කාලයේ සිටි ඝාතකයන් ය​.  ඔවුන් ශ්‍රම කඳවුරු වල ඝාතන කිරීම අනුමත කරති. අඩු වයසැති රතු ගැටව් මෙම කඳවුරු වල සිරකරුවන්ට පොලු වලින් පහර දී මරා දමති. ඔවුන් අාගමක් සේ උමතුවෙන් විජේවීර ගේ දහම අදහති. මධ්‍යස්ථ මතධාරී ජවිපෙ සාමාජිකයන් මෙන්ම පක්‍ෂයේ සිටි මානුෂිකවාදී කොටස් දැඩි ලෙස කලකිරී සිටිති. යහපත් දේශයක්  වෙනුවට අමු සොහොනක් නිර්මාණය කොට ඇති බවට ඔවුන් රහසේ පවසති. රතු ඔත්තු සේවය විසින් පක්‍ෂයේ සිටි මානුෂිකවාදී පිරිස් බොහෝ දෙනෙකු ද්‍රෝහියන් සහ බටහිර ඔත්තුකරුවන් ලෙස නම්  කොට අත් අඩංගුවට ගෙන තිබේ. රතු ගැටවු මගින් ඔවුන්ව වධ බන්ධනයට ලක් කරති. 

24) සී .එන් .එන් සහ බීබීසී පුවත් සේවා අනුව ලංකාවේ උතුරු මැද පලාතේ ගුලාර්ග් කඳවුරු වල මිලියනයකට අධික ජනතාවක් මිය ගොස් තිබේ. බොහෝ දෙනෙකු ආහාර හිඟකම , ලෙඩ රෝග සහ වධ බන්ධන නිසා මිය ගිය බව සඳහන් වේ. එහෙත් රජය මෙම චෝදනා ප්‍රතික්ශේප කල අතර මේවා අධිරාජවාදීන් ගේ කුහක ප්‍රචාර බව කියයි.

25)  පොලිට් බියුරෝවේ බල අරගලයක් සිදු වූ බව වාර්තාවේ. දැඩි මතධාරී අන්තවාදීන් පරදවා ජවිපෙ තුල සිටි මානුෂිකවාදී පිරිස් එකා වන් නැගී සිට යලින් අනුර කුමාර දිසානායක වෙත බලය පවරා තිබේ. දැඩි මතධාරී අන්තවාදීන් විසින් සමජවාදය සඳහා කියමින් රටේ යටිතල සේවා පමණක් නොව මැජෙස්ටික් සිටි , ලිබර්ටි ප්ලාසා යන මධ්‍යස්ථානද ගිනි තබා විනාශ කල බව කී ජනාධිපති අනුර කුමාර දිසානායක යලිත් විනාශ කල සමාජ ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කරන බව කීවේය​. 

(මෙය මා දුටු සිහිනයකි. මෙම සිහිනයේ ලෙසින් විනාශකාරීව කටයුතු සිදු නොවී අනුර කුමාර දිසානායක ජනාධිපතිව දැඩි මතධාරී අන්තවාදීන්ට යටත් නොවී  රට සමෘද්ධිය කරා ගෙන යාමට හැකි වේවා කියා පතමු) 

වෛද්‍ය රුවන් එම් ජයතුංග   

58 comments:

  1. රටවල් නිදහස ලබාගත්තද අදිරාජ්ය වාදි යුගය තවම අවසන් වි නැත.
    බටහිර රටවල් තවමත් සුර සැප විදින්නේ ලෝකයේ පරිදියේ ඇති රටවල් සූරාකාගෙන ගොඩගසාගන්නා වූ දනයෙන් මිස අනු යමකින් නොවේ............
    අනුර කුමාර ජනාදිපති වනවාට මා කැමතිය.

    නමුත් ලෝකයේ සියලුම ජනතාව අදිරාජ්ය.වාදය පරදන තුරු,ඵනම් ඵක් රටක් තවත් රටක් සූරාකෑම නොකරන දිනය උදාවන තෙක් ලෝකයේ අති බහුතර ජනතාවකට නිදහස උදා නොවනු ඇත.

    බලවත් රටවල් විසින් දුබල රටවල් සූරාකෑම පිලිබද හොද අවබෝදයක් ලබාගැනිමට,ජෝන් පර්කින්ස්ගේ ආර්තික ඝාතකයකුගේ පාපෝච්චාරනය, අසාන්ජ් ගේ විකිලික්ස් හෙලිදරව්, ස්නොවිඩොන්ගේ හෙලිදරව් වරක් කියවිම ප්රකමානවත්ය...............

    සැබවින්ම ලෝකයේ බහුතර ජනතාවක් දුක් විදින්නේ අප සුපිරි යැයි සිතා වන්දනාමාන කරන රටවල දෙබඩි ක්රිියාකලාපය නිසා බව තෙරුම් ගැනිමට තරම් දියුනු චින්තනයක් සහිත ජනතාවක් අපට නැත.

    ReplyDelete
    Replies
    1. KGB කරපු ජනතා මර්දනය ගැන ඔබ හාන් කවිස්සියක් දන්නේ නැද්ද ?

      //සැබවින්ම ලෝකයේ බහුතර ජනතාවක් දුක් විදින්නේ අප සුපිරි යැයි සිතා වන්දනාමාන කරන රටවල දෙබඩි ක්රිියාකලාපය නිසා බව තෙරුම් ගැනිමට තරම් දියුනු චින්තනයක් සහිත ජනතාවක් අපට නැත.//

      මට පුදුම ඇයි මේ රටවලට යන්න මිනිසුන් පොරකන්නේ කියල අන්තිම මානුෂිකවාදී වාමාංශික රටවලට නොගිහින්

      Delete
    2. මට පුදුම ඇයි මේ රටවලට යන්න මිනිසුන් පොරකන්නේ කියල අන්තිම මානුෂිකවාදී වාමාංශික රටවලට නොගිහින්/////// ++++++++ela

      Delete
    3. //සැබවින්ම ලෝකයේ බහුතර ජනතාවක් දුක් විදින්නේ අප සුපිරි යැයි සිතා වන්දනාමාන කරන රටවල දෙබඩි ක්රිියාකලාපය නිසා බව තෙරුම් ගැනිමට තරම් දියුනු චින්තනයක් සහිත ජනතාවක් අපට නැත.//

      ලංකාවේ නම් මිනිස්සු දුක් විඳින්නේ තමුන්ගේ කුසීත කම්මැලි කම නිසාය. උදේ 8.30 සිට පුටුවක වාඩිවී සිට 3.30 වන විට ගෙදර යාම රැකියාවක් කිරීම ලෙස සලකන කම්මැලියන්ට නම් ඔය සත්‍ය කිසිදිනක තේරුම් ගත නොහැකිය.

      Delete
    4. @ Lankika Sithuwili

      // මට පුදුම ඇයි මේ රටවලට යන්න මිනිසුන් පොරකන්නේ කියල අන්තිම මානුෂිකවාදී වාමාංශික රටවලට නොගිහින් //


      මේවා මහා මොන්ගල් කතාය මෝඩයන්ට ලොජික් ය.

      ලෝකයේ සමාජවාදි රටවල් ඇත්තේ පහක් පමනි.

      අනික් රටවල් ලන්කාව මෙන් දනවාදය අනුගමනය කරන ඵ්වාය.

      සමාජවාදි රටවල සිට දනවාදි රටවලට පැනීමක් ගැන දැන් අහන්නට නැත.
      ඵකදහස් නමසිය අසූ ගනන්වල ඵවන් සිදුවිම් ගැන බටහිර මාද්‍ය දැඩි ප්‍රචාරයක් ගෙනගියද, ඵම පැනිම් සිදු වූයේ ආර්තික හෙතු මත නොවේ,,,,,,ඵක්කො දේශපාලන හේතු මත ය බොහෝ ඵ්වා බටහිර මාද්‍ය විසින් ප්‍රචාරය කරනා ලද දනවාදි ලෝකය පිලිබද සුරන්ගනා සිහින වලට රැවටුනු බුද්දි මට්ටමින් අඩු අය විය.

      ඵම බටහිර හින වලට රැවටුනු සමාජවාදි රටවල තරුනයන්ට වුයේ ඇට අටට, ආශ්චර්යට හා වොක්ස්වැගන් වලට රැවටුනු ලන්කාවේ උන්ට සිදුවුනු දේමය..........ඵ් ගැන උදාහරන අනවශ‍යය ...

      අද ලෝකයේ පැනිම් සිද්දවෙන්නේ සමාජවාදි රටවල සිට දනවාදි රටවලට නොවේ................

      දනවාදි සූරාකෑමට ලක්වන රටවල සිට දනවාදි සූරාකෑමට ලක්කරන රටවල් වෙතය...............

      සරලව කිවහොත් දනවාදි සූරාකෑමට ලක් වන ලන්කාවේ සිට, දනවාදි සූරාකෑමට ලක් කරන්නාවු බටහිරට හෝ බොට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට වේ............

      දනවාදය ඔච්චර සොලිඩ් නම් පරිදියේ දනවාදි රටවල සිට ලක්ශගනන් දනවාදි කේන්ද්‍රයේ රටවලට පනින උවමනා නැත..........

      ඵ් අනුව සමාජවාදය කෙසේ වෙතත් දනවාදය කොච්චර පට්ට පජාත වී ඇත්දැයි තෙරුම් ගත හැකිය..................



      // KGB කරපු ජනතා මර්දනය ගැන ඔබ හාන් කවිස්සියක් දන්නේ නැද්ද //

      මලිත් ට ගහනකොට චන්චලා අඩනවා වගේය.CIAඅපරාද ගැන කියන විට ගැන මතක්වේ..............

      ඵ්කත් හරියට තාම 88/89 ට බය වෙමින් හැමදාම මහින්දටයි රනිල්ටයි කියලා අහවල් වැඩේ කරගන්න මෝඩ ජනතාවගේ ගොන් පාට් ඵක වගේය.....................

      කවුරු කලත් වැරැද්ද වැරැද්දය.................රුසියානු ජනතාව පවා KGB ප්‍රතික්ශේප කලේ උන් වැරදි නිසාය................KGBමිනි මැරුවා කියා CIAඵක මිනිමරන විට හිත හදාගන්න කියන්නේ පට්ට මෝඩයන්ය...................


      @ AnonymousApril 25, 2017 at 10:18 PM

      // ලංකාවේ නම් මිනිස්සු දුක් විඳින්නේ තමුන්ගේ කුසීත කම්මැලි කම නිසාය. උදේ 8.30 සිට පුටුවක වාඩිවී සිට 3.30 වන විට ගෙදර යාම රැකියාවක් කිරීම ලෙස සලකන කම්මැලියන්ට නම් ඔය සත්‍ය කිසිදිනක තේරුම් ගත නොහැකිය. //

      මෙතුමාට අනුව ලන්කාවේ සැපවිදින පිරිස වන දේශපාලන පැලන්තිය, උන්ගේ හවුල්කාර නිලදාරි පැලැන්තිය, ජාවාරම්කාර ව්‍යාපාරික පැලන්තිය හා ආගමික නායක නඩය කට්ටඩි නඩය පට්ට ලෙස මහන්සි වි වැඩ කරන අතර, උන්ට ආතල් ගැනිම සදහා බදු ගෙවන බහුතර වැඩකරන ජනතාව රටේ අති බහුතර ජනතාව නිකන් ආතල් ඵකේ සිටිති...................

      රටේ මිනිසෙකු රුපියල් 100ක් හම්බ කලොත් රු 66ක් බදු ලෙස රජයට ගෙවිය යුතු අතර මහන්සි වී හම්බකරන්නේ කවුදැයි සහ නිකන් ඉදන් සැපවිදින්නේ කවුදැයි වටහා ගැනිමට ඵම උදාහරනයම ප්‍රමානවත් යැයි සිතමි...................

      මුන් වගේ බුද්දිමත් ජනතාව වාසනාවන්ය.................!!!!!!!!!!!

      Delete
    5. //සැබවින්ම ලෝකයේ බහුතර ජනතාවක් දුක් විදින්නේ අප සුපිරි යැයි සිතා වන්දනාමාන කරන රටවල දෙබඩි ක්රිියාකලාපය නිසා බව තෙරුම් ගැනිමට තරම් දියුනු චින්තනයක් සහිත ජනතාවක් අපට නැත.//

      And

      //ලන්කාවේ සැපවිදින පිරිස වන දේශපාලන පැලන්තිය, උන්ගේ හවුල්කාර නිලදාරි පැලැන්තිය, ජාවාරම්කාර ව්‍යාපාරික පැලන්තිය හා ආගමික නායක නඩය කට්ටඩි නඩය පට්ට ලෙස මහන්සි වි වැඩ කරන අතර, උන්ට ආතල් ගැනිම සදහා බදු ගෙවන බහුතර වැඩකරන ජනතාව රටේ අති බහුතර ජනතාව නිකන් ආතල් ඵකේ සිටිති.
      //

      ඇත්තටම ඔය දෙකෙන් මොන එකද බුද්ධිමත් ඇනෝ තුමෝ ? එක එක වෙලාවට තමුන් කිවේ මොකක්ද කියල අමතක වෙලා කියන්න වාලේ වාචාල කියවන බුද්ධිමත් ඇනෝ තුමාට හදපිරි මෙවුවා එක :D

      Delete
    6. @ AnonymousApril 26, 2017 at 5:44 AM

      අපේ රටේ මිනිස්සුන්ගේ පුන්චි මොලය පිලිබද හොද උදාහරනයකි මෙතුමා..................

      පලමුවෙනි වාක්‍යයෙන් කියන්නේ මිනිස්සුන්ගේ චින්තනය නොදියියුනුයි කියන ඵක.ඵ් නිසා තමයි ඵයාලා දෙබඩි රටවල් වලට වන්දනාමාන කරගෙන ඉන්නේ..............

      දෙවනි වාක්‍යයෙන් කියන්නෙත් මිනිස්සුන්ගේ නොදියුනු චින්තනයේම දිගුවක් ගැන තමයි................ඵ්කෙන් කියන්නේ ජනතාව දෙබඩි රටවල් වලට රැවටෙනවා වගේම, ජනාතාව දේශිය දේශපාලන, ජාවාරම්කාර, නිලදාරි සහ පුජක පැලැන්තියට සැපවිදිම සදහා බදු මුදල් ලෙස මුදල් පොම්ප කරමින් තමන් උපයෙන දෙයින් සැපවිදින පැලැන්තිය පෝශනය වනවා බලාගෙන දිගටම රැවටෙමින් දුක් විද විද ඉන්නවා කියන ඵකයි..................

      වාක්‍ය දෙකෙන්ම කියන්නේ ජනතාවගේ නොදියියුනු චින්තනයේ පැතිකඩවල් දෙකක් ගැන තමයි....................

      ඵක තමයි මම මුලින්ම කිව්වේ ජනාතාව තමන් රවට්ටන්නේ කවුද කියා තේරුම් ගැනීමට බැරි නොදියුනු චින්තනය නිසා සදාකල් මේ දුක විදින බව...............

      ඔබ ඵ්කවත් තේරුම්ගන්න බැරි තරම් දුර්වල බුද්දිමට්ටමක් ඇති අයෙක් බව මෙතන හැමෝටම පෙන්නුම් කලාට ස්තුතියි......!!!!!!

      Delete
    7. ජනතව රවට්ටන්නේ ඔයා වගේ අයයි. තමුන් දුක් විඳින්නේ දවසෙන් වැඩිහරියක් නිකම්ම් නිකන් පුටුව වාඩිවී ඉන්නා නිසා බව නොකියා තමුන්ගේ කාලකන්නි කම කොහෙවත් යන රටවල් වලට පටවන්නට හද ඔබ වැනි තක්කඩින් නිසා මිනිස්සු සමාජවාදයෙන් අමුර්තය කටට වැටෙන බව හැමදාම රවට්ටන එක නේද කරන්නේ ?

      දේශපාලකයන් ගැන කතාව නම් ඇත්තය. හැබැයි ඉතින් ඒ දේශපාලකයන් තෝරාගෙන තියෙන්නේ බටහිර රටවල අයගේ චන්දෙන් නොවේ.

      දැන් ඔය වෙනිසියුලාවේ වෙලා තිබෙන්නේ අපූරුවට. අනික ඔයා කියවනවා වගේ බටහිර රටවල මිනිස්සුන් ජීවත්ව වෙන්නේ සූරාගෙන කෑමෙන් නොවේ. දවසේ පැය 10ක් වත් මහන්සි වැඩකිරීමෙන්. මිනිස්සුන්ගේ චින්තනේ අවුල තිබෙන්නේ මහන්සිවී හම්බුකරගෙන කන්නට ඇති අකමැත්තයි.

      සූරාගෙන කනවා කිව්වට මුරුංග ඇරෙන්න වෙන කිසිම් දෙයක් සූරාගෙන කනවා දැක නැත මොලේ ලොකු ඇනෝ තුමෝ ?

      Delete
    8. @ AnonymousApril 27, 2017 at 12:54 AM

      // ජනතව රවට්ටන්නේ ඔයා වගේ අයයි. තමුන් දුක් විඳින්නේ දවසෙන් වැඩිහරියක් නිකම්ම් නිකන් පුටුව වාඩිවී ඉන්නා නිසා බව නොකියා තමුන්ගේ කාලකන්නි කම කොහෙවත් යන රටවල් වලට පටවන්නට හද ඔබ වැනි තක්කඩින් නිසා මිනිස්සු සමාජවාදයෙන් අමුර්තය කටට වැටෙන බව හැමදාම රවට්ටන එක නේද කරන්නේ ? //

      මේ මෝඩ තර්කයට මා පිලිතුරු දි ඇත............( ලන්කාවේ සැපවිදින පිරිස වන දේශපාලන පැලන්තිය, උන්ගේ හවුල්කාර නිලදාරි පැලැන්තිය, ජාවාරම්කාර ව්‍යාපාරික පැලන්තිය හා ආගමික නායක නඩය කට්ටඩි නඩය පට්ට ලෙස මහන්සි වි වැඩ කරන අතර, උන්ට ආතල් ගැනිම සදහා බදු ගෙවන බහුතර වැඩකරන ජනතාව රටේ අති බහුතර ජනතාව නිකන් ආතල් ඵකේ සිටිති. )
      සමාජවාදයෙන් අමෘත්තය කටට වැටීමට විදියක් නැත.සමාජවාදය යනු යහපත් සමාජයක් කර ඇති බලාපොරොත්තුවය.ඵය කරා යාමට ජනතාව වර්තමාන ක්‍රමයේ අසාර්තකකම තේරුම්ගෙන, වඩා මානවවාදි සමාජයක් සදහා වැඩකල යුතුය.
      නැත්නම් වර්තමාන නිරුවත් දනවාදි ක්‍රමය තුල ගොදුරක් ලෙස සෑමදාම අපව රවට්ටන්නන් ගේ ලනු කමින් සිහින මාලිගා ගොඩනගමින් මෙතුවක් කාලයක් රැවටුනු ලෙසම රැවටි අනුන්ට කබුර කබුරා සිටිය යුතුය.අවසානයේ ඔවුන් පැලකරන සිහින වියැකී යන අතර අපේ ජිවිත උන්ගේ සින්නයක් බවට පත්කර දිය හැකිය..................ඵය වඩාත් ආතල් වනු ඇත.


      // දේශපාලකයන් ගැන කතාව නම් ඇත්තය. හැබැයි ඉතින් ඒ දේශපාලකයන් තෝරාගෙන තියෙන්නේ බටහිර රටවල අයගේ චන්දෙන් නොවේ.//
      තුන්වන ලෝකයේ රටවල දේශපාලකයන් තනන්නේද විනාශකරන්නේද බටහිර රටවල් විසින් මිස ඵකී රටවල ජනතාව නොවේ.
      ජනතාවගේ කාර්යය වන්නේ බටහිර රටවල් විසින් තනනා ලද ඔවුන්ගේ දේශපාලන රූකඩ කිහිපය අතරින් නිශ්චිත මොහොතේ මැතිවරනයකදි තෝරා පත්කරගන්නේ රූකඩ නායකයා දැයි තිරනය කිරිම පමනි.
      කාටුන් ඵකේ ටෙලි නාට්‍යයේ සිට ජනතාවගේ බුද්දිය මොට්ට කර දමා ඇත.
      ඵ් මදිවට ජාතිවාදය, ආගම් වාදය, ක්‍රෝදය, ඊර්ශ්‍යාව, ටොන් ගනනින් වපුරා ඇත.
      මෙවන් ජනතාවක් නිසි නායකයකු බිහිකරගැනීමට තරම් බුද්දිමත් යැයි කියා ඔබ සිතනවාද????

      අප සැමදා පාලකයන් වෙනස් කලද රට යන ජරාජිර්න ගමන් මාර්ගය කිසිදා වෙනස් නොවන්නේ ඵ් නිසා ය.


      // අනික ඔයා කියවනවා වගේ බටහිර රටවල මිනිස්සුන් ජීවත්ව වෙන්නේ සූරාගෙන කෑමෙන් නොවේ. දවසේ පැය 10ක් වත් මහන්සි වැඩකිරීමෙන් //

      බටහිර රටවල ජනතාව සහ පාලක පන්තිය යනු දෙකක් බව ඔබතුමාගේ පුන්චි මොලයට තේරුම්ගැනිමට හැකියාවක් නැටිවීම පුදුමයක් නොවේ.
      ඇමරිකානුවන්ම කියන පරිදි 99% සමාජය සහ 1% බර්කන්බර්ග් සමාජය යනු සහමුලින්ම දෙකකි.............

      බටහිර රටවල සන්සරනය වන බිලියන ගනන් මුදල් නිර්මිතව ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් සූරා කෑමෙන් මිස කොකා කෝලා හා ඩෙනිම් විකිනීමෙන් නොවේ....................


      // සූරාගෙන කනවා කිව්වට මුරුංග ඇරෙන්න වෙන කිසිම් දෙයක් සූරාගෙන කනවා දැක නැත මොලේ ලොකු ඇනෝ තුමෝ ? //
      සූරාකෑම දැක නැතිනම් කරුනාකර ලන්කාවේ වෙලද කලාපයකට යන්න.සේවකයින් සමග කතා කරන්න..............මා පුහුනුවන නිශ්පාදන විදායකයකු ලෙස කාලයක් වැඩකර ඇත.
      ඵහි ගොස් ලන්කාවේ මුරුන්ගා හැර වෙන දෙයක් සූරාකන්නේ නැතැයි කියන්න..................මිනිස්සුන් ඔබව ඇහේ සිට පට්ට ගසනු ඇත................

      මා හට පෙනී යන්නේ ඔබ සමාජ අවභෝදය සහ කරුනු තේරුම්ගැනීමේ හැකියාව යන දෙකම නැති ටිපිකල් සිහින මවන්නෙකු බව පමනි...................


      // දැන් ඔය වෙනිසියුලාවේ වෙලා තිබෙන්නේ අපූරුවට. //

      වෙනිසියුලාවේ ආර්තික අර්බුදය කෘතිමව ඇතිකරන ලද්දකි................
      ඇමරිකා ඵකශත් ජනපදය ඇතුලු බටහිර කදවුර ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමන්නන් නම් ඵකි කදවුර වෙනිසියුලාවට ආර්තික සම්බාදක දමා ඇත්තේ ඇයි?????
      ලෝකයේ ආර්තික පාලනය තවමත් දැඩි ලෙස අදිරාජ්‍යවාදි රටවල පාලනය යටතේ පවති................
      ඔවුන් කරන්නේ තමන්ගේ පදයට නොනටන පාලකයකු යම් රටක පත්වුනු පසු ජනතා කැමත්තට හිස නොනමා ආර්තික සම්බාදක දමා ඵම රටවල් වල ආර්තිකය වැට්ටවිමය........ආර්තිකය වැටුනු කල ජනතාව හා නයකයන් වෙන්වී පාලන තන්ත්‍රය බිදවැට්ටවිය හැකි බව ඔවුන් දනි....................
      ඇමරිකාව ප්‍රමුඛ අදිරාජ්‍යවාදි කදවුර වෙනිසියුලාවෙන් නොනැවති රුසියාවටද පසුගිය වසරේ සිට ආර්තික සම්බාදක දැම්මේ ඵ් නිසාය................
      දැන් ඔවුන් චිනයටදඵයම කරන්නට මාන බලති.

      මේකි උදාහරන ලෙස බැලිමේදි වෙනිසියුලාවේ ඇතිව ඇති ප්‍රශ්න බටහිර විසින් කෘතිමව ඇතිකල ඵ්වා බවද , බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවතද හෙලි කරයි...................

      ඇත්තටම ලන්කාවේ ප්‍රගතිශිලි පාලනයක් පැමිනි කල ඔවුන් අපට කරන්නේද මෙයයි..................

      මගේ මුල්ම කමෙන්ටුවෙන් මා කිවේ මෙයයි..................

      අවශ්‍යම දේ ජනතාව මේ විශම චක්‍රය තේරුම් ගැනිමයි...............

      ඔබටනම් ඵ් සදහා බුද්ශි මට්ටමක් නැති බව පෙනේ.................

      Delete
    9. @ @ AnonymousApril 27, 2017 at 12:54 AM

      // දේශපාලකයන් ගැන කතාව නම් ඇත්තය. හැබැයි ඉතින් ඒ දේශපාලකයන් තෝරාගෙන තියෙන්නේ බටහිර රටවල අයගේ චන්දෙන් නොවේ.//

      ඵකතුකිරිමකි.................
      බටහිර රටවල් තුන්වන ලෝකයේ නායකයන් හසුරුවන හැටි අවබොද කරගැනිමට 'ජෝන් පර්කින්ස්ගේ', 'ආර්තික ඝාතකයකුගේ' පාපෝච්චාරනය පොත කියවන්න.3 වන ලෝකයේ රටවල් වල නායකයින් බටහිර වහලුන් නොවේදැයි ඔහු සිය අත්දැකීම් ඇසුරෙන් මනාව විස්තර කරයි...............

      ඊට අමතරව ජූලියන් අසාන්ජිගේ 'විකිලික්ස්' අපේ නායකයින් ගේ රෙදි ගැලවෙන හොද මූලශ්‍රයකි....................

      ඇමරිකාව අප වැනි දීන රටවල නායකයන්ට සලකන අන්දමද, වෙනිසියුලාව වැනි ක්‍රම විරෝදී රටවලට සලකන ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයද ඔවුන් මනාව විස්තර කරයි...................

      මා කලින් කීවේ ඔබ වැන්නවුන් ගැන තමයි.................

      අපිට කෙලවන බටහිර දෙබඩි රටවලට වන්දනාමන කරන මෝඩ ජනතාව.......................

      Delete
  2. වික්ටර් හාරා ගේ ජීවිත කතාව ඇසුරුන් තිබුන පොතක් කියෙව්වා මේ ලඟදි.මෙයත් එසේමයි.ලංකාවට ජවිපෙ පාලනයක් ආවොත් අනිවාර්යයෙන් කළුකඩ ජාවාරම් සහ ක්‍රම විරෝධීන් ඇතිවේවි.ඔවුන් මර්ධනය කිරීමට දැඩි නීති පැමිනේවි.ඔව්... ඔබේ සිහිනය යථාර්ථයක් වන අමුද්‍රව්‍ය වැඩිපුරත් ලංකා භූමියේ ඇත.
    ජයවේවා..!!

    ReplyDelete
  3. මිනිස් සන්තානයන්හි සැගව ඇති බිය අතීත සිද්ධි දාම මගින් එලියට ගැනීමට දරා ඇති වෑයමකි.

    ReplyDelete
  4. මේ තරම් හැඩි දැඩිද වෛරය - ජවිපෙ සමගින් ඔබට තිබෙනා
    ආවොතින් ප්‍රතිකාර සඳහා - එ ජනපති ඔබ කුමක් කරනා?

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි.අපේ ජාතියෙ වරදක් වෙන්නැති,ඔලුවට යමක් දාගත්තොත්,ඒක අතාරින්නෙම නැහැ.අපි ඉස්සරහට යන්නෙ නැත්තෙම,මේ හින්දයි.

      Delete
    2. ජවිපෙ සමගින් වෛරයක් නැත​. ඔවුන් අතීතයේ සිදු කල සහ අනාගතයේ කල හැකි වැරදි ගැන අවලෝකනයක් දුන්නා පමනි. මම පුද්ගලිකව අනුර කුමරට කැමතියි දැන් පාර්ලිමේන්තුවේ ඉන්න හොරු එක්ක බැලුවහම​.

      Delete
  5. You have great talent of writing. I do respect your right to express your opinion about social incidences in your very own way based on your knowledge and practical experiences. But last 2-3 essays were bit deviated from your academic way of presenting the facts. it will be better to describe the social incidences and personal behaviours in psychological perspective. As an example try to educate us about the psychology of people living next to garbage dump. As an psychoanalytical writer, you are capable of writing a very fruitful academic essay. You have to awake the educated minds not others. Because academics are hibernating not others.

    ReplyDelete
  6. අවුරුදු 69 කාලකන්නි පාලනයක අත්දැකීම් ,අපි පණපිටින් ,අමු අමුවේ අත් දැක්කෙමු! රුවන් මහතාගේ උපකල්පන සිහිනයේ අවසාන බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණ පැරදිවිමයි.එයින් ඒ මහතාට වන හොදක් හෝ නරකක් නැත මක්නිසාද යත් - ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටින් සහ පැවති සෝවියට් සමාජවාදී ආණ්ඩුවෙ පිහිටින් ඔහු ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හිමි කරගෙන ඇත.ඒ පිනෙන් අද ඇමරිකාව හෝ කැනඩාව වැනි ධනපති රටක මෙතුමා සැප ගනියි.ලංකාවට එකම ගැලවීම වූ ජේවීපී දින්නා හෝ පැරදුනා ඔහුට වැඩක් නැත.ලබන බ්ලොග් සම්මාන උළෙලින් සම්මානයක් ලැබුනොත් ඒ මදිද? වජිර යාපා vajira yapa

    ReplyDelete
    Replies
    1. Vajira Yapa අවුරුදු 69 කාලකන්නි පාලනයක් තිබුනා තමයි , නමුත් ඉඞුරු දී මිරිස් ගැනීමද කල යුත්තේ ?. මම පුද්ගලිකව අනුර කුමාරට කැමතියි පාර්ලිමේන්තුවේ ඉන්න අනෙක් සියලු හොරුන්ට වඩා. නමුත් අනුර කුමාරට ජවිපෙ දැඩි අන්තවාදීන් ගේ බලපෑම් ආ හැකියි. මේ ලිපිය ඔහුට කරන දැනුවත් කිරීමක්

      Delete
    2. Vajira Yapa මම පුද්ගලිකව අනුර කුමාරට කැමතියි නමුත් ඔහු කෙලින් හිටියේ නැත්නම් මම ලියලා තිබෙන විනාසයන් සිදු විය හැකියි. මෙම සිහිනයේ ලෙසින් විනාශකාරීව කටයුතු සිදු නොවී අනුර කුමාර දිසානායක ජනාධිපතිව දැඩි මතධාරී අන්තවාදීන්ට යටත් නොවී රට සමෘද්ධිය කරා ගෙන යාමට හැකි වේවා කියා පතමු

      Delete
  7. අවුරුදු 69 කාලකන්නි පාලනයක අත්දැකීම් ,අපි පණපිටින් ,අමු අමුවේ අත් දැක්කෙමු! දැන් ඉතින් ජ.වි.පෙ මිනීමරු විනාශකාරී පාලනයකට රට භාරදීමට කාලයයි. එසේ නොකරනේනම් අපි ශ්‍රී ලාංකිකයන් විය නොහැක.

    ReplyDelete
  8. ඔබ ජනතා විමුක්ති පෙරමුණේ මග පෙන්වීම යටතේ ලාංකික ජනතාව අත්කරගත් ඓතිහාසික ජයග්‍රහණ ලගු කර දැක්වීමට උත්සහ කරන බව ම නිවැරදිව හදුනාගත්තා . ඔබ විසින් හිතාමත මග හැර ඇති ඇති වැදගත් කරුණු කීපයක් පමණක් ම මෙහි ගෙන හැර දක්වන්නම්; ආසියාවේ උසම රුපවාහිනී සම්ප්‍රේෂණ කුලුන ශ්‍රේෂ්ට නායකයාගේ ගම අසල පිහිටි පලාගල කඳුමුදුනේ ඉදිකර ඇතිබව, ශ්‍රී ලංකාව අජටාකාශ යුගයට එළඹ ඇතිබවත් කොරියානු සමුහාණ්ඩුවේ තාක්ෂණික සහය යටතේ ඉදිවන රොකට්ටු ගුවන්ගත කිරීමේ මද්‍යස්ථානයේ වැඩකටයුතු නිමවෙමින් පවතින බවත්, ෆ,ලෝකයේ ප්‍රථම වතාවට ගොවීන් සඳහා අජටාකාශ ගැමි පුහුණු වැඩ සටහනක් ක්‍රියාත්මකවන බවත්, එමෙන්ම ;ජාතීන් අතර සුහදතාවය සහ අන්නොනිය අවබෝදය දියුණු වීම සදහා දෙමල ජනය සිය කෙමෙත්තෙන්ම සිංහල වර්ණ මාලාව බාවිතයෙන් දෙමල ලිවීම්ට පටන්ගෙනිම , සහ දෙමල ජනතාවගේ එම උත්ක්රුස්ට කර්තව්‍යට දායක වීම සදහා රජය විසින් සියල දෙමල පුවත්පත් සහ පාසල් පෙළපොත් සිංහල වර්නමලාවෙන් පමණක්ම මුද්‍රණය කිරීමට තීරණය කිරීම ඔබ විසින් මගහෙර ඇත කරුණ කීපයකි.

    ReplyDelete
  9. මහ බැංකුවෙ උන් හොරට කිරනවා - ඒකට ජවිපෙට ලකුණු වැටෙනවා
    කෘෂි කර්මේ හොර ගමනක් යනවා - ඒකට ජවිපෙට ලකුණු වැටෙනවා
    උමාඔයේ ලිං සිඳිලා යනවා - ඒකට ජවිපෙට ලකුණු වැටෙනවා
    මිතොට කුණු කඳු පුපුරා යනවා -ඒකට ජවිපෙට ලකුණු වැටෙනවා
    ප්‍රසන්න තිරිසන් කතා කියනවා - ඒකට ජවිපෙට ලකුණු වැටෙනවා
    විස්සයි විස්සේ චන්දය එනවා - දියවන්නාවට පනහක් එනවා
    කාලය හෙමිහිට ගෙවිලා යනවා - විස්සයි ව්සිපහකුත් එළඹෙනවා
    කවුරුත් මහ චන්දෙට සැරසෙනවා -එදාට පුතුනේ උන් ගොඩ යනවා

    ReplyDelete
  10. මා වියට්නාමයේ හා කාම්බෝජයේ මෑතකදී සංචාරය කල අතර මෙම අත්දැකීම් මිශ්‍ර ලෙස දැක්කා. 88/89 සිද්ධිගැන හිතන කොට කාම්බෝජයේ -පොල්පොට්ගේ සමාජවාදී ක්‍රියාකාරකම්ද ජවිපෙට ආදේශ වීමට බොහෝ විට ඉඩ තිබේ. වියට්නාමය දියුණු ලෙස පෙනුනද ඇතුලතින් කෑකාරෙමින් තිබේ. රතුකාඩර්වරු සහ පාලක පක්ෂයේ දුෂණ ක්‍රියා ගැන (වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා පවසන පරිදි) රහසේ කතාකරති. ජවිපෙ,තම තමන්ගේ වැරදි නිවැරදිකර අලුත් මගකින් රට ඉදිරියට ගෙන යාමට සිතීමට කාලයයි . pbh)

    ReplyDelete
  11. ජවිපෙ අලුත් වෙලා ඇති කියා සිතුවත් මෑත කාලයේ මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබාගැනීමට එරෙහිව ඔවුන් කල මැදිහත්වීමෙන් අපේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය නිකම්ම කොළ කැබැල්ලක් බවත් ඔවුන්ගේ තුල තවම තිබෙන්නේ යල්පැනගිය මතය බවත් තේරුණා.

    ජවිපෙට ධනපතියා සූරාකෑම වගේ පරණ මනෝමුලික වචනවලින් එහාට යන්න කිසිදිනක බැරි බව ඔවුන් නැවත නැවත පෙන්නුම් කරමින් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ තුල තවම තිබෙන්නේ යල්පැනගිය මත/////////// athha

      Delete
  12. ශ්‍රීජයවර්ධන පුර විජේවීරපුර වශයෙන් නම් කර ඇත.

    ReplyDelete
  13. මේක හීනයක්ම තමයි. බ්ලොග් ලියන හුඟක් අය සැබෑ නොවන හීන දකින අය. පේනවනේ ඒ අය දැකපු යහපාලන සිහිනය. ඒ හීනය කොච්චර නපුරු යථාර්ථයක්ද?ඒ ගොල්ලෝ බොහෝ පණ්ඩිත කරුණු ගැන කෙස් පැලෙනකම් තර්ක කලත් ජීවත් වෙන්නේ ප්‍රායෝගික ලෝකයක නෙමෙයි. ඒ ගොල්ලෝ කියවන ලොකු පොත් වල තියෙන දේට හාත්පසින්ම වෙනස් යථර්තයක් තමයි මහ පොලොවේ තියෙන්නේ. ඒ වෙනස තේරුම් ගන්න බැරිවෙන තාක් මේ වගේ ළදරු හීන හැමදාම දකීවී.

    ReplyDelete
  14. ජවිපෙ එකේ යල් පැනපු,කල් ඉකුත් වෙච්චි න්‍යය අතහරිනකම් හැමදාම ඔය ඉන්න තැනම තමයි.

    ReplyDelete
  15. රනිල්ට ගොට්ට අල්ලන විදිහට මුන්නැහේ නතර වෙන්නේ සිරිකොතේ. මෙන්න කැට.

    ReplyDelete
  16. http://erenow.com/biographies/stalinthecourtoftheredtsar/7.html

    ReplyDelete
    Replies
    1. thanks for the link , pl read my article on Stalin

      Delete
  17. හාල්පොළු මිරිස්පොළු මිල පිලනය සලාක ක්‍රමය වැනි ක්‍රම අසාර්ථක බව අදවනවිට වැඩිදෙනාට අවබෝධයක් තියෙනවා.
    ඒවගේම අද ලෝක තත්වය අනුව ලංකාව තුල ඔවැනි වැඩපිලිවෙලක් ඇතිවේ යැයි බලාපොරොත්තු වෙන්න බෑ.
    නමුත්
    සර්වසම්පූර්ණ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ජාතික සමඟිය ඇතිකල හැකියැයි යන ෆැන්ටසිය විශ්වාස කරන අය මේ රටේ සිටිනවා.
    නමුත් ඒක හාල්පොළු මිරිස්පොළු වැනි නමුත් එයටත් වඩා භයානක දෙයක්.
    මේ අවස්ථාවෙසි අපි වඩාත් දැනුවත්විය යුත්තේ ඒ ගැනයි.

    ReplyDelete
  18. ජනදිපති කම ගනින් කියල බෙල්ලෙ එල්ලුවත් ඕක ලප කුමාර ගන්නෙ නෑ.

    මොකද බැරිකම එළි වෙන හින්දා , තිස්සමහාරාමෙ වගේ ප්‍රාදේසීය සභාවක් නං අරගෙන ගෝල බාලයන්ට කරගෙන යන්න කියල ලකුණු දා ගනියි.

    මිනිහා කැමති රනිල්ට කඩේ නොයනව වගෙ පෙන්නගෙන කඩේ ගිහින් , ලැබෙන කුට්ටිවලින් ඉතාලියෙ පුංචම්මවත් බලාගෙන පොඩි ටුවර් එකක් දාල ඇගපත තලාගන්නෙ නැතුව සැපට ඉන්න

    විජේවීරත් පොලීසියෙන් ගැලවෙන්න දෙපාරක්ම ගෙඩිය පිටින් අනික් උන්ව පාව දුන්නනෙ

    ReplyDelete
    Replies
    1. වැඩ නොකර විවේචන තියරිය

      Delete
  19. දැන් ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වනවා ද. එක්කෝ රුවන් ගේ බ්ලොග් අඩවියේ කවුරු හරි එකෙක් හැක් කලාවත් ද කියලත් හිතෙනවා මට. මම දන්නා රුවන් නම් මෙහෙම නැහැ. අනේ මන්ද මට පිස්සුද එක්කෝ රුවනට පිස්සුද කියලා.

    ReplyDelete
    Replies
    1. බොට පිස්සු

      Delete
    2. අනුර කුමාරට ජවිපෙ දැඩි අන්තවාදීන් ගේ බලපෑම් ආ හැකියි. මේ ලිපිය ඔහුට කරන දැනුවත් කිරීමක්

      Delete
  20. සමහරවිට අද තියෙන ප්‍රතික්ශේප හමුවේ ශේෂ වන එකම විකල්පය

    ReplyDelete
  21. Anthagami prathipaththi walin bahara Wanathuru Saha vijeweera wandanamana kireemen baharawanathuru JVP kisida lankawe balayata enne natha.

    ReplyDelete
    Replies
    1. අන්තවාදය ඔවුන් අත් හල යුතුයි

      Delete
  22. සිහිනෙන් මෙය මට පෙනෙනවනම්...අවදිනොවී ඉන්නම් !

    ReplyDelete
  23. Only a Psychiatrist can imagine like this.

    ReplyDelete
    Replies
    1. Forwarded to a JVP Parliamentarian for consideration when they prepare their next manifesto.

      Delete
    2. I am not a Psychiatrist my field is Psychology / psychotherapy

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook