Wednesday, April 12, 2017

බටහිර අනුකාරකයා වෙනුවට ග්‍රාමීය පසුගාමීත්වයෙන් පෙලෙන්නා තෝරා ගැනීම

 

බොහෝ රජයේ ආයතන වල ප්‍රධානීන් ලෙස සිටින්නේ කළා උපාධිධාරීන් ය. මොවුන් බොහෝ දෙනෙකු ග්‍රාමීය පසුගාමීත්වය හිසේ දරාගෙන විශ්ව විද්‍යාල වලට පැමින හීනමානය හා සමාජ වෛරය නිසා නවක වධ වලට අනෙකුත් සිසුන් ලක් කොට තිබෙන සහාසික මානසිකත්වයෙන් යුතු පිරිසක් බව රහසක් නොවේ. මොවුන් පන්ති අතික්‍රමණය  කලද බරපතළ අනන්‍යතා අර්බුධ වල සිටින්නෝය​. ටයි පැළඳගෙන ආයතන ප්‍රධානීන් ලෙස සිටියද මොවුන් ගේ හිස් පිරී තිබෙන්නේ පසුගාමී අදහස් වලිනි. මොවුන්  ගන්නා පරිපාලන තීරණ යට තවමත්  හීනමානතා සංකීර්ණ වල ශේශ දක්නට තිබේ. මේ පිළිබඳව මට හොඳ අත්දැකීමක් තිබේ. 

1995 වසරේදී ග්‍රාමීය රෝහලක ආයතන ප්‍රධානියා ලෙස පෝලියෝ රෝග එන්නත් කටයුතු සඳහා ග්‍රාම නිලධාරීන් ගේ සහාය ලබා ගැනීම සඳහා මම හසලක ප්‍රාදේශීය ලේකම්වරයා හමු වීමට ගියෙමි. ඒ කාලයේ උප දිසාපති තුමා , ඩී.ආර්.ඕ මහත්තයා ලෙස ගෞරව නාම වලින් හඳුන්වන මෙම නිලධාරියා හමු වීමට ගිය මම මාරක අත් වැරැද්දක් කලෙමි. එනම් කොලඹ ප්‍රදේශයේ ආයතන ප්‍රධනීන් හමුවීමේදී කතා කරන අයුරින් ඉංග්‍රීසි බසින් මම ඔහුව ඇමතුවෙමි. 

අහේතුවකට මෙන් හසලක ප්‍රාදේශීය ලේකම්වරයා ඉංග්‍රීසි නොදත්කම නිසා හෝ ඉංග්‍රීසි ඇලර්ජික් වීම නිසාදෝ මට සිතාමතා නොසැලකිලිවන්ත ලෙස සැලකුවා පමණක් නොව ග්‍රාම නිලධාරීන් ගේ සහායද ලබා නොදුන්නේය​. මම ගියේ මිනිපේ දිස්ත්‍රික්කයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත දීමේ වැඩසටහන සාර්ථකව කිරීම සඳහා ඔහු ගෙන් රාජකාරිමය වශයෙන් උපකාරයක් ලබා ගැනීමටය​. එහෙත් ඔහු මට රිද්දවීම සඳහා පෝලියෝ එන්නත දීමේ වැඩසටහනට සහයක් දුන්නේ නැත​. 

මෙම නිලධාරියා ගේ ගම් පලාත වූයේද මිනිපේ දිස්ත්‍රික්කයයි. ඔහු එම ප්‍රදේශයේ හැදී වැඩී ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ගිය අයෙකි. එහෙත් තම ප්‍රදේශයේ ළමුන්ට ප්‍රතිශක්තිකරණය දීම  සඳහා කොලඹ දිස්ත්‍රික්කයෙන් පැමිණි වෛද්‍යවරයෙකුට  උපකාර කරනවා වෙනුවට ඔහු කලේ හීනමානය නිසා මගේ වැඩය බකල් කිරීමය​. අවසාන විග්‍රහයේදී මෙම කඩාකප්පල් කිරීම සෘණාත්මකව බලපෑවේ ඔහු ජීවත්වූ දිස්ත්‍රික්කයේ ළමුන්ටය​. එහෙත් මෙම නිලධාරීයාට ඒ ගැන සංවේදිතාවක් නොවීය​. ඔහුගේ හිසේ වැඩ කලේ ඉංගිරිස්කාරයාට වැඩක් දීම මිස ජාතික කර්තව්‍යකට සහාය දීම නොවේ. නමුත් මේ පුටුවේ බටහිර අනුකාරකයෙකු සිටියේ නම් ඔහු මට හොඳින් සලකා මගේ වැඩය සඳහා අගන සහායක්ද ලබා දෙනු නොඅනුමානය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


36 comments:

  1. ඔහු වැරදියි තමා.. ඒත් ඔහුට ඉංග්‍රීසියෙන් කතා කළ ඔබත් වැරදියි.. මමනම් කිසිම විටක මම කතා කරණ අනිත් පුද්ගලයට සිංහල පුළුවන් කියලා දන්නවනම් ඉංග්‍රීසි භාවිතා කරන්න යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      //ඔහු වැරදියි තමා//

      ලංකාවේ රාජ්ය සේවයේ වැඩකටයුතු නිසියාකාරව බෙදා තිබේ. (වැඩ නොකරන එක වෙනම දෙයකි). වැක්සීන් දීම හා අදාල කටයුතු අයත් වන්නේ MOH හා ප්රදේශයේ මිඩ් වයිෆ්ටය. ඒවාට අදාල නිසි ලිපි ලේඛන පුරවමින් සීරුවෙන් කලයුතු දෙයකි.

      ග්රාමසේවකලා මේ සේවා නොකරන අතර ඔවුන් එය දන්නේ නැත. වැක්සීන් කටයුතු වලට ග්රාමසේවකලා යොදා ගැනීම බල්ලාගේ වැඩය බූරුවාට බාරදීම වැනිය. ප්රා.ලේකම් මේවා දන්නා නිසා මග ඇර යන්නට ඇත.

      උදාහරනයක් හැටියට ග්රාමසේවකලා කරන චන්ද කාඩ් බෙදීම මිඩ්වයිෆ්ට පුලුවන්ද? චන්ද කාඩ් බෙදන්නට මිඩ්ව්යිෆ්ලාට කතා කරන්නේද නැත.
      මේ මලමගුල් වලට ඉංග්රීසිවල සම්බන්දයක් නැත. හැරත් ලන්කාවේ අයියලාගේ ඉංග්රීසිය මහලොකු බක්කක් නොවේ. මේ මොකුත් නොදැන කොමෙන්ට් කරන අයට අපට කියන්නට තිබෙන්නේ "අබ සරනයි" කියාය.

      Delete
    2. ඇනෝ ස්තූතියි. මුකුත් නොදැන ඔහු වැරදි ලෙස නිගමනය කළ මම වැරදියි තමා.

      මෙතන කියන තරමට ඉංගිරිසි හුට පටයක් නැති බව දැන්නම් මටත් හිතේ..

      Delete
    3. සහතික ඇත්ත. 1975 ගණන් වන තෙක්ම අපේ රටේ වැඩිහිහියන්ගේ ඉංග්‍රීසි භාවිතය ඉහලයි, නුවරදී අනිවත්තේ බස් එකේ හෝ වටපුලුව් බස් එකේ රියදුරන් හා කොන්දොස්තර වරුන් හොදින් ඉංග්‍රීසි කතා කළා, කච්චේරියේ පියුම් මහත්තුරු පවා හොද ඉංග්‍රීසියෙන් කතා කළා

      Delete
    4. ග්රාමසේවකලා මේ සේවා නොකරන අතර ඔවුන් එය දන්නේ නැත. වැක්සීන් කටයුතු වලට ග්රාමසේවකලා යොදා ගැනීම බල්ලාගේ වැඩය බූරුවාට බාරදීම වැනිය. ප්රා.ලේකම් මේවා දන්නා නිසා මග ඇර යන්නට ඇත.//////// @ AnonymousApril 13, 2017 at 11:34 AM ඔබට මෙවා තේරෙන්නේ නැත. ග්‍රාම නිලධාරීන් පෝලියෝ වැක්සීන් දෙන්නේ නෑ නමුත් ඔවුන් ගේ සහාය අවශ්‍යයි මේ වැඩසටහනට. එම් ඕ එච් එකේ වැඩකරන කෙනෙක් ගෙන් අසා දැනගන්න

      Delete
  2. නැවතත් එක කේස් ස්ටඩි එකක් සමාජයට ම සාධාරණීකරණය කරලා... !!!

    ඒ මදිවට ස්ථිර කළ නොහැකි ඇසම්ෂන්ස්....!!!


    අනේ මන්දා රුවන්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් විශ්ලේෂණය කිරීමේදී සොලිඩ් ෆැක්ට්ස් නැහැ. ඇසම්ෂන්ස් උඩ තමයි කතා කරන්න වෙන්නේ.

      අනික් අතට, මේවගේ දී විතරක් නෙවෙයි. ලිංගාශ්‍රිත බෝවන රෝග ගැන පවා සාකඡ්චා බොහෝ විට එහෙමයි. ඔවුන් සිතන ඔවුනට රෝගය වැලඳුනේ අසුවල් පුද්ගලයා සමග ඇසුරෙන් කියා. ඒ මත තමයි බොහෝ දත්ත පදනම් වෙලා තිබෙන්නේ.

      රුවන් ලියා තිබෙන මෙවැනි සිදුවීම් කතා කරන්නට වෙන්නේ කොහොමත් මේ විදියට තමයි. සංඛ්‍යාන දත්ත ඇත්තේ නෑ විශ්ලේෂණය කරන්න. අනික මේක බ්ලොග් එකක් මිසක් ජර්නලයක් නෙවෙයි නේද ?

      මගේ අත්දැකීමත් අසා ඇති බොහෝ සිදුවීමුත් රුවන් ගේ අත්දැකීම සමග එකඟ වෙනවා.

      අන්ද්‍රේ සකරෝෆ් වගේ අයත් රෂියන් කාරයෝ තමයි. රෂියන් ඩිග්‍රී ඉන්දියන් ඩිග්‍රී කාරයොන්ගේ එහෙම අවුලක් නෑ. මිනිහෙකුගේ පළමු උපාධියෙන් ඒ මිනිහගේ රිසර්ච් ගැන මනින්න පුළුවන් ද ?

      Delete
    2. රෂියන් ඩිග්‍රී ඉන්දියන් ඩිග්‍රී ජගත් විශ්ව විද්‍යාල වර්ගීකරනයේදී ඉන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා ඉහලින්. උගන්ඩාවේ විශ්ව විද්‍යාලත් ලංකාවේ විශ්ව විද්‍යාල පරද්දවලා

      Delete
    3. රජයේ ආයතන 10 කට ගිහින් බලන්න ආයතන ප්‍රධානීන් ගේ ආකල්ප ; 10න් 8 දෙනක් නෙගටිව් පොරවල්

      Delete
  3. I have worked in rural areas in my days. It is customary in Sl those days (I do not think it has changed since), to speak in English when talking to a senior Govt. official even in a rural area. English can take you to places. it is not only a language, it is a weapon as well as a vehicle to take you to places.

    I tend to agree with Ruwan. It is not generalising, it is called mathematical induction !

    ReplyDelete
  4. බොහෝ රජයේ ආයතන වල ප්‍රධානීන් ලෙස සිටින්නේ කළා උපාධිධාරීන් ය. /////ලෝක මට්ටමෙන් 2000 වන ස්ථානයටත් පල්ලෙහා ඉතියෝපියාව , සෝමාලියාව යන රට වල විශ්ව විද්‍යාල වලටත් වඩා පහත් කිසිම කොලිටියක් නැති ලංකාවේ විශ්ව විද්‍යාල වලින් උපාධි ගත්ත එවුන් ඔහොම තමයි

    ReplyDelete
  5. ඩොක්ටර්,

    https://www.youtube.com/watch?v=As82xDLWDKc

    ඇත්තටම මේ ඩී.ආර්.ඕ මහත්තයා කරලා තියෙන්නේ සේවයක් Dr. Sherri Tenpenny, ඔය ගැන හොද විස්තරයක් කරනවා.
    පෝලියෝ රෝගය විශාල වශයෙන් අඩුවී තියෙන්නේ වැක්සිනය දෙන්න ඉස්සරයි කරුනාකර ඔබ තුමා පෝලියෝ රෝගයේ ඉතිහාසය ගැන කිව්වනම්
    http://www.medicinekillsmillions.com/articles/images/incidence-decline-of-polio-in-USA-Burnet-&-White.jpg
    පේනවා ඇති වැක්සිනය දෙන්න ඉස්සල්ල මේ රෝගය අඩුවී ඇති බව.

    කරුනාකර මෙරෝගයට විතරක් නෙමෙයි අනෙක් රෝග ගැනත් රෝගයේ වර්දනය සහ වැක්සිනය ලබාදෙන විට රෝගින් සංක්‍යාව කියන කාරණා පහසුවෙන් ඔබට සොයන්න පුළුවන්නේ කරුනාකර ඒවා පෙන්නුවානම්.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔබලාගේ වීර ක්‍රියා

      https://www.youtube.com/watch?v=BnpvJ0BDxX8

      Delete
    2. පිස්සන් කලබල වුවද දොස්තර කලබල නොවේ. ඔබේ මේ වැක්සීන ෆෝබියාවට කියන්න තිබෙන්නේද එයමයි. එඩ්ස් යයි ලෙඩක් නැතැයි කියන ඔබ වැනි කිසි කෙනෙකුට පුලුවන්ද එහෙම ලෙඩක් තිබේ යයි සඳහන් වුණ කෙනෙක් සමග රුධිර පාරවිලයනය කරන්න ? හෝ රෝගය බෝ වෙනවා යයි කියන ක්‍රම එකක් නිර්බීතව කර පෙන්වන්න ?

      මේ මොන විහිළුද එහෙම නැතිව ?

      Delete
    3. එඩ්ස් යයි ලෙඩක් නැතැයි කියල තියෙන්නේ කොහෙද ? මේක තනිකරම බෙහෙත් වලින් ඇතිකරන තත්වයක් කියල හේතු සහිතව පෙන්වල දීල තියනවා.
      ලිං මැඩියෝ තවම ලෝකයේ ඉන්නවා මොනරටේ උනත් දියුණු රටවල උනත් https://www.youtube.com/watch?v=yvmMB4PBxp0

      පහත දැක්වෙන්නේ HIV ගැන පරීක්ෂණ පවත්වන්න මුලින් ම බාර දුන්න පුද්ගලයා
      https://www.youtube.com/watch?v=JTxvmKHYajQ

      අන්ධ බක්තියෙන් තොරව හිතන්න පුළුවන් කීප දෙනාටයි
      මේ නිසයි ඇමරිකාවේ මරණ වලින් 1/3 දොස්තර වරුන්ගේ වරදින් සිදුවෙන්නේ.

      මේවා පලවෙලා තියන්නේ කෝපිකඩේ අබිලීන්ගේ පත්තරේ නෙමෙයි
      ලෝක පිළිගත් සගරාවන වන

      http://www.bmj.com/content/353/bmj.i2139

      http://edition.cnn.com/2016/05/03/health/medical-error-a-leading-cause-of-death/

      https://www.washingtonpost.com/news/to-your-health/wp/2016/05/03/researchers-medical-errors-now-third-leading-cause-of-death-in-united-states/?utm_term=.c1315284d4e0

      අද කිසිකලක මෙවැනි පුවත් පලනොකල දේවල් පලවෙනවා මිනිසුන්ට තොරතුරු සොයන්න පුළුවන් ලෝකයක් තියන නිසා හැබැයි ලංකාවේ ඉන්න ලිං මැඩි දොස්තරලත් ලිං මැඩි උගතුන්ටත් මේවා තවම මැජික්!


      Delete
    4. Lankika Sithuwili පහසුවටත් වාසියටත්
      දැන දැන වැරදි කරනවා
      එහෙම කලත් නිදහසටත්
      කියන්න කරුණු තියෙනවා
      නැතිනං හදල කියනවා
      නැතිනං හදල කියනවා

      'හරකෙක් කොහෙද මා ළඟ
      කඹයනෙ අල්ලං ඉන්නේ'

      Lankika Sithuwili ඔයා නම් : D

      Delete
    5. // මේක තනිකරම බෙහෙත් වලින් ඇතිකරන තත්වයක් කියල හේතු සහිතව පෙන්වල දීල තියනවා. //

      ඉතින් ලංකික උන්දෙ ඔය ඒ අධිරාජ්‍යවාදී බේත් නොබී රෝගය බෝ වෙනවා යයි කියන ක්‍රම එකක් නිර්බීතව කර පෙන්වන්න ? පුලුවන්ද ?

      බෑ නේ ? ජරා ගඳයා.

      Delete
    6. AnonymousApril 13, 2017 at 2:05 PM,
      ඔහෙට ටිකක් රිදෙනවා නේද තමුන්ට තියන නුගත් කම ගැන? ඉස්සල්ල ඔය දාල තියන දේ බලනවා ඊටපස්සේ තමුන්ගේ මෝඩකම ප්‍රදර්ෂණය කරනවා

      Delete
    7. Lankika Sithuwili ඔබගේ අදහස තරමකට හරි දැන් වැක්සින් ගැන කතිකා මතු වෙනවා

      Delete
    8. සුභ අලුත් අවුරුද්දක් වේවා ඩොක්ටර් ඔබටත් ඔබේ පවුලේ සැමටත්,

      ස්තුතියි ඔබේ අවංක කමට!

      වැක්සින් ගැන ආකාර 2 ක ප්‍රශ්න කිරීම පවතිනවා
      01. මේ වැක්සින් වලින් වන හානිය ගැන
      02. ඇත්තටම මේ වැක්සින් කොච්චර සාර්ථකද කියන දේ

      ඇත්තටම ඩොක්ටර් මම කියන්නේ නෑ අර මහාචාර්ය නලින් සිල්වා වගේ බටහිර වෙදකම අමු බොරුවක් කියල අද රෝග හදුනාගැනීමට බටගිර වෙදකමේ තියන නවීන උපකරණ පාවිච්චිය හරිම වැදගත්.

      මට ප්‍රශ්නය ඇත්තේ බෙහෙත් ගැන, මිනිසුන්ගේ මතයක් තියනවා බටහිර ඔවුෂධ නිපදවන සමාගම් නිසි ප්‍රමිතියෙන් බෙහෙත් හදනවා කියල, වැරදීමකින් මිසක උවමනාවෙන් ඔවුන් අහිතකර යමක් නොදමන බවත් සමාජයේ විශ්වාසය තියනවා නමුත් හොදට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි දැන් මේ සමාගම් ලෝකයේ රජයන් වල නිතිය පවා මුදල් බලයෙන් වෙනස් කරනල තියනවා කියන දේ.

      හොදම උදාහරණය වැක්සින් වල වරදක් ඇත්නම් අදාළ සමාගමට නඩු පවරලා වන්දි ලබාගන්න බෑ, අදාළ වන්දිය රජය විසින් ගෙවනවා. මම දකින පොදු දෙයක් තියනවා මේ වැක්සින් ගැන.

      මම දන්නා වගේම මගේ නෑයන් වන දොස්තර වරු ඉන්නවා ඔවුන් මේ වක්සින් වලට ක්‍රියාකරන්නේ පහත ආකාරයෙන්.

      අලුත දොස්තර වරයෙක් වූ අය සහ ඉහලටම සමත්වී විශාල දැනුමක් ඇති CDC වැනි ආයතන වල සේවයකරන දොස්තර වරු.

      මම දන්නා මේ දෙයාකර දොස්තර වරුන් ප්‍රසිධියේ වැක්සින් හොද නැතිබව කියන්නේ නෑ ඒ වගේම අනුන්ට මේවා කිසිදු හිරිකිතයෙකින් තොරව ලබාදෙනවා හැබැයි තමන්ගේ පවුලේ අයට වැක්සින් ලබාදෙන්නේ මා කලින් කිව්ව "අලුත දොස්තර වරයෙක් වූ අය" පමණයි මේවා තම පවුලේ අයට දෙන්නේ අනෙක් "ඉහලටම සමත්වී විශාල දැනුමක් ඇති CDC වැනි ආයතන වල සේවයකරන දොස්තර වරු." තම දරුවන්ට මේවා ලබාදෙන්නේ නෑ

      හැබැයි CDC ආයතනයේ සේවය කරන දොස්තර වරු කිව්වේ 1 නෙක් පමණයි මම දන්නේ නමුත් ඉහලට ඉගනගත් අය නම් කීපදෙනෙක් ඉන්නවා.

      ඔබට පේනවා ඇති ඔය උඩ ඉන්න Anonymous ල කොච්චර අන්ද බක්තියෙන් ඉන්න මෝඩයෝ රැලක්ද කියල, මේ මිස්නිසු ලෝකේ වෙන්නේ මොකද්ද කියල හරියට දන්නේ නෑ, මොවුන් පිළිගත් බටහිර වෙදකම ගැන ලියවුන සගරා කියවන්නේ නෑ

      ඔය එක්කෙනෙක් අහල තිබුන මම කැමතිද කියල HIV රෝගියෙක් එක්ක රුදිර පාරවිලයනයක් කර ගන්න කැමතිද කියල , මේ මෝඩ මනුස්සය දන්නේ නෑ එහෙම දේවල් මේ ලෝකේ ප්‍රසිද්ධියේ සිදුවෙලා තියන බව https://www.youtube.com/watch?v=EDa6JE8Izpg&t=2s

      නොබෙල් තයාගලාබි Dr kary Mullis සොයාගත්ත ක්‍රමවලින් තමයි HIV ආසාදනය වී ඇද්දැයි සොයන්නේ නමුත් බලන්න ඔවු වත් පිළිගන්නේ නෑ නමන් සොයාගත් ක්‍රමයකින් මේ රෝගීන් සොයන්න පුළුවන් කියල https://www.youtube.com/watch?v=rgT6UzU4lTU&t=2s
      මේවගේ අවංක මිනිස්සු අපේ සමාජයේ නම් හොයාගන්නත් අමාරුයි.

      Delete
  6. I agree with Dr. Ruwan. When discussing these kind of topics, we have to take one example as a sample. It doesn't mean that it is the sole example you have to reason out this situation. I hope that you have more than thousand examples similar to this kind of attitudes and behaviours. I too in my 25 years in health care, do have numerous experiences like this. I think the there are many factors which laying foundation for this type of behaviurs.
    1. Low quality family background. (It is not the educational qualifications of parents. It is their poor upbringing).
    2. Poor socialization within the neighbourhood, school and in work place.
    3.Lack of guidance and roll modelling through out the life.
    4. Inability to modify the attitudes and behaviour according to the education. (These people do have qualifications which are limited to the certificates).
    5. Not having self conscious.
    6. Jealousy with other people during younger ages.

    ReplyDelete
  7. හැබැයි ඔබ කියන්න හදන කාරනාවේ ඒක අත්තක් තියෙනවා.පරිපාලන නිලධාරින් අඩුවැඩි වශයෙන් සිතා ඉන්නේ ඒ අය කළමනාකරණය ගැන වෘතිය සුදුසුකම් ලද කළමනාකරුවන් කියල. ඒක වැරදියි. බදවා ගැනීමෙන් ( කොටු ගැහීමෙන් හා ඉරි ගැහීමෙන්) සමත්වීම වෘතිය සුදුසුකම් ලැබීමක් නොවෙයි. slidaa ආයතනයෙන් තමා ඒ මොළ හේදීම කරලා තියෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. රජයේ ආයතන 10 කට ගිහින් බලන්න ආයතන ප්‍රධානීන් ගේ ආකල්ප ; 10න් 8 දෙනක් නෙගටිව් පොරවල්

      Delete
    2. ඒක තමයි මම කිව්වේ මේක slida ( පරිපාලන අභ්‍යාස ආයතනය ) විසින් කරන මොළ හේදීමේ ප්‍රතිඵලය කියල. ඒ ගොල්ලන්ට වාසි වෙන විධියට තමයි චක්‍ර ලේඛ ගහන්නේ. උදාහරණයකට විමල් විරවංශ මහතා තුන් මාසෙකට හිරගෙට යැවු සිද්ධිය පරිපාලන නිලධාරීන්ට ආදේශ කලොත් අලුතෙන් හිර ගෙයක් හදන්න වෙන්නෙ නැද්ද /

      Delete
  8. 1975 කාලයේ සිටි සිංහල මාද්‍යයෙන් ඉගැන්වීම් කරපු බොහෝ ගුරුවරුන්ට ඉංග්‍රීසි බාශා දැනුම තිබුණ.ඉතාමත් පිටිසරබද ගමක තිබුණ මගේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරුමන්ඩලේ බොහොම දෙනා දිනපතා ඉංග්‍රීසි පත්තරේ කියෙව්වා.මගේ ලමා කාලයේදී ඉංග්‍රීසි ගුරුවරයා නැති දිනවල අනෙකුත් ගුරුවරුන් පැමින ඉංග්‍රීසි ඉගැන්වීම් කලා

    ReplyDelete
    Replies
    1. ඒ සමාජය විනාස කිරීමේ ප්‍රතිපල

      Delete
  9. DS මොකද දුෂ්කර පලාත් වල MOH/DMOලත් එච්චරයි.

    දැන් නම් තත්වය ටිකාක් යහපත්, සුදේදෙක් එනවා කිවොත් MOH/DMO මඟහැරලා මාරුවෙන්නේ නෑ, ඒත් DS නම් මැනේජ් කරන්න පුළුවන් කෙනෙකුට ඩීල් කරන්න ඇරලා මාරු වෙනවා,ආයේ DS අතදාන්න එන්නැති නිසා උදව්වට ආපු කෙනා හරහා වැඩේ අපි හිතනවාටත් වඩා හොඳට ගොඩදාගත්තෑකි. යන්න ඉස්සෙල්ලා සිංහලෙන් ඇපොයින්ට්මන්ට් එකක් ඉල්ලලා ලියුමක් ගහලා ඒකට ඉංග්‍රීසියෙන් හැන්ඩ් නෝට් එකක් අමුණලා යවන්න ඕන, වැඩේ ෂුවර්,මිනිහ මාරු.

    ReplyDelete
  10. I like to add my 2 cents with regard to SLAS officers in SL. SLAS stands for SL Administrative Service. Their training is for Administration, not Management. There is a BIG difference and in SL pepole think this is one and the same. For example, in a Ministry, the permanent secretary is the Chief Admin offcier as well as the CEO/ CFO. What the hell would they know about Financial management ? This is one of the main causes of many a problem in SL.

    ReplyDelete
  11. හැටිනේ ඉතිං
    ඒ දවස් වල ඩොක් ට තැනේ හැටියට ඇණේ ගහන්න තේරිලා නෑ මං හිතන්නෙ
    නැත්තං වවුලගෙ ගෙදර ගිහිං කකුල් දෙකෙං ඉන්න හදි යැ
    හැක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook