Sunday, April 30, 2017

පොල්පොට් ගේ ආගමනය


“කම්පුචියාව යන රට තිඛෙන්නේ කොතැනකද යන්න මම තවම නොදනිමි”, යන මේ ප්‍රකාශය කරන ලද්දේ සුප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ මෙන්ම ඉතිහාසඥයෙකු වන වින්සන්ට් චර්චිල් විසිනි.
අප්‍රකට කම්පුචියාව පසුකලෙකදී මුළුලෝකයේම ප්‍රසිද්ධියට පත් රටක් විය. ඒ පොල්පොට් හා “මරණයේ ගොවිබිම්” නිසාය. 1975 වර්ෂයේදී බලයට පැමිණි පොල්පොට්ගේ නායකත්වයෙන් යුත් කෙමරූජ්වරු (ණයපැර ඍදමටැ – රතු කම්පුචියානුවන්) කම්පුචියාව පාළනය කළේ මාස 44 වැනි කෙටිකාලයකි. ඒ කාලය ඇතුළත ශතවර්ෂ ගණනාවක් පවතින විනාශයක් ඔව්හු කම්පුචියාව තුළ සිදු කළහ.
අන්තවාදීන් සුළු පිරිසකට රටකට කළ හැකි උපරිම විනාශය පිළිබඳව පෙන්වා දියහැකි හොඳම උදාහරණය කම්පුචියාව මගිනි. ඔව්හු රටේ ආර්ථීකය, සංස්කෘතිය හා අනාගතය විනාශ කළහ. කෙමරූජ්වරු ගිය මගෙහි ඔවුන්ගේ ධ්‍රැවගත මනස් දුටුවේ ද්‍රෝහියන් පමණකි. ඔවුන් ද්‍රෝහියන් ලෙස නම්කොට මුළු ජනගහණයෙන් 1/3 විනාශ කර දමන ලදී. අවසානයේදී කම්පුචියාවේ ඉතිරිවූයේ ඇටසැකිළි හා හිස්කබල් පමණි. කෙමරූජ්වරු රටේ අධ්‍යාත්මය විනාශ කොට දමන ලදී. මේ වනවිට කම්පුචියාවේ ජනගහනයෙන් 43% ක් ජීවත් වනුයේ අන්ත, අසරණ, දුගී ජීවන මට්ටමකිනි. ඔවුන් කම්පුචියාවට කළ විනාශයේ දෝංකාරය තව ශතවර්ෂ ගණනාවකටත් වඩා පවතිනු ඇත.

කම්පුචියාවේ ඉතිහාසය
පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 4200 යුගයේ සිට කම්පුචියාවේ ජනාවාස පැවතින. නියොලිතික යුගයට අයත්වූ මොවුන් සංක්‍රමණය වූයේ දකුණු චීනයෙනි. 9 වන සියවසේ සිට 13 වන සියවස දක්වා පැවති ණයපැර අධිරාජ්‍යය කම්පුචියාවේ ස්වර්ණ යුගයයි. හත්වන ජයවර්මන් රජු සමයේ කම්පුචියාව සුවිසල් දියුණුවක් ලැබීය. එසේම ඔව්හු අසල්වැසි රාජ්‍යයන්ද ආක්‍රමණය කළෝය.
ඇන්කෝර් ශිෂ්ඨාචාරය බිඳ වැටීමත් සමඟම කම්පුචියාවට උදාවූයේ අඳුරු සමයකි. 15 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කම්පුචියාවේ දේශසීමා අසල් වැසි රාජ්‍ය මගින් කොල්ලකනු ලැබීය. බුරුමය හා වියට්නාම් ආක්‍රමණ නිසා කම්පුචියාවේ අවනතියක් ඇතිවිය.
1863 දී නරෝඩොම් රජු ආක්‍රමණ වලින් බේරීමේ උපක්‍රමයක් ලෙස ප්‍රංශය සමඟ ගිවිසුමකට එළඹියේය. මෙම ගිවිසුම උපයෝගි කරගත් ප්‍රංශය කම්පුචියාව සිය යටත් විජිතයක් කරගනු ලැබීය. දෙවන ලෝක මහායුද්ධයෙන් පසුව ප්‍රංශ යටත් විජිත වාදයෙන් මිදෙනු වස් සිහනුක් රජු ජිනීවා සාකච්ඡා හරහා කම්පුචියාව නිදහස් කරගැනීමට මූලික පියවර ගත්තේය.
1953 ඔක්තෝම්බර් මාසයේ සිහනුක් රජු කම්පුචියාව නිදහස් රටක් බවට ඒකපාර්ශිකව ප්‍රකාශ කළේය. 1950 සිට 1960 දක්වා කම්පුචියාවේ පැවතියේ විදේශ මැදහත්වීම් වලින් තොර දශකයකි. එහෙත් කම්පුචියාවේ ඇතැම් ප්‍රාන්තවල උතුරු වියට්නාම් හමුදා මධ්‍යස්ථාන ඇතිකරන ලදී. මෙම මධ්‍යස්ථාන මගින් දකුණු වියට්නාම් හමුදාවලට එරෙහිව ප්‍රහාර දියත් කරන ලදින් 1969 දී දකුණු වියට්නාමයේ එක්සත් ජනපද අරක‍ෂාව සහිතව මාස 14 කාලයක් කම්පුචියාවේ උතුරු වියට්නාම් හමුදා මර්මස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් රැසක්ද මරු දුටුහ.
උතුරු හා දකුණු වියට්නාම් අර්බුදයට මැදිවීමට සිහනුක් රජු අකමැති වුවද භූගෝලීය සාධක මත උතුරු වියට්නාමයට කම්පුචියාවේ දේශසීමා අරක්ෂක භූමියක් විය. එම නිසා ඔවුහු වියට්නාම්, කම්පුචියා දේශසීමා පවා උල්ලංඝනය වන අකාරයෙන් තම හමුදා මෙහෙයුම දියත් කළහ, මේ හේතුවෙන් දකුණු වියට්නාමයේ හා එක්සත් ජනපදයේ ප්‍රහාර වලට කම්පුචියාව ද ලක්විය. එක්සත් ජනපදය දුටුවේ සිහනුක් රජු උතුරු වියට්නාම් රජයට සහය දෙන්නකු ලෙසට ය. එම නිසා ක්ෂමා සංවිධානය සිහනුක් රජු බලයෙන් පහ කිරිම සඳහා පිඹුරුපත් සැකසුහ.
මේ යුගයේ දී සොන් සෙන්, ඉයෙංසාරි පොල්පොට් වැන්නවුන් සිහනුක් රජයට එදිරිව ක්‍රියා කළහ. දෙස් විදෙස් මැදිහත් වීම නිසා සිහනුක් කුමරුගේ බලය පිරිහෙන්නට පටන් ගත්තේය. ජෙනරාල් ඛදබ භදක කම්පුචියාවේ නව රජයක් පිහිටුවිය. අවුල් වියවුල් වලින් ගහන වූ මෙම කාලය නිසා ජෙනරාල් ඛදබ භදක ගේ රජය පැවතියේ 1967 දක්වා පමණි. 1968 හා 1969 වසර වල රජයට එරෙහි ගරිල්ලා ප්‍රහාර දැඩිවිය. 1970 වන විට සිහනුක් රජු වෛද්‍යහේතූන් මත රටහැර ගියේය.
1970 දී ඇමෙරිකානු ක්ෂමා සංවිධානයේ ආධාර ඇතිව ජෙනරාල් ඛදබ භදක කුමන්ත්‍රණයක් දියත් කොට කම්පුචියාවේ බලය අල්ලා ගැනීමට ක්‍රියා කළේය. 1970 ඔක්තෝම්බර් 9 වන දින කම්පුචියාවේ රාජ වංශය අහෝසි කරනු ලැබීය. උතුරු වියට්නාමයේ බලය බිඳිනුවස් අමෙරිකාව කම්පුචියාවේ නව රජයට ආධාර කළේය. මෙම ආධාර සමන්විත වූයේ යුධ අවි හා යුධ තාක්ෂණයෙනි.
දකුණු වියට්නාම් හමුදා හා ඇමෙරිකානු යුධ උපදේශකයන් 1970 වන විට කම්පුචියාවේ රැඳී සිටිමින් උතුරු වියට්නාමයට එදිරිව සටන් කළහ. මෙය ජනාධිපති නික්සන් පවා පසුව පිළිගන්නා ලදී.
මෙම ගැටුම පවතින විට පොල්පොට් තම ගරිල්ලන් මගින් ඛදබ භදක ගේ රජයට එරෙහිව ප්‍රහාර වැලක් දියත් කළේය. 1973 වන විට පොල්පොට්ගේ නායකත්වයෙන් යුතු කැමරුජ් සංවිධානය කම්පුචියානු භූමියෙන් 60% ක් පාළනය කළහ. 1975 අප්‍රේල් 17 දින ඛදබ භදක ගේ රජය බිඳ වැටුන අතර කැමරුජ් සංවිධානය කම්පුචියාවේ බලය තහවුරු කර ගත්තේය. ඉන් පසුව එළඹුනේ තවත් අඳුරු යුගයකි. භීෂණයෙන් වෙළුන එම කාලයේ දී දහස් දහස් ගණන් ජනතාව වධ බන්ධනයන්ට පත් කරනු ලැබීය. බොහෝ දෙනෙකු මරු දුටුහ.

නරොඩම් සිහනුක් රජු
1945 සිට 1970 දක්වා කම්පුචියාවේ බලය තිබුනේ සිහනුක් රජුට ය. පසුගාමි අදහස් නිසා ද, වැඩ වසම් යුගය තවදුරටත් පවත්වා ගැනීමේ අභිලාශයන් නිසා ද, ජනතාව අතර ඔහු ජනප්‍රිය නායකයකු නොවීය. සිහනුක් කම්පුචියාව පාලනය කළ වකවානුව තුළදී ද රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් විවිධාකාර දූෂණ වල යෙදුනහ. ජනතාව ජීවත් වූයේ දරිද්‍රතාවයේ ගිලෙමිනි.
කොමියුනිස්ට්වාදීන් කෙරෙහි සිහනුක් තුළ තිබූ බිය හා වෛරය නිසා ඔහුගේ රජය නිබඳව ම කොමියුනිස්ට්වාදීන් දඩයම් කළේය. මේ නිසා රහසිගත දේශපාලන ව්‍යාපාරවල යෙදුන පොල්පොට් වැන්නවුන් සිහනුක්ගේ පොලිසියට අසුනොවීම සඳහා නාගරික ප්‍රදේශ වලින් ඔබ්බට පලා ගියහ. සිහනුක්ගේ පාලනය නිසා අගතියට පත් වූ ජන කොටස් මුල් කාලයේ දී පොල්පොට් ට සහය පල කළ බව සැබෑය. ග්‍රාමීය ප්‍රදේශ වල සිට ගරිල්ලා යුද්ධයක නියැලූණු පොල්පොට්ට ගැමි ජනතාව සහය දෙන ලදී.

අසාර්ථක සිසුවා පැරිසියේ ඉබාගාතේ යයි
ඒ 1953 වසරයි. රේඩියෝ කාර්මික ශිල්පය ඉගෙන ගැනීමට පැරිසියට පැමිණි සලොත්සාර් (අනාගත පොල්පොට්) නම් තරුණයා සිටියේ ඉච්ඡාභංගත්වයට පත්විය. විභාග අසමත් වීම නිසා ඔහුගේ අනාගතය අඳුරුය. 1949 දී තරුණයෙකු ලෙස කම්පුචියාවේ (එකල කම්පුචියාව ප්‍රංශ ඉන්දුචීනයේ කොටසක් විය) පැරිසියට පැමිණ ඔහු තුළ අනාගත සිහින රැසක් තිබුණි. දැන් ඒ සෑම සිහිනයක් ම දියවී ගොසිනි. අවිනිශ්චිත අනාගයකට මුහුණ දෙනුවස් තව නොබෝ දිනකින් මවුරට බලා යාමට ඔහුට සිදුවේ.
සලොත් සාර් උපත ලැබුවේ 1925 වසරේදී ය. කුඩා කාලයේ බෞද්ධ ආරාමයක ඉගෙනුම ලැබූ ඔහු ද්විතියික අධ්‍යාපන ලැබුවේ රෝමානු කතෝලික පාසලකය. ඉගෙනීමට දක්ෂකම් දැක්වූ ඔහුට ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට හැකි විය. රේඩියෝ කාර්මික ශිල්පයට ඇළුම් කළ සලොත් සාර් ප්‍රංශයට පැමිණියේ රේඩියෝ කාර්මික ශිල්පය ප්‍රගුණ කරනු සඳහා වුවත් ඔහුට මුණ ගැසුණු මිතුරන් ඔහුව දේශපාලනය කරා කැන්දන් ගියහ. රේඩියෝ කාර්මික ශිල්පය වෙනුවට මාක්ස්වාදය හැදෑරූ ඔහු දේශන අතපසු කළේය. එහි ප්‍රතිඵල ලෙස ඔහු විභාගයෙන් අසමත් විය. එම නිසා ඔහුගේ ශිෂ්‍යත්වය අවලංගු කරනු ලැබීය.

පැරිසියේදී ඔහුට හමුවූ කම්පුචියානු ජාතිකයන් අතරින් ඉයෙං සාරි, කියු සම්පෙන්, කියු පොනරි සහ සොන්සෙං මුල් තැනක් ගත්තේ, ඔවුන් මාක්ස්වාදය කෙරෙහි දැක්වූ භක්තිය නිසාවෙනි. සලොත් සාර් ගේ පැරිසියේ නේවාසිකාගාරයට රැස්වන මෙම පිරිස රෑබෝවන තුරු විප්ලවීය සමාජවාදය ගැන සාකච්ඡා කළහ. කුඩා අඳුරු කාමරයේ එක්රැස් වූ මෙම පිරිස අනාගත කෙමරූජ් රජයේ නායකයන් වනු ඇත.
පැරිසියේදී අධ්‍යාපනය ලැබූ කාලයේ ද ඔහු ප්‍රංශ (ඡ-28) කොමියුනිස්ට්වාදීන් සමඟ ද සබඳතා පැවැත්විය. එහෙත් දැන් සියල්ල අවසන් ය. පැරිසිය තව දුරටත් ඔහුට ජීවත් වීමට සුදුසු භූමියක් නොවේ. ශිෂ්‍යත්වය අවලංගු කිරීම නිසා ඔහුගේ අතේ ඇත්තේ සීමිත මුදලකි. යළි උපන් දේශයට යනු මිසක අනු විකල්පයක් ඔහුට ඉතිරිව නැත.
සවස්වරුවේ ඒ මේ අත ඇවිද ගිය සලොත් සාර් කුඩා අවන්හලකට ගොඩවැදී කෝපි කෝප්පයක් පානය කළේය. ඔහුගේ හිස එක අරමුණක නොවීය. මනාව ඇඳ පැළඳගත් ප්‍රංශ ගැහැණු පිරිමි ඔහුගේ අවධානයට ලක් නොවූ අතර, ඔහුගේ මනස රැඳී තිබුනේ අනාගතයේ දී කළ යුතු කාර්යන් කෙරෙහි ය. එහෙත් ඔහුට නිශ්චිත ඉලක්කයක් නොවීය. තව නොබෝ දිනකින් මව් රට බලා යාමට ඔහු අදිටන් කර ගත්තේය.

ඉතිහාසය හා භූගෝල විද්‍යා ගුරුතුමා
1953 වසරේ පැරිසියේ සිට කම්පුච්යාවට පැමිණි සලොත් සාර් නොහොත් පොල්පොට් පුද්ගලික පාසලක ඉතිහාසය හා භූගෝලය ඉගැන්වීය. ඉගැන්වීමට අමතරව සිසුන්ට ග්‍රහණය කර ගැනීමට හැකි අන්දමේ පෞරුෂයක් ඔහුට හිමි විය. ඒ නිසා ඔහු නිතැතින්ම ජනප්‍රිය ගුරුවරයෙකු විය. 1953 වසරේ දී යටත් විජිත වාදයට හසු වී තිබුණ කම්පුචියාව නිදහස ලැබීය. රට පාලනය කරන ලද්දේ නරදම් සිහනුක් කුමරු විසිනි. රහසිගත දේශපාලනයට අවතීර්ණ වූ පොල්පොට් කාම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය බිහි කළේය. තවමත් කළල තත්වයේ පැවති කොමියුනිස්ට් පක්ෂය පාලකයන්ගේ අවධානයට යොමු වූ හෙයින් පොලිස් ඇසින් බේරෙනු වස් ඔහු ඇතුළු ඔහුගේ සහයකයන් කාම්පුචියාවේ ග්‍රාමීය පෙදෙස් කරා පලා ගියහ.
මෙම කාලයේදී ඔහු මාඕසේතුං හා ස්ටැන්ලි වාදය කෙරෙහි වඩාත් කිට්ටුවිය. එහෙත් ඔහු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූයේ මාක්ස් හෝ ලෙනින් අනුගමනය කළ ක්‍රියා පටිපාටියට හාත්පසින්ම වෙනස් තමන්ට ආවේනික වූ ක්‍රමවේදයකි. එහි ප්‍රතිඵල ලෙස රටේ ජනතාවගෙන් 25% ක් මරු දකිනු ඇත.


නාගරික ජීවිතය පිරිහීමේ දොරටුවයි. 
පොල්පොට් විශ්වාස කළ පරිදි නාගරික ජීවිතය ප්‍රතිගාමීත්වයෙන් පිරුණු එකකි. මුදල් සංසරණය, භාණ්ඩ මිළඳී ගැනීම, සංස්කෘතිය යන මේ සියල්ලම ප්‍රතිගාමිත්වයේ ලක‍ෂණ ලෙස ඔහු සැලකීය. ජනතාවට විමුක්තිය දෙනුවස් ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලට ගාල්කළ යුතුය යන සංකල්පය ඔහුට ඇති වූයේ මේ කාලයේ දීය. එය ජෝශප් ස්ටාලින් කලාක් මෙන් අවි බලයෙන් ජනයා සමූහ ගොවිපළවල් වලට පළවා හැරිය යුතුය. නැතහොත් කුබානයේ මෙන් කෘතිම සාගත ඇතිකළ යුතුය. කම්කරුවන් සටන්කාමි පන්තියක් ලෙස නුදුටු පොල්පොට්ගේ පූර්ණ අවධානය යොමුවූයේ ග්‍රාමීය ගොවීන් කෙරෙහිය. උගතුන් කෙරෙහි වෛරය, නාගරික ජිවන පිළිවෙත කෙරෙහි සතුරු ආකල්ප හා ජාතිවාදය ඔහුගේ මූලික ධර්මතා විය.


පැරිසියේ ශිෂ්‍ය කවය යළි සක්‍රීය වෙයි
පොල්පොට්ගේ පැරිසියේ මිතුරන් බොහෝ දෙනෙක් 1960 වන විට කම්පුචියාවට පැමිණ සිටියහ. පැරිසියේ ශිෂ්‍ය කවය ලෙස හැඳින්වුනු මෙම කණ්ඩායම අනාගත කම්පුචියාවේ විප්ලවය සඳහා කුමන මගක් ගත යුතුද, යන්න සාකච්ඡා කළහ. ඔවුන් ‘උඡණ’ හෙවත් උදරනැරි කමිටුවේ බලය තහවුරු කරගෙන සිටියහ. මෙම කමිටුවේ තෙවන ප්‍රධාන ස්ථානය හිමිවූයේ පොල්පොට්ටය. පොල්පොට් චීනය හා වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමගද සම්බන්දතා පැවැත්විය. නිරන්තරයෙන්ම කමිටුවේ උච්ච ස්ථානයකට යාමට වෙරදැරූ ඔහු 1963 වන විට උඡණ කමිටුවේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වීමට සමත් විය. මුඛරි බව හා සංවිධාන ශක්තිය මගින් කමිටුව තුළ තම බලය වර්ධනය කර ගැනීමට පොල්පොට්ට හැකි වූ බව පෙනී යයි.
වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමඟ පොල්පොට් සබඳතා පැවැත්වුවද, ඔවුන් පොල්පොට්ගේ ජාතිවාදී, ආකල්ප කෙරෙහි දැක්වූයේ විවේචනාත්මක බවකි. නරොදම් සිහනුක් කුමරුගේ පොලිස් මෙහෙයුම් නිසා යටිබිම්ගතව දේශපාලනයේ නියැළුණු පොල්පොට් හට වියට්නාම් සහයෝගය අවශ්‍ය විය. එහෙත් වියට්නාමයේ ඇමරිකානු මැදිහත්වීම් නිසා වියට්නාම කොමියුනිස්ට්වරුන්ට පොල්පොට්ගේ අභිලාෂයන්ට සහයෝගය දැක්වීම ප්‍රමාද වූයෙන් ඔහු මාඕසේතුංගේ සහය පැතීය.
1966 වසරේ පොල්පොට් ප්‍රථම වතාවට චීනයට ගොස් මාඕසේතුං හමුවිය. මේ සමය වන විට චිනයේ සංස්කෘතික විප්ලවය ආරම්භ වී තිබුණි. සංස්කෘතික විප්ලවය සියැසින් දුටු පොල්පොට් උද්ධාමයට පත්විය. කම්පුචියාවේද මෙවැනි ආකාරයේ සංස්කෘතික විප්ලවයක් කළයුතු බවට ඔහු ඉටාගත්තේය. චීනයේ ගතකළ කාලයේදී මාඕගේ ධර්මයට වශීවූ පොල්පොට් යළි කම්පුචියාවට පැමිණෙන විට ඔහුගේ වියට්නාම් සබඳතා ඉරිතලා තිබුණි. තවදුරටත් වියටිනාම් කොමියුනිස්ට් වරුන්ගෙන් සහයෝගය ලබා ගැනීමට වඩා චීනය දෙසට හැරීම සුදුසු බව ඔහු වටහා ගත්තේය.

කෙමරූජ් සංවිධානය බිහිවෙයි.
උඡණ හෙවත් උදරනැරි නියෝජනය කළේ කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය විය. එහෙත් මෙම පක‍ෂය පිරිසිදු කිරීමට ඉටාගත් පොල්පොට් 1966 දී කෙමරූජ් සංවිධානය බිහි කළේය. කෙමරූජ් යව වචනයේ අරුත රතු කාම්පුචියානුවන් යන්නය. මෙම සංවිධානයේ අසහාය නායකයා වූයේ පොල්පොට්ය. ඔහු කෙමරූජ් සංවිධානය Aබටනදර (සංවිධානය) ලෙස හැඳින්විය.

කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිවීම
1976 දී පොල්පොට් ඉයෙං සාරි, නුඔන්චියා හා සොන්සෙන් යන කෙමරූජ් නායකයන්ගේ මූලිකත්වයෙන් කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිකරනු ලැබීය. සාමාජිකයන් 250 කින් සමන්විත වූ මෙම දේශපාලන බල බණ්ඩලයේ සුක්කානම හිමිවූයේ පොල්පොට්ට ය.
නව රජය කම්පුචියා සමාජය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළේය. පැරණි සමාජයේ සියල්ලම හෙලා දුටු ඔවුන් බුදු දහම හා කතොලික දහම යටපත් කිරීමට ක්‍රියා කළහ. බැංකු හා මුදල් ගනුදෙනු අවලංගු කරනු ලැබිණ. කාර්මිකරණයට අකුල් හෙලු ඔවුන්ගේ මුළු අවධානය යොමුවූයේ සාමූහික ගොවිපලවල් ක්‍රමයටයි.
විදේශ භාෂා කතා කිරීම, උපැස් පැළඳීම, ආහාර ගබඩාකරගැනීම, මිය ගිය ඥාතීන් සිහිපත් කිරීම, අතීතය ගැන කල්පනා කිරීම සහ මුලින්ම තහනම්වූ අතර, මේ නීති කඩකිරීම් නිසා බොහෝ දෙනෙකු කෲර මරණයන්ට ගොදුරු වූහ.
හිටපු ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන් උගතුන්, පුවත්පත් කලාව්දීන්, තෝර තෝරා පවුල් පිටින් සමූලඝාතනය කෙරෙණි. එම නිසා ජනතාව තම ඇත්ත ජීවිත සැඟවූහ. යම් හෙයකින් ඔවුන්ව හඳුනාගනු ලැබුවේ නම් හෝ යමෙකු විසින් පාවාදෙනු ලැබුවේ නම් අත්වූ ඉරණම භයංකාර විය. ජනතා සතුරන් ලෙස නම් කරනු ලැබූ ඔවුන් වෙඩි තැබීමෙන්, පොලූපහර දීමෙන් හෝ පිහිවලින් ඇනීමෙන් හෝ මරා දමනු ලැබීය.
උගතුන් රටේ ඉතිරි කරනු ලැබුව හොත් ඔවුන් කෙමරූජ්වරුන්ට එදිරිව විප්ලවයක් කරුනු ඇතැයි පොල්පොට් බියවිය. එම නිසා නායකත්වය හා සංවිධානගත වීම වලකා දමනු පිණිස ඔහු කෙමරූජ් සංවිධානයට තර්ජනයක් වියහැකි යැයි සිතූ සෑම පුද්ගලයෙකුම මරාදැමීම සඳහා නියෝග දුන්නේය.
සංවිධානයේ නායකයන්ගේ අණ පිළිගත් කෙමරූජ් කණිෂ්ඨ නායකයන් තම රාජකාරිය අකුරටම ඉටුකළහ. ජනතා විරෝධීන් හඳුනාගෙන ඔවුන් මරාදැමීමට ප්‍රමාද වූ සමහර කෙමරූජ් ප්‍රාදේශීය නායකයන් සිරබාරයට ගන්නා ලදී. එසේම සමහරුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.
1975 දී කාම්බෝජයේ ජනගහනය මිලියන 7.3 දක්වා පහළ බැස්සේය. 1975, 1979 කාලය අතරතුර මිලියන 3 ක කම්පුචියානු ජනතාව කෙලින්ම හෝ වක්‍රාකාර ලෙස ඝාතනයට ලක්වූ බව වාර්තාවේ. 600,000 කට වඩා අධික පිරිසක් අවතැන් වූහ.
නිදහස අහිමිකරන ලද කම්පුචියානු ජනතාව ජීවත්වූයේ මරණභයෙනි. පුවත්පත්, ගුවන්විදුලිය, වැනි මාධ්‍ය වාර්තාකරණයක් නොවීය. කෙමරූජ් රජය බාහිර ලෝකය සමඟ තිබූ ගනුදෙනු නතර කළහ. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද කම්පුචියාවේ දොර වසා තිබුණි.
ජනජීවිතයේ සෑම අංශයක්ම පාලනය කරනු ලැබුවේ රජය විසිනි. නුඹලා ජීවත්කරවීම අපට පලක් නැත. නුඹලාගේ මරණය අපට පාඩුවක් නොවේ, යන්න නව රජයේ දර්ශනය විය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

29 comments:

  1. හොද විස්තරයක්. ස්තුතියි. අද වන විට කාම්බෝජය දියුණු තත්වයක තිබෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. තාමත් නොදියුනුයි

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පොල්පොට් නොහොත් කම්පුචියාවේ විජේවීර

    ඉතාම වටිනා ලිපියක් ඩොක්ටර්, මම පොල්පොට් ගැන කිව්වහම මම කාලයක් සිට ජනතා විමුක්ති පෙරමුණේ කතාවල කිසිම තැනක කම්පුචියාව හෝ පොල්පොට් ගැන වචනයක් නොකීමට ඔවුන් පරිසම් වෙනවා.

    විජේවීර බලයට ආවනම් වෙන්නේ ලෝකය ඔහුව කොන් කරන එකෙයි , ඊට පසු ඔහුටත් සිදුවෙන්නේ පොල්පොට් ගීයපාරේ ජනතාව ගෙනයන්නයි, ඔබ අනුර කුමාර දිසානායක ගැන කියනවා ප්‍රසාදයෙන්, වරක් උපුල් ශාන්ත සන්නස්ගල සත්යාගාරය වැඩසටහනේ දී ඔහුගෙන් අහනවා කුමාර් ගුණරත්නම් ගේ මව පිළිබද ඔහු කුමාර් ගුණරත්නම් ගැන නොකිය ඔහුගේ වැඩිමහල් සොහොයුරා ආශ්‍රයෙන් විස්තර කරනකොට සන්නස්ගල අහනවා කුමාර් ගුණරත්නම් ගැන එවිට ඔහු පක්ෂයේ අබ්යන්තර තොරතුරු හෙළිකරන්න බැරි බව කියමින් ලිස්සා යනවා.

    මට තියන ප්‍රශ්නය රටේ ජනතාවට සගවන්න තොරටුහ්රු තියන පක්ෂයක් විහ්ස්වාසය කරන්නේ කොහොමද කියන දෙයයි.

    විජෙවිර සහ පොල්පොට් ගේ චරිත ගත්තම වඩි වශයෙන් ඇත්තේ සමානකම් මිස වෙනස්කම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. පොල්පොට් නොහොත් කම්පුචියාවේ විජේවීර //////////////wow
      රටේ ජනතාවට සගවන්න තොරටුහ්රු තියන පක්ෂයක් විහ්ස්වාසය කරන්නේ කොහොමද ?////////////athha

      Delete
  4. අපූරු විස්තරයක් රුවන්. බොහොම ආශාවෙන් කියෙව්වේ. පොල්පොට් වැ‍ටුන හැටිත් තිබුනනම් වැඩේ අංග සම්පූර්ණයි..

    ReplyDelete
    Replies
    1. ඉදිරි කාලයේදී

      Delete
    2. ඇයි 71 අප්‍රේල් කැරලි යි 88/89 කැරලි විකුණගෙන කාලා ඉවරද රුවන්

      Delete
  5. දොස්තර මහත්තයෝ, හොඳ විස්තරයක්. හැබැයි වැරදි ගොඩයි. ජනරාල් ලොන් නොල්, ජෙනරාල් ඛදබ භදක උනේ කොහොමද?

    ReplyDelete
  6. පොල්පොට් කියන්නෙ ගොඩක් මහන්සි වෙලා සමාජ වියාපාරයක් හදපු කෙනෙක් ජයග්‍රහණය ලබන්නට පෙර කැපකිරීම් කරපු සටන්කරුවෙක්.දිනුවට පස්සෙ මේ මිනිස්සු ඉතිහාසයේ බිහිඋනු දරුනුම ඝාතකයන් වෙනවා.රුසියාවේ ස්ටාලින් වසර 32 කාලය තුල කෝටි දෙකකට අදික ජන්තාවක් සමාජවාදයේ නාමයෙන් මරා දැම්මා.ඝාතනය කිරීමෙන් සහ කුසගින්නෙන් (ප්‍රතිසංස්කරණ තුල ) තැබීම නිසා චීනය තුල මාඕ නිසා මියගිය ප්‍රමානය කෝටි හතරකට අදිකයි .හුග දෙනෙක් මේ සඳහා දොස් කියන්නෙ ස්ටාලින්ටයි.ඒත් අඩු වැඩි වසයෙන් මේ වැඩවලින් ලෙනින්ටත් මිදෙන්න බැහ.වැඩිම කුහක කම් ඊර්ෂ්‍යාවන් වලින් පෙලෙන මිනිසුන් ඉන්නෙත් ලංකාවේ වමේ වියාපාරය තුලයි.මෙහෙම වෙන්නෙ ඇයි කියලා අඩුම තරමෙ වම තුල වත් සන්වාදයක් නැහ.පුද්ගල යෙක් ලෙස අජිත් පැරකුම් පම නක් උත්සාහයක් ගන්නව පේනවා.මේ වෙනකොට වැදගත් කමක් ඇති වමේ වියාපාරයක් විදියට අගේ කරන්න පුලුවන් සැපටිස්ටා ජාතික වියාපාරය පමනයි මුලු ලොවෙන්ම

    ReplyDelete
  7. මේ ලිපිය වනාහි තක්කඩි ලිපියකි.

    පොතක් පතක් නොකියවන මෝඩයන් බයකරන්නට ඉදහිට පොතක් කියවන තක්කඩියකු විසින් ලියු විසින් ලියූ ඵකෙකි.
    ඵම තක්කඩි අයිතියට අප ගරු කලයුතු අතර ඵය බොරු බව කීමේ අයිතිය අපට තිබේ.............

    කෙමරෘජ් යනු කිසිලෙසකින් වත් කොමියුනිස්ට්වාදි හෝ සමාජවාදි මූලදර්ම අනුගමනය කල සන්වේදානයක් නොවේ...........

    කෙමර් රුච් හෙවත් රතු කම්පුචියානුවන් ලෙසින් හදුන්වාගත් අය සමාජවාදින් නම් 'ජාතික සමාජවාදි කම්කරු පක්ශයේ, හිට්ලර් ලා ද සමාජවාදින් විය යුතුය,

    ශ්‍රිලන්කා ප්‍රජතාන්තාන්ත්‍රික සමාජවාදි ජනරයය සමාජවාදය සහ ප්‍රජාතාන්ත්‍රවදය ඇති ඵකක් වියයුතුය.


    අවිශ්වාසදායක මූලාශ්‍රයක් වන විකිපිඩියාවෙන් ගත් බොරු පදනම් කරගනිමින් කම්කරු දිනයේදි මෙවන් බොරු ලියන්නේ ලෝකයට ජයග්‍රහන ලබාදුන් සමාජවාදි ව්‍යාපාරය කෙරෙහි ඇති ද්වේශය නිසා බව හන්ගන්නට බැරිය..................

    ඵතුමාගේ බොරු ලිවීමේ අයිතියට අප ගරු කරන අතර , හිට්ලර් ද සමාජවාදි යන නමට මුවාවී බොරුකල පැසිස්ට්වාදියකු බව ඵතුමාට මතක් කර දිමට කැමැත්තෙමි..................

    හිට්ලර්ද සමාජවාදී සෝවියට් හමුදා විසින් පරාජය කල අතර, මේ පැසිස්ට්වාදි පොල්පොට් මිනීමරුවව පරාජය කලේද වියට්නාම් රතු හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් සටන්කල බව බව මෙතුමා සගවන්නේ නිර්ලජ්ජිතවය...................

    අප දන්න පල්පොට් 'ජාතික සමාජවාදි' නමට මුවා වූ හිට්ලර් මෙන්ම පැසිස්ට්වාදි CIA ඵ්ජන්තයකු මිස සමාජවාදියකු නොවන බවත්,
    පොල්පොට් බීශනයෙන් කාම්බෝජය මුදාගත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ කපටි ආරක්ශකයා වන ඇමරිකන් හමුදාව නොවන බවත්, වියට්නාම් රතු හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් බවත් මතක්කරදිමට කැමත්තෙමි...................

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මෙයා දොස්තරගේ පල් බොරු
      පහල තියන වැඩසටහන් අධිරාජ්‍යවාදී බොරුකාරයෝ හදපු ඒවා
      https://www.youtube.com/watch?v=hi2WRNUhPC8

      https://www.youtube.com/watch?v=CGRccj-sN4k

      ඔය ඇට සැකිලි ඇත්ත ඒවා නෙමෙයි ප්ලාස්ටික් වලින් හදල තියෙන්නේ ධනපති රජයන් විසින් සමාජවාදී ස්වර්ග රාජයට අපහාස කරන්න

      Delete
    2. දොස්තර මැතිතුමාගේ කතාවේ වැරදි පෙන්නනකොට දොස්තර උන්නාන්සෙගෙ සට්ටැබියට රිදිලා තියෙන්නේ....................මොනවා උනත් පිලිතුරට ස්තුතියි..................

      දනපතියො 1991න් පස්සේ හදපු ඵක දවසට මිනිස්සු 20 000ක් බඩගින්නේ මැරෙන දනවාදි සුවර්ග රාජ්ජෙ ගැනත් ඔන නම් කතාකරපු...................කුනු කදු වලට යට වෙලා ඵහෙමත් මැරෙන්නෙ දනවාදී සුවර්ග රාජ්ජෙ........................අපි ඔනනම් ඵ් ගනත් කතා කරමු


      ඔච්චර වටේ යන්න ඔන නෑ..............ප්‍රශ්නය සරලයි................

      පොල්පොට් කොහොමද මාක්ස්වාදියෙක් උනේ.................????

      'කෙමර් රුච්' යන්නේ අර්තය 'රතු කම්පුචියානුවන්' වූ පමනින් පොල්පොට්ලා සමාජවාදි වෙනවනම්, 'ජාතික සමාජව්දී කම්කරු පක්ශයෙන්' පැමිනි 'හිට්ලර්' 'සමාජවාදි' හෝ 'කම්කරු' නායකයෙක් වෙනවද???

      'හිට්ලර්ගේ ජාතික සාමාජවාදි කම්කරු පක්ශය' 'සමාජවාදි' පක්ශයක් ද???

      මොන අදබාල තර්කද අප්පා මෙව්වා...............!!!!!!!!!!!


      ලෝකයේ හැම ෆැසිස්ට්වාදියාම බලයට පැමිනියේ සමාජවාදි දර්ශනයට මුවා වි ය..............

      ඊට හේතුව ඵම ව්‍යාපාරයේ අති ආකර්ශනිය බාවය තම වාසියට යොදාගැනිම...............

      ඵ් වගේම තමන්ට ඵල්ල වන විරෝදය සමාජවාදි ව්‍යාපරය කෙරෙයි බැරකොට අතපිසදාගැනීමට හැකි වීම.......ඵ් තුලින් ජනතාව සමාජවාදි ව්‍යාපාරයෙන් දුරස් කොට ඔවුන්ව සැමදා දනවාදී වහල් බවේ තබාගැනිමට හැකිවීම ය............

      නමුත් ඇත්ත කතාව මෙම සමාජවාදි රුවට මුවාඋන ෆැසිස්ට්වාදි සැමදා මුලින්ම දඩයම් කලේ මාක්ස්වාදින්වය.....

      ඵ්වා කවුරුත් කියන්නේ නෑත.ලෝක දක්ශිනාන්ශික අදිරාජ්යවාදින් සැමදා ෆැසිස්ට්වාදින් ඔවුන්ගේ අතකොලු ලෙස පාවිච්චි කල අතර ඔවුන්ට විරුද්දව මුලින්ම කතා කලේද, සටන් වැදුනේද, මුලින්ම මියගියේද මාක්ස්වාදින් මිස උදර පෝශක අදිරාජ්යවාදි බඩ ගෙඩියන් නොවේ. මොවුන් අද ඵ්වා සගවති.අදටත් යුක්‍රේනයේද, සිරියාවේ තෆරික්, අයි ඵස් නමින් සිදුවන්නේද මෙයමය.............හිට්ලර් ද මුලින්ම මැරුවේ ජර්මානු කොමියුනිස්ට් පාක්ශිකයන්වය................

      ඵසේම මෙම සමාජවාදයට මුවාවුනු ෆසිස්ට්වාදින් සියලු දෙනාගේ අවසානය සිදු වූයේ ද මාක්ස්වාදින් අතිනි.............

      හිට්ලර්ව පරාජය කලේ සොවියට් රතු හමුදාව වන අතර , පොල්පොට්ව පරාජය කලේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පන දෙන්නට යන ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය හමුදාව නොවේ...................

      පොල්පොට් මිනිමරන තුරු ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් ලෙස රගන ඇමරිකාව හෝ බ්‍රිතාන‍ය මීක් කීවේ නෑත..................

      ඵ් අනුව පොල්පොට්ලා හිට්ලර්ලා මෙන්ම කාගේ ඵජන්තයන්දැයි කාටත් පැහැදිලි වේ..................

      උතුරු වියට්නාමයට , කොරියාවට ,ඉරාකයට සිරියාවට හෙලන්නට බෝම්බ තිබුනද පොල්පොට් ට දමන්නට ඵක බෝම්බයක් හෝ අමරිකන් කවු බෝයි සතුව තිබුනේ නෑත...................

      ඵ් අනුව පොල්පොට් කාගේ කවුදැයි සැගවිය නොහැකි අතර, අවසානයේ හිට්ලර් නම් ඵ්ජන්තයා මෙන්ම පොල්පොට් නම් CIAකාරයාගේ පරාජය ද වූයේ ඇමරිකාවට ද කනට ගහලා පන්නූ වියට්නාම් රතු හමුදාව විසින් ජීවිත පරිත්‍යාගයෙන් සටන්කිරීමෙන් බව මතක් කිරිමට කැමැත්තෙමි.........................

      Delete
    3. කෙහෙල්කැන වැට පැනලා

      Delete
    4. Machan
      ruwan

      Ara qyala thiyena ewa aththada ?

      Delete
    5. සමාජවාදීන් යනු මහන්සියෙන් හම්බුකරගෙන කෑමට අකමැති කුසීත කුහක මෝඩ කම්මැලියන් කොටසකි. මොවුන් සමාජවාදය ගැන කිවුවද ධනවාදී රටකට යන්නට පුළුවන් හැම පක්කිලි කමක්ම කරන කිරිපුස්සන් කොටසකි. සෝමවංශ මුත්තා ද ගුණරත්නම් ද පමණක් නොව හොරකම් කරගත් ධනය සමග පැනයන්නට හැකිනම් වීරවංශ ගැත්තාද යන්නේ ධනවාදී ප්‍රංශයට ඔස්ට්‍රේලියාවට හෝ ඇමරිකාවට මිසක් සමාජවාදී උතුරු කොරියාවටහෝ කියුබාවට නොවේ.ඔය කොමෙන්ට් කොටන කිරිපුස්සාද එසේමය.

      Delete

  8. කාම්බෝජයේ සමජවාදි පාලනය අරබුනේ පොල්පොට්ව පරාජය කිරිමෙන් පසුවයි..................

    පොල් පොට් යනු වියට්නාම් රතු හමුදාව විසින් පරාජය කල දැමූ CIA මිනීමරු ඵ්ජන්තයෙකෙකි..................

    මේ තියෙන්නේ පොල්පොට්ව පරාජය කිරිමෙන් පසුව පිහිටවු සමාජවාදි පාලන තන්ත්‍රය...............

    https://en.wikipedia.org/wiki/People%27s_Republic_of_Kampuchea

    මේවා ගොඩක් මිනිස්සු දන්නෙ නෑ..................ඵකයි මේ රිජර්ස් ඩයිජස්ට් කාරයො ටොන් ගනන් බොරු මිනිස්සුන්ගෙ ඔලු වල පැල කරන්නේ.................අන්තිමට වෙන්නේ ඔය බොරු කියවනෞන්ව මෙව ක්‍රමයේම වහල්ලු කරගන්න ඵක................

    ඔවා මේරටේ බුද්දිමත් මහජනතාවට තේරෙනවානම් ඉතින් නේද.....................


    ලාන්කිය සිතුවිලි තුමාට නම් උනේ අලියට උදව්කරන්න ගිය වදුරාට උන ඵක...................

    පවු අප්පා ලාන්කිය සිතුවිලි තුමා දන්න කාම්බෝජියානු සමාජවාදය...................

    ReplyDelete
    Replies
    1. //ලෝකයේ හැම ෆැසිස්ට්වාදියාම බලයට පැමිනියේ සමාජවාදි දර්ශනයට මුවා වි ය..............

      ඊට හේතුව ඵම ව්‍යාපාරයේ අති ආකර්ශනිය බාවය තම වාසියට යොදාගැනිම...............//

      හිහ් හිහී!

      එතකොට ෆැසිස්ට්වාදියා ධනවාදයට මුවාවෙලා බලයට ඇවිල්ල නෑ නේද ? ඒ ඇයි.
      ධනවාදය ඇති මුලිකම සාධනීය ලක්ෂණයක් තමයි ජනතාවගේ බලය නමැති ප්‍රජාතන්ත්‍රවාදය මෙය නිසා පුද්ගලික දේපල අයිතිය පවතිනවා සහ පුද්ගලික නිදහස සිමා කරන්න බෑ. යම් විදියකින් එය කිරීමට ගියොත් එය කරන්න පුළුවන් එක්තරා සීමාවකට පමණයි උදාහරණ සිංගප්පුරුවේ පුද්ගලික නිදහස සිමා උනත් රජයේ සියලු ආයතන තුල විනිවිදබාවය තිබුන මෙනිසා ජනතාවට ධනවාදයේ තියන ප්‍රතිලාබ ලැබුන, එමනිසා ජනතාව ගේ නිදහස සිමා උනත් පැවතුන රජයට ආදාර දුන්න.

      ශ්‍රී ලංකාවේ මහින්ද කලෙත් පුද්ගලික නිදහස සිමා උනත් ජනතාවට පීඩනය දිගටම යෙදෙව්වා මෙනිසා වසර 30ක යුද්දයක් ඉවර කලත් බලය රදවාගන්න බැරිඋනා.

      වාමාංශික පක්ෂ වල ඇති මුලික ලක්ෂණය තමයි ආරම්බයේ සිටම පුද්ගලික නිදහස සිමා කරනවා සහ විරුද්දවාදීන් දඩයම් කරනවා මෙනිසා මුල ඉදලම මිනිස්සු පුරුදු වෙනවා මේ පීඩනය ඉවසන්න නමුත් ධනවාදයේ එහෙම නෙමෙයි මිනිස්සු සුදානම් නෑ පුද්ගලික නිදහස සිමා කිරීමට.

      විජේවීර බලය ලබාගන්න උත්සහ කල අවස්ථා 2ම ඔහු දැනසිටිය ජනතාව සහයෝගය දක්වන්නේ නැති බව ඔහු බලයට ආවනම් ඔහු ජනතා මර්දනයෙන් තමයි බලය තියාගන්න වෙන්නේ.

      අද සාර්ථක එකම සමාජවාදී පුද්ගලික දේපල අයිතිය නැති එකම සාර්ථක රටක් තියනවනම් කියන්න බලන්න

      Delete
    2. බැරිවෙලාවත් විජේවීර බලයට ඇව්ල්ල පොල්පොට් කලදේ කලානම් මේ ඇනෝ කියයි විජේවීර කොහොමද සමාජවාදියෙක් උනේ කියල

      Delete
  9. වියට්නාමය කම්පුචියාවට පහර දුන්නේ සමාජවාදය ගොඩනගන්නට නොවෙයි.කාම්බෝජය, ලාඕසය යන ඉන්දුචීන කලාපයට අයත් රටවල් දෙකේම විසාල වියට්නාම් ජනගහනයක් ඉන්නව.මෙම වියට්නාම් ජනතාව උදව් කලේ නිතරම සෝවියට් හිතවාදී වියට්නාම් ආන්ඩුවට.කම්පුචියාව සම්පුර්ණයෙනම මාඕවාදී චීනය මතයි යැපුනෙ ඒ වන විට රුසියාවත් චීනත් නයි මුගටි වයිරයෙන් හිටපු රටවල් දෙකක්.පොල්පොට් විසින් මේ හේතුව මත කම්පුචියාව තුල සිටි වියට්නාම් ජනතාව මත විසාල මර්දනයක් දියත් කලා.ඊට පසු තමයි ලක්ස දෙකකට ආසන්න වියට්නාම් හමුදා කම්පුචියාව ආක්‍රමණය කර හෙම් සැමරින්ගේ නායකත්වය ඇතුව වියට්නාම් රුසියානු හිතවාදී ආන්ඩුවක් ගොඩනැගුවා.1993 දී කෙමර්‍රෑජ් එකේ සිටි සෙබලක් මට තායිලන්තයේදී මුනගැසුනා ඔහු මාඕවාදී සමාජවාදීයෙක්.අනාතයෙක් ලෙස පලාවිත් රියදුරෙක් ලෙස එහි රැකියාව කලා.

    ReplyDelete
  10. මම මීට වසර 5 ට පෙර කාම්බෝජයේ සංචාරය කලෙමි. සතියකට අධික කාලයක් එහි සිටියෙමි. පොල්පොට්ගේ හමුදාවෙන් බැට කෑ මිනිසුන් හමුවුනෙමි. අතිශය දිළිඳු රටකි.
    "ලියු" මගේ සමීප මිත්‍රයෙක් වූයේ ඔහුගේ දෙමවුපියන්ට කෙම්රුජ්වරු හිමි කළ ඉරණම පිළිබඳව සංවේදීව ඇහුන්කන් දුන් නිසාවෙනි. ඔහුගේ දෙමවුපියෝ ගුරුවරු වුහ. පොල්පොට් හමුදාව විසින් කෘර ලෙස වධ හිංසා දෙමින් කෙම්රුජ් කඳවුරට ගෙන ගොස් ඇති අතර ඔවුහු නැවත නොආවෝය.

    මෙම වධක කඳවුරු දැන් එම රටේ කෞතුකාගාර ලෙස පරිවර්තනය කොට ඇති අතර මම ඒ සියල්ලටම ගියෙමි. ඒ අතර KILLING FIELD සුවිශේෂය. පැරණි සුසාන භූමියක් වධක කඳවුරක් ලෙස යොදා ගෙන තිබේ. කිරි දරුවන් මරා තිබෙන්නේ "මාර" ගසක් වැනි විශාල ගසක ගසා බව ප්‍රත්‍යක්ෂය. පුංචි එවුගේ ඇටකටු තවමත් විසිරිලා ඇත. KILLING FIELD හි සෑම බිම් අඟලකම ඇටකටුය. ඒවා ඉවත් කර නිමකළ නොහැක.

    මිනී ඔලු කඳු ගසා ඇත. ඒවා ප්ලාස්ටික් නොව සැබෑ මනුෂ්‍ය ශරීර කොටස්ය.

    සැබෑ මාක්ස්වාදීන්ට පොල්පොට් මෙන්ම ස්ටාලින්ද සමාජවාදීන් නොවේ. ඔවුන් තමන්ගේ අර්ථකතන අනුව තමන් සමාජවාදීන් ලෙස හදුන්වා ගනී. ට්‍රොට්ස්කි වාදීන් ට සෝවියට් දේශය කිසි දිනක සමාජවාදී රාජ්‍යක් නොවීය. එය විකෘති රාජ්‍යක් විය.

    විජේවීර මෙන්ම ජ.වී.පෙ. උදවිය ද රැවුල වවා රතු ඇන්දාට මාක්ස්වාදීන් හෝ සමාජවාදීන් නොවන්නේත් එම න්‍යාය මතයි. එමෙන්ම වාමාශිකයන් වන්නේද නැත.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook