Monday, April 24, 2017

මිනී මස් කෑ ගැහැනිය

 

හිසේ සහ ශරීරයේ කැපුම් සහිතව අවුරුදු 16 පමණ ළමයෙකු වාට්ටුවට ගෙනැවිත් තිබුනේය​. ඔහුට බරපතල ලෙස කැත්තකින් කොටා තිබේ. ශරීරය පුරා ගැඹුරු කැපුම් තුවාලය​. 

මම රෝගියාගේ තුවාල ශුද්ද කොට ලේ වහනය නැවැත්වීම පිණිස මැසුවෙමි. තරුණ ළමයා වේදනාව නිසා කෑගසයි දඟලයි. ඇටෙන්ඩන්වරුන් වන වික්ටර් සහ ජෝතිපාල රෝගියාව අල්ලාගෙන සිටින්නේ මට මැහුම් දැමීම පහසු කිරීමටය​. 

" මොකද උනේ " ජෝතිපාල තරුණ ළමයාගෙන් අසයි. රෝගියාගේ වේදනාව අඩු කිරීමටත් ඔහුගේ අවධානය වෙනතක යොමු කිරීමටත් ජෝතිපාලගේ ප්‍රශ්නය උපකාරී වෙයි. 

" බාප්පා කෙටුවා " ඔහු උත්තර දෙයි. 

ඇයි බාප්පා කෙටුවේ ? වික්ටර් අසයි. 

" බාප්පා අම්මා එක්ක යාලු වෙලා තාත්තට හේනෙදි කොටලා තියනවා. තාත්තා එතනම මලා. ඊට පස්සේ අම්මයි බාප්පයි තාත්තගේ මස් උයාන කාලා. මම හේනට එන කොට දෙන්න එකතු වෙලා මාව අල්ලගත්තා. බාප්පා මට කැත්තෙන් කොටාන , කොටාන ගියා. මම කැති පාරවල් කාගෙන දිව්වා. අම්මා මගේ පස්සෙන් ආවා මාව අල්ල ගන්ට මම දුවලා පණ බේරගත්තා. මාව අල්ල ගත්තා නම් මාවත් මරනවා රෝගියා වේදනාවෙන් හුස්ම හෙලමින් කියයි. 

අරුම පුදුම ම්ලේච්ඡ සිදුවීමකි. ගැහැනියක් තම අනියම් සැමියා එනම් සැමියාගේ සොහොයුරා සමග එක්වී සැමියා මරා දමා ඔහුගේ මස් අනුභව කොට තිබේ. තවද තම පුතා අනියම් සැමියා ලවා මරා දැමීමටද තැත් කොට තිබේ. මෙවැනි සිදුවීමක් ජාතක කතා පොතේවත් සඳහන්ව තිබෙනවාද කියා මම සිතා බැලුවෙමි. 

ගම කොහේද ? ජෝතිපාල ඇසීය​. 

" වහකෝට්ටේ "  රෝගියා උත්තර දුන්නේ වේදනාව නිසා එන කෙඳිරිය සමගිනි. 

" වහකෝට්ටේ "  ජෝතිපාල එය ප්‍රතිරාව කලේය​. ඕගොල්ලෝ ආගමේද ? 

තරුණ ළමයා ඔව් කියන නියායෙන් හිස සෙලවීය​. 

 මෙම තරුණ ළමයාගේ මව තම අනියම් සැමියා සමග එක්වී නීත්‍යනුකූල සැමියා මරා දැම්මේ මන්ද ? එයිනුත් නොනැවතී මොවුන් දෙදෙනා ඔහුගේ මස් කෑවේ ඇයි ? නීත්‍යනුකූල සැමියා  බිරිඳට නිරන්තරයෙන්ම පහර දුන්නේද ? ඉහවහා ගිය කෝපය නිසා ඇය තම පුරුෂයා මරා දමා ඔහුගේ මස පිස සොර සැමියා සමග අනුභව කලේද​? අනියම් පුරුෂයා කැත්තෙන් කොටා තම සොහොයුරා මරා දැම්මේ කාන්තාවගේ ඉල්ලීම නිසාද ? තම සොහොයුරා මරා දැමීමටත් ඔහුගේ මස් කෑමටත් ඔහුට හැකි වූයේ කෙසේද ? කාන්තාවට තම පුතා සමග තිබූ ආරෝව කිම ? ඇය තම පුතාද මරා දැමීමට උත්සහ කලේ ඝාතනය වසන් කිරීමට? මවකට තම දරුවා මරා දැමිය හැකිද ? 
රෝගියාගේ තුවාල මසන ගමන් මේ ප්‍රශ්න මගේ  හිසේ හොල්මන් කලේය​.  

විනාඩි හතලිස් පහක් පමණ එක දිගට ඔහුගේ තුවාල මසා මම ලේ ගැලීම නවතා දැමුවෙමි. ඉන්පසු වික්ටර් තුවාල මත ප්ලාස්ටර් ඇලවීය​. ඉක්බිති ඔහුව වාට්ටුවේ ඇඳක් වෙත ගෙනියන ලදි. 

 දින දෙක තුනකට පසුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙසටද කටයුතු කරන රෝහල් ඩී.එම්.ඕ වාට්ටුවට පැමින රෝගියා ගෙන් විස්තර විචාලේය​. ඔහු සිදුවූ බිහිසුණු සිද්ධිය විස්තර කලේය​.  මෙම සිදුවීමෙන් පසු පොලිසිය විසින් එම කාන්තාව සහ අනියම් සැමියා අත් අඩංගුවට ගෙන නඩු පවරන්නට ඇත​. එහෙත් අවසානයේ සිදු වූයේ කුමක් ද කියා මම නොදනිමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. ලංකාවේ ම්ලේච්ඡ සිංහල බෞද්ධ මිනීමස් කන්නන් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. විශේශයෙන්ම උතුරේ අහිංසක දමිළ ජනතාව විශාල වශයෙන් මරා ඔවුන්ගේ මස් කටු පවා ඉතුරු නොකර ම්ලේච්ඡ ලෙස ආහාරයට ගෙන තිබෙන්නේ ආක්‍රමණික සිංහල හමුදා සහ සිංහල ජාතිවාදෙ මැරයින්.

    මේ පිළිබඳ යාපනය විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඉතා පැහැදිලිව කරුණු දක්වා තිබේ. සිංහල ම්ලේච්ච්යන් ලොව භයානකම වනචාරීන් කොටසක් බව ස්ඵුට කලේ 2008-2009 සමයේ උතුරේ යුදගැටුම් වලදීයි. මෙහිදී අහ්\ඉන්සක නිරායුධ දමිල ජනයා ලක්ෂ 3 කට වැඩි පිරිසක් මරා දමා ඇතත් සාක්ෂි හමුවුණේ ඉතා සුළු මරණ ගණනකයි. හේතුව ඉතා පැහැදිලිවම ඔවුන්ගේ මස් සිංහල මිනීමරුවන් විසින් කා දැමීමයි. මේවා හෙලිකල යුතුයි.

    ReplyDelete
    Replies
    1. මොලේට මැහුම් දාන්න ඕනෑ ලෙඩෙක් කමෙන්ට් කරල..!

      Delete
    2. ඔබ සිංහල ලිවීමට දත් කොටින්ට පක්‍ෂ දෙමල පුද්ගලයෙකු හෝ දෙමල ඩයස්පෝරාවෙන් පඩි ලබන සිංහල කුලී ලියන්නෙකු විය හැකියි. යුද්දයේදී කොටින් විසින් මිනීමැරුම් කල බව දන්නේද ?

      Delete
    3. වහකෝට්ටේ තියෙන්නෙ මාතලේ ඉඳලා ගලේවෙල පාරේ. ඒක තනිකරම කතෝලික පැත්තක්. මේ අපරාධය තිරිසන් ක්‍රියාවක් එකේ දෙකක් නැහැ. එහෙත්මෙතැනදී ඔවුන් බෞද්ධ බවට පත් කලේ කොහොමද? මුල කතාවේ නැති දෙයක් එකතු කිරීමෙන් ඔබ තවත් අපරාධයක් කර තිබෙනවා වාගේම ලේකඛයා එය නිවැරදි නොකිරීමෙන් එම අපරාධයට අනුබල දී තිබෙනවා. අපි ගණන් ඉලල්න්නේ( concept of accountability) මෙහෙම නරුමයන්ගෙන් .

      Delete
  2. Dear Dr.Ruwan,

    Though this comment is not relevant to the post I am asking following questions since I want to advice one of my friends on his son who does male to female cross-dressing and wants to behave as a female. Boy who is at the age of 23 and does a job. My friend got ample evidence that the son is a cross-dresser and having a fake fb account in a girl’s name. In addition it was proved that the son is having an affair with another adult and he does a feminine and passive role during that relationship.
    My friend is open -minded but his wife and the other children of the family are not. My friend wants to consult a psychiatric but other members of family have a fear on same due to their social states. Kindly explain whether this is mental disorder or not. What are the best remedies the father can seek and who are the best persons who will give him the best advices? I mean psychiatrics or psychologist.

    Thank you.

    W.S.

    ReplyDelete
    Replies
    1. Pl contact Dr Neil Fernando - Psychiatrist ; he comes to Norris Clinic Maradana

      Delete
    2. Thanks Dr Ruwan. Great help.

      -W.S.

      Delete
  3. මේ කතාවලදි අන්තිමට මොකක්ද උනේ කියල දන්නේ නෑ කියන එක කියවන අපිට හිසරදයක්.. බැරිද ලියන්න කලින් ඒ ගැන පොඩ්ඩක් හොයල බලල ආසන්නව හරි අවසානය ලියන්න.. විශේෂයෙන්ම මේ වගෙ extraordinary කේස් වලදි එහෙම වෙන්න හේතුවවත් දැනගන්න තියෙනවා නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. මීට හේතුව පවුල් ආරවුල් , සැක​, ලිංගික ඊර්ශ්‍යාව වගේ දේවල්

      Delete
  4. //^ඇටෙන්ඩන්වරුන් වන වික්ටර් සහ ජෝතිපාල// ???

    Did they work as hospital attendants before becoming singers?

    ReplyDelete
  5. තම සැමියාගේ සොහොයුරා ලවා තම සැමියා මැරවූ කාන්තාවක් සම්බන්ධ ජාතක කතාවක් මට මතකය. සැමියා කෙතේ වැඩ නිම කොට ආ පසු වෙනදාටත් වැඩි කරුණාවෙන් තම සැමියා අමතා ලිදට ගොස් නා ගෙන එන ලෙස පවසන්නී, සොර සැමියා හෙවත් තම මස්සිනාට ලිද ලග තිබෙන ගසකට නැග සැමියාගේ හිසට කොටන ලෙසට උපදෙස් දෙන්නීය. නමුත් එහි නම දැන් මාගේ මතකයේ නැත. එහි මිනි මස් කෑ බව සදහනක් නම් නොමැති බවයි මගේ මතකය. ඒ කතා පුවත දන්නා කෙනෙකු වෙන නම් අනෙකුන්ගේ දැන ගැනීම පිණිස මතක් කර දෙන්නේ නම් මැනවි.

    ReplyDelete
  6. මිනී මස් කෑ රජෙකු පිළිබඳ මහා සුතසෝම ජාතකයේ කියැවෙනවා .[529 වැනි ජාතක කථාව ]

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook