Saturday, April 1, 2017

ඥානසාරගෙන් බණ ඇසීම

 


ඥානසාරගෙන් මියුරු බණ අසා 
මම ත්‍රිලක්‍ෂණ අවබෝධ කලෙමි 
ඥානසාර උත්පාද තිථි භංග කීවේය
වර්ගවාදයේ උත්පාදයත් එහි පැවැත්මත් 
අබ සරණින් පසු සදා සොත්ථී භංගවීමත් 
මම ඥානසාර මගින්  තේරුම් ගතිමි




23 comments:

  1. ඉඳ ඉඳ එක වෙහෙර
    විඳ විඳ දහම් මනහර
    සිඳ බිඳ භව කතර
    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර

    ReplyDelete
  2. බුද්ධාගමේ නිර්වාණය කියලා එකක් තියනවා කියලා ඥානසාර දන්නවා එහෙනම්..!! මම හිතන්නේ එයාගේ ක්‍රමේ ඇවිල්ලා අනිත් ඔක්කොවන්වම නිවන් දක්කවලා අන්තිමට එයා නිවන් දැකීම වෙන්න ඕනා..බලන්න කොච්චර පරාර්තකාමිද කියලා !

    ReplyDelete
    Replies
    1. ඥානසාරත් නිර්වාණය ගැන දන්නවා එහෙනං

      Delete
  3. ඥානසාර සාදුගෙ සැට් එක වත් මේක කියෙව්වොත්..
    රට ලස්සන වේවි..

    ReplyDelete
    Replies
    1. රට ගිනි තියන්නේ නැතිව

      Delete
  4. අඩෝ කවුද ඩොව් අපේ නාන සාර අයියට පාට් දාන්නෙ ඩෝව්

    රට ජාතිය ආගම බේරගන්න ඉන්න එකම බුවාට පල් ටෝක් දාන්න එපා හරිද ඩෝව්

    ගන්නවනම් ගනිං ඩෝව් රුපියල් 1500ක් දීල පොත නැතිනම් 1500ක බීල මරක්කලයෙක් ගේ කඩයක් ගිනිතියපන් ඩෝව්

    නිර්වාණය ත් දැන් මේඩ් ඉන් චයිනීස් ඩෝව්

    මේ දොස්තර මහත්තය නැතිනම් අපේ සහෝ නාන සාර අයියට සද්දෙ දාපු ඔක්කොමලට ම ටහුකල ගන්නව ඩෝව්

    මේ දොස්තර මහත්තය වගේම නාන සාර අයියත් රත්තරං පිට් බුවා ඩෝව්..

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් හෝව් අයියා

      Delete
  5. එතුමාගේ පොත සහ දේශපාලනය පටලවා ගන්න අවශ්‍ය නෑ :)

    ReplyDelete
  6. දැනුම හා භාවිතය අතර වෙනස

    ReplyDelete
  7. දුටුගැමුණු ගේ හමුදාවේ අයත් නිවන් ගිය එකේ ගෝටා ගේ නානසාරට බැරි ඇයි?

    ReplyDelete
    Replies
    1. නානසාර ගේ වෙන කේස් හිටන් තියනවනේ

      Delete
  8. ලියන්න ගොඩක් අදහස් අාවත් මම මොකුත් නොලියන්නෙ මම මා නොදන්නා ගොඩක් කරුනු ඹබෙි ලිපි කියවීමෙන් ඉගෙන ගත් නිසයි. විිවෙිචනය කිිරිමට හෝ වැරැද්දක් දැක ඒකට සිනා සීමට හරි ජාතකයක් තියෙන සිංහලයන් පැකිලෙන්නෙ නැහැ. ඒ උනත් ඒ අයට දියයුතු ගෙඃරවය නොදී ඉන්නෙ නැහැ. සග රජු උනත් ගම තුමිපනේ තියල බලු දානයක් දුන් වැලිවිට අසරන සරන සරනංකර සංඝ රාජ හාමුදුරැවන් පවා විවෙිචනය උනේ ඒහෙමයි.
    ඹබෙන් මෙී ගතිය ඉවත්වීමට හේතුව ඹබෙි අමිමාගෙන් අැහැවිවොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔබේ අම්මගෙන් ? ඇයි සමරසේකරගේ අම්මගෙන් අහන්නේ ? සමරසේකරගේ අම්ම ඥානසාරගෙ කවුද ?

      Delete
    2. /* Wmk Samarasekara April 2, 2017 at 6:38 PM
      සිංහල තේරෙන්නෙ නැද්ද ගොනෝ. මම ඒක කිවිවෙ උඹට. උඹෙි ජාතකය උඹෙි අමිමාගෙන් අහපන් කිියල. */

      සමරසේකර අංකල් මෙලෙස තම නිරුවත හෙලිකිරීම ගැන මට කාලකන්නි සතුටක් දැනේ.

      මොහු-

      මහනුවර Temple of Tooth සඳහා බාරයක් වීමෙන් මාර්ග නීති කඩමින් පොලිසියේ ඇස්වලට වැලි ගසා පැන යා හැකි බවට ද,

      ගැටඹේ පන්සලට පඬුරක් දැමීමෙන්, මාර්ග ධාවනයට නුසුදුසු තිරිංග හෝ ඉදිරිපස ලාම්පු හෝ නැති අබලි වාහන මගීන් ගේ ද, අන් වාහන පදවන්නන් ගේ ද, මාර්ගයේ යනෙන ජනතාව ගේ ද ජීවිත අතුරට ලක්කරමින් කඳුකර මාර්ග ඔස්සේ නිරුපද්‍රිතව පැදවිය හැකි බවට ද,

      අතීතයේ තම බ්ලොගයේ ද, වෙනත් බ්ලොග්වල කමෙන්ටු හරහා ද, තදබල මිත්‍යාවක් පතුරවමින් සිටි අයෙකු මට හොඳින් මතක ය.

      !!!

      Delete
    3. එසේම, දැන් හොඳින් පැහැදිලිව ඇත්තේ මේ සමරසේකර නමැත්තා නානසාර බලකායේ සුවච කීකරු සහචරයෙකු බවයි!

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  9. මම මෙික දමන්නේ ඹබ මගින් ප්‍රසිද්ධියට පත් වෙන්න නමි නෙමෙයි. මගේ ලිපි කියවන අයගේ ගනන මට ඉහටත් උඩින්. මෙික කියවල ඉවත් කරන්න. ඹබ සහතික ලාභියෙක් බව මා දන්නවා. ඒහෙත් බුදධ්මතෙකු නමි මෙයින් යමක් උකහා ගනීවි.

    මේ ලිපිය ලියන මා බුදු සසුනේ එක් කොටසක් වන උපාසක යන කුලකයට අයත් උවත්, මා එම කුලකයේ කිසිදු සංවිධානයක කුමන මට්ටමේ හෝ නිලතලයක් ප්‍රතිපත්තියක් වශයෙන්ම භාර නොගෙන ජිවත් වන, එහෙත් විමසුම් ඇසින් සමාජය දෙස බලා සිටින සාමාන්‍ය පුද්ගලයෙක් වෙමි.යි. සමහර අවස්ථා වලදී ඔවුන්ද ඒවා කිරීමටත් මැදිහත් වෙති. මේ සෑම සමාජ කටයුත්තක් කි

    එහෙත් ගැටලුව එය නොවේ. ගැටලුව වන්නේ සමහරුන්ගේ සිත්තුල ඇති විවිධාකාර අසත්පුරුෂ පරමාර්ථ ඉටුකර ගැනීමට ඔවුන් පොදුවේ බුදු සසුනට ගැරහීමට පටන්ගෙන තිබිමය.
    නිර්- ආගමිකයන් යයි කියා ගන්නා මාතලන් සහ පැරකුම් සාමාන්‍යයෙන් සැම පොහොය දිනකදීම වාගේ සංඝයා වහන්සේලාට අපහාස වන යමක් නොවරදවාම වාගේ තම blog වල ලියති.හැබැයි මේ අය අනෙක් ආගම් වලට අපහාස කරන්න යන්නේ නම් නැහැ.
    .

    පැරකුම්ට මෑත කාලයේ ඇතිවූ ලොකුම ප්‍රශ්නය නම් මහමෙව්නා අසපුව විසින් සංවිධානය කල සේරුවිල මංගල මහා සැයේ පලතුරු පුජාවයි. විවිධ විසිතුරු පිංකම් විවිධ කාල වලදී සංවිධානය කරන සත්පුරුෂ උතුමෝ සිය කාලය එයට මිඩංගු කරති. එය අනුමත කරන විවිධ පුද්ගලයෝ තම කාලය,ශ්‍රමය හා ධනය වැය කරමින් ඒවාට සම්බන්ධ වෙති. එසේ කිරීමට හැකියාවක් නැත්තෝ එම පිංකම් අනුමත කරමින් ඒ පින් අනුමෝදන් වෙති. ඒ කිසිවක් නොකරන පැරකුම් වැන්නෝ ඒවාට අපහාස කරමින් එම පුජාව නිසා සම්පත් නාස්තියක් සිදු උනා යයිද,ඒවා ඒ ප්‍රදේශයේම ළමුන්ට බෙදා දුන්නේ නම් නරකද කියා අතුරු යෝජනාද කරති. මෙසේ ලියන පැරකුම්ට දිනපතාම දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේදී පමණක් මිල අඩු නොවීමෙන් ගැලවීමට විනාශ කරන එළවලු ටොන් ගණන නොපෙනෙන්නේ කෙසේද?

    මේ දෙදෙනාගේම අභාෂය ලබන බොහෝ ආධුනිකයන් තම blog වල ජනප්‍රියතාවය උදෙසා බුදු සසුන ගැන උඩින් පල්ලෙන් කරුණු ගලපාගෙන අපහාසාත්මක ලිපි පළකරති.

    මේ සියලුම දෙනාට මා ඉතා කරුණාවෙන් ලියන්නේ බුදු සසුන යනු ඔබට අපහාස කිරීමට ලිපි ලියන්න තිබෙන තැනක් නොවන බවය. මෙසේ ලිවීමෙන් ඔබට කුරිරු සතුටක් ලැබුනත් ඉන් ඔබට ඇතිවන අහිතකර බලපෑම ගැන ඔබ නොදන්නා නිසා එසේ ලියනවා විය හැක.

    බුදුන් වහන්සේ වදාළ ධර්ම කොටස් 82,000ක් සහ භික්‍ෂු, භික්ෂුණි යන දෙකොටසටම අයත් සංඝයා වහන්සේලා විසින් දෙසු ධර්ම කොටස් 2000 ක් එකතුවී මුළු ධර්ම කොටස් 84000කින් යුක්ත ත්‍රිපිටකය ගැන ඔබ අසා ඇතැයි කියා මා සිතනවා. ඒක අන්තර්ජාලයේ තියෙනවා. එහි අංගුත්තර නිකායේ කෝකාලික සුත්‍රය ඔබ කියෙව්වොත් හොඳයි.
    ඒකෙ අදාළ කොටස මෙහෙමයි " අනුවන තැනැත්තා පාපී වචනයෙන් බැනීම නමැති ආවුධයෙන් තමාවම වනසා ගනී. යමෙක් නින්දා ලැබිය යුතු අයට ප්‍රසංසා කරයිද, ප්‍රසංසා ලැබිය යුතු තැනැත්තාට නින්දා කරයිද,එයින් ඔහු පව් රැස් කරගනී. ඉන් ඔහුට සැපයක් නොලැබෙන්නේය."

    මිට පසු ඔබ නොවරදවාම කියවිය යුත්තේ අංගුත්තර නිකායේම ඇති ව්‍යසන සුත්‍රයයි. ඒකෙ තිබෙන්නේ මෙසේ බුදු සසුනට ගරහන අයට පහත දැක්වෙන විපත්ති 11න් එකකට හෝ පත්වන බවය.

    1. අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරගත නොහැකිවීම.
    2. මෙතෙක් උපදවූ ධ්‍යානයක් ඇත්නම් එය නැතිවීම
    3. තමාට දහම් දැනුම දියුණු කරගත නොහැකිවීම.
    4. ධර්මය අවබෝධ කළා කියා අධි මානයට පත්වීම
    5. නිවන් මගට සිත් අලවා වාසය කරන්නට නොහැකි වීම.
    6.කිලිටි බවට පත් වන අයුරින් යම් සිල් පදයකට හානි පමුණුවා ගැනීම.
    7. පැවිද්දෙක් නම් සිවුරු හැර ගිහිවිම.
    8. දරුණු රෝගාබාධයක් වැළඳීම
    9. උමතුවිම හෝ සිත වික්ෂිප්ත භාවයට පත්වීම
    10.සිහිමුලාවී මියයාම
    11.මරණින් මතු මහත් දුක් ඇති නිරයේ ඉපදීම.

    ඔබ කිසිදු කිසිදු ආගමක් නොඅදහන නිර්-ආගමිකයෙක් හෝ බුදුදහම නොඅදහන්නෙක් නම් මෙයින් 1 සිට 5 දක්වා ඇති විපත්ති සහ 7 සහ 11 විපත්ති වලින් යම් කිසි විපතක් උනාට කමක් නැහැ කියල ඔබට සිතෙන්න පුළුවන්.

    ඒ උනත් 8,9,10, යන විපත් වලට ගොදුරුවී මෙලොව අපායක් කර ගත් අය සහ 6 වැන්නේ දැක්වෙන අන්දමට සිල් පදයක් කැඩීම නිසාම මෙලොව විපතට පත්වූ අය ගැන ඔබ කොතෙකුත් අසා,දැක ඇතිනේද? එවැන්නන් තම නැ හිතවතුන්ගෙන් මෙන්ම තම පවුලෙන්ද කොන්වීමට සිදු වෙනවාට අමතරව විවිධාකාර කෙනහිලිකම් වලටත් ගොදුරුවී පිඩා විඳිනවා ඔබ දැක තිබෙනවා නේද? පිළිසරණක් නැතිව එවැන්නන් දුක් විඳිනවා ඔබ දැක ඇති නේද? සමහරවිට එවැන්නන්ට පිහිටවීමට ඔබ සත් භාවයෙන් ඉදිරිපත් උනත් මෙතෙක් එලියට නොපැමිණි නානාවිධ බාධක ඉදිරියට පැමිණ ඔබ එම කටයුත්තෙන් ඉවත් කරනවා ඔබටම පසක්වී නැද්ද?

    ඔබටත් ඉදිරියේදී එවැන්නක් සිදුවෙනවාට ඔබ කැමතිද? මදක් නැවතී කල්පනා කර බලන්න. ඉන් පසුවත් බුදුසසුනට ගැරහීමට ඔබ අදහස් කරන්නේ නම්, ඉදිරියේදී ලැබෙන අයහපත් ප්‍රතිඵල ගැන දැන ගෙනම බුදු සසුසනට ගැරහීම පටන් ගන්න.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ගරහන්නේ බුදු දහමට නොව බුදු දහමට වින කරන දුසිල් මහණුන්ටය​. බුදු දහමට වින කරන දුසිල් මහණුන්ට වඳින ඔබට ධර්මය නොතේරීම පුදුමයක් නොවේ.

      Delete
    2. අද අපිට කියවීමට තිබෙන මිලින්ද ප්‍රශ්නය කුරුනෑගල සමයේදී ලියවුනු එකකි. (ඊට පෙරද මිලින්ද ප්‍රශ්නය ගැන ලියවුනු සිංහල පොත් ඇතත් ඒවා සොයා ගැනීමට නොහැකිවූ බව මේ පොතේ දක්වා ඇත) මිලින්ද ප්‍රශනය යනු බටහිර උගතෙකුවූ මිලිදු රජු (daris ) හා නාගසේන හිමියන් සමග බුද්ධාගම ගැන ඇතිවූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු උත්තර ඇති පිටු 660 කින් යුත් ලොකු පොතකි.

      එහි 354 - 356 පිටුවල ශ්‍රමණ දුශ්චරිත ප්‍රශ්නය නමින් දුශ්ෂිල යයි සම්මත භික්ෂුන් වහන්සේලා ගැන සාකච්චා කර කරුණු 10 ක් නිසා එම භික්ෂුන් වහන්සේලා ගිහියන්ට වඩා උසස් යයි දක්වා ඇත,

      දුශ්ෂිල යයි සම්මත භික්ෂුන් වහන්සේලා

      1. බුදුන් වහන්සේ කෙරෙහි ගෞරව දක්වති .
      2. ධර්මය කෙරෙහි ගෞරව දක්වති .
      3. සංඝයා කෙරෙහි ගෞරව දක්වති .
      4. තමන් සමග සිටින සග ගුරුවරුන්ටගෞරව දක්වති .
      5. පෙළ හා අටුවා ඉගෙන ගැනීමට උනන්දු වෙති.
      6. බොහෝ කොට බන අසන්නෙක් වේ
      7. බිඳුණ සිල් තිබුනත් පිරිස් මැදට ගියවිට භික්ෂු ආකල්පයෙන්ම සිටියි .
      8. ගර්හාවට බියවී කය සහ වව්නය රකි.
      9. භික්ෂු සංඝයා අතරම සිටියි
      10. පවක් කරන විට එය රහසින් කරයි.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook