Sunday, April 2, 2017

මහාචාර්‍ය සුචරිත් ගම්ලත් සහ සන්නස්ගල




මහාචාර්‍ය සුචරිත ගම්ලත් මට මුණ ගැසී ඇත්තෙ එක් වරකි. ඒ 2002 හෝ 2003 වසරේදී විය යුතුය​. ඒ හමු වීමේදී ඔහු විසින්  බුහාරීන් ගේ ව්‍යාජ චෝදනා පිලිබඳව ලියන ලද මොස්කව් නුවර මහා අවනඩු ග්‍රන්ථයේ ස්ටාලින් සහ වොර්ශිලෝව් අතර පැවති සබඳතා පිලිබඳව පැණයක් මම නිරාකරණය කර ගත්තෙමි. 

මහාචාර්‍ය සුචරිත ගම්ලත් යනු සුවිසල් උගතෙකි. ඔහුගේ සිංහල භාෂා දැණුම ඉදිරියේ මහාචාර්‍ය ජේ. බී දිසානායක සූරීන් පවා තැති ගත්තේය​. ඔහු විසින් සම්පාදනය කරන ලද සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය ඔහුගේ අගනා බුද්ධි එලයේ ප්‍රතිඑලයකි. එය  මුද්‍රණය කිරීම ජාතික කර්තව්‍යකි. රජය මේ දේවල් වලට අත නොගසන සහ දේශපාලකයන්ට මෙහි වටිනාකම් නොතේරන යුගයක ඒ සඳහා අත ගසන ලද්දේ උපුල් ශාන්ත සන්නස්ගලයි. නමුත් අවසානයේදී සන්නස්ගලට බොහෝ අවලාද වලට මුහුණ දීමට සිදු විය​. 

මීට පෙරදී මා විසින් සන්නස්ගලගේ ඇතැම් ප්‍රකාශ විවේචනය  කර ඇති නමුදු මහාචාර්‍ය සුචරිත ගම්ලත්  ගේ සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය මුද්‍රණය කිරීමට ඉදිරිපත් වීම ගැන ඔහුව පසසමි. මුදල් ඉපයීම සඳහා සන්නස්ගල සුචරිත ගම්ලත්  ගේ සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂයට අත ගැසුවා කියන කුහක විචාරකයන්ට දිය යුතු පිලිතුර නම් මුදල් ඉපයීම සඳහා නම් සන්නස්ගල කල යුත්තේ ලෑන්ඩ් සේල් එකකට තම ප්‍රාග්ධනය යෙදවීම  මිසක  ශබ්ද කෝෂයක් මුද්‍රණය කිරීම නොවේ. 

මේ ශබ්ද කෝෂය ගැටළුව සඳහා මහාචාර්‍ය සුචරිත ගම්ලත්ගේ ජීවිතයේ පරස්පරයන් ද හේතු කාරක වූ බව මම සිතමි. ඔහු මාක්ස්වාදී න්‍යායන් මත ජීවිතය ගත කිරීමට උත්සහ දැරුවද පොළවේ පය ගසා ප්‍රායෝගිකව ජීවත් වීමේදී උභතෝකෝටිකයන්ට මුහුණ දුන්නේය​.  

කැනඩාවේ වෙසෙන මා මිත්‍ර විරාජ් ප්‍රනාන්දු විසින් කියූ යමක් මට මෙහිදී සිහිපත් වේ. වරක් මාක්ස්වාදී ග්‍රන්ථයක් සිංහලට පරිවර්තනය කිරීම සඳහා සුචරිත ගම්ලත් විරාජ් ගෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් ඉල්ලුවේය​. ( මේ 1990 දශකයේ කතාවකි) පසුව එය රුපියල් ලක්‍ෂ දෙක දක්වා ඉහල නැංවීය​.  අවසානයේදී සුචරිත ගම්ලත් තමාව කැනඩාවේ ජීවත් වීම සඳහා ගෙන්වා ගත හැකිදැයි විරාජ් ගෙන් විමසීය​. මේ කේවල් කිරීම් වලින් පසුව පොත පරිවර්තනය කිරීමේ කාර්‍ය විරාජ් විසින් අත් හැර දැමීය​. 

මේ අතිශයින්ම බුද්ධිමත් අපගේ යුගයේ ලාංකික නෝම් චොම්ස්කි වැනි  උගතෙකුට අවසානයේදී සිදු වූ වින්නැහියකි. එයිනුත් නොනැවතී ඔහුට තම මරණ මංචකයේදී මයියොක්කා ඉස්ම ගිලීමටද සිදු විය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

34 comments:

  1. This is the sad fate of Sinhalese intellectuals. I really can't understand why people are trying to educate themselves to chase money. It is true that money is an important factor but not everything in life. Professor Gamlath has faced the similar situation which is faced by the educated people in villages. I was taught to take educated people in the village as my role models. But after open economics introduced,younger people used to follow rich people as role models. gradually the social respect turns to rich people from educated people. Many educated and respectful elders were shattered due to this situation and they were discarded and forgotten by younger generation. This inability of selecting appropriate socialization by youngsters is the major cause for our social destruction. Not only SriLanka, even in Canada I can see this. Chasing materialistic things and having competition among each other is the significant symptoms we can see in these people. In the presence of this type of situation, the factor of somebody's education is not valued in comparison to materialistic property. the frustration caused by these social changes definitely will lead a person to act like this.

    ReplyDelete
  2. 2000 වසරේ පමණ මාවනැල්ලේ සිංහල මුස්ලිම් ගැටුමක් වුනා. සුචරිත ගම්ලත් ඔහුගේ සති සිතු මිනි ලිපියක මේ ගැන ලිව්වේ මෙහෙමයි
    මුස්ලිම් දේවස්ථාන ගිනි තබා ඇති අයුරු දුටුවෙමි. ඒවායේ තිබූ අඩක් දැවීගිය කුරාන ඉදිරියේ සිටහිඳසිටි මුස්ලිම් උවසු උවැසියෝ ලය තලා ගනිමින් විලාප තබනු දුටුවෙමි.

    එයාට සිංහලයන්ට බනින්න තියෙන හදිස්සිය හින්දා "උවසු උවැසියෝ" කියන්නේ උපාසක උපාසිකාවන්ට බව අමතක වුනා

    ReplyDelete
    Replies
    1. සුචරිත ගම්ලත් ජාතිවාදය දැක්කේ එක් පාර්ශවයක විතරයි. ඔහු ඊලම් ගීතය පවා ලිව්වා

      Delete
    2. මට අනුව ගම්ලත් කියන්නෙ දෙමළ ජාතිවාදියෙක්.ඔහු මාර්ක්ස්වාදයෙක් නම් සියලු ජාතිවාදයන්ට විරුද්ධ වියයුතුව තිබුණා.

      Delete
  3. //
    මීට පෙරදී මා විසින් සන්නස්ගලගේ ඇතැම් ප්‍රකාශ විවේචනය කර ඇති නමුදු මහාචාර්‍ය සුචරිත ගම්ලත් ගේ සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය මුද්‍රණය කිරීමට ඉදිරිපත් වීම ගැන ඔහුව පසසමි. මුදල් ඉපයීම සඳහා සන්නස්ගල සුචරිත ගම්ලත් ගේ සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂයට අත ගැසුවා කියන කුහක විචාරකයන්ට දිය යුතු පිලිතුර නම් මුදල් ඉපයීම සඳහා නම් සන්නස්ගල කල යුත්තේ ලෑන්ඩ් සේල් එකකට තම ප්‍රාග්ධනය යෙදවීම මිසක ශබ්ද කෝෂයක් මුද්‍රණය කිරීම නොවේ. //

    අපත් සිතන්නේ මේ ලෙසමයි.

    ReplyDelete
  4. සන්නට තියෙන්නෙ ඕක online publish කරන්න..
    කාට හරි වැඩක් ගන්න පුලුවන්

    ReplyDelete
  5. ගම්ලත් මහා වියතෙකි.නමුත් අමුතුම චරිතයක් සේ සමාජය තේරුම් ගත්තේය.සන්නස්ගල හොද තුන්ඉරියව් ක්‍රිඩකයෙකි.දක්ෂයෙකි.බිය නොහදුනන්නෙකි. ගම්ලත් - සන්නස්ගල සුසංයෝගය ඉංගිරිසි - සිංහල මහා ශබ්දකෝෂය එළිදැක්වීය. ඒ සේවයම ඔවුන් දෙදෙනාට ලංකාණ්ඩුව පුදන ඉහළම ගරු නම්බුනාම දීමටම ඇතිය.නම්බුනාමවලට වඩා මඩ ප්‍රහාර ප්‍රබලය.ඒ මේ රටේ හැටිය.එනිසා කෙටියෙන් කිව හැක්කේ අගය දන්නෝ අගය දනිති යන්න පමණය.

    ReplyDelete
    Replies
    1. මොනවා කරත් වරදවල් දකින එවුන් සිටින රටක සන්නා ඕකට අත ගහපු එකට සම්මානයක් දෙන්න ඕනේ

      Delete
  6. මිනිස්සු එක ඔළුවකින් වැඩ කරාට කී පැත්තකින් හිතනවද...

    ReplyDelete
  7. සන්නස්ගලට හීනියට සුදු හුණු ටිකක් ගාන ගමන් සුචරිත ගම්ලත්ට මඩ ටිකක් ගාල තියෙන්නේ !!

    ReplyDelete
    Replies
    1. සන්නස්ගලට හීනියට සුදු හුණු ටිකක් ගාල ? හීනියට නෙවෙයි හොඳටම ගාලා

      Delete
  8. //මේ අතිශයින්ම බුද්ධිමත් අපගේ යුගයේ ලාංකික නෝම් චොම්ස්කි වැනි උගතෙකුට අවසානයේදී සිදු වූ වින්නැහියකි.

    ++++++++

    ReplyDelete
  9. On board of a big ship a simple old man met a young professor and they started to have conversations along the journey. Every night the man came to the professor’s cabin, trying to learn something from the learned man.

    On the first night, the professor asked: ‘Old man, do you know what Geology is?’
    ‘Oh, Professor Sir, I never went to school, I know nothing about Geology. Could you tell me what it is?’ replied the man.
    ‘Oh, poor old man, you don’t know what geology is. It’s the science of the earth. You’ve wasted a quarter of your life.’ said the professor.
    The old man felt so sad, if the professor said that he wasted a quarter of his life than it must be true.

    On the second night, the two men met again and the professor asked: ‘Old man, do you know what Oceanology is?’
    ‘Professor Sir, I am just a simple man, I don’t know that Oceanology is. What is that sir?’ replied the old man.
    And the professor said: ‘Oh, poor old man, you don’t know what oceanology is. We are sailing and you don’t know the science of the sea. You’ve wasted half of your life.’ The old man felt so sad, so incredibly sad, he just found out that he wasted half of his life.

    On the third night, still eager to learn, the old man came to the professor’s cabin and was asked: ‘Old man, do you know what Meteorology is?’
    ‘Professor Sir, you know I am just a simple man, I don’t know that Meteorology is.’ reply the old man.
    ‘Oh, poor old man, you don’t know what geology is; you also don’t know what oceanology is. And now you don’t know what meteorology is. It’s the science of the sky and the weather. You’ve wasted three quarter of your life,’ said the professor.
    The old man felt so sad, so incredibly sad, he just found out that he wasted three quarter of his life.

    On the fourth night, the old man ran into the professor and start asking: ‘Professor Sir, Professor Sir, do you know swimmology?’
    ‘Old man, I know a lot of things, but I’ve never heard of swimmology. What is that?’ replied the professor.
    ‘Do you know how to swim, Sir?’ Asked the old man.
    ‘To swim? I didn’t have time to learn how to swim; I was busy learning other things. I can’t swim,’ said the professor.
    ‘Oh poor professor, you’ve wasted all of your life. If you had known swimmology, you could have swim to the shore because the ship is sinking now.’ said the old man.






    In "Life"
    Post navigation Oh that’s very good! … No! It’s not!

    ReplyDelete
  10. මා සුචරිත ගම්ලත් නම් මහාචාර්‍යවරයා සමග මෙන්ම සන්නස්ගල මහතා සමග ද කටයුතු කර ඇත්තෙමි. කෙතරම් වුවත් දෙදෙනාම සංකීර්ණ චරිත බව මා හොදින් ම දනිමි. මහාචාර්ය ගම්ලත් මහතා දුරකථනයෙන් බොහෝවිට අමතන විට මම සුචරිත යයි හදුන්වා දීම එතුමාගේ මා දුටු සුවිශේෂ තාවයකි. පොත් ප්‍රතාශකයෙකු ලෙස සන්නස්ගල මහතාත් මහාචාර්ය ගම්ලත් මහතාගේ සළකුණ (ඩෙස්මන්, ගාමිණීවියන්ගොඩ ආදී බොහෝ දෙනෙකුගේ පොත් මෙන්) උපරිමයෙන් ම අලෙවි කල බව සැබෑය. එය මහාචාර්යතුමා නොදැන සිටි බව නොසිතමි, ජීවිතාවසානය දක්වාම එතුමා විදි අනේක පීඩනයන් හා දේශපාලනික පලිගැනීම් හමුවේ කිසිදු වරප්‍රසාදයක් නොලද මහාචාර්යවරයෙකු සිය දැනුම මෙලෙස අලෙවි කිරීම ගැන පුදුම නොවෙමි. මහරගම පිළිකා ඉස්පිරිතාලයෙහි හා කොළඹ මහරෝහලෙහි අවසන් කාලය ගෙවන අවධිය වන විට සන්නස්ගල මහතා එතුමාගේ පොත් වෙනුවෙන් ගෙවීමට පොරොන්දු වී සිටි මුදල් කිසිවක් නොගෙවූ බව හොදාකාරවම දනිමි. (අදට ද සතියකට එකක් හෝ ශබ්ධ කෝෂ I හා II මිලදී ගන්නා ගැනුම් කරුවන් සිටින බව ඉදුරාම දනිමි- එයින් වැඩි ආදායමක් ඇතත් සංහිද ප්‍රකාශනායතනයෙහි ක්‍රමවත් ගිණුම් තැබීමේ ක්‍රමවේදයක් නෙැමැති කමත් ඒවා වඩාත් රහසිගතව තබා ගැනීමට ගන්නා උත්සාහයත් නිසා පාඩු බව දැක්වීම) නිතර පාඩු බව පෙන්වමින් මහා ශබ්ධකෝෂය සිල්ලරට විකිනීම ගත් බොහෝ උත්සාහයන් ව්‍යර්ථව ගිය බව එහි පිරි සැකසුම් කළ ක්‍රිෂානි ඇතුලු පිරිස ඊට සාක්ෂි වනු ඇත.

    කෙසේ හෝ දෙදෙනා තුළම දැනුම බෙදා දීමේදී සිටින උතුම් මිනිසත් කම ගැන ද සිහිපත් කලයුතුව ඇත.

    ReplyDelete
  11. සහෝදරවරුනි,
    සුචරිත, මට නම් මෙරට සිටි අතලොස්සක් වන විශිෂ්ට බුද්ධිමතුන් අතරින් විශිෂ්ටයෙකි. ඔහු ජීවත් වුයේ ස්වකීය මතවාදය සමගයි. එයට එකඟ නොවන අය ඔහුවද ඔහුගේ මතවාදයද විවේචනය කරති. ඒ අය අතරින් බොහෝ අය ඔහුවද ඔහුගේ මතවාදය ද තේරුම්ගැනීමටවත් උත්සහ නොකළ අය වෙති. නැත්නම් මාක්ස්වාදය ට්‍රොට්ස්කිවාදය අසු පමණින් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් මෙන් කුලප්පුවී, ඔහු පවසන්නේ කුමක් දැයි කියා සොයා බැලීමටවත් සුදානම් නොවූ අලසයන් රැලකි.
    සුචරිත ආර්ථික පරිපීඩනයක ගිලී සිටීමට හේතුව වන්නේද ඔහුගේ දේශපාලනික ප්‍රතිපත්ති වුවාට සැක නැත. එ.ජා.ප. ආණ්ඩුව ඔහුගේ රැකියාව අහිමි කළ නිසා ආර්ථික යුද්ධය ජයගැනීමට, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ටියුෂන් පන්තියක් ඔහු මහනුවර ආරම්භ කළ බව මට දැනගැනීමට ලැබුණු නිසා කොළඹ වී.වී. සිසුන් වන අපහට ද ඉංග්‍රීසි පන්තියක් කොළඹදී පටන් ගනිමුදැයි මම ඔහුගෙන් විමසා සිටි විට ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කළ අතර ඒ අසල සිටි වෙනත් ගුරු මහතෙකු පෙන්වා ඔහුගෙන් ඉගෙනගන්නා ලෙස මට කීවේය. මුදල් සොයා දුවන්නේනම් ඔහු එවැනි කතාවක් මට නොකියනු ඇත. නොබෝ කලෙකදී මහනුවර පන්තියද ඔහු විසින් අත්හැර දැමූ බව ආරංච් විය.
    මේ සිද්ධිය වූයේ ඔහු විසින් නොමිලයේ පවත්වන ලද " මාක්ස්වාදී කලා විචාරය " පිළිබඳ පන්තිමාලාවට මම සහභාගී වන අතරතුරය.
    දිනක් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාද එම පන්තියට පැමිණ සිටි අතර එදින පන්තිය අවසන, තමන්ගේ පක්ෂයට එක්වන ලෙස බාහු කළ සහෝදරාත්මක ආරාධනයද ඔහු ප්‍රතික්ෂේප කළේය.
    ඒ ඔහුගේ ප්‍රතිපත්ති නිසා නොවේද?
    සුචරිත, බාහු වැනි අය තුළ පුද්ගලික දුර්වලකම් ඇති. ඔවුන්ගේ දර්ශනයට එකඟ නොවීමට ඔබට හේතු ද තිබිය හැක. නමුත් ඔවුන් මෙරට බිහිවූ විශිෂ්ට බුද්ධිමතුන්, උගතුන් ලෙස පිළිගැනීමට ඔබට නොහැකිද?
    මම ඔවුන්ට ගරු කරමි. ඔබ එයට එකඟ නොවේ නම් මට සමාවන්න.

    ReplyDelete
    Replies
    1. ඔවුන් මෙරට බිහිවූ විශිෂ්ට බුද්ධිමතුන්, උගතුන් ලෙස පිළිගැනීමට ඔබට නොහැකිද?////////////////ඔහු ලාංකික නෝම් චොම්ස්කි වැනි උගතෙකි

      Delete
  12. /අවසානයේදී සිදු වූ වින්නැහියකි. එයිනුත් නොනැවතී ඔහුට තම මරණ මංචකයේදී මයියොක්කා ඉස්ම ගිලීමටද සිදු විය​. / :)

    වන්දනාමාන කරන වර්ගයේ අන්තේවාසිකයෝ බිහි කරගත්තාම ලැබෙන ප්‍ර‍තිලාබ, මහින්ද මහත්තයාට මොනවා (නො)ගිල්ලවාවිද?

    ReplyDelete
    Replies
    1. වන්දනාමාන කරන වර්ගයේ අන්තේවාසිකයෝ බිහි කරගත්තාම ලැබෙන ප්‍ර‍තිලාබ+++++++++++++++++++++++++

      Delete
    2. මේ මයියොක්කා සීන් එක ගොඩක් තැන්වල ඇහෙනවා. කව්රුහරි කියාපන්කෝ බන්ක කතාව මොකද්ද කියල!

      Delete
  13. It is pleasure to see we still have people who think differently and not narrowed their thinking process. While reading all these comments, I am always nourishing my knowledge in an interesting way. Big thank you for Dr. Ruwan for writing and maintaining this blog. I really like to meet you and talk because of 2 reasons.
    1. We both are Nalandians You in 85 batch and me in 86 batch.
    2. Both of us live in Toronto Canada.
    Sorry I can't recall your name from my school time. I know some of your classmates such as Sobitha Rajakaruna and Nihal Pathirage. My Phone number is 289-218-7874.

    ReplyDelete
  14. මා සුචරිත හා බාහු සම්බන්ධ සිදුවීම් දෙකක් ගැන ලිපියක් ලියා තියෙන බව සිහිවුණා. එය නැවත පළ කිරීමට සිතා ගත්තා. ස්තුතියි.

    ReplyDelete
  15. //ඔහුගේ සිංහල භාෂා දැණුම ඉදිරියේ මහාචාර්‍ය ජේ. බී දිසානායක සූරීන් පවා තැති ගත්තේය​.//

    මේ සැසඳීමටනම් හිනා නොවී ඉන්න ම බෑ

    ReplyDelete
  16. කතාව ඇත්ත. සන්නා පිළිබඳ ව කීමට ඇත්තේ ඔහු ශබ්ද කෝෂය මුදුණය කළේ මුදලට වඩා ගෞරවය අරමුණු කරගෙන යි. (මුදල පිළිබඳ අදහසක් නො තිබුණා නො වේ. ඔහු හිතූ තරම් එය අලෙවි වුණේ නැහැ අධික මිල නිසා) සන්නාට දැන් ඇවැසි මුදල් නො ව එම මුදල් වියදම් කොට (ඕෂෝ වැනි) අමුතු පොරක් වීම යි.

    ReplyDelete
  17. ජේ.බී. ගේ සිංහළ දැනුම ගැන හිනා වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. සිංහළ හෝඩියවත් හරියට උසුරුවන්න බැරි මිනිහා ගේ මොන සිංහළ දැනුම ද? ඒ දැනුම හොදයි අටපට්ටමට.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook