Thursday, April 20, 2017

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න

 

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති   ප්‍රශ්න ගැන කතා කිරීම දැලි පිහියෙන් කිරි කෑමකි. මේ ගැන අතිශයෝක්තියෙන් කතා කරන සමහරක් දෙමළ  ඩයස්පෝරාවෙන් පඩි ලබන කුලියට ලියන්නෝ වෙති.  මේ කුලී ලියන්නන්ට අනුව දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට දොට්ට පිලට යාමටද නිදහසක් නැත​. සිංහල ජාතිවාදීන්ට අනුව දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ලංකාවේ කිසිදු ප්‍රශ්නයක් නැත​. සමහරක් විට දෙමළ වීම නිසා ඔවුන් මහා ජාතියටත් වඩා වැඩිපුර වරප්‍රසාද ලබති. 

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න ගැන සාධාරන කෝණයකින් කතා කරන්නෝ සිංහල ජාතිවාදීන් ගේ ප්‍රහාරයන්ට ලක් වෙති. මේ නිසා මෙම මාතෘකාව මඟ හැර යාම සුලබ තත්වයකි. එවැනි වාතාවරනයකදී දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න මොනවාද කියා සොයා බලමු. මා සඳහන් කරන්නේ මා විසින් දුටු සිද්ධීන් ය​. එම නිසා මෙය  මගේ අත්දැකීම් මත පාදක වූ ලිපියකි. 

කුඩා කාලයේදී අප කොල්ලන් සමග ක්‍රිකට් ගැසුවෙමු. මෙසේ ක්‍රිකට් ගසන විට වරක් බෝලය අසල්වැසි ද්‍රවිඩ ජාතිකයෙකුගේ වත්තට ගියේය​. එවිට කොළු නඩය ඔහුගේ වත්තට පැන ගෙවත්තේ පැළ පාගමින් බෝලය සෙව්වෝය​. මෙය දුටු ඔහු උරණව අපට තම වත්තෙන් පිටවී යන ලෙස අණ කලේය​. එවිට සමහර සිංහල කොල්ලන් වත්තෙන් පිටවී යන ගමන් ඔහුට පර දෙමලා කියාද යාපනේට පලයන් කියාද කීවෝය​. මේ 1976 වැනි කාලයක කොලඹ ජීවත් වූ මධ්‍යම පාන්තික ද්‍රවිඩ රජයේ නිලධාරියෙකු අවුරුදු දහයේ එකොලහේ සිංහල කොල්ලන් ගෙන් වාර්ගික අපහාස ඇසූ අවස්ථාවකි. 

1983 ජූලි කලබල වලදී මරදානේ තෝසේ කඩයක සේවය කල ද්‍රවිඩ මිනිසෙකුට මැරයන් විස්සක් පමණ වටවී පහර දෙනවා මම සියැසින් දුටුවෙමි. ඔහු අනිවාර්‍යෙන්ම මිය යන්නට ඇත​. 

ද්‍රවිඩ දන්ත වෛද්‍යවරයෙකු වූ එමර්සන් මහතා පදිංචිව සිටියේ කොලඹ ලිබර්ටි සිනමාහල පිටුපස ප්‍රදේශයේය​. 1983 දී ඔහුගේ නිවසට ගිනි තබන ලදි. වෛද්‍ය එමර්සන් මහතාගේ තරුණ දියනියත් පුතාත් ප්‍රවේසමට සිටියේ අපගේ නිවසේය​. මේ දෙදෙනා අපගේ නිවසේ සිටියදී දනින් වැටී යාඥා කරනවා මම දුටුවෙමි. ඔවුන් යාඥා කරන ලද්දේ ලේ සුවඳ සොයා ආ වෘකයන් ගෙන් බේරීමටය​. පසුව හමුදාවේ කපිතාන්වරයෙකුගේ ආරක්‍ෂාව සමග ඔවුන්ව කදිරේෂන් කෝවිලේ අනාථ කඳවුරට යවන ලදි. ඉන් පසු ඔවුන්  සරණාගතයන් ලෙස බ්‍රිතාන්‍යට ගියෝය​. 

මේ භීම සමයේදී රත්මලානේ සුකුමාරන් නම් තරුණයාගේ නිවසේ තිබූ භාණ්ඩ එලියට ඇද දමා ගිනි තබන ලදි. ජාතිවාදී ප්‍රහාරකයෝ සුකුමාරන් සිටි නිවස ගිනිබත් නොකලේ එහි හිමිකරු සිංහලයෙකු වූ නිසාය​. සුකුමාරන් එම නිවසේ සිටියේ කුලියටය​. මැරයන් විසින් ඔහුගේ සෝනි ටේප් රැකෝඩරයද පොලවේ ගසා ගිනි තබා තිබුනි. පසුව තමන් ගේ විනාශ කරන ලද භාණ්ඩ බැලීම සඳහා සුකුමාරන් පොලිස්කාරයන් දෙදෙනෙකු සමග එනවා මම සියැසින් දුටුවෙමි. පොලිස්කාරයන් කොල පුරවා යන්නට ඇත​. සුකුමාරන් ගේ මුහුනේ තිබූ වේදනාව මට තවමත් මතකය​. 

අපගේ වෛද්‍ය පීඨයේ සිටි ද්‍රවිඩ සිසුන් බොහෝ විට ප්‍රිය කලේ සිංහල සිසුන් ගෙන් වෙන්ව ජීවත් වීමටය​. සමහර ද්‍රවිඩ සිසුන් ශ්‍රී ලංකා හමුදාව යාපනේ ජන ඝාතන කරන බවට පත්‍රිකා සහ චායාරූප මගින් වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරු දැනුවත් කලහ​. සමහරු කොටි සංවිධානය විසින් මරා දැමූ ඩොලර් ෆාම් කෙන්ට් ෆාම් සිංහල ගොවියන් ගේ   මෘත ශරීර වලද චායාරූප පෙන්වා ඒවා කලේ ශ්‍රී ලංකා හමුදාව බව කීහ​. මේ නිසා සිංහල සිසුන් සිටියේ අසතුටිනි. 

වෛද්‍ය පීඨයට යාපනයෙන් පැමිනි නේසානන්දර් නම් ද්‍රවිඩ සිසුවෙකු විය​. ඔහු ද්‍රවිඩ  සිසුන් අතර ප්‍රභාකරන් ගේ චායාරූප බෙදීම , පත්‍රිකා බෙදීම කලේය​. ඔහු දේශනද කට් කලේය​. තමා පාසල් යන විට තමාගේ පාසල් මිතුරන් හමුදාව විසින් මරා දමා තිබෙනු දැක තම සිත කම්පනයට පත්වූ බව ඔහු වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරුන්ට කියා තිබුනි. මේ නිසා ඔවුන් නේසානන්දර්ට අනුකම්පා කලහ​. නේසානන්දර් කීවේ සත්‍යක් ද බොරුවක්ද කියා මම නොදනිමි. එහෙත් ඔහු මේ කතාව දිගින් දිගටම කියමින් දේශන අතපසු කලේය​. දේශන අතපසු කිරීමත් විභාග වලින් අසමත් වීමත් නිසා අවසානයේදී ඔහුව වෛද්‍ය පීඨයෙන් අස් කරන ලදි. ඉන්පසු ඔහු කැනඩාවට සරණාගතයෙකු ලෙස පැමින කොටි සංවිධානය වෙනුවෙන් වැඩ කලේය​. 2009 දී ස්කාබරෝ වලදී මම නේසානන්දර්ව දුටුවෙමි. ඔහු දැන් ආහාර පරික්‍ෂා කරන සෞඛ්‍ය පරීක්‍ෂකයෙකු ලෙස සේවය කරයි. 

මා සමග මීගමුව රෝහලේ සේවය කල රාම් මනෝහර් සහ සුදර්ශන් යාපනේ වෛද්‍ය පීඨයෙන් ඉගෙනුම ලබා තිබුනි. එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදා ගැටෙමින් තිබූ සමයක ජීවිත බේරාගෙන කුප්පි ලාම්පු එලියෙන් ඇනටමි සහ ෆිසියලොජි විශයන් පාඩම් කල අයුරු ගැන මට කීවේය​. රාම් මනෝහර් වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ජීවත් වන අතර ලංකාව හැර යාමට පෙර ඔහු මට ඩිනර් එකක් දුන්නේය​. 

ද්‍රවිඩ වෛද්‍යවරයෙකු වූ සුදෝකුමාර් වරක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඔහු වෙත එවන ලද ලිපියක් රැගෙන මා වෙත ආවේය​. මේ ලිපිය ලියා තිබුනේ සිංහලෙනි. සිංහල කියවීමට නොදත් සුදෝකුමාර්ට ලිපිය මම පරිවර්තනය කොට දුන්නෙමි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ මා සමග සේවය කල වෛද්‍ය පද්මරාජ් මුලින්ම පාසල් ගියේ කොලඹ ඩී.එස් සේනානායක විදුහලටය​. අපොස සාමාන්‍ය පෙළ දක්වා සිංහල මාධ්‍යයයෙන් ඉගෙනුම ලැබූ ඔහුට කොලඹ හැරදා උතුරුකරයට යන්නට සිදු වන්නේ අනපේක්‍ෂිතවය​. ඒ 1983 මහෝඝය  නිසාය​. ඉන්පසු ඔහු උසස් පෙළට ඉගෙන ගන්නේ දෙමළ මාධ්‍යයෙනි. වෛද්‍යවරයෙකු වී වසර කීපයක් ලංකාවේ සේවය කල පද්මරාජ් පසුව ඇමරිකාවේ පදිංචියට ගියේය​. 

කැනඩාවේ මැකෙන්සි රෝහලේ මට හමුවූ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍රන් ඉතා නිහතමානී යහපත් මිනිසෙකි. ඔහු මනෝ වෛද්‍යවරයෙකි. දෙක වසර දක්වා ඔහු කොලඹ ඩී.එස් සේනානායක විදුහලේ සිංහල මාධ්‍යයයෙන් ඉගන ගත් අතර 1983 කළු ජූලියේදී ඔහුගේ නිවස ගිනි තබන ලදි. ඒ නිසා ඔහුගේ දෙමාපියන් කැනඩාවට සරණාගතයන් ලෙස ආහ​. ලංකාවේ වෛද්‍යවරයෙකු වූ ඔහුගේ පියා   වසර බොහෝ ගනනක්  වෛද්‍ය සීමාවාසිකය හෙවත්  රෙසිඩන්සිය ලබා ගැනීමට පෝලිමේ ඉඳ අවසානයේදී කැනඩාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය ඇරඹීය​. තමන් ගේ ජීවිත උඩු යටිකුරු කල 1983 පිලිබඳව වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍රන්ට වෛරී අදහස් නැත​. ඔහු එදෙස බලන්නේ උපේක්‍ෂාවෙනි. මා විසින් ලියන ලද Shell Shock to Palali Syndrome පොත පිලිගන්වන්නේ මනෝ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍රන්ට ය​. මේ පොතේ සිංහල සහ ද්‍රවිඩ ජාතීන් අතර සිදුවූ ගැටුම් නිසා දෙපාර්ශවයේම   වින්දිතයන් ගැන ලියවී තිබේ.  වෛද්‍ය බාලචන්ද්‍රන් ද මෙම ගැටුමේ වින්දිතයෙකි. 

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට  ප්‍රශ්න තිබුනාක්   මෙන්ම සිංහල වීම නිසා උතුරුකරයේ ජීවත් වූ සිංහලයන්ටද ප්‍රශ්න තිබුනේය​. වවුනියාවේ ජීවත් වූ කරුණාරත්න නම් සිංහල පවුලක් මගේ මතකයට නැගේ. 1975 වැනි කාලයක වවුනියාවේදී මෙම කරුණාරත්න පවුල අපට ඉතා හොඳින් සැලකූහ​. නමුත් ගැටුම් ආරම්භ  වීමත් සමගම ඔවුන් තම දේපළ හැර දමා දකුණට ආහ​. මෙයාකාරයෙන් උතුරේ ජීවත් වූ සිංහල ජාතිකයන් බොහෝ දෙනෙකුට සිංහල වීම නිසා ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය​. 

තමන් ගේ ජාතිකත්වය නිසා ජීවත් වන රටේදී ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වන්නේ නම් එය මානව ස්වීයත්වය පහල හෙලන තත්වයකි. බොහෝ රට වල විවිධ ජාතීන්ට විවිධ කාල වල තම ජාතිකත්වය නිසා හිංසනයන්ට මුහුණ දීමට සිදු විය​. දෙවන ලෝක යුද සමයේ යුරෝපයේ ජීවත් වූ යුදෙව් ජනයාත් ඇමරිකාවේ විසූ ජපන් ජාතිකයනුත්  කඳවුරු වලට  ගාල් කරන ලදි. වාසනාවකට මෙන් ජපන් ජාතිකයන් ගෑස් කාමර වලට නොයවන ලදි. 

ඇමරිකාවේ ජීවත් වන කළු ජාතිකයන්ට තම ජාතිකත්වය නිසා බ්ලැක් ලයිව්ස් මැටර් කියා බැනර් එල්ලීමට සිදු විය​. තම ජාතිකත්වය නිසා තමන් ප්‍රභේධකරණයට ලක් කරන බව ඕස්ට්‍රේලියාවේ මෙන්ම  කැනඩාවේ ආදිවාසිහු පවසති. ජර්මනියේ ජීවත් වන තුර්කි ජනයාත් , එංගලන්තයේ /ඇමරිකාවේ ජීවත් වන මුස්ලිම් ජනයාත්  තම තමන් ගේ ජාතිකත්වය අගම නිසා වියෝජනයන්ට ලක් කෙරෙන බව පෙන්වා දෙති. 

මිනිසුන් ගේ   ජාතිකත්වය නිසා ඒ මත පදනම් වී  ඔවුන්ව පරිපීඩනයට පත් කිරීම මිනිසත්කමට උචිත නැත​. මානවයා දියුණුවත්ම මෙවැනි අශිෂ්ට දුර්ගුණ සමාජයෙන් බැහැර කිරීම අනිවාර්‍ය වේ. ඒ සඳහා ආකල්පමය වෙනසක් සමාජය තුල ඇති කිරීම සඳහා ප්‍රජාපාලනයන් පෙරමුණ ගත යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

44 comments:

  1. Education is the most important tool in this regard. But not the education most of our people are chasing. It is the education which make the person knowledgeable and paving the way to modify his attitudes and behaviour. I think this cannot be done only with sciences alone or arts alone. It must be a mixture of all subjects together with proper mentoring and role modeling in family, school, society and work place. Education must have to inject the sense of humanity in to the brains of people rather than filling their brains with theories. In addition our religious teachings should be modified to make people understand the true spirit of religions which is hidden behind the ironic curtain in every religion.On that beautiful day, we can sense the true humanity irrespective of ethnicity, religion, cast or colour.

    ReplyDelete
  2. දෙමළුන්ට දෙමල වීම නිසාම තිබෙන ප්‍රධානම ප්‍රශ්න අතුරෙන් එකක් වන්නේ භාෂාවය. දෙමල බසින් ආණ්ඩුවට ලියන ලිපියකට පිළිතුරක් ලැබෙන්නේ කලාතුරකිනි .ලැබුනද එය ඔහු නොදන්නා සිංහල බසිනි .

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දෙමළ ශිෂ්‍යයෙක්ට දෙමළෙන් ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙන්න බෑ.
      ඒක දෙමලාට වූ අසාධාරණයක් කියලා හිතුනේ නැද්ද?

      Delete
    2. රුවන්ගේ yes කියන උත්තරය උඩ ප්‍රශ්න දෙකෙන් කොයි එකටද...?

      Delete
    3. sinhala ayath ayatath sinhalan igena gena doctor kenek wenna ba.dan okkoma karanne English walin.UK wala inna aya (Tamil/Sinhala) tamil hari sinhalenda wada ekanne.e rate bashawen neda.eth tamil aya singala igana ganna kamati na.language converters tiyeddi office walata barida oka translate karala ewanna.

      Delete
  3. ඩොක්ටර්,

    කිසියම් මිනිසෙකු තමන්ට එරෙහි වෙනවානම් මුලින්ම මිනිස් මනස ක්‍රියාකරන්නේ අදාළ මිනිසාගේත් තමන්ගේත් අතර වෙනසක් කල්පනාකර අදාළ වෙනස යොදාගෙන අදාළ පුද්ගලයා පහත් කිරීමට හැකිනම් එය කරනවා මෙය මිනිස් මානයේ සොබාවයයි.
    "පර දෙමළා කියල කියන්නේ ඕක" තමයි

    ඔහොම ගත්තොත් උතුරේ සිංහල මිනිසුන්ටත් ඔවැනිම තත්වයකට තමයි මුන්දෙන්න උනේ .

    නමුත් රජයේ නීතියකින් දෙමල වීම නිසා අසාදාරනයක් වෙලා තියනවද ?
    මට ඕනේ නම් පුළුවන් සිංහල වීම නිසා නීතියෙන් වූ අසාදාරනයක් පෙන්වන්න ඔබ ගන්න තෙසවාලම් නිතිය මයට අනුව යාපනේ දෙමල මිනිසෙකුගේ ඉඩම විකුනන්න පුළුවන් දෙමල මිනිසෙකුට පමණයි, කොළඹනගරයේ නම් මුදල් තියනවා නම් ඕනෑම කෙනෙකුට ඉඩම් මිලදී ගන්න පුළුවන්.

    මේවගේ රටේ මුලික නීතියෙන් වූ අසාදාරනයක් තියනවනම් ඒවා පෙන්වීමයි වටින්නේ.
    එහෙම නැතුව ඕස්ට්‍රේලියාවේ සුදුජාතිකක් නොවුන නිසා මෙවැනි
    https://www.youtube.com/watch?v=33wZoSVJK1E

    දැන් ඔබ මේක බලල කලුවිම නිසා ඔස්ට්‍රේලියාව ජාතිවාදී කියල කියන්න පුලුවන්ද ?

    මතක තියාගන්න ඩොක්ටර් මේ දෙමල ජාතිවාදීන් කියන්නේ ඔවුන්ට නීතියෙන් සමායිතිවාසිකම් දෙන්න කියලනේ ඉතින් ඔබ යෝජනාකර්න්නකෝ නීතියෙන් අසාදාරනයක් වෙලා තියන්නේ කොතනද රජයෙන් දෙමල ජාතිකයන්ට සහ නිවැරදි වෙන්න ඕනේ කොහොමද කියල.

    ඔබ කියනවා සිංහලෙන් නිවේදනයක් ලැබීම පිලිබදව එයනම් නීතියෙන් වන අසාදාරනයක් තමයි හැබැයි ඇත්තටම ඔය ප්‍රශ්නය සිංහල අයටත් තියනවා මොකද සමහර පත්‍රිකා තියනවා ඉංග්‍රීසියෙන් පුරවන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. have a look at this https://www.youtube.com/watch?v=594QPe7oai0 and compare this with Sri Lankan Government jobs

      Delete
    2. තෙසවාලම් නිතිය මයට අනුව යාපනේ දෙමල මිනිසෙකුගේ ඉඩම විකුනන්න පුළුවන් දෙමල මිනිසෙකුට පමණයි, කොළඹනගරයේ නම් මුදල් තියනවා නම් ඕනෑම කෙනෙකුට ඉඩම් මිලදී ගන්න පුළුවන්.////// athha

      Delete
    3. "ලංකා සිතුවිලි" නම් යූටියුබ් විශාරදයෙකි!

      Delete
    4. ඇයි රසික ඕස්ට්‍රේලියාවේ ජාතිවාදය ගැන කිව්වම රිදුනද ?
      Truth is bit uncomfortable mate

      Delete
    5. ඒතකොට පවුල් නීතිය, මුස්ලිම් නීතියට අනුව ලංකාවේ උනත් ඔවුන්ට විවාහ 4ත් කරගත හැකියි. උදාහරනයක් හැටියට අසාද් සාලි වගේ අය. සිංහල ඒක් කාන්තාවකුත් මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකුත් දැනට විවාහ කරගෙන සිටින බව අාරංචියි. සිංහල කාන්තාව නම් පින්ටෝ යි.

      තව උඩරට පවුල් නීතිය, ඒකත් වැරදි නැත්ද?

      තෙසවලාමේ නීතියට අනුව ඒම බලපවත්වන පදේශ තුල ඉඩම් අන්සතු කිරීමේදී ඉස්සල්ලාම දෙන්න පුලුවන් පවුලේ අය අතර විතරයි. ඒතකොට විග්නේශ්වරන්ගේ ඉඩම් පුතා මැරැනාම අයිතිවන්නේ සිංහල භාර්යාවට නෙවෙයිද?

      Delete
  4. ඕනේ ලිපිය වටිනා ලියවිල්ලකි.

    නමුත්. මේ කියවීම ජාතිකත්වය මතම පදනම් වූ එකක් නොවිය හැකිය. එය කණ්ඩායම් හැසිරීම් මත පදනම් වූ එකක් විය හැකිය.

    සියලු දෙමල අය කොට ත්‍රස්තවාදීන් ලෙස සැකෙන් බැලු කලක් තිබුණි. සියලු මුස්ලිමුන් තස්තවාදීන් ලෙස බලන කලක් පැමිණ තිබේ. මේවා ජාතිකත්වය මත පද්මන් වී ඇති බව පෙනුනද මට සිතෙන්නේ මේවා කණ්ඩායම් හැසිරීම මත පදනම් වී ඇති බවයි.

    88-90 කාලයේ ඕනෑම ආගමක රැවුල වැවු විශ්විද්‍යාල ශිෂ්‍යයෙකු දෙස මිනිසුන් බැලුවේ ජේවීපී කාරයෙකු ලෙසයි.

    මේ කියවීම පොදු කණ්ඩායම් හැසිරීම් මත පදනම් වූ එකක් විය හැකි බව මම කියන්නේ මේ අත්දැකීම් ඇසුරෙ

    ReplyDelete
  5. හැබැයි සිංහලයට සිංහල වීම නිසා වෙච්ච අසාධාරණ ගැන කතා කරන්න එකෙක් නැහැ, එහම කතා කරන එකා ජාතිවාදියා.දැනට යාපනේ සිංහලයට වෙන අසාධාරණ ඔබට පෙනෙන්නේ නැහැ. ඔබචුන්නාකම් ගිහින් ඇතිනේ . එතන තියෙන බෞද්ධ පුරා විද්‍යා ඉඩම් කොල්ල කන්නෙ තේසවලාමේ නීතියෙන් නෙමෙයි . තව මේ වගේ ගොඩක් අද වෙන දේවල් පෙන්නන්න තියෙනවා. ඔබ තවම 83. කාල් ගාමින් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අංකල් කණ්නාඩි දාගෙන මගේ ලිපිය ආපහු කියවන්න එතන මෙහෙම ලියවිලා තියනවා ; දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ප්‍රශ්න තිබුනාක් මෙන්ම සිංහල වීම නිසා උතුරුකරයේ ජීවත් වූ සිංහලයන්ටද ප්‍රශ්න තිබුනේය​. වවුනියාවේ ජීවත් වූ කරුණාරත්න නම් සිංහල පවුලක් මගේ මතකයට නැගේ. 1975 වැනි කාලයක වවුනියාවේදී මෙම කරුණාරත්න පවුල අපට ඉතා හොඳින් සැලකූහ​. නමුත් ගැටුම් ආරම්භ වීමත් සමගම ඔවුන් තම දේපළ හැර දමා දකුණට ආහ​. මෙයාකාරයෙන් උතුරේ ජීවත් වූ සිංහල ජාතිකයන් බොහෝ දෙනෙකුට සිංහල වීම නිසා ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය

      Delete
    2. sinhala gana katha karana eka jathiwadiyek.ekai dan lankawe thathwe.demalata demala gana katha kala haki sema sinhalayata sinhalaya ganada katha kala haka.wada wadagth wanne siyalu denama minisun weemai.

      Delete
  6. ඩොක්ට. බොහොම වැදගත් ලිපියක්.

    මම සමග බැංකුවේ වැඩ කල දෙමල මිත්‍රයෙක් හිටිය. (තවමත් ඔහු මගේ හොඳම මිතුරන් තුන්දෙනාගෙන් එකෙක්) ඔහු උපතින්ම ප්‍රකෝටි පතියෙක්. ඔහුගෙන්ම (බැංකුවේ වැඩ කල) මගේ සිංහල මිතුරන් කිහිපදෙනෙක් ණය ලබාගෙන ගෙවන්න බැරි උන නිසා ඔහු කොටි සාමාජිකයෙක් කියා පොලිසියට දැනුම් දුන් අවස්ථා මම දැකල තියෙනව.

    ඒ වගේම එංගලන්තයේ ත් මට දරුණුම ගනයේ හිටපු කොටි සාමාජිකයන් මුණ ගැසී තිබුනත් මම සිංහල කියා (එකෙක් දෙන්නෙක් ඇර, මොකද ඒක ඔවුන්ගේ අත්දැකීම් නිසා වෙන්න පුළුවන්) කිසිම වෙනසක් කරල නැහැ. සමහරක් විට ඒක මගේ සමාජ ආශ්‍රය නිසා වෙන්න පුළුවන්.

    මගේ සීය ව්‍යාපාර කරල තියෙන්නෙ යාපනයේ. යුද්දෙ පටන්ගන්නකොටම ව්‍යාපාර දේපල ඔක්කොම අතහැරල ආයෙ මාතරටම ආව කියල තමයි මගේ දෙමව්පියන් ආච්චි එහෙමත් කියල තියෙන්නෙ. හැබැයි ඉතිං ඩොක්ට අද වෙනකං කිසිම දේපලක් අයිති උනෙත් නැහැ. ඒත් අවුරුදු තුනකට සැරයක් වගේ හොලිඩේ යන යුරෝපයේ වෙසෙන මගේ නෑදෑ මල්ලිල නංගිලා නම් යාපනය පැත්තෙ රිසර්ච් එකක් දාල පවුලේ අයට ආච්චිට සිඟිති ආතල් දෙනව එයාල සීයගෙ ඉඩකඩම් හොයා ගත්ත කියල. එව මට කියන්න ඇවිල්ල නම් දවසක් මම කිව්ව "උබල යාපනෙන් සීයගෙ දේපල හොයාගත්ත තරමට දැන් උබල ඉඩම් හිමි වැවිලි කරුවෝද" කියල. 😂

    තව මම එක වරක් වැඩ කල ස්ථානයකට අළුතෙන් ආව සිංහල කෙල්ලෙක් මම වෙන රටක කියල මගෙන් ඇහුව උබ කොයි රටේද කියල. මම ලංකාවේ කිව්ව. ආයෙ ඇහුව සිංහලද දෙමළද කියල. මම කිව්ව සිංහල කියල. (සාමාන්‍යයෙන් ආසියාතික එකෙක් Where are you from? කියල ඇහුවොත් මම කියන්නෙ Same place where you came from කියල. ඒත් කෙල්ලෙක් නිසා එහෙම කියන්න ගියේ නැහැ 😂)

    මේ සිංහල කෙල්ල මම අහන්නත් කලින් එයා ශ්‍රී ලංකන් ටැමිල් කියල කිව්ව.

    පස්සෙ ඉතිං මම සිංහලෙන්ම ඒකිගෙ මුනටම කිව්ව "ඇයි නංගි ටැමිල් කියල කිව්වෙ? සිංහල කියල කිව්වොත් මම ඔහේ එක්ක බුදියගන්න කතා කරයි කියලද?@ කියල. හැබැයි ඊට පස්සේ නම් ඒ කෙල්ල දැක්කෙ නැහැ.

    පව් සිංහල කෙලි පැටික්කි.. 🤔

    ReplyDelete
  7. Wmk is correct, don't forget we (Sinhala) are the majority of this country and Tamils should understand that and act accordingly. If you look at the history it is always Tamils started the unrest (even in 1983) In 1983 most of us came to the rescue of Tamils, only UNP thugs and few urban thugs did all the atrocities. Did any Tamils help us when LTTE was murdering us left right and center? Even in the future Tamils will get our reaction according to the size of us living in this country.

    ReplyDelete
  8. කැනඩාව කියන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් සහිත රටක්. එමනිසා ඔබ දිගටම කැනඩාවේ පදිංචිවී සිටීමට තීරණය කලොත් ඔබේ දරුවන් සිංහලබෞද්ධයෝ වෙන්නේ නෑ. ඔවුන් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානිකාරයෝ බවට පත්වෙයි. එය සිංහලබෞද්ධයන්ට වන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මිනිස් ශිෂ්ඨාචාරය ගොඩ නැගෙන්නේ අසාධාරණයන් මතය

      Delete
  9. දැනගන්න අහන්නේ,
    කැනඩාවේ දෙමළ ජනයාට යන්න දෙමළ සංස්කෘතියට ගැලපෙන පොදු වැසිකිලි තියෙනවද?

    ReplyDelete
  10. Discrimination vs. Reverse-discrimination.

    ReplyDelete
  11. ඔබ කරුණු එකින් එක සියුම්ව ගලපමින් දෙමළ මිනිසුන්ට සිදුවූ අසාධාරනකම් ගැන ඔබේ අත්දැකීම් (සමහර විට හිතළු ද විය හැක) ඉදිරිපත් කරයි. ඒවා පොත් ලෙසින් සහ හෝ බ්ලොග් පෝස්ට් වශයෙන් පළකරයි.
    ඒවායේ ඒක පාර්ශවික භාවය අඩු කර පෙන්වීමටදෝ එක සිංහලයෙකු "දේපළ හැරදා ගියා" කියා ලියමින්ද, "මෙයාකාරයෙන් උතුරේ ජීවත් වූ සිංහල ජාතිකයන් බොහෝ දෙනෙකුට සිංහල වීම නිසා ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය" කියා සරළව ලියමින්ද, ලිපියේ සහ හෝ පොතේ පක්ෂග්‍රාහී භාවය වසා ගැනීමට යත්න දරයි.

    ඔබම පිළිගන්නා (පිළිගන්නා බව පෙන්වනවා පමණක් විය හැක-උපකල්පනයකි) ආකාරයට උතුරේ සිංහලුන්ටද අසාධාරණකම් සිදුවී ඇත. මෑත කාලයේදීත් සිදු වෙමින් පවතී, ඒවාට ඔබ සංවේදී නැත. ඒවා ඔබ සවිස්තරව කරුණු එකින් එක ගෙන වාර්තා කරන්නේද නැත.
    (ඒ ඔබ ඒවා ඇසින් නුදුටු නිසා ද විය හැක, නොදනී)

    ඔබ කිසියම් හේතුවක් නිසා එවැනි දෑ නොලියුවත් ඔබ සිහලෙකුව සිට දෙමළුන් ගැන වැඩි සංවේදීභාවයෙන් ලියන්නාක් මෙන් උතුරේ සිදුවූ එවැනි සිද්ධින් උතුරේ සිට දැක වාර්තා කල හෝ කරන ලද එකදු දෙමළ ජාතිකයකු හෝ නිදසුනක් සේ පෙන්වන්න.
    එසේ ලියු යමක් සිංහල ජාතිකයෙකුට පිළිගැන්වූ අවස්තාවක් උදාහරණ කොට දැක්විය හැකිනම් එය පාරිතෝශිතයක් ලෙසින්ද සළකමි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස ; ඔබගේ නිදහස

      Delete
  12. AnonymousApril 21, 2017 at 3:43 AM////// ඔබ කියූ දෙය දොස්තර මහතා දුටු ගමන් එය තිරයෙන් මැකියාවී එමනිසා මෙය ස්ක්‍රීන් ෂොට් එකක් වශයන් ළඟ තබාගන්න

    ReplyDelete
  13. බෞද්ධ දර්ශනයේ “සමානාත්මතාවය‘, කතෝලික ආගමේ “අසල්වැසියාට ප්‍රේම කිරීම“ යන දේවල් වලින් එකම අදහසක් දෙනවා. ඇයි මිනිසුන්ට බැරි එක විදියට හිතන්න. අනේ මන්දා මම නම් කාටත් එකයි. මට කවුරුත් එකයි. කාටත් එකලෙස සලකනවා. උපතින් මනුස්සයෙක් වසලයෙක් නොවන බව ධර්මය අනුව අත් දැක තියෙනවා. ඉතිං මේ පුංචි දේවල් මනසට දාගත්තොත් ඇයි අපිට බොරු දේවල් වලින් වෙනස් වෙන්න බැරි .

    නීතිය පැත්තෙන් නම් මම හිතන්නේ රෝම ලන්දේසි නීතිය දැන් වෙනස් වෙලා අපේ රටට ජාත්‍යාන්තරව ගැලපෙන නීති අළුතින් එකතු විය යුතුයි. ඒ නීති අපක්ෂපාත ආකාරයෙන් ක්‍රියාත්මක කල යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන අය තමන්ගේ සේවාව විනිවිද පෙනෙන ආකාරයෙන් ක්‍රියා නොකරන නිසා තමා ජාති වාදය නැගිටින්නේ. මේ මට දැනනෙන දේ. නිතිය ඉදිරියේ කවුරුත් සමානයි කීවට එම කියමනේ යටින් මට කියලා ඔය ක්‍රියාත්මක කරන අය ලියාගෙන තමන්ගේ අයට අළුත් නීතියක් හදලා හරි උදව් කරනවා.

    තවත් එකක් මේ හැම දෙයකම මට දැනෙන එක දෙයක් තියෙනවා. රටට අත්‍යාවශ්‍ය රැකගන්න උවමනා කෙනෙක් නම් ඒ කෙනාව පෝරකයට යවන එකත් වැරදියි. එයාට දඬුවමක් දී එයාගෙ මෙලෙන් තව වැඩ ගත යුතුයි. මේ මගේ හිතට හිතෙන දේ. ඒවට නම් කවුරුත් අකමැති වෙයි. ගොඩක් අයට උවමනා අනෙකාගෙන් පලිගන්න අනෙකාව රිදවන්න.

    වියයුත්තේ මෙන්අන මේ මානසිකත්වය වෙනස් කරවීමයි. එය එක පැත්තක් බලා කල හැකි දෙයක් නෙවේ.

    ReplyDelete
  14. අනික කෙනෙකුට අමතන්න හොඳම විදිය එයාට ඇති නම මිසක එයාගේ ජාතිය කුලය ආගම නෙවේ. මෙහෙම කරන්නේ මානසිකත්වයෙන් පහල අය. අපි හැමෝටම තියෙන්නේ එකම ලේ. ඇයි තව කෙනෙකුට හිත රිදෙන්න කතා කරන්නේ. මට තේරෙන්නේ නෑ මේවා මිනිස්සු කොහෙන්ද අරගෙන තියෙන්නේ කියලා. මනුශ්‍යත්වය ලැබුවට මිනිසුන් පිරිහිලා.

    ReplyDelete
  15. නීතිය ගැන මට දැනෙන දේ..........


    සාධාරනය පතනා සෑම හිතක අග
    ආධාරයම සොයලා එන අතක වග
    කාලාවරෝද නීතිය වූ පොතක මග
    සාලාවකම ඇස ඇද ගති නැතුව රඟ

    කිරලා බලා බෙදලම දෙන්නමනේ හිත
    විරලා ගනයෙ උන් ගැටෙනවා මතින් මත
    පිරිලා දෙපසෙම විතර්කයෙන් තර්ක කොත
    නිරිඳා පැත්ත ගෙන නඩුවට දුන්නා තිත

    කොසෙල් රජුගෙ සිහිනය සැබැවීලූ අදට
    දෙකොනින් කන අසුන් බිහිවී ඇතේ හොඳට
    පොහොසත් නීතිය දිරලා දිළිඳුගෙ පවට
    කිරීටය යටින් ලද අධිරජ කාලෙ සිට

    ReplyDelete
  16. රටක පුරවැසියන්ට මහ ජාතිය සුලු ජාතිය වශයෙන් බේද තිබෙන්ට බැහැ...රටේ පුරවැසියන් සියලු දෙනාට ඒ රටේ එක හා සමාන අයිතිය තිබිය යුතුමයි..මොකද ඒ ඔවුන් හැමොගෙම බිම නිසා..ඔවුන්ට වෙන ආගම්, ජාති තියෙන්න පුලුවන්..ඒත් එකෙන් ඔවුන්ට පුරවැසියන් ලෙසින් හිමි දේ අහිමි කරන්න බෑ..අන්තවාදී , බඩගෝස්තරවාදී, කුහක පාලකයො ඉන්න රටක, ඒවාටම හරියන්න එ මෝඩ දේශපාලුවන්ට කඩේ යන, බත් පැකට් එකට අම්ම අප්පා උනත් මරන එකෙක් දෙන්නෙක් හිටියත් ඇති ඒ රට අපායක් කරන්න.

    ReplyDelete
  17. අවිහිංසක දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් බොහෝ ප්‍රශ්න ඇත. නමුත් පටු ජාතිවාදී සිංහලයන්ට මොනම ප්‍රශ්නයක්වත් නැත.ඔවුන් සුඛිත මුදිතය

    ReplyDelete
  18. බැලන්ස් කරලා ලියල තියනවා.

    ReplyDelete
  19. අපි මූලික දෙමළ බස හෝ ඉගෙන නොගැනීමත් ගැටළුවක්, ඒ සදහා මීට වඩා උත්සාහයක් පාසල් මට්ටමේදී ටෙදිය යුතුයි.

    ReplyDelete
  20. හොඳ ලිපියක් දෙවෙනි වතාවට අද කියෙව්වේ, ෆේස්බුක් එකේ උවිඳු කුරුකුලසූරිය ට ලියපු කොමෙන්ට් එකක් විදියට

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook