ඔහු සන්සුන් නිහඬ චරිතයකි. කථා කිරීමට වඩා සවන්දීමට කැමතිවිය. දක්ෂ ගුරුවරයෙකි. අසන්නන් ග්‍රහණය කරගන්නා අයුරින් කතා කරයි. ඔහු ආචාරශීලිය. සෞම්‍ය ගතිගුණවලින් යුක්තය. ඔහු ජනතාව සංවිධානය කළේය. සිහනුක් රජයේ දූෂණ හා ජනතා පීඩන යාන්ත්‍රණය ඔහුගේ විවේචනයට ලක්විය. දුප්පත් ගොවීන් අතර ඔහු වීරයෙකු විය. සිසුහු ඔහුට සවන් දුන්හ. බොහෝ පිරිස් රැකියා අතහැර දමා පොල්පොට්ට සහයා දීමට ඔහු ක්‍රියාත්මක වූ ග්‍රාමීය ප්‍රදේශයට ගියහ. කම්පුචියාවේ අනාගතය පොල්පොට් බව ඔව්හු කීහ.
දුගී භාවයට, විරැකියාවට, රාජ්‍ය මර්ධනයට එරෙහිව ඔහු කථා කළේය. ජනතාවගේ ආදරයට පාත්‍රවීම ඔහුගේ අපේකෂාව විය. අප දුප්පතුන් අතර ජනප්‍රිය වීමට නම් ඔවුන්ට සමානව ජීවත්වියයුතු බව පොල්පොට් නිතරම කීවේ. ඔහු කථාකළේ ජනතාව වෙනුවෙනි. ජනතා අභිලාෂයන් පිළිබඳවය. ජනතාව අමතන විටදී ඔහු ආකර්ෂණශීලි ලයාන්විත භාෂාවක් යොදාගත්තේය. ආත්ම දමනයෙන් යුතු ඔහු කිසිවිටෙක කෝප ගත්තේ නැත.
පොල්පොට් වටා ගොනුවූ ගොවි ජනතාව ඔහු වෙනුවෙන් සටන් කිරීමට ශපථ කළහ. ගොවීන් වෙනුවෙන් හඬක් නගන මේ පුද්ගලයා සෑම අංශයකින්ම පරිපූර්ණ පුද්ගලයෙකු බව ඔව්හු සිතූහ. පොදු සතුරාට එරෙහිව සටන් කිරීම සඳහා ඔව්හු පොල්පොට් වටා ඒකරාශී වූහ.
නිව්යොක් ටයිම්ස් පුවත්පතේ කතුවරියක් වන එලිසඛෙත් බේකර් තමා පොල්පොට් හමුවූ අවස්ථාව මෙසේ සිහි කැඳවන්නීය. 1978 දෙසැම්බර් 22 අපගේ හමුව සිදුවිය. එය අතිශයින්ම විරල අවස්ථාවක් බව පැවසිය හැක. ඒ මන්දයත්, ඔහුව හමුවීමට අවකාශ තිබුණේ සීමිත පුවත්පත් කලාවේදීන් පිරිසකටය. ඒ අතරින් බොහෝ දෙනෙකු කොමියුනිස්ට් රටවල පුවත්පත් වාර්තාකරුවන් වූ අතර බටහිර ජන මාධ්‍යයට පොල්පොට්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම අසීරුව තිබුණි.
ඔහු අප ආචාරශීලිව සිනහවකින් පිළිගත්තේය. මෙම පුද්ගලයා මිලියන ගණනාවක් මිනිසුන් මෙලොවින් අතුගා දමා තිබුණු බව මට සිහිවිය. ඔහු සිහින් හඬින් සිත් ඇදගන්නා විලසට කථා කළේය. ඒ අතරවාරයේ කරගැට රහිත සිනිඳු දෑත් මගේ නිරීකෂණයට ලක්වූයේ නිරායාසයෙනි.
මරණයේ ගොවිබිම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මා කළ උත්සාහය නිරර්ථක විය. ඔහු ඒ සම්බන්ධයෙන් මට කිසිවක් කීවේ නැත. දිගින් දිගටම වියට්නාම් ප්‍රහාර හා වියට්නාමය විසින් කරන ලද හානි ගැන කීවා මිසක මිලියන 3 ක් කම්පුචියානුවන් මිය ගියේ කෙසේද යන්න ඔහුගේ දේශනයට අඩංගු නොවීය.
පොල්පොට්ගේ ඝාතනවලට කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් හෝ සහාය දුන් බලවේග දැන් නිහඬය. ඔහු බලයේ සිටි කාලයේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය පවා ඔහුට ආධාර කරන ලදී. වරක් මාඕ ඔහුට ප්‍රශංසා කළේය. “ඔබගේ ජයග්‍රහණය අති විශිෂ්ඨය. එක ප්‍රහාරයෙන් සියළුම පන්ති ඔබ අවසන් කළා. විශිෂ්ඨයි. අතිවිශිෂ්ඨයි” පොල්පොට් යන නමේ තේරුම Politique Potentelle හෙවත් සක්‍රීය දේශපාලඥයා යන්නය. එහෙත් මෙම සක්‍රීයතාව ගෙන ආවේ මරණීය පණිවිඩයකි.
කෙමරුජ් දේශපාලන න්‍යාය
මුල් කාලයේදී කෙමරූජ් සංවිධානය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයෙන් මාර්ගෝපදේශය ලබා ගත්හ. ක්‍රම ක්‍රමයෙන් එය ස්ටැන්ලිවාදී හා උගතුන්ට එරෙහිව ක්‍රියාකරන පක්ෂයක් බවට විකාශනය විය. මාක්ස්ට එදිරිව යමින් ඔව්හු කම්කරුවන් වෙනුවට ගොවීන් නියම නිර්ධන පන්තිය ලෙස තෝරාගත්හ. කාලයත් සමඟ ඔවුන්ගේ දේශපාලන ව්‍යුහය වෙනස් විය. අවසානයේ ඔවුන් තමන්ට ආවේණිකවූ නව දේශපාලන න්‍යායක් ගොඩ නංවන ලදී.
පොල්පොට් 1963 සිට 1991 දක්වා පකෂයේ මහාලේකම් විය. කම්පුචියාව විදේශ රටවලින් තනිකිරීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය විය. කිසිම රටක් සමඟ නිළවශයෙන් සබඳතා නොපවත්වන ලදී. ඔවුන්ගේ දේශපාලන න්‍යාය තුළ පැවතියේ විශාල රික්තයකි. එම රික්තය පුරවනු වස් ද්‍රෝහීන්, කඩාකප්පල්කාරීන්, ප්‍රතිගාමීන්, ජනතා සතුරන් යනුවෙන් හඳුන්වනු ලැබූ අදිසි සතුරන් සොයා විශාල මෙහෙයුම් ක්‍රියාත්මක විය. කම්පුචියානු විප්ලවය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන 1-2 අතර ජනග්‍රහනයක් බව කෙමරුජ් නායකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඉතිරිවූවන් පොහොර විය යුතුය. මේ දේශපාලන න්‍යාය මගින් කම්පුචියාවේ ජනගහනයෙන් 25% ක් ඔව්හු මරා දැමූහ. පොල්පොට් තමදේශපාලන න්‍යාය විග්‍රහ කළේ කොමියුනිස්ට් සමාජයටයා හැකි කෙටිමාර්ගයක් ලෙසටය.
අන්කා දහම
කෙමරූජ්වරු අදහන ලද්දේ “අන්කා” දේශපාලන දර්ශනයයි. කෘෂිකාර්මික, ආර්ථීක ස්ථරයකින් වටවූ “අන්කා දහම” මගින් පෞද්ගලික දේපල, පුද්ගල නිදහස, නිදහස් අදහස් ප්‍රකාශනය, දැඩිලෙස සීමා කරන ලදී. බටහිර තාක්ෂණය ප්‍රතික්ෂේප කරන ලද ඔවුන් ප්‍රජාව ග්‍රාමීය ඉඩම්වලට කොටුකරන ලද්දේ ඔවුන් පාරිශුද්ධත්වයට පත් කරනු සඳහාය. පරාජීර්ණව තිබූ නාගරික ලෝකය වෙනුවට නව ගැමි ජීවිතයක් මගින් සියළු දෑ මුල සිට ආරම්භ කළයුතු බව අන්කා දහම මගින් ඔව්හු පැවසූහ. මුල සිටම ආරම්භ කරන පොදු ග්‍රාමීය සමාජය මගින් ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණය අත්පත් කරගෙන කොමියුනිස්ට්වාදයට පිය නැගීම ඔවුන්ගේ අරමුණ විය.
අන්කා දහම මගින් පොල්පොට් අපේක්ෂා කළේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු කිරීමය. එවිට පුද්ගලයා ස්වයංපෝෂිත වෙයි. ඔහු තම ආහාර වේල සඳහා එවිට අන්‍යයන් මත යැපෙන්නේ නැත. මේ මගින් ජනතාවට සමෘධිය ලඟාකරදීම පොල්පොට්ගේ දර්ශනය විය. එහෙත් පොල්පොට්ගේ අත්හදාබැලීම කෙළවර වූයේ මහා ව්‍යසනයකින්ය.
අන්කා දහම අනුව ගොවිබිම අප්‍රිය කළ ඕනෑම පුද්ගලයෙක් ජනතා හතුරෙකු ලෙස ගණන් ගැනිනි. ඔවුන්ට අත්වූයේ මරණයයි. සමානාත්මාවය රජයන සමෘධිමත් ලොවක් බිහි කිරීම පොල්පොට්ගේ මූලික අදහස වුවද, එය ක්‍රියාවට නැංවූයේ ජනතාවගේ ලේ සහ කඳුළු මතින්ය. කාලයත් සමඟ කෙමරූජ් නායකයන් අන්කා දහමේ සිරකරුවන් බවට පත්වූහ. ඔවුනට යළි ආපසු යාමක් ගැන සිතීමට පවා නොහැකි වූහ. න්‍යාය ගුරුකොට සෑම තීරණයක්ම ගත් ඔවුන් ප්‍රායෝගික ගැටලුවලදී ළදරුවන් මෙන් අසරණ වූහ.
පසු කාලෙක පොල්පොට් “අප ළදරුවන් මෙන් දණ ගෑවෙමු” යැයි ප්‍රකාශ කලේ න්‍යාය සහ ප්‍රායෝගිකවාදය අතර තිබූ පරතරය නිසාය. (Aබටන් යන වචනවට තේරුම් ගණනාවක් තිබේ. Aබටන් යන්න නිර්වචනය කොට ඇත්තේ සංවිධානය, යනුවෙන් වුවද කෙමරූජ්වරු පසුකාලීනව Aබටන් ආගමක් ලෙසට සකස් වූ ව්‍යුහයක් ලෙසට පරිවර්ථනය කළහ.)
මාඕ සහ ස්ටැන්ලිවාදය සමඟ පොල්පොට් න්‍යාය
මාඕ සහ ස්ටැන්ලිගේ දේශපාලන ව්‍යුහය අගය කළ පොල්පොට් එම ව්‍යුහයන් දෙකේ සම්මිශ්‍රණයෙන් යුත් අළුත් න්‍යායක් එළි දැක්වීය. ජාතිවාදය හා නට්සි අදහස් ද මෙම න්‍යාය තුළ දක්නට ලැබිණ.
සභාපති මාවෝ විසින් හඳුන්වාදුන් ප්‍රගතියේ මහා පිම්ම මගින් චීනයේ නාගරික ජනතාව ග්‍රාමීය ප්‍රදේශ කරා පිටමං කරනු ලැබීය. මෙම ක්‍රමවේදය ආදර්ශයට ගත් පොල්පොට් නොන් පෙන් නගරය ජනයාගෙන් හිස් කරන ලදී.
කම්පුචියාවේ නගරබද කම්කරුවන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අඩුවූ හෙයින් පොල්පොට්ගේ බලාපොරොත්තුව රැඳී තිබුණේ ගම්බද ගොවීන් කෙරෙහිය. මාඕ මෙන් පොල්පොට් ගොවීන් වැඩකරන පන්තියක් ලෙස ඔහු හැඳින්වීය. පොල්පොට් අදහස් කළ උටෝපියාව ගොඩනැංවීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන දෙකකට ආසන්න ජන ප්‍රමාණයක් බවත් අනෙක් පිරිස පාළන තන්ත්‍රයට බරක් බවත් කෙමරූජ් නායකත්වය විසින් නිබඳවම පවසන ලදී. එම නිසා අතිරේක මිනිසුන් කෂය කිරීමට ඔව්හු පියවර ගත්හ.
ස්ටාලින් විසින් “කලෙක්තිව් හසයිස්ත්වා” යනුවෙන් සඳහන් වූ සමූහ ගොවිපළවල් ක්‍රමය පොල්පොට්ගේ සිත් ගත්තාවිය හැක. එසේම පුද්ගල වන්දනාව මගින් පිරිපුන් ස්ටැලින්වාදය ඔහු ග්‍රහණය කරගත්තේය.
1931 හා 1951 අතරතුර කාලයේදී ස්ටැලින් මිනිසුන් 800,000 ක් මරා දැමීය. ගුලාර්ග් ශ්‍රම කඳවුරුවල සිරගත කෙරුණු මිනිසුන්ගෙන් බහුතරය යළි ජීවග්‍රාහීව පැමිණියේ නැත. ස්ටැලින් කලාක් මෙන් සමූහ ගොවි පළවල් ඇති කිරීම තුළින් ආහාරවලින් කම්පුචියාව ස්වයංපෝෂණය කිරීම පොල්පොට්ගේ අරමුණ වුවද ඔහු එය ක්‍රියාවට නැංවූයේ ස්ටැලින්ටත් වඩා බිහිසුණු අයුරිනි.
පොල්පොට්ගේ ෆැන්ටසිය.
ක්‍රිස්තුවර්ෂ 802 සිට 1431 දක්වා කම්පුචියාවේ පැවති ඉපැරණි ඇන්කෝර් ශිෂ්ඨාචාරය යළි ඇතිකිරීම පොල්පොට්ගේ සිහිනය වූයේය. එකල බටහිරින් තායිලන්ත, බුරුම, දේශසීමාව දක්වා ද, උතුරින් ලාඕසය දක්වා විහිදී පැවති මෙම ඇන්කෝර් ශිෂ්ටාචාර වටා දියුණු වාරිමාර්ග ක්‍රමයක් තිබුණි. මේකොං ගංගාවේ ජලයෙන් ගොවිතැන් කළ ඇන්කෝර් ශිෂ්ඨාචාරය ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයකි.
ඉන්දු භාෂාවක් වන නාගර භාෂාවෙන් ඇන්කෝර් යනු නගරය යන අදහස ගෙන දෙයි. ගල් කැටයම් මගින් සුවිසල් ආරාම බිහිකළ මෙම යුගය කම්පුචියාවේ ස්වර්ණමය කාලවකවානුවයි. රාමායණයෙන් හා මහා භාරතයෙන් ආභාෂය ලැබූ මෙම ඇන්කෝර් ශිෂ්ඨාචාරය මේ වන විට විනාශ වී ගොස් සියවස් 5 කට වඩා අධික කාලයක් ගතවී තිබුණද යළි ඇන්කෝර් යුගයක් ඇතිකිරීම පොල්පොට්ගේ මූලික දර්ශනය විය.
පොල්පොට්ගේ මෙම ෆැන්ටසිය සඳහා මිලියන ගනනාවක ජනතාව ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූහ. අතීත ඇන්කෝර් රජවරු දේවත්වයේ ලා සලකනු ලැබිණ. රටවැසියන් යුද සේවයට බඳවා ගන්නා ලද අතර, ආක්‍රමණය කරනු ලැබූ ප්‍රදේශවලින් ජනතාව වහලූන් සේ යදම් වලින් බැඳගෙන එනු ලැබිණ. එමනිසා ඇන්කෝර් ශිෂ්ඨාචාරයට නොකඩවා ශ්‍රමය අවහිරයකින් තොරව ලබාගැනීමට හැකිවූයේය. බලසම්පන්න හමුදාවක් ඔවුන් සතුවිය. තවද මේකොං නදිය වටා නිරන්තරයෙන්ම ගමනාගමනයේ යෙදුණු නාවික බල ඇණිද ඇන්කෝර්වරුන් සතුව පැවතිබවට සාක්ෂි තිබේ.
හින්දු ධර්මය හා මහායාන බුදු දහම ඇදහූ ඇන්කෝර් වාසීන් අසල්වැසි රටවල් සමඟද සබඳතා පැවැත්වූහ. ඉන්දියාව, ග්‍රීසිය, පර්සියාව, යන රටවල් මේ අතර වෙති. ඇන්කෝර් ශිෂ්ඨාචාරයේ පිරිහීම සඳහා හේතුකාරක කිහිපයක් පිළිබඳව පුරාවිද්‍යාඳයෝ මත පළකරති. අභ්‍යන්තර බල අරගල, තායිදේශයේ ආක්‍රමණ, මේ අතර වඩාත් පිළිගත හැකි සාධකවේ.
ඇන්කෝර් ශිෂ්ඨචාරයේ ශ්‍රී විභූතියට වශීවූ පොල්පොට් යළිත් මෙවැනි ශිෂ්ඨාරයක් කම්පුචියාවේ බිහි කිරීමට අදහස් කළේ කෙමරූජ් සංවිධානය මගිනි. එහෙත් මරණයේ ගොවිබිම මිසක අන් යමක් තම ජනතාවට ලබාදීමට ඔහුට හැකිවූයේ නැත. පොල්පොට්ගේ මාරක ෆැන්ටසිය නිසා මිලියන ගණනක් ජනතාව අවතැන් වී මරණයට පත්වූහ.
ඇන්කෝර් ශිෂ්ඨාචාරය හරහා පොල්පොට් දුටුවේ කොමියුනිස්ට් උටෝපියාවකි. විකෘති අන්දමට වැළඳගත් මාක්ස්වාදය හරහා පොල්පොට් නිර්මාණය කළේ මරණයේ ගොවි බිම් සමූහයකි. පැරනොයිඩ ආකෘතියක තැනුනු පොල්පොට්ගේ දර්ශනය මිලියන තුනක ජනතාව මිහිතලයෙන් අතුගා දැමීය.
පොල්පොට්ගේ ෆැන්ටසිය හඳුන්වනු ලැබුයේ Collectivist Utopia වශයෙනි. 1978 දී ඔහු කෙමරුජ් දේශපාලනය ගැන මෙසේ කීවේය. “අප අපටම ආවේනිකවූ සමාජවාදයක් ගොඩනංවන්නෙමු. එය කිසිඳු රටකින් ගත් කාබන් කොපියක් නොවේ. අපි කිසිම රටක් ගුරුකොට නොගනිමු. අපි විමුක්ති අරගලයේදී ලද අත්දැකීම් මේ සඳහා භාවිතා කරමු. ගතානුගතික පාසැල්, විශ්වවිද්‍යාල අපගේ නව ක්‍රමය තුල නැත. එවැනි ප්‍රතිගාමි ආයතන කම්පුචියානු විප්ලවයට පෙර බොහෝ තිබුණි. අප මෙවැනි සුන්බුන් ඉවත් කළ යුතුය. අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නැත. නගරවල ඉරණම ජනතාව තීරණය කරනු ඇත. නගරය යනු ධනවාදයේ දුගඳ හමන අසූචි වල බව කෙමරූජ්වරු පැවසූහ. එම නිසා නගරය කෙරෙන් ජනයා දුරුවිය යුතුය.”
Phnom Penh නගරයට පොල්පොට් තුළ තිබුණේ සැඟවුණු වෛරයකි. කෙමරුජ්වරු බලයට පත්වූ වහාම Phnom Penh හි ජනතාව පිටමං කරන ලදී. ග්‍රාමීය ගොවීන් නූගත් අහිංසක කිසිවෙකු සූරානොකන කොට්ඨාශයක් බව පොල්පොට් ඇදහීය. එම නිසා ඔවුන් වඩාත් ශුද්ධ වූ කොටසකි. මේ නයින් බලන කල නගරය දූෂිතය. ඔහුගේ ෆැන්ටසිය අනුව නගරයට හා නාගරිකයන්ට පැවත්මක් නොතිබිනි. Phnom Penh හි ජනයා අප්‍රේල් 17 දින ජනයා හෙවත් නව මිනිසුන්ය. මේ කොට්ඨාශය ධනවාදයේ විෂමචක්‍රය කරකවන්නන්ය. ඔව්හු නව කම්පුචියාවේ සතුරෝ වෙති.
අතීතය පිළිබඳ මතකය රෝගයකි.
කම්පුචියාවේ විප්ලවයට පෙර යුගය පිළිබඳ කල්පනා කිරීම කැමරුජ්වරුන්ට අනුව දරුණු වරදකි. අතීතය පිළිබඳ ශෝකවීම, කාංසාජනකවීම, මිනිසුන් පෙලු රෝගයක් බව කෙමරුජ්වරු පැවසූහ. අතීතය පිළිබඳ මතකය රෝගයකි. අතීතයට පැවැත්මක් නැත. අතීත මතකය නිසා වර්තමානය බිඳී යයි. එබැවින් අතීතය පිළිබඳ කල්පනා කරන්නා රෝගියෙකි. නැතහොත් කඩාකප්පල්කරුවෙකි. ඔවුන්ට දඬුවම් කළ යුතුය.
මේ ශුන්‍ය වසරයි
පොල්පොට් බලයට පැමිණි වහාම ශුන්‍ය වසර Year of Zero නිවේදනය කළේය. මේ අනුව 1975 අප්‍රේල් 17 ශුන්‍ය වසරේ ආරම්භය විය. ඔහුගේ අදහස අනුව කම්පුචියාව ධනවාදයේ, බටහිර සංස්කෘතියේ, නාගරික ජීවිතයේ, ආගම්වල හා විදේශීය බලපෑම්වලින් දූෂණයවී තිබේ. මෙම අංශ මගින් අපවිත්‍ර වූ කම්පුචියාව සුපිරිසිදු කළ හැකකේ යළි ශූන්යතාවට ගමන් කිරීම මගිනි. එම නිසා සෑම දෙයක්ම මුලසිට අරඹනු ලැබේ. ඒ සඳහා අතිතයේ හා වර්තමානයේ අංගයන් විනාශ කළ යුතුය.
ශුන්‍ය වසර ශුද්ධ වසරකි. අතීත ස්මරණයන් අමතක කිරීම හෝ විනාශ කිරීම මගින් නව දේශයක් උදාකළ හැක්කේ ඔවුන් තම තමන්ගේ අතීත ස්මරණ වලින් නිදහස් කිරීම මගිනි. ඒ සඳහා ඒකායන මාර්ගය ශුන්‍ය වසරයි. ශුන්‍ය වසර සනිටුහන් කරන්නේ නව ශිෂ්ඨාචාරයේ උපතයි. ශුන්‍ය වසරේ පන්තිභේද නැත. පාසල් නැත. මුදල් හුවමාරුව නැත. පොත්පත් භාවිතය නැත. රෝහල් නැත. අළු මතින් ලොවට එන ශුන්‍ය වසර අළුත් බලපොරොත්තුවක සේයාවක් දල්වයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ඩොක්ටර්, මා විචාරක මහතාගේ මළගෙදර ගිය විට එතුමාගේ පවුලේ උදවිය ඔබ ගැනත් මතක් කළා. විචාරක මහතා ඔබ ගැන පවසා ඇත්තේ ඔහුගේ ඉතා හොද මිතුරෙක් ආකාරයටයි. විචාරක මහතාගේ දෙටු දියණිය ඩොක්ටර් මහේෂිව දන්නවද? ඔබට දුරකථන ඇමතුමක් දී ඔවුන්ව සම්බන්ධ කිරීමට තිබුන නම් හොදයි කියාත් සිතුනා. එහෙත් වෙලාවේ වෙනස නොහැකි උනා. මා දැන් ට්‍රාන්සිට් එකක ඉන්නේ ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් වල. ගමනාත්තය චර්ලට් ගුවන්තොටුපොලට ගිහිං සැන්ෆ්‍රෑන්සිස්කෝ.
ReplyDeleteThank you ,
Deleteපොතක් පතක් නොකියවන මෝඩයන් බයකරන්නට ඉදහිට පොතක් කියවන තක්කඩියකු විසින් ලියු විසින් ලියූ ඵකෙකි.
ReplyDeleteඵම තක්කඩි අයිතියට අප ගරු කලයුතු අතර ඵය බොරු බව කීමේ අයිතිය අපට තිබේ.............
කෙමරෘජ් යනු කිසිලෙසකින් වත් කොමියුනිස්ට්වාදි හෝ සමාජවාදි මූලදර්ම අනුගමනය කල සන්වේදානයක් නොවේ...........
කෙමර් රුච් හෙවත් රතු කම්පුචියානුවන් ලෙසින් හදුන්වාගත් අය සමාජවාදින් නම් 'ජාතික සමාජවාදි කම්කරු පක්ශයේ, හිට්ලර් ලා ද සමාජවාදින් විය යුතුය,
ශ්‍රිලන්කා ප්‍රජතාන්තාන්ත්‍රික සමාජවාදි ජනරයය සමාජවාදය සහ ප්‍රජාතාන්ත්‍රවදය ඇති ඵකක් වියයුතුය.
අවිශ්වාසදායක මූලාශ්‍රයක් වන විකිපිඩියාවෙන් ගත් බොරු පදනම් කරගනිමින් කම්කරු දිනයේදි මෙවන් බොරු ලියන්නේ ලෝකයට ජයග්‍රහන ලබාදුන් සමාජවාදි ව්‍යාපාරය කෙරෙහි ඇති ද්වේශය නිසා බව හන්ගන්නට බැරිය..................
ඵතුමාගේ බොරු ලිවීමේ අයිතියට අප ගරු කරන අතර , හිට්ලර් ද සමාජවාදි යන නමට මුවාවී බොරුකල පැසිස්ට්වාදියකු බව ඵතුමාට මතක් කර දිමට කැමැත්තෙමි..................
හිට්ලර්ද සමාජවාදී සෝවියට් හමුදා විසින් පරාජය කල අතර, මේ පැසිස්ට්වාදි පොල්පොට් මිනීමරුවව පරාජය කලේද වියට්නාම් රතු හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් සටන්කල බව බව මෙතුමා සගවන්නේ නිර්ලජ්ජිතවය...................
අප දන්න පල්පොට් 'ජාතික සමාජවාදි' නමට මුවා වූ හිට්ලර් මෙන්ම පැසිස්ට්වාදි CIA ඵ්ජන්තයකු මිස සමාජවාදියකු නොවන බවත්,
පොල්පොට් බීශනයෙන් කාම්බෝජය මුදාගත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ කපටි ආරක්ශකයා වන ඇමරිකන් හමුදාව නොවන බවත්, වියට්නාම් රතු හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් බවත් මතක්කරදිමට කැමත්තෙමි...................
එතකොට විජේවීර CIA එකට සම්බන්ද නැද්ද දන්නේ නෑ
Deleteසමාජවාදීන් යනු මහන්සියෙන් හම්බුකරගෙන කෑමට අකමැති කුසීත කුහක මෝඩ කම්මැලියන් කොටසකි. මොවුන් සමාජවාදය ගැන කිවුවද ධනවාදී රටකට යන්නට පුළුවන් හැම පක්කිලි කමක්ම කරන කිරිපුස්සන් කොටසකි. සෝමවංශ මුත්තා ද ගුණරත්නම් ද පමණක් නොව හොරකම් කරගත් ධනය සමග පැනයන්නට හැකිනම් වීරවංශ ගැත්තාද යන්නේ ධනවාදී ප්‍රංශයට ඔස්ට්‍රේලියාවට හෝ ඇමරිකාවට මිසක් සමාජවාදී උතුරු කොරියාවටහෝ කියුබාවට නොවේ.ඔය කොමෙන්ට් කොටන කිරිපුස්සාද එසේමය.
Deleteධනය සමග පැනයන්නට හැකිනම් වීරවංශ ගැත්තාද යන්නේ ධනවාදී ප්‍රංශයට ඔස්ට්‍රේලියාවට හෝ ඇමරිකාවට මිසක් සමාජවාදී උතුරු කොරියාවටහෝ කියුබාවට නොවේ.ඔය කොමෙන්ට් කොටන කිරිපුස්සාද එසේමය.///// ela talk
Delete@ Lankika Sithuwili
Delete@ Anonymous
// එතකොට විජේවීර CIA එකට සම්බන්ද නැද්ද දන්නේ නෑ //
මෝඩ සිතුවිලිගේ මෝඩ කතා වලට ඔනාවටත් වඩා පිලිතුරු දි තිබේ..............
විජේවිර CIAකාරයකු වූවා නම් මෝඩ ජනතාවක් සිටික කාලකන්නි රටක් වෙනුවෙන් නිරපරාදේ මියයන්නට වන්නේ නැත............
ජේ ආර් පප්පා මෙන් අපූරුවට ඉන්නට තිබුනි, අඩුම තරමින් වාසුලා, ඩිව් ලා මෙන් වයස වි.අයි.පී පොරවල් ලෙස හෝ වැජබෙන්නට තිබුනි...............
විජේවිරට අකාලයේ මියයන්නට සිදු වුනේ මෝඩ ජනතාවක් වෙනුවෙන් සටන් කරන්නට ගිය නිසාය....................
මෝඩ සිතුවිලි මහත්තයෝ ඔයා ගොඩක් මෝඩයි...............මම දැනපු මෝඩම කමමෙන්ට් ඵක මේකයි.................
// සමාජවාදීන් යනු මහන්සියෙන් හම්බුකරගෙන කෑමට අකමැති කුසීත කුහක මෝඩ කම්මැලියන් කොටසකි. මොවුන් සමාජවාදය ගැන කිවුවද ධනවාදී රටකට යන්නට පුළුවන් හැම පක්කිලි කමක්ම කරන කිරිපුස්සන් කොටසකි. සෝමවංශ මුත්තා ද ගුණරත්නම් ද පමණක් නොව හොරකම් කරගත් ධනය සමග පැනයන්නට හැකිනම් වීරවංශ ගැත්තාද යන්නේ ධනවාදී ප්‍රංශයට ඔස්ට්‍රේලියාවට හෝ ඇමරිකාවට මිසක් සමාජවාදී උතුරු කොරියාවටහෝ කියුබාවට නොවේ.ඔය කොමෙන්ට් කොටන කිරිපුස්සාද එසේමය. //
මූ නම් මාර බුද්දිමතෙකු.................
මුට අනුවේ සමාජවාදින් යනු නිකන් කන කම්මැලියන්ය....................
සාමාන්‍ය ජනතාවට නිකන් කන්නට බැරිය.මොකද නිකන් සිටින විට ඊලග වේල කන්නට කවුරුත් පිනට නොදෙන නිසාය..............
ලනකාවේ නිකන් කන කම්මැලියන් වන්නේ දේසපාලුවෝ, පූජකයො, කට්ටඩියො සහ ජාවරාම්කාර නිලදාරි පැලන්තියය................
මහින්ද නාමල් රනිල් මයිතිරි................රටේ නිකන් කන්නේ මුන්ය..................මුන් ඔක්කොම සමජවාදින් විය යුතුය...................
කට්ට කාගෙන වැඩකරන සාමාන්‍ය ජනතාව දනවාදින්ය....................
ලන්කාවේ කට්ට කාගෙන වැඩ කරන දනවාදින් පට්ට දුප්පත් වන අතර.................
මූට අනුව නිකන් ඉන්න උන්, ඵ් කියන්නේ සමාජවේඅදින් පට්ට පෝසත්ය.....................
මේ කතා වලට හිනාවෙන්නේ කොහෙන්ද කියා හිතාගන්නට බැරිය....................
බුද්දිමත් ජහමනතාවෙනි ඔහොම යන් ඔහොම යන්..................!!!!!!!!!!!!!!!!!!!
මූට අනිව ලන්කාවේ සිටි ඵකම සමාජවාදින් දෙදෙනා වන්ශ ඩබලය................
උන් දෙන්නා කනපිට ගැසූ නිසා සමාජවාදය වැරදිය...............
මෝඅඩයන්ගේ ලොජික් කියන්නේ ඔවාටය..................
මුන්ගේ තර්කයට අනුව බුද්දාගම වැරදිය..............ඇයි.........යකෝ.............බුදුරජානන්වහන්සේගේ ලේ නෑයා දේවදත්ත උන්වහන්සේට විරුද්දව ගියානේ...........ඵ් අනුව මුදුන්වහන්සේද බුද්දදර්ශනයද වැරදිය...............
ජේසුස් ද වැරදිය.......ඇයි උන්වහන්සේගේම ගෝලය ජුදාස් උන්වහන්සේව මාට්ටු කරලා පැන්නනේ අනිත් පැත්තට............
ඵ් අනුව ඵ් ඵ් සාසන වල හිටපු දේවදත්තලා ජුදාස්ලා කනපිට ගහපු නිසා බුද්දද්‍රශනයද ක්‍රිස්තු දහමද පට්ට පජාත වියයුතුය.................
මේවා ඉල් අදෙන විහිලුය..................
ලන්කාවේ බුද්දිමත් ජහමනයාගේ බුද්දි මහිමය අපූරුවට විදහා පායි...................
හොදම සීන් ඵක මෝඩයන්ඝේ මෝඩ කතා නොව ....................මේ මරි මෝඩ තර්ක වලට දොස්තර මහතා හුරේ දමන දැමිල්ලය...................නාකි පොඩි උන් දනගානකොට අජුවය...............
Me yaka nam Sri Lankan Wijeweerama thamai. Aye dekak naha.
ReplyDeletedo u think so
DeleteOf course yes. I have seen how innocent people were brutally killed by them. Just like Polpot, they ruined university system by taking away the habit of knowledge exploration. They took the country miles back and taken away many intellectuals who were capable of guiding future generation. If they were successful, SL also will be a another Cambodia.
Deleteyes I agree
Deleteඔවුන්ගේ පිස්සු න්‍යායන් ක්‍රියාත්මක කිරීමට දරුණු මර්ධනයක් අවශ්‍යවුන එක ඇත්ත. ඒත් ඔයතරම් විශාල ඝාතනයන් බලය තියා ගැනීමේ අවශ්‍යතාවය මත වුනාද මිනීමරු පිස්සුව මත වුනාද?
ReplyDeleteවිශාල ඝාතනයන් බලය තියා ගැනීමේ අවශ්‍යතාවය මත වුනා
Deletepolpotගේ ඝාතන ගැන ලිපියක් නියමුවා පත්තරේ පලකිරීම සඳහා මා ගෙන ගිය විට එය කියවූ රෝහණ විජේවීර එය KGB විසින් නිර්මාණය කළ බව කියමින් ලිපිය පලකිරීම ප්‍රතික්ෂේප කළා . එතැන් සිට විජේවීර මා හැඳින්වූවේ KGB කියායි. දිනක් විජ්වීර හමුවූ විටෙක ඔහු සිනහවෙමින් කීවේ ' පුතෝ පක්ෂේ තුලට KGB line ගෙනාවොත් මරනවා" යන්නයි.
ReplyDeleteඊට හේතුව කුමක් කියාද ඔබ සිතන්නේ?
Deleteවඳුරට කඩුව හම්බුනා වගේ වැඩක්නෙ වෙලා තියෙන්නෙ..මානසික රෝගියෙක්ට කරන්න පුළුවන් විනාශයක මහත.
ReplyDeleteov
Deleteඛමර් රූජ් සංවිධානයේ තවත් නායකයෙක් හා කලක් කම්පූචියාවේ අගමැති වූ (1976 නොබැඳි සමුළුවට ලංකාවට පැමිනි) ඛීයූ සම්පාන් ගැන රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ පළවූ ලිපියක සඳහන් වූයේ ඔහු එවැනි අන්තගාමියෙක් වන්නට එක් ප්‍රබල හේතුවක් වූයේ හෙතෙම මුල්බැසගත් ලිංගික බෙලහීනතාවෙන් පෙළීම බවයි - එය රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ අනික් ලිපි මෙන්ම ප්‍රචාරකවාදි අරමුණකින් ලියවුනක්දැයි මා දන්නේ නැහැ
ReplyDeletemay be
Deleteදෘෂ්ටිවාදයන්ට වහල් වීම කෙතරම් භයංකර ප්‍රතිඵලවලට හේතු වේ ද යන්නට පොල්පොට් තවත් එක් උදාහරණයක් පමණි. ශුද්ධ දෙමළ දේශයක් පිළිබඳ දේශපාලනික ඇදහිල්ල ලංකාවේ සිදු කළේ ද මෙවැනි ම දෙයකි. මෙවැනි ඇදහිලි අවසානයේ ස්වයං විනාශකාරී වේ.
ReplyDeleteදේශපාලනික ඉදිරිගාමිත්වය වන්නේ දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයන්ට එරෙහිව අරගල කිරීමයි. හෙජමොනි ව්‍යාපෘතිවලට අප විරුද්ධ එබැවින් ය.
ලෝක වාසීන්ගේ හැකියාවන් මල්පල ගැන්වීම සඳහා අත්‍යවශ්‍ය දෙයකි, නිදහස් චින්තනය. නිදහස් චින්තනය යනු දෘෂ්ටිවාදයන්ට එරෙහි දෙයක් නොවේ.
ලෝකයේ දෘෂ්ටිවාදයන් පැවතීම නරක දෙයක් නොවේ. නරක වන්නේ එක් දෘෂ්ටිවාදයක් පරම සත්‍යය බවට පත් කරන්නට,අදහන්නට, ආධිපත්‍යය බවට, හෙජමොනිය බවට පත් කරන්නට උත්සාහ කිරීමයි.
යමෙකු යම් දෘෂ්ටිවාදයක එල්බ ගැනීම වුව ගැටලුවක් නැත. ඒ වෙනුවෙන් අරගල කිරීමට ද අයිතියක් ඇත.එහෙත්, එය අනෙක් අය මත පටවන්නට යාමෙන් සිදු වන්නේ විවිධාකාර පොල්පොට්ලා බිහි වීමයි.
ලෝකය, යථාර්ථය යනු විවිධත්වයන්ගේ ඒකීයත්වයකි. දෘෂ්ටිවාදය පමණක් එසේ නොවිය යුත්තක් නොවේ.
@w3lanka
මෙවැනි ඇදහිලි අවසානයේ ස්වයං විනාශකාරී වේ. /////// agree with you
Deleteසමාජ වාදේගොඩනැගෙන්න්නේ දනේවර ක්‍රර්මයේ අවසාන යේ දැනටත් බටහිර රට වල් සමහරක් සමජවාදේ ක්‍රර්මය බ්හිවී ඇත
ReplyDelete