Sunday, May 7, 2017

පක්ෂය යනු ආගමයි



කෙමරූජ් සාමාජිකයන් තුළ තම පක්ෂය කෙරෙහි තිබූ අන්ධභක්තිය සනිටුහන් වනුයේ සීමාව ඉක්මවා පක්ෂය ආරක‍ෂා කිරීම සඳහා ගත් ක්‍රියා මාර්ග වලිනි. සතුරා පිළිබඳව සුළු හෝඩුවාවකදී හෝ නැතහොත් යම් සුළු සැකයකදී පවා ඔව්හු මිනිසුන් මරා දැමූහ. එසේම අනාගතයේ යම් දිනෙක පක්ෂයට අනතුරක් වේ යැයි සිතා පුද්ගලයන් සමූලඝාතනය කළහ. උදෑසන අවදිවූ වේලාවේ සිට රාත්‍රි නින්දට යාම දක්වා පක‍ෂය හැර ජීවිතයේ වෙනයම් දෙයක් ඔවුන්ට වැදගත් නොවීය.
කම්පුචියාවේ පැරණි සංස්කෘතික ලක‍ෂණ අතහැර දැමූ ඔවුන් අන්කා දහම අනුව ජීවත්වූහ. පක‍ෂ නායකත්වය දෙන ඕනෑම නියෝගයක් හිස් මුදුනින් පිළිගෙන එය ක්‍රියාවේ යෙදවීමට ඔවුන් කිසිවිටෙකත් පසුබට නොවූහ.


සාගතය තියුණු අවියකි.
කෙමරූජ් පාලනය නිසා අධිකව වැඩ කිරීමෙන් හාමතින් මිය ගිය සංඛයාව මිලියන 1.5 කට ආසන්නය. ආහාර හිඟය නිසා මිනිසුන් පීඩා විඳි නමුදු අතිරේක ආහාර භෝග පෞද්ගලික පරිභෝජනය සඳහා භාවිතා කිරීම තදබල වරදක් විය.
නෙලාගන්නා ලද අස්වැන්න ශ්‍රමය වැය කළ පුද්ගලයලයන්ට හිමි නොවීය. පවරාගන්නා ලද අස්වැන්න කෙමරූජ්වරු ගෙන ගියහ. ශ්‍රමය කැප කළ අයට ලැබුනේ සුළු ආහාරයකි. මන්දපෝෂණය දසදෙස පැතිර ගියේය. හාමත්වූ මිනිසුන් කුඹුරු වැඩ කරමින් සිටියදී සිහසුන්ව ඇද වැටුනු අතර, ඔවුන්ට හිමිවූයේ මරණ දඬුවමය.


Tavi ගේ කථාව
කෙමරුජ්වරු කම්පුචියාවේ අගනගරය වූ නොම්පෙන් වෙත කඩා වදින විට මගේ වයස අවුරුදු 4 කි. ඔවුහු ගංඟාව ගලන්නාසේ අපගේ නිවසට කඩා වැදුනාහ. අප සැම දෙනාටම නිවසින් එළියට යන ලෙසට අණ කෙරිණි. ඉන්පසුව මහා මාර්ගය දිගේ අරමුණක් නොමැතිව ඉදිරියට යන ජනගංඟාවට අපවද එකතු කරන ලදී. මගේ දෙපා රිදුම් කන්නට විය. එවිට මගේ පියා මාව උසුලාගෙන ගියේය. මුළු ගමනේදී අපට ආහාර හෝ වතුර ලැබුණේ නැත. මිනිස්සු ක්ලාන්තව මහ මග වැටී සිටියහ.
අවසානයේදී අපි Poñal නගරයට සම්ප්‍රාප්ත වූයෙමු. එහිදී ඔව්හු පියාව අත්අඩංගුවට ගත්හ. ඔහුගේ මරණය ගැන අපට දැන ගන්නට ලැබුණේ වසර ගණනාවකට පසුය. මා මගේ මවගෙන් වෙන් කරනු ලැබීය. මා ළමා කඳවුරක රඳවන ලදී. මගේ මව රහසේ මා බැලීමට පැමිණයාය. එය අසුවීම නිසා ඔව්හු ඇයට පහර දුන්හ. කෙමරුජ්වරු තිරිසන් සතෙකුට වඩා අන්ත ලෙස මගේ මවට පහර දුන්හ. මෙසේ කාලය ගත වූයේ මරණයේ සෙවනැලි සමඟය. මට අයත්වූ රාජකාරිය පොහොර සඳහා ගොම එකතු කිරීමයි. අප සැමවිටම සිටියේ දැඩි කුසගින්නෙනි.
එක් දිනෙක රාත්‍රියේ මිනිසුන්ගේ විලාප හඬක් ඇසිණ. මම රහසින් බඩගාගෙන ගොස් සිදුවන්නේ කුමක්දැයි බැලූවෙමි. කෙමරුජ් භටයෝ මිනිසුන් පිරිසක් ඝාතනය කරමින් සිටියහ. ඔව්හු කඩුවලින් කොටමින්ද වෙඩි තබමින්ද මිනිසුන්, මරා දැමූහ. ඔවුන්ගේ විලාපය දැනුදු මට ඇසේ.
වියට්නාම් හමුදා ඉදිරියට එමින් සිටි නිසා කෙමරුජ්වරු පළා ගියහ. මම යළිත් බඩගාගෙන ගියෙමි. මට නොන්පෙන්හි ආශ්‍රමයේදී මගේ මව හමු විය. ඒ වන විට කෙමරූජ්වරු මගේ ඥාතීන් එකොළොස්දෙනෙකු මෙලොවින් තුරන් කොට තිබුණි.
පොල්පොට් විසින් අපගේ ජීවිත විනාශකොට ඇති බව මට සිතෙයි. ජිවිතය සඳහා අප විසින් ගෙවන ලද වන්දිය අති විශාලය. ඒ කුමක් සඳහාද? මම තවම නොදනිමි.


Loung Ung ගේ කථාව
කම්පුචියාවේ මරණයේ ගොවිබිම්වල ජීවත් වූ පණකෙන්ද රැක ගැනීමට වාසනාවන්තවූ Loung Ung උපත ලැබූවේ 1970 නොම්පෙන් අගනුවර දීය. 1975 දී කෙමරුජ්වරු කම්පුචියාවේ අග නගරයෙන් නගරවාසීන් පිටමං කරනවිට Loung Ung ගේ වයස අවුරුදු 5 කි. ඉන්පසුව ඔවුන් ග්‍රාමීය ප්‍රදේශයක වාසය සඳහා පිටත් කර යවන ලදී. 1978 දී කෙමරූජ්වරු Loung Ung ගේ දෙමාපියන් හා සොහොයුරන් දෙදෙනෙකු මරා දැමූහ. දෙමාපියන්ගේ ඝාතනයෙන් පසු ඇයව ළමා සොල්දාදුවෙකු ලෙස පුහුණු කරවන ලදී. ළමා සොල්දාදුවෙකු ලෙස ගත කළ සමයේදී බොහෝ අත්දැකීම් රැසකට මුහුණ දීමට ඇයට සිදුවූවාය. මිනිසුන් මරා දැමීම, වදබන්ධනවලට ලක් කිරීම, යනාදී අමානුෂික ක්‍රියා සිදුකෙරෙනු ඇය සියැසින් දුටුවාය.
1980 දී ඇය තම වැඩිමහළු සොයුරා සමඟ තායිලන්තයට පළා යාමට සමත් වූ අතර, අමෙරිකානු මිෂනාරි සංවිධානයක් විසින් Loung Ung හට අමෙරිකාවට යාමට උපකාර කරන ලදී. කෙමරූජ් සංවිධානයේ බිඳවැටීමෙන් පසුව නැවත මවු රටට පැමිණි Loung Ung වසර 15 කට පසු තම රටේ තිබුණි තත්වය නිරීක‍ෂණය කළාය. ඒ වනවිට කෙමරූජ්වරු විසින් ඇයගේ ඥතීන් 20 දෙනෙකු ඝාතනය කොට තිබුණි. ඇය තමන්ගේ අත්දැකීම් හෙළිකරමින් First They Killed My Father: A Daughter of Cambodia Remembers කෘතිය 2000 වසරේදී එළි දැක්වූවාය.
Chiu Math ගේ අත්දැකීම්
ලේඛක ඩේවිඩ් ඩැන්ඩ්ලර් ඔහුගේ Voices f‍rom S-21 කෘතිය මගින් කම්පුචියාවේ මාරක වධකාගාරයේ තත්වය පිළිබඳව පාඨකයන් දැනුවත් කරයි.
S-21 වධකාගාරයෙන් බේරුන එකම කාන්තාව වන Chiu Math ගේ අත්දැකීම් මෙම කෘතියේ සටහන් වන්නේ මෙසේය.
මා රඳවා තිබුණේ අසූචි හා මිනිස් ලේ වලින් පිරීගිය සිර මැදිරියකය. පහර දීම නිසා නිරන්තරයෙන්ම සිරකරුවන්ගේ කෙඳිරියෙන් සිර මැදිරිය පිරී තිබුණි. ඇත්තෙන්ම ඌරු කොටුවක් මීට වඩා ශිෂ්ඨ බවක් හා සැපපහසුව තිබුණු බව කිව යුතුය. සිරමැදිරියේ මිය ගිය මිනිසුන්ගේ මෘත ශරීර ඉවත් කළේ කොටන් ඇද දමන ලෙසටය. S-21 වධකාගාරය යනු මෙලොව තිබූ බිහිසුණුම ස්ථානය විය යුතුය.
වරින්වර ප්‍රශ්න කිරීම සඳහා සිරකරුවන් ඉවතට ගෙන ගියහ. බහුතරයක් යළි පැමිණියේ නැත. යළි සිරමැදිරියට ගෙන ආ සිරකරුවන් ඇවිදීමටවත් නොහැකිව, ගතපුරා ලේ වැකුණු හා පිටේ මස්වැදලි එල්ලෙන ඇටසැකිලි වූහ.
Chiv Math කෙමරූජ් සංවිධානයට බැඳුනේ 1974 දීය. එවකට ඇය 16 හැවිරිදි තරුණියකි. ලොන්නොල් සමයේ පොලිස් නිළධාරියකු වූ ඇයගේ පියාගේ ඡායාරූපයක් ලඟ තබා ගැනීම නිසා ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. ඝාතනය කිරීම සඳහා තීරණය වී තිබුණද ඇයගේ මරණය කල් ගියේය. S-21 වධකාගාරයෙන් බේරුණද අතීත ස්මරණයන් තුළ ඇය ජිවත් වන්නීය.
දෛවයේ සරදමට ලක් වූ Rin
පොල්පොට් බලයට ඒමට ප්‍රථම Rin සහ ඇයගේ පවුලේ සාමාජිකයන් තෘප්තිමත් ජිවිතයක් ගත කළහ. පොල්පොට්ගේ ආගමනයෙන් පසු ඔවුන්ගේ ජීවිත වල විශාල වෙනසක් සිදුවිය. ඔවුන්ගේ පවුල ගොවිපළක් වෙත යවනු ලැබීය. ඉන්පසුව ඇය දෙමාපියන්ගෙන් වෙන් කරන ලදී. ඇගේ සමවයසේ ළමුන් පිරිසක් සමඟ නව අධ්‍යාපනය සඳහා යොමු කෙරණි. මෙම නව අධ්‍යාපනය වනාහි අන්කා දහම පිළිබඳ ළමා අධ්‍යාපනයයි. මව, පියා හා ළමයින් ඇතූළත් පවුල් යන ඒකකය හානිදායක ව්‍යුහයක් ලෙස ළමයින්ට උගන්වන ලදී. අන්කා දහමේ විරෝධීන් හඳුනා ගැනීම මෙන්ම ඔවුන් මරා දැමීමද ඉගෙනුමේ එක අංගයක් විය. ළමයින්ගෙන් මනස තුවාල කිරීම දිගින් දිගටම කෙරුණු අතර, ඔවුන්ට වැඩිහිටියන්ට වඩා ගරුත්වයක් ලබාදෙන ලදී. මේ අතරවාරයේ ඇයට ගොවිපළේ බරවැඩ කිරීමටද නියම කෙරුණි. නිරන්තරයෙන් ම ඇය හා අනෙකුත් ළමුන් නිරාහාරයෙන් පීඩා වින්දහ. ආහාර හිඟකම නිසා බොහෝ සේ ළමයි මිය ගියහ. ඉතිරිවූ ළමුන් මන්දපෝෂණය නිසා කෝටු අතපය හා නෙරාගිය බඩවල් වලින් යුක්ත වූහ.
මරා දැමීමට නියම කෙරුණු මිනිසුන් ගේ වධකයන් ලෙස ක්‍රියා කිරීමට Rin ඇතුළු ළමයින්ට බල කරන ලදී. කෙමරුජ් නායකයන් ගේ නියෝග පිට ළමයි තම පියවරු හා මව්වරු මරා දැමූහ.
මේ අතර වාරයේ දී දිනක් Rinගේ මව රහසින් ඇය බැලීමට පැමිණෙියේ සඟවාගත් ආහාර ස්වල්පයක් සමඟය. අවාසනාවට මෙන් රැකවලූන්ට අසුවූ ඇය ඔවුන්ගෙන් හොඳටම පහර කෑවාය. ඇයව මරා දැමීමට ඔව්හු තීරණය කළහ. දිරිය මවක වූ ඇය ඝාතකයන්ගෙන් මිදී ඍසබ සහ ඇයගේ සොහොයුරිය සමඟ යාබද ගමට පළා ගියාය. යාබද ගම්මානයේ කෙමරුජ් නායකයා ඔවුන්ට පිහිට විය. ඔහු ඍසබ ඇගේ මව හා කුඩා සොහොයුරිය එම ගමේ නවතා ගත්තේය. එහෙත් මෙම ගමේ තිබුණු. දැඩි ආහාර හිඟය නිසා ඍසබ ගේ නැගණිය මිය ගියාය.
කෙමරුජ්වරුන්ගේ බලය පිරිහීමත් සමඟම ඇය තම මව සමඟ යළි තම උපන් ගමට ගිය නමුදු ඔවුන් දුටුවේ සුන්බුන් පමණකි.
මේ වන විට Rin වැඩිහිටි කාන්තාවකි. එහෙත් ඇයගේ මනස තවමත් කෙමරුජ් හිංසනය වෙලාගෙන තිබේ. කෙමරුජ්වරු සිදුකළ දුෂ්ට අමානුෂික ක්‍රියා ඇයට නිබඳවම මතක්වෙයි. ඇයට රාත්‍රියට නින්ද යන්නේ නැත. රාත්‍රී නින්දේදීත් ඇය දකින්නේ භයානක සිහිනයන්ය. කෙමරුජ්වරු නැවත කම්පුචියාවේ බලය ඩැහැගනු ඇතැයි යන අනවතර බිය ඇයතුළ තිබේ. ඒ නිසා ඇය සිටින්නේ නිරන්තර චකිතයකිනි.
නුඹට පැන යා හැක. එහෙත් සැඟවිය නොහැක.
1976 කෙමරුජ් වහල් ගම්මානයකින් පුද්ගලයන් තිදෙනෙකු පළා ගියහ. තම රැකවලූන්ට රහසේ වතුර වලවල්, බෝක්කු හා පුරන් වී ගිය කුඹුරු වලට මුවාවෙමින් වියට්නාම් දේශසීමාව දක්වා යාමට ඔව්හු සමත් වූහ. බිම් බෝම්බ අතුරා ඇති භූමියේ ඔවුන් ගමන් කළේ මරුවාට අත වනමිනි. මඩ වලවල් වලින් පානය කළ වතුරත්, අතරමං කැලෑ කොළ කෑමත් නිසා ඔවුන් දිස් වූයේ පරඩැල් විලසිනි. කෙසේ වුවත් අවසානයේදී ඔව්හු වියට්නාමයට පළා ආහ. ඔවුන් තම නිදහස භුක්ති වින්දේ පැය කිහිපයක් පමණි. ඒ මන්දයත් වියට්නාම් දේශසීමා මුරකරුවන් ඔවුන් අත්අඩංගුවට ගත්හ. මේ අතර පළාගිය තිදෙනා ඔත්තුකරුවන් බවත්, ඔවුන් යළි කම්පුචියාවට බාරදෙන ලෙසටත්, කෙමරුජ් නායකයන් වියට්නාමයට බල කළහ. එමනිසා යළිත් කම්පුචියා වියට්නාම් දේශසීමා අසලදී මෙම පුද්ගලයන් තිදෙනා වියට්නාම් බලධාරීන් විසින් කෙමරුජ්වරුන්ට යළි බාරදෙනු ලැබීය.
තමන්ව කෙමරුජ්වරුන්ට නොදෙන ලෙසට බියෙන් ඉල්ලා සිටියද ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. යළි කෙමරුජ් අත් අඩංගුවට පත්වූ තිදෙනා කම්පුචියා දේශසීමාව අසලදීම වධයට ලක් කළහ. සිය ගණනක ජනයා ඉදිරියේ මෙය සිදුවිය. ඔවුන්ගේ ශරීරවලට පෙට්‍රල් වත්කොට ගිනි තබනු ලැබීය. ඉන්පසු ඔවුන් ජීවමාන විලක්කු සේ මඩ කුඹුරුවල ඒ මේ අත දිවගොස් ඇද වැටුණේ මරණීය හඬ නංවමිනි.
භීෂණයේ අතුරු කථාවක්
මගේ ළමා කාලය පිළිබඳ මතකය පිරී ඇත්තේ යුද්ධයේ බිහිසුණු සිදුවීම් වලිනි. මගේ වයසේ අනිකුත් ළමයින් බෝනික්කන්, සෙල්ලම් කාර් සමඟ දැවටෙමින් ක්‍රීඩා කරන විට මා ගුවන් ප්‍රහාර වලින් පණ බේරා ගැනීම සඳහා සැඟවුනෙමි. මෘත ශරීර මතින් පැන බියෙන් ගැහි ගැහී සැඟවෙමින් දිවයමින් සිට කාලය මට දැනුදු සිහිවේ. කෙමරූජ් ඝාතකයන්ගෙන් මා බේරුණ බව සැබෑය. ඔවුන්ගෙන් මිදී කුඩා කාලයේදී ම නිදහස් ලෝකයට පැමිණියේ අනාථයෙකු ලෙසටය. එහෙත් එවැනි වාසනාවක් නොතිබූ මගේ මව පියා ඇතුළු ලඟම ඥාතීන් කෙමරූජ් ගිලටිනයට අසුව දිවි පිදූහ.
මට වයස අවුරුදු 16 පමණ වූ විට මෙවැනි විනාශයක් මගේ පවුලට සිදුවූයේ ඇයිදැයි මම ප්‍රශ්න කර සිටියත් මට නියම පිළිතුරක් ලැබුණේ නැත. හිට්ලර් මරා දැමුවේ යුදෙව්වන්ය. එහෙත් පොල්පොට් මරා දැමුවේ ඔහුගේ ජනතාවමය. මෙවැනි කුරිරු ඉරණමකට මිනිසුන් යටත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වූයේ ඇයි? අපගේ ජනතාව කුරිරු වධබන්ධන වලට ලක් කිරීම නිසාත්, අධිකව ශ්‍රමය වැයකොට වැඩකළ නිසාත්, ආහාර නොමැතිව හාමතයට හා සාගතයට යොමු කිරීම නිසාත්, ලෙඩරෝග හා ඒවාට ප්‍රතිකාර නොමැති කම නිසාත් ඔව්හු ඔව්හු අකාලයේ ඉතා දුකසේ මරණයට පත්වූහ. ඔවුන් ගෙවන ලද වන්දිය කොතරම් විශාලද? කොතරම් භයංකරද? මේ කුමක් සඳහාද? මින් සැලසුනු සෙත කුමක්ද? මම නිබඳවම මගෙන්ම ප්‍රශ්න කරගත්තෙමි.
මම නිදහස් ලෝකයේ සුවසේ පෝෂ්‍යදායක මිහිරි ආහාර බුක්ති විඳිනවිට කම්පුචියාවේ නිරය බඳු කුඹුරුවල, මඩගොහොරුවේ ලේ දාඩිය වගුරුවමින් අපාදුක් විඳින මාගේ මිනිසුන් සිහි කළෙමි. ආහාර හිඟය නිසා මළමිනී අනුභව කරන, පාලකයන්ගේ අහේතුක බිය සැක නිසා මරණයට ලක්වන කම්පුචියානු ජනයා පිළිබඳ මතකය මට අමතක කළ නොහැකි විය. මෙවැනි රුදුරු ඉරණමකට මගේ ජනතාව ලක්වූයේ මන් ද? කිසිවෙකු මට පිළිතුරු නුදුන් හ. එහෙත් අහම්බෙන් මෙන් වික්ටර් ෆැන්කල් ගේ Man’s Search for Meaning කෘතිය කියවීමි.
නට්සින්ගේ වධකඳවුරක විකටර් ෆැන්කල් ගේ අත්දැකීම් එම කෘතියේ අඩංගු විය. දුක්විඳීම පිළිබඳ දාර්ශනික මුහුණුවර මම අවබෝධ කළෙමි. ඉන්පසු ඵලදායි යමක් කිරීමට මම යොමු වූයෙමි.
යුද්ධයෙන් හා දේශපාලන හිංසනයෙන් විනාශවී ගිය කම්පුචියාව යළි ගොඩ ගැනීමට මම දායක වූයෙමි. කෙමරුජ්වරු බලයෙන් පිරිහී ගියද ඔවුන් කළ විනාශයේ දෝංකාරය තවමත් කම්පුචියාව වෙළාගෙන තිබුණි. අනාථයන්ගේ සුබසාධනය, බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යය වැනි මෙහෙවර වලට මම සක්‍රීය දායකත්වයක් ලබා දුන්නෙමි.
කෙමරූජ් හිංසනය නිසා විනාශවූ අපගේ දේශය ගොඩනැගීම සුළුපටු කාර්යයක් නොවේ. ඇතැම්විට ඒ සඳහා ඉදිරි වසර සියය වුවද කැප කිරීමට අපට සිදුවනු ඇත.
පොල්පොට්ගේ ග්‍රහණයට අසුවූ පෝල්
පොල්පොට් බලයට එනවිට පෝල් ඉගෙනුම ලැබුවේ පහේ පන්තියේය. ඔහුගේ මුළු පවුලම කෙමරුජ්වරු අත්අඩංගුවට ගනු ලැබූහ. පෝල් අවසන් වරට තම පියා දුටුවේ ඔහුව ට්‍රක් රථයකට නංවාගෙන කෙමරූජ්වරු විසින් රැගෙන යන විටය. කෙමරුජ්වරු පෝල්ගේ පියා ඝාතනය කළහ. මවගෙන් හා සහෝදරයන්ගෙන් වෙන් කරන ලද පෝල් කුඹුරු වැඩවලට යවන ලදී. ආහාර හිඟය, නිතර පහර කෑම නිසා ඔහු සිටියේ අධික පීඩාවෙනි.
කෙමරුජ් භටයෝ මිනිසුන් මරාදැමුවේ ඔහුගේ දෙනෙත් ඉදිරිපිටදීය. නිසිවෙලාවට වැඩ අහවර නොකිරීම, කෑම ළඟතබා ගැනීම, අතිරේක කෑම ලඟ තබා ගැනීම වැනි සුළු වැරදිවලට පවා මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවූහ. මිනිසුන්ගේ අඳෝනා තවමත් පෝල් ගේ දෙසවනේ රැඳී තිබේ.
පොල්පොට් භීෂණයෙන් පෝල් ගැලවුනද ඔහුගේ පවුලේ සාමාජිකයන් රැසකට එම වාසනාව හිමි නොවීය. පෝල් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළෙයි. කෙමරූජ් සම්බන්ධව අතීතය මතකයට එන විට එම මතකයට ඔහු වෛර කරයි. ඔවුන් සම්බන්ධයෙන් යමෙකු කථා කළවිට ඔහුට තදබල අපහසු තාවයක් දැනෙයි.
මිනීමස් අනුභව කරමින්
ආහාර හිඟය නිසා මරණයේ ගොවිබිම්වල වැඩකළ මිනිසුන් තම රැකවලූන්ට හොරෙන් මියගිය හෝ මරා දැමූ මිනිසුන්ගේ මාංශ වතුරෙන් තම්බා අනුභව කළහ. එය සියැසින් දුටු සාක්ෂිකරුවෙක් මෙසේ පවසයි.
කෙමරුජ්භටයන් සිටියේ ඈතින්ය. අපට මිය ගිය පුද්ගලයන් වළලා දැමීමට අණ ලැබිණි. අපි මෘතශරීර රැගෙන කැලෑවට ගියෙමු. කැලෑවේදී අපි මළසිරුරුවල මෘදු කොටස් කපාගත්තෙමු. ඒ අතර ළමයෙකුගේ සිරුරක් විය. අපි එම මළ සිරුරේ කලවා ප්‍රදේශය කපා මස් ලබා ගත්තෙමු.
කෙමරුජ් භටයන්ට නොපෙනෙන ලෙස හැලියක මිනීමස් දමා තැම්බුවෙමු. ඉන්පසුව කුඩා උණ පතුරුවලින් ඇන මිනීමස් අපි කෑවේ ඉවසිය නොහැකි සාගින්න නිසාය. වහ වහා ආහාර ගැනීම ආරම්භ කළ අපි කෙමරුජ් භටයන්ට අසුවීමට පෙර කැලෑවෙන් එළියට ආවෙමු.
වන වැදුණු මිනිසුන්
කෙමරූජ්වරුන්ගේ පීඩනය නිසා පවුල් කීපයක් එක්ව වන වැදීමට තීරණය කළහ. ඝාතකයන්ගෙන් බේරී ඔවුහු වනය ඇතුළට පියමං කළහ. මිනිස් කටහඬක්, වාහන හඬක් ඇසුණ වහාම ඔව්හු වනයේ හැංගුනහ. මිනිස් වාසයකින් තොර ප්‍රදේශයකට පැමිණ ඔව්හු අළුත් ජීවිත ඇරඹූහ. වනයෙන් ලැබුණු දේ අනුභව කරමින්, ඉතා අසීරුවෙන් ගොවිතැන් කළ ඔවුන් නිබඳවම සිටියේ විමසිල්මත් වෙමිනි. යම් ලෙසකින් කෙමරූජ්වරුන්ගේ දැස ගැටුණොත් ඔවුන්ට මරණය බව ඉඳුරාම දැනසිටි නිසා දිවා රාත්‍රී කාලය ගතකළේ අවිනිශ්චිතතාවයෙනි.
උගුල් අටවා කුරුල්ලන් අල්ලාගත් ඔවුන් කුරුල්ලන් ආහාරයට ගත්හ. කුරුල්ලන්ගේ කුස තුළ තිබූ ධාන්‍ය ඇට පැළකොට පළදාව ලැබූහ. මෙලෙස මේ කුඩා කණ්ඩායම වසර ගණනාවක් හුදෙකලාව ජීවත් වූ අතර හදිසියේ ඔවුන් මිනිස් ඇස ගැටුණු විට කෙමරූජ් පාළනය අවසන් වී වසර ගණනාවක් ගෙවී තිබුණි.
හාමතේ සිටි මම ධාන්‍ය ස්වල්පයක් සොරකම් කළෙමි.
නවයොවුන් වියේ දැරියක වූ පවුලා කෙමරූජ්වරුන් විසින් කුඹුරු වැඩ සඳහා යොදවනු ලැබීය. ආහාර හිඟය නිසා ඇය ක්ලාන්ත වුවාය. තව දුරටත් වැඩ කිරීමට අපහසු නිසා ඇය අමු සහල් කරල් අහුරක් මුවට දමා විකුවාය. මෙය දුටු කෙමරුජ් භටයන් ඇයට පහර දුන්නේ පොලූවලිනි. මරණාසන්න වන තෙක් පහර දීමෙන් පසු ඔව්හු ඇය අතහැර දැමූහ
රෝහල් වසා දැමුණි
කෙමරුජ්වරු රෝහල් වසා දැමූ අතර අසනීප සඳහා අත්බේත් ගැනීමට ජනතාවට බල කරන ලදී. ඇතැම් සාක්ෂිකරුවන්ගේ වාර්තා අනුව අසනීප වූ මිනිසුන්ට පොල්කිරි එන්නත් කරනු ලැබීය. එසේම විස එන්නත් කිරීමෙන්ද මිනිසුන් ඝාතනය කරන ලදී. ක්‍රමවත් වෛද්‍ය සේවයක් ලබා දෙන ලද්දේ කෙමරුජ් සංවිධානයේ නායකයන් වෙත පමණි.
මොග් ගේ වාසනාව
කෙමරූජ්වරුන් විසින් ළමා මොග් කූඹුරුවැඩ සඳහා යෙදවීය. කුසගින්න නිසා ඔහු දිනක් ආහාර ස්වල්පයක් සොරකම් කරන ලදී. එම වරද හේතුවෙන් කෙමරුජ්වරු ඔහුට පහර දී ඔහු මරා දැමීමට භාරදී තිබිණි. සිර අඩස්සියෙන් පැනගිය මොග් යාබද ගමට යාමට සමත් විය. එහිදී යළි ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් එම ගමේ පාලකයා වූ, ප්‍රාදේශීය නායකයා වූ කෙමරුජ්වරයා මොග්ට අනුකම්පා කොට ජීවිතදානය දුන්නේය. මෙම නායකයාට ළමයින් නොසිටි අතර, ඔහු මොග් තම නිවසේ රඳවා ගත්තේය. මෙහිදී ඔහුට ආහාර ලැබුණි.
වියට්නාම් ආක්‍රමණය වනවිට මොග් කෙමරුජ්වරු සමඟ එක්වී වියට්නාම් හමුදාවලට එරෙහිව සටන් කළේය. මෙහිදී ඔහු දුටු දෙයක් නම් තමා ඉහත දී සිටි ගම්මානයේ කෙමරුජ් නායකයන් ද්‍රෝහීන් ලෙස සලකා සංවිධානය විසින් ඔවුන් ඝාතනය කොට තිබීමය. ඔවුන්ගේ මෘත ශරීර ගස්වල එල්ලෙමින් තිබිණි.
කෙමරුජ් පරාජයෙන් පසු මොග් යළි උපන් ගමට ආවේය. ඒ වනවිට කෙමරුජ් සංවිධානය විසින් ඔහුගේ පියා මරාදමා තිබුණි. ජීවතුන් අතර සිටියේ ඔහුගේ මව හා වැඩිමහල් සහෝදරයා පමණි.
ඔවුන් මගේ සැමියා මගේ දෑස් ඉදිරිපිටදීම ඝාතනය කළා. චින්, (කම්පුචියානු ගෘහණියක්.)
ඔව්හු අප දෙදෙනාවම අත්අඩංගුවට ගත්හ. සැමියාට දරුණු ලෙස පහර දුන්හ. එක් කෙමරුජ් භටයෙක් ඔහුගේ හිසට තුවක්කුව එල්ල කළේය. මම භීතියෙන් කෑගැසුවෙමි. මගේ විලාපය ගණනකටවත් නොගත් එම භටයා මගේ සැමියට වෙඩි තිබ්බේය. ඔහුගේ හිසෙන් ලේ පිටවිය. ඔහු ඇද වැටුණි. තවත් වෙඩිල්ලක් ඔහුගේ හිසට තැබූ කෙමරුජ් භටයා මගේ සැමියා මිය ගියේදැයි බැලීමට ඔහුගේ ශරීරයට පයින් ඇන්නේය.
අන්ධ ගායකයා
Kong Nay අද දිනයේ හඳුන්වන්නේ කම්පුචියානු ” රේ චාල්ස්” වශයෙනි. කුඩා කාලයේදී වසූරිය වැළඳීම නිසා ඔහුගේ දෙනෙත් අන්ධවිය. ජීවිතය අඳුරු වුවද ඔහු එළිය දුටුවේ සංගීතයෙනි. ගායනයට හා වාදනයට තිබූ දක‍ෂතාවය නිසා Kong Nayනැවත ජිවිතය තුළට පිවිසියේය.
1975 දී ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් වහල් ශ්‍රමිකයන් ලෙස ග්‍රාමීය ප්‍රදේශකරා පිටුවහල් කරනු ලැබීය. කලාකරුවන්ට කෙමරුජ්වරු යටතේ හිස් අහිමි වුවද ණදබට භ්හ මරා නොදමා ඔහුගෙන් ප්‍රචාරක වැඩ ගැනීමට ඔව්හු තීරණය කළහ.
කම්පුචියානු ජන ගී හෝ විදෙස් ගීත ගැයීම හෝ වාදනය කිරීම තහනම් වූ අතර, ඔහුට තිබුණේ කෙමරුජ්වරුනගේ යසෝරාවය පිළිබඳ ගීත ගැයීමටය. පක්ෂ රැස්වීම් වලදී ඔහු පොල්පොට් ඇතුළු අනෙකුත් කෙමරුජ් නායකයන් පිළිබඳ විරුගීත ගායනා කළේය. එමගින් ඔහුගේ ජිවිතය රැකුණි.
ආබාධිතයන්ට දිනකට ලැබුණේ සහල් හැන්දක් පමණි. ශ්‍රමිකයන්ට දිනකට සහල් හැඳි තුනක් ලැබුණි. මේ නිසා ඔහු මන්දපෝෂණයෙන් පෙළුණේය.
කාලයත් සමඟ කෙමරුජ්වරුන්ට අන්ධගායකයාගේ ගීත ඇසීමෙන් ඒකාකාරිත්වයක් දැනුන නිසාදෝ ඔහුව මරාදැමිය යුත්තන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලදී. එහෙත් වියට්නාම් ආක්‍රමණය නිසා ඔහුලේ ජීවිතය රැකුණි. එහෙත් හිටපු කලාකරුවන්ගෙන් 90% ක් කෙමරූජ්වරු විසින් මරාදමා තිබුණි. කෙමරූජ්වරු පිටත්වීමෙන් පසුව කම්පුචියාව තුළ කලාකරුවන් බිහිවුවද එය කෙමරුජ්වරු ඇතිකළ රික්තය පිරවීමට සමත්වූයේ නැත.
Kong Nay දැනට කලාකරුවෙකු ලෙස කම්පුචියානු සංස්කෘතීක දෙපාර්තමේන්තුව යටතේ සේවය කරයි. ඔහු ගයන බොහොමයක් ගීත අතිතයේ ශ්‍රම කඳවුරුවල විඳි දුක් පිළිබඳ මතක සටහන්ය.
කෙමරුජ් භටයන් මා පසුපස හඹා එනු මම නිතර සිහිනයෙන් දකිමි. – Keo chet
කෙමරුජ් භිෂණය අවසන් වී දශක 03 ක් පමණ ගතවී ඇතත් මම තවමත් කෙමරූජ් භිෂණය තුළ ජිවත්වෙමි.
කෙමරූජ්වරු අගනුවරට කඩා වැදුණු අප්‍රේල් 17 දින මට තවම මතකය. පළායාම සඳහා අපි මීකොං ගංඟාව හරහා පිහිනුවෙමු. මගේ සහෝදරයා ගිළුණි. කෙමරූජ්වරුන්ගෙන් ශාරීරිකව බේරුණද මගේ මනස තවම ඔවුන් ගේ අත්අඩංගුවේය. මම නිබඳවම භයානක සිහින දකිමි. අවිගත් කෙමරූජ්වරු මා මරා දැමීමට මගේ පසු පසින් පන්නති. මා අවධි වන්නේ බියෙන් හා දහඩියෙන් තෙත්වූ ශරීරයෙනි. මට ශාන්තිය උදාවීමක් නැති බව පෙනේ. මගේ මනස තවම ඔවුන්ගෙන් මිදී නැත.


මානසික රෝග
කෙමරුජ් භිෂණයෙන් පසු කම්පුචියාවේ මානසික රෝග පැතිරීම බහුල වී ඇත.
RAND ආයතනය විසින් සිදුකළ අධ්‍යයනයකදී අමෙරිකාවට සංක්‍රමණය වූ කම්පුචියානු සරණාගතයින්ගෙන් 60% ක් පශ්චත් ව්‍යසන ක්ලමථ අක්‍රමතායෙන් (PTSD) පෙළෙන බවට හෙළිවිය. ඔවුන් අතරින් 50% ක් විශාදයෙන් පෙළෙති. කම්පුචියාවේ මුළුජනගහනයෙන් 3% ක් පශ්චත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළෙන බව දල අධ්‍යයන මගින් පෙනී ගොස් තිබේ. ජනගහනය තුළ විශාදයේ පැතිරීම 7% කි. වරක් මරණයේ ගොවිබිම් ආශ්‍රිතව එවකට ජීවත් වූ කම්පුචියානු ළමුන් 100 ක් පසුකාලීනව අධ්‍යනයකට ලක්කළ අතර, ඔවුන්ගේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය 40% තුළ තිබුණි. මෙම අධ්‍යනය කරනවිට කෙමරුජ්වරු බලයෙන් පිරිහී වසර 13 ගතවී තිබුණි.
බිම්බෝම්බ වලින් පිරුණු භුමිය
කම්පුචියාවේ පුද්ගල නාශක බිම් බෝම්බ මිලියන 10 අධික ප්‍රමාණයක් අතුරා ඇති අතර මේ නිසා වාර්ෂිකව දහස් ගණනක් මියයෑම හෝ ආබාධිත තත්වයන්ට පත්වෙති. මේ වන විට කම්පුචියාවේ පුද්ගලයන් 40,000 ක් බිම්බෝම්බ නිසා ආබාධිත තත්වයට පත් වී සිටිති. යුනිසෙෆ් සංවිධානය පෙන්වාදෙන පරිදි ළමයින්ද මේ විනාශකාරි බිම්බෝම්බ වල ගොදුරු බවට පත්වෙති. දල වශයෙන් බිම්බෝම්බ වලට ගොදුරුවෙන්නන්ගෙන් 33% ළමයි වෙති.
බිම් බෝම්බයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 3 කි. එය ඇතිරීම ඉතා පහසුය. එහෙත් බිම්බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 1000 වැයවේ.
CMAC හෙවත් Cambodia Mine Action Committee සහ අනෙකුත් ආයතන මගින් 1993-1999 කාලවකවානුව අතරතුර බිම්බෝම්බ අතුරා තිබූ වර්ග මීටර් 66,027761 භූමි ප්‍රමාණයක් ශුද්ධකරන ලදී. 1999 වසරේ කම්පුචියාවේ බිම්බෝම්බ නිසා සිදුවූ අනතුරු සංඛ්‍යාව 1369 කි. 1999 දී එය 1200 දක්වා පහත වැටුණ අතර, මේ සඳහා CMACහි දායකත්වය කැපී පෙනුනි.
කම්පුචියාවේ භාවිතා කරන ලද්දේ ඵෘ 82 ඊ යන වියට්නාමයේ නිෂ්පාදනය කළ බිම්බෝම්බ විශේෂයකි. ප්ලාස්ටික් කවරතුළ නිෂ්පාදනය කෙරෙන මෙම බෝම්බ දීර්ඝ කාලයක් පසේ සක්‍රීය ව පවතියි. විශේෂඥයින් පෙන්වාදෙන අන්දමට මෙම බෝම්බ අවුරුදු 50 ක කාලයක් පුරා අනතුරුදායක තත්වයෙන් පැවතිය හැක.
මෙම බිම්බෝම්බ වැඩි ප්‍රමාණයක් අතුරන ලද්දේ කෙමරුජ්වරු විසිනි. වර්තමානයේ බිම්බෝම්බ නිශ්ක්‍රීය කරන වේගය හා අතුරා ඇති බිම්බෝම්බ ප්‍රමාණය පිළිබඳ සලකා බැලීමේදී කම්පුචියාවේ මුළුමනින්ම බිම්බෝම්බ වලින් නිදහස්වීමට තව වසර සීයක් පමණ ගතවේ.
කම්පුචියාවේ ප්‍රකට බිම්බෝම්බ කෞතුකාගාරයක් තිබේ. එහි පාලකයා අකිරා නම් පුද්ගලයෙකි. අකිරාගේ දෙමව්පියන් දෙදෙනා කෙමරූජ්වරු මරාදැමූ අතර, ඔහු ළමා සොල්දාදුවෙකු ලෙස පුහුණු කරන ලදී. කෙමරූජ්වරු අකිරා වැනි ළමා සොල්දාදුවන් මගින් කම්පුචියාවේ වනාන්තරවල බිම්බෝම්බ ඇතිවූහ. අකිරා බිම්බෝම්බ දහස් ගණනක් ඇතිරූ බව පිළිගත්තේය. අද ඔහු බිම් බෝම්බ ඉවත් කිරීමේ සද්කාර්යයට දායක වී ඇත.
පොල්පොට් බලයෙන් පිරිහීම
1978 දෙසැම්බර් 25 දින වියට්නාම් හමුදා විසින් කම්පුචියාව ආක්‍රමණය කරන ලදී. මේ හේතුවෙන් 1979 ජනවාරි 7 දින පරාජයට පත් කෙමරූජ් හමුදා තායි දේශසීමා ආසන්නයට පළා ගියහ. මෙම දේශසීමා ආසන්නයේ සිට ගරිල්ලා යුද්ධයක් දියත් කිරීමට පොල්පොට්ට හැකිවූ නමුදු සංවිධානය තුළ ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ අධිකාරි බලය අඩුවන්නට විය.
1990 දී කෙමරූජ් සංවිධානයේ බලය ඔහුගෙන් ගිලිහී ගිය අතර, පොල්පොට් එම සංවිධානයේ සිරකරුවෙකු විය. හිටපු කෙමරුජ් නායකයෙකු වූ Tamok ගේ ජනතා අධිකරණය මගින් පොල්පොට්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. හිටපු කෙමරූජ්ආරක‍ෂක අමාත්‍ය සොන් සෙං හා ඔහුගේ දරු පවුල ඝාතනය කිරීමට නියෝග දීම සම්බන්ධයෙන් පොල්පොට් හට චෝදනා ගොනු කොට තිබුණි.
වියට්නාම් සබඳතා බිඳවැටීම
මුල්කාලයේදී පොල්පොට් උපකාර ලබා ගනු ලැබුවේ උතුරු වියට්නාමයෙනි. එහත් ක්‍රම ක්‍රමයෙන් ඔහු චීනය දෙසට තල්ලූ වීමත් සමඟම වියට්නාමය සමඟ තිබූ සබඳතා ඉරිතැලූනි. එසේම පොල්පොට් කම්පුචියාවේ සුළුතර ජාතියක් ලෙස ජීවත් වූ වියට්නාම් සම්භවයකින් යුත් ජනතාවට කරන ලද හිංසනය කෙරෙහි වියට්නාම් රජය සිටියේ නොසතුටිනි.
1976 වසරේදී පොල්පොට් වියට්නාමය සතුරු රාජ්‍යයක් ලෙස හඳුන්වා කෙමරූජ් මධ්‍යම කාරක සභාවට ලියන ලදී. මේ හේතුවෙන් කෙමරූජ්වරුන් හා වියට්නාම හමුදාවන් අතර, ගැටුම් ඇතිවිය.
1977 අප්‍රේල් මස 30 දින කෙමරුජ් හමුදා වියට්නාමයේ දේශසීමා ආක්‍රමණය කරන ලදී. එහෙත් 1977 සැප්තැම්බර් වන විට වියට්නාමය කම්පුචියානු ආක්‍රමණ පරාජය කොට තම සේනා කම්පුචියාවේ අගනුවර වෙත යොමු කළේය. මෙම ගැටුමේදී කම්පුචියාවට චිනයේ සහය ලැබුණු අතර, වියට්නාමයට සෝවියට් දේශයේ සහය ලැබුණි. එහෙත් වියට්නාම් හමුදා ප්‍රහාර හමුවේ කෙමරූජ් රජයේ බිඳවැටීම සිදුවනබව පොල්පොට් හට වැටහිණි. එම නිසා සාම සාකච්ඡා ඇරඹීමට ඔහු උත්සාහ කළද එම වෑයම සාර්ථක නොවීය.


වියට්නාම් ආක්‍රමණය
කෙමරූජ් රජය හා වියට්නාමය අතර පැවති මතවාද අරගලය මෙන්ම කෙමරූජ්වරු කම්පුචියා, වියට්නනාම් දේශසීමා ආසන්නයේ ජීවත්වූ වියට්නාම් ජන වර්ගයන්ට සැහැසිකම් දියත් කිරීම නිසා 1978 දී වියට්නාම්ය විසින් කම්පුචියාව ආක්‍රමණය කරනු ලැබීය. වියට්නාම ආක්‍රමණ හමුවේ පළාගිය කෙමරූජ්වරු තායි දේශසීමා අසල රැඳී සිටිමින් ගරිල්ලා ප්‍රහාර දියත් කළහ.
සාම ප්‍රයත්න
1989 හා 1991 වසර වලදී පැරිස් සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස සාම සාධක හමුදා මෙහෙවර කම්පුචියාවේ ඇති කරන ලදී. 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මැදහත් වීමෙන් මැතිවරණයක් පැවැත්වූ අතර, නරදම් සිහනුක් කුමරු යලි බලයට පත්විය. 1998 වන විට හිටපු කෙමරූජ් ගරිල්ලන් බොහෝ දෙනෙකු අවි බිමතබා යටත් වූහ.
කෙමරුජ්වරු යුධ අධිකරණයට කැඳවීම
කම්පුචියාවේ ජන ඝාතනයට නියෝග දුන් කෙමරූජ් නායකයන් බොහෝ දෙනෙක් තම වගකීම් එකිනෙකා මත දමමින් බේරි යාමට ප්‍රයත්න දරන ලදී.
කෙමරුජ්නායකයා යුද අධිකරණයට යොමු කිරීම
1997 දී හිටපු කෙමරූජ් නායකයන්ට එරෙහිව යුධ අපරාධ නඩු විභාග ආරම්භ විය. 1998 වසරේ පොල්පොට්ගේ මරණය නිසා ඔහුට එරෙහිව තිබූ නඩුව අහෝසි විය. දැනට ජිවතුන් අතර, සිටින ඉහළම කෙමරුජ් නායකයා වනNuon Chea ට එරෙහි නඩු විභාග පැවැත්වේ. එසේම කියු සම්පෙන් ඉයෙංසාරි කෙං කෙක් ඉව් හෙවත් Duch (මොහු S-21 වධකාගාරයේ නිර්මාතෘය) මේ අතර වෙති.
අපරාධ නඩු විභාගයේදී පිටු 14,000 ක වාර්තාවක් එළි දක්වා ඇති අතර, සාක්ෂිකරුවන් 350 විනිසුරුවන් 10 දෙනෙකු ගෙන් මෙම අධිකරණය සමන් විත විය.
ඉයෙං සාරිගේ පළායාම
1996 වසරේදී කෙමරුජ් නායකයෙකු වූ ඉයෙං සාරි කෙමරුජ් සොල්දාදුවන් දහස් ගණනක් සමඟ කම්පුච්යානු රජයට භාරවිය. පොල්පොට්ගේ ප්‍රංශ කවයේ සාමාජිකයෙකු වූ ඉයෙං සාරි උපත ලැබුවේ 1925 දීය. ඔහු 1975 සිට 1979 කාලය දක්වා කෙමරුජ් රජයේ උප අග්‍රාමාත්‍ය හා විදේශ ඇමති පදවිය දැරීය. 2007 වසරේ නොවැම්බර් 12 දින ඉයෙං සාරි අත්අඩංගුවට ගනු ලැබීය. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා ඔහුට චෝදනා ගොනු කෙරිණි.
තා මොක්
ඉතා දරුණු කෙමරුජ් මිලිටරි නායකයෙකුවූ තා මොක් ගේ අන්වර්ථ නාමය මස්කඩකරුවා යන්නයි. 1975-1978 කාලය අතරතුර ලක‍ෂ ගණනක් ජනතාව මරා දැමීම සඳහා තා මොක් ක්‍රියා කළේය. 1990 වන විට කෙමරුජ් හමුදාවෙන් 70% පමණ බලය තිබුණේ තා මොක් අතය. 1998 දී අත්අඩංගුවට ගනු ලැබූ තා මොක් යුද අධිකරණයට ඉදිරිපත් කරන ලදී. තා මොක් කෙමරූජ් සංවිධානයේ තෙවන ප්‍රධාන නායකයා විය.
1924 දී ගොවි පවුලක Takeo ප්‍රාන්තයේ උපත ලැබූ තා මොක් මුලදී බෞද්ධ භික්ෂුවක ලෙස පුහුණුව ලැබුවේය. පසුව උපැවිදිව ප්‍රංශ හමුදා වලට එදිරිව සටන් කළේය. පොල්පොට් හමු වීමෙන් පසු කෙමරූජ් සංවිධානයට බැඳුනු තා මොක් ඔහුගේ විශ්වාසවන්ත සගයෙකු විය.
දක්ෂ සටන් සොල්දාදුවෙකු වූ තා මොක් 1063 දී කාම්පුචියානු කොමියුනිස්ට් පක්ෂ්යේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසට පත් කරනු ලැබීය. ඉහළ නිලතල වලට පත් වීමෙන් පසු තා මොක් තම පවුලේ සාමාජිකයන්ට කාම්පුචියාවේ ප්‍රබල තනතුරු පිරි නැමීය. 1977 දී තා මොක් කාම්පුචියානු හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා විය.
පොල්පොට්ගේ අණ පරිදි තා මොක් හමුදාවේ උසස් නිලධාරීන්ද අත් අඩංගුවට ගෙන මරා දැමීය.
යුධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි තා මොක් තමා ජන ඝාතන කළ බවට නැගුන චෝදනා ප්‍රතික්ෂේප කළේය. අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පෙළුනු තා මොක් 2006 වසරේ ජූලි 21 මිය ගියේ තමන් කළ අපරාධ වලට කිසිඳු වන්දියක් නොගෙවමිනි.
පොල්පොට්ගේ දකුණු අත.
පොල්පොට්ගේ දකූණු අත ලෙස සැලකූ Nuon Chea හඳුන්වන ලද්දේ Brother Number 2 හෙවත් දෙවන සහෝදරතුමා ලෙසිනි. කුප්‍රකට Tuol Sleng වධකාගාරයේදී සිරකරුවන් රැසක් මරා දැමීමට නියෝග දී ඇති ඔහු තවමත් ජිවතුන් අතර සිටියි. කෙමරූජ් සංවිධානයේ ආරක‍ෂක කටයුතු පිළිබඳව වෙසෙසින් සොය බැලු Nuon Chea පක්ෂයට සතුරු යැයි සැලකූ පිරිස් අතුරුදහන් කරවන ලදී. මොහුගේ දරුණු ක්‍රියාකලාපය නිසා ඔහුගේ මවද තම පුතු Nuon Chea කෙරෙහි දැක්වූයේ පිළිකුලකි. ” මාගේ පුතා මිනිසුන්ට මෙලෙස දුක්පීඩා ගෙන දීමට සමත්වූයේ කෙසේදැයි මම නොදනිමි” වරක් ඇය ප්‍රකාශ කළාය. ඔහු විසින් තම ළඟම ඥාතීන් පවා සතුරන් ලෙස සැක කොට අත්අඩංගුවට ගෙන මරා දමන ලදී. ඔහුගේ ආරූඪ නාමය Nuon Chea වුවද සත්‍ය නාමය වූයේ Äo Beng Kon ය. කම්පුචියාවේ හා තායිලන්තයේ ඉගෙනුම ලැබූ ඔහු අයත්වූයේ නාගරික මධ්‍යම පන්තියටය.
අවසාන කාලයේදී තම නායක පොල්පොට් සමඟ මතභේද ඇති කරගත් Nuon Chea දැන ජීවත්ව සිටින කෙමරුජ් නායකයන් අතර ප්‍රමුඛ පෙළේ සිටින්නෙකි. අත්අඩංගුවේ පසුවන ඔහු යුධ අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අසු දෙහැවිරිදි Nuon Chea, තමාට විරුද්ධව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි. Nuon Cheaකෙමරුජ් සංවිධානය පසුපස සිටි න්‍යායවාදියා වූ අතර ඔහුගේ න්‍යායේ ප්‍රායෝගික පිවිසුම මත මිලියන ගණනක ජනතාවගේ ඉරණම තීන්දු විය.
මෙම සිදුවීම වසර 30 කටත් එපිට සිදුවූ සිදුවීම නිසා එම සිද්ධීන් පිළිවෙල හරිහැටි මතකයක් තමාට නැති බව ඔහු කියයි. හිටපු ටැක්සි රියැදුරෙකු වන RÈ Saroeun ගේ සාක්ෂි අනුව Nuon Chea මෙම රියැදුරාගේ ඥාතීන් 30 දෙනෙකුගේ මරණයට වගකිව යුතුය.. යුද අපරාධ සඳහා වරදකරුවකු වුවහොත් Nuon Chea හට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වනු ඇත.


කියු සම්පෙන්.
1931 දී උපත ලැබූ කියු සම්පෙන් පැරිසියේ අධ්‍යාපනය ලැබීය. ආර්ථීක විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ ඔහු සිහනුක් රජයේ කැබිනට් ඇමති ධූරයක් දැරීය. අවංක පුද්ගලයෙකු ලෙස ප්‍රචලිත වූ කියු සම්පෙන් මාක්ස්වාදියෙකු විය. සිහනුක් රජය විසින් මාක්ස්වාදයට එරෙහිව ක්‍රියා කරන විටි ඊට එරෙහිව විරෝධය දක්වා ඔහු පොල්පොට්ට එකතු විය. 1975 දී පොල්පොට් බලයට ඒමෙන් පසු කියු සම්පෙන් කෙමරුජ් රජයේ නිළ මාධ්‍ය ප්‍රකාශකයා විය. 1991 සාම ගිවිසුම් සමයේ කෙමරුජ් සංවිධානය නියෝජනය කරන ලද්දේ කියු සම්පෙන් විසිනි.
සොන් සෙන්
පොල්පොට්ගේ පැරිස් කවයේ සාමාජිකයෙකුවූ සොන්සෙන් කෙමරූජ් රජයේ ආරක‍ෂක ඇමති විය. ඔහුගේ ඇතැම් රැඩිකල් තීරණ නිසා දස දහස් ගණන් ජනයා මරුමුවට පත්වූහ. 1997 දී සොන් සෙන් හා ඔහුගේ දරුපවුල් කෙමරුජ් සංවිධානය විසින් ඝාතනය කළේ ඔහු කම්පුචියානු රජයට සම්බන්ධ වීමට තැත් කළ බවට ඇතිවූ සැකය නිසාවෙනි.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

25 comments:

  1. 71 දී විජේවීර බලයට ආවානම් අපටත් වෙන්නේ ඔයටිකමයි.

    ReplyDelete
    Replies
    1. 2020 අනුර ආවත් ඔච්චරම තමා
      සමාජවාදයට ජයවේවා

      Delete
    2. ඔච්චරම තමා

      Delete
    3. නමුත් 2020 මහින්ද හෝ බයගෝතා බලේට ආවොත් මීටත් වඩා ලේවිලක් බවට රට පත්වෙයි. ඒනිසා රනිල් 2030 වෙනකම් වත් රටේ පාලකයා ලෙස තබාගමු, සුලු සුලු අඩුපාඩුකම් තිබුනත් ඒවා අමතක කරමු.

      Delete
  2. පක්ෂය යනු ආගමයි.....ආ එහෙමද ආසා....

    ReplyDelete
  3. අනේ මන්දා අපේ රටේ නම් කවුරු පාලනය කරත් එකම සෙතේම තමා.

    ReplyDelete
  4. අපේ රටට කෙල වුනේ ජේ අර් ගෙන් පස්සේ .. මිනිස්සුන්ට බල තන්හාව මිසක් ලංකාවට සෙතක් කරන්න හිතක් නෑ... මුලින්ම අධ්‍යාපනය වෙනස් කරන්න ඕනා.. ආකල්ප දියුනුවයි අවශ්‍ය... තමන්ට පෙර රට කියලයි ආකල්ප දියුනු වෙන්න ඕනා.. නමුත් පොඩි එකාගේ ඉඳන් හදන්නේ තමන් ගොඩ යන් තියරිය... මුලින් ශිෂ්‍යත්වය.. එතනින් පස්සෙ වෙන දෙයක් නෑ. තමන් මිස අනෙකෙක් නැත...ආගමක් වැදගත් වෙන් නෑ රටක් දියුනු වෙන්න.. මේක බෞද්ධ රටක් ඒ තත්වයට හානියක් නොවන විදියට රට දියුනු කරා නම් ඇති.. මෙතන හැමදාම වෙන්නේ පැලැස්තර අලවන තියරිය... මහින්දගේ කාලේ උනත් රට දියුනු කලාට වැඩක් නෑ අන්තිමට තමන් ගොඩ යන්න දැඟලුවා.. අවසානේ ඉඟුරු දීලා මිරිස් ගත්තා...

    ReplyDelete
    Replies
    1. සිංහල සමාජයේ තවත් නානසාරල බිහිවෙනව නම් හොඳයි.මොකද ඔය ජාතිවාදයෙන්ම තමයි උඒ කාලකණ්ණි හැතිකරයන් නැතිවෙන්නෙ. අන්ත දූශිත මිනීමරු මලපෙරේත රාජපක්ශ රෙජීමයට වුනෙත් ඔය ටිකම තමයි. ජනඝාතක දමිළ ජනයා සංහාරය කරපු ආතක් පාතක් නැති මිනීමරු සිංහල ජාතිවාදී පාහර සක්කිලි හැත්ත අකුලෝලම පල.

      Delete
    2. එතකොට ප්‍රභාකරන් මිනී මැරුවේ නැතෙයි?

      Delete
    3. { AnonymousMay 8, 2017 at 2:20 AM} මේ අර තමන් රවිරාජ්ගේ නෑයෙක් බවත් විචාරකගේ බ්ලොග් එකේ ඇනෝ දමා ඔහුට හිරිහැර කලේ තමන් බවට පාපොච්චාරනය කල දෙමල ජාතික ජාතිවාදියා විය හැක.

      Delete
  5. ලංකාවේත් මිනීමරු රාජපක්ෂ ජනඝාතක රෙජීමය සහ එම මිනීමරු හමුදා වසලයින් උතුරේ කරනලද බරපතල සමූලඝාතන මීටත් වඩා අතිශය කුරිරුයි රුවන්, මේ කාම්බෝජයේ විකාර ලිවීමට පෙර ඒවා ගැන ලියන්නේ නැත්තේ ඇයි? ඉතා සැලසුම් සහගතව සිතා ගැනීමට පවා අපහසු වේගයෙන් බිහිසුණු ලෙස දහස් ගණනක් ගැහැණුන් සහ මිනිසුන් ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන අදියර තුළදී මරා දැමුවා.

    ” දින 120 – 130 අතර කාල පරාසයක් තුළ ‘ යුධ මුක්ත කලාපය’ යනුවෙන් හැදින්වූ ඉතා පටු බිම් තීරය තුළදී කාලතුවක්කු, මෝටාර්,රොකට් ලොන්චර් ආදී අවිවලින් පමනක් නොව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිවේගී ප්‍රහාරක ජෙට් යානාද යොදාගෙනයි , මෙම මිනිස් සංහාරය කරනු ලැබුවේ. (එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව ඝාතනය වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 400,000 – 700,000 අතර වෙයි. )”

    “ලෝක බැංකුවේ ජන සංඛ්‍යාලේඛන වලට අනුව 2006 සිට 2010 වනවිට ​මිලියන දෙකකට අධික පිරිසක් උතුරේ අතුරුදහන් වෙලා. ඔවුන්ට සිදුවූයේ කුමක් ද යන්න ශ්‍රී ලංකා රජය පැහැදිළිකල යුතුයි.”

    ප්‍රාන්සිස් හැරිසන් Still Counting the Dead කෘතිය රචනා කරද්දි ප්‍රධාන වශයෙන් මෙම ජනඝාතක යුද්ධයේ ඈසදුටු සාක්ෂි කරුවන් 10 ක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා (ඒ අය අතර කන්‍යා සොහොයුරියක්,හෙදියක්,ගුරුවරියක් මෙන්ම හිටපු විමුක්ති කොටි සටන්කාමීන්ද වෙනවා.ඊට අමතරව තවත් දහස් ගණනක් සමඟ) සංවාදයේ යෙදුනා ඔවුන්ගේ අත්දැකීම් සම්බන්ධව. ඔවුන් බොහෝදෙනෙක් මානසිකව අන්තයට වැටිලයි සිටියේ තමන්ට සිදුවෙමින් යන දෙය ගැන. එපමණක් නොවෙයි පූජක වරයෙක්ද මියගියා ප්‍රතිකාර නිසි නොලැබීම නිසා.

    (කිලිනොච්චිය,රුද්‍රපුරම් ගම්මානයේ කතෝලික පල්ලියේ මීසම බාරය කටයුතු කලේ සරාජීවන් පියතුමා. එතුමා මුල්ලි​​වෛයිකාල් දක්වාම ජනතාවත් සමග ගියා. එතුමන් මියයන්නේ 2009 මැයි 18 වැනිදා. දින ගණනක් තිස්සේ ආහාර නොමැතිව පාගමනින්ම සැතපුම් ගණනක් ඇවිදීමෙන් ශරීරික දුබලතාවය නිසා හටගන්නා හෘදයාභාධයකින්. )

    ” තවත් අම්මා කෙනෙක් මියගොස් සිටියා, සිය දරුවාට කිරි දෙන ගමන්ම “

    2000 – 2004 කාලය තුළ බීබීසී සේවයේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය ලෙස සේවය කළ ප්‍රාන්සිස් හැරිසන් විසින් රචිත Still Counting the Dead කෘතියේ දෙමළ පරිවර්ථනය ජනගත කරමින්, මේ සියවසේ සිදුවූ මහා ජනඝාතනය ඇයගේ අත්දැකීම් සම්බන්ධව එලෙස අදහස් දක්වා සිටියා.

    ​ජේෂ්ඨ දමිල කවිවර චේරන් විසින් ඊළාම් යුද්ධයේ අවසන් පරිච්චේදය සම්බන්ධව රචනා කළ ‘Kaadatru’ නම් කාව්‍ය ග්‍රන්ථයේ කවි, තවත් කවීන් සිව්දෙනෙකු විසින් දෙමළ ජාතික විමුක්ති අරගලයේ අවසන් කාලපරිච්ජේදය සිදුවූ මහා ජනඝාතනය සම්බන්ධව කවි ඔබ කියවූවොත් ඔබ ඊරියක මෙන් හඬා වැටෙන බව නිසැකයි රුවන්. එතරම් බරමතල සමූහ ඝාතනයක් උතුරේ සිද්ධවුණා.

    ReplyDelete
    Replies
    1. එතකොට ප්‍රභාකරන් මිනී මැරුවේ නැතෙයි?

      Delete
    2. නිවැරදි කිරීමක් කල යුතුයි ඇනෝ. 2006 සිට 2010 දක්වා කාලය තුල මිනීමරු තිරිසන් රාජපක්ෂ ජනඝාතක රෙජීමය සහ එම මිනීමරු හමුදා වසලයින් උතුරේ ලද අහිංසක ජන ඝාතනය මිලියන 2 ක් නොව මිලියන 5 කි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව සාක්කි සටහන් වලින් එලි වෙනවා.

      ගොටාභය රාජපක්ෂ මිනීමරුවා දිනපතා මරණ ලද ද්‍රවිඩ ළදරුවන්ගේ මස් එම් අයි 24 හෙලිකොප්ටර් මගින් ගුවනින් කොළඹට ප්‍රවාහනය කරගෙන අරක්කුත් සමග ඩෙවිල් කරන ලද බයිට් ලෙස තළුමරමින් ආහාරයට ගත් බව හමුදාවේ ප්‍රසිද්ධ රහසක්. එමෙන්ම අත්අඩංගුවට ගන්නා ලද වෙල්ලාල ද්‍රවිඩ තරුණියන් මිනීමරු තිරිසන් මරාගේ කාම ගින්න නිවීම සඳහා දිනපතා සමුහ වශයෙන් දුෂණය කර බිලිදිමත් ඉන්පසුව මරා දමා මිනීමොරුන්ට කැවී මත් කර තිබෙනවා. මේ අසරණ තරුණියන්ගේ රත්‍රන් අභරණ සියල්ල ශිරන්ති රාජපක්ෂ තිරිසන් යක්ෂණිය ලේ බේරෙද්දී කන් වලින් කඩා ගෙන විකුණා හම්බකරගත් මුදල් ඩුබායි බැංකු ගිණුම් වල තැන්පත් ඇති මුත් මරා ගේ සහ රනිල්ගේ ඇති ඩිල් එකකට අනුව ඒවා එලියට නොඇද පවත්වාගෙන යනවා.

      Delete
    3. AnonymousMay 8, 2017 at 2:20 AM
      මේ අර තමන් රවිරාජ්ගේ නෑයෙක් බවත් විචාරකගේ බ්ලොග් එකේ ඇනෝ දමා ඔහුට හිරිහැර කලේ තමන් බවට පාපොච්චාරනය කල දෙමල ජාතික ජාතිවාදියා විය හැක.

      Delete
    4. කොටි ත්‍රස්තවාදීන් අවුරුදු 30 ක් තිස්සේ මිනීමැරූ අතර දෙපාර්ශ්වයෙන්ම අපරාධ සිදුවූබව සිතිය හැක. එහෙත් වර්ග සමූලඝාතන අරමුනින්ම අපරාධ කලේ ප්‍රභාකරන්ය. සිංහල මුස්ලිම් ජනයා උතුරින් හා නැගෙනහිරින් පලවා හැරීම ඔහුගේ අරමුන විය. අතිශයෝක්තියට නංඅවන ලද එන් ජී ඕ හා දෙමල ඩයස්පෝරාවේ වාර්තා පිලිගත නොහැක.නමුත් අපරාධ කල ප්‍රමානය හා අරමුන අතින් හිට්ලර්ට හා පොල්පොට් ට ප්‍රභාකරන් ය.

      AnonymousMay 8, 2017 at 2:18 AM කොමෙන්ට් එක දැමුවේ තමන් රවිරාජ්ගේ නෑයෙක් බව ප්‍රකාශකල දෙමල ජාතික ඇනෝ ප්‍රහාරකයා විය හැක.

      Delete
  6. //එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව ඝාතනය වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 400,000 – 700,000 අතර වෙයි.//

    බොරුවක් කියනකොට මේවගේ අතේ පත්තුවෙන බොරු කියන්න එපා !

    //ඈසදුටු සාක්ෂි කරුවන් 10 ක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා //
    මෙච්චර ගොඩක් මැරුන වෙලේ මිනිස්සු 10 ද සාක්කි තියෙන්නේ

    //ජේෂ්ඨ දමිල කවිවර චේරන් විසින් ඊළාම් යුද්ධයේ අවසන් පරිච්චේදය සම්බන්ධව රචනා කළ ‘Kaadatru’ නම් කාව්‍ය ග්‍රන්ථයේ කවි, තවත් කවීන් සිව්දෙනෙකු විසින් දෙමළ ජාතික විමුක්ති අරගලයේ අවසන් කාලපරිච්ජේදය සිදුවූ මහා ජනඝාතනය සම්බන්ධව කවි ඔබ කියවූවොත් ඔබ ඊරියක මෙන් හඬා වැටෙන බව නිසැකයි රුවන්. //

    ඔබ තමිලිනි ලියපු දේ කියවන්න නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. තමිලිනි ලියපු දේ කියවන්න නැතුව ඇති

      Delete
  7. මම වෙනත් පැත්තක් ගැන හිතන්න ඔබ සැම පොළඹවනවා. වියට්නාම් හමුදා කෙමර් රූජ්ල පලවාහැරියට පස්සෙ ඔවුන් ඇමරිකන් ආධාර ඇතිව ගරිල්ලා සටනකට යොමුවුනා. ජනතාවගෙන් යම් ප්‍රතිශතයක සහාය නැතිව ගරිල්ලා සටනක් කරන්න පුලුවන්ද. මේ තරම් විනාශයක් කල ඛෙමර් ලාට ජනතාව උදවු කලේ ඇයි.

    ReplyDelete
    Replies
    1. ඛෙමර් ලා යනු හිටපු මොල සෝදන ලද ළමා සොල්දාදුවෝ

      Delete
    2. මේක මට මහා උභතෝකෝටිකයක්. කාම්බෝජයේ සිදුවූ විනාශය වැන්නක් වෙන කිසිම රටක සිදුවූවාද කියා සැකයි. නමුත් මේ ළමා සොල්දාදුවන්ට ජනතා සහායක් නැතිව කැලයේ මෙතරම් දිගුකලක් සිටිය හැකිවුනේ කෙසේද.

      Delete
  8. කෙමර් රුච් කාරයො CIAඵකත් ඵක්ක දිග කාපු හැටි සඩහන් නොකිරිම දැඩි අඩුපාඩුවකි ..................

    වියට්නාමේ කම්පුචියාව ආක්‍රමනය කලේ වාර්ගික වියටනාම් ජනතාවට හින්සා කරපු නිසාලු.............

    ඵතකොට ඇමරිකාව වියට්නාමය ආක්‍රමනය කලේ මොකද???වියට්නාමය ඇමරිකන්කාරයන්ට හින්සා කරපු නිසාද???

    කම්බොදියාවේ වියට්නාම් වරු ඉන්නේ 5%ක් හෝ ඉට අඩුවෙන් පමනයි..................

    5%හ් වෙනුවෙන් රටක් ආක්‍රමනය කරනවා නම් ලන්කාවේ දෙමල ජනතාවට 1983 කරපුවාට ඉන්දියාව ලන්කාව ආක්‍රමනය කරන්න ඔන................

    ලෝකෙ හැම රටක් විසින්ම හැම රටක්ම ආක්‍රමනය කරන්න ඔන.................

    ඇත්ත කතාව ඇමරිකාවේ CIAආදාර ඇතිව ඉන්දු චීනයේ කෙමර් රුච් ෆැසිස්ට් කල්ලිය ලෝක සමාජවාදි ව්‍යාපරයේද නම විකුනමින් ගෙනගිය ජනතා විරෝදී ෆැසිස්ට් බීශනය නිසයි..................

    ජාතික සමජවාදි කම්කරු පක්ශය නමින් පෙනී සිටි ෆැසිස්ට් හිට්ලර් ටත් සෝවියට් රතු හමුදාවෙන් කන්න උනේ ඔය ඩබල් ගේම් ගහපු නිසා තමයි...................


    අනික මෙතුමා තව හන්ගන දෙයක් තියනවා.................මෙතුමා කියනවා වියට්නාම්-කම්බෝජියානු යුද්දයේදි , වියට්නාමයට සෝවියට් ආදාරත්, කාම්බෝජයට චින ආදාරත් ලැබුනලු..................

    ඵ් උනාට මෙතුමා ලැජ්ජා සහගටහ ලෙස සගවන දෙයක් තියෙනවා..................

    ඵ් යුගයේ චීනයේ ප්‍රදාන හවුල්කරුවා උනේ වෙන කවුරුත් නෙවෙයි ඇමරිකාව කියන ඵක...................

    චීනයට ලැබුනු අති විශාල අමරිකන් සහයන්ගෙන් කොච්චර කොටසක් කෙමර් රූච් වරුන්ට ගියා කියලා ඇයි හන්ගන්නේ...................

    ඔබ තුමා කෙමර් රූච්, පුල්ලි CIA හනගන්න හදන බව පැහැදිලිවම පේනවා...................මේ රටේ ගොඩක් උන් පොතක් පතක් නොකියවන මෝඩයො උනාට.....................පොතක් පතක් කියවන ඵකෙක් දෙන්නෙක් හරි ඉන්නවා....................


    සමබර ලිපියක් වෙන්නනම් චීන්-ඇමරිකන් සබදතා ගැන,
    වියට්නාමය ආක්‍රමනය කල ඇමරිකන් හමුදාව ඇයි කාමොබොජය ආක්‍රමනය කරලා කාම්බෝජ ජනතාව බේරගත්තේ නැත්තේ කියන ඵක ගැන,
    ඇයි ඵ්ක වියට්නාම් රතු හමුදාවට බාරදිලා හිටියේ කියන ඵක ගැන............
    සීයට 5%ක් නිසා පොල්පොට් ඇමරිකාවටත් ගහපු වියට්නාම් රතු හමුදාව ඵක්ක යුද්ද කරගෙන සියදිවි නසාගනීද කියන මෝඩ කතා ගැනත් කතා කරමු නේද ..........................

    ඵ් නිසා කාම්බෝජය ෆැසිස්ට් පොල්පොට්ගෙන් මුදවාගැනීමේ ගවුරවය වියට්නාම් රතු හමුදාව ප්‍රමුක සමාජවාදි කදවුරට ලැබිය යුතුයි...................අමරිකන් ගදයො කලේ මේතනත් බොරදියේ මාලු බාන ඵක විතරයි................

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook