Monday, May 29, 2017

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට අවශ්‍යද ?


පුද්ගලික වෛද්‍ය විද්‍යාල  වලට  ලංකාවෙන් එහා ලෝකය දැක නැති අන්තරය මෙන්ම තවමත් ගල් යුගයේ වෙසෙන වාමාංශිකයන් විරුද්ද වෙති. ඒ අතර පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා තමන් ගේ ඒකාධිකාරය අවසන්  වේ දැයි බිය වන සීමිත ගනනක් වූ  ඉන්දියානු ගිලන් රථ වලටත් බිය වූ දොස්තර ජාවාරාම්කාරයෝද සිටිති. සමහර විශ්ව විද්‍යාල ආචාර්‍යවරු පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ද වන්නේ ලෝකයේ ඉතා පහල වර්ගීකරණයකට අයත් විශ්ව විද්‍යාල වල  තමන් විසින් මෙතෙක් කල් පුම්බාගෙන සිටි ව්‍යාජ ඇකඩමික් ප්‍රතිරූප දියවී යන නිසාය​. එහෙත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල කාලීන අවශ්‍යතාවයක් බව මහාචාර්‍ය සනත් ලමාබදුසූරිය විසින් පෙන්වා දෙයි.  මේ ඔහු විසින් ලියන ලද ලිපියකි. 

ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල අටක්‌ තිබේ. කොතලාවල ආරක්‌ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක්‌ තිබේ. මෙම වෛද්‍ය පීඨ නමයෙන් වසරකට වෛද්‍යවරු 1340 ක්‌ වෛද්‍ය උපාධිය ලැබ පිටව යන්නේය. 

රජයේ වෛද්‍ය පීඨවලට උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙම ළමුන් වෛද්‍ය විද්‍යාල වෙත ඇතුළත් කරගනී. එහිදී කොටස්‌ තුනක ළමුන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වේ. ඉහළම ලකුණු ලබාගත් සිසුන් සියයට හතළිහක්‌ සමස්‌ත ලංකාවෙන්ම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වේ. දෙවැනි කොටස වන්නේ දිස්‌ත්‍රික්‌ කෝටාවයි. ජනගහනයට සාපේක්‌ෂව දිස්‌ත්‍රික්‌ කෝටාවෙන් සියයට හතලිස්‌ පහක්‌ ඇතුළත් කර ගනී. අධ්‍යාපන දුෂ්කර පළාත්වලින් සියයට පහක කෝටාවක්‌ ලබාදී තිබේ. දිස්‌ත්‍රික්‌ක දහසයක්‌ සඳහා මෙම අවස්‌ථාව ලබාදී ඇත. මේ ක්‍රමයට ඇතුළත් වූ විට සිසුන් 1840 ක්‌ දිස්‌ත්‍රික්‌ කෝටාව හා දුෂ්කර පළාත්වල සිසුන්ගේ ඇතුළත්වීමේ ලකුණට වඩා ලකුණු ලැබ වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට නොහැකිව බලා සිටියේය. එය අසාධාරණය. එම ළමුන් අතරින් දෙමාපියන්ට මුදල් ඇති ළමුන් විදේශ රටවලට ගොස්‌ වෛද්‍ය අධ්‍යාපනය ලබාගනී.

විදේශ විශ්ව විද්‍යාලයට ගොස්‌ වෛද්‍ය උපාධියක්‌ ලබාගැනීම විශාල ලෙස මුදල් වැය කිරීමට සිදුවන දෙයකි. මැලේසියානු වෛද්‍ය විද්‍යාලයකින් උපාධිය ලබාගැනීමට ලක්‌ෂ දෙසීයක්‌ පමණ වැය කිරීමට සිදුවේ. මනිපාල් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධියක්‌ ලබාගැනීමට ඇමරිකානු ඩොලර් දෙලක්‌ෂ විසිදහසක්‌ වැය කිරීමට සිදුවේ. කොතලාවල ආරක්‌ෂක විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගැනීමට වැය කිරීමට සිදුවන්නේ ලක්‌ෂ හැටක වැනි මුදලකි. සයිටම් ආයතනය ලක්‌ෂ අනූ අටක්‌ අය කරයි. වෛද්‍ය අධ්‍යාපනය සදහා සිය ගණනක්‌ වූ සිසුන් විදේශ රටවලට යාම නිසා විශාල මුදලක්‌ ලංකාවෙන් පිටතට ඇදී යයි. ඒ ආකාරයට විදේශ වෛද්‍ය පීඨ සදහා වැය වන නිශ්චිත මුදල ගණනය කර නොමැති නමුත් වසරකට බිලියන දෙකකට ආසන්න මුදලක්‌ වැය වනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. මේ නිසා ලංකාවේ පුද්ගලික වෛද්‍ය පීඨ තිබීම වැදගත්ය.

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 6.5කට එක්‌ ආචාර්යවරයෙක්‌ සිටී. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් 7.8කටත් කැලණියේ සිසුන් 5.8කටත් එක්‌ ආචාර්යවරයෙක්‌ සිටී. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 4.5ටත් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 6කටත් එක්‌ ආචාර්යවරයෙකුත් සිටී. රජරට වෛද්‍ය පීඨයේ සිසුන් 13කට එක්‌ ආචාර්යවරයෙක්‌ සිටී. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 6 කට එක්‌ ආචාර්යවරයෙක්‌ සිටී

මම සයිටම් ආයතනයේ තුන්වැනි කණ්‌ඩායමේ විභාග පරීක්‌ෂාවකට සහභාගී වීමට මට හැකිවිය. ළමා රෝග පිළිබඳ පරීක්‌ෂා කිරීමට දින දෙකකදී විසි හතර දෙනෙක්‌ පරීක්‌ෂාවට ලක්‌ කිරීමට හැකි විය. විභාගයට ඉදිරිපත්වූ ළමුන්ගෙන් විසි දෙදෙනෙක්‌ සමත් විය. පස්‌ දෙනෙක්‌ ලකුණු හැත්තෑවට වඩා ලබාගත්තේය. තුන්වැනි කණ්‌ඩායමේ පුහුණුව හොඳට සිදුව ඇති බව ඔවුන් දැක්‌වූ දක්‌ෂතාවය අනුව නිරීක්‌ෂණය කිරීමට හැකිවිය. 

මම පසුගිය වසර දෙකහමාර තුළදී රජරට වෛද්‍ය විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයෙක්‌ ලෙස කටයුතු කරමි. මේ දිනවල සිසුන් විරෝධය දක්‌වන නිසා ඉගැන්වීමේ කටයුතු සිදු කරන්නේ නැත. මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම යන විට සයිටම් ආයතනයට පැමිණෙන්නැයි ආරාධනාවක්‌ කළේය. ඒ වන විට එයට රෝහලක්‌ නොතිබූ නිසා ඒ ආරාධනාව පිළිගත්තේ නැත. ඉන් පසුව ආරාධනාවක්‌ ලැබුණ අවස්‌ථාවේදී පුද්ගලික හේතු මත එය පිළිගැනීමට නොහැකි විය. තුන්වැනි වර සයිටම් ආයතනයෙන් ආරාධනාවක්‌ ලැබෙන අවස්‌ථාවේදී රජරට වෛද්‍ය විද්‍යාලයෙන්ද ආරාධනාවක්‌ ලැබුණි. ඒ වන විට රජරට වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග අංශයේ එක්‌ මහාචාර්යවරයෙක්‌වත් සිටියේ නැත. සිටියේ එක්‌ කථිකාචාර්යවරයෙක්‌ පමණි. ඒ අවස්‌ථාවේදී රටට සේවය කිරීමට රජරට වෛද්‍ය පීඨය තෝරාගතිමි. සයිටම් ආයතනයට ගියේ නම් මට ඉල්ලන වැටුපක්‌ ලැබෙන්නට තිබුණි. නිවසේ සිටම රැකියාවට යාමට හැකිවන්නට තිබුණි. ඒ ආකාරයට රජරට වෛද්‍ය විද්‍යාලය තෝරාගත්තද දැන් එහි සිසුන් දේශනවලට පැමිණෙන්නේ නැත. ඒ ගැන මට ඇත්තේ කනගාටුවකි.

මේ තත්ත්වය තුළ ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළහොත් රටින් පිටට යන මුදල් ඉතිරි වේ. අනෙක්‌ අතට විදේශ රටවලින් ලංකාවට පැමිණෙන සිසුන්ගෙන් ආදායමක්‌ ලබාගැනීමට හැකි වනු ඇත. එයට අකැමැතිවන්නේ කවුරුන්ද? ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම නිසා රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් වෛද්‍යවරු බිහිවනු ඇතැයි ඇතැම්හු තර්ක කරති. එහෙත් ඔවුන්ට වෙනත් රටවලට ගොස්‌ රැකියා ලබා ගැනීමට ඕනෑ තරම් අවස්‌ථාව තිබේ. ඇමරිකාව වැනි රටවල වෛද්‍යවරුන්ගේ ජීවිතය දුෂ්කරය. පවුල සමඟ වැඩි කාලයක්‌ ගත කිරීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැත. මේ නිසා මෙම රටවලට වෛද්‍යවරු අවශ්‍යය. ලංකාවේ වෛද්‍යවරුන්ට වෙනත් රටවල රැකියා පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දැන් අපි වැඩිම විදේශ මුදලක්‌ උපයනු ලබන්නේ ගෘහ සේවිකාවන් මැදපෙරදිග රටවලට යෑවීමෙනි. ඒක විශාල නින්දාවකි. ඉන්දියාව වැනි රටවල විදේශ රැකියාවලට යවන්නේ හෙදියන්ය. ගුරුවරුන්ය. ලංකාවේ වෛද්‍යවරු බිහි කළොත් ගෘහ සේවිකාවන් වෙනත් රටවලට යවනවා වෙනුවට වෛද්‍යවරු යෑවීමට හැකිනම් අපේ රට පහසුවෙන් දියුණු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මහාචාර්ය සනත් ලමාබදුසූරිය

18 comments:

  1. Educated selfless person, we need more of these people not more politicians

    ReplyDelete
  2. රට කරවටක් ඇත ගං වතුරේ ගිලිලා
    අල්ලපු රටෙන් වෙද වරු පිහිටට එවලා
    GMOA පුතුනි තොපි ඉක්මන් කොරලා
    වර්ජන කරපියව් උන් රට දොස්තරලා!

    ReplyDelete
  3. පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම විතරක් නෙමෙයි උසස්පෙල සමතුන් ටික දෙනෙකුට රජයේ විශ්වවිද්‍යාලවල නොමිලේ ඉගැන්වීමේ විකාර ක්‍රමය වෙනස් කරලා ශිෂ්‍යත්ව/ණය/ මුදල් අය කරන ක්‍රමයනුත් ඇති කරලා ඇතුලත් කර ගන්නා සංඛ්‍යාව වැඩි කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. This is the way to go. GMOA wants to preserve its monopoly power and uses unscrupulous methods to do it.

      In the long run SL will have to look at ways and means of funding its Higer education goals and the most feasible way may be to have a system based on scholarships, loans and sponsored student ships. This will also allow the apparent anomaly of 'more able' students left behind in favor of students from 'difficult' areas re admissions to restricted courses as the government will have more resources to upgrade schools in what is now considered as difficult areas.

      Delete
  4. කොතලාවල විශ්ව විද්‍යාලයේ රෝහලක් වත් නැහැ. හැබැයි එහිත් මුදල් ගෙවා අධ්‍යාපනය ලබා වෛද්‍ය උපාධිය සදහා ඉගෙන ගන්න පුළුවන්. සයිටම් එකේ රෝහලකුත් තියෙනවා. ඒ වගේම එහි ළමයි ලක්ෂ ගණනක් රජයට ගෙවා කඩුවෙල සහ හෝමාගම රෝහල් වලත් විෂයන් කිහිපයකට සායනික පුහුණුව ලබා ගන්නවා. ගොමා කුහකයෝ කොතලාවල එකට විරුද්ධ නැහැ. සයිටම් එකට විරුද්ධයි.

    ගොමා එකේ ප්‍රධානින් ගොඩක් දෙනෙක් සමාජ පසුගාමීත්වය කර පින්නාගෙන එන අය. ගොමා එකේ ලේකම් නලින්ද හේරත් මහතා කියන්නේ අනුරාධපුර පැත්තේ ඇතුලට වෙන්න තියෙන බොහොම දුෂ්කර පළාතක කෙනෙක්. උසස් පෙලට බොහොම අඩු ලකුණු ප්‍රමාණයක් අරං, යන්තං කෝටා එක නිසා මෙඩිකල් ආවේ. මෙතුමා ඉස්සර සයිටම් එකේ ඉන්නා ළමයිගේ උසස් පෙළ ප්‍රතිපල ගැන කතා කරා. ඒ ළමයිට මෙඩිකල් කරන්න බෑ, උසස් පෙළ ප්‍රතිපල මදි වගේ කතා කිව්වා හරියට. හැබැයි සයිටම් එකේ උසස් පෙළ හොදටම පාස් උන, A 3 අරං Z ස්කෝර් එකත් හොදම ළමයි ඉන්නවා. එහෙම වෙලා තියෙන්නේ නලින්දලා වගේ අය අඩු ලකුණු අරං කෝටා එකෙන් රජයේ මෙඩිකල් ෆැකල්ටි වලට යන නිසා.

    කොහොම හරි නලින්ද හේරත්ගේ උසස් පෙළ ප්‍රතිපල හෙළි උනාම පස්සේ දැන් මෙය සයිටම් එකේ අයගේ උසස් පෙළ ප්‍රතිපල ගැන කතා කරන එක නැවැත්තුවා.

    අපේ ඩොක්ටර් රුවන් කියනවා වගේ ග්‍රාමීය පසුගාමීත්වය සමගින් එන කුහක කම තමයි මොවූන්ගෙන් මේ එලියට එන්නේ. අච්චර වටිනා ගිලන් රථ සේවයටත් ඇද කුද හොයන්නේ ඒකට විරෝධය දක්වන්නේ ඒ නිසා. හැබැයි මේ සේවාව මගින් හදිසි ප්‍රතිකාර ලබලා ජීවිතය බේරාගත්තු දහස් ගණනක් ජනතාව ඉන්නවා. ගැබිණි මව්වරුන්ගේ, රිය අනතුරු වලට ලක්වන අයගේ වගේ සැහෙන දෙනෙක්ගේ ජීවිතය බෙර ගත්තා. කොටින්ම කිව්වොත් මහින්ද රාජපක්ෂගේ මැයි රැස්වීමේ හිටපු කිහිප දෙනෙක් විජලනය නිසා අසනීප උනාම ඒ අය කතා කරලා තිබ්බෙත් මේ ගිලන් රත සේවයට. ඒක ක්ෂණිකව ඇවිත් බේරා ගත්තේ රෝගීන්. ත්‍රිවිල් වල දෙකට නමලා රෝගීන් අරං යනවට වැඩිය මේ සේවය දහස් ගුණයක් හොද නැද්ද? අනික මේ මහා වැස්ස නිසා රටම විපතට උන වෙලාවේ ඒ ගිලන්රථ සේවාව කොයිතරම් සේවයක් කරාද?

    සයිටම් ළමයි හෝමාගම රෝහලේ ඇතැම් විෂයන් සදහා සායනික පුහුණුව යනකොට ගොමා එකේන් කිව්වා හෝමාගම තියෙන්නේ පොඩි රෝහලක්, ඒ නිසා එකේ පුහුණුව පිළිගන්න බැහැ කියලා. හැබැයි ජයවර්ධන රජයේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමයිත් සායනික පුහුණුව සදහා හෝමාගම රෝහලට යනවා. ඒකට මොකද දන්නෑ මේ අය කියන්නේ?

    (මා ඉහත සදහන් කර ඇත්තේ ගොමා නමැති වෘත්තීය සමිතියේ ඉන්නා මිනීමරු ප්‍රධානින් කිහිප දෙනා ගැන මිස ලංකාවේ ඉන්නා සමස්ත වෛද්‍යවරු ගැන නොවේ. මගේ බිරිඳ, මගේ අයියා සහ අක්කාද ලංකාවේ වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍යවරියන්ය/වෛද්‍යවරුය)

    ReplyDelete
    Replies
    1. ගොමා එකේ ප්‍රධානින් ගොඩක් දෙනෙක් සමාජ පසුගාමීත්වය කර පින්නාගෙන එන අය ///////// true

      Delete
  5. //ඒ ආකාරයට රජරට වෛද්‍ය විද්‍යාලය තෝරාගත්තද දැන් එහි සිසුන් දේශනවලට පැමිණෙන්නේ නැත. ඒ ගැන මට ඇත්තේ කනගාටුවකි.// ඒ කියන්නේ රජරට වෛද්‍ය සිසුන් මහාචාර්ය ලමාබදුසූරියගේ දේශන වර්ජනය කරනවා කියන එකද?

    ReplyDelete
  6. අනේ මහාචාර්ය තුමෝ ඔයාට ඕන නම් සයිතම් එකට යන්න.

    ReplyDelete
  7. [සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 6 කට එක්‌ ආචාර්යවරයෙක්‌ සිටී]

    බොරු විදිනවාට උදහරණ. මේ අනුපාතයට ගන්නේ ස්ථිර ගුරු සිසු අනුපාතය. එහෙම නැතුව සැබටිකල් වලට එල්ලිලා ඉන්න අය, විශ්‍රාම ගිහින් කොන්තරාත්තු පිට ඉන්න අය නෙවෙයි. මෙහෙම බොරු කියන්නේ කාව රවට්ටන්නද?

    ReplyDelete
  8. Sri Lanka has a very good secondary education system. Universities cannot admit all the qualifying students due to limited capacity in universities. The solution is private universities. Demand quality education and implement a national standards for all graduates of professional degrees. Eg. Medical, dental, vet, law, accountancy to face a Boards, bar, charter qualifying to practice that profession regardless of the school/ university/ academy you come from.

    ReplyDelete
  9. Terence WijetungeMay 30, 2017 at 9:35 PM

    Any how coma and many other doctors are against to private medical institution s ,this backward mind rural family background people, as soon as they finish their interim ship they starts privet practice,any other government servent is not allowed to do a second job.this happen because of care city of doctors. Privet investment for create medical personal s is benefit for general population.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook