Tuesday, May 9, 2017

භාවනා මගින් මානසික රෝග සමනය

 

භාවනා මගින් මානසික රෝග සමනය පිලිබඳව මුල් කාලයේදී මා තුල තද බල විශ්වාසයක් නොවීය​. දහම් පාසලේ දී නාරද මාහිමියන් යටතේ අපව භාවනාව කෙරෙහි  යොමු කෙරුවද අප එය බරපතල ලෙස නොගත්තෙමු. නමුත් යුද හමුදා රෝහලේදී පශ්චාත් යුද විශාදිය​, පශ්චාත් ව්‍යසන  ක්ලමථ  අක්‍රමතාවය (PTSD) මෙන්ම කායිකරූපී ආබාධ (somatoform disorders) වලට ලක් වූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමේදී   භාවනාව ඉතා ප්‍රබල ප්‍රතිකාරාත්මක මාධ්‍යක් බව පසක් කෙරුවෙමි. මේ සඳහා මට මාර්ගෝපදේශකත්වය ලබා දෙන ලද්දේ කොලඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ආරියවංශාලංකාර හිමියන් විසිනි. 

මුල් කාලයේදී යුද ආතතියට ලක් වූ සොල්දාදුවන් භාවනා පුහුණුව සඳහා මම ආරියවංශාලංකාර හිමියන් වෙත යොමු කෙරුවෙමි. මෙම සොල්දාදුවන් භාවනා මාධ්‍ය තුලින් සායනික ප්‍රගතියක් ලබා ගත්හ. එහෙත් යුද හමුදාවේ පුනරුත්ථාපන අංශයේ සිටි උසස් නිලධාරිනියක් මීට බාල්දියක් ඇද්දාය​. හේතුව ඉරිසියාව මෙන්ම මුග්ධතාව නිසාය​. මේ බාල්දිය හේතුවෙන් රෝගී සොල්දාදුවන් භාවනා කිරීම සඳහා යොමු කලේ මන්ද?  කියා එක්ස්පලේෂන් දීමට මට සිදු විය​. යහපත් සිතින් කරන ලද දේ නිසා මට අනපේක්‍ෂිතව ඉෂ්ඨ දෙවියෙකු ගෙන් පිහිටාධාර  ලැබුනි. මා වෙනුවෙන් දුර්ජන නිලධාරිනිය  ඉදිරියේ ප්‍රකාශයක් දුන් ක්‍රිස්තු භක්තික විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මා සිදු කොට තිබෙන්නේ ඉතා යහපත් ක්‍රියාවක් බවත් භාවනාව යුද ක්ලමථයට ලක් වූ සොල්දාදුවන්ට ප්‍රශස්ථ ප්‍රතිකාර මාධ්‍යක් කීම නිසා දුර්ජන බලවේග පසුබැස ගියහ​. ඉන් පසුව මම භාවනා ප්‍රතිකාර සඳහා ආරියවංශාලංකාර හිමියන් වෙත සොල්දාදුවන් යොමු කරා පමණක් නොව උන් වහන්සේ අපගේ වාට්ටුවට ගෙන්වා ගෙන භාවනා සැසියක් ද පැවැත්වූයෙමි. මේ සඳහා මේජර් අත්තනායක අගනා සහයක් මට දුන්නේය​. තවද ආරියවංශාලංකාර හිමියන් මගින් මම භාවනා ක්‍රමද උගත්තෙමි. 

භාවනා ප්‍රතිකාරය මගින් යුද ආතතියට ලක් වූ සොල්දාදුවන් බොහෝ දෙනෙකු සුවය ලැබූහ​. මින් එක් සොල්දාදුවෙක් මට තවමත් මතකය​. ඔහු සිංහ රෙජිමේන්තුවේ සාජන්වරයෙකි. ඔපරේෂන් මිඩ් නයිට් එක්ප්‍රස් ක්‍රියාන්විතයේදී මානසිකව තුවාල ලබා පශ්චාත් ව්‍යසන  ක්ලමථ  අක්‍රමතාවයට ලක්ව සිටියේය​. යුද ක්ලමථය නිසා වරක් ඔහු රාගම දුම්රිය පොලේදී කෝච්චියකට පැන දිවි තොර කර ගැනීමේ මානසිකත්වයෙන් ද සිටියේය​. ක්‍රමක් ක්‍රමයෙන් ආනාපානාසති භාවනාවට යොමු වූ ඔහු ලබා ගත් සායනික ප්‍රගතිය මම නිරීක්‍ෂණය කලෙමි. වසරක් තුලදී ඔහු තුල තිබූ පශ්චාත් ව්‍යසන  ක්ලමථ  අක්‍රමතාවයේ රෝග ලක්‍ෂණ අඩුවී යනු මම දුටුවෙමි. තවද යුද ආතතිය නිසා සමායෝගී ආබාධයකට ලක්ව සිටි එතරම් උගත්කමක් නොතිබූ සොල්දාදුවෙකු ලබා ගත් සායනික ප්‍රගතිය මා පුදුමයට පත් කලේය​. එසේම මෙම සොල්දාදුවාව දැන සිටි සිටි විජයබා පාබල ඒකකයේ  නිලධාරියෙකු වූ මේජර් ප්‍රියන්ත පොන්වීර ද ඔහු පෙරදා මෙන් නොව ඉතා හොඳින් ඒකකයේ සේවය කරනවා කීවේය​. 

කැනඩාවට පැමිනීමෙන් පසු මම භාවනාව ප්‍රතිකාරක මාධ්‍යක් ලෙස යොදා ගැනීම ගැන වඩාත් ගැඹුරෙන් අධ්‍යනය කලෙමි. ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න් , මයිකල් ඇපොල්ලෝ , මැක් මාස්ටර් විශ්ව විද්‍යාලයේ කැනේඩියානු භික්‍ෂූ යුක්තධම්ම යන ප්‍රවීණයන් මගින් භාවනාව මනෝ චිකිත්සක මාධ්‍යක් ලෙස උගත්තෙමි. එසේම මැසචූසෙට්ස් විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය මහාචාර්‍ය Amy B. Wachholtz සමග පරියේෂණ පත්‍රිකාවක්ද එළි දැක්වූයෙමි 

වෛද්‍ය ඊලෑන් නහීම් විසින් මනෝ ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කරන ලද "ඩී" මහතා හෙරොයින් භාවිතාවට හුරුව සිටියේය​. ක්‍රොනික් ඩිප්‍රෙෂන් හෙවත් නිදන්ගත විශාදය ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතාව උත්සන්න කරන ලදි. "ඩී" මහතා මා යටතේ ඉතා උනන්දුවෙන් ආනාපානාසති භාවනාව වැඩුවේය​. මාස හතරක් වැනි කාලයක් තුල ඔහුගේ විශාදය අවම වී ගියේය​. මේ අතර ඔහුගේ හෙරොයින් භාවිතය අඩු වූ අතර වෛද්‍ය  නහීම් විසින් සොබොක්සෝන් නම් ඖෂධය ආරම්භ කරන ලදි. මෑතකදී මෙම රෝගියා මා වෙත පැමිණි අතර පසුගිය මාස 3 තුල ඔහු හෙරොයින් ශිරා වලට විද නොගත් බව මට දැන්වීය​. ඔහුගේ මුත්‍රා පරීක්‍ෂා කල වෛද්‍ය  නහීම් එහි හෙරොයින් හෝ වෙන යම් මත් ද්‍රව්‍ය නොවූ බව සනාත කලේය​.මේ පුද්ගලයාගේ සායනික ප්‍රගතිය සඳහා භාවනාවද ඉවහල් වූ බව මම සිතමි.  

බටහිර ලෝකයේ මනෝ විද්වතුන් විසින් භාවනාව මනෝ ප්‍රතිකාර මාධ්‍යක් ලෙස දැන් රෝහල් තුල පවා යොදාගනිමින් සිටිති. මේ සඳහා මැසචූසෙට්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජොන් කැබට් සින් විසින් කරන ලද භාවනා ආශ්‍රිත පරියේෂණ ඉවහල් විය​. ඔහු බෞද්ධ භාවනා වලට විද්‍යාත්මක අර්ථ කථනයක් දුන්නේය​. මේ නිසා ඇති වූ පුනරුදය දැන් බටහිර ලෝකයේ දැකගත හැකිය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

25 comments:

  1. සමහරු භාවනා කරන්නේ ආගමත් පටලගෙන අධිමානසික බලයන් ලබා ගන්න...එහෙම කරලා එවැනි බලයක් තමන්ට ඇතැයි සිතන අයත් සිටී. සිත එක අරමුණකට පමණක් යොමුකිරීම නිසා මානසික රෝගීන්ගේ ප්‍රශ්නයක් වන...නොකඩවා සිතුවිලි ගලා ඒම අඩු වෙනවා විය හැකිය.

    ReplyDelete
    Replies
    1. සමහරු භාවනා කරන්නේ ආගමත් පටලගෙන //////// this is secular clinical meditation

      Delete
  2. භාවනාව තරම් මනස සුවපත් කරන වෙනත් දෙයක් මටනම් සිතාගන්නවත් බෑ. මේ මහඟු උරුමය පුදපූජාවලින් යටකර නාඩගමක් බවට පත්කර තිබෙන එක කනගාටුදායකයි.භාවනාවට නිසිතැන ලැබුනානම් හොද මානසික සෞඛ්‍යයක් ජාතියක් හැටියට ලබාගන්න තිබුන.
    ඒක නෙවෙයි වෛද්‍ය උපාධියක් අරන් හමුදාවට ගිහින් එක එකීට ඔහොම චාටර් වෙන්න ඕනද. අපරාදෙනෙ

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය උපාධියක් අරන් හමුදාවට ගිහින් එක එකීට ඔහොම චාටර් වෙන්න ඕනද. අපරාදෙනෙ///// කිසිම දැණුමක් නැති මනුස්සකමක් නැති එවුන්ට තරු දුන්නම වෙන දේවල්

      Delete
  3. මානසික දොස්තරවරුන් එහෙනම් භාවනාවත් බිස්නස් එකක් හැටියට ප්‍රමෝට් කරන්න හදන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි තාම භාවනාවත් බිස්නස් එකක් හැටියට පවතින්නෙ නැත්ද ?

      Delete
  4. ඔබගේ මෙහෙවර අගය කරමි. ඇත්තටම භාවනාවෙන් සිත සුවපත් වේ. මම ද අද්දකිමින් සිටිමි ඒ වග. පුර්ණ කාලිනව භාවනාවක යෙදෙන්නට තරම් විවේකයක් නොමැතිකමයි ගැටලුව.

    ReplyDelete
  5. මේ හොදම විවේකයක් මනසට..මා ලද අත්දැකීමක් සටහන් කරනට හිතුන. යුරෝපා රටවල බොදු විහාර ස්ථාන විශාල ගානක් තියනව. ඒවයෙ භාවනා වැඩසටහන් තියනව. විදෙස් අය භාවනාව ට කැමතියි
    සමහරු පැයකට වඩා භාවනාව කරනව.නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මේ අය බොදු දහම වැලදගත් අය කියල.එයාල ඒ මනස හිත සුවපත් කරගන්න දරන උත්සාහයක් .ඉතාලියෙ නාපෝලි විහාරය මේ වැඩ සටහන් කරනව.අති සාර්ථකයි..

    ReplyDelete
  6. secular clinical meditation කියා හඳුන්වනුයේ
    බටහිර ක්‍රිස්තියානි නූතන භාවනාවයි.
    බටහිර ක්‍රිස්තියානි නූතනත්වය යනු කෙලෙස් වඩවන සම්ප්‍රදායක් වන අතර
    ඊනියා secular clinical meditation වලින් කෙරෙනුයේ එසේ කෙලෙස් වැඩීම නිසා වන අසහනයට වේදනා නාශකයක් ලබාදීම පමණි.
    secular meditation යනු මාරයාගේ උගුලක් යැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. secular clinical meditation කියා හඳුන්වනුයේ බටහිර ක්‍රිස්තියානි නූතන භාවනාවයි.///////// සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි . මගේ මේ ලිපිය කියවන්න http://www.brookhavenhospital.com/meditation-to-treat-substance-use-disorders/

      Delete
  7. When I was in cardiothoracic unit in NHSL between 2003 to 2013, I together with Rev. Rajawelle Subuthi in Hospital temple and Rev. Dileepa Jayamaha in hospital chaplain started a meditation program for patients waiting for cardiac surgeries. After participating in this program, I have observed the reduction of stress in them which led to lowering blood pressure levels as well as blood sugar levels. With the help of this program the prognosis of cardiac surgeries, specially coronary artery bypass grafts and valvular heart surgeries improved significantly. I together with Dr. Chandima Amarasena Ms, FRCS, FRCSE Senior consultant cardiac surgeon integrated this meditation program into our cardiac rehabilitation program and witnessed significant enhances in post operative recovery. Interesting evidences shown in patients who are on anticoagulant therapy after valvular surgeries with maintaining constant INR value within healthier limits. I am strongly backing up this type of programs without dividing them in to religions.

    ReplyDelete
  8. භාවනාව ගැන වැදගත් ලිපියක්. ඕනෑම ආගමිකයෙකුට හෝ නිර් ආගමිකයෙකුට සමථ ගණයට වැටෙන භාවනා කිරීමේ කිසිදු අපහසුවක් නැහැ. මට හිතෙන අන්දමට දොස්තර මහතා අදහස් කරන්න ඇත්තේ එයයි. හුස්ම ගැනීමට පමණක් අවධානය කිරීම මෙතනින් කෙරෙයි. එහෙත් බෞද්ධ භාවනාවක් කරන්නේ නම් සමථයෙන් ඔබ්බට ගොස් විදර්ශනා පැත්තට යොමු විය යුතුය, එය ඕනෑම වෙනත්ආගමිකයෙකුට හෝ නිර් ආගමිකයෙකුකල නොහෙක්කේ ඔවුන්ගේ සිතේ ඇති මැවුම්කරු (නොබිදෙන,නොකැඩෙන) ආත්මය සංකල්පය සමග විදර්ශනාවේ ඇති වෙනස් වන ආත්මය ගැන කියවෙන භාවනා වැකි ගැටෙන නිසාය.

    ReplyDelete
    Replies
    1. බෞධයන් උවද විදර්ශනා භාවනා කිරීමට පෙර සමථ භාවනා මගින් සිත සමථ කල යුතුය

      Delete
  9. PTSD වැනි රෝග තත්වයන් ඇති පුද්ගලයින් විවිධ අරමුණු ඔස්සේ සිත නිතර දුවන පුද්ගලයින්. ඔවුන් භාවනාවට යොමු කිරීම තරමක් අභියෝගකාරී නොවේද? භාවනාවට යොමු කිරීමම ඔවුන්ට තවත් එපා වන තත්වයක් උද්ගත නොවේද?

    එත් සමගම පුද්ගලික ප්‍රශ්නයක් තිබේ ඔබෙන් දැන ගැනීමට. කොළඹ ඇති, Institute of Mental Health නමින් පවතින ආයතනය හොද මානසික උපදේශන ආයතනයක් ද ?

    ReplyDelete
    Replies
    1. PTSD වැනි රෝග තත්වයන් ඇති පුද්ගලයින් ට මුලින්ම චිත්ත ඒකාග්‍රතාව පුහුණු කල යුතුයි මියුසික් තෙරපි වැන ක්‍රමයක් මගින් ; ඉන් පසුව ඔවුන්ට භාවනාව කල යුතුයි
      කොළඹ ඇති, Institute of Mental Health නමින් පවතින ආයතනය හොද මානසික උපදේශන ආයතනයක් ද ?///////////////////බොහෝ වියාජ ආයතන සහ බොරු මනෝ විද්‍යා උපාධි සහිතව පුද්ගලයන් මානසික ප්‍රතිකාර කරනවා. ඔවුන් ගේ සුදුසුකම් පරික්‍ෂා කොට බලන්න

      Delete
    2. ඔබගේ කාලයට හා පිළිතුරට ස්තුති.

      Delete
  10. මේ පිලිබඳ ප්‍රබෝධයක් බටහිර පමණක් නොව ලංකාවේද ඇතිවෙමින් යනවා. නමුත් මෙහි බොහෝ දෙනෙක් මානසික සුවතාවය වෙනුවට බලාපොරොත්තු වෙන්නෙ භාවනා සැසියකින් හෝ දෙකකින් පසු මාර්ගඵල ලබා ගැනීමටයි. .
    ඒ නිසා සුවතාවය කෙසේවෙතත් ඒ නිසා බොහෝ දෙනෙක් ඉච්ඡාභංගත්වයට පත් වෙනවා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බොහෝ දෙනෙක් මානසික සුවතාවය වෙනුවට බලාපොරොත්තු වෙන්නෙ භාවනා සැසියකින් හෝ දෙකකින් පසු මාර්ගඵල ලබා ගැනීමට. Athha

      Delete
  11. කදිම ලිපියක්............ අගයමි

    ReplyDelete
  12. ආරියවංශාලංකාර හිමියන්ගේ සහෝදරයා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිටියදී වචනයෙන් සංවර නැහැ . ඔවුන් දේපල එහි පවත්වාගෙනආ දහම් පාසැල වසාදැමුව.

    ReplyDelete
    Replies
    1. ඔහු ගැන නම් මම දන්නේ නෑ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook