Monday, May 15, 2017

පොල්පොට්ගේ මරණය


පොල්පොට්ගේ මරණය
1998 අප්‍රේල් 15 වෙනි දින පොල්පොට් තායි කම්පුචියානු දේශසීමාවට ආසන්නයේ අවසන් හුස්ම හෙළීය. සිදු කරන ලද අපරාධය විශාල මෙන්ම ඒ සඳහා ලැබිය යුතු දඬුවම් කුඩාවේ. The bigger the crime the smaller the penaltyයන වැකිය පවසන ලද්දේ ෆෙඩ්රික් ෂෙලර් විසිනි. ඔහුගේ අදහස සනාථ කරමින් කළ අපරාධ සඳහා පොල්පොට්ට දඬුවම් නොලැබිණි. අවසාන කාලයේදී කෙමරූජ් ගරිල්ලන්ගේම අත්අඩංගුවට පත්වූ පොල්පොට් තම දිවියේ අවසාන වසර කිහිපය ගතකළේ රෝගියෙකු වශයෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක් විය.
ඔහුගේ මෘතශරීරය කිසිඳු අවමංගල්‍ය උත්සවයකින් තොරව ආදාහනය කරන ලදී. පොල්පොට්ගේ මරණය පිළිබඳව නොයෙකුත් සැක මතු වී තිබේ. ඔහුගේ දෙවන බිරිඳ Hleas පවසන පරිදි ඔහුගේ මරණය සිදුවූ දිනයේ 1998 අප්‍රේල් 15 දින රාත්‍රියේ ඔහු ඇමෙරිකානු VOA ගුවන් විදුලි සේවයට සවන් දී තිබේ. කෙමරුජ් සංවිධානය පොල්පොට් යුද අපරාධ සඳහා බලධාරීන්ට භාරදීමට නියමිත බව ඔහුට දැනගන්නට ලැබිණි. මේ නිසා පොල්පොට් සිටියේ බියෙන් හා කලබලකාරි තත්වයකිනි. අන්තර් ජාතික යුධ අධිකරණය මගහැරීම සඳහා පොල්පොට් දිවිනසා ගත්තේදැයි සැකයක් මතුවේ.
වධකාගාරයේ පාලකයා හඬා වැළපෙයි.
Tuol sleng හෙවත් S-21 වධකාගාරයේ පාළකයාව සිටි Duchහෙවත් Kang Kech Eav සමූහ මිනීවලක් වෙත ගෙනයනු ලැබීය. කම්පුචියානු හා එක්සත් ජාතීන්ගෙන් සැදුම්ලත් විනිශ්චය කාරවරුන් 80 දෙනෙකුගෙන් යුත් මෙම අධිකරණ මඬුල්ලද මෙම අවස්ථාවට සභාගී වූහ.
පුද්ගලයන් 120 දෙනෙකු මරා වළදමා තිබූ මෙම ස්ථානයේදී දී හිටපු වධකාගාර පාළකයා දණින් වැටී වැලපුන අතර තමන් කළ අපරාධ සඳහා සමාව ඉල්ලා සිටියේය. ගොඩදමා තිබූ මිනිස් හිස්කබල් අභිමුඛයේ දණින් වැටුණු ඔහු කෙමරූජ්වරුන් විසින් මරාදැමූ පුද්ගලයන්ගේ ආත්මවලට සැනසීම ලැබේවායි පතන ලදී.
Tuol Sleng වධකාගාරයේ පුද්ගලයන් ඝාතනය කිරීම සිදු කෙරුණේ ඔහුට ලැබුණු නියෝග මත බව හෙතෙම පවසා තිබේ. S-21 වධකාගාරයේ රැඳවියෙක්ව සිට දිවිගලවා ගත් Chum Manh පවසන අන්දමට Duch විසින් ඔහුගේ බිළිඳු දරුවා හා බිරිඳ මරා දැමීමට නියෝග දී ඇත.
අපි යුක්තිය වෙනුවෙන් වසර 30 බලා සිටියෙමු.
Theary Seng ගේ දෙමාපියන් කෙමරුජ්වරු විසින් මරා දමන ලදී. ඉන්පසු ඇය ජීවත්වූයේ කෙමරූජ් භීෂණය සමගිනි. කෙමරූජ්වරුන්ගේ බලය පිරිහීමත් සමඟ ඇමෙරිකාවට පළාගිය ඇය දැන් නීතිඥවරියකි.
හිටපු කෙමරුජ් නායක Nuon Chea ට එරෙහිව නඩුවිභාගයේදී සාක්ෂිදුන් Theary seng කෙමරූජ් ඇයගේ ආත්මය සිඳ දැමූ අයුරු විස්තර කළාය. දැනට ජිවතුන් අතර, සිටින කෙමරුජ් ෙජ්ෂ්ඨතම නායකයා වන Nuon Chea හට එදිරිව ඇති නඩුව තවදුරටත් විභාග කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.
“මෙය අතීතයේ සිදුවූ සිද්ධියක් ලෙස සලකා විත්තිකරුවන්ට තමන් විසින් කළ අපරාධ වලින් ගැලවී යාමට ඉඩ නොදිය යුතුයි.”යන්න අවධාරණය කළ ඇය “අපි යුක්තිය වෙනුවෙන් වසර 30 ක් බලා සිටියෙමු” යැයි අධිකරණයේදී පැවසුවාය. ඇයගේ දෙමාපියන් මරා දමන විට ඇයගේ වයස අවුරුදු 7 කි.
Tuol Sleng වධකාගාරයෙන් බේරුණු භාග්‍යවන්තයින්
සිරකරුවන් අතරින් Tuol Sleng වධකාගාරයෙන් පණපිටින් පැමිණීමට හැකිවූයේ දොළොස් දෙනෙකුට පමණි. Chim Math මෙම දොලොස් දෙනා අතර සිටි එකම කාන්තාවයි. අනෙක් සියළුමදෙනා ම පිරිමි වූහ. අත්අඩංගුවට ගනු ලැබූ Vann Nath නම් පුද්ගලයාගේ පණ රැකුණේ ඔහුට චිත්‍ර ඇඳීමට තිබුණු හැකියාව නිසාය. ඔහු පොල්පොට්ගේ චිත්‍ර ඇඳීය. එම නිසා ඔහුට චිත්‍ර ඇඳීමට ඉඩ දෙනු ලැබීය. නිදහස ලැබීමෙන් පසු Vann Nathවධකාගාරයේදී සියැසින් දුටු වධක සිද්ධීන් චිත්‍රයට නැගීය.
දෙපාවලින් එල්ලා පහරකනු ලබන මිනිසුන්, ඇඳන්වලට බැඳ තියුණු අවිවලින් ශරීර අවයම කපාදමා තිබුණු මිනිසුන්, විදුලි පහර වලට ලක්කළ මිනිසුන්, ඔහුගේ චිත්‍ර අතර වෙයි.
Tuol Sleng වධකාගාරයේ 1720 ක පිරිසක් සේවය කළහ. ඒ අතරින් 300 ක පිරිසක් සිරකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නන් (Interrogators) වූහ. වධකාගාරයේ පාළකයා වූයේ Duchසහෝදරයාය. ඔහු වෘත්තියෙන් ගණිත ගුරුවරයකු විය. පොල්පොට් සමඟ ලඟින් වැඩකළ Duch සහෝදරයා මෙහි පාළකයා වීටම සුදුසු බව පොල්පොට් තීරණය කළේය.
Tuol Sleng වධකාගාරය පිළිබඳව මුලින්ම ලොවට තතු හෙළිකරන ලද්දේ “හෝ වැන් ටායි” නැමති ඡායාරූප ශිල්පියාය. වියට්නාම් හමුදාවේ සේවය කළ ඔහු 1979 වසරේදී ටෝඋල් Sleng මස්මඩුව පිළිබඳව රහස ලොවට හෙළි කළේය.
කෙමරූජ් රජයේ බිඳවැටීමත් සමඟම මෙම වධකාගාරයේ තිබූ ලිපි ලේඛන ඡායාරූප විනාශ කරනු ලැබීම නිසා මෙහි යථා තත්වය තවමත් අනාවරණය වී නැත. 2003 වසරේ Rith Ponh නම් සිනමාවේදියා විසින් The Khmer Rouge Killing Machine නම් චිත්‍රපටය එළිදක්වනු ලැබීය. මෙම චිත්‍රපටයේ තේමාව වූයේ Tuol Sleng වධකාගාරයෙන් බේරුණු මිනිසුන් ස්වල්ප දෙනා පිළිබඳවයි.
වධකාගාරයේ චිත්‍ර ශිල්පියා
Vann Nath කුප්‍රකට S-21 වධකාගාරයේ රැඳවියන් අතරින් පණපිටින් බේරීමට සමත්වූ පුද්ගලයන් 7 දෙනාගෙන් එක් අයෙකි. තවමත් ජිවතුන් අතර සිටින ඔහු වධකාගාරයේ භිෂණය පිළිබඳ කරුණු ලොවට හෙළි කරයි.
චිත්‍ර ඇඳීමට තිබූ දක‍ෂතාවය නිසා සිරමැදිරියේ අනෙක් සිරකරුවන්ට වඩා ඔහුට විශේෂ තැනක් හිමි විය. මෙම දක‍ෂතාවය ඔහු මරණයෙන් ගැලවීමට උපකාරි විය. පොල්පොට්ගේ චිත්‍ර ඇඳීමට නියම වූ Vann Nath හට ඉන් පළායාමට හැකි වූයේ 1979 වියට්නාම් ආක්‍රමණය නිසාය. පසුව ඔහුගේ අත්දැකීම් කැටිකරගත් The Khmer Rouge Killing Machine වෘතාන්ත චිත්‍රපටය නිපදවන ලදී.
Vann Nath විසින් අඳින ලද චිත්‍ර S-21 වධකාගාරයේ සිදුවූ බිහිසුණු සිද්ධීන් රාශියක් නිරූපනය කරයි. මෙකී චිත්‍ර අතර කුඩා බිළිදෙකු මවගෙන් උදුරාගෙන පොළොවේ ගසන කෙමරූජ් භටයන් දෙදෙනෙක්, මිනිසෙකුට පණයන තෙක් මුගුරුවලින් පහර දෙන වධකයන් බෙලි කැපූ කවන්ධ රූප, යනාදි ඇඟ කිළිපොලා යන දර්ශන තිබේ.
කෙමරූජ් භීෂණය පිළිබඳ සාක්ෂිකරුවෙකුවන Vann Nath මෙසේ කියයි. “පිට ග්‍රහලෝකවල ජීවීන් සිටීදැයි ම නිතරම මගෙන් අසමි. එසේ ජීවීන් සිටිත්නම් ඔවුන් අප මෙන් දුක් දොම්නස් වලට පාත්‍ර වෙනවාද? ඔවුන් අප මෙන් දුක් වේදනා වලට පත් නොවේ නම්, මම එවැනි ග්‍රහලොවක උපත ලැබීමට කැමැත්තෙමි. ඒ මන්දයත් කෙමරූජ්වරුන් යටතේ දුක්විඳ හා අන්‍යයන් දුක්විඳිනවා මා දැක ඇති බැවිනි.”
1978 ජනවාරි 7 දින කුඹුරු වැඩ කරමින් සිටියදී ඔව්හු මා අත්අඩංගුවට ගත්හ. ඉන්පසුව මා සිහිනයකින්වත් නොසිතූ දේවල් ගැන චෝදනා කළහ. මා රහස් සංවිධානයකට අයත් සාමාජිකයෙකු බවත්, අන්කා දහම මා උල්ලංඝනය කොට ඇති බවත්, ඔව්හු කීහ. එහෙත් එම වැරදි මම රහසින්වත් කර නොතිබිණි. ඔව්හු මට විදුලි ප්‍රහාර නියම කළහ. විදුලිය මගේ ශරීරයට කාවැදෙද්දී මට දෙතුන් වරක් සිහිනැති විය.
ඉන්පසුව ඔව්හු මා S-21 Toul Sleng වධකාගාරයට ගෙන ගියහ. ඔව්හු මා තෙවන මහලේ සිරගත කළහ. මා සමඟ තවත් සිරකරුවන් පනස්දෙනෙක් සිටියහ. අපට ආහාර දෙන ලද්දේ උදෑසන අටටත්, රාත්‍රී අටටත්ය. ආහාර ලෙස දුන්නේ හාල් තේ හැඳි ස්වල්පයකින් යොදා පිළියෙළ කළ කැඳය. අපට බීමට වතුර නොදෙන ලදී. මුත්‍රා කිරීම සඳහාත්, මළපහ කිරීම සඳහාත්, දෙනු ලැබුවේ කුඩා වානේ බාල්දියකි. මුත්‍රා හෝ මළ ඉහිරුනේ නම් අදාල පුද්ගලයාට එය දිවගින් ශුද්ධ පවිත්‍ර කිරීමට නියම කෙරුණි.
මෙම නරකාදියේ මා ජිවත්වූයේ කෙසේදැයි මට නොතේරේ. මාසයකට පසුව දිනක් මෙම වධකාගාරයේ පාළක Duch අභිමුවට මා රැගෙන යන ලදී. මා චිත්‍ර ශිල්පියකු බව දැනගත් ඔහු මට පොල්පොට්ගේ විශාල චිත්‍රයක් ඇඳීමට නියම කළේය. මට පෙර ඒ කාර්යය නියම වූ සිරකරුවන් දෙදෙනෙකුගේ චිත්‍රය අසාර්ථක වූ නිසා ඔවුන් මරණයට පත් කරන ලදී. මේ චිත්‍රය ඇඳීම මගේ මරණය හෝ ජීවත්වීම තිරණය කරන බැවින් මේ ගැන මගේ විශේෂ අවධානය යොමු කළ යුතුබව මට වැටහිණි.
විශේෂ අවධානයකින් හා මහත් පරිශ්‍රමයකින් යුතුව චිත්‍රය ඇඳීමට පටන් ගතිමි. සෑම පින්සල් පහරක්ම මගේ ජීවිතය රැකදෙන වෑයමක් විය. නිරාහාරව බියෙන් හා කම්පනයෙන් යුතුව මෙවැනි සුවිසල් චිත්‍රයක් නිම කිරීම අතිශයින්ම අසීරු කටයුත්තක් විය. එහෙත් එම කාර්යය මම සාර්ථකව නිම කළෙමි. මෙම චිත්‍රය මට ජීවිත දානය ලබා දුන්නේය.
Vann Nath හට නිදහස ලැබීමෙන් පසු කෞතුගාරයක් බවට පත්කළ Toul Sleng වධකාගාරයේ හෙතෙම සේවය කළේය. දැන් ඔහු චිත්‍ර ශිල්පියෙකු ලෙස ජීවිකාව ගෙන යයි.
Toul Sleng කෞතුකාගාරය
කෙමරූජ් ජන ඝාතනය වර්තමාන ලෝකයට පවසන සාක්ෂිය වනාහි Toul Sleng කෞතුකාගාරයයි. නොම්පෙන්හි පිහිටා ඇති මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල අතීතයේ උසස් පාසලකි. කෙමරූජ්වරු මෙම පාසල් ගොඩනැගිල්ල හිර කඳවුරක් බවට පරිවර්තනය කළෝය.
1975 සිට 1979 දක්වා පුද්ගලයන් 17000 ක් මෙහි සිරකරුවන් ලෙස රඳවා සිටි බවට සාක්ෂි තිබේ. 1980 දී මෙයින් පණපිටින් නිදහස් ලෝකයට පැමිණියේ පුද්ගලයන් හත්දෙනෙකු පමණි. උන්ඩ අරපරෙස්සම් කර ගැනීම සඳහා සිරකරුවන්ට වෙඩි තැබුවේ කලාතුරකිනි. මොට්ට ආයුධ වලින් පහර දී හෝ තියුණු ආයුධ වලින් කපා කොටා ඔවුන්ව මරා දැමීම මෙම ඝාතක ස්ථානයේ නිබඳවම සිදු කෙරිණි. ඇතැම්විට ප්ලාස්ටික් බෑග් මුහුණට දමා සිරකොට හුස්ම ගැනීම වලකා ලමින් සිරකරුවන් මරා දැමීමටද මෙහි භාවිතා වූ තව එක් මාරක ක්‍රමවේදයකි.
මෙම කෞතුකාගාරයේ සිරකරුවන් වද බන්ධනයට පත් කිරීම සඳහා යොදා ගන්නා ලද උපකරණ ප්‍රදර්ශනය කෙරේ. බාල්ක, මිනිසුන් එල්ලන කොකු, දම්වැල්, යකඩපොලූ, කඩු, පිහි, ජලටැංකි, මේවා සියල්ලන්ටම ඇත්තේ මාරක ඉතිහාසයකි.
කෞතුකාගාරය පුරා මිනී හිස් කබල් ඇට කැබලි, දක්නට තිබේ. ඇතැම් ඇටකටුවල පොරෝ පහරවල්, අස්ථී බිඳීම්, දක්නට ඇත. සමහර ඇටකටු අවුරුදු 10-12 අතර වයස් සීමා ඇති ළමුන්ගේ බව සනාථ කොට තිබීමෙන් පෙනී යන්නේ කෙමරූජ් භීෂණයේ රුදුරු බවයි.
යේල් විශ්ව විද්‍යාලය කෙමරූජ් භීෂණය අධ්‍යයන කරයි.
1994 වසරේ යේල් විශ්විද්‍යාලය විසින් CGP හෙවත් Cambodian Genocide Programme අරඹනු ලැබීය. මෙම අධ්‍යනයේ අරමුණ වූයේ පොල්පොට්ගේ ජන ඝාතනයට තුඩුදුන් හේතු කාරණා සොයා බැලීමය. එසේම ව්‍යසනයේ ප්‍රමාණය, ඒ සඳහා දායක වූවන් කවරහුද යන්න සොයා බැලීම් කෙරුණි.
චීනය පොල්පොට් පිළිගනියි
1977 වසරේ පොල්පොට් චීනයේ සංචාරයක නිරත විය. වියට්නාමයට එදිරිව යුද ආධාර ලබා දීමට චීනය පොල්පොට්ට එකඟ විය. එසේම ඔහු විසින් සිදුකරගෙන යන ආර්ථීක ක්‍රියා පිළිවෙත් චීනය අනුමත කරන ලදී. වසරකට ඩොලර් මිලියන 5 ක් වටිනා අවි චීනය විසින් පොල්පොට්ට සැපයූ බව වාර්තා වේ.
එහෙත් වියට්නාමය සමඟ සටන් උත්සන්න වූ විට පොල්පොට් චීන හමුදා පොල්පොට්ගේ සහයට එවන ලෙස ඉල්ලා සිටියද චීන බලධාරීන් ඊට එකඟ නොවූහ. පොල්පොට්ගේ පාලන යුගයේදී කම්පුචියාව අන්තර් ජාතික තහනම් වලට ලක්වූයේ නැත. රටවල් 63 ක් විසින් කම්පුචියාවේ කෙමරූජ් පාලනය පිළිගෙන තිබුණි.
පොල්පොට් හා බටහිර බලවත්තු 
යේල් විශ්වවිද්‍යාලයේ දේශපාලන විශ්ලේෂකයෙක් පවසන අන්දමට ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍යය හා තායිලන්තය පොල්පොට්ට ආධාර නොකළේ නම් මෙවැනි ජන ඝාතනයක් සිදු නොවනු ඇත.
ඇමෙරිකානු බෝම්බ ප්‍රහාර නිසා ඉතිහාසයේ ක‍ෂයවී යාමට නියමිතව සිටි කෙමරූජ් වැනි අන්තවාදී දේශපාලන කණ්ඩායමකට ජනතාව ඒකරාශී කිරීමට හැකි විය. එසේම වියට්නාමයට එරෙහිව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය කම්පුචියාවට උදව් කළහ.
මාග්‍රට් තැචර් කම්පුචියාව හැඳින්වූයේ අපගේ සතුරාගේ (වියට්නාමයේ) සතුරෙකු වශයෙනි. එම නිසා පොල්පොට්ගේ ජන ඝාතන කෙරෙහි ඔවුන් දැක්වූයේ නිහඬපිළිවෙතකි. 1989 දක්වා බ්‍රිතාන්‍යය කම්පුචියාව අරබයා සිදුකළ මැදිහත්වීම් රහසිගතය.බ්‍රිතාන්‍යය Sunday Telegraph පුවත්පතේ සයිමන් රසල් පෙන්වාදෙන අන්දමට බ්‍රිතාන්‍ය SAS විශේෂ බලකාය විසින් කෙමරූජ් භටයන්ට පුහුණුව ලබාදෙන ලදී. මෙ පුහුණුවීම් ලබාදෙන ලද්දේ තායිලන්තයේදීය. මෙම SAS පුහුණුකරුවන් අතර ෆෝක්ලන්ත යුද්ධයේ සටන් කළ වෙතරානුවන්ද සිටි බව සයිමන් රසල් වැඩි දුරටත් පවසයි.
දැනට ජනඝාතන පිළිබඳව චෝදනා ලබා තිබෙන කුප්‍රකටTa Mok මෙසේ කියයි. “මෙඩ්ලින් ඕල්බ්‍රයිට්, මාග්‍රට් තැචර්, හෙන්රි කිසිංජර්, ජිමී කාටර්, රොනල්ඩ් රේගන් සහ ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) කෙමරූජ් සංවිධානයට උදව් කළෝය. යම් ලෙසකින් අප වරදකරුවන් වෙයිද ඔව්හුද වරදකරුවෝ වෙති. එම නිසා මෙම අධිකරණයට ඔවුන්වද ගෙන්විය යුතුය”.
ඇමෙරිකානු මැදිහත්වීම්
පොල්පොට්ගේ ජන ඝාතන ඇමෙරිකානු ක්ෂමා සංවිධානය දැන සිටියද, ඒවා නතර කිරීම සඳහා නිසි පියවර ගැනිම ඇමෙරිකාව ප්‍රමාද කළේ කරුණු කිහිපයක් නිසාවෙනි.
පොල්පොට්ගේ ආගමනය සිදුවීම සඳහා කම්පුචියාවේ ඇමෙරිකානු මැදහත්වීම එක්තරා දුරකට සහය වූ බව පෙනී යයි. 1970 දී ජනාධිපති නික්සන් සිහනුක්ගේ රජය පෙරළා දැමීමට හවුල් වීම නිසා කම්පුචියාවේ ඇති වූයේ ව්‍යාකූළ තත්වයකි. දකුණු වියට්නාම් හමුදා සහ 20,000 පමණ වූ ඇමෙරිකානු යුධ උපදේශකයන් කම්පුචියාවට ඇතුළු වූහ. ඔව්හු සිහනුක්ගේ රජය පෙරළා දමා ජෙනරල් Lon Nol බලයට ගෙන ඒමට මාන බැලුහ. මෙම අර්බුධකාරි පරිසරය කෙමරූජ්වරුන්ට හිතකර උපස්ථරයක් විය.
ඇමෙරිකානු සහය ලැබූ දකුණු වියට්නාම් හමුදා, උතුරු වියට්නාම් හමුදා, ජෙනරල් Lon Nol ගේ සහයක හමුදා, කෙමරූජ් ගරිල්ලන් සියළු දෙනා සංකීර්ණ සටනක විවිධ පාර්ශ්වකරුවෝ වූහ.
කම්පුචියාවේ උතුරු වියට්නාම් කඳවුරු විනාශ කිරීම සඳහා 1969 සිට 1973 දක්වා බෝම්බ ටොන් 532,000 ක් අත හරිනු ලැබීය. මේ නිසා ගම් පිටින් ධූලි අලූ බවට පත්වූ අතර, දස දහස් ගණනක් මරු දුටුහ. කම්පුචියාවට හෙලු බෝම්බ ප්‍රමාණය දෙවන ලෝක යුධ සමයේ ජපානයට හෙළන ලද බෝම්බ ප්‍රමාණය මෙන් තෙගුණයකි. එම නිසා විනාශයේ ප්‍රමාණය පිළිබඳව උපකල්පනයන් ලබාගත හැකිය.
නිළ නොවන වාර්තා අනුව ඇමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා මිය ගිය කම්පුචියානු මිනිසුන්ගේ ගණන 600,000 කි. ඇමෙරිකාවෙන් කම්පුචියාවට ලැබුණු ආධාර රජයේ උසස් නිලධාරීන් හා හමුදා නිලධාරීහු ගසා කෑහ.
මිලියන හතක ජනගහනයෙන් මිලියන දෙකකට නිවාස තිබුණේ නැත. බෝම්බ පිපිරීම නිසා කෘෂිකර්මාන්තය ද කඩා හැලූණි. කම්පුචියාවට ව්‍යසනය ලඟාකරවන ලද්දේ නික්සන් හා ඔහුගේ උපදේශක හෙන්රි නිසින්ජර් බව ඇතැමෙක් පවසති. නික්සන්ගේ යුධ මෙහෙයුම් කම්පුචියානු සමයේ සිදු නොවුනේ නම් කෙමරුජ්වරුන්ට හිස එසවීමට තිබුණු ඉඩකඩ සීමිත බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 1970 දී සුළු අවි සහිත 5000 ක භට පිරිසකින් සමන්විත වූ කෙමරුජ්වරු 1975 අප්‍රේල් වන විට 70000 ක හමුදාවකින් බලසම්පන්න වූහ. එම නිසා ඔවුන්ට පහසුවෙන් ජෙනරාල් Lon Nol ගේ හමුදා පරාජය කිරිමට හැකි විය.
රැඩිකල් මධ්‍යම පාන්තික උගතුන්ගෙන් සමන්විත වූ කෙමරුජ් නායකත්වය අගය කළේ ප්‍රාථමික ගොවිකමේ නියැළෙන ගෝත්‍රික ජනතා ජිවන ක්‍රමයකටය. එහෙත් ඔවුන්ගේ දේශපාලන යාත්‍රාව ගමන් කළේ පැසිස්ට් මුහුදකටය.
1979 ජනවාරි මාසයේදී ඩෙන් ෂියාඕ පෙන් වොෂින්ටනයට ගියේ චීන ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහාය. පොල්පොට් වියට්නාමය සමඟ ගැටෙනු ආශාවෙන් නැරඹූ ඇමෙරිකාව ශීත යුධ සමයේ කම්පුචියාව තම නිල නොවන මිත්‍ර රාජ්‍යයක් ලෙස සැලකීය. චීනය කෙමරුජ්වරුන්ට අවි ආයුධ ලබා දුන්නේය. මේ නිසා පොල්පොට්ගේ ජන ඝාතන වලදී ඇමෙරිකාව අනුගමනය කලේ අන්ධයාගේ භූමිකාවය.
ජනාධිපති කාටර්ගේ ජාතික ආරක‍ෂාව පිළිබඳ උපදේශක Zbigniew Brzeziìki පසු කාලීනව ඇමෙරිකාව චීනය හරහා පොල්පොට්ට උපකාර කළ බව පිළිගත්තේය.
1980 සිට රොනල්ඩ් රේගන් කම්පුචියාවේ සිදුවූ ජන ඝාතන අන්තර් ජාතික අධිකරණයකට ගෙන ඒමට තිබූ ඉඩකඩ වසා දැමීය. කෙමරූජ් භීෂණයට සෙසු රටවල විරොධය දැක්වීම බොහෝ සෙයින් ඇවිරුනේ ඇමෙරිකාව පොල්පොට් කෙරෙහි දැක්වූ සහනශීලි පිළිවෙත නිසාවෙනි. යම් හෙයකින් පොල්පොට් යුධ අධිකරණයට ඉදිරිපත් කළේ නම් ඇමෙරිකාවට 1969 සිට 1973 දක්වා කම්පුචියාවට ගුවනින් බෝම්බ හෙළීම පිළිබඳව කරුණු අන්තර් ජාතික ප්‍රජාවට කීමට සිදුවන බව ලන්ඩනයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යනයන් පිළිබඳ දේශකයෙකු වන ස්ටීවන් හිඩර් පවසයි.
පොල්පොට්ගේ මරණයෙන් පසු ඇමෙරිකානු මාධ්‍ය කිහිප වතාවක් හෙන්රි කිසිංජර්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගත් නමුදු ඔහු පොල්පොට්ගේ ජන ඝාතන පිළිබඳ ඇසූ සෑම පැනයක්ම පිළිතුරු දීම මග හැරියේය. 1980 දී ක්ෂමා සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක‍ෂක ආචාර්ය රේ ක්ලැයින් හා කෙමරූජ්වරුන් අතර රහසිගත හමුවක් වාර්තා වී ඇත. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

31 comments:

  1. එළියකන්ද වද කඳවුර පිළිබඳ කියවූ සටහන් සිහිවිය!

    ලංකාවේ ද, පොල්පොට්ලා සහ ඩච්ලා සිට ඇත. වෙන්ඩ පොල්පොට්ලා ද සිට ඇත!

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද? මේ බුදුන්ගේ දේශයේ, මේ පින්බිමේ, මේ වගේ දේවල් වෙනවද? ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද? (1989-91 කාලේ ජීවත් උන අපි දැන් මැරිලා ඉපදිලා!)

      Delete
    2. අපි දැන් මැරිලා ඉපදිලා

      Delete
    3. ඇයි 2005-2015 ??

      Delete
  2. මේ හැම දෙයකටම හේතුව ප්‍රජාතන්ත්‍රවාදය නැතිකම. ප්‍රජාතන්ත්‍රවාදය නැති ඕනම තැනක මේක වෙන්න පුලුවන්. මූනු මාරුකිරීම කියන්නෙ ප්‍රජාතන්තවාදය නෙමෙයි. එහෙමනම් චීනයත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්නෙ. තනි පක්ෂයක් බලයෙ ඉන්න රාජාන්ඩු , හමුදා ආන්ඩු ,මාක්ස්වාදී ආන්ඩු කියන මේ කිසිම ආන්ඩුවකින් මානව හිමිකම් රැකෙන්නෙ නෑ. සමාජවාදී රටවල වෘත්තීය සමිති නැත්තෙ කම්කරු ප්‍රශ්න නැති නිසා කියල අපේ වගෙ රටවල වම්මු කිව්වට ඒ රටවල්වල ඇත්ත බලය තියෙන්නෙ භයානක නිළධාරී පිරිසකට. මේ අයගෙ ක්‍රියා ප්‍රශ්න කරන්න කිසිම ක්‍රමයක් නෑ. මේ වගෙ රටවල පාලකයන්ට ජනතාව කුරා කුහුඹුවන් වගෙයි.


    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියල මේ බ්ලොග් එකේ ඒකාකාරී කොමෙන්ට් දාන ඇනෝට වැටහෙන්නෙ නැති පාටයි. බහුපක්ෂ තිබෙන මැතිවරනවලින් තම නියෝජිතයන් තෝරාගැනීමට ජනතාවට බලය ඇති රටක් ප්‍රජාතන්ත්‍රවාදියි.කතා කිරීමේ නිදහස ,රැස්වීම් පැවැත්වීමේ නිදහස වෘත්තීය සමිති පිහිටවීමේ නිදහස වගෙ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල තියනව. කොටින්ම වෙනස් මතයක් දරන්න පුලුවන්. චීනයෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙත් කුනුහරපයක්ලු.

    ඇනෝ උදාහරන දීල තියන එකම රටක්වත් සමාජවාදී නෙමෙයි .ඇලන්ඩේ නියරේරේ වගෙ අය මැතිවරනවලින් බලයට ආ අය. නමුත් මෙතන කතා කෙරෙන්නෙ සමාජවාදී විප්ලව වලින් බලය අල්ලා ගත් සෝවියට් දේශය , චීනය හා නැගෙනහිර යුරෝප්පය සහ කියුබාව ,උතුරු කොරියාව වගෙ රටවල් ගැන. මේ රටවල තිබුනෙත් තියෙන්නෙත් ත්‍රස්තවාදී පාලනයක්. පක්ෂය තියෙන්නෙ ජනතාවට ඉහලින්. පාලකයො කියන්නෙ ජනතාවගෙ නියෝජිතයො නෙමෙයි ජනතාවට මගපෙන්වන අය.
    කස්ත්‍රෝ අවුරුදු 49 ක් රට පාලනය කලේ ත්‍රස්තවාදයෙන් .ඒකයි ඇත්ත. දැණ් කස්ත්‍රෝගෙ පුතා ඇලජන්ඩ්‍රෝ කස්ත්‍රෝලු ඊලග නායකය නේද. විප්ලවකාරී ශුක්‍රානු වලින් නිසා මෙහෙ වම්මුන්ට අවුල් නෑලු.
    කස්ත්‍රෝ පුදුම වුනාලු දාස් කැපිටාල් ඇමරිකාවෙ විකුනන්න තියෙනව දැකල. ඒක කියුබාවෙත් තහනම්ලු.

    ඇනෝ මේ බ්ලොග් බලන්නෙ අවුරුදු 14 ,15 පන්ති පහෙන් කොක්ක දාල කිරි වීදුරුවක් දීල නම්මගෙන තෙල බෙදන්න පුලුවන් පොඩි උන් නෙමෙයි. සෝවියට් චීන කියුබන් කතා සී අයි ඒ බොරු කියන්න එපා. නියරේරෙ ල ඇලන්ඩෙ ල ගෙන් මැරබලයෙන් බලය අල්ලගෙන මැරබලයෙන් රට වල් පාලනය කල ලෙනින්ල කස්ත්‍රෝල මාවෝ ලගෙ පවු හෝදන්න උත්සාහ කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. මේ ගොන් කතා වලට ඔනෑ තරම් උත්තර දී තිබේ....................

      මේවා ඔක්කොම ' ලූ ' කතා ය..............

      // කස්ත්‍රෝ අවුරුදු 49 ක් රට පාලනය කලේ ත්‍රස්තවාදයෙන් .ඒකයි ඇත්ත. දැණ් කස්ත්‍රෝගෙ පුතා ඇලජන්ඩ්‍රෝ කස්ත්‍රෝලු ඊලග නායකය නේද. විප්ලවකාරී ශුක්‍රානු වලින් නිසා මෙහෙ වම්මුන්ට අවුල් නෑලු. //

      දිගටම බොරු කිව්වහාම අන්තිමට තමුන්ගෙ බොරුවට තමුන්ම රැවටෙනවලු..............

      ඔන්න ඔය බොරුවටම රැවටිලා තමයි ඇමරිකන් කාරයො 1961 කියුබාව ආක්‍රමනය කරන්නේ...........අන්තිමට කියුබන් ජනතාව කැස්ත්‍රෝ ගෙ ත්‍රස්තවාදයෙන් බේරගන්න ආපු ඇමරිකන් වීරයන්ට කියුබන් කාරයො ගැහැව්වෙ දුවන්න..............

      කැස්ත්‍රෝ ත්‍රස්තවාදයෙන් ර්ට පාලනය කරානම් කියුබන් ජනතාව සිඅයිඵ් ගැලවුම්කාරයො ඵක්ක ඵකතු වෙලා කැස්ත්‍රෝ ට ගහනවා මිසාක්, උන් මොකද ඇමරිකන් සීඅයි ඵ් බච්චන්ට දුවන්න ගැහව්වේ....................

      අනේ බන් මේ අතාර්කික් ගොන් කතා නොකියා ඉදපන්...............උබල වගේ තර්ක බුද්දියක් නැති උන්ට ඔය රීඩර්ස් ඩයිජස්ට් ගොන් කතා ත්‍රිපිටකේ වගේ උනාට තර්ක බුද්දියක් තියෙන උන්ට ඔවා විහිලු කතා විතරයි...................

      අනික සමාජවාදය කියන්නේ පියාගෙන් පුතාට බලය යන ඵකක් නොවෙයි.උ.කොරියාවෙ තමයි ඔය දේ උනේ................ස්ටාලින් , මාවො මේ කවුරුවත් තමුන්ගෙ ලමයින්ව රජ කමට පත් කලේ නෑ.....................ඵ් විතරක් නෙවෙයි ස්ටාලින්ගෙ පුතා දෙවන ලෝක යුද්දයේදි සෝවියට් දේශය වෙනුවෙන් සාමාන්‍ය කපිතාන් කෙනෙක් විදියට සටනට ගොස් රට වෙනුවෙන් දිවි දුන්නා............මාවෝ ගෙ පුතෙක් කොරියානු යුද්දයේදී ගුවන් නියමුවෙකු ලෙස තමුන්ගෙ අරමුනු වෙනුවෙන් දිවි පිදුවා.................

      ස්ටාලින් මාවෝ ලට තිබුනු බලය අනුව ඔවුන්ට තිබුනා තමුන්ගෙ ලමයින් අනුප්‍රාප්තිකයන් කරන්න........නමුත් කවදාවත් ඵ් දේ කලේ නෑ................

      කැස්ත්‍රෝ ගෙ පුතා බලයට ඵන කතාව ' ලූ 'ඵකක් විතරනෙ ඵ් නිසා ඵක අදාල නෑ..................

      ඔය ශුක්‍රානු කතාව නම් අදාලම නෑ මහත්තයො.................
      මොකද ඔයාල තමයි 1948 ඉදන් සේනානයක්, ජයවර්දන ශුක්‍රානු වලටයි..................බන්ඩාරනායක , රාජපස්ස ශුක්‍රානු වලටයි මාරුවෙන් මාරුවට වන්දනා මාන කලේ..................

      1948 ඉදන් වලවු දෙක තුනක ශුක්‍රානු වලට වන්දනා කරපු උන් උතුරු කොරියාවේ ඇති වරදක් ලෝකයටම ආදේශ කර අනුන්ට ඇගිල්ල දිගුකරන විට අපට හිනා යන්නේ කටින් නොවේ...........................

      යකුනේ උ.කොරියාවෙ විතරක් තියන විහිලුවක් මුලු ලෝකෙටම ආදෙස කරන්න කලින් 1948 ඉදන් උබලා කරන ශුක්‍රානු වන්දනාව නවත්තපල්ලකො.....................හා......................හා...................

      උබලා වගේ ගොන්නුන්ට කොටන අකුරුත් අපරාදෙ යකෝ..................හා..............හා.................

      උ.කොරියාවෙ ඇද පේන තමුන්ගේ 1948 ඉදන්ම කරන වලව් ශුක්‍රානු වන්දනාව නොපෙනෙන ශ්‍රී ලන්කන් පොශ් පිස්සො...................හා........හා.............

      Delete
    2. මේ හැම දෙයකටම හේතුව ප්‍රජාතන්ත්‍රවාදය නැතිකම

      Delete
    3. AnonymousMay 15, 2017 at 12:00 PM
      ශුක්‍රානුවෝ, අම්මේ, තාත්තේ, මල්ලියේ, නංගියේ, අක්කේ, අයියේ, බාප්පාගේ පුතේ, කාලකන්නි අවජාතකයෝ, තොපි වගේ සක්කිලි බල්ලො, පුක හෝදන තොපි වගේ අවජාතකයො, පුන්චි බබෝ, උපන් ගෙයි මෝඩයෝ, ගොන් මෝඩ වහු පැටියො, මෝඩ වහලෝ, පොන්සියෝ, හමදාම සිත කාමර වලට වෙලා වැල බබබල අත හොල්ල හොල්ල පිම්පියෝ, මොන්ගල් කිරි පුතේ, මොන්ගල් ගොන් වස්සො, නූගත් ලින් ගෙම්බො, මී ගොන් හරකෝ, ගොන් වන්නි ගොබ්බයෝ, බබාලන්තයෙන් ආපු මෝඩ මොන්ගලයෝ, උඹ වටෙන් යනවා මිසක් එකකටවත් තවමත් හරි උත්තරයක් දීල නැහැනේ.

      Delete
    4. මේ වාමන්ශිකයන්ට මොනතරම් වේදනාවක් එනවද තමන්ගේ සහෝදරයකුගේ කෙරුවාව ප්‍රසිද්ධ කලාම !!

      Delete
    5. @ ලාන්කීක සිතුවිලි

      කස්ත්‍රෝ ත්‍රස්තවාදයෙන් රට පාලනය කලා කියන ඵක අතාර්ක්කිකයි කියලයි මම පෙන්වා දුන්නේ..................

      ඔයාලගෙ පත්තෙන් මාට තාම ඵකට ප්‍රතිඋත්තරයක් වත් ලැබුනෙ නෑ................

      පවුල් පාලනය ගැන උනත් ඵහෙමයි..................

      විවෙචනයක් නිසා වේදනාවක් දනෙනවා නම් මම පිස්සෙක් වෙන්න ඔන............අපිට ඵහෙම ලෙඩන් නෑ(ඵ් ලෙඩේ නිසා බ්ලොග් වහලා දැම්මෙ කවුද කියා දන්නෝ දනිති )

      විවේචනය හොදදෙයක්...............

      මගේ හිතේ අමාරු ගැන හිත හිතාඉන්නේ නැතිව මගේ කතාවට උත්තර දෙන ඵක් නේද කරන්න ඔන....................


      @ AnonymousMay 15, 2017 at 10:30 PM


      මෙතුමා නම් ඉතින් පව්..............

      දැන් දවස් කිපයක ඉදන් කුනුහරුප වැලක් කොටනවා.................

      ඔබ තුමාට ලොකු මානසික බලපෑමක් වෙලා තියෙනවා................

      ගෙදර අය, ගමේ අය ඔයාට මේ විදියට කතා කරන නිසා වෙන්න ඇති...................

      Delete
    6. @ Lankika Sithuwili

      නපුන්සකයෙක් වගේ පැනලා යන්න ඵපා හලෝ උත්තර දෙනවකො.................

      කැස්ත්‍රෝ ත්‍රස්තවාදයෙන් රට පාලනය කලානම් ර්ට පාලනය කරානම් කියුබන් ජනතාව සිඅයිඵ් ගැලවුම්කාරයො ඵක්ක ඵකතු වෙලා කැස්ත්‍රෝ ට ගහනවා මිසාක්, උන් මොකද ඇමරිකන් සීඅයි ඵ් බච්චන්ට දුවන්න ගැහව්වේ....................??????????

      Delete
    7. @ Lankika Sithuwili

      නපුන්සකයෙක් වගේ පැනලා යන්න ඵපා හලෝ උත්තර දෙනවකො.................

      කැස්ත්‍රෝ ත්‍රස්තවාදයෙන් රට පාලනය කලානම් ර්ට පාලනය කරානම් කියුබන් ජනතාව සිඅයිඵ් ගැලවුම්කාරයො ඵක්ක ඵකතු වෙලා කැස්ත්‍රෝ ට ගහනවා මිසාක්, උන් මොකද ඇමරිකන් සීඅයි ඵ් බච්චන්ට දුවන්න ගැහව්වේ....................??????????

      Delete
  3. මෙතන එක එක අදහස් දාන්නෙ වැරදි මූලාශ්‍ර මත පදනම් වන අයයි. නියම දැනුම දෙන්නෙ පක්ෂයෙන්. පක්ශයට කවදාවත් වරදින්න බෑ. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බොරුවක්. ජනතාව කොහොමද තමන්ගෙ නියෝජිතයො පත් කරන්නෙ. ජනතාව කියන්නෙ අසරන පොඩි ලමයි වගෙ පිරිසක්. ඔවුන්ට මගපෙන්වන්න තමයි පක්ශය තියෙන්නෙ. හැම දේම තීරනය කරන්න ඕන පක්ෂෙ සහෝදරවරු. රතුපස්වල වගෙ සිද්ධියක් සමාජවාදී රටක වුනානම් උද්ඝෝෂන කරපු සේරම අල්ලගෙන වැඩිදෙනෙක් වධකාගාරවලට යවල ඉතිරි අය වැඩ කදවුරු වලට යවනව. මේ දේවල් කරන්නෙ කරන්නෙ ජනතාවගෙ යහපතට. ප්‍රතිවිප්ලවවාදීන් විනාශ කිරීමයි නිර්ධන පන්ති හමුදාවෙ වගකීම, අර ඇහෙනෙන් නැද්ද විපලවය දිනේවා උද්ඝෝෂකයන් භංගවේව කියල පෙලපාලි යන හැටි. ජනතාව අහිංසකයි . ජනතාව ගෙ ඔලු හෝදල පක්ශයෙ අච්චුවට දාල මැටි ගහන එක පක්ශයෙ වගකීම. සී අයි ඒ එක එක එක දේවල් කියනව. ඇත්ත දැනගන්න ඕනනම් පක්ෂය්යෙ ලිපි බලන්න. මාවෝ ගැන දැනගන්න ඔහු ගැන මාවෝ ලියපු පොත් කියවන්න. ලෙනින් ගැන ඔහු ඔහු ගැනම ලියපු පොත් කියවන්න. පක්ශයෙන් පිට සේරම බොරු .හැමෝම මරන්න ඕන.
    මොනවද ඔය මානව හිමිකම්. ඔය කෙහෙල්මල් සෝවියට් දේශයෙ තිබුනද නැගෙනහිර යුරෝපෙ තිබුනද අද කියුබාවෙ තියනව්ද චීනෙ තියෙනවද කස්ත්‍රෝ සහෝදරය දෙන උත්තර දැක්ක නේද . උතුරු කොරියාවෙ විප්ලවාදී සහෝදරය ගෙ බඩගිනි බල්ලන්න්ට කෑමට දානයි වටින්නෙ අනවශ්‍ය ප්‍රශ්න අහන උන්ව.

    ReplyDelete
    Replies
    1. හැම දේම තීරනය කරන්න ඕන පක්ෂෙ සහෝදරවරු

      Delete
    2. නිකන් ගොන් කතා ඵපා .................ඔය හිතල වලට උත්තර දෙන්න ඔනත් නෑ.................

      සාක්ශි සහිතව කතා කරන්නකො අපි උත්තර දෙන හැටි බලන්න...............දීලත් තියනවා නේ..................

      අරෙහෙ මෙහෙම උනා, මෙහෙ මෙහෙම උනා කියලා කිසිම සාක්ශියක් නැති රීඩර්ස් ඩයිජස්ට් පල් බොරු නෙවෙයි නේ සාක්ශි සහිතව කෙලින් කතා කරන්නකො.................කො සාක්ශි......................????????????

      නිකන් විහිලු නේ නේද?????????????

      Delete
  4. ඔය රුසියාවේ ඉන්න v.i. ලෙනින් කෙනෙක් ගැන නිතරම කියවනව ලංකාවේ ඉන්න වාමාංසිකයො . ඔය මිනිහ මොනවද ලංකාවේ ඉන්න අපිට කරල තියෙන්නෙ.ඔයිට වඩා සේවයක් ලෙනින් මොරායස් අපිට කරල තියෙනවා .ලංකාවේ ඉන්න මෝඩ වම්මුන්ට මේව තේරෙන්නෑ

    ReplyDelete
  5. මාත් එක්ක ඉගෙන ගත්තා කාමිබෝදියා කට්ටියක්. උන් මාර අහිංසකයි වගේ අපි දැක්කේ. පස්සේ අපිට තේරුනා අහිංසකකමට වඩා උන්ගේ තියෙන්නේ බයක් කියලා.

    ReplyDelete
  6. සමාජවාදී උනු නිසාම හැමතැනම පව්ලෙ එවුනට ඊලඟ නායකත්වය ලැබුනෙ නැහ තමයි.ස්ටාලින්ට කොහොමත් තමන්ගෙ කෙනෙක්ට නායකත්වය දෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ස්ටාලින්ගෙ මරනින් පසු එයාගෙ හිතවතෙක් විදියට පෙනී ඉන්න උත්සාහ දරපු අය පවා පක්සයෙන් නෙරපුවා.ස්ටාලින් ගෙ මරනින් පසු නායකයා වුනේ මාලෙන්කොෆ් එයාට මාස තුන හතරකට වඩා ඉන්න දුන්නෙ නෑ.ස්ටාලින් ගෙ මලසිරුර වසරක් යන්නට පෙර (ලෙනින්ගේ මෙන් වීදුරු පෙට්ටියක බහා සංරක්ෂණය කර තිබු) පුලුස්සා දැමුව .ස්ටාලින් ගෙ දියනිය ඇමරිකාවට ගිහින් ජීවත් උනේ.මාඕ ගෙ ලමයි නැතිවුණාට මාඕගෙන් පසුව හතර දෙනාගෙ කල්ලිය නමින් රට පාලනය කරන්නට මාඕගෙ බිරිඳ උත්සාහ කරා.ඩෙන් ශියා ඕ පින් ඇවිත් ඒ සෙට් එකම හිරේට දැම්මා කොටසකට නඩු අසා මරන දඩුවම දුන්න.සංස්කෘතික විප්ලවය නමින් කරපු දැවන්ත මිනිස් ඝාතනය ට නායකත්වය දුන් වගකිව යුතු චරිතයක් තමයි මාඕ ගෙ බිරිඳ

    ReplyDelete
    Replies
    1. සංස්කෘතික විප්ලවය නමින් කරපු දැවන්ත මිනිස් ඝාතනය ට නායකත්වය දුන් වගකිව යුතු චරිතයක් තමයි මාඕ ගෙ බිරිඳ///////////// yes

      Delete
  7. // සමාජවාදී උනු නිසාම හැමතැනම පව්ලෙ එවුනට ඊලඟ නායකත්වය ලැබුනෙ නැහ තමයි //

    ඵහෙනම් මොකටද හලෝ සම්මාජවාදය කියන්නේ බලය පරම්පරාවෙන් පරම්පරාවට යාම කියලා බොරු ලිව්වෙ..............

    ඔයා ඔය ගොතන හදන ස්ටාලින්ගෙ කතාව හා මාවෝ ගෙ කතාව අතාර්කිකයි......................

    ස්ටාලින් ඔය කියන තරම් දරුනු පාලකයකු නම් ඔහුට ඔනෑ තරම් ඉඩ තිබුනා ඔහු බලයේ ඉන්න කාලෙම තමුන්ගෙ දරුවව ඵතනට පුරුදුකරලා ඔය කියන පාලන තන්ත්‍රය ඉස්සරහට අරන් යන්න..................ස්ටාලින් ඵ් ගැන නිකම් වත් හිතුවෙ නෑ...........ඵ් කියන්නේ ඔයා කියන කතාව නිකන්ම බොරු වෙනවා............

    මොහොට්ටි ඔය කරන වැඩේට කියන්නේ ඵක බොරුවක් වහන්න බොරු සීයක් කියනවා කියලයි.................

    මාවෝ ගැන උනත් ඵච්චර තමයි.................

    ReplyDelete
    Replies
    1. මම මෙතරම් කාලයක් හිතාගෙන හිටියෙ සමාජවාදය පරම්පරාවෙන් පරම්පරාවට යනව කියල.එහෙම නොවෙයි කියල පෙන්නල දුන්නට ඔබට ස්තුතියි

      Delete
    2. // Mohotti May 15, 2017 at 3:32 AM

      සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකයා විදියට ඉන්නකොට (පෙරටුගාමී වෙන්වෙන්න කලින්) මද්‍යම කමිටුවේ රැස්වීම් වලට ආවම බොහෝවෙලාවට කරන්නේ නිදාගන්න එකලු.අවසාන කාලයේ නායකයා වසයෙන් නිකන් පෙනීසිටියා පමනයි.නමට හරි පෙනී සිටි නායක කමෙන් ඉවත් වීම එයාට හිතට වේදනාවක්. මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ //

      ඔවු ඔබ ඵ්බව ඉහත කමෙන්ටුවේ බොහොම පැහදිලිව කියලා තියනවා..............

      // මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.

      මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.

      මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.

      මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.

      මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි. //


      ඔවු ඔබ ඵ්බව ඉහත කමෙන්ටුවේ බොහොම පැහදිලිව කියලා තියනවා..............

      දන්වත් ප්‍රොපර්ග්‍රැන්ඩා රීඩර්ස් ඩයිජස්ට් වලින් ඵලියට අවිත් ලොකය ගැන නිදහස්ව හිතන්න මොහොට්ටි................

      ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා........ජුවන් අල්මේදගෙ කතාව වගේ සදොස් තැන් ගැන..............

      ඵ්ත් මම හැම මගුල්ලම කියවන්න ඔන නෑ නෙ..........ඔයාලටත් තර්කානුකූලව හිතලා දෙයක් අවබෝදකරගන්න.

      Delete
    3. // කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ

      කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ

      කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ

      කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ //

      ඔවු ඔබ ඵ්බව ඉහත කමෙන්ටුවේ බොහොම පැහදිලිව කියලා තියනවා..............

      දන්වත් ප්‍රොපර්ග්‍රැන්ඩා රීඩර්ස් ඩයිජස්ට් වලින් ඵලියට අවිත් ලොකය ගැන නිදහස්ව හිතන්න මොහොට්ටි................

      ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා........ජුවන් අල්මේදගෙ කතාව වගේ සදොස් තැන් ගැන..............

      ඵ්ත් මම හැම මගුල්ලම කියවන්න ඔන නෑ නෙ..........ඔයාලටත් තර්කානුකූලව හිතලා දෙයක් අවබෝදකරගන්න.

      Delete
  8. ස්ටාලින් යනු වසර 30 ඇතුලත තමන්ගෙරටේම පුරවැසියන් දෙකෝටි හතලිස් ලක්ෂයක් මරාදමපු සමාජවාදී ඝාතක සහෝදරයෙක් ලංකාඅවෙත් වෙන්ට ස්ටාලින්ට සිරිමාවෝ මැතිනිත්,ප්‍රේමදාස මැතිතුමාත් ගේම දීල රට බේරගාත්ත

    ReplyDelete
    Replies
    1. කෝ හලෝ සාක්ශි????

      කවුද කෝටි දෙකහමාරක් මලමිනි ගනන් කලේ ඔයාද???

      බටහිර මාද්‍ය වල තියන ප්‍රොපග්‍රැන්ඩා නිවුස් රිපීට් කරනවා විතරයි නෙ හලෝ.........කෝ ඔවට සාක්ශි......???

      ඔය මාද්‍යම තමයි ලන්කාවේ ලක්ශ හයක් දෙමල මිනිස්සුන් මැරුවාය කියන්නේ..............ඵතකොට ඔයා ඵ් කාතාවත් පිලිගන්නවද????

      ප්‍රජාතන්ත්‍රවදය ගැන ටියුශන් දෙන ඇමරිකාව බ්‍රිතාන්‍ය මැද පෙරදිග ඇතිකරපු යුද්ද වලින් මේ අවුරුදු ටිකට කීදෙනෙක් මැරුනද????

      නියම ජන සන්හාර කියන්නේ මේව නේද???

      කෝ හලෝ සාක්ශි????

      කවුද කෝටි දෙකහමාරක් මලමිනි ගනන් කලේ ඔයාද???

      බටහිර මාද්‍ය වල තියන ප්‍රොපග්‍රැන්ඩා නිවුස් රිපීට් කරනවා විතරයි නෙ හලෝ.........කෝ ඔවට සාක්ශි......???

      ඔය මාද්‍යම තමයි ලන්කාවේ ලක්ශ හයක් දෙමල මිනිස්සුන් මැරුවාය කියන්නේ..............ඵතකොට ඔයා ඵ් කාතාවත් පිලිගන්නවද????

      ප්‍රජාතන්ත්‍රවදය ගැන ටියුශන් දෙන ඇමරිකාව බ්‍රිතාන්‍ය මැද පෙරදිග ඇතිකරපු යුද්ද වලින් මේ අවුරුදු ටිකට කීදෙනෙක් මැරුනද????

      නියම ජන සන්හාර කියන්නේ මේව නේද???

      නියම වර්ග සන්හාරයන් මේ මොහොතෙත් තමුන් ජීවත් වෙන ;ලෝකයේ සිද්දවෙදිදි ඵ්වා ගැන දන්නෙ නැතිව අවුරුදු 75කට විතර කලින් උනාය කියන කිසිම සාක්ශියක් නති බොරුවක් ගැන දොඩව දොඩවා ඉන්නෙ පිස්සො............!!!!!!

      පවු යකෝ උබලා..............උබලා වගේ ගොන්නුන්ට කොටන අකුරුත් අපරාදෙ...........

      Delete
    2. දිගටම බොරු කිව්වහාම අන්තිමට තමුන්ගෙ බොරුවට තමුන්ම රැවටෙනවලු. පවු බන් උබ.
      අනස්ලිල බර්ටිලා මලාට පස්සේ උඹ සමයට ට්‍රයි එකෙක් දෙනවා වගේ ඈ.

      Delete
    3. දිගටම බොරු කිව්වහාම තමුන්ගෙ බොරුවට තමුන්ම රැවටිලා ඇත්ත කියලා හිතාගෙන, අන්තිමට චාටර් වෙනවා...........

      ඔක ඇමරිකාවටත් උනා, හිට්ලර්ටහ් උනා ඔබතුමාලා වගේ අතාර්කික බාලයන් ගැන කවර කතාද..............

      කෝ ඇත්තටම ඔය කිව්ව ඝාතන පිලිබද ඵක් පිලිගත හැකි සාක්ශියක් වත් තියනවා ද................ඔවත් ලන්කාවේ දෙමල මිනිස්සු ලක්ශ 6ක් යුද්දෙ අන්තිම සති දෙකේදි මැරුවා කියන කෙප්පය ජාතියෙම ඵකක් නේද...................????

      Delete
  9. මේ ලිපිය මා මෙතෙක් නොදැන සිටි කරුණු හෙළි කරයි. මෙයට පෙර මා සිත සිටියේ කෙම්රුජ් සංවිධානයට උදව් කරනු ලැබුවේ චීනය පමණක් කියායි. වේහෙස මහන්සිවී සොයා ගත් කරුණු ලිපියට ඇතුලත් කිරීම ගැන ජයතුංග මහතාට ස්තුති කරමි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook