Friday, May 5, 2017

බටහිර රටවල විශ්ව විද්‍යාල වලට යන ලාංකික​ සිසුන් අන්තරය තමන් ගේ ගැලවුම්කරුවා බව කියති


මෙය​ කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි. බටහිර රටවල විශ්ව විද්‍යාල වලට යන ලාංකික​ සිසුන් අන්තරය තමන් ගේ ගැලවුම්කරුවා බව කියති  

.....අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක.  අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අයව  අන්තරේ  පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි ඉගන ගන්න දෙන්නේ නෑ, ලයිබ්රරි යන්න දෙන්නේ නෑ. මේ අයව  පාරවල් වල අට්ටාල වල රඳවා තබා ගැනීම නිසා ඔවුන්ට පරිගණක හැකියා නැහැ , ඔවුන් කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන අයට  අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු  දේශීය උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.

(මෙය​ කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි) 

58 comments:

  1. 100% එකඟයි !

    ReplyDelete
  2. සටන් කිරීමේ අලුත් ක්‍රම අන්තරේ උනත් අත්හදා බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න නුවනක් අන්තරේට තියන්වද ?

      Delete
    2. ඔබට ඒ ගැන ගොඩක් සතුටුද

      Delete
  3. දැන් නම් ළහිරුටත් එපාවෙලා ඇති.

    ReplyDelete
  4. සත්‍ය සහ යථාර්තය

    ReplyDelete
  5. ත්‍රස්තවාදය 2009 දි ඉවර වුනා කියලා හිතුවට ඒක දැන් අන්තරේ, GMOA ආදී නම් වලින් පෙනී සිටිනවා...පිටරට ගිහින් ඉගන ගන්න අයට අන්තරේ කාලකණ්නි ආශිර්වාදයක් වුනාට, අන්තරේ ත්‍රස්තවාදයට අහුවෙන අහිංසක දරුවන්ගේ අනාගතය !

    ReplyDelete
    Replies
    1. අන්තරේ ත්‍රස්තවාදයට අහුවෙන අහිංසක දරුවන්ගේ අනාගතය////// pav

      Delete
  6. කථාව ඇත්ත,
    මේක හැම විශය ධාරාවක් ඔස්සේම සිද්ද වෙන දෙයක්.
    වෛද්‍ය, ඉන්ජිනේරු, නීති හා කලමණාකරණ වැනි විශේෂ උපාධි කිහිපයක් හැරුනු කොට ලංකාවේ බොහෝමයක් පෞද්ගලික සමාගම් කැමැති නැහැ දේශීය උපාධිධාරීන් රැකියාවකට බඳවා ගන්න.
    වරක් මා විසින් පැවැත්වූ පාරිභෝගික සේවා නිලධාරී සඳහා සම්මුක පරීක්ෂනයකට පැමිණි කලා උපාධියක් සහිත තරුණියක් කෙසේ හෝ ඇයට අවස්ථාවක් ලබා දෙන ලෙස බැගෑපත් වුනා. ඒත් ඔවුන්ගේ මානසිකත්වය අනුව මා ඇයට අවස්ථාවක් දුන්නා නම් ඊලඟ රජයේ බඳවා ගැනීම් සිදුවීමත් සමග ඇයව පුහුණු කිරීමට මා යොදන කාලය අපතේ යන වග දන්නා නිසා මා උසස් පෙළින් පාසැල් හැරගිය තරුණියක් තෝරා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බොහෝමයක් පෞද්ගලික සමාගම් කැමැති නැහැ දේශීය උපාධිධාරීන් රැකියාවකට බඳවා ගන්න

      Delete
  7. That nicely said ! True.Even in doctors community there is hidden opposition to those who speak in English.It is seldom seen doctors reading a foreign medical journal .What happened to doctors lawyers cricket encounters ? It was interesting point to note that " anthare " could influence government doctors to strike against SAITM .There it is clearly shown who is behind every thing...!

    ReplyDelete
  8. ඩොක්ටර්, මේ තියෙන්නේ කටුක යතාර්ථය !!!!

    ReplyDelete
  9. අපිත් එක්ක අකට ඉස්කෝලේ ගිහින් කලා උපාධි කල ළමයින් ගේ එක පවා හදාදුන්නේ අපි. CV එකක් හදාගන්න හැටිවත් දැනගෙනහිටියේ නෑ. Referee ලා දෙන්නෙක් දාන්න විශ්වවිද්‍යාලෙ කථිකාචාර්යවරු දෙන්නෙක් සොයාගන්න බෑ ගොඩක් අයට. උපාධි අරගෙනත් reference දාල තියෙන්නේ පන්සලේ හාමුදුරුවෝ, ඉස්කෝලේ විදුහල්පති, ග්‍රාමසේවක මහතා වගේ අය. උත්සව සමිති කවිමඩු කරන්න ඔවුන්ගේ හැකියාව අපිට වැඩිය හොද වුනත්, රාජකාරී මට්ටමේ වැඩක් කරන්න ගියාම ආත්මවිශ්වාසයක් නෑ. පුද්ගලික අංශයේ වැඩකිරීම ගැන තිබෙන්නේ තියෙන්නේ දුර්වල ආකල්පයක්. අනික ඉතින්, කලා අංශයේ කථිකාචාර්යවරු ඔය නිර්මාල්ලා වගේ අය එහෙම සිසුන්ගේ අනාගතේ ගැන සොයන්නේ නෑ එයාලට වෙන වැඩ නේ.

    ReplyDelete
    Replies
    1. ෆැක්ස් එකක් යවන්න දන්නේ නැති දේශීය උපාධිධාරියෝ ඉන්නවා

      Delete
  10. ශ්‍රි ලාන්කිකයන්ගේ සුපුරුදු ගොන්කම මිස වෙන යමක් නොවේ....................

    ලන්කාවේ විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය අඩු වෙලා තියෙන්නේ යැයි මොවුන් පවසති.............

    ඊට හේතුව කුමක්ද???
    ඉතියෝපියාවේද අද්‍යාපනයට 6%ක් වෙන්කරනු ලබයි............ලන්කාවේ ඵය ඉන් අඩකටත් වඩා අඩුය.
    ඵක්සාත් ජාතින්ගේ සන්විදානයේ ප්‍රසශ්ත මට්ටම 6% කට වඩා වැඩියෙන් වුවත් ලන්කාවේ රජයන් අද්‍යාපනයට යොමු කරන්නේ 3% කටත් වඩා අඩු සොච්චම් මුදලකි.............

    බොහෝ විශ්ව විද්‍යාල වලට අවශ්‍ය පහසුකම් නැත................ලන්කාව වාආහී වැසිකිලියක් නැති පාසල් සිය ගනනක් තිබෙන රටකි...............
    පාහල් වල වහල ඔලුවට කඩා වැටෙන රටකි................
    අද්‍යාපන පහසුකම් වඩාත් හොදින් ලැබිය යුතු ප්‍රාට්ජමික මට්ටම මෙසේනම්, විද්‍යාර්තයන් ට සලකන මට්ටම හිතාගත හැකිය...............මන්ද මුන් කොහොම හරි ඩිරිය ගොඩදාගනි කියන මතයෙන් පාලකයන් ඔවුන් දෙස බලන නිසාය.

    අද්‍යන කාර්ය‍ය මණ්ඩල වලට දේශපාලන පත්වීම් ය.
    ඔවුන් හරහා රාජ්‍ය අදිපතිවාදි මතය සිසුන් මට පටවති................

    තවද මේ සිසුන් බහුතරයක් රටේ දුප්පත් ජනතාවගේ දරුවොය.................
    පිටරට වල මෙන් වේතනයක් නියම කල පාටි ටයිම් ජොබ් ලන්කාවේ නැත.................ඇත්තේ කෙල්ලන්ට මසාජ් පොට් වල මිරිකිමට , කොල්ලන්ට සෙඩ් වල තෙල් ගැසිමට වැනි , ඵ්වා පමනි.
    ප් නිසා සිසුන් බහුතරයක් ඉගනගන්නා කාලයේ සිටින්නේ විශාල ආර්තික පිඩාවකින් මිරිකෙමින්ය...................

    තාත්තලාගේ සල්ලි වලින් කයිවාරු ගහන මෝඩයන් මේ තත්වයන් දන්නේ නැත.
    සාමාන්‍ය ජනතාවගේ දරුවන් ඉගනගන්නට විදින දුක දන්නේ නැත.............

    ඵ් නිසා මෙවැනි ගොන් කතා කියන උන්ට කියන්නට ඇත්තේ පොඩ්ඩජ් මහ පොලවට බැහැලා මිනිස්සු කන කට්ට බලපල්ලා කියාය.................

    ඔවුන් උද්ගෝශන විරෝදතා කරන්නේ, රටේ පාලකයන් විසින් ඉතා සැලසුම් සහගතව ගෙන ඵන, පන අදිමින් හෝ පවතින නිඩහස් අද්‍යාපනයෑඅ මිනී පෙට්ටියට අන්තිම ඇනය ද ගැසීමට බව ඔවුන් වටහා ගෙන සිටින නිසාය..............

    අවාසනාවට කරුන රටේ බහුතරයකට මෙය නොතෙරිමය..............

    සිසුන් කොහොමත් ඩිරිය ගන්නා නිසා අව්ශ්‍ය නම් කට පියාගෙන සිටිය හැකිය..............
    නමුත් ඔවුන් ඵ්සේ කලොත් ඊලග පරම්පරාවට නිදහස් අද්‍යාපනය සිහිනයක්ම වනු ඇත..............

    නිදහස් ප්‍රවාහනය, නිදහස් ස්වුක්යය.............මේ දේවල් වලට සිදු වූ දේ සොයා බලන්න...............අද්‍යාපනය මෙසේ හෝ රැකී තිබෙන්නේ සිසුන් ආත්මාර්තකාමි නොවී අනාගත පරපුර වෙනුවෙන් කතා කරන නිසා නොවේද???


    ලියන්නට බොහෝ දේ ඇත............

    ප්‍රයිවට් ඩිග්‍රි සිසුන් ගැන කයිවාරුව තව ඵකකි...............

    පවුගිය අවුරුදු 10ට ග්‍රැජුවේට් වුනු ප්‍රයිවට් මිතුරන් ඔච්චර කෙරුමන් නම් මුන් ලෝක දැනුම මේවෙන විට උඩු යටිකුරු කර තිබිය යුතුය..........

    මේ අවුරුදු 10ට මුන් කරපු රෙද්දක් තිබේද???

    රෑට නයිට් ක්ලබ් ගානෝ ගොස් පෙති ගසා, උදේට මොන්ගල් වී ලෙක්චස් පැමින නිදාගෙන සිට් අනුන්ට කියා සල්ලි දි ඵසයින්මන් කර ලක්ශ ඩෙක තුනක් විසි කර ග්‍රැජුවේට් වෙන මේ අනුකම්පා කලයුතු සෙටිපිකෙට් ප්‍රයිවට් ඩිග්‍රි කාරයන් ගෙන් දැනුමක් බලාපොරොත්තු වීම හරක් අගෙන් කිරි දෙවීමක් වනිය................

    වෙන්ඩ පොශ් ගොඩයන්ට මෙයාල මැජික් ය.................අනේ අපේ රට පවු කියා කියන්නට සිදු වෙව................
    ඉන්දියාවට ගිය කල නොගියොත් පුදුමයකි............ජාවරම්කාර පවුද්ගලික අද්‍යාපනයෙන් ඉන්දියාවට කෙලවුන බව අගමැති මෝඩිම කියයි............මේ උගුලෙන් පිටට ඵන්නට හදයි..............අපේ උන් නිදහස් අද්‍යාපනය විකුනන්නට දෙගා නටයි..............

    සින්හලයා යනු වෙන්ඩ පොශ් ඵකට ගොස් වැනසෑන මෝඩ ජාතියක් කිමට වෙන උදාහරන අනවශ්‍යය.

    ReplyDelete
    Replies
    1. නිමල් ජයසිංහMay 6, 2017 at 12:42 AM

      ලිදේ ගෙම්බාගේ කථාවකි.ඉන්දියාවට කෙලවී නැත.

      Delete
    2. @ නිමල් ජයසිංහ

      // ලිදේ ගෙම්බාගේ කථාවකි.ඉන්දියාවට කෙලවී නැත //

      ඵහෙමනම් අගමැති නරේන්ඩ්‍ර මෝඩි ලින් ගෙම්බෙකු විය යුතුය........ ඉහත ප්‍රකාශය ඔහුගේය.........මේ පිලිබද අන්තර්ජාලයේ පරික්ශාකර පහසුවෙන් සොයාගත හකිය.

      ඉන්දියාවට වී ඇති දේ විස්තර කරන්නට කමෙන්ට් 100ක් වත් ලියන්න වෙයි................

      අද ඉන්ඩියාවේ ඩිග්‍රි සෙසු ලෝකය ගනන් ගන්නේ නැත......,,,,,,,රජයේ ලිපිකරු වෘත්තියට පවා කාරයන් 100කගෙන් වත් අයදුම් පත් ලැබේ.............ඩිග්‍රි ගැන මොන කතාද..............???

      ලන්කාව වැනි දුප්පත් රටවලටද අච්චර බලගතු ඉන්දියාවේ ඩිග්‍රි කාරයන් රින්ගන්නට ඵට්කා අරවා මෙව්වා ගසා රින්ගවන්නට තැත් කරන්නේ ලෝකයේ සන්වාර්දිත රටවල් ඉන්දියන් උපාදිදාරින් සත පහකට ගනන් නොගන්නා නිසාය.................

      ඇත්තේ ඩිග්‍රි සහතිකය පමනි................බුද්දිය නැත............තර්ක ශක්තිය නැත.........ගැටලු විසදාගැනීමට බැරිය..............නිර්මාන ශිලි නැත................කඩේකට ගොස් ඩිග්‍රියක් ගන්නට පුලුවන් වූ තැනක , කිසිවිටක නිර්මානශිලී ගැටලු සමග පොරබදිය හැකි මිනිසෙකු බිහි කරන්නේ නැත.......................

      ලෝකයටම විහිලුවක් වි ඇති නිදියන් ඩිග්‍රිකාරයින් නිසා ඉන්දියාවට කෙලවී, අඉන්දියන අද්‍යාපනය විහිලුවක් ඇති බව කියන්නේ වෙන කවුරුත් නොවේය.............අගමති මෝඩි මය.................

      නියම ලින් ගෙම්බන් වනාහි මේ කිසිවක් නොදැන , කපටි දේසපාලුවන්ගේ සහ අද්‍යාපන මුදලාලිලාගේ මාර්කටින් වලට රැවටි , අන්තිමට නිදහස් අද්‍යාපනයට ද කෙලගන්නා මෝඩ ජනතාව මිස අන් කිසිවකු නොවේ..................

      ඇට අටට රැවටී, තිබූ ඵ්වාද නැතිකරගත් ලින් ගෙම්බන්ගේ වර්තමාන පුරුක් නොවෑ..................ඉතින් නොරැවටි කොහොමද????

      අද්‍යාපනය විකිනීමේ කේදවාචකය අන්තර්ජාලය පරිශීලනය කරන්නන්නට අලුත් දේවල් නොවේ...............

      අපේ බුද්දිමත් ජහමනයා මේවා නොදනී................ලින් ගෙම්බන් කවුදැයි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ................

      Delete
    3. /තවද මේ සිසුන් බහුතරයක් රටේ දුප්පත් ජනතාවගේ දරුවොය/ වචන ටැපලිලා, ඔන්න ම ඒ පරකාසේ නිවැරදි කරා

      තවද මේ සිසුන් බහුතරයක් දුප්පත් රටේ ජනතාවගේ දරුවොය

      Delete
    4. @ ඇණයා Nut Man

      thanks

      Delete
    5. එහෙනම් අන්තරයට කියලා ලංකාවේ වි වි වලට ඉතුරු ටිකටත් කෙලවමු

      Delete
    6. මෝදි කියන්නෙ කොහොමත් ඉන්දියාවේ ඉන්න ලිං ගෙම්බෙක් තමයි

      Delete
    7. //ලෝකයටම විහිලුවක් වි ඇති නිදියන් ඩිග්‍රිකාරයින් නිසා ඉන්දියාවට කෙලවී, අඉන්දියන අද්‍යාපනය විහිලුවක් ඇති බව කියන්නේ වෙන කවුරුත් නොවේය.............අගමති මෝඩි මය.................//

      ලංකාවේ ඉන්න ගොබ්බයන්ගේ ණුවන... ඇමරිකාවේ පස්චාත් උපාධි වලට යන සිසුන් චීනයට පසුව වැඩියෙන්ම පැමිනෙම්නේ ඉන්දියාවෙනි... උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සමාගම් බහුතරයක ශාඛා ඉන්දියාවේ පිහිටා ඇත, ඒවායේ ඉන්දියානු ඉන්ජිනේරුවරු හා විදායක නිලධාරීන් සේවය කරයි... ඇමරිකාවේ සිලිකන් නිම්නයේ Fortune 500 සමාගම් වසරකට විදේශ වලට නිකුත් කරන H1-B රැකියා වීසා වලින් 95% වඩා ලබාදෙන්නේ ඉන්දියානු වි.වි උපාධිගත් ඉන්දියානු වෘතීකයින්ටය... ලන්කාවට ගෙන්වන බෙහෙත් පෙත්තේ සිට මෝටර් රත දක්වාම ඉන්දියාවේ නිෂ්පාදනයි... මෙන්න ඉන්දියාවට කෙලවී ඇති හැටි... දැන් අන්තරේ රට ගොඩගත් හැටි කිව්වනම්....

      Delete
    8. Mn igena gaththe Monash eke..a/l S2i F1i...engineering masters ekakuth thiyenawa...mata palleha moratuwa,peradeniye engineering ewun weda karanawa...tho meh Anthare magulak kiyanawa...meeka thamai yatharthaya..thopi udgoshana kara kara idapalla 😂😂😂😂

      Delete
  11. දල ජාතික නිෂ්පාදනයෙන් රජයේ අදායම 12% කි. එයින් බාගයක් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න ඉල්ලන්නේ මෝඩයෝ.

    ReplyDelete
    Replies
    1. @
      serendipityMay

      //දල ජාතික නිෂ්පාදනයෙන් රජයේ අදායම 12% කි. එයින් බාගයක් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න ඉල්ලන්නේ මෝඩයෝ.//

      මොනවද මේ මෝඩ කතා.................

      කියන්නේ රජයේ ඉදිරි වසර සදහා වියදම් ආදායම් වාර්තාව වන අය වැයෙන් රාජ්‍ය වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදලින් 6% ක් වෙන් කරන ලෙසය...............
      ජාතික ආදායමෙන් 6%ක් නොවේ...................
      ඉතියෝපියාවෙත් කරන නමුත් ලන්කාවේ මෙය කරන්නට බැරි වී ඇත.................
      අවුරුදු 70ක් රට කරපු උන් රට ගෙනාපු තැන සහ, උන්ගේ ඇට අටේ කතා වලට රවටුනු මෝඩයන්ගේ තරමය..................

      මෙය ආයෝජනයක් මිස වියදමක් නොවන බව තේරුම් ගන්නට මේ මෝඩයන්ට බැරිය...............

      රට දුප්පත් වුවද ඉහල මාතෘ මරන ලදරු මරන ආයු අපේක්ශාව අතින් ඉදිරියෙන් ඉන්නේ පන අදිමින් හෝ පවතින නිද්හස් සවුක්ය නිසාය.................නිරෝගි ජාතියක් බිහිවීමෙන් පසුකාලිනව විශාල මුදලක් රටට ඉතුරු වේ................ඵය වියදමක් නොවේ.............ආයෝජනයකි..............

      අද්‍යාපනයද ඵසේමය.................ලෝකයේ දියුනු රටවල් ජාතික ආදායමෙන් විශාඅ මුදලක් වෙන් කරන්නේ ඵ් නිසාය................

      ආන්ඩුවට සල්ලි නෑ කීම පිලිතුරක් නොවේ..............ආන්ඩුවක් පත් කර අත්තේ ඵයටය.................බැරිනම් ගෙදර යා යුතුය...................බරිනම් ඉන්නේ මගුලටද මගුලටද???

      රජයේ ආදායම ඉහල දමාගන්නට ගෙන ඇති උපක්‍රම වල සාර්තක බාවය කෙතරන් ද???..............ඵේවා අසාර්තක නම් ආන්ඩුව තව දුරටත් ඉන්නේ අයි???

      මහ බැන්කු හොරකම නිසා, මහින්දගේ මෝඩ කොමිස් සන්වර්දනය නිසා රට අහිමි වුනු මුදල බිලියන කීයක්ද???

      මේ හොරාකන සල්ලි වලින් 100න් 1ක් වත් අද්‍යාපනයට යොදවපල්ලා යැයි නොකියා ,
      අපෙන් ගත්තු බදු සල්ලි වලට මොකද උනේ යැයි නොඅසා,
      රට මෙච්චර නය උනේ කූමදයි නොඅසා, නය වෙලා කරපුවාගෙන් ලැබුබු ආදායමට මොකද උනේ යැයි නොඅසා,
      ආන්ඩුවට සල්ලි නැත (හොරා කන්නට කෝටි ගනන් කාර් ගෙන්නන්නට සල්ලි ඇත ) සල්ලි දීලා ඉගනගන්නිල්ලා යැයි කපටි දේසහපාලුවන් කියන දෙයම පුනුරුච්චාරනය කරන්නේ පට්ට මෝඩයෝය...................???


      අඩුම තරමේ මෙතන ඉදන්වත් ඔරා කෑම නතර කරපල්ලා, මේ නාස්ති වෙන මුදලින් 100ට 1ක් වත් යොදවපල්ලා නොකියා , බිලියන ගනන් හොරාකන විට බකන්නිලාගෙන සිට, අනේ හොරාකන්න සල්ලි නත්නම් අද්‍යාපනයත් විකුනන් කන්න කියන්නේ මොන තරම් මෝඩ ජනතාවක් දැයි සිතාගැනීමටද අපහසු ය.

      රජයේ ආදායම් ඵන ආයටහන විකුනන් කන විට බකන්නිලාගෙන සිටි උන් දැන් රජටය ආදායම් නෑ කීම මාර විහිලුවකි.............

      ලාබ ලැබිය හැකි රජ්‍ය ආයතන විකුනන්න ඵපා යැයි කියන්නේ ඵ් නිසාය................

      අන්ඩු සහ උන්ව පත්කරන මහජනතාව පට්ට මෝඩයන් යයි මා මුලින්ම කිව්වේ ඵ් නිසාය්................

      ජනතාවද ආන්ඩුද හත් පොලේම ගාගෙන ඇත.................ආන්ඩුවේ හිගන කම්වලට උත්තරය අද්‍යාපනය විකිනීම නොවේ යයි තේරුම් ගන්නට මොලයක් තියන ජනතාවක් ලන්කාවේ නැත...................


      Delete
  12. විශ්ව විද්‍යාල වල පමනක් නොවේ................පාසල් ද අගාදයට ගොස් ඇති බව මා කලින් කමෙන්ටුවේ සදහන් කලෙමි..............
    ඵ්කට හේතුව කුමකද???කොල්ලන් පිස්සු නටන නිසා හා ගුරුවරුන් නිසා ද???

    ආසියාවේ හොදම නිදහස් ප්‍රවාහන සේවය අද කුනු ගොඩක් වී තිබේ ............
    ඵ්කට හේතුව ලන්ගමේ කොනොස්තරලාගේ සහ ඩයිවරලාගේ සහ බස් ඵකේ යන අපේ වැරදි ය.............

    සවුක්ය සේවයට වී අති දේ කතා කරන්නට අවශ්‍ය නැත.................
    සිය ගනන් ඩෙන්ගු හැදී මේ ටිකට මිය යන ලදි...............කියුබාවෙන් නිකන් දුන් BTI බැක්ටීරියාව සවුක්ය අමති අදෝ මාර්ගයේ ගසා සිටින අතර, මදුරු කොයිල් කොම්පැනි වල ගාන නියමට ලැබේ..............

    සවුක්ය සේවය විනාස වි ඇත්තේ ලෙඩ්ඩුන් ගේ සහ දෙස්තරලා ග් වරදිනි විය යුතුය..................


    අනේ හෆ්ෆා මේ වගේ තර්ක බුද්දියක් ඇති මහත්තුරු මෙවැනි කතා කියන ඵක පුදුමයක් නොවේ.................


    ප්‍රශ්නේ තියෙන්නේ මේවාට පොඩ්ඩක් වත් හිතන්නේ නැතිව රැවටෙන ගොන් සින්හලයන් ගේ බුද්දිය ගැනය.................

    රටේ හැම දේම සුපිරියට ගොස් විශ්ව විද්‍යාල වලට පමනක් කෙලවි ඇත්නම් ඵහි වරදක් අන්තරයටද අතිබව සිතන්නට පුලුවනි............

    නමුත් අවුල ඇත්තේ රටේ සෑම සියලු දේටම කෙලවි තිබියදි අන්තරය පමනක් වැරදි වන්නේ කෙසේද කියාය.................

    ඇත්ත කතාව අමන ජනතාවක් කිසිවිටක බුද්දිමත් පාලකයෝ පත් කරගන්නේ නත..................

    අමන ජනතාව පත්කරගත අමන පාලකයින් ජනතාවට ම වැඩේ දෙන විට පිට්ටු බම්බු සේ සිටිම අමජ මෝඩයන්ට , මේවාට විරුද්දව නගි සිටින තරුන කොටස් තමුන්ගේ ආතල් කඩන පිරිසක් සේ පෙනීම් අරුමයක් නොවේ...............

    දිනෙන් දින උඩ පනිමින් නටමි ප්‍රපාතයට යන අමන ජනතාවෙනි........කනගාටුවෙන් ලියමි...................උබලා වැනි මෝඩයන්ට අයත් විය යුත්තේද ප්‍රපාතයම මිස වෙන කිසිවක් නොවේ................ඔහොම යන් ඔහොම යන්..............!!!!!!!!!!!!!!

    ReplyDelete
  13. පසුගිය වසර 30 තුළ අධ්‍යාපනය විශාල වෙනසක් වෙලා. එදා නොතිබූ ටියුෂන් පන්ති, පුද්ගලික විශ්ව විද්‍යාල අද ඇවිත්. නමුත් විශ්ව විද්‍යාල සිෂ්ය සටන් තවම පරන ක්‍රමයට මයි. නිදහස් චින්තනය මොටකරන අන්තරයේ යකඩ හස්තය තුළින් එලියට එන්නේ මානසිකව වැටුන අන්තේවාසික උපාධි ධාරීන්. අන්තරේ ලොක්කො කරන්නේ පුර්ණ කාලීන රැකියාවක්. අද එම රැකියාවට තර්ජනයක් එල්ලකල යුතු කාලයයකාලයයි.

    ReplyDelete
    Replies
    1. ටියුශන් පන්තිද, පවුද්ගලික උපාදි කඩ ද ආවේ පාලකයන් ගේ අද්‍යාපන ප්‍රතිපත්තිය අසාර්තක නිසා බව තේරුම් ගන්නට ඔබට මොලයක් නති වීම අරුමයක් නොවේ................

      රටක් වශයෙන් කඩා වැටී අත..............පාසල් අද්‍යාපනය කඩා වැටී ඇති බව මා උඩින්ම කීවේ ඵ් නිසාය.............ටියුශන් යනු ඵ්වායේ ප්‍රතිපල වේ...................

      රාජ්යේ අද්‍යාපනය පිලිබද වල් බූරු ප්‍රතිපත්තිය නිසා පාසල් අද්‍යාපනය විනාශ වී ටියුශන් ද,
      උසස් අද්යාපනය විනාශ වී උපාදි කඩද පැමින තිබේ...................

      වරද අන්තරේද????

      උබලා පත්කරගත් අමන පාලකයන්ගේද???

      හැම දේම වෙනස් උනද පරන උන්ම බලයේ ඉන්නේ උබලාගේ අමන කම නිසා බව තේරුම් ගන්නට මේ උදාහරනයම ඇතිය..................

      වෙන්ඩ පොශ් මෝඩයෝ

      Delete
  14. එක විශ්ව විද්‍යාල ගුරුවරයෙක් අපූරු කතාවක් කිව්වා.
    ඔහු අඳුනන එක සමාගමක අධ්‍යක්ෂක වරයෙක් කියලා තියෙනවා.ඔහුගේ ආයතනයට සේවකයන් බඳවාගැනීමේදී යාපනය සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල උපාධි ධාරීන් ඉවත්කර අනිත් අය අතරින් සුදුසුඅය බඳවාගන්න ලෙස.

    ReplyDelete
    Replies
    1. උන්ට ඔනේ වහල්ලු මිස මිනිසුන්න් නොවේ................

      Delete
  15. අන්තරේ විදේශ රටවල ඉගෙන ගන්නා සිසුන්ට පමණක් නොවේ, ලංකාවේ බොහොමයක් කථිකාචාර්ය වරුන්ටත් ලොකු උදව්වක්, නැතිනම් එයාලගෙන් ප්‍රශ්න ඇහුවොත්?

    ReplyDelete
  16. මෙරට පෞද්ගලික වෛද්‍ය පීඨ වලට අප විරුද්ධ විය යුත්තේ මන්දැයි, සා රස තුමා සහ කොළු ගැටයා තුමා ආශ්‍රයෙන් පහදා දිය හැකියි.
    මෙරට පෞද්ගලික වෛද්‍ය පීඨ තිබුණි නම් කොළු ගැටයා එයින් ඉගෙනගෙන සා රසයා වැනි දොස්තර වසලයෙක් වනවා නොවේද?
    නමුත් ඒ වෙනුවට ඔහු අද ලොව පුරා කීර්තියට පත් ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික පඬිරුවනක් බවට පත්වී නැද්ද?

    ReplyDelete
  17. කලමණාකරන උපාධියක් තිබෙන මගේ හිතවතෙක් අවුරුදු දෙකක් විතර රජයේ රැකියාවක් ලැබෙනකන් බලාගෙන ඉදල ලැබුනෙ නැහ.ඒ අතරෙ ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙන්න බලාගෙන csc ත් කරා.ඒකත් අසමත් නිසා 'LOLC ලීසින්' මැනේජර් කෙනෙක් උනා.රජයේ සේවයට ගියාම තියෙන පිලිගැනීමත් නිකන් ඉදගෙන පඩි ගැනීමේ හැකියාව අහිමිවීම ගැනත් හරිම හිත්වේදනාවකින් තමයි කතාකලේ.අවුරුදු 7 කට ආසන්න සේවාකාලය තුලදී නය නැතිව ලක්ෂ 40ක් දී ඉඩමක් මිලදී ගෙන එක්කෝටි දසලක්ෂයක් වටිනා ගෙයක් හදාගෙන යනවා.ලක්ෂ 35ක් වටිනා කාර් එකකුත් තියෙනවා.නිතරම කතාකරන්නෙ වැඩ අදික කම ගැනත් නිදහසක් නැතිකමත් ගැනයි.ලක්ෂ දෙකකට ආසන්න වෙන දීමනා,කොමිස්, ඇතුළු වැටුප අතහැර ආපසු රජයේ සේවයට යන්න කැමති නැහ.එත් නිකන් ඉදගෙන ආන්ඩුවෙන් පඩි ගන්නා යාලුවන් ගැන ඉරිසියාවකුත් තියෙනව

    ReplyDelete
    Replies
    1. නිකන් ඉදගෙන ආන්ඩුවෙන් පඩි ගන්නා යාලුවන් ගැන ඉරිසියාවකුත් තියෙනව///// wow

      Delete
  18. /* (මෙය​ කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි) */

    මං හිතුවේම මානසික රෝගියා ගේ පරිකල්පනය පොතෙන් කියලායි.

    ReplyDelete
  19. ඔබ උපුටා දක්වා ඇති මේ සටහන යලි උපුටා මගේ wall එකේ පලකරමි

    ReplyDelete
  20. මහතවරුනි, සහෝදරවරුනි මම හිතන්නේ ඔබ දෙගොල්ලම කිසියම් අන්දමකින් නිවැරැදි නැති අතර දෙගොල්ලම සමහර තර්කවලින් නිවැරදි බවයි. එක පැත්තකින් දුප්පත් රටේ මහා ජනතාව ගෙන් සමහර දුප්පත් අය දරුවන් ජාත්‍යන්තර පාසැල් වලට යවති. එසේම විස්ෂ්‍යයන් 2/3 කටම මේ අහිංසක දර්යුවන් හිඟා කා හෝ ටියුෂන් යවති. රටේ නිදහස් අධ්‍යාපනයක් තිබ්බට 50% පෞද්ගලික පන්ති වල හා ජාත්‍යන්තර පාසල්වලය.
    රජයක්ම දේශපාලකයන්ට, දොස්තරලා හා අනිකුත් නිලධාරීන් කාර් ගෙන්වීම , පිනවීම මිස අධ්‍යාපනයට වියදම් කලේ නැත. විශ්ව විද්‍යාල වල සල්ලි නැත. සමහර ඒවා වල හොඳට උගන්වන්නේ නැත, (මොරටුව වී වී. වැනි ඒවා ඇරුනහම) . අපොස උසස් පෙලින් සිසුන් විශාල ප්‍රමානයක් දක්ෂ, විභාග සමත් සිසුන් විශාල ප්‍රමාණයක් හැලෙති. සමහරු පිටරට පෞද්ගලික ඉගෙනීමට යති. ඉතුරු අය අනාතය. අන්තරය හා දේශපාලන පක්ෂ තම විශ්ව විද්‍යාල සිසුන් ගැන පමණක් නොව මේ සියල්ල ගැනම සලකා බැලිය යුතුය. මෙය එක පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රශ්නයක් නොවේ. ස්තූතියි

    ReplyDelete
  21. මා මුලින්මඋපාධිඅපේක්ෂිත පුහුණු වන්නෙකු ලෙස පුහුණුව ලබා ගැනිමට ගියෙ මෙරට ප්‍රමුඛ දුරකතන සමාගම්කටය (ටෙලිකොම් නොවෙ ) එහි ඉහල පෙලෙ නිලධාරින් හැරුණු කොට අනෙක් අය පුද්ගලිකඋපාධි ලබා ගත් අයය මට කිසිදු පිහුණුවක් තියා සමාගම ගැන කෙටි හැදින්විමක් දිමටවත් එකෙකු හිටියෙ නැත.උදෙ අපු වෙලාවෙ සිට එක්කො නිදිය නැත්නම් බුකියෙ හො අන්තර්ජාලය කාලෙ කයි.සියලුම අනෙක් වැඩ කරන්නෙ උපකොන්ත්‍රාත්කරුවන් හරහ.වාඩි විමට පුටුවක්වත් මට තිය උන්ටවත් නැත.පුද්ගලික සමගම් ඒමට තිබු හිනය උපන් ගෙයිම මරා දමා ගැනිමට මට සිදු විය.ඉලග වර පුහුණු කාලය තවත් පුද්ගලික සමාගමකට යමට විශ්වවිද්‍යාල විසින් මට බල කරන ලද්දෙ රජ්‍ය සමාගම් වලින් ලැබෙන පුහුණු අවස්තා සිසුන් විසින් ඉල්ලුම් කර අවසන් නිසායකෙසේ නමුත් මෙරට රජ්‍ය විදුලි බල අයතනයකට යාමට අවස්තාව උදා විය මට පුහුණු කාලය තුල මෙරට බලාගාර, මෙහෙයුම මැදිරි තුල ඉංජිනේරු හා විදුලි අදිකාරි වරු යටතෙ පුහුණු විමට ආයතනය වග බලා ගත්තෙ සිය ආයතනයට අයත් සේවකයන් මෙන් අපට සලකමිනි .සමහර වෙලාවට පුහුණුව බාරව හිටපුනිලධාරින් අපට වදයක් උනෙ අපට ඇගයිම පවා ලබ දිම නිසාය .ආයතනය තුලදි නිසි ගරුත්ය ලබා දිමට සෙවකයො වග බලාගත්තෙය(සමහර පුද්ගලික අයතන පුහුණු වන්නට සලකා තිබුණෙ බල්ලන්ටත් වඩා අන්ත ආකාරයටය ).අප පුහුණු වෙන කලය තුලදි ඉහලනිලධාරින්පවා පැමිණඅවශ්‍ය පහසුකම් සොයා බලන ලදි අ වසානයෙ මුදලක් දිමට ආයතනය කටයුතුකර තිබුණි අපෙ කණ්ඩායමට පුහුණු දිමනාවශයෙන්ලකෂ 20-30ක් විතර ආයතනය වැය කරාය . රජය ආයතන කෙරෙහි මහෙ තිබු මතය හා හත්පසින් වෙනස් උනෙය.අප වහලුන් නොවන බවත් මනාව එත්තු ගන්වා තිබුණි.වඩා වැදගත් වන්නෙ මිල මුදල් හො පුහු අටොපය නොවන බවත් කියා දෙමින් අයතනයෙ සිටි ඉහලමනිලධාරින් සමග හද්දා පිටිසර ගමකට විදුලිය ලබා දිමෙ වැඩසටහනකට කුඩැල්ලන් ගලවමින්කිලෝමීටර් 8 -10 කැලයක බඩ ගැමටද මට සිදු විය.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook