Tuesday, May 30, 2017

තව පොඩ්ඩෙන් කාලෝට බඩුම තමාය


මේ 1988-89 කාලය විය​. ජවිපෙ ඝාතකයන් ගොදුරු සොයා ගිය කාලයකි. මේ වන විට විජය කුමාරතුංගව මරා දමා තිබුණි. විජය කුමාරතුංග ගේ මළ ගෙදරදී මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ජවිපෙ විවේචනය කරමින් කතාවක් කොට තිබුනි. මේ නිසා මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාටද මරණ වරෙන්තුව නිකුත් කරන ලදි. 

මේ මරණ වරෙන්තුව නිසා මහාචාර්‍ය කාලෝ විජය කුමාරතුංග ගේ මළ ගෙදරට සති කීපයකට පසුව ෆින්ලන්තය බලා ගියේය​. මහාචාර්‍ය කාලෝ ෆින්ලන්තයට ගිය ගුවන් යානාවේදී මට ඔහුව මුණ ගැසුනේය​. මට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා හමු වූයේ ගුවන් යානය ට්‍රාන්සිට් සඳහා ඩුබායි ගුවන් තොටුපලේ නැවැත්වූ විටදීය​. මා දුටු  මහාචාර්‍ය කාලෝ විමතියට පත් වූවද ඔහු මා සමග සුහදව කතා කලේය​. එහෙත් ෆින්ලන්තයට යන්නේ මරණ වරෙන්තුවෙන් බේරීමට බව මට කීවේ නැත. ​. අප වෙනත් විෂයන් ගැන කතා කලෙමු. 

නමුත් පසු කාලයක 2009 දී පමණ මහාචාර්‍ය කාලෝ එදා ෆින්ලන්තයට ගියේ ඝාතකයන් ගෙන් බේරීමට බව කියා මට කීවේය​. කෙසේ නමුත් මහාචාර්‍ය කාලෝ එදා ෆින්ලන්තයට නොගියේ නම් ඔහුද ජවිපෙ බිල්ලක් වීමට ඉඩ තිබුනේය​. එසේ වූයේ නම් මරා දැමූ මහාචාර්‍ය ස්ටැන්ලි ජයසුන්දර , මහාචාර්‍ය පටුවත විතාණ  යනාදීන් ගේ නාමාවලියට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ගේ නමත් එකතු වීමට ඉඩ තිබුණි.

26 comments:

  1. අනේ ඌ නොහිටියානම් !

    ReplyDelete
  2. ඔව් එහෙම උනානම් ඒක කලෝට හොදක්

    ReplyDelete
  3. චිරංජයතු කාලෝ
    නිවැරදි දැක්මකට
    කාලො අයංතෙ

    ReplyDelete
  4. එසේ වූවා නම් සිදුවන හොද මෙතෙක් ඔහු කළ නරකට වඩා වැඩිය...

    ReplyDelete
  5. ශික් අපරාදෙ..!! 👎🏿.... දැනුත් ඉතිං හිටිය කියල වැඩක් නැහැනෙ.. 🙈

    ReplyDelete
  6. නෙවිල්ගේ අසූචි කන්නෝ වැහි වැහල මෙතන.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔහේ කන්නෙ කාගෙ අසූචිද?

      Delete
  7. ඔය කාලයේ සිදුවීම් වලට ජවිපෙටම චෝදනා කිරීමේ යම් අසම්පූර්න බවක් මා දකිනවා. විජය ගෙ විජේවීරගෙ කතා අසන විට ඒ යුගයේ තිබූ නොඉවසීම ගැන අපට යම් අදහසක් ගන්න පුලුවන්. විජය ඒ කතාව පටන් ගත්තෙ මුන්ගෙ ආන්ඩුව කියාගෙන දත්මිටිකමින් ජේ ආර්ට බනිමින්.මේ වගෙ වෛරී කතා අද දේශපාලකයන් කරන්නෙ නෑ. ඒ වෙනුවට වැඩියෙන්ම දකින්න ලැබෙන්නෙ විහිලු කතා. අද සමාජය වඩා නිවුනු තෘප්තිමත් එකක් බව ඒකෙන් පේනව. අසූ ගනන්වල වේදිකාවල කතා කෙරුනෙ සන්නද්ධ විප්ලවය උතුරෙත් දකුනෙත්. අද යහපාලනය වගෙ මාතෘකා. ලොකු වෙනසක්. ආගමික පැත්තෙන් වුනත් ප්‍රබෝධයක් තියනව. විජේවීරගෙ අසූ ගනන්වල කතාත් එහෙමයි. සරලයි මුග්ධයි. මට සිතෙන්නෙ මේ සිදුවීම් වලට මුළු සමාජ ප්‍රවාහයම වගකිවයුතු බවයි. මෙය ජවිපෙ ම්ලේච්ඡත්වය සාධාරනීකරනය කිරීමක් නෙමෙයි.

    ReplyDelete
  8. Can u add th link of th youtube video where carlo talks on behlaf of private medical uni. I think it was done wot enews

    ReplyDelete
  9. කාලෝ ලොක්කා හිටියා කියලා වැඩකුත් නැහැ කියල තමයි ගොඩක් ය කියන්නේ හිටං!

    ReplyDelete
  10. 88-89, ඒ ඔබ ඉගෙනගන්නා කාලයේ නේද?

    ReplyDelete
  11. /* මා දුටු මහාචාර්‍ය කාලෝ විමතියට පත් වූව ද */

    ඒ ඇයි?

    ඒ කතාවෙන් මා නම් විමතියට පත්වුණා!

    ReplyDelete
    Replies
    1. ඔහු මාව ගුවන් යානයේ මුණ ගැසීම අපේක්‍ෂා කලේ නෑ

      Delete
  12. විජේගෙ අවමංගලෝත්සවය ජාතික රූපවාහිනී යේ සජීවී විකාශනය කරා.කාලෝ කරපු කතාව මමත් දැක්කා.මට ඒ වෙලාවෙම හිතුණා කාලෝගෙ මරනෙ ගැන නිවුස් එකත් සතියකින් විතර අහන්න ලැබෙයි.වැඩක් නැති වුනත් පැනල ගිහිල්ල හරි ජීවිතේ බේරගත්ත එක ලොකු දෙයක්

    ReplyDelete
  13. දැන් ත්‍රස්තවාදීන් එක්ක එක්කහු වෙලා පිස්සු කෙලියට, මිත්‍යාවට එරෙහිව සටන් කරපු මනුස්සයෙක්නෙ කියන ගෞරවේ තාම තියනවා. Jvp කාලකන්නිනම් මොක්කුද මේ මනුස්සයා එක්ක බලද්දි..

    ReplyDelete
  14. දැන් රුවන් මෙතන මානසික විකුර්තිව හිතන අය කි දෙනෙක් ඉන්නවාද ? ඔබ ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙමි

    ReplyDelete
  15. මා ෙහ්තුවාදිෙයක් කරන්නට මුල්වු ඒතුමා ෙග් අද භුමකාව ෙඛිදවාචකයක්.

    ReplyDelete
  16. ජෝතිෂ්‍යයට මෙතරම් ගරහන මෙතුමා පින්ලන්තයට යාම ජෝතීර්වේදීන්ට නම් රහසකි නොවේ. භූගෝලීය පිහිටීම අනුව මධ්‍යම රාත්‍රියටත් හිරු දිස්වන Land of midnight sun නමින් ප්‍රචලිත පින්ලන්තය සුවිශේෂ වූ තවත් භූගෝලීය සාධකයක් තිබේ. සෙනසුරු හෙවත් saturn ග්‍රහයාගේ කක්ෂය මෙම රට ඉහලින් ගමන් නොකීරීමයි.එනිසා අපල වලට, මරණයට අධිපති සෙනසුරුගේ ඒරාෂ්ටක සමයේ පින්ලන්තය ගොස් සිටියොත් එම බලපෑම් ශූන්‍යවන බව කවූරුත් දනිති.
    කාලෝට යාමට පහසුවෙන්ම වීසා ලබාගත හැකි රටවල් සිය ගණනක් තිබියදී පින්ලන්තය ම තෝරා ගැනීම අපට නම් රහසකි නොවේ.අපට රහස නම් ඇයි ජෝතිෂ්‍යය මෙතරම් බනින්නෙ යන්නයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook