Tuesday, May 23, 2017

කෙමරුජ් භීෂණය මේ අවසාන ජවනිකාව නොවේ


හිටපු කෙමරූජ් කායකයකු වූ Hun Sen පොල්පොට් අතහැර වියට්නාමයට පළා ගියේය. වියට්නාම් ආධාර ඇතිව කෙමරූජ්වරු පළවා හැර කම්පුචියාවේ අගමැති ධූරයට පත්වීමට ඔහුට හැකිවිය. එම නිසා ඔහුගේ විරුද්ධවාදීන් Hun Sen වියට්නාම් රූකඩයෙකු ලෙස හැඳින්වූනි.
ඔහු 1975 නොන්පෙන් නගරය අල්ලා ගැනීමට සටන් කළේය. එහිදී ඔහුගේ ඇසක් බරපතල ලෙස තුවාල විය. බොහෝ කාලයක් කෙමරූජ්වරුන් සමඟ වැඩ කිරීමෙන් පසු ඔවුන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි කළ කිරුනු Sun Sen රහසින් වියට් නාමය සමඟ සබඳතා ඇතිකරගත්තේය. අනතුරුව ඔහු තම සහයක පිරිස් සමඟ වියට්නාමයට පළාවිත් පොල්පොට්ට එදිරිව සටන් කළේය.
අගමැති ධූරයට පත් වූ පසු Hun Sen කෙමරූජ් නායකයන් අධිකරණයට ගෙන ඒමට කටයුතු කළ නමුදු ඇතැම් නීරීක්ෂකයන් පෙන්වාදුන් අන්දමට ඔහු කෙමරූජ් ජන ඝාතන අධිකරණ ක්‍රියාදාමය ප්‍රමාද කළේය. මීට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ අධිකරණ ක්‍රියාවලියකදී Hun Sen කෙමරූජ් පාක්ෂිකයෙකුව සිටි සමයේ සිදුකළ ඝාතන පිළිබඳ රහස් එළිවීමට තිබූ ඇති හැකියාව නිසාවෙනි.
එක්සත් ජාතීන්ගේ විනිශ්චයකැරවන් වෙනුවෙන් කම්පුචියානු විනිශ්චයකරුවන් මෙම නඩු ඇසිය යුතු බව යන මතයේ සිටින Hun Sen කෙමරුජ්වරුන්ට බ්‍රිතාන්‍ය SAS හා ඇමෙරිකානු විශේෂ බලකා වලින් පුහුණුව ලබාදුන් බවට ඇති සාක්ෂි විභාග කිරිමට උනන්දුවක් දැක්වූයේ නැත. මෙයට එක් හේතුවක් ලෙස Hun Sen ගේ පුතා ඇමෙරිකානු වෙස්ට් පොයින්ට් යුධ ඇකඩමියේ ඉගෙනුම ලැබීමද පෙන්වා දිය හැක.
ඇමෙරිකානු සොල්දාදුවා සත්‍ය හෙළි කරයි. (ටොම් බර්ටා)
මම 1973 ඇමෙරිකානු යුධ හමුදාවට අනුබද්ධිතව වියට්නාමයේ සේවය කළෙමි. එම වසරේ ජුනි මාසයේදී මම රාජකාරි සඳහා තායිලන්තයට ගියෙමි. මෙහිදී ක‍ෂA සංවිධානය මගින් ක්‍රියාත්මක කළ ඔයසරා ධචඑසදබ වැඩ සටහනට සම්බන්ධ වීමට මට සිදුවිය. අපි ක‍-130 ගුවන්යානා මගින් අවි ආයුධ කෙමරුජ් සංවිධානයට ලබා දුන්නෙමු. ජුලි සහ අගෝස්තු අතර කාලයේදී ක‍-130 ගුවන්යානා 50 ක් මෙලෙස අවි ආයුධ ගෙන යන ලදී.
1979 දී මම කම්පුචියානු දේශසීමා අසලින් පියාසර කළෙමි. කම්පුචියාවේ සිදුවන සිද්ධීන් පිළිබඳව මට කිසිඳු දැනීමක් නොවීය. එහෙත් Killing Feilds චිත්‍රපටය බැලීමෙන් පසු ඇමෙරිකානුවන් වන අප කළ ක්‍රියාවල බරපතලකම මට වැටහුණි. කෙමරුජ් සංවිධානයට අවි ලබාදීමෙන් කම්පුචියාවේ සිදුවූ ජන ඝාතන වලට අපද අනියම් ලෙස හවුල්වී තිබේ. එක්සත් ජනපදය වසර 12 පුරා කම්පුචියාවේ සිදුවූ ජන ඝාතන සිදුවන බව ප්‍රතිෙක‍ෂ්ප කළේය. මෙය බරපතල වැරැද්දකි. (සිවිල් ඉංජිනේරුවකු වන ටොම් බර්ටා දැන් කැලිෆෝනියාවේ ජීවත්වෙයි. මෙම කරුණු හෙළි වූයේ ටොම් බර්ටා උදරකා භැඑ සමඟ කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙනි.)
හිටපු SAS භටයා කෙමරුජ් සාමාජිකයන්ට පුහුණුව ලබා දුන්බව පිළිගනියි.
හිටපු බ්‍රිතාන්‍ය භටයෙකුවූ රේ බිලිංග්ලි 1985 සිට 1989 දක්වා කාලය තුළ වියට්නාම විරෝධි කම්පුචියානුවන්ට හමුදා පුහුණුව SAS භටයන් මගින් ලබාදුන් බව පැවසීය. ඔහු මෙලෙස ප්‍රකාශ කළේ උදරකා බැඑ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.
වියට්නාම් ආක්‍රමණ නිසා දහස් ගණන් කම්පුචියානු ජනතාව තායිදේශ සීමා ආසන්නයට පළාගිය බවත් මෙම පිරිස අතරින් තෝරාගත් කොටස් වෙත හමුදා පුහුණුව ලබාදුන් බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය. පුහුණුව ලැබූ පිරිස් අතර, හිටපු කෙමරුජ් ඝාතකයන්ද සිටි බව රේ බිලිංග්ලි පිළිගනියි.
මෙලෙස විශේෂ පුහුණුව ලැබූ කෙමරුජ් භටයන් වියට්නාමයටද එදිරිව සටන් කළේය. යුධ විශ්ලේෂකයන් පවසන පරිදි වියට්නාමයේ සුප්‍රකට ජෙනරල් ගියෙප් පවා කෙමරුජ් භටයන්ගේ ප්‍රහාරක හැකියාව පිළිබඳ විශ්මයට පත්විය.

කෙමරුජ්වරුන්ට අසුවී දිවිගලවා ගත් බි්‍රතාන්‍ය සහන සේවකයා
බි්‍රතාන්‍ය ජාතික ක්‍රිස් මූන් කම්පුචියාවට පැමිණියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ සටහනකට සහාය දීම සඳහාය. මේ වනවිට කම්පුචියාවේ කෙමරූජ් පාළනය බිඳවැටී රජයේ හමුදා අගනුවර බලය තහවුරු කොටගෙන තිබුණි. කැලෑබද ප්‍රදේශවල සැඟවී සිටි කෙමරූජ්වරු ඇතැම්විට සිටියේ සෙවිල්ලෙනි.
වරක් ක්‍රිස්මුන් ඔහුගේ භාෂා පරිවර්තකයා සමඟ වාහනයකින් කැලෑවක් හරහා ගමන් කරමින් සිටියේය. හිටිහැටියේම ඔවුන් කෙමරූජ් ගරිල්ලන් විසින් වටකර ගන්නා ලදී. ක්‍රිස්මුන් හමුදා ඔත්තු කරුවෙකැයි සැක කළ කෙමරුජ් ප්‍රාදේශීය නායකයා ඔහු අත්අඩංගුවට ගත්තේය.
මේ කාලය අතරතුරදී විදේශිකයන් පවා කෙමරූජ්වරෙැ ඝාතනය කොට තිබුණි. එම නිසා ක්‍රිස්මුන් හා ඔහුගේ සහයකයා සිටියේ භීතියෙනි. ඔවුන් අත්අඩංගුවට ගත් කෙමරූජ්වරු වනයේ ඈතට සිරකරුවන් රැගෙන ගියහ. මෙසේ ගෙනගොස් ඔවුන් ප්‍රධාන කඳවුරක සිරකර තබන ලදී.
මෙලෙස දින 3 ක් ඔව්හු කෙමරූජ් අත්අඩංගුවේ පසුවෙමින් අවිනිශ්චිතව ජීවත් වූහ. කෙමරූජ්වරු ඔහුට පහර දුන්නේ හෝ තර්ජනය කළේ නැත. ක්‍රිස්මුන් හමුදා ඔත්තුකරුවකු නොවන බව ඒ වනවිට කෙමරූජ්වරු තහවුරු කරගෙන සිටි නිසා ඔහුට නිදහස ලැබිණි. යළිත් නිරුපද්‍රිතව කෙමරූජ්වරුන්ගෙන් මිදී ඒමට ඔහුට හැකි විය.
මහා විනාශයෙන් පසුව
1976 දී කෙමරුජ්වරු විසින් කම්පුචියානු ජනතාව කොටස් තුනකට ඛෙදනු ලැබීය. ජිවත්වීමට අයිතිය ඇති කොටස්, අපේක‍ෂකයෝ සහ අනවශ්‍ය කොටස් වශයෙනි. මින් පළමු කොටසට අයත් වූයේ කෙමරූජ් සංවිධානයේ ආධාරකරුවන්ය. අපේක්ෂකයෝ ලෙස ළමා ජනගහනය සලකන ලදී. මෙයින්ද සංවිධානයට ප්‍රයෝජනවත් යයි සැලකූ කොටස් වූහ. ඉතිරි අනවශ්‍ය යැයි සැලකූ පිරිස හඳුන්වන ලද්දේ පොහොර කිරීම සඳහා නියමිත ජනයා වශයෙනි. ඔවුන්ගේ දෛනික ආහාරවේල හැකිතරම් අඩු කරන ලදී. දිනකට ඔවුන්ට ලැබුණේ සහල් කැඳ කෝප්ප දෙකක් පමණි. කෘතිම සාගත ඇති කිරීම මගින් ඔවුන්ගේ සංඛ්‍යාව බොහෝ දුරට අඩුකර දැමීමට කෙමරූජ්වරු පියවර ගත්හ. ඔවුන් මරා දැමීම සඳහා උණ්ඩ භාවිතා කිරීම අනවශ්‍ය වියදමක් හෙයින් තියුණු අවි හා පොලූ මුගුරු ඒ සඳහා භාවිතා කළහ. සාගතය නිසා මළ සංඛ්‍යාව මිලියන එකක් බව Francois Ponchaud ඔහුගේ Cambodia Year Zero කෘතියෙන් පවසයි.
2006 වසරේ ලෝක බැංකු වාර්තා හා 2007/8 UNDP වාර්තා අනුව 35% කම්පුචියානු ජනතාව ජීවත්වන්නේ අන්ත දුගී බවිනි. ඔවුන්ගේ දෛනික ආදායම ඇමෙරිකානු ඩොලර් 0.45 ද නොඉක්මවයි.
කම්පුචියාවේ අගනුවර වන ඡයබදප ඡැබය හි මුඩුක්කු 564 පමණ ඇති අතර, මෙහි 300,000 ක ජනතාවක් ජීවත් වෙති. යටිතල පහසුකම් තවමත් පවතින්නේ ඉතා නොදියුණු මට්ටමකය. කෙමරූජ් භීෂණය නිසා පීඩාවට පත් ජනතාවගේ මානසික සෞඛ්‍ය නංවා ලීමට වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ තද හිඟයක් පවතී.
කම්පුචියාවේ බැංකු සේවා භාවිතා කරන්නේ 120,000 වූ පමණ සුළු පිරිසකි. H.D.I. (Human Development Index) අගය අනුව කම්පුචියාව 131 තත්වය දරයි. (සංවර්ධිත රටක් වූ අයිස්ලන්තය අංක 1 ද අසංවර්ධිත, ගැටුම් වලින් පිරි සේරාලියොන් අංක 177 ද, ්‍යගෘගෂග අගය අනුව නියෝජනය කරති)
කම්පුචියාවේ විදුලි බලය ඇත්තේ ජනගහනයෙන් 17% වැනි අල්ප ප්‍රමාණයකටය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව (2005) කම්පුචියාවේ ළමුන් 36% මන්දපෝෂණයෙන් පෙළෙති. ළමා මරණ අනුපාතය 65:1000 කි. කම්පුචියානුවන්ගේ සාමාන්‍ය ආයු කාලය පුරුෂ 55.2 හා ස්ත්‍රී 60.6 කි. මිනිසුන් ලක‍ෂයකට ඇත්තේ වෛද්‍යවරු 16 ක් පමණි. ජනගහනයෙන් 1.2% අන්ධ අතර අක්ෂි විශේෂඥයන් ඇත්තේ තිදෙනෙකු පමණි. මුළු රටේම දන්ත වෛද්‍යවරු ඇත්තේ 374 කි. මනෝ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 26 කි. සෑම වසරකටම මිනිසුන් 70,000 ක් ක්ෂයරෝගයට ගොදුරුවෙති.
2006 වසරේ කම්පුචියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය කළ සංගනනය අනුව එරට සාක්ෂරතාවය පුරුෂ 82.1% හා ස්ත්‍රී 67.4 කි. කම්පුචියානු කාන්තාවන් 42% හා පුරුෂයන් 21% පාසල් අධ්‍යාපනය ලබා නැත. ගෘහමූලිකයන්ගෙන් 26% ක් කාන්තාවෝ වෙති. සෑම උපත් 100,000 කට මාතෘ මරණ 440 ක් සිදුවන බව ගණන් බලා තිබේ. වසරකට කාන්තාවන් 200 දරු උපත්නිසා ඇතිවන සංකූලතා නිසා මිය යති.
එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම්
1991 එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් කම්පුචියාවට යවනු ලැබීය. රටේ අභ්‍යන්තර ගැටුම් අවසන් කිරීම සඳහා මෙම සාම සාධක හමුදාව විශේෂ කාර්යභාරයක් ඉටු කරන ලදී. 1991 සිට 1995 දක්වා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව කම්පුචියාවේ රැඳී සිටි අතර, දශක ගණනාවක් පුරා ඇවිලූනු ගැටුම් ක්‍රම ක්‍රමයෙන් අඩු විය.
සාම සාධක මෙහෙවරත් සමඟම වියට්නාමය විසින් කම්පුචියාවට කරන ලද බලපෑම් ක්‍රම ක්‍රමයෙන් අඩු විය. වියට්නාම් හමුදා කම්පුචියානු භූමියෙන් ඉවත් කරන ලදී. 1993 දී කම්පුචියාවේ මැතිවරණයක් පවත්වනු ලැබීය. 1997 වසරේ තායි දේශසීමාව අසල රැඳී සිටි පොල්පොට් ප්‍රධාන පෙලේ නායකයෙකු වූ Son Sen කම්පුචියානු රජය සමඟ සාම සාකච්ඡා රහසේ ඇරඹීමයි.
Son Sen ගේ ඝාතනය නිසා පොල්පොට් කෙමරූජ්වරුන්ගේ නිවාස අඩස්සියට පත්විය. 1997 ඔහුගේ මරණය සමඟම කියු සම්පෙන් හා ඉයෙංසාරි කොන්දේසි සහිතව රජයට යටත් වූහ.
Ta Mok පමණක් කෙමරූජ් සංවිධානයට නායකත්වය ලබාදෙමින් තවදුරටත් සටන් කළ නමුදු 1999 දී ඔහු අත් අඩංගුවට ගනු ලැබීය. 1999 වන විට කෙමරූජ් සංවිධාන එහි අවසාන අදියරට පැමිණෙමින් සිටියේය. 1999 වසර අවසන් වන විට ඉතිරි කෙමරූජ් ගරිල්ලන් අවි බිම තබා යටත් වූහ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව කම්පුචියාවේ සිදු කරන ලද සාම වෙනස පලදායි මෙහෙවරකි.
1997 වසරේ කම්පුචියානු රජය Khmer Rouge Trial Task F‍orce මගින් කෙමරූජ් සමයේ සිදුවූයේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම පිළිබඳව විභාග කරන ලදී.

පොල්පොට්ගේ භීතිකාව හා සුපිරි බලවතුන්
පොල්පොට්ගේ රාජ්‍යය හඳුන්වා දීම සඳහා උචිත වචනය Xenophobic Agrarian Society හෙවත් විදේශිකයන්ට බියවූ කෘෂිකාර්මික සමාජය බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පවසති. පොල්පොට් ප්‍රජාතන්ත්‍රවාදයට බිය විය. ඔහුට අවශ්‍ය වූයේ විදේශ මැදහත් වීමකින් තොරව තමාගේ මාරක ෆැන්ටසිය, කම්පුචියාවේ නිර්මාණය කිරීමටය. එකල විදේශ මැදහත්වීම සිදු කෙරුණේ අන්තර් ජාතික දේශපාලන වාසිතකා බැවින් සුපිරි බලවතුන් කම්පුචියාවේ සිදුවන ජනඝාතන කෙරෙහි අවධානය යොමු නොකළහ.
තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට පොල්පොට් අනුග්‍රහයක් වූ බැවින් ඔහු ඇතුළු කෙමරුජ්වරු විසින් සිදුකරන ලද අමානුෂික ක්‍රියා ඔවුහු නොසලකා හැරියහ. නැතහොත් ඒවා කම්පුචියාවේ අභ්‍යන්තර කටයුතු ලෙස සලකා ඉවත බලා ගත්හ. මේ නිසා පොල්පොට් ඇතුළු කෙමරුජ්වරු විසින් දියත් කරන ලද භීෂණයට සුපිරි බලවතුන්ද වක්‍රාකාරයෙන් වගකිව යුතුය.
කම්පුචියාවේ ගම්මාන 13,000 ට අධික ප්‍රමාණයක් මැදිකොට ගනිමින් පවත්වාගෙන ගිය භීෂණ රාජ්‍යයේ ක්‍රියාමාර්ග පෙන්වා දෙන්නේ 309 පමණ වූ මෙතෙක් හඳුනාගන්නා ලද සමූහ මිනීවලවල්ය.
පොල්පොට් කම්පුචියාව සංවෘත රාජ්‍යයක් බවට පත් කරන ලදී. බාහිර රාජ්‍යවල් සමඟ තිබූ ගණුදෙනු නවතා දැමුවද යුධ තාක්ෂණ අවි ලබා ගැනීම සඳහා කෙමරූජ්වරු චීනය, ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, තායිලන්තය වැනි රටවල් සමඟ රහසේ සබඳතා පැවැත්වූහ. ඔවුන් කම්පුචියාවේ සිදුකරන මානව සංහාරයන් පිළිබඳව දැන සිටියද කෙමරූජ්වරු බලයේ සිටි කාලය පුරා අනුගමනය කරන ලද්දේ නිහඬ ප්‍රත්පත්තියකි. ඔවුන් ලෝකය හමුවේ කම්පුචියාවට සම්බාධක පනවා තිබුණද, තිරයෙන් පසුපස සිට ගනුදෙනු කිරීම අත්හැරියේ නැත.
කෙමරූජ්වරු විදේශික බලපෑම් වලට දැක්වූයේ බියක් හා පිළිකුලකි. නමුත් අවශ්‍ය වූ විටදී ඔවුන් විදේශිකයන් සමඟ ගණුදෙනු කළහ. එහෙත් එසේ කළායයි සැක කළ සිවිල් කම්පුචියානුවන් ඝාතනය කළහ.
1975-1979 දක්වා කාලය තුළ සිදුවූ ජන ඝාතන කාලයේ වැලිතලාවට යට නොවී යාම සඳහා 2003 වසරේ එක්සත් ජාතීන් විසින් කම්පුචියාවේ සිදු කෙරුණ ජනසංහාරය පිළිබඳව වගකිවයුත්තන් අධිකරණය හමුවටගෙන ඒමට වඩාත් සක්‍රීය ක්‍රියා මාර්ගයන් අරඹන ලදී. 2007 යේල් සරසවිය ආරම්භ කළ, කම්පුචියානු ජනසංහාරය පිළිබඳව අධ්‍යයනය මගින්ද, ලෝකයට කෙමරුජ් භීෂණය පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඉඩ සැලසුනි.
සුප්‍රසිද්ධ ටයිම් සඟරාවේ නිර්මාතෘ හෙන්රි ලූස් පදනම මගින්ද මෙම අධ්‍යයනය සඳහා ප්‍රතිපාදන ලබාදෙන ලදී. මෙම අධ්‍යයන මගින් කළ බලපෑම් නිසා 1994 වසරේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය CGJA හෙවත් Cambodian Genocide Justice Act පණත සම්මත කර ගන්නා ලදී. මෙම පණත වින්දිතයන් සඳහා යුක්තිය ඉටු කිරීමට බැඳී සිටියි. එහෙත් ඔවුන් සඳහා යුක්තිය මේ දක්වා ඉටුවී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.
නට්සි ජර්මනිය පරාජයෙන් පසු ඇරඹි නියුරම්බර්ග් යුධ අපරාධ විභාග අධිකරණය හා කම්පුචියානු ජන සංහාර අධිකරණය අතර ඇත්තේ පරස්පර බවකි. නියුරම්බර්ග් අධිකරණයේ වැඩ කටයුතු ඉතා කාර්යක්ෂමව හා කඩිනමින් සිදු වුවද කම්පුචියානු ජනසංහාරය පිළිබඳ අධිකරණ ක්‍රියාදාමය සිදු වන්නේ මන්දගාමි අන්දමටය. මේ සඳහා එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ සුපිරි ජාතීන් තිරය පසුපස සිට කළ ගණුදෙනු අන්තර් ජාතික ප්‍රජාව ඉදිරියේ ඔප්පුවීම වැළැක්වීමටයි.
සුපිරිබලවතුන්ගේ සහය නිසා කෙමරූජ් සංවිධානයට 1992 දක්වා පැවතීමට අවකාශ ලැබුණි.
කෙමරූජ් විප්ලවයේ අභ්‍යන්තරය
Ben Kierín විසින් 2002 වසරේ එලි දැක්වූ The Pol Pot Regime ග්‍රන්ථය මගින් කෙමරුජ් විප්ලවයේ අභ්‍යන්තරය විශ්ලේෂණය කරන ලදී. කම්පුචියාවේ එවැනි විනාශයක් සිදුවීමට හේතුවූ කරුණු පිළිබඳව විග්‍රහයක Ben Kierín යෙදෙන අතර, කෙමරුජ් නායකයන් තුළ තිබූ ඌන දේශපාලන දැනුම, අන්තවාදී පටු ජාතිවාදී අදහස් මෙම විනාශය කරා ඔවුන් යොමුකළ බව පෙන්වා දෙයි.
ඔවුන්ට තිබුණේ සීමා සහිත දැනුමක් හා සීමිත අත්දැකීම්ය. දේශපාලන තීරණ භීෂණ යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක කළ හැකිබව ඔව්හු සිතූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ නව සමාජ ක්‍රමයක් බිහි කිරීමටයි. එහෙත් ඒ සඳහා කවර වන්දියක් කම්පුචියානු ජනතාව ගෙවිය යුතුද යන්න පිළිබඳව අදහස් ඔවුන්ට නොවීය.
ඔවුන් මාක්ස්වාදය ගැඹුරින් හදාරා තිබුණේ නැත. සෝවියට් දේශය හා චීනයේ සිදුවූ සමාජ පෙරළිය මතුපිටින් අධ්‍යයනයකළ ඔව්හු වඩා විනාශකාරී විප්ලවයකට කම්පුචියාව ඇද හැලු බව ඊැබ ණසැරබ්බ පවසයි. වැඩිදුරටත් මේ පිළිබඳව කරුණු දක්වන කතුවරයා ඔවුන්ට මානව සාරාර්ථ අවබෝධ කර ගැනීමට අපහසු වූ බවත්, වඩාත් ලේ ගලා ගිය කරමට විප්ලවයන් සාර්ථක වන බවත්, ඔවුන් ඇදහූ බව පෙන්වා දෙයි.
කෙමරූජ්වරුන්ට පන්තිභේදය තුරන් කිරීමට අවශ්‍ය විය. ඔවුන් ඒ සඳහා කෙටි හා මාරක උපක්‍රම භාවිතා කළෝය.
සමාජ ස්ථරය හමා සමාජ වියමන කඩාදැමූ ඔවුන් කම්පුචියාව ගල්යුගය කරා ගෙන ගියහ. කෙමරුජ් නායකයන් අතරද පරස්පරතා බොහෝ සෙයින් දක්නට ලැබිණි. ඔවුන් ගතකළේ දෙබිඩි ජීවිතයකි. එසේම එකිනෙකා සැක කරමින් එකිනෙකාට චෝදනා කර ගත්හ. මනුෂ්‍ය ඝාතන වලදී ඔවුන් දෙවෙනි වූයේ හිට්ලර්ට සහ ස්ටාලින්ට පමණකි.
1953 සිට 1975 අතර කාලය තුළදී පොල්පොට් ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයට අවතීර්ණ වීමත්, කම්පුචියාවේ බලය අල්ලා ගැනීමත් සිදුවිය. මේ කාලය තුළදී ඔහු තුළ විශාල පරිවර්තන සිදුවිය.
පක‍ෂය තුළ බලය තහවුරු කර ගැනීම සඳහා ඔහු ඇතැම් විට උපාය මාර්ගවල නිරත විය. කම්පුචියාවේ අභ්‍යන්තර අර්බුද වඩාත් සංකීර්ණ වීමට ඉඩදීම තුළින් එහු තමගේ දේශපාලන මාර්ගය සකස්කර ගත්තේය. ඔහු විසින් නිර්මාණය කරන ලද මෙම දේශපාලන බලවේගය විසින්ම අවසාන කාලයේදී ඔහු ගොදුරු බවට පත් කර ගන්නා ලදී.
කෙමරුජ්වරුගේ සමාජ සංශෝධනය
සමාජ සංශෝධනයේ ලා කෙමරූජ්වරුන් විසින් භාවිතා කරන ලද්දේ භීෂණය මැදිකරගත් යාන්ත්‍රණයකි. කම්පුචියාවේ එවකට පැවති සමාජ ක්‍රමය ගර්හිත සමාජයක් බව කෙමරූජ්වරු පැවසුහ. මෙම සමාජක්‍රමය වඩාත් ප්‍රගතිශීලි තලයකට ගෙන ඒම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වුවද, ඒ සඳහා හිතකර ක්‍රම වේදයන් හෝ නිවැරදි දේශපාලන දැක්මක් ඔවුන්ට නොවීය. එම නිසා මිලියන ගණනාවක් ජනතාව තම ජිවිතවලින් වන්දි ගෙවීම කළහ.
කම්පුචියානු සමාජවාදී විප්ලවයේ නාමයෙන් උපැස් පැළඳවූවන්, අව්කණ්නාඩි පැළඳවූවන්, විදේශ භාෂා දැන සිටි මිනිසුන්, මොලොවින් තුරන් කරන ලදී. Francois Ponchaud ගේ Cambodia Year Zero ග්‍රන්ථය අනුව කෙමරුජ්වරු පැටලී සිටියේ උමතු දහමකය. ඔවුන්ට වසර පහක් ඇතුළත පරිපූර්ණ කොමියුනිස්ට් රටක් බිහි කිරීමට අවශ්‍ය විය. එහෙත් ඔවුන් ජනතාව වෙත ලබාදුන්නේ හාමත, වහල් ශ්‍රමය, වදබන්ධන හා මරණය පමණි.
නික්සන්ගේ Mad Man Theory මගින් පොල්පොට් බලයට ඒම සඳහා පරිසරය සකස් කර ගැනීම
වියට්නාම් යුධ සමයේ එක්සත් ජනපදයේ යුධ ශක්තිය ප්‍රකාශ කිරිම හා එක්සත් ජනපද හමුදා සතුරන් විනාශ කිරීම සඳහා ජනාධිපති රිචඩ් නික්සන් Mad Man Theory ක්‍රමවේදය යොදාගන්නා ලදී. නික්සන්ගේ කම්පුචියාවට බෝම්බ හෙළීම මගින් පොල්පොට් හට ජනපදනමක් දමා ගැනීමේ වරම ලැබුණි. බෝම්බ වැටීම නිසා අවතැන්වූ ජනයා කෙමරුජ් සංවිධානයේ පිහිට පැතූහ. එය පොල්පොට්ට ගෙන ආවේ වෙස්වලාගත් ආශිර්වාදයකි. ඔහුට පිරිස් බලය ලැබුණේ මෙවැනි සාමූහික විපතකට පත් වූ මිනිසුන් මගිනි.
1969 වන විට කෙමරුජ් සංවිධානයේ සිටියේ 1500 පමණ වූ ගරිල්ලන් සංඛ්‍යාවකි. එහෙත් 1972 වන විට එම සංඛ්‍යාව 35,000 දක්වා වැඩි විය. 1973 වන විට කෙමරුජ්වරු කම්පුචියාවෙන් 2/3 ක ප්‍රදේශයක් ග්‍රහණය කොටගෙන සිටියහ. දේශපාලන නිරීක‍ෂකයන් පෙන්වා දෙන අන්දමට මෙවැනි බලයක් කෙමරුජ් සංවිධානය වටා ගොඩ නැගීමට එක් හේතුවක් වූයේ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරය. කම්පුචියාවේ සිටින උතුරු වියට්නාම් ගරිල්ලන් ඉලක්ක කොටගෙන හෙළන ලද මෙම බෝම්බ ප්‍රහාර නිසා ජනතාවට හානියත්, කෙමරුජ් සංවිධානයට ජනයා අතර පදනමත් ලැබුණි.
කෙමරූජ් භීෂණය නිර්මාණය කරන ලද නික්සන්, කිසිංජර්, හවුලට මේ අනුව චෝදනා පත්‍රය නිතැතින්ම ගොනුවේ.
ශ්‍රී ලංකාවට පැමිණි කෙමරුජ් නියෝජිතයෝ
1975 දී ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි සමුළුවට සහභාගී වීම සඳහා කියු සම්පෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීය. කියු සම්පෙන් ආර්ථීක විද්‍යාඥ Samir Amien ගේ ආර්ථීක ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රසාදයෙන් කථා කළ අතර කම්පුචියාවේ ස්වයංපෝෂිත ගොවි ආර්ථීක ක්‍රමයක් නිර්මාණය කරගත යුතු බව පවසා තිබේ.

කම්පුචියාවට පොල්පොට් ආගමනයෙන් පසු
කෙමරුජ්වරුන් විසින් දේශයේ සමාජ ආර්ථීක සංස්කෘතික සමාජ ස්ථර විනාශ කරනු ලැබීය. සත්‍යවශයෙන්ම ඔවුනට දේශය ගොඩනැගීමට සිදු වූයේ බින්දුවේ සිටය. මේ අනුව ශුන්‍යවසර හා කෙමරූජ්වරුන් ගේ පරාජයෙන් පසු කාම්බෝජ දේශය ගොඩනැගීමට පියවර ගත් මුල්ම කාලවකවානුවයි.
ආයු කාලය තවමත් 1960 ගණන්වල පැවති ආයු කාලයට සමානය. සෑම ළමයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වසර 12 දක්වා ජීවත් වන්නේ නැත. ජනගහනයෙන් අඩක් මන්දපෝෂණයෙන් පෙළෙති.
ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරනුයේ 7% වැනි සුළුප්‍රතිශතයකි. ද්විතියික අධ්‍යාපනය නිම කරන්නේ 2% කි. කෙමරුජ්වරුන් විසින් විනාශ කළ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා තවත් කාලයක් යනු ඇත.
නගරයේ අනාථ නිවාස රාශියකි. අනාථ නිවාස වල ළමයි දහස් සංඛ්‍යාවක් සිටිති. මොවුන් සඳහා ආහාර ඇඳුම්, සැපයීම ක්‍රමවත් නැත. පොල්පොට්ගේ ආගමනයෙන් මේ වන විට වසර 30 කට වඩා ගතවී තිබුණද, රටේ අධ්‍යාත්මය විනාශවී ඇත. කෙමරුජ්වරුන් විසින් කළ විනාශය තවමත් ප්‍රතිසංස්කරණය කර නැත. ව්‍යසනයට පත් වූ ජාතියක් ලෙස කම්පුචියානුවෝ අද අනාගතයට මුහුණ දෙති. කෙමරුජ් භීෂණය විසින් විනාශ කළ කම්පුචියා දේශය යළි යථා තත්වයට ඒමට තව බොහෝ කාලයක් ගතවනු ඇත.
කම්පුචියාවේ සමූහ ව්‍යසනය
1975 අප්‍රේල් 17 සිට 1979 ජනවාරි 7 දා දක්වා කම්පුචියාව පාළනය කළ කෙමරූජ්වරු මේ කාලය තුළ රටේ ඇති කළේ සාමූහික ව්‍යසනයකි. (Collective Trauma)
ඉයෙං සාරිගේ සෝබෝන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධනය අනුව කෙමරූජ්වරු නව කෘෂි සමාජයක් බිහි කළහ. කඳුලින් හා ලෙයින් තැනුනු මෙම අර්ථ ක්‍රමය මර්ධනකාරි මෙන්ම ව්‍යසනකාරි එකක් විය.
දශක තුනක් ඇවෑමෙන් පසුවද කෙමරූජ් භීෂණයේ සෙවනැලි තවමත් දක්නට තිබේ. මානසික රෝගවලට ගොදුරු වූ මිනිසුන් අවතැන්වූ ජනයා, විනාශකරන ලද සමාජ වියමන, මේ සියල්ලම සාමූහික ව්‍යසනයේ ශේෂයන්ය.
යුක්තිය ප්‍රමාදය
කෙමරුජ් භීෂණය නිසා විපතට පත් වූ දහ දහස් ගණන් දිවිගලවාගත් පිරිස් තමන්ට තවමත් යුක්තිය ඉෂ්ට නොවූ බව ප්‍රකාශ කරති. ඉතා මන්ගාමීව ඇදීයන අධිකරණ ක්‍රියාදාමය කෙරෙහි බහුතරයක් විශ්වාස නොකරති. කෙමරුජ්වරුන් විසින් සිදුකල අපරාධවලට කිසිම වන්දියක් නොගෙවා, වරදකරුවන් විසින් තම ඉරණම ස්වභාව ධර්මයා අතට පත්කරනු ඇතැයි ඔව්හු විශ්වාස කරති.
හැටඑක් හැවිරිදි ගොවියෙකු වන San Chreung තම සැමියා ඉතා අමානුෂික අන්දමට කෙමරුජ් භටයන් විසින් මරා දැමූබව කියන්නීය. එසේම ඇයගේ මව සැලසුම් සහගත සාගතයේ ගොදුරක් වූවාය. පොල්පොට් මේ අපරාධ වලට කිසිඳු වන්දියක් නොගෙවා ස්වභාවික මරණයකට පත්වූ බව ඇය පවසා ඇත. කෙමරුජ් නායකයන්ද එසේ ගැලවී යනු ඇතැයි ප්‍රකාශ කළාය.
විසිවන සියවසේ ඛේදවාචකය
විසිවන සිවස ආරම්භවූයේ මහා පරිමාණයේ මනුෂ්‍ය ඝාතන සමඟය. සියවසේ මුල් වසර වලදී 26,000 ක් වූ ඇෆ්රිකානු ගැහැණුන් හා ළමයින් බි්‍රතාන්‍ය විසින් වදකඳවුරු වල බෝයර් යුද්ධයේදී රඳවා ගන්නා ලදී. ඔවුන්ගෙන් බොහොමයක් මිය ගියහ. ඉන්දිය නිදහස් සටනේදී බි්‍රතාන්‍ය හමුදා ජන ඝාතන සිදු කළහ.
ස්ටාලින් ගුලාර්ග් ශ්‍රම කඳවුරු වල හා ලූබියන්කාවේ මනුෂ්‍ය ඝාතන සිදු කලේය. හිට්ලර්, ඛෙල්සන්, සොවිබෝර්, අවුට්ටීච් වැනි වධ කඳවුරුවල මිනිසුන් මිලියන ගනනක් ගෑස් කාමරවලට යැවීය.
මාවෝගේ කොමියුනිස්ට් පක්ෂය සංස්කෘතික විප්ලවයේදී මිනිසුන් ඝාතනය කලේ තුවක්කු භටයෙන් පමනක් නොවේ. සාගතයද අවියක් කොට ගනිමිනි.
පොල්පොට් ද තම ඝාතන රාජකාරිය අකුරටම ඉටු කළේය. විසිවන සියවසේ මුල් වසර 88 තුළ පුද්ගලයන් 170,000,000 දේශපාලන හේතූන් මත මරා දමා ඇත. නිනා මෙඩොක්ස් හිටපු ගුවන් නියමුවරියකි. වියට්නාම් යුධ සමයේ ඇය දකුණු වියට්නාම් ප්‍රදේශවලට මානුෂික ආධාර ගුවනින් හෙළුවාය.
ඇය මෙසේ පවසන්නීය. මිනිසා තවමත් ඝාතන අදහස් වලින් සපිරි ප්‍රාථමික වානරයෙකි. නායක වානරයන්ට අපලවා මිනී මැරවීමට, වධබන්දන කරවීමට, හැකියාවක් තිබේ. ඔවුන් තීක‍ෂණය. ඔවුන් අපගේ නිද්‍රාවට පත් වී තිඛෙන විනාශකාරි අවේගයන් අවධිකොට ඒවා කුපිත කිරීමට සමත්ය. ඉන්පසු අපි අපගේ සහෝදර වර්ගයා මරා දමන්නෙමු. මෙම සෑම මිනී මැරුමක්ම සෑම ප්‍රචන්ඩත්වයක්ම සාධාරණීය කිරීම කරමු. එහෙත් සත්‍ය වනාහි අප සමාජ විරෝධි හා ස්ව වර්ගයා පීඩාවට පත් කිරිමේ සමත් සත්ව විශේෂයෙකි. මෙවැනි සාමූහික විනාශයන්වල අප යෙදෙන විට සදාචාරය ආගමික මති මතාන්තර අප පසෙකට තල්ලූ කරමු.
පොල්පොට් වැනි පුද්ගලයන් ගැන කිව හැක්කේ කුමක්ද? මට මෙහිදී ෂේක්ස්පියර්ගේ ප්‍රකාශයන් සිහිපත්වේ. ඔහු යහපත්වන විට ඔහු මිනිසාට වඩා මඳක් උසස් විය. ඔහු අයහපත් වනවිට ඔහු මෘගයාට වඩා මදක් යහපත් විය.
කෙමරුජ් භීෂණය මේ අවසාන ජවනිකාව නොවේ.
කෙමරුජ් භීෂණය අවසන් වී දශක තුනක් ගෙවුනද භීෂණයේ සෙවනැලි තවමත් මානව වර්ගයා වෙලා ගනියි. දෙවියන් විශ්වාස නොකළ ස්ටාලින් මිලියන 62 ක්ද මාඕ මිලියන 35 ක් ද පොල්පොට් මිලියන 3 ක ජන ඝාතන සිදු කළහ.
දෙවියන් විශ්වාස කරන බුෂ් හා බ්ලෙයාර් ඉරාකයේ සිදුකළේ කුමක්ද? භීෂණය තවමත් මනුෂ්‍ය වර්ගයා හැරගොස් නැත.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

19 comments:

  1. හැමදේටම සෝසලිස්ට් ෆෝබියාව දාපුහාම හාස්‍යක් වෙනවා රුවන්.

    ඔබට සෝසලිස්ට් ෆෝබියාව තිබෙන බවනම් දැන් පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. අනේ මුගේ සමාජවාදේ!. උබලත් කොටි වගේම විනාශයක් කළා නේ කාලෙකදී. සිවාජලින්ගම්ලා කරන්නේ තරුණ ආවේගශීලි පරපුර අතර වෛරය පතුරන එක. මුහුණු පොතේ යාපනේ විශ්වවිද්‍යාලයේ කොල්ලෙක්ගේ වෝල් එක බලපන්. ඊට පස්සේ එවලට ලයික් කරලා තියෙන උගේ යාලුවන්ගේ බලපන්. ඔක්කොම වෛරයෙන් ඉන්නේ. ඔහොම ඉන්න කණ්ඩායමකට වෙන රටකදී ආයුධ පුහුණුව විතරයි දෙන්න තියෙන්නේ. උන්ට සල්ලි හම්බෙයි ඕන තරන්. කරන්න තියෙන්නේ එහෙම වෙන්නේ නෑ කිය කියා ඉන්න එක නෙමේ. අනිත් එවුන්වත් බය කරන්න එකෙක් අල්ලලා හිරේ දාන එක.

      Delete
    2. සෝසලිස්ට් ෆෝබියාව දාපුහාම හාස්‍යක් වෙනවා ????? පොල්පොට්ව කියවන්න

      Delete
    3. සෝෂලිස්ට් කියලා ඔහේලා කරන්නේ ගල්කටස් වලින් මිනී මරන එක මිසක් සෝෂලිස්ට් කියන වචනේ තේරුමවත් දන්නවද ?

      Delete
  2. කොමියුනිස්ට් හා ධනවාදී (ප්‍රජාතන්ත්‍රවාදී යයි හැඳින්වෙන ) රටවල් අතර තමන්ගේ පෙර වැරදි ගැන කතා කිරීම , විවේචනය හා සොය බැලීම ගැන ලොකු ප්‍රමාණාත්මක වෙනසක් තියනව නේද? කොමියුනිස්ට් / සමාජවාදී රටවල් තාමත් ඒ ක්‍රමය තියනව නම් තමන්ට වැරදි වුනේ නෑ වගේ ඉන්න උත්සාහ කිරීම අනිත් රටවලට වඩා වැඩියි. ඒකට හේතුව නිදහස් මාධ්‍ය හා විපක්ෂ නැති නිසා වෙන්න ඇති. ඒත් සමාජවාදී නොවන රටවල ඇති සමාජවාදී පක්ෂවල වුනත් ඒ ගතිය තියනවා. අනිත් පක්ෂවලට සාපේක්ෂව තමන්ගේ වැරදි පිලිගැනීමට මැලිකම විතරක් නෙමෙයි ඒවා ගැන කතා කරනකොට තරහා යාමත් වැඩියි. ඒක ඒ අයගේ indoctrination එකේ කොටසක්ද? Tactical ක්‍රියාවක්ද? මානසිකව condition වෙලාද?

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඔවුන්ට තරහ යන්නෙ ඔවුන් ඇදහිල්ලක ඉන්න නිසා. සෝෂලිස්ම් කියන්නෙ ඇදහිල්ලක්. ඇදහිල්ල තියන තැන නිදහස නෑ. නිදහස් මාධ්‍ය හා විපක්ෂ තියෙන්න බෑ ඇදහිල්ල නිසා.සෝෂලිස්ට්ලා කියන්නෙ එක්තරා උමතු ප්‍රජාවක්. ඔවුන් කියන්නෙ විපක්ෂ අවශ්‍ය නැතිලු විප්ලවයෙන් සියළු ප්‍රශ්න විසදිලා නිසා ධනවාදී රටවලට මීඩියා සහ විපක්ෂ ඕන ප්‍රශ්න විසදිලා නැති නිසා.

      Delete
    2. තමන්ගේ වැරදි පිලිගැනීමට මැලිකම විතරක් නෙමෙයි ඒවා ගැන කතා කරනකොට තරහා යාමත් වැඩියි////////////////// agree

      Delete
    3. The inability to admit a wrong is not only limited to communist governments; it is a characteristic of all tyrants (whichever political hue and in politics and society as well). There is a story that during WWII when Churchill asked De Gaulle why he is so unaccommodating, De Gaulle is supposed to have said “alas the weight on my shoulders are such that I cannot afford to bow” It is a sign of being insecure.

      Delete
  3. තම උත්සාහයෙන් ධනවත් වූ අය ගේ දේපල පවරාගෙන, ඔවුන් දුප්පත් කොට තමන්ගේ හීන මානය නිසා රටේ දේවල් අරගෙන රහසේ හෝ එළිපිට ධනවත් ජීවිත ගත කිරීම තමයි සමාජවාදය කියන්නෙ. ඒකට ප්‍රජාතන්ත්‍රවාදය හැර කට, තුවක්කුව වගේ, බිය පැතිරීම වගේ දේවල් විතරයි ඕන වෙන්නේ. මොළයක් මොකටද?

    ReplyDelete
    Replies
    1. උතුරේ ජනතාවට ළඟදී යුද්දයකට යාමට හැකියාවක් නැති වුනත් නැවත ප්‍රභාකරන්ලා බිහි වීමට අවශ්‍ය පසුබිම හදල දීල නිදාගෙන සිටියහොත් නැවත ඔය වැනිම දේවත්වයෙන් අදහන ප්‍රතිරූපයක් ඔවුන් හදා ගනු ඇත. කලින් කලට එවැනි තත්ත්වයක් අපේක්ෂා කල යුතුය. දමිළයන් සමග ඉතිහාසයේ සිටම සිංහලයින් සමගියෙන් ප්‍රශ්න විසදා ගෙන නැත. තනි රටක් තියා ගන්න අවශ්‍ය නම් කලින් කලට වත්ත පිටියේ වල් ගහල දානවා වගේ මෙම පලිබෝදය බලාපොරොත්තු විය යුතු සේම මර්දනය කල යුතුය. බලයේ සිටින්නේ එජාපයද රාජපක්ෂ කල්ලියද වෙනත් නායකයෙක්ද යන්න වැදගත් නොවේ. අවශ්‍ය සමස්ත ජනතාවට සාමයෙන් සිටීමට හැකි රටකි.

      නායකකයෝ "ළඟ නොබලා දුර බලා" කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

      Delete
    2. මොළයක් මොකටද? athha

      Delete
  4. දිග වැඩියි.. ඒත් ඉන්ටරස්ටින්ග් නිසා කියවන්න හිතෙනවා.. සමහර තැන්වල නම් සහ සිද්දීන් පැහැදිලි මදී..
    //1997 වසරේ තායි දේශසීමාව අසල රැඳී සිටි පොල්පොට් ප්‍රධාන පෙලේ නායකයෙකු වූ Son Sen කම්පුචියානු රජය සමඟ සාම සාකච්ඡා රහසේ ඇරඹීමයි.
    Son Sen ගේ ඝාතනය නිසා පොල්පොට් කෙමරූජ්වරුන්ගේ නිවාස අඩස්සියට පත්විය. 1997 ඔහුගේ මරණය සමඟම කියු සම්පෙන් හා ඉයෙංසාරි කොන්දේසි සහිතව රජයට යටත් වූහ.//
    ටිකක් නිදහසේ ආයෙම බලල ඒ ටික හදන්න පුලුවන්නම් වටිනවා.. කම්පුචියාවේ අභ්‍යන්තර අරගලය හා වියට්නාම් ප්‍රහාර එකිනෙකට සම්භන්ද වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලත් නෑ..

    ReplyDelete
    Replies
    1. කම්පුචියාවේ අභ්‍යන්තර අරගලය හා වියට්නාම් ප්‍රහාර ///////////// අවසානයේදී වියට්නාමය කම්පුචියාවට පහර දුන්නා පොල්පොට් එලවන්න

      Delete
  5. I am sure you have good knowledge about the subject, however for us Sri Lankans this long log is useless since even the JVP is now with UNP killers who killed JVP leader.

    ReplyDelete
  6. දන්නෙ නැති නිසයි අහන්නෙ, ඔය රටවලත් වර්තමානයේ අපේ වගේ පඳුරක් ගානේ එක එක සමාජවාදී තීවීල් පක්ෂ බෝ වෙලාද?
    උන් උන් අතරේ අපි තමයි නියම සමාජවාදියෝ කියාගෙන කාකොටාවැටිල්ලත් තියෙනවද ?

    ReplyDelete
  7. දැන් ඉතින් නඩු අහලා ඇති පලේ මොකක්ද? රට, මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය, මානසික තත්ත්වය ගොඩනගන්න ක්‍රමයක් බලනවා මිසක්.

    ස්ටාර්ලින් එක්න බලපුවම පොල්පොට් චූටි බබබෙක්කෙ!එච්චර විනාශයක් කෙරිලත් රුසියාව ⁣යි කාම්පුචියාවයි අතර මෙච්චර ලොකු වෙනසක් ඇයි? ස්ටාර්ලින්ගෙ මාවෝ ගෙ ගනන් බටහිර මාධ්‍ය සංදර්ශණයක්ද ?

    ReplyDelete
    Replies
    1. ජනගහනයේ ප්‍රමානය අනුපාතය අනුව දෙන්නම කලේ මහා ඝාතන

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook