Thursday, April 6, 2017

රජරට වකුගඩු රෝගය සහ විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි



රජරට වකුගඩු රෝගය  හෙවත්   CKDU (Chronic Kidney Disease of Unknown Aetiology)  ලංකාවේ  මහජන සෞඛ්‍ය ගැටලූවක්  බවට පත්වී තිබේ.   ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශ වල ගොවි ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පෙලෙති.  කෘමි නාශක භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකිරීම, කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතුවීම .එම වැව් ජලය ජනතාව පානය කිරිම,  මෙම රෝගය පැතිරීමට එක් හේතුවක් ලෙස සැලකේ.  සංඛ්‍යා ලේඛන අනුව දැනට රෝගීන්  20,000-22,000 අතර ප්‍රමාණයක් වකුගඩු රෝගය නිසා මිය ගොස් තිබේ. 

රජරට වකුගඩු රෝගය පිළිබඳව මෙතෙක් වැදගත් පරියේෂණයක් හෝ ප්‍රතිකාරාත්මක ක්‍රමවේදයක් සොයාගෙන නැත​. නලීන් ද සිල්වා සහ ඔහුගේ  නාථ කණ්ඩායම වකුගඩු රෝගයට දිව්‍ය ඔසුවක් සොයාගෙන තිබෙන බව 2011 වසරේ සිට පත්තර මගින් කීවද ඒවා අතේ රෝල් විය​. වකුගඩු රෝගය නිසා තවමත් මිනිසුන් දිනපතා මිය යති. එහෙත් ප්‍රතිකාර නැත 

ලංකාවේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව සහ ප්‍රතිකාර සෙවීම පිලිබඳව   වෛද්‍ය චන්න ජයසුමන , මහාචාර්‍ය නලීන් ද සිල්වා ඇතුළු පිරිසක් විසින් නිල උරුමක්කාරයන් වී සිටින අතර ඔවුන් දේව පනිවිඩ මධ්‍යකාරිනිය ප්‍රියන්තා සේනානායක  මගින් මේ ගැන පරියේෂණ පවත්වති. ( මෙම පරියේෂණය පිලිබඳව  වරක් මම යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂකයෙකු වූ මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප්ට පැවසූ අතර ඔහු දෙනෙත් මහත් කොට මා දෙස බැළුවා විනා කිසිවක් නොකීවේය ) 

තවද වෙනත් පරියේෂකයෙකු රජරට වකුගඩු රෝගය පිළිබඳව හැදෑරීමට ආ විගසම මෙම මාෆියා කණ්ඩායම ඔහුට හෝ ඇයට බටහිර අනුකාරයන් ; එන්. ජී.ඕ කාරයන් , කුම්භාණ්ඩයන්​, අසුරයන්, බෞද්ධ විරෝධීන් යනුවෙන් ලේබල් ගසා පළවා හරිති.  එම නිසා දැණුම සහ කුසළතාව තිබෙන පරියේෂකයෝ මාෆියාවට ඇති බිය නිසා රජරට වකුගඩු රෝගය  මග හැර යති. මෙකී මාෆියා කණ්ඩායමේ මූලික අරමුණ රජරට වකුගඩු රෝගය තව දුරටත් ජාතික ව්‍යසනයක් ලෙස උත්සන්න කොට ඉන් තමන් ගේ දේශපාලන බලය ලබා ගැනීමේ මාර්ගය තනා ගැනීමයි. 

රජරට වකුගඩු රෝගය  පිළිබඳව අධ්‍යනය කිරීමට මෙන්ම ඒ සඳහා ප්‍රතිකාර සොයා ගැනීමට හැකියාව මෙන්ම දැණුම තිබෙන විද්වතුන් ස්වල්ප පිරිසක් සිටිති ඔවුන් අතරින් විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි සුවිශේෂය​. ඔහු වකුගඩු රෝග පිලිබඳ ප්‍රවීණයෙකි. 

වෛද්‍ය රංග වීරක්කොඩි සමග මම මතවාදීව ගැටී තිබේ. ඔහු තුල පවත්නා ඇරොගන්ස් ස්වභාවය නිසා මම ඔහුට කැමති නැත​. නමුත් රංග වීරක්කොඩි ගේ දැණුමට මම ගරු කරමි. කුහක ලෙස මම ඔහු තුල සිටින විද්‍යාඥයා යටපත් නොකරමි. වකුගඩු රෝග පිළිබඳව ඔහු විසින් ලියන ලද  පරියේෂණ පත්‍රිකා වලට කිට්ටුවෙන් වත් යාමට හැකි පත්‍රිකාවක් ලිවීමට  පොල්මංකාර කණ්ඩායමේ එක් අයෙකුවත් සමත් වී නැත​. එම නිසා රජය හෝ මැදිහත්වී වෛද්‍ය රංග වීරක්කොඩි වැනි පටු න්‍යාය පත්‍ර නැති විද්වතුන්ට මෙම විනාශකාරී රෝගයට පිළියම් සෙවීම සඳහා මාර්ගය සකස් කල දිය යුතුය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

33 comments:

  1. //නමුත් රංග වීරක්කොඩි ගේ දැණුමට මම ගරු කරමි. කුහක ලෙස මම ඔහු තුල සිටින විද්‍යාඥයා යටපත් නොකරමි. වකුගඩු රෝග පිළිබඳව ඔහු විසින් ලියන ලද පරියේෂණ පත්‍රිකා වලට කිට්ටුවෙන් වත් යාමට හැකි පත්‍රිකාවක් ලිවීමට පොල්මංකාර කණ්ඩායමේ එක් අයෙකුවත් සමත් වී නැත​.//

    ඔබේ මතය තහවුරු කිරීමට සුදුසු පර්යේෂණ පත්‍රිකා කිහිපයක අන්තරජාල සබැඳි දක්වන්න පුලුවන්ද ? මම කැමතියි ඒවා කියවා බලන්නට.

    වෛද්‍ය ජයසුමන හැරෙන්නට වෙනත් ලාංකික වෛද්‍ය විද්‍යා පර්යේෂකයන්ගෙන් ලියවුනු එවැනි පර්යේෂණ පත්‍රිකා මට කියවන්න නොලැබුණු නිසා ඒවා කියවන්නට ඉතාම කැමැතියි. මෙහි රසායන විද්‍යාව පැත්තෙන් උනන්දු පර්යේෂකයෙකු වශයෙන්; සතියක් හෝ දෙකක් ඇතුලත ඔබ සදහන් කරන පත්‍රිකා කියවා ඔබේ අදහසට පිළිතුරු දක්වන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මුහුණු පොත හරහා වෛද්‍ය රංගව අමතන්න ; ඔහුගෙන් ඒ පත්‍රිකා ලබා ගන්න

      Delete
    2. රසිකොලොජිස්ට්, ඔබට ස්තුතියි.

      Trans Sylvania, සමහර පුද්ගලයන්ගේ හැසිරීම් නිසා පුද්ගලිකව ඔවුන් සමග පුද්ගලිකව සම්බන්ධ වීමට ප්‍රියජනක නොවෙන අවස්ථා තිබෙනවා. එමෙන්ම සමහර අයගේ අශීලාචාර හැසිරීම් නිසා ඔවුන්ගේ මුහුණුපොත ගිණුම් අවහිර කරතිබෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබගේ යෝජනාව ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කරනවා.

      Delete
  2. ඇල්කෙමියා නමින් බ්ලොග් ලියන ආචාර්ය පියල් අරියනන්ද මීට වසර පහකට පමණ පෙර මගේ ඇරයුමින් රාවයට දීර්ඝ ලිපියක් ලිව්වා වකගඩු රෝගයට හේතු කාරක විය හැකි කරුණු දක්වමින්. මේ ලිපිය කොතැනක හෝ තිබිය හැකියි. මට නම් එකවර හොයා ගන්නට බැරිවුණා. මේ ලිපිය විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයකු මේ ගැන ලියූ පළමු ලිපියයි.

    එසේම මෑතකදී පරමාණු බලශක්ති මණ්ඩලයේ පර්යේෂකයින් විසින් නිශ්චය කර ගනු ලැබුවා ආසනික් හා මේ රෝගය අතර සම්බන්ධයක් තිබිය නොහැකි බව. ඒ අනුව නලින් ද සිල්වා චන්න ජයසුමන පිරිස කර ඇත්තේ දේශපාලන තක්කඩිකමක් බව ඉතා පැහැදිළියි. නලින් ද සිල්වා ඇත්තටම මේක කලේ කැළණිය විශ්ව විද්‍යාලයේ තමන්ගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර ගැනීම කූට අරමුණින්. ප්‍රියන්තා සේනානායකට හා චන්න ජයසුමනට තිබුණු කූට අරමුණු අපි අද දන්නවා.

    ඇත්ත. වෛද්‍ය රංග වීරක්කොඩිගේ ජාතිවාදී ආස්ථානය හා එකඟ නැති මුත් පර්යේෂකයකු හැටියට ඔහු මෙහිදී කර ඇති කර්තව්‍යය අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. පියල් වාගේ අයගෙන් උදව් නොගන්නේ ඇයි .....මට නං හිතාගන්න බැ

      Delete
    2. චානුක ඔබගේ අදහස් දැක්වීමට තුති

      Delete
    3. මේකද ඒ?

      https://alchemistsdiary.wordpress.com/2011/08/07/2011-%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-07-%E0%B6%BB%E0%B6%A2%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%93%E0%B6%B8/

      Delete
  3. පසුගිය සතියේ රාවයේ පුවත්පතේ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා සමඟ කල පුවත්පත් සාකච්චාවකද රජරට වකුගඩු රෝගය සම්බන්දව වටිනා තොරතුරු අඩංගු වී තිබුනා...

    ReplyDelete
  4. Nalin De Silva did not say anything about a 'divya osuwa'. He said CKDu can be treated by traditional medicine. I have personally spoken to people who have been cured by traditional medicines. It is western medicine and incapable western doctors who don't have a cure.

    ReplyDelete
  5. රංග අමු වාතයෙකු වන්නේ ඔහු ගේ ජාතිවාදී පටු මානසිකත්වය නිසා බව මගේ අදහසයි.

    නමුත් බඩා මාමා නම් මා කැමති බ්ලොග් රචකයෙකි. රංග ගේ ගී රස වින්දන ලිපි ද අගය කරමි.

    ReplyDelete
    Replies
    1. රසික සුපුරුදු පරිද හෙණ පළල් / ජඹුර, අතිමානුෂවාදී වාතයක් ඇර ඇත.

      වකුගඩු රෝගයට පිළියමක් සොයාගැනීමට අපහසුව ඇත්තේ මේ ගැන පර්‍යේෂණ කරණ කණ්ඩායම් වල ඇති පටු චින්තනය නිසාමය. මෙය නාථ කණ්ඩායමට පමණක් විශේශ වූවක් නොවන අතර, නාථ කණ්ඩායම ඒ අනුව බලන විට හොඳම එකද වෙයි. අනෙක් අයගේ හිස් වටා රැස් වළල්ලක් ඇති අතර, ඔවුන්ගේ පර්යේෂණ ක්‍රමවේදය විවේචනය කරන්නනට, පර්යේෂණයක් සඳහා අවසර ලබා ගැනම පවා පහසු කරන්නට මේ මහත්වරු සෑදී පැහැදී සිටිති. (මේ ඔක්කොමලා දොස්තරලා නොවෙන නිසා, ඒ ඇරියස් පියවා ගන්නට පෙර දෙවරක් සිතිය යුතු වනු ඇත.) ඒ අතින් චන්නලා රත්තරං මිනිස්සුය. කණ පැලෙන්න විවේචන දුන්නත් ඔවුන් ඒවා පුද්ගලිකව ගණන් ගන්නේ නැත. අනෙක් අය ගැන තත්වය ශෝචනීයයි. මෙවන් මහත්වරු සමග කුමන පර්යේෂණද?

      Delete
  6. මම දන්න හැටියට චන්න සුදත් ජයසුමන මහතා ඉදිරිපත්කල මතය මෙයයි.
    මැටි අංශු, කිවුල් ජලයේ ඇති ලවන සහ ආසනික් එක්වී සංකීර්ණ අණු වර්ගයක් සෑදෙයි.
    පසුව ඒවා ආහාර ජීර්ණ පද්ධතිය තුලදී බිඳවැටී නිදහස්වන ආසනික් ශරීරයට උරාගනී.
    මේ නිසා ආසනික්වල ජල ද්‍රාව්‍යතාව අඩුවුවත්, ඉහත ක්‍රමයෙන් වැඩි ආසනික් ප්‍රමාණයක් ශරීරගත වෙයි.
    මෙය නාථ දෙවියන්ගෙන් රද හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ කර නිර්මාණයකල දැනුමක්.
    මෙය සත්‍ය වන්නටත් පුළුවන් අසත්‍ය වන්නත් පුළුවන් මන්ද නලීන් ද සිල්වා මහතා පැවසූ ආකාරයට, නාථ දෙවියන්ටත් බොරු කීමට හැකියි.
    එසේම නාථ දෙවියන්ට වැරදීමටත් හැකියි.
    නලීන් ද සිල්වා පවසන්නේ වකුගඩු රෝගයට පිළියම් සෙවීමේදී ඇලෝපති වෙදකමට දී ඇති රාජ්‍ය අනුග්‍රහයට සමාන රාජ්‍ය අනුග්‍රහයක් අනෙක් වෛද්‍ය ක්‍රම වලටත් ලැබියයුතු බව පමණයි.
    පොල්මඃකාර කතාව ඔබේ හිතේ මැවුනු අදහසක් පමණයි. මෙලට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුල පොල්මඃකාර බලය ඇත්තේ ඇලෝපති වෙදකමට පමණයි.
    එසේම 2015 ජනවාරි 8න් පසු නලීන්ද සිල්වාට කිසිම දේශපාලන අනුග්‍රහයක් නෑ. ඊට කලිනුත් ලොකු අනුග්‍රහයක් තිබුනේ නෑ.
    අවසාන වශයෙන් කිවයුත්තේ තාමත් බටහිර විද්‍යාවට මෙම ගැටළුවට හේතුවක් දැක්වීමට හැකිවී නෑ.

    ReplyDelete
    Replies
    1. එසේම නාථ දෙවියන්ට වැරදීමටත් හැකියි.???????

      Delete
  7. jagath pathirana is correct, so far no one has identified the real root cause for this issue. That means no point fighting over western or eastern medicine (since there is no disease identified) Blaming Nalin De Silva is also useless, he is making this issue a news item (at least)

    ReplyDelete
  8. ප්‍රශ්නේ කියන්නේ දෙයියෝ ලෙඩේ හැදෙන හැටි විතර නේ කියල තියෙන්නේ.
    බෙහෙත කිව්වනම් තමයි වැඩේ කොම්ප්ලිට්.
    ලෙඩේ හොඳ වෙනවා නම් හැදෙන හැටි වැඩක් නැහැ නේ.
    නලින් සිල්වාටත් බටහිරයන්ටයි ඊනියා තව කාටහරි බැෂ්ටිය දෙන්න තියෙනවා නං ඊට වැඩි දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. /////ප්‍රශ්නේ කියන්නේ දෙයියෝ ලෙඩේ හැදෙන හැටි විතර නේ කියල තියෙන්නේ.
      බෙහෙත කිව්වනම් තමයි වැඩේ කොම්ප්ලිට්. //////////

      මීට වඩා වෙන මොනවා කියන්නද....උඹේ කමෙන්ට් එක බොහෝ දේ කියනවා. හිතන්න පොඩි තල්ලුවක් දෙනවා.

      අපි හුකෝගෙන තියෙන්නේ දර්ශන සහ මතවාදයන්ට ලෝකල් ඒජන්ට්ස්ලා පත්කර්ගෙන තියෙන එක. මාතෘකාව වකුගඩු ආබාධ. හැබැයි අපි වෙන වෙන දේවල් කතාකරන්නේ. මේක තමයි රජරට වකුගඩු ආබාධිතයාගේ සැබෑ උවමනාව අමතක කිරීම.. ඒත් ඒ මිනිස්සුන්ව අද එක එකාගේ "කඩේ බෝඩ්" එක වෙලා. දුකයි, කැතයි. ලැජ්ජයි.

      Delete
    2. බෙහෙත කිව්වනම් වැඩේ කොම්ප්ලිට් ////// 100 % agree

      Delete
  9. පසුගිය දවසක මට මුන ගැසුනා අපේ රටට ඇමෙරිකාවෙන් රජරට දිගුකල් නියගය සහ ගොවියා කොහොමද ඒකට අනුගත වෙලා තිබෙන්නේ කියලා පරීක්ෂණ කරන්න ගිය විද්වතියක්. මන් ඇයගෙන් අහුවා ඔබට වකුගඩු රෝගීන් ගැන අහන්න ලැබුනෙ නැද්ද..ඒ ගැන මොකුත් කරන්න බැරිද කියලා..එයා මට කීවා එයාට ඒ ගැන පරීක්ෂණ කරන්න ඕනෙ උනා..එයා ඒ ගැන එයාගේ අධාර ලබා දෙන ඒ රටේ ආයතනය එක්ක කතා කලා.එයාල ඒකට කැමති උනේ නෑ..ඉතින් ඔයාට හේතුව තේරෙනවා නේ නේද කියලා.. එයා ඒකෙන් නොකියා කීවෙ එයලාගේ ඔය කෘමිනාශක ගැනම තමා..
    අර පරීක්ෂණයෙ නිගමනය තමා අපේ රටේ දුප්පත් මිනිස්සු නියගයෙන් ගොවිතැන් කරන්න බැරි උනාම වතුර තියෙන පැති වලට ගිහින් ඒ පැති වල අයත් එක්ක බෙදා හදාගෙන ගොවිතැන් කරන එක..එහෙම කියලා එයා කීවා එයාගෙ රටෙත් එහෙම බෙදාගන්න පුලුවන් විදියට මිනිස්සු හදන්න ඕනෙ කියලා..

    ReplyDelete
  10. බඩා මාම මේක දකියිද? :)

    කවුරු හරි එකතුවෙලා මේක නිවැරදිව අදුනගෙන ප්‍රතිකාරයක් හොයා ගන්නවානම් තමයි වටින්නේ.. රුවන් ගේ මේ කෙලින් අදහස් දැක්වීම අගේ කරනවා.

    ReplyDelete
  11. I think this good professor did research in Cosmology, a subject related to the scientific study of the beginning of the universe through Particle Physics, Relativity etc. How can someone who has done a PhD in this field can talk about 'God Natha' is beyond my comprehension !

    If you believe that the Gods exist, then you must also believe that the God created the universe as well, but the Science has now proven that the God did not have to exist in order to create the universe, it is all a natural phenomenon. If you like to be enlightened on this, please Google "Big Bang Theory" and the research being done at CERN in Switzerland. BTW, CERN is the place where hundreds of scientists from all over the world doing the biggest sceintific experiment looking in to the beginning of the universe.

    ReplyDelete
  12. මේ දෙවියන් පටලවාගැනීම කෙසේ වෙතත්.

    නවීන තක්ෂණය මෙච්චර තියෙද්දී හදුනා නොගත් වකුගඩු රෝගය කියමින් මේ රටේ රජය ඇතුළු විද්වතුන් කරන්නේ පට්ට බොරුවක් නේ.
    මෙතැනදී ඔබට යමක් කියන්න ඕනේ ඩොක්ටර් ලෝක සවුක්ය සංවිදානය කල පර්යේෂණ වලින් පසේ ආසනික් ප්‍රමාණය වැඩිවී ඇතිබව වෙනම පර්යේෂණවලින් පෙන්වා දුන්න මේගැන ඔබ කියල නෑ.

    ඩොක්ටර් ඔබ දන්නව ඇති සමහර විට යුරෝපයට යවපු විශාල ගොටුකොල කන්ටේනරයක් අදාළ ගොටුකොල වල කෘමිනාශක අඩන්ගුබව කියමින් විනාශ කරනු ලබනවා. අදාළ ආයතනයට මාස 6කට නැවත ගොටුකොල යැවීම තහනම් වෙනවා.

    http://www.consumerreports.org/cro/magazine/2015/01/how-much-arsenic-is-in-your-rice/index.htm

    යුරෝපයේ මේ පහසුකම් තියනවා මෙවනි ක්‍රම වේදයක් ශ්‍රී ලංකාවේ පටන්ගත්තනම් ඔබට තේරෙයි කොච්චර විස අප අනුබව කරනවද කියල, යම්විදියකින් රජය මේ උපකරණ ගෙනල්ල නිසි පර්යේෂණ කලොත් මේ රෝගයට වගකිවයුතු කවුදැයි සොයාගන්න පුළුවන් වසර 20 තරම් මේ රෝගය හදුනානොගනිමට අපුරු හේතුව මේ කෘමිනාශක ගෙන්වන සමාගම රජයේ ඉහල මිනිසුන් අතර පවතින සම්බන්දයි.

    මෙය ශ්‍රී ලංකාවට පමණක් අදාළ දෙයක් නෙමෙයි විවිද පර්යේෂණ වලින් ලෝකයේ හොයාගන්නවා සමහර රසායනික අහිතකර බව නමුත් ඔවුන් නිදහසට දෙන ඉංග්‍රීසි වගන්තිය තමයි පහත දේ අදාළ වන්නේ ජානමය ලෙස දියුණු කල ආහාර ගැන උනත් මේ විශාල සමාගම් තර්ක කරන්නේ මෙහෙමයි.

    "FDA Scientist said that GMOs might create allergies, toxins, new diseases and nutritional problems "

    "...and they said no testing necessary"

    https://www.youtube.com/watch?v=HnN6FFjZBZQ

    මේවා බලපුවහම ලෝකේ ඇත්ත මොකද්ද කියල තේරුම්ගන්න පුළුවන්.
    එක හරියට කැන්සර් වලට බෙහෙත් හොයනවා වගේ තමයි, මේ බෙහෙත් හොයන්නේ පුද්ගලික සමාගම් වලින්, යම්විදියකින් ඔවුන් කැන්සර් බෙහෙතක් සොයාගත්තොත් මේ සමාගම් වලට වසරකට ඩොලර් බිලියන ගණනක් පාඩු වෙනවා.

    මෙනිසා කවදාවත් බෙහෙත සොයාගන්නේ නෑ

    ReplyDelete
  13. වකුගඩු රෝගය පැතිරෙන පලාත්වල ජලයේ පවතින කිවුල් රසය නිසා මිනිස්සු එම ජලය අඩුවෙන් පානය කිරීමට පුරුදු බවක්ද වාර්තා වෙනවා. මිනිස්සුන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන වැඩපිළිවෙලවල් තව තවත් දියුණු කිරීමත් වැදගත්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook