Sunday, March 12, 2017

කපිතාන් ගේ සාදය



මාතලේ රෝහලේ සේවය කරන කාලයේදී මට තිබුනේ එච් බී 13 නිසාන් ස්ටේ‍ෂන් වැගන් එකකි. ඩියුටි අවසන් කිරීමෙන් පසු මමත් මගේ මිතුරු වෛද්‍ය සුජීව දහනායකත් බොහෝ විට මේ රථයෙන්  මාතලේ ටවුමේ රවුම් ගැසුවෙමු. දිනක් සවස් වරුවක මෙසේ ටවුමේ සිටින විට සුජීව හඳුනන  අයෙක් " හලෝ සුජීව"  කියා කතා කලේය​. මේ පුද්ගලයා යුද හමුදාවේ කපිතාන්වරයෙකු බවත් ගී ගැයීමේ සහ ගිටර් , තබ්ලා , බටනලා වාදනයේ හැකියාවෙන් යුතු අයෙකු බවත් සුජීව මට කියා ඔහුව  හඳුන්වා දුන්නේය​. 

කපිතාන්වරයා ඉතා මිත්‍රශීලීය​. එසේම මාතලේ පුද්ගලයෙකි. ඔහු අප දෙදෙනාට රෑ කෑමට ඔහුගේ නිවසට එන ලෙසට ආරාධනා කලේය​. එහෙත් මමත් සුජීවත් රෝහලට යාමට තිබෙන බව කියමින් අදිමදි කලෙමු. එහෙත් ඔහු පෙරැත්ත කරමින් තම නිවසේ සුළු පාටියක් තිබෙන බවත් සංගීතයද සූදානම් කර ඇති බවත් කියා අප දෙදෙනාට යළි යළි ආරාධනා කලේය​. අවසානයේදී අපි දෙදෙනා මෙම සාදයට යාමට එකඟතාව පළ කලෙමු. එකඟතාවයෙන් පසු කපිතාන්වරයා මගේ වාහනයට නැග්ග අතර මම ඔහුගේ මඟ පෙන්වීම අනුව රිය ධාවනය කලෙමි. විනාඩි විස්සකින් පමණ අප ඔහුගේ නිවසට අවතීර්ණ වූයෙමු. 

නිවසේ තවත් පුද්ගලයන් හතර දෙනෙක් පමණ සිටි අතර ඔවුන් අප සාදරයෙන් පිලිගත්හ​. ඒ අතරවාරයේදී නිවැසියා ලහි ලහියේ මේසය සූදානම් කොට කෑම බීම ගෙන ආවේය​. කට්ලට් රෝල්ස් කඩල සමග මධු විතද ආවේය​. පිරිස සව්දිය පුරා සුරා සෙෂන් එක පටන් ගත්හ​. ඒ අතර වාරයේ කපිතාන්වරයා ගිටාරය වාදනය කලේය​. තවත් අයෙක් ගීත ගැයීය​. තව කෙනෙක් ඩෝලය ගැසුවේය​. මෙසේ පැයක් දෙකක් යන විට සාජ්ජය ජයටම නැගී යන්නට විය​. බෝතල් ද හිස් වෙයි. සිනා කතා මෙන්ම ගීත ඇදී එයි. 

මේ අතර වාරයේ සොබා දහමේ කර්තව්‍යක් උදෙසා වැසිකිලියට යාමට  මම සාලය පසු කර කෑම කාමරය හරහා යත්ම කපිතාන් ගේ බිරිඳ සහ තව මහළු කාන්තාවක් කිසිවක් නොදොඩා සෙටියක් උඩ ගල් ගිල්ලාක් මෙන් සිටිනවා මම දිටිමි. එසේම නිවසේ පුටු මේස පසෙකට අස් කොට පැදුරු එලාද තිබෙනවා මට නිරීක්‍ෂණය විය​. ගෙදර සාදයක් තිබෙනවා කියා කපිතාන්වරයා කීවද මට දැනුනේ අමුත්තකි. දහවල භික්‍ෂූන්වහන්සේලා වැඩම කර තිබූ බවට සලකුණුද එහි විය​. 

මම සාජ්ජය දෙසට යන විට කපිතාන්වරයාත් සුජීවත් ඒ කාලයේ ජනප්‍රිය ගීතයක් වූ උන්මාද වූ ප්‍රේමාදරේ ගීතය ගයමින් සිටියෝය​. මම පිරිස අතර සිටි අහිංසක පහේ කෙනෙකු අල්ලාගෙන කතා කලෙමි. අද දින දානයක් තිබුනාද කියා මම ඔහුගෙන් ඇසුවෙමි. ඔහු කීවේ .... (කපිතාන් ගේ නම කියා) මාමා ගේ තුන් මාසයේ පිංකම අද තිබූ බවයි. 

මට සියල්ල වැටහුනි. සාදයක් කියා අපව ගෙනත් තිබෙන්නේ තුන් මාසයේ දානයකටය​. මෙතනින් ගැලවී යාමට ලේසි නැත​. කපිතාන් පිරිසට පෙරැත්ත කරමින් වීදුරු පුරවයි. ඒ අතරවාරයේ දහවල් දානයේ ශේෂ වූ බළ මාළු , බැදපු බටු , අළ කරි ද ගෙන එනු ලැබීය​. කුණ්ඩුමනී , නීල බිගු කැළ , ඉර හඳ පායන ලෝකේ , කැරකෙන රෝදේ , කපිතාන්වරයා මනරම්ව ගායනා කලේය​. ඔහුගේ කට හඞ ගෙදර පුරා පැතිර ගියේය​. ගිටාර් නාදය​, ඩෝල හඞ , කෝරස් හඞ ඇසුනි.  සාදයේ නිමක් නොපෙනේ . අවසානයේදී රාත්‍රී දහයේ කනිසම වදින විට රෝහලට යා යුතු බව කියා මම සුජීවත් රැගෙන කපිතාන් ගේ සාදයෙන් ගැලවී ගියෙමි. අප දෙදෙනා යන විට අර කාන්තාවත් මවත් සසර කළකිරුනු විලාශයෙන් අප දෙදෙනා දෙස බලා සිටියහ​. මෝටර් රථයේදී මම සුජීවට සාදයේ පසුබිම් කතාව කීවෙමි.  එකෙහින්ම ඔහුට ඉක්කාවක් ගියේය​. 

මේ සාදයෙන් මාස හය හතකට පසුව මම මගේ ඤාතියෙකු වූ බ්‍රිගේඩියර් ජයලත් ගල්ගමුවට මෙකී අපූර්ව සාදය ගැන නිකමට කීවෙමි. " අම්මෝ මල්ලී හව් වෙලා තියෙන්නේ .... ටනේ. මූ මගේ  යුනිට් එකේනෙ හිටියේ කියා ජයලත් අයියා කීවේය​. 

ඇත්තෙන්ම කපිතාන් අපට වරදක් නොකලේය​. ඔහුට අවශ්‍ය වූයේ අපට විනෝදයක් ලබා දීමටය​. එහෙත් ඒ සඳහා ඔහු තෝරාගත් අවස්ථාව අනුචිත නොවීය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

16 comments:

  1. //අනුචිත නොවීය// ඩබල් නෙගටිව් නේද?

    ReplyDelete
  2. අප විශ්විද්‍යාලයේ සිටි කාලයේ ජනප්‍රිය වූ (සල්ලි නැති සිසුන් අතර) අරක්කු වර්ගයක් තමයි කැප්ටන්ස් චියර්.

    කැප්ටන් හැඩොක් වැනි නාවිකයින් බිව්වේ නම් රම්.

    නේවි කැප්ටන් ලා, ආමි කැප්ටන්ලාට වඩා ලොක්කන් නිසා විය යුතුයි!

    ReplyDelete
  3. මොනවා උනත් හිත හොද පොරක් ...
    මමත් දවසක් කෑම්ප් එකක පාටියකට ගිය ...නැගිටින්න දෙන්නෙම නැහැ ඒ බොන බිම ලබන අත්මට්ත් එක්කද කොහෙද බොන්නේ

    ReplyDelete
  4. කනබොන මිනිස්සු හිත හොද මිනිස්සු

    ReplyDelete
    Replies
    1. හිත හොද මිනිස්සු athha

      Delete
  5. අපෝ ඔය ආමිකාරයො අණක් ගුණක් නැති එවුන්. එකපාරක් මාවත් ඔය ආමිකාරයෙක්ගෙ ගෙදර පාටියකට යාළුවෙක් එක්ක ගියා. බීලා බීල, එක ආමි කාරයෙක් අන්තිමට වලියට ඇවිල්ලා පිස්තෝලෙ අරගෙන වෙඩි තියන්න ගිහින් මගෙ යාළුවා බේරුණේ 99න් . මට හිතෙන්නෙ උන් ඉන්නෙ මිලිටරි මානසිකත්වයෙන්, අනික උන් හැමතිස්සෙම සෝල්ජර් වගේ පහල උන්ව පහත් විධියට යටත් කරගෙන බලේ පෙන්නගෙන ඉන්නෙ. ඉතින් උන් හිතන්නෙ උන්ට වඩා ලොකු මිනිස්සු කවුරුත් නෑ කියල. අපි වගේ සිවිලියන් උන්ව දැක්කත් උන්ට හිතෙන්නෙ අපි උන්ට සැලියුට් කරන්න ඕනෙ, එහෙම නැත්නම් උන් කියන හැම ගොන් කථාවක්ම පිලිගන්න ඕනෙ කියල. අනික ඔය ආමිකාරයන්ගෙ බිරිඳෑවරුන් හරිම පවු. උන් කියන විධියට බිරිඳෑවරු හිටියෙ නැත්නම් ඕකුන් අතින් පයින් ගහන්නෙ. පවු, මම නම් දන්න හැම කෙල්ලන්ටම කිව්වෙ, ආමිකාරයො බඳින්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙච්ච ගමන් ඇවිත් තොට තියනවා ඔළුව කුඩු වෙන්න....

      -විචාරක...

      Delete
    2. මේ මොන කලවැද්දෙක්ද ආමි එකට අපහාස කරන්න එන. පාහරයා තෝව නන්දිකඩාල්වල සුදු කොඩි අරන් ආපු ප‍්‍රභාකරන් වගේ මරලා දානවා.

      ---SF----

      Delete
    3. අප්සෙට් එවුනුත් ඉන්නවා

      Delete
  6. කව්ද දන්නේ පොර මාමා මැරිච්ච එක ගැන පට්ට සන්‍තෝසෙන් ද කියලා...

    ReplyDelete
  7. මළ ගෙවල් දාන ගෙවල් අස්සෙත් බොන එකේ දාන ගෙදර අහවර වෙලා සප්පායම් වුණාම මොකෝ..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook