Tuesday, March 28, 2017

දේශීය උපාධිධාරී වෛද්‍යවරු සහ විදේශීය උපාධිධාරී වෛද්‍යවරු

  
ඇතැම් දේශීය වෛද්‍ය පීඨ වල උගත් වෛද්‍යවරු සෝවියට් දේශයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ අප කෙරෙහි සමහරක් විට අගතියකින් යුතුව ක්‍රියා කල බව  වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සේවය කල කාලයේදී මට පෙනී ගියේය​. කිසිදු හේතුවකින් තොරව අප කෙරෙහි ද්වේෂයකින් සහ අගතියකින් මෙම පිරිස් කටයුතු කරන්නේ මන්ද කියා සොයා බැලීමට මම උත්සුක වූයෙමි. එම නිසා මෙවැනි කොටස් ගැන මම අධ්‍යනය කලෙමි. මට තේරුම් ගිය පරිදි   නොදැනුවත්කම (ignorance) , ඉරිසියාව,  හීනමානය වැනි සාධක මේ සඳහා හේතුකාරකයන් වන බව පසුව  පෙනී ගියේය​. 

හොඳ පවුල් පසුබිමකින් පැමිණි,  නගර බද පාසල් වලින් අධ්‍යාපනය ලැබූ , ලෝකයේ වෙනත් රටවල් වල තරුණ කාලයේ සංචාරය කොට තිබූ  දේශීය වෛද්‍ය පීඨ වල උගත් වෛද්‍යවරු මෙම දේශීය / විදේශීය විශමතා නොසලකා ක්‍රියා කල බව  මම නිරීක්‍ෂණය කලෙමි. ඔවුන් අප සමග ඉතා සහයෝගයෙන් ක්‍රියා කලෝය​. අප එකට රෝගී සත්කාරයේ යෙදුනෙමු. එකට දැණුම බෙදා ගත්තෙමු. එකට චාරිකා වලට සහභාගී වූයෙමු. එහෙත් අපට නිබඳවම ගැරහූ කැපිලි දැමූ වෛද්‍යවරු ගැන සොයා බැලීමේදී ඔවුන් තුල මෙම  සාධක (පවුල් පසුබිම / උසස් පාසලක අධ්‍යනය කොට තිබීම ) නොතිබූ බව මට නිරීක්‍ෂණය විය. 

ධනවත් පවුල් වලින් ඇවිත්  ප්‍රධාන පෙලේ පාසල් වල එක වසරේ සිට ඉගෙනුම ලබා පසුකාලීනව වෛද්‍යවරු වූ පුද්ගලයන්  හොඳ යහපත් මිනිසුන් බවත් දුගී පවුල් වලින් ඇවිත් ග්‍රාමීය පාසල් වල ඉගෙනුම ලබා පසුකාලීනව වෛද්‍යවරු වූ පුද්ගලයන් නරක මිනිසුන් බවත් මම නොකියමි. එම නිසා මෙය වරදවා වටහා නොගන්න​. ධනවත් දුප්පත් භේධයක් ගැන නොවේ. ආකල්ප පිලිබඳ විමසුමකි. මම කතා කරන්නේ මා ලැබූ අත්දැකීම් මතය​. 

දුගී පවුල් වලින් ඇවිත් ග්‍රාමීය පාසල් වල ඉගෙනුම ලබා පසුකාලීනව බෝසත් වෛද්‍යවරු ලෙස රෝගී සත්කාරයේ යෙදුනු උතුම් මිනිසුන් මම දුටුවෙමි. ඔවුන් උදාර මිනිසුන් වෙති. මනුෂ්‍යත්වයට ගරු කල එවැනි වෛද්‍යවරු මගේ ලෝකයේ වීරයෝය​. 

නමුත් පන්ති අතික්‍රමණය නිසා අනන්‍යතා අර්බුද වලට ලක්වීම හේතුවෙන් විදේශීය වෛද්‍ය උපාධිධාරීන් තම පරම හතුරන් කියා සැලකූ යම් පිරිසක් පිලිබඳව මම අධ්‍යනය කලෙමි. ඔවුන් ගෙන්  සියයට අනූ නමයක්ම පැමිනියේ දුප්පත් පවුල් වලිනි. එසේම ග්‍රාමීය පසුගාමීත්වය මොවුන් තුල බහුලව තිබුනි. මෙම කොටස් අධ්‍යාපනය ලබා තිබුනේ ග්‍රාමීය පාසල් වලය​. සමහරු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා නාගරික පාසල් වෙත ආවද  මොවුන්ට එම පාසල් වලදී නියමිත අනන්‍යතාව නොලැබී යන්නට ඇත​. එම නිසා මනසින් ඔවුන් ජීවත් වූයේ ගමේ පාසලේය​. 

මෙම පිරිස් මුදල් උපයා ගැනීම සඳහා ඉතා පහත් ක්‍රියා වල යෙදුනෝය​. වෛද්‍ය ආචාර ධර්ම බෙහෙවින් කඩ කලහ​. මුදල් වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කලහ​.  මුල් කාලයේදී මහා සමාජවාදීන් ලෙස පෙනී සිටි මොවුන් මුදල් උපයා ගැනීමෙන් පසුව  ඉතා නරක ධනපතියන් වූහ​. ප්‍රයිවෙට් ප්‍රරැක්ටිස් නිසා සෙවණගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ගේ නිවසේ වතුර ටැංකියට රෝහල් කම්කරුවෙකුගේ මාර්ගයෙන් වස මුසු කළ වර්ගයේ වෛද්‍යවරු වූයේ මෙවැනි චරිතය​.  

රෝහල් කම්කරුවන් සමග එකට මත් පැන් පානය කොට තම ප්‍රතිවාදී වෛද්‍යවරුන්ට එරෙහිව රෝහල් කම්කරුවන් උසි ගැන්වූ මෙම කැටගරියට අයත් වූ දොස්තරලා මම දුටුවෙමි. එක් වෛද්‍යවරයෙකුගේ පියා සරම් ඇඳි වඩුවෙකි. ඔහු බාහිර රෝගී අංශයේදී සරම් අඳින දුප්පත් මිනිසුන්ට ගරුත්වයකින් තොරව කතා කලේය​.  ඔහු එවැනි රෝගීන්ට කතා කලේ අයිසේ , තමුසේ කියාය​. සමහර විට මෙම රෝගියා තුලින් අවිඥාණිකව තම පියා ඔහු දුටුවා විය හැකිය​. එහෙත් පියා වෛද්‍යවරයෙකු වූ කොලඹ රාජකීය  විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කොලඹ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරයෙකු මෙවැනි දුප්පත් රෝගීන් ඇමතූවේ ඉතා කරුණාවන්ත ස්වරයෙනි.මම මෙම වෛද්‍යවරු දෙදෙනාගේ හැසිරීම සංසන්දනය කලෙමි. 

මුල් කාලයේදී අපට මෙම කැපිලි කෙටිලි පිලිබඳව තේරුමක් නොවීය​. සමහර විශේෂඥ වෛද්‍යවරු වාට්ටු වලදී ඔවුන් සංචාරයේ යෙදුනු එංගලන්තය​, ජර්මනිය , ඉතාලිය​, ග්‍රීසිය බෙල්ජියම වැනි රට වල විස්තර කියද්දී කට පොපියන නිසා අපද මේ රට වල අප ගිය විස්තර කීවෙමු. එවිට කිසිදු රටකට පය තබා නොතිබූ මෙම  පසුගාමී වෛද්‍යවරුන් ගේ ඇස් ඉරිසියාවෙන් මෙන්ම තරහෙන් ද දිලිසුනු අයුරු මගේ මතකයට නැගේ. 

වරක් උතුරු කොලඹ මහ රෝහලේදී  නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර මහතා මා සමග ස්කොට්ලන්තයේ කඳුකරයන් ගැන , බෙල්ජියමේ උස්ටින්ඩේ නගරය ගැන ශල්‍යකර්මයක් කරන අතරතුර කතා කලේය​. මමද උස්ටින්ඩේ නගරයේ ඔහුද ගොස් තිබුනු එක් අවන්හලක් ගැන කීවෙමි. අපගේ දෙබස ඇදී යන විට එක් පසුගාමී වෛද්‍යවරයෙකු අප දෙස හාස්‍ය මුසු බැල්මකින් බලා සිටියේය​. ඔහු පසුව මගේ බොසියට මම රෝගියා ගැන අවධානය යොමු නොකොට වෛද්‍ය අජිත විජේසුන්දරව කතාවට අල්ලා ගෙන සිටි බවට කේලමක් කියා තිබුණි. ඔහු කියූ කේලම නිසා ඒ කාලයේ මම ඔහු සමග උරණ වූවද අද දිනයේ මම සිතන්නේ ලිං මැඩියෙකු වීම නිසා තමා ගැන ඇතිවූ ආත්ම අනුකම්පාව හා මා කෙරෙහි ඇති වූ ඉරිසියාව නිසා ඔහු මෙම කේලම කියූ බවයි.  පසු කාලයක ජීවිතයේ ප්‍රථම වතාවට ඔහුට මාස කීපයකට ඕස්ට්‍රේලියාවට යාමට ඉඩ ප්‍රස්ථාව ලැබුනි. විදේශ සංචාරයෙන් පසු ඔහු  කුඩුකේඩුකම් අඩු කොට වඩාත් ධනාත්මක පුද්ගලයෙකු වූ අයුරු මම දුටුවෙමි. 

වරක් මීගමුව රෝහලේදී කොලඹ , යාපනය , පේරාදෙනිය වෛද්‍ය පීඨ වල වෛද්‍යවරු සමග විදේශීය වල ඉගෙනුම ලැබූ වෛද්‍යවරු අළුත් අවුරුදු පාටියක්  සංවිධානය කලෝය​. උත්සවය දිනයේදී දේශීය වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් වෛද්‍යවරු දෙදෙනෙකු එම පාටිය වර්ජනය කළහ​. හේතුව විදේශීය වෛද්‍ය උපාධිධාරී වෛද්‍යවරුද මෙම පාටියට සහභාගී වීමය​. මොවුන් දෙදෙනා අඩු ආර්ථික ස්ථර වලින් පැමිනි ඉතා පිටිසර පලාත් වලින් පැමිනි දෙදෙනෙකි. දිස්ත්‍රික් කෝටාව මත ඔවුන්ට දේශීය වෛද්‍ය පීඨයකට යාමට හැකි විය​. එහෙත් පාටියට පැමිනි සියළු විදේශීය වෛද්‍ය උපාධිධාරී වෛද්‍යවරු මොවුන් දෙදෙනාට වඩා උසස් පෙළ ප්‍රතිඑල ලබාගෙන තිබීම විශේෂත්වයක් විය​. පසුව මොවුන් උත්සවය වර්ජනය කරන ලද්දේ විදේශීය වෛද්‍ය උපාධිධාරීන් නිතරම ඉංග්‍රීසියෙන් කතා කිරීම නිසා බව කියා තිබුනේය​. විශ්ව විද්‍යාල තුලදී ඉංග්‍රීසියෙන් කතා කිරීම පමණක් නොව සපත්තු දැමීම , කලිසම් ඇඳීම තහනම් කරන්නේ මෙවැනි කොටස් වෙති. 

සුද්දාගේ කාලයේ හමුදාවට නිලධාරීන් ලෙස බඳවා ගත්තේ ප්ලැටූන් එකට මාසයක් කන්නට දිය හැකි වැදගත් සමාජ ආර්ථික පසුබිමක් තිබූ පුද්ගලයෝය​. මෙය යටත් විජිත මානසිකත්වය බව කියා පසුකාලීනව හරක් හොරුද නිලධාරීන් ලෙස හමුදාවට බඳවගත්හ​.  වෛද්‍ය බළකායට  වෛද්‍යවරයෙකු ලෙස බැඳුනු මෙවැනි පුද්ගලයෙක් හමුදාවේ ගොඩනැගිලි උපාංග සොරකම් කොට චාජ් එකේද ගියේය​. එහෙත් කාන්තා සෙබලියන් ලිංගික අල්ලස් ලෙස දීම මගින් ඔහු බේරුනා පමණක් නොව  ඊලඟ උසස්වීමද ලබා ගත්තේය​. මොහු තුලද යුද හමුදාවේ  සේවය කල ෆොරින් ග්‍රැජුවේට්ලා කෙරෙහි අසාත්මිකතා තිබුනේය​. ඊට ඔහුගේ සම්භවයද හේතු කාරක වූ බව මට සිතේ.   

වෛද්‍ය වෘත්තිය යනු රැකියාවක් පමණක් නොවේ. එය දැණුම , ආකල්ප , ආචාර ධර්ම මනා සේ සමබරතාවයෙන් පවත්වාගෙන යා යුතු වෘත්තියකි. එම නිසා වෛද්‍යවරු පුහුණු කිරීමේදී මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

35 comments:

  1. //වෛද්‍ය වෘත්තිය යනු රැකියාවක් පමණක් නොවේ. එය දැණුම , ආකල්ප , ආචාර ධර්ම මනා සේ සමබරතාවයෙන් පවත්වාගෙන යා යුතු වෘත්තියකි.//
    නැතිවේගෙන එන්නෙ ‍මේ තත්ත්වය නේද? ඒකයි ඛේදවාචකය. දැන් සමහරු රැකියාවකටත් වඩා බිස්නස් එකක් කරගෙනනෙ.

    ReplyDelete
    Replies
    1. බිස්නස් එකක් කරාට කමක් නෑ ලෙඩුන් මරාගෙන කන්නෙ නැතිව

      Delete
  2. //වෛද්‍ය වෘත්තිය යනු රැකියාවක් පමණක් නොවේ. එය දැණුම , ආකල්ප , ආචාර ධර්ම මනා සේ සමබරතාවයෙන් පවත්වාගෙන යා යුතු වෘත්තියකි.//
    With all due respect...මෙය වඩු, ධීවර, වෙළදාම ආදී අනෙකුත් වෘත්තියන්ටද සමාන්තර අදහසකි...!

    ReplyDelete
  3. සරස තුමා වෘත්තීය බ්ලොග් කරුවෙකු වෙනව හිටන්!

    ReplyDelete
    Replies
    1. බොහෝම හොඳයි කුමාර ; හැබැයි දැන් බ්ලොග්කරුවන්ට මඩ ගහන එක නවත්වන්න ඕනේ

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඩොක්ටර් මම ඔබට යමක් කිනනම්, වරක් ඔබ මිතුරෙකු ලෙස සදහන් කල වෛද්‍යවරයකු මට පුද්ගලිකව ප්‍රතිකාර කරා එක අවස්තාවක මම රිය අනතුරකට ලක්වී කකුලේ තුවාලයක් ආසාදනය වීම නිසා මම ඔහුගේ නම සදහන් කරන්නේ නෑ මට පුද්ගලික මඩ ගැසීමක් කිරීමට උවමනා නැති නිසා,
    නමුත් මේ කතාවෙන් තේරෙයි මිනිස්සු හදුනාගැනීම කොච්චර අපහසුද කියල.

    අදාළ දොස්තර විශේස්හන්ය වරයා මුණගැසීමට මම ගියේ wondsob report එකක් අරගෙන එයට අනුව විෂබීජය වී තිබුනේ Pseudomonas නමැති බක්ටිරියාවයි ඔහු අපට රුපියල් 3000 පමණ වටිනා බෙහෙතක් නියම කළා මෙය මිලදී ගෙන ගෙදර ආපු අපි (මගේ මව ඔවුෂද වේදිනියක් ) බැලුව එහි විස්තරය දිහා ඊට අනුව Pseudomonas නමැති බැක්ටීරියාවට මේ බෙහෙතට කිසිදු ප්‍රතිචාරයක් නැති බව කියා තිබුන, මේ නිසා වහාම අදාළ දොස්තර වරයා අමතා ඔහුට සිදුවූ දේ කිව්වහම ඔහු කිව්වේ ඒ බෙහෙත් දිගටම ගන්න ලෙසයි.

    අපි නැවත පවුලේ දොස්තර වරයා ට පෙන්වුවම ඔහු කිව්වා මෙය වැරිදි බෙහෙතක් බව. නමුත් මේ බෙහෙත් ඇපලෝ රෝහල නැවත බාර දීමට ගියවිට මෙය දොස්තර දුන්න නිසා බාරගත නොහැකි බව කිව්වා.

    පසු කලකදී ඔබ අදාළ දොස්තරගේ නම සදහන් කළා ඔබේ මිතුරෙකු බව, මම දන්නේ නෑ මෙහෙම දේවල් ඔබල කරනවද කියල නමුත් විමර්ශන නුවනින් බලන විට අද බටහිර වෙදකම කියන්නේ අමුම බොරුවක් වේගන එනවා.

    ReplyDelete
    Replies
    1. එම වෛද්‍යවරයාගේ නම අවශ්‍ය නම් කියන්න , මම වැරදි කරපු මගේ ගුරුවරයෙකු වූ ආනන් ද සමරසිංහ ගැනත් ලිව්වා. වරදවල් යට ගහන්න එපා. ඔබගේ සිද්ධියේ එම ප්‍රතිජීවක දී තිබෙන්නේ වෙනත් බැක්ටීරියා ආසාදනයන් වලක්වන්න කියා මට සිතෙනවා

      Delete
    2. wound swab (සමාවෙන්න ඩොක්ටර් මම වැරදියටයි මෙය ලියල තියෙන්නේ ) එකේ පැහැදිලිව ආසාදනය වී ඇති බැක්ටීරියාව සදහන් වෙනවා Pseudomonas කියල ඔහු ලබාදුන්න පෙති පැකට්ටුවක drug inserts වල පැහැදිලිව සදහන් උනා මේ බෙහෙත් Pseudomonas වලට කිසිම බලපෑමක් නැති බව.

      මම නම නොකියන්නේ මුලිකවම මම ලිපි ලියන්නේ අන්වර්ථ නාමයකින් අනෙක් කාරණය මේ සිද්දිය ඔහුත් අපේ මා ඇතුළු අපේ පවුලේ ය පමණක් දන්නා කාරණයක් මෙනිසා කරුණු සහිතව ඔප්පු කරන්න බෑ අන්වර්ථ නාමයකින් මම ලියන නිසා. නමුත් මේ දේ මම කියන්නේ මිනිස්සු හැටියට දැනුවත් වෙන්න අද රටේ මෙවැනි දේවල් සිදුවෙන්නේ දොස්තර වරුන්ගේ වරදට වඩා රෝගීන් ඇතුළු මහජනයාගේ නොදැනුවත් කම නිසයි.

      මෙතන සාමාන්‍ය අයට දැනගැනීම පිණිස wound swab එක පැහැදිලි කරන්ම් මේක කිසියම් තුවාලයක ආසාදනයක් පවතින විට ජීවානුහරණය කල විශේෂ මංජුසාවක පවතින විශේෂ පුළුන් වැනි (http://www.heftpathology.com/item/wound-ulcer-skin-swab-culture-susceptibility.html දෙයක් පාවිච්චි කර )
      තුවාලයේ සැරව ප්‍රමාණයක් ස්පර්ශ කර විශේෂ බදුනක බහා පරික්ෂා කරනවා කුමන වර්ගයේ ආසාදනයක් පවතීද යන්න.

      ඊට අමතරව මේ ආසාදනය මැඩලිය හැකි එන්නත් වල සහ බොන බෙහෙත් වල නාමලේකනයක් පරීක්ෂණ වර්තාවක් ලෙස ලබාදෙනවා. මෙහෙම උනාම රෝගියා ට උනත් දැනුවත් වෙන්න පුළුවන් පහසුවෙන්ම මේ මෙහෙත හරිද වැරදිද කියල, මටනම් වඩා පහසු උනා මගේ මව ඔව්ෂධ වේදිනියක් නිසා.

      Delete
    3. ඔහු අතින් යම් වරදක් වෙන්න ඇති ; නමුත් බෙහෙත බොරුවට ඇඞේ ගැසුවනම් එය වරදක්

      Delete
    4. ඔහු විතරක් නෙමෙයි ඩොක්ටර් මම විමර්ශන ශීලි විදියට මේගැන බලන නිසා මෙවැනි බොහෝ අවස්ථා මට විවිද දොස්තර වරුන් ගෙන් දකහ්ගන්න ලැබුන, හැබැයි මේ අතර ඉන්නව දෙවිවරු වගේ අවංක අය, නමුත් මේ වැරදි වලට මමනම් දොස්තර වරුන්ගේ වැරදි නෙමෙයි අපේ නොදැනුවත් කම නමැති වැරැද්දයි.

      Delete
  6. රුවන් ඔබේ නියැදිය සීමා සහිතයි නේද?

    ඔබ මේ කියන්නේ ඔබට හමුවූ ලෝකල් එම්බීබීඑස් උපාධිය ලැබූ සීමිත පිරිසක් අය ගැන වුනත්, මේ කෙස් ස්ටඩි කතා කියවන අයෙකු ඒ කතා සමස්තය පිළිබඳව සාධාරණීකරණය කර ගැනීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති මම කතා කරන්නේ මා ලැබූ අත්දැකීම් අනුව

      Delete
    2. මෙය වරදවා වටහා නොගන්න​. ධනවත් දුප්පත් භේධයක් ගැන නොවේ. ආකල්ප පිලිබඳ විමසුමකි. මම කතා කරන්නේ මා ලැබූ අත්දැකීම් මතය​.

      Delete
    3. ඔව්, ලිපිය ඉතා හොඳන් කියවන්නෙකුට එය පැහැදිළි විය යුතුයි.

      කෙසේ වෙතත් මා ඔබට යෝජනවා මේ ලිපියේ මාතෘකාව වන

      "දේශීය උපාධිධාරී වෛද්‍යවරු සහ විදේශීය උපාධිධාරී වෛද්‍යවරු"

      යන්න (that is too general as these are specific cases)

      "මා දන්නා ඇතැම් දේශීය උපාධිධාරී වෛද්‍යවරුන් ඔවුන් සමග සේවය කරන විදේශීය උපාධිධාරී වෛද්‍යවරුන් පිළිබඳව ඇති ආකල්ප සහ චර්යාවන් පිළිබඳ මගේ පුද්ගලික අත්දැකීම්"

      ලෙස වෙනස් කරන ලෙස.

      එය ඔබේ හිතවත් පාඨකයෙකු ගේ යෝජනාවක් ලෙස සලකන්න.

      Delete
  7. ඔබ ඔබ නියෝජනය කරන්නාවූ ක්ෂේත්‍රය හරහා ඉතාමත්ම වැදගත් දෙයක් නිරීක්ෂණය කර ඇත.බාහිර සමාජය තුලදී, කොතරම් සාන්තුවර තත්වයක් ආරූඪ කරගෙන සිටියත් බහුතරයක් මිනිසුන්ගේ අභ්‍යන්තරය තුල පලපැදියන්වී ඇත්තේ,තමා සමාජානුයෝජනවූ පවුල් පසුබිමින් ලද තත්වයය.ළමා මනස තුල රැදවුන පීඩනය තමා ඇති හැකි පුද්ගලයෙක් වූ පසුවත් ,මනසින් ඉවත් නොවි ,ඔහු හෝ ඇය සිතන පරිදි මහා ශක්තියක් ලෙස ක්ෂණිකව අනෙකා කෙරෙහි පතිත කරවිමට සාහසික විම, මා ලද අත්දැකිම් අනුවද, ඔබගේ නිරීක්ෂණයන් හා සමපාත වන්නේය. දූපත් මානසිකත්වය ලෙස අප විසින් කෙටියෙන් හඳුන්වනු ලබන තත්වය රටේ සංවර්ධනය උදෙසාද බලපාන්නේය.තීරණ ගත යුතු පුද්ගලයින් ලෝක තත්වය නොදකින්නේ නම් සංවර්ධනය උදෙසා ලෝකය හා එක් වන්නේ කෙලෙසකද? අවස්ථාවන් ගෙන එකින් එක පැහැදිලි කිරිම කාලය මෙන්ම සටහනද දිර්ඝ වන ක්‍රියාවකි. මේ උපන් ගෙයි තත්වයන් වෙනස් කරලිම සදහා රටේ ඇති පුහුණු කිරිමේ ආයතන පොදු නිර්ණායකයන් සකස්කල යුතුය. ඒ අනුව කටයුතු කල යුතුය. ලෝකය අඩු වියදමකින් දැකීමට අඩුම තරමේ BBC,CNN,CGTN ( බොහෝ ඇත) වැනි ප්‍රවෘත්ති නාලිකාවන් දවසට සැරයක් වත් මෙම පුහුනු කරුවෝ බැලිය යුතුය යන්න නීතියක් කල යුතුය.ලෝකය ජය ගැනිමට ලෝකය දැකිය යුතු වන්නා සේම ලෝකය දෙස අවධියෙන් බලා සිටිය යුතුය.අතිත කාමයේ එල්ලි නොසිට විවෘත නිදහස් මනසකින් ලොව දැකිය යුතුය. එසේ නොවන තාක් කල් ලංකාවේ බහුතරයක් ඔබ කියු පුද්ගලයින් ලෙසම සමාජගතවි සිටිනු ඇත.

    ReplyDelete
    Replies
    1. ලෝකය ජය ගැනිමට ලෝකය දැකිය යුතුය ////// +++++++++++

      Delete
  8. විදේශ සංචාරයන් /අධ්‍යාපනය ලැබූ වයිද්‍යවරු පුළුල් ලෙස ලෙස ප්‍රශ්න දෙස බැලීමට පෙළඹෙන බව ඔබේ ලිපියෙන් ගම්‍ය වේ. විදේශවල සිටින ලාංකිකයන්ගේ ආකල්ප සහ ක්‍රියාවන් නිරීක්ෂණය කරන විට ම තුල ඇති වන සිතුවිල්ල නම් ඇති ඔවුන් හැදී වැඩී උස් මහත්වූ පරිසරය විසින් ඔවුන් තුල ඇති කරන ලද ආකල්ප එලෙසම පවත්නා බවයි.

    ReplyDelete
    Replies
    1. ඔවුන් හැදී වැඩී උස් මහත්වූ පරිසරය විසින් ඔවුන් තුල ඇති කරන ලද ආකල්ප එලෙසම පවත්නා බවයි.//////උපන් ගෙයි ගති නොයන එවුනුත් ඉන්නවා

      Delete
  9. ඇත්ත වශයෙන්ම මමත් වෛද්‍ය රුවන් සමග එකඟ වෙනවා ලෝකය දැකීම සංචාරය කිරීම කෙනෙකුගේ ආකල්ප වර්ධනයට ප්‍රභල පිටිවහලක් වෙන බව.
    මම ඒක අත්දැකීමෙන් දන්නවා
    ඒත් අන් අයගේ වරදක් දැක්වීමේදී ලිං මැඩි මානසිකත්වය වැනි අපහාසාත්මක වදන් යොදා ගැනීම එතරම් සුදුසු නැහැ කියලයි මම හිතන්නේ. කෙනෙක් මේ මානසිකත්වයට කැමැත්තෙන් පිවිසෙන්නේ නැහැ. එයට හේතුවක් හෝ හෙතූන් තියෙනෙවා. අන්න ඒක නිසා අපිට එවන් දුර්වල ආකල්ප සහිත මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් බලා ඔවුන්ගේ වරද දැකිය හැකිනම් එය වඩා හොඳ වේවියයි මම් හිතනවා.

    ReplyDelete
    Replies
    1. මම ටිකක් රළුයිනේ අදහස් දැක්වීමේදි

      Delete
    2. මට නම් ලෝකයේ විවිද රටවල සංචාරය කර විවිද සංස්කෘතින් ගැන කියන්න දැනුමක් නෑ නමුත් ම දන්නා එහෙම සංචාරය කල මිතුරකු කිව්වේ ශ්‍රී ලංකාවේ මිනිසුන් ඔහුට ආශ්‍රය කිරීමට ලැබුන නරකම මිනිසුන් බවයි.

      වරක් මම මෘදුකාංග සපයන කැනඩාවේ වියාපාරික මහතකු මට ඩොලර් 2000 ක් ලංකාවේ වාණිජ බැංකුවකට එවනු ලැබුවා, මේ එවීම සිදුකලේ කැනඩාවේ තම නියෝජිත බැංකුව හරනා, මට මේ මුදල් මගේ ගිණුමට ලැබී නැති විට සොයාබැලීමේදී දැනගන්න ලැබුනේ මගේ වාණිජ බැංකුව කැනඩාවේ අදාල නියෝජිත බැංකුව සමග ගනුදෙනු කිරීම නවතා ඇති නිසා අදාළ මුදල අදාළ වියාපරිකයාට යැවූ බවයි. මෙය මගේ බැංකුව විසින් මා ව මුලින් දැනුවත් කිරීමට වත් කාරුනුක උනේ නෑ නමුත් අදාළ වියාපාරික මහතා මා අමතා කිව්වේ "ඔබේ බැංකුවෙන් නැවත මුදල් මට එවල මම මේ මුදල ඔබට money gram වලින් එවනවා " කියල කියන්න තරම් කාරුණික උනා.

      ඔහුට තිබුන මේ මුදල මට නොයවා ඉන්න නමුත් ඔහුතුල තිබුන අවංක කම මම බොහෝ සිංහල මිනිසුන් තුල දකින්නේ නෑ.

      Delete
    3. අපේ මිනිස්සු පන්සිල් ගන්නවා වැඩියි

      Delete
  10. මම පාසල් හතරකට ගිහින් තිබෙනවා. ගම්පහ, නුවර වගේ නාගරික ප්‍රදේශ වලත් නාරම්මල, මහව, නිකවැරටිය, කහටගස්දිගිලිය වගේ ග්‍රාමීය ප්‍රදේශ වලත් ජීවත්වෙලා මිනිස්සු ආශ්‍රය කරලා තියනවා. මම නම් පාසල, ගමේ වීම/නොවීම වගේ දේවල් ඒ ඒ ප්‍රදේශ මිනිස්සුන්ගේ ගති ලක්ෂණ ඩිරෙක්ට් සම්බන්ධයක් ගොඩනගන්න තරම් ප්‍රභලව දැක්කේ නෑ. පවුල් පසුබිම නම් බලපානවා කියලා මම පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. තුති ඔබට අදහස් දැක්වීම​ට

      Delete
  11. ලබන ආත්මෙදිවත් සල්ලි තියෙන පවුලක ඉපදිලා රෝයල් එකට ගිහින් රුසියාවේ මෙඩිසින් කරන්න ලබේවා කියලා ප්‍රාර්තනා කරන්න තියෙන්නෙ හොඳ දොස්තර කෙනෙක් වෙන්න නම්

    ReplyDelete
    Replies
    1. ආකල්ප වෙනස් කර ගන්න

      Delete
  12. ///වරක් උතුරු කොලඹ මහ රෝහලේදී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර මහතා මා සමග ස්කොට්ලන්තයේ කඳුකරයන් ගැන , බෙල්ජියමේ උස්ටින්ඩේ නගරය ගැන ශල්‍යකර්මයක් කරන අතරතුර කතා කලේය​. මමද උස්ටින්ඩේ නගරයේ ඔහුද ගොස් තිබුනු එක් අවන්හලක් ගැන කීවෙමි. අපගේ දෙබස ඇදී යන විට එක් පසුගාමී වෛද්‍යවරයෙකු අප දෙස හාස්‍ය මුසු බැල්මකින් බලා සිටියේය​.///

    ශල්‍යකර්මයක් අතරතුරදී ආගිය කතා කීම, ඊට බාධාවක් හෝ රෝගියාට අගතියක් වීමට ඉඩක් ඇති කරනවා නේද?

    ReplyDelete
    Replies
    1. ලෙඩාට අගතියක් වුනා කියලා මොනවද කරන්න පුළුවන් ලංකාවේ අද පුවත් වල තිබුනේ හොඳට අවිදගෙන ගිය කොල්ලෙක් කැන්සර් කියලා ඔපරේෂන් කරලා දැන් කකුල්ප පන නැතිව රෝද පුටුවේ සිට පිකට් කරනවා

      Delete
    2. වෛද්‍යවරු බොහෝ දෙනෙකු ශල්‍යකර්ම කරන්නේ කතා කරමිනි

      Delete
  13. Dr. Ruwan is absolutely correct. Throughout my professional career as a Cardiothoracic nurse, I have seen many similar incidences not only among doctors. Among all the health care professionals. as a nurse who got foreign education and experiences with completely different attitudes towards patients, my collegues too treated me in the same way. I think the deciding factors for somebody's attitudes and behavoiur is not only education he or she has. Family background, socialization in the school, influence of school teachers and proper professional socialization. I was lucky to have Dr. Chandima Amarasena as my Senior Cardiothoracic surgeon who recognized my true character and encouraged and helped me to build my career as a successful cardiac nurse who thinks and act differently from others.

    ReplyDelete
  14. Absolutely correct. since I am not a Doctor but I am a Database Engineer who faces the same incidents in my life always. because of my foreign degrees obtained by NIBM & ICBT. hats off for your analysis on this and appreciate your views highly.
    I learned one thing which I face form all over, it is the "attitude". it’s all about the view that you look at a situation. so, i changed and tried to think from there angle and think about it in a positive manner.
    It saves my time..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook