රත්නපුර කහවත්තේ, කොටකෙතන ගම්මානයේ වසර 7ක් තුළ කාන්තා ඝාතන 19 සිදු විය. ජනමාධ්‍ය විසින් මේ ඝාතන තළු මරමින් විකිණුවා පමණක් නොව කොටකෙතන ගමේ ගෑණු නිරුවතින් ඇළේ නානවා කියාද වාර්තා කලෝය. ජනමාධ්‍ය විසින් නඩු අසා ඝාතකයෙකු බවට පත් කල කොටකෙතන ගම්මානයේ නිර්දෝශී මිනිසෙකු දිවි නසා ගත්තේය. ඔහුගේ කතාව අපට කියන්නේ රාවය පුවත් පතේ තරිඳු උඩුවරගෙදර සහ රේඛා නිලුක්‍ෂි ය.
.........නන්ද තමන්ගේ පුංචිලා දෙදෙනා ඝාතනය කළායැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් වධහිංසනයට ලක්වූ දෙදරු පියායි. පොලිස් වධහිංසනයට එහා ගිය සමාජ වධහිංසනයක් ඔහුගේ ඡායාරූප සහ නම මාධ්‍ය හරහා පළවීමෙන් සිදුවිය. සමාජය ඔහු අපරාධකරුවෙකු කළ අතර ඔහු මිනීමැරුම් කළ හැටි මාධ්‍යවල ලීවේය. කීවේය. අන්තිමේදී ඔහු ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව නඩුවෙන් නිදහස් වුණත් මානසිකව විඳි වේදනාව හේතුවෙන් සියදිවි හානි කරගත්තේය.
පැහැදිලිවම ඇත්ත.
ReplyDeleteකිසිදු චාරයක් නොමැති මාධ්‍ය භාවිතාවක්.හොඳම දේ කියන්නෙ මෙව්ව උඩ දාගෙන කොරන උන්ම ආපහු පෝය දාට සමාජෙ පිරිහිලයි අරකයි මේකයි ටෝක්ස් දෙන්නත් සුදු ඇඳගෙනම ලැජ්ජ නැතුව කටවල් අඹරන එක නෙ.
ජයවේවා..!!
කිසිදු චාරයක් නොමැති මාධ්‍ය භාවිතාවක් තමයි මේ අය භාවිතා කරන්නේ
Deleteමාධ්‍ය භාවිතය වගේම ලංකාවෙ පොලිසිය මේ තරම්ම මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන තරමට පහළට වැටුණෙ කොහොමද? කිසිම වගකීමක් නැති විදියට...
ReplyDeleteලංකාවේ ප්‍රබල සිවිල් සමාජයක් නොමැති නිසා
Delete//ලංකාවේ ප්‍රබල සිවිල් සමාජයක් නොමැති නිසා //
Deleteagree
ක්‍රියාශීලී සිවිල් සමාජයක් ගොඩනගන්න කවුරු හරි උත්සහගත්තත් එයට ගරහන්නේත් ඔය බෝතල් පත්තර කාරයෝ සහ ජහ-මනයා ම තමයි. (සමාවන්න "මහජනයා" ලෙස නිවැරදි විය යුතුයි.)
Deleteචාරයක් නැත්තෙම මාධ්‍ය වලටයි. ඒ වගේම රටේ ප්‍රශ්න කතා කළාට සේවක අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංගණය කෙරන්නෙත් මාධ්‍යවලමයි.
ReplyDeleteඉතිං කොහෙද චාරයක්...?
athha
Deleteවපුරන දේ නෙලා ගන්නවලූ, ජන මාධ්‍ය වේදියෝ අැවිල්ල අමුතු සත්තු නෙවෙයි, සමාජය ඉල්ලන දේ දෙන සමාජයේ වැඩිදෙනා අගයන අධ්‍යාපන ක්‍රමයකින් බිහි වූ අය, අපි තමයි සමාජයට දිරවගන්න බැරි අමුතු සත්තු නොහොත් අයාලේ ගිය වුන්.
ReplyDeleteජන මාධ්‍යවේදියෝ නෑ ඉන්නේ බෝතල් පත්තරකාරයෝ
Deleteට්‍රාන්ස්...........
ReplyDeleteමේ කතාව ඇත්තට ම කතා කරන්න ඕනේ දෙයක්.. මාධ්‍ය විසින් තොරතුරු ජනතාව ලබා දීමට එහා ගිහින් නඩු අහන්න යෑම දැවැන්ත ගැටළුවක්.... මේ වෙද්දි මාධ්‍ය වලින් වැරදිකරුවන් හොයන්න යෑම තුළින් මහා වරදක් කරමින් ඉන්නවා. ඒකෙන් වෙන්නේ මොකක් හරි සිද්ධියක් වුණාම පොලීසියේ බේරීමට සැකපිට අත්අඩංගුවට ගන්න මිනිහාට මාධ්‍ය වලින් පැන පැන ගහනවා. මිනිස්සු මේක ඇත්ත කියලා හිතලා සන්තර්පනය වෙනවා. ටික දවසකින් අර මනුස්සයා නිදහස් වෙනවා. ඒවා ජනතාව දන්නෑ. ජනතාව හිතාගෙන ඉන්නේ අර මිනිහා තමා වැරදිකාරයා කියලා. ඇයි මාධ්‍ය වලින් ඒ තරමට ම ගහනවානේ..... ඉතින් පොලීසියත් නිදහස්, මාධ්‍යටත් නිවුස් විකුණගන්න පුළුවන්, ජනතාවත් සතුටෙන්....... මේවා මාධ්‍ය සංදර්ශන...
නන්ද ගේ සිදුවීමට මේ විකාර මාධ්‍ය මුළුමනින් ම වගකියන්න ඕනේ......
මාධ්‍ය විසින් නඩු අහන්න යෑම දැවැන්ත ගැටළුවක්..මේ අය කොණ්ඩයාගේ නඩුවත් ඇහුවා
Deleteක්‍රමවත් නීති පද්ධතියක් නොමැති කම හා තිබෙන නීති පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම
ReplyDeleteපවතින නීති යල් පැන තිබීම හා යාවත්කාලින කිරීමට උනන්දුවක් නොමැතිකම. බොහෝ විට මෙය සිදුව ඇත්තේ එයින් වින්දිතයන් වන්නේ දුප්පත් අසරණ මිනිසුන් නිසා ඉහල තලයේ සිටින අයට එයින් වන හානියක් නැත්තේම නැති තරම් වීම හේතු කොටගෙනය.
මාද්‍ය නිසි පාලනයකින් තොරව ක්‍රියාත්මක වීම. වැරදි ප්‍රවුත්ති විකාශය කිරීමට බාධා නොකර පසුව එය වැරදි යැයි ඔප්පු වුවහොත් එම ආයතන වලට දඩුවම් කිරීමට නීති පවතින්නේ නම්,
පොලිසි වලට චෝදනා එල්ල වන විට එම වගඋත්තර කරුවන්ට අනිකුත් සැකකරුවන්ට මෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට නිතිය ක්‍රියාත්මක කිරීම.
සහ පොලිසිය කුමන චෝදනා එල්ල කලද අධිකරණය ඒවාට පවතින අනුභූතික සාක්ෂි සලකා කටයුතු කිරීම සහ තවත් බොහෝ දේ මේවා නිවැරදි කිරීම සදහා කල යුතුව ඇත.
මේ කුමක් සිදු කලද පොලිසි වල සිටින්නාගේ මානසික රෝග හදුනාගෙන ඒවාට නිසි ප්‍රතිකාර නොකරන්නේ නම් මේ කිසිදු ක්‍රියාමාර්ගයකින් විසදුමක් නම් නොලැබෙන්නේමය.
පොලිසි වල සිටින්නාගේ මානසික රෝග හදුනාගෙන ඒවාට නිසි ප්‍රතිකාර නොකරන්නේ නම් මේ කිසිදු ක්‍රියාමාර්ගයකින් විසදුමක් නම් නොලැබෙන්නේමය.///// +++++++
DeleteThis indiscipline is fact of life in Sri Lanka now (not only in media) People do not care about others in anything their doing (doing a job, driving on roads, traveling in public bus and so on) Change must start from top country leadership, this has not happened even with new govt and President. We are jumping from frying pan to fire. There are so much of political talk in the news, but no talk about taking the country in to right direction. Sad, sad, sad.
ReplyDeletethis is a way of life in SL
Deleteලංකාවේ මද්‍යයට හැදෙන්න ඕනෑනම් පහුගිය දා සිදුවුන ලන්ඩන සිද්දිය ගන්න පුළුවන්. දවස් දෙකක් යනකං (සිද්දිය කල පුද්ගලයා මරල දැම්මත්) ඒ දේ කල පුද්ගලයාගේ කිසිම පාට ආගම අනන්‍යතාවයක් එලියට දුන්නෙ නැහැ. නමුත් ඒ දවස් දෙක ඇතුලත සියළුම තොරතුරු සමගම නගර දෙකකිං මේ සිද්දියට අදාළ සියලුම පාර්ශවත් අත්අඩංගුවට ගත්තට පස්සෙ මද්‍යයට විස්තර දුන්න.
ReplyDeleteලංකාවේ වෙන්නෙ මාද්‍යය රාජ්‍ය ආරක්ෂක සේවයේ තනතුර කරන ගමන් ආරක්ෂක සේවය මාද්‍යයෙන් තොරතුරු ලබා ගැනීමයි.
මතකනේ ඩොක්ට news of the world පත්තරේට උන දේ..?? මාද්‍ය අවබාවිතාව නිසා පත්තරේ වහන්න උනා.
ලංකාවේ මද්‍යයත් දේශපාලනීකරණය වෙලා නිසා සොරි.කොම්.
බොරු ප්‍රවුර්ති දීල හිරු එක වැහුව. ඒක අයිතිකාර මල්ලි දේශපාලන පැත්ත මාරු කල නිසා ලයිසන් එක ආයෙ ලැබුන.
මාර ආතල් සිද්දි මේව ඩොක්ට.
😂😂😂😂😂😂😂😂
ලංකාවේ මාධ්‍ය අයියලාට මාධ්‍ය භාවිතාව ගැන දැණුමක් නෑ
Delete