Friday, March 24, 2017

අනිත් කොනේ වෛද්‍යවරිය ; බෝධිනී සමරතුංග



බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය වෛද්‍ය වෘත්තිය පිලිබඳ සාක්‍ෂාත්කරයකි. එය කතුවරියගේ ආත්මකථනයකි. වෛද්‍ය උපාධිය ලබා ඇය මුලින්ම සේවය සඳහා යන්නේ යුද ගැටුම් වලින් පීඩා ලැබූ උතුරුකරයේ රෝහලකටය​. සිංහල වෛද්‍යවරියක ලෙස ඇයට මෙම ප්‍රදේශය නුහුරුය​. ඇය දෙමල බස නොදන්නීය​. දමිල රෝගීන් බහුතරය වන රෝහලක කෙලෙස තම රැකියාව කිරීමට හැකි වෙත්ද යන දෙගිඩියාවෙන් ඇය රෝහලට පැමිනෙන්නීය​. එහෙත් ඇය සතුව අපූරු මෙවලමක් තිබේ. එනම් මානව දයාවයි. මෙම මෙවළම බොහෝ උගත් සහ කුසලතාවයන් ගෙන් යුක්ත වූ වෛද්‍යවරු අමතක කර දැමූවද කතා නායිකාව එය නැති කර ගන්නේ නැත​. එය උපයෝගී කර ගෙන ඇය තම රෝගීන් අමතන්නීය​. එම නිසා භාෂා සහ සංස්කෘතික සීමා අවහිරයන් ඇය කෙරෙහි බල නොපත්වයි.  

උතුරේ මෙන්ම දකුනේ දුගී ජනතාව  ප්‍රතිකාර සඳහා පැමිනෙන සෞඛ්‍යය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් විසින් අමතක කර දමන ලද පහසුකම් අඩු රෝහල් වල සේවය කිරීම පහසු නැත​. මම එය අත්දැකීමෙන් දනිමි. දුප්පත් මිනිසුන් ගේ දහඩිය ගඳ , වාට්ටු වල අසූචි   මුත්‍රා සහ පයිනෝල් මිශ්‍රිත ගඳ , තොග වශයෙන් සැරි සරන මැස්සන් මෙන්ම රාත්‍රියේ එන මදුරුවන් , ඉවසීමට අපහසු රස්නය වෛද්‍ය වෘත්තිය යනු මල් යහනාවක් නොවන බව පසක් කරවයි. එසේම රෝගී ප්‍රතිකාරයේදී අවශ්‍ය කරන ඖෂධ හිඟකම , යල් පැන ගිය උපකරණ, රසායණාගාර පහසුකම් නැති බව​, සමහරක් රෝහල් සේවකයන් ගේ මන්දෝහීත්සාභාවයන් මෙන්ම  රෝගීන් විශයෙහි නොසැලකිල්ල අභිප්‍රේරිත  තරුණ වෛද්‍යවරු වෛද්‍යවරියන් වල්මත් කරවයි. 

මේ නිසා බොහෝ වෛද්‍යවරු පත්වීම් ගෙන ආ මුල් දිනයේ සිට පහසුකම් තිබෙන රෝහල් කරා  යාමට උත්සහ දරති. සමහරු  විදේශ ගත වෙති. තවත් සමහරු මෙම බාධකයන් සියල්ල තම වාසියට හරවා ගෙන රෝහලට යාබදව තම පුද්ගලික දිස්පැන්සරිය ආරම්භ කොට දුගී රෝගීන් හූරාගෙන කා වාහන මන්දිර මිලදී ගනිති. රෝහලේ පහසුකම් අඩුවීම​; බෙහෙත් නැතිවීම මෙම මුදලාලි වෛද්‍යවරුන්ට ප්‍රීතිය උපදවයි. එම නිසා තව තවත් රෝගීන් තමන් ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට  ඇදී එති. රෝහලේ සම්පත් දියුණු කිරීමට ඔවුන් උත්සහ නොගනිති. මෙම අම්බලම් වැනි රෝහල් විවෘත කල දිනයේ සිටම මේ දක්වාම මුස්පේන්තු ආකාරයෙන් කිසිදු වෙනසකින් තොරව පවතී. 

එහෙත් අපගේ කතා නායිකාව සහමුලින්ම වෙනස් චරිතයකි. ඇය  දැණුමෙන් මෙන්ම ආකල්ප වලින්ද පොහොසත් ය​. ඇය  බාධක බිඳගෙන වැඩ කරන අයුරු අපූරුය​. මුලින්ම ඇය දමිළ බස ඉගෙන ගන්නීය​. ද්‍රවිඩ හෙදියන් , ද්‍රවිඩ ඇටෙන්ඩන්වරියන්  ඇයගේ ගුරුවරු වෙති. ක්‍රමක් ක්‍රමයෙන් ඉගෙන ගන්නා දමිළ බස හරහා ඇය තම රෝගීන් සමග සංවාදයේ යෙදෙමින් ඔවුන් ගේ රෝගී තත්වයන් අඳුනා ගන්නීය​. ඔවුනට දයාවෙන් ප්‍රතිකාර කරන්නීය​. කල් යත්ම කිසිදු උච්චාරණ  දෝෂයකින් තොරව දෙමල බස කතා කිරීමේ කුසළතාව මෙම සිංහල වෛද්‍යවරිය ලබා ගනී. සිංහලයන් කෙරෙහි අවිශ්වාසයකින් බලන ප්‍රජාවක් තුල තම සිංහල අනන්‍යතාවය රඳවා ගනිමින් ඔවුන් ගේ විශ්වාසය දිනා ගැනීමට ඇය සමත් වූවාය​. එය සුවිසල් ජයග්‍රහනයකි. මනුෂ්‍යත්වය තවමත් නොමල බව ඇය ඔවුනට පසක් කෙරුවාය​. 

මෙම ප්‍රදේශයේ මිනිසුන් විවිධ රෝග වලින් පෙලෙති. එසේම දරිද්‍රතාවයේ ව්‍යාධි වන නීරක්තය , මන්දපෝෂණය  මෙම ප්‍රජාව පීඩාවට පත් කොට තිබේ. එසේම නූගත්කම , ස්වථාවය පිළිබඳ දැණුම අඩු බව , මිත්‍යා මත නිසා ඔවුන් ගේ කායික මානසික සෞඛ්‍යය බිඳ වැටෙමින් පවතී.  එහෙත් මෙම වෛද්‍යවරිය අධිෂ්ඨාන පූර්වකව රෝගීන් ගේ සෞඛ්‍යය තත්වය ඉහල නැංවීමට කටයුතු කරන්නීය​. 

කායික රෝගී තත්වයන්ට අමතරව යුද ගැටුම් නිසා මේ කළාපයේ ජීවත් වන ජනයා යුද ආතතියේ ලක්‍ෂණ වන කාංසාව සහ විශාදියේ  රෝග ලක්‍ෂණ පෙන්වති. ඇය කායික රෝග පමණක් නොව මෙවැනි මානසික රෝග පිලිබඳව පවා වෛඥානිකය​. හෘධ ශබ්දයට සවන් දීමේන් හෘධ ආකූලතා හඳුනා ගත හැකි එහෙත් විශාදයේ ලක්‍ෂණ නොහඳුනන යාන්ත්‍රික වෛද්‍යවරුන්ට ඇයගෙන් බොහෝ දේවල් ඉගන ගත හැකි බව මම සිතමි. 

 සමහරක් වෛද්‍යවරුන් ගේ අසංවේදීතාවන් නිසා සමස්ථ වෛද්‍යවරු කෙරෙහි ජනතා කෝපය එල්ල වන යුගයක ; කාන්තාවන් ගේ සම්මුතියකින් තොරව ඔවුනට බලෙන් පවුල් සැලසුම් කරවන වෛද්‍යවරියන් සිටින රටක   මනුෂ්‍යත්වය හඳුනන වෛද්‍ය  බෝධිනී සමරතුංග වැනි චරිත පිළිබඳව ලියවිය යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

32 comments:

  1. ඩොක්ටර් ඇයි මගේ කොමෙන්ට් අයින් කලේ? ෆීල්ඩ් මාෂල් ගැන දාපු පොස්ට් එකේ මං දාපු කොමෙන්ට් දෙකක් අයින් කරලානි. ඔබේ ලිපිය ගැන ප්‍රශ්න කලාම එ කොමෙන්ටු අයින් කරන එකද යුතුකම, නැත්තම් පිළිතුරු දීලා පැහැදිලි කිරීමක් කරන එකද?

    ReplyDelete
    Replies
    1. තමන් ගේ නියම අනන්‍යතාවයෙන් ඒමට බිය නිවට ලෙස ඇනෝ කොමෙන්ට් කරන ඔබගේ යටි අරමුණ මම තේරුම් ගෙන තිබේ. තමන් ගේ කාලය ශ්‍රමය තමාටත් අනෙකාටත් ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන්න​.

      Delete
  2. මේ අපේ හිත හොඳ දොස්තර නෝනා නේ.. :) බෝධිනී අගය කල යුතු අයෙක්. මම ඇය ගැන ලියු සටහනක් මේ සමඟ අමුණනවා.
    http://kalahitha.blogspot.com/2015/05/idea-on-anithkona-doctors-heart-sutra.html

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++

      Delete
    2. අපේ හිත හොඳ දොස්තර නෝනා.... සතුටුයි බෝ... බෝධි නැගණී...

      Delete
    3. හිත හොඳ දොස්තර නෝනා....

      Delete
  3. සැබෑ වෙදදුරන්..
    ජයවේවා..!!

    ReplyDelete
  4. බෝධිනී මහත්මියට මගේ ගෞරවාදර ස්තූතිය!

    ReplyDelete
  5. "මෙම අම්බලම් වැනි රෝහල් විවෘත කල දිනයේ සිටම මේ දක්වාම මුස්පේන්තු ආකාරයෙන් කිසිදු වෙනසකින් තොරව පවතී. "

    ඇත්ත. මම මේ ළඟදි රාගම රෝහලට ගිය වෙලේ මට හිතුනා ඇයි මේ රෝහල් මෙච්චර මුස්පේන්තු පාට කියලා

    ReplyDelete
    Replies
    1. මාත් ඕකේ හිටියා

      Delete
  6. බොහෝ තුති මේ ලිපියට, මා කළේ මගේ වගකීම සහ වෘත්තීය යුතුකම්... වෛද්‍යවරයෙකු සතු කාර් යය කුමක්දැයි අද අප රටේ ගුණාත්මක බව පිළිබඳ ඇති අල්ප සැලකිල්ල තුල නැතිවී යනවා. මට මුල ඉඳන්ම වැඩ කරන්න ලැබුනේ අපව වඩා හොඳ මිනිස් ගුණ සහිත වෛද්‍යවරු කරන්නට උත්සුක වුන විශේෂඥ වෛද්‍යවරුන් සමග. එවැන්නන් අප රටට වටිනවා. ඔබ කියනවා හරි... අවම පහසුකම් යටතේ සේවය කළ උතුරේ සිටියාට වඩා කළකිරීමක් රෝගී සත්කාරයට පහසුමක් දිය හැකි නමුත් නොමැති මේ අගනුවර රෝහල් වලදී දැනෙනවා. සෞඛ්‍ය සේවකයන්ගේ මනස පිළියෙල කිරීමේ වගකීමක් අද තිබෙනවා. ඒක පහළම සේවකයාගේ සිට ඉහළම සේවකයා දක්වා තිබිය යුතුයි. කිසිම මනෝ විශ්ලේෂනයක් හෝ තත්ව පරීක්ෂාවකින් තොරව අප රටේ සෞඛ්‍ය සේවකයන් වැඩ කරනවා. ඔබ දන්නවා වෙනත් රටක වෘත්තිකයෙක්/ සේවකයෙක් විවිධ දේ මගින් විශ්ලේෂනය සහ ඇගයීම කරන බව. ඔබට බොහොම ස්තූතියි. පොත කියවා මෙවැනි ධනාත්මක සටහනක් එක් කිරීම ගැන. මා කිසි සේත්ම මෙවැන්නක් බලාපොරොත්තු වුනේ නෑ. එනිසා මෙය මා පුදුම කරවන සුළු වූවා.

    ReplyDelete
  7. //මේ නිසා බොහෝ වෛද්‍යවරු පත්වීම් ගෙන ආ මුල් දිනයේ සිට පහසුකම් තිබෙන රෝහල් කරා යාමට උත්සහ දරති. සමහරු විදේශ ගත වෙති. තවත් සමහරු මෙම බාධකයන් සියල්ල තම වාසියට හරවා ගෙන රෝහලට යාබදව තම පුද්ගලික දිස්පැන්සරිය ආරම්භ කොට දුගී රෝගීන් හූරාගෙන කා වාහන මන්දිර මිලදී ගනිති. රෝහලේ පහසුකම් අඩුවීම​; බෙහෙත් නැතිවීම මෙම මුදලාලි වෛද්‍යවරුන්ට ප්‍රීතිය උපදවයි. එම නිසා තව තවත් රෝගීන් තමන් ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ඇදී එති. රෝහලේ සම්පත් දියුණු කිරීමට ඔවුන් උත්සහ නොගනිති. මෙම අම්බලම් වැනි රෝහල් විවෘත කල දිනයේ සිටම මේ දක්වාම මුස්පේන්තු ආකාරයෙන් කිසිදු වෙනසකින් තොරව පවතී. // හසලක වැනි දුශ්කර පළාතක රොහල් සේවාවත් පුද්ගලික වෙදකමත් යන දෙකම "හරියට කරලා " පළාතට විශාල සේවයක් කල වෛද්‍ය වරයෙක් ගැන මම ලඟදි ලිව්වා . කියවන්න. පුද්ගලික වෙදකම වුණත් ජනතාවට ආදරයක් ඇතිව කලහැකි බව ක්‍රියාවෙන් ඔප්පුකල අවස්තාවක් .. http://helmalu.blogspot.com.au/2017/03/blog-post.html
    බෝධිනිත් එවැනි ජීවක කෙනෙක් බව පෙනෙනවා. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බෝසත් වෙදදුරන් මමද දුටුවෙමි

      Delete
  8. My utmost respect to you dear sister for your unvaluable service for poor and innocent patients.You are a rolemodel for localy graduated doctors who always think they are supreme.

    ReplyDelete
  9. මා මේ පොත 80% පමණ කියවූවා. ඇගේ සේවය සඳහා කැපවීම අනගිභවනීය යි.

    ReplyDelete
  10. indumathie adikari .March 25, 2017 at 2:37 AM

    ලියන දෙය තුළින් තම මුදු සිත සහ මානව දයාව පළ කරන මෙතුමිය ලියන ලිපි අත් නොහැර කියවමි . ඇයට සුබ පතමි .

    ReplyDelete
  11. හැමදෙයටම පැමිණිලි කරනවාට වඩා ඒම අවස්ථාවට උචිත ලෙස හැඩගැසී එමගින් උපරිම සේවය කිරීමට සියලු උත්සාහයන් ගත් මේ වයිද්‍යතුමියට මගේ ගෞරවය..

    🙏

    ReplyDelete
  12. ඇත්තෙන්න් ම දේශීය විශ්වවිද්‍යාලවලින් ඉහළින් වෛද්‍ය උපාධිය ලබා ගෙන කොළඹ අවට, නුවර වැනි රෝහලවල ඉන්ටර්න්ෂිප් කර එවැනි හොස්පිටිතාලවලට ම පත්වීම් ලබන අයට ඒ දුෂ්කර පලාත්වල සේවය කිරීමේ අත්දැකීම් ලැබෙන්නේ නෑ නේද?

    ඒ සමහරු කොළඹින් පිට ගියත් යන්නේ ෆෙලෝෂිප් ලැබූ පසුයි. ඒ වුනත් පලාතේ ලොකුම රෝහලට!

    ReplyDelete
    Replies
    1. ග්‍රාමීය ප්‍රදේශ වල වැඩ කරන කොට ප්‍රජා වෛද්‍ය විද්‍යාව ගැන දැණුමක් එනවා

      Delete
    2. ඇයි ප්‍රායෝගික දැනුම සහ පුහුණුව ...ඒකට හේතුව වෛද්‍යවරු හිඟ වීම සහ ඉන්න අයට අධික රෝගීන් ප්‍රමාණයක් බැලීමට සිදු වීම.

      Delete
  13. It's a pleasure to read about a health professional with true human feelings. While reading my mind goes to the tamil patients who transfered from Tamil speaking areas to cardiothoracic unit NHSL. They were un attended, unheared and neglected as humanbeings. It is true that they got food medicines and treatment but I am considering about the psychological side. I am happy about my self as a cardiac nurse who tried to break this barrier with the help of Dr. Sriparathan in our ward. Both of us were able to do effective service on behalf of them. We were able to see happy and confident characters in them too as our Sinhalese patients after. Here again, Dr. Chandima Amarasena was our shelter. Dr. Sri is now practing in eastern province, Dr. Amarasena in NHSL and I am in Canada. Still these sweet memories are nourishing me. I think My parents, my teachers and socialization in Nalanda made me like this.

    ReplyDelete
    Replies
    1. this is true... when ever we transferred them for surgeries, they come back refusing it. even liver biopsies cause they dont understand the consent form and the translators have misguided them.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook