Friday, March 10, 2017

ජනමාධ්‍යවේදියා සහ දොස්තර මහතා

  




ජනමාධ්‍යවේදී සිරිමෙවන් කස්තුරිආරච්චි මහතා විසින් තමන් ගේ අසනීපයකට බෙහෙත් ගැනීමට වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේදී ලද අත්දැකීම ඔහුගේ මුහුණු පොතේ පළ කොට තිබේ. 

 "අසනීපයට ප්‍රතිකාර ගන්න 05 වැනිදා නවලෝක පුද්ගලික රෝහලට ගොස් රුපියල් 1150ක් ගෙවා මෙරට සිටින 'ගුණ වඩන' විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට ගියා.ඔහු වයසක කෙනෙක්.මුහුණේ සිනාවක්.ලේ කඳුලක් නැති අකාරුණික,මරුමුස් කෙනෙක් වුණත් කරගන්න දෙයක් නැතුව ලෙඩේ ගැන කිවුවා."මේ පරීක්ෂණය කරගෙන එන්න.තුණ්ඩුව ලියලා දුන්නා.අනේ ඒක අරගෙන ආවා.දැන් බයයි පරීක්ෂණය කරගන්න මොකද කීයක් යයිද දන්නෙත් නැහැ,අතේ සල්ලිත් නැහැ.ඔන්න මිතුරෙක් උදවු කළ නිසා පරීක්ෂණය ඊයේ (08) කරගත්තා.රිපෝට් එක පෙන්වන්න සල්ලි නොගන්න නිසා අද (09) සවස 05 ට ගිය ඒක පෙන්නන්න.142 කාමරය ලඟට ගිහින් කිවුවා රිපෝට් එක පෙන්නන්න ආවේ කියලා.කාමරයේ හිටි රෝගියා එළියට ආවාට පසු මාව ඇතුළට යැවුවා.රිපෝට් එක දුන්නා විතරයි මේ 'ගුණ වඩනා' ජීවකයා ඇඟට කඩා පැනපි. "දැන් දින පහුවෙලා,එපොයින්ට්මන්ට් එකක් දාගෙන එන්න" කියලා කියපි.අනේ ඉතින් ගිහින් රුපියල් 1150ක් ගෙවලා 20 නොම්මරය අරගෙන ගිහින් පයක් විතර ඉඳලා දොස්තර ලඟට ගියා.මගෙ මුහුණවත් නොබලා මෙන්න බොලේ කියාපි "ඔපරේෂන් එකක් කරන්න ඕනෑ.ඇඩ්මිට් වෙන්න" කියලා. "කීයක් විතර යයිද ඩොක්ටර්?" මම බැගෑපත්ව ඇහුවා. "85000ක් විතර යයි.ඊට වැඩිවෙන්නත් පුළුවන්.දැන් යන්න ඇඩ්මිට් වෙන්න" කියලා ඔහු කිවුවා. ලෙඩේ තවත් වැඩි වුණා ඔහුගේ අකාරුණික බව නිසාම.ලෙඩෙකුට කාරුණිකව කතා කරන්නවත් නොදන්නා ඔහු ලඟට නැවත නොයන බව සිතාගෙන,මැරුණත් කමක් නෑ කියලා පිටත් වෙලා දැන් ගෙදරට ආවා.ඇත්තටම එච්චර දෙන්න සල්ලිත් නැහැ.මැරුණත් කමක් නැහැ.දොස්තර සංහතියම එපා වුණා ඒ අකාරුණික 'දොස්තර මුදලාලි' නිසා"  (සිරිමෙවන් කස්තුරිආරච්චි) 


ලංකාවේ බොහෝ වෛද්‍යවරුන් තුල සන්නිවේදන කුසලතා මෙන්ම වෛද්‍ය ආචාර ධර්ම අවම බවත්  වෛද්‍යවරු පුහුණු කිරීමේදී මේ ගැන සැලකිලිමත් විය යුතු බවත් මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා වරක් කීවේය​. සංවර්ධිත රටක වෛද්‍යවරයෙකු විසින් පෙන්වන රෝගී සත්කාරය එකී රටවල ජීවත් වන පුද්ගලයන් විසින් අත් දැක තිබෙනවා සැක නැත​එකී ධනාත්මක රෝගී සත්කාරය ලංකාවේ ඇති කල නොහැක්කේ මන්ද ? 


ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්කාරක ක්‍රමයක් නොවේ. එහි වැඩවසම් බව , වෘත්තීන් අතර කුලල්කාගැනීම් , වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම් , රෝගියා සමග  සන්නිවේදනයේ හීන  බව කැපී පෙනෙයි. රෝගියා ඉදිරියේ වෛද්‍යවරයා  බොහෝ අවස්ථා වලදී පෙනී සිටින්නේ මවාගත් ගාම්භීර භාවයකිනි. සමහර වෛද්‍යවරු රෝගියාගේ මුහුණ දෙසවත් නොබලති. රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක​. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference  එක විශාල එකකි. වෛද්‍යවරයා රදලයෙකු මෙන් හැසිරෙන අතර රෝගියා යටත් සහ පහත් වැසියෙකි, ප්‍රවේණි දාසයෙකි. ලංකාවේ වෛද්‍යවරු සියල්ල මෙසේ රෝගීන් ඉදිරියේ හැසිරෙනවා කියාමම නොකියමි. එහෙත් බොහෝ විට මේ තත්වය රෝගීන් විසින් අත් දැක තිබේ. 

මා විසින් නිරීක්‍ෂණය කල අන්දමට බොහෝ විට මෙම වැඩවසම් පරතර සිතාමතාම පවත්වා ගන්නේ පහළ සමාජ ආර්ථික ස්ථර වලින් පැමිනි දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය පීඨයට  තේරී වෛද්‍යවරු බවට පත් වූ පුද්ගලයන් වෙති. එසේම මෙවැනි කොටස් තුල ග්‍රාමීය පසුගාමීත්වයද  උග්‍ර වශයෙන් දක්නට තිබේ. 

සාමාන්‍ය පෙළ   දක්වා ග්‍රාමීය පාසල් වල අධ්‍යාපනය ලබා රාජකීය , ආනන්ද නාලන්ද පාසල් වලින් උසස් පෙළ නිම කොට වෛද්‍ය පීඨ වලට ගිය සමහර වෛද්‍යවරු ගමේ යහපත් දේ වෙනුවට කරට ගන්නේ ග්‍රාමීය හීනමානය සහ පසුගාමීත්වයයි. එසේම කොලඹ ඉහල පාසල් වල නවීනත්වය වෙනුවට ඔවුන් ආදේශ කර ගන්නේ නාගරික තුප්පහිභාවයන් වෙති. මේ නිසා දරුණු අනන්‍යතා අර්බුධයකට මැදිවන ඔවුන් දුප්පත් රෝගියා ඉදිරියේ දෙවිවරු ලෙස මහන් තත්වයකින් හැසිරෙති. රෝගියාගේ ආත්ම ගරුත්වය ගැන නොසලකා ක්‍රියා කරති. 

(ග්‍රාමීය ප්‍රදේශ වලින් විත් වෛද්‍යවරු වන සෑම පුද්ගලයා තුලම මෙම තත්වය තිබෙන බව මම නොකියමි. ග්‍රාමීය ප්‍රදේශ වලින් විත් වෛද්‍යවරු වූ නියම යහ ගති ගුණ තිබූ මහත්වරු මම දුටුවෙමි)  

පහත දැක්වෙන්නේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ ලිපියකි. 


...............රජයේ රෝහල් වල වෛද්‍යවරුන් රෝගීන්ට සළකන අකාරය ගැන අප මදක් කල්පනා කර බලමු. ඔවුන් රෝගීන්ව සළකන්නේ තමන් විසින් ගත කරන යහපත් ජීවිතය විනාශ කරන්නට පැමිණි කරදකාරයන් පිරිසක් ලෙසයි. ඒ අනුව රෝගීන් හෝ ඔවුන් ගේ ඥාතීන් යනු මේ දැනඋගත්,බුද්ධිමත්,වැදගත් වෛද්‍යවරුන් ඉදිරියේ අදබාල මෝඩයන් පිරිසකි.

මේ නිසා හද්දා පිටිසර කහටගස්දිගිලියේ සෝමාවතී ගේ සහ සිරිපාල ගේ දියණිය දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලට වෛද්‍යවරියක් ලෙස සේවයට පැමිණි පසු එහි පැමිණෙන රෝගියෙකු ගෙන් මෙහෙම අහනව. "ඔයා දන්නවද කෝලිකුට්ටු කියලා කෙසෙල් ජාතියක් තියෙනව. අන්න ඒවා හොදයි ඔයාගේ අමාරුවට පුලුවන් නම් ගෙනත් කන්න". 

එම වෛද්‍යවරියගේ චින්තනයට අනුව මේ වගේ ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ යන එන මං නැති අන්ත දුප්පත් අසරණ මිනිස්සු විතරයි. ඒ නිසා ජීවිත කාලයම තමන් අන්ත දුක් විදලා වෛද්‍යවරියක් වෙන්නට ගත කරපු කාලය පුරා ඇයට තියෙන සමාජ වෛරය නැතනිම් එරියස් එක පිරිමසා ගන්නට ඇයට මේ වගේ රෝගීන්ට පාට් දාන්න වෙනව. 

මේ වෛද්‍යවරියම රෑට නවලෝක රෝහලේ අමතර වැටුපකට සේවයට ගිය විට එහි සිටින මිනිසුන් ගෙන් මේ වගේ කතා අහන්න යන්නෑ. මොකද එයාට පුර්ව නිගමනයක් තියෙනව ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ අවැදගත්, නූගත්, මෝඩ, දුප්පත් මිනිසුන් බව. ඇය දන්න සමාජ ඥාණය අනුව ආණ්ඩුවේ  රෝහලකට එන පුද්ගලයන් කියන්නේ වෛද්‍යවරුන් ගෙන් ප්‍රශ්ණ අහන්නට සුදුසු නැති කිසිම දෙයක් ගැන දන්නැති පිරිසක්. ඒ නිසා රෝගීයෙකු තම මූලික අයිතාවාසිකමක් වන රෝග විනිශ්චය ගැන ප්‍රශ්නයක් ඇහුවහම ඇයට තරහ යනව.එවිට ඇය මෙහෙම උත්තර දෙනව. ඔයාගේ ලෙඩේ තවම හොද නෑ. තව ප්‍රතිකාර කරන්න තියෙනව. ඒ නිසා අර රතුපාට පෙත්ත දිගටම බොන්න. තැඹිලිපාට පැනියෙන් තේ හැදි දෙකක් බොන්න. තව පරීක්ෂණ ගොඩක් තියෙනව. ඔයාගේ කටින් කැමරාවක් දාලා පරීක්ෂණයක් කරන්න තියෙනව. ඔයාගේ දකුණු කකුලෙන් පපුවට වයර් එකක් යවලා පරීක්ෂා කරන්න තියෙනව. 

ඔවුන් කිසි විටෙක මේ වගේ රෝහල් වල ඉන්න රෝගීන්ට වෛද්‍ය විද්‍යාත්මක භාෂාවකින් කතා කරන්නෑ. ඔවුන්ට අනුව වෛද්‍ය විද්‍යාවේ පාරිභාෂික වචන සහ ඖෂධ වල නම් දන්නේ ඔවුන් පමණයි. රෝගීන් ඒවා දැන ගත යුතු නැහැ.

දුප්පත් මිනිස්සු කන බත් පතේ ඉදන් පරිභෝජනය කරන සෑම භාණ්ඩයකින්ම අය කරන අසාධාරණ බදු  මුදලින් විශ්ව විද්‍යාලයට තේරිලා ඇවිත් ආණ්ඩුවේ මහපොල ආධාර මුදලින් යන්තම් එදා වේල පිරිමසා ගත්ත ගොබ්බයන්  වෛද්‍යවරුන් වුනාට පස්සේ මුදල් දෙනවා නම් ඕනෑම දෙයක් කරන තත්ත්වයට පත්වෙනව. සුදු කබාය ඇදගෙන හිප්‍රොක්‍රටීස් දිවුරුම දීලා තමන් සම්බන්ධ වන්නේ මිනිසුන් ගේ ජීවිතය සහ මරණය හා සම්බන්ධ වූ ගෞරවණීය වෘත්තියකට කියන එක මේ අයට අමතක වෙනව. මේ අය හිතන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වුනේ පෙර ආත්මයේ පිං කරපු නිසා කියලයි. භෞතික විද්‍යාව මුල ඉදන් අගට ඉගෙන ගත්තත් මේ අය චින්තනමය වශයෙන් ඉන්නේ ග්‍රෝත්‍රික මානසිකත්වයක. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වගේ විෂයක් ගැන ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන්නේ මොන්ටෙසෝරි දැනුමක්.  (ස්ටැන්ලිලා ගේ ලෝකය - ත්‍රිමාණ වෙබ් අඩවිය ) 

වෛද්‍යවරුන්ට සමාජය තුල තවමත් ගරුත්වයක් තිබේ. ඊට හේතුව පූර්වගාමී වෛද්‍යවරු විසින් අතීතයේ ගෞරවනීය ලෙස තම වෘත්තිය කරගෙන යාම නිසාය​. එහෙත් වර්තමානයේ සන්නිවේදන කුසලතා මෙන්ම වෛද්‍ය ආචාර ධර්ම බිඳ හෙලමින් ඇතැම් වෛද්‍යවරු විසින් ගෙන යන ක්‍රියා කලාපය නිසා නුදුරු අනාගතයේදී වෛද්‍ය වෘත්තිය ප්‍රයිවෙට් බස් කොන්දොස්තරලාගේ තත්වයට වැටෙනු නොඅනුමානය​. එම තත්වය වලක්වා ගැනීම සඳහා වෛද්‍යවරු විසින් පියවර ගත යුතුය​. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

52 comments:

  1. //මා විසින් නිරීක්‍ෂණය කල අන්දමට බොහෝ විට මෙම වැඩවසම් පරතර සිතාමතාම පවත්වා ගන්නේ පහළ සමාජ ආර්ථික ස්ථර වලින් පැමිනි දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය පීඨයට තේරී වෛද්‍යවරු බවට පත් වූ පුද්ගලයන් වෙති. එසේම මෙවැනි කොටස් තුල ග්‍රාමීය පසුගාමීත්වයද උග්‍ර වශයෙන් දක්නට තිබේ.
    // Not always trans. There are so many doctors who came through district quota system who have done much more than some of Big school arrivals. Our main problem is we try to generalise everything when we write/if not give that impression but it is not always true . I am working on a post "jeewaka weyidhayawaru" which describes how a rural/ district basis selected doctors who practised in "Haslaka" did a very good service to that area...

    ReplyDelete
    Replies
    1. රුවන් ඔබ සීමිත නිරික්‍ෂණ මත කරන සාධාරණිකරණ නම් ඉතා විහිළු සහගත ඒවායි. මේ බව මා කලින් ලිපියකත් ප්‍රශ්නයක් ලෙස මතු කළා.

      ඔබේ පර්යේෂණවලට සංඛ්‍යානය භාවිතා කරන්නේ නැත්ද?

      Delete
    2. මේ කතා දෙකේ පරස්පරයක් තියෙනවා නේද?

      පත්තරකාරයා ඔහු හමු වූ දොස්තරකාරයා ගැන කියන්නේ මෙලෙසයි.

      "අසනීපයට ප්‍රතිකාර ගන්න 05 වැනිදා නවලෝක පුද්ගලික රෝහලට ගොස් රුපියල් 1150ක් ගෙවා......."

      උපුටා දක්වා ඇති ත්‍රිමාන ලිපියේ මෙලෙස තිබේ.

      "මේ වෛද්‍යවරියම රෑට නවලෝක රෝහලේ අමතර වැටුපකට සේවයට ගිය විට එහි සිටින මිනිසුන් ගෙන්..."

      දැන් ඉහත නිරීක්‍ෂණ දෙක මත පිහිටා මා මෙලෙස කිවහොත්?

      දොස්තරකාරයෝ නවලෝකේ ගියත් වෙනස් නොවෙති. දොස්තරකාරියෝ නම් වෙනස් වෙති.

      එහෙම සාධාරණිකරණය කිරීම විහිළුවක් නේද?

      Delete
    3. රසික,

      //ඔබේ පර්යේෂණවලට සංඛ්‍යානය භාවිතා කරන්නේ නැත්ද?//


      ඇමරිකාවේ වෛද්‍ය වරදින් මියයන රෝගීන්ගේ ප්‍රමාණය මියයන මුළු ප්‍රමාණයෙන් 1/3 ක් (ලක්ෂ 2.5) පමණ වෙන විට ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය 0% හැබැයි පුතෝ එක ඔබ කියන "පර්යේෂණවලට සංඛ්‍යානය" ට අනුව බව කරුණාවෙන් සලකන්න.

      තව විදියකින් පර්යේෂණවලට සංඛ්‍යානය ට අනුව වෛද්‍ය වරදින් කිසිවෙක් ශ්‍රී ලංකාවේ මියයන්නේ නෑ ශ්‍රී ලංකා වෛද්‍ය සබාව කිසිදු වෛද්‍ය වරයෙක් මම දැනුවත්ව නම් වරකදරු කරලා නෑ.

      ලෝකෙන් උතුම්රට ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි !!
      ලෝකෙන් උතුම්රට ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි !!
      ලෝකෙන් උතුම්රට ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි !!
      ලෝකෙන් උතුම්රට ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි !!

      http://www.hopkinsmedicine.org/news/media/releases/study_suggests_medical_errors_now_third_leading_cause_of_death_in_the_us

      Study Suggests Medical Errors Now Third Leading Cause of Death in the U.S.

      Delete
    4. රෝගියා හෝ ඥාතීන් රෝගය ගැන විස්තර ඇහුවම ඇගට කඩන් පනින්නේ ඔය හේතුව නිසා තමා.. එතකොට ⁣ලෙඩා මළත් උන්ගෙන් වෙන වැරදි වහගන්න පුලුවන්..දෙන ප්‍රතිකාර ගැන රෝගියා දැනුවත්නම් වැරැද්දක් වුනොත් උන්ට වෙන්න තියන අවාසිය වැඩියි...

      ලංකාවේ ඩොක්ටර් කෙනෙක්ටම වැරදිලා hiv තියන ලේ දීපු කේස් එකක් අධිකරණයටත් ගියා වගේ මතකයක් තියනවා.. දොස්තරලටම එහෙමනම් හූදී ජනයාට කරන දේවල් ගැන කවර කතාද ?

      Delete
  2. ඔතන තියෙන්නේ අධ්‍යාපනයේ වැරැද්දක්. ආණ්ඩුව පහේ ශිෂ්‍යත්වයක් තියනවා. අපට කියනවා පහේ ශිෂ්‍යත්වෙට ඉඳගන්න කියල. අපි පාස් වෙනවා. [ඇස වුනහම හොන්ඩ ඓස්කොල කියල ඉස්කෝල දෙනවා. රාජකීය, ආනන්ද, විශාඛා, දෙවි බාලිකා නාලන්ද වගේ. එහම් නැත්නම් ප්‍රාදේශීය හොඳ විදුහල්. කොටසක් ඉතුරු අර විදුහල් වල. ඊට පස්සේ අපොස උසස් පෙළ විභාගෙදි අපි ගන්න ලකුණු වලට අඩු ලකුණු තියෙන අර ඉස්කෝලවල ළමයි ඇතුලට ගන්නවා අපට යන්න නොදී. ඒ සමහර ළමයි ටියුෂන් ගිහිල්ල ඉන්නෙත්. හැබැයි අපට වැඩිය ලකුණු අඩුයි. ඉතින් අපෙන් සමහරක් විප්ලවය කරන්න යනවා. තව සමහරු පිටරට යනවා. ඔන්න ඔහොමයි.පිටරට ගිහිල්ල ආවහම අර කට්ටියම කියනවා - ඔහෙලා විභාග පාස් කරලා නෙමේ ගියේ කියල. කාට කියන්නද? පාස් නොවී යන එවුනුත් ඇති. මම කියන්නේ පාස් වෙච්ඡ ලකුණු 10-20 මිස් වෙලා ඒත් දිස්ත්‍රික් බේසිස් ලකුණු මට්ටම් වලින් උඩ කට්ටිය. ඉස්සෙල්ලම ඔය පහේ ශිෂ්‍යත්ව විකාරය නතර කරන්න ඕනේ. ඊට පස්සේ ගමේ පාසල් උසස් තත්වෙට ගේන්න ඕනේ. විභාගය හැමෝටම එකම එකක් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත අජිත්

      Delete
    2. ඉතාම හොඳ ඉස්කොලෙකින් ශිෂත්වය පාස්වූ දරුවා දුෂ්කර කෝටාව අරමුණු කරගෙන කැලේ ඉස්කොලවලට ඇතුල් කරන අයත් නැත්තේ නෑ, 2014 මාතරින් ඉහළින්ම ශිෂත්වය පාස් වූ වෛද්‍ය යුවලකගේ දරුවා දාලා තියෙන්නේ නුවර එළිය පොරමඩුල්ලට, ඉතින් ළමයා උසස්පෙල ලියන 2022 අවුරුද්ද ට පෙර දුෂ්කර කොටාව ඉවත් කරන්න ගියොත් ඒ යුවලට මරාගෙන මැරෙන උපවාසයක් කරන්න වෙයිනේ.

      Delete
  3. //වර්තමානයේ සන්නිවේදන කුසලතා මෙන්ම වෛද්‍ය ආචාර ධර්ම බිඳ හෙලමින් ඇතැම් වෛද්‍යවරු විසින් ගෙන යන ක්‍රියා කලාපය නිසා නුදුරු අනාගතයේදී වෛද්‍ය වෘත්තිය ප්‍රයිවෙට් බස් කොන්දොස්තරලාගේ තත්වයට වැටෙනු නොඅනුමානය​.//

    ++++++++++++++++++

    ReplyDelete
  4. //රෝගියා ඉදිරියේ වෛද්‍යවරයා බොහෝ අවස්ථා වලදී පෙනී සිටින්නේ මවාගත් ගාම්භීර භාවයකිනි. සමහර වෛද්‍යවරු රෝගියාගේ මුහුණ දෙසවත් නොබලති. රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක​. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference එක විශාල එකකි. වෛද්‍යවරයා රදලයෙකු මෙන් හැසිරෙන අතර රෝගියා යටත් සහ පහත් වැසියෙකි, ප්‍රවේණි දාසයෙකි. ලංකාවේ වෛද්‍යවරු සියල්ල මෙසේ රෝගීන් ඉදිරියේ හැසිරෙනවා කියාමම නොකියමි. එහෙත් බොහෝ විට මේ තත්වය රෝගීන් විසින් අත් දැක තිබේ. //

    වෛද්‍යවරු පමණක් නොව වාට්ටුවලට පැමිණෙන වෛද්‍ය ශිෂ්‍යයන්ද ඊට නොදෙවෙනි වෙති.

    ඔය ඔබ කියා ඇති ගති ලක්ෂණ නොපෙන්වන එක වෛද්‍ය මහත්මයෙකු මට හමුවී තිබේ.ඔහු තවම එම සේවය කරගෙන යයි.
    එමෙන්ම, ඇල්පිටියේදී ඩිස්පෙන්සරියක් නිසා මරා දැමුණු "දොස්තර-හොඳහිත" ලෙස ප්‍රකටව සිටි වෛද්‍යවරයා එවැනි වසල ගති නොන්වූ වෛද්‍ය මහත්මයෙකු වූ බව මම අසා තිබේ. එතුමාගේ මරණය පිළිබද නඩුවට පැමිණි වැඩිහිටියන් සමුහයක් හමුවිය. ඔවුන් එතුමාගෙන් ප්‍රතිකාර ගත රෝගීන්ය. රස පරීක්ෂක වාර්තා නොලැබී තිබු නිසා නඩුව කල ගිය පසු ඔවුන් බොහෝ දෙනෙකු, තම ජීවිත කාලය තුලම ඔවුන්ගේ "දොස්තර-හොඳහිත"මරා දැමු මිනීමරුවන් එල්ලුම්ගස් යන හැටි දකින්නට අවශ්‍ය බව කීවෝය.

    ඔය ඔබ කියා ඇති අවකල් ගුණ නොපෙන්වන තව වෛද්‍ය ශිෂ්‍ය මහත්මයෙකු ද රජයේ රෝහලකදී මට හමුවී තිබේ. ඔහු දැන් වෛද්‍යවරයෙකු වී PGIM හි පශ්චාත් උපාධිය හදාරයි.

    මම ඉගෙන ගත් කාලයේදී විශ්විද්‍යාලයේ සිටි වෛද්‍ය නිලධාරිනිය ඇතුළු අපේ රට තුල මගේ ජීවිතයේ හමුවූ අනෙකුත් බොහෝ වෛද්‍යවරුන්, වෛද්‍ය මහතුන් හෝ වෛද්‍ය මහත්මියන් ලෙස හැදින්විය හැකි ගතිගුණ රාජකාරිය තුලදී පෙන්වූ අය නොවේ.

    ගරුත්වය ලැබීමට සුදුසු වෛද්‍යවරුනට ගරු කිරීමට මම නොපැකිළෙමි. ගරුත්වය ලැබීමට නොසුදුසු අයටද බොරු ගරුත්වයක් ලබාදීමෙන් සැබෑ ගරු කටයුතු වෛද්‍ය මහතුන්/මහත්මියන්ට සිදුවන්නේ අසාධාරණයකි.

    ReplyDelete
    Replies
    1. වරදවල් පෙන්වා දීම වැදගත්

      Delete
  5. මේ ගැන දැන් කතා කරලම ඇති වෙලා ඩොක්ට. වයිද්‍ය වුර්තිය, දොස්තර, වයිද්‍ය සභාව වගේම සයිටම් යන වචනත් දැන් නම් ඇහෙනකොට වමනෙට එනව වගේ. ඒ තරම්ම පිළිකුල් වගේම අප්පිරියම වෙලා.. 👎🏿

    ReplyDelete
  6. දොස්තරලා හා සමස්ථ රාජ්‍ය සෞඛ්‍ය සේවයටම වෙලා තියන හෙනේ තමා, උන් හිතන් ඉන්නේ උන්ගෙන් ප්‍රතිකාර ගන්න රජයේ රෝහල් වලට එන රෝගීන් එන්නේ උන්ගේ අම්මගෙ අප්පගේ බූදලෙන් බේත් අරන් යන්න එනවා කියලා. එහෙම නැත්නම් උන් ගෙදරින් ගෙනාපු දේවල් වලින් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරනවා කියලා.. රජයේ රෝහලකට ප්‍රතිකාර ගන්න යනකොටයි, ගමනක් යන්න පෞද්ගලික බසයකට නගිනකොටයි මිනිස්සු තමන්ගේ ආත්ම ගරුත්වය කියන එක අමතක කරලම යන්න ඕනා. ඒතරම් තුච්ච විදිහට උන් මිනිස්සුන්ට නින්දා කරන්නේ....

    කොන්දොස්තරලා නූගත් මිනිස්සු කියලා උන්ව අපි දැනට පැත්තකින් තියමුකෝ, උගත් දොස්තරලගේ හැසිරීම.. රෝගීන්ට කතා කරණ විදිහ... රෝගියෙක්ට හෝ රෝගියාගේ ඥාතියෙක්ට පුලුවන්ද දොස්තරගෙන් හෝ හෙදියකගෙන් අහලා රෝගයේ විස්තර දැනගන්න. වාට්‍ටුව බාර ලොකු දොස්තර එනකොට හැමෝම සීරුවෙන් ඉන්න ඕනා. මවාගත්තු මහා බොරු ආටෝප ලොකුකමක් උන් රෝගීන්ට පෙන්වනවා...මෝඩ හැත්ත..

    සිරිමෙවන් කස්තුරිආරච්චිට, මේ නින්දිත දොස්තරයගේ නම හෙලි කරන්න බැරි ඇයි ? ඔය වගේ උමතු සුනඛයන්ව ප්‍රසිද්ධියේ හෙලි කරන්න ඕනා අනිත් මිනිස්සුන්වත් හපාකන එක වලක්වන්න..

    ReplyDelete
    Replies
    1. ////මවාගත්තු මහා බොරු ආටෝප ලොකුකමක් උන් රෝගීන්ට පෙන්වනවා...මෝඩ හැත්ත..//////

      ඔය පොරවල්ම තමයි සෙන්නා මේ රටේ වැඩට ආවාම, මෙහේ විදිහට ලෙඩාට දෙයියන්ට වගේ සලකන්නේ. නර්ස්ලාත් එහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි දොස්තරලා කියන්නේ දෙයියො කියලා හිතන් ඉන්න එක. ඒක තමයි උඩ පැන පැන තලන්නේ.

      Delete
    2. අමුතු ඇටේ මොකක් හරි භූමි දෝෂයක් තියනවා වගේ නේද අරූ...

      Delete
    3. අමුතු ඇටේ ඉන්න සමහරු වාඩිවෙලා ඉන්නේ ඇට දෙක උඩ නිසා වෙන්නැති බං.

      Delete
    4. ආකල්පමය වෙනසක් අවශ්‍යයි

      Delete
  7. "වෘත්තීය නියාමනය " කියන්නේ බොහොම සීරියස් වැඩක්. "වෘත්තිකයන්" [Professionals] කියලා කියන්න පුළුවන් වෙන්නේ යම් නිශ්චිත නියාමන ආයතනයකින් නියාමනය වන සේවා සපයන්නන් පිරිසකට විතරයි. වෘත්තීය ඉංජිනේරුවන්, ගණකාධිකාරී වරුන් උදාහරණ. ලංකාවේ ඉන්නේ "දොස්තරලා" මිසක "වෛද්‍ය වෘත්තිකයන්" පිරිසක් නොවෙයි. යම් වෘත්තියක නියාමනය සම්බන්ධයෙන් ප්‍රධාන ආයතන දෙකක් තිබෙනවා එකක් වෘත්තීය ලියාපදිංචිය සිදු කරන කවුන්සිලය. දේශීයව හෝ විදේශීයව නිශ්චිත සුදුසුකම් සපුරන පුද්ගලයන් ලියාපදිංචිය සහ සුදුසුකම් නොසපුරනවා නම් ලියාපදිංචිය අවලංගු කිරීම කවුන්සිලයක මුලික කාර්යභාරය. එයින් එහා දේට යොමු වීම ලෝකයේ නිවැරදි සම්මතයට පටහැනියි. ඉංජිනේරුවන් මේ කවුන්සිලය පාර්ලිමේන්තුව හරහා මේ ලඟකදී පිහිටුවා ගත්තා. ඒක එම වෘත්තිකයන් ලද විශාල ජයග්‍රහණයක්. ලංකාවේ දොස්තරවරු ලියාපදිංචි කරන්න SLMC කියලා එකක් තියෙනවා.
    අනෙක් වැදගත් ආයතනය තමයි පාර්ලිමේන්තු පනතක් හරහා වෘත්තීය සහ වෘත්තීය අධ්‍යාපන නියාමන බලතල සහිතව ගොඩනැගෙන වෘත්තීය නියාමන ආයතනය. මේක ඉතා ප්‍රබල ආයතනයක්. වෘත්තිකයෙක් විදියට වැඩ කරන්න පුළුවන් වෙන Chartered Engineer වගේ ආරක්ෂා කළ වෘත්තික හැඳින්වීමක් [protected word ] ලැබෙන්නේ මේ ආයතනයෙන්. ඉන්ජිනේරුවන්ටනම් ලංකාවේ ප්‍රබලව ක්‍රියාත්මක වන IESL ආයතනය තමයි මේ වෘත්තීය නියාමනය සිදු කරන්නේ. Engineering Board කියලත් සමහර රටවල මේ ආයතනය හඳුන්වනවා. ලංකාවේ දොස්තරලව නියාමනය කරන්න මෙහෙම ආයතනයක් නෑ. ඒ ආයතනයේ ව්‍යුහය නැති SLMC එක මගින් වෛද්‍ය වෘත්තීය නියාමනය හෝ වෛද්‍ය අධ්‍යාපන නියාමයන් සිදු කිරීම කළ නොහැක්කක්.
    උදාහරණයකට ඔස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියානු වෛද්‍ය ලියාපදිංචි ආයතනයේ , එහෙමත් නැත්නම් Medical Council එකේ සම්මත බලතල මොනවාද, Medical Board, එහෙමත් නැත්නම් වෘත්තීය නියාමන ආයතනයේ බලතල මොනවාද කියන එක මෙතැන පැහැදිලිව තියෙනවා.
    MBA ලින්ක් එක මෙන්න.
    http://www.medicalboard.gov.au/About.aspx
    සයිටම් එකේ ප්‍රමිතිය ගැන පොළොවේ හැපෙන දොස්තරලම මිසක දේශපාලකයෝ නොවෙයි මූලික වරද කරලා තියෙන්නේ. ප්‍රමිති නියාමනය සඳහා තමන්ගේ වෘත්තියට අදාළ නියාමන ආයතනය පිහිටුවා ගන්න එක ඒ වෘත්තිකයන්ගේ වගකීම. ඒ වගකීම මෙතෙක් කලක් යනතුරු ඒ අය ඉටු කරලා නැහැ.
    දොස්තර කෙනෙකුගෙන් අපට වන අසාධාරණයක් පිලිබඳ වුණත් පැමිණිලි කරන්න ලංකාවේ නිවැරදිව පිහිටවූ ආයතනයක් නැහැ. SLMC ඒ වැඩේ කිරීම ආයතනිකව වරදක්. පාඨමාලා නියාමනය, එහෙමත් නැත්නම් Accreditation සම්බන්ධයෙන් වුණත් කතා කරන්න අයිතියක් තියෙන්නේ board එකකට, instititue එකකට මිසක council එකකට නොවෙයි.
    වෘත්තීය නියාමන ආයතනයක වගකීමක් තමන්ගේ වෘත්තිකයන්ට වෘත්තීය ආචාරධර්ම උගන්වලා ඒවා ආරක්ෂා කරවීම. එහෙම එකක් නැති වුණාම එන ප්‍රශ්න අතර ආකල්පමය දරිද්‍රතාවයනුත් තියෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දොස්තර කෙනෙකුගෙන් අපට වන අසාධාරණයක් පිලිබඳ වුණත් පැමිණිලි කරන්න ලංකාවේ නිවැරදිව පිහිටවූ ආයතනයක් නැහැ. /////////////////// athha

      Delete
  8. ඩොක්ටර්,

    බටහිර ඇලොපති ක්‍රමයේදී ඔබ කිසියම් රෝගයක් සදහා රෝහල් ගතඋනොත් හෝ දොස්තර වරයකු ගෙන් බෙහෙත් ගත්තොත් සිදුවෙන්නේ අදාළ රෝගයේ ලක්ෂණ වේගයෙන් යටපත් වන විදියට බෙහෙත් දෙනවා, මේ යටපත් කිරීමේ වේගය අනුව රෝගීන් කියන හොද දොස්තර වරයෙක් කියල, මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ අදාළ රෝග ලක්ෂණ යටපත් වී තිබෙන අතර රෝගය දිගටව වර්දනය වීමයි, එය හරියට ගින්නක් ඇතිබව අනතුරු අගවන සීනුවක් නාදවනවිට අදාළ සිනුව කුමන හෝ කර්මයකට නිවල සහනයෙන් ඉන්නවා වගේ වැඩක්.

    මෙහිදී රෝගියා සිතනවා ඔහුගේ රෝගලක්ෂන යටපත් වී අතිනිසා රෝගය සුවවී ඇති බව, නැවත වරක් අදාළ රෝගයට දුන්න බෙහෙත් වලින් ඇතිවන ආබාදයක් ඇතිවෙන කොට ඔහු හිතන්නේ නෑ මේ ඉස්සල්ල බෙගෙතෙ ප්‍රතිවිපාක බව ඔහු හිතනවා මේක අලුත් ලෙඩක් කිසා නැවත ඒ දොස්තරම හමුවෙනවා මේ ක්‍රියාවලිය පහත ආකාරයට රටේ දියුණුව මත වෙනස් වෙනවා.

    බරහිර ඇලොපති ක්‍රමය මේ ක්‍රමය හැදිලා තියෙන්නෙම උපරිම මුදල් සුරාගන්න විදියට මම තව උදාහරණයක් දෙන්නම් හිතන්න ඔබට කිසියම් අපහසුවක් නිසා රෝහල් ගතවෙනවා
    ඔබ ඕස්ට්‍රේලියාවේ රක්ෂණය ඇති පුද්ගලයෙක් නම් ඔබට එක විදියකට සලකනවා ඔබ ශ්‍රී ලංකාවේ දුප්පතෙක් නම් ඔබට සලකන්නේ වෙන විදියකට, මම වෙනස පෙන්වන්නම් ඔබ ඕස්ට්‍රේලියාවේ නම් ඔබට ඔවුන් බෙහෙත් ලබාදෙනවා ඒවගේම ඔබේ සවුක්ය ඉතා හොදින් විමර්ෂණය කරනවා මෙනිසා ඔබට ලබාදී ඇති බෙහෙත් නිසා ජිවිත අවදානමක් තිබෙනවානම් ඔවුන් වහාම වෙනස් කරනවා, මේ නිසා ඔබ ජීවිතය බෙරෙනවා විතරක් නෙමෙයි අදාළ ඔවුෂද කොම්පැනි වලට විශාල මුදලක් ලැබෙනවා ඔබව ජිවත් කිරීම වෙනුවෙන් හැබැයි ඔබ ලෙඩෙක් ලෙස ජිවිත කාලයටම ජිවත් වෙනවා, දැන් ඔබ ශ්‍රී ලංකාවෙනම් ඔබට ලබාදෙන බෙහෙත් වලින් ඔබ මැරුණත් ඔබට වත්කමක් නෑ මේ පර්යේෂණ කරන්න වැය කරන්න මෙනිසා මැරෙනතුරු ඔබට ලබාදෙන බෙහෙත් වලින් ලැබෙන ලාබය මේ සමාගම් ලබාගන්නවා.

    මෙතන ලස්සනම දේ මෙවට සේවය කරන දොස්තර්වරු හිතනවා තමන් රෝගියාට උපරිම සේවය කල බව, තව විදියකින් මේ ක්‍රමය ඇතිවී තියෙන්නේ සමස්තයක් විදියට වැඩකරන දොස්තර වරුන්ටත් නොතේරෙන විදියට එකයි මේකේ තියන වැදගත් කම.

    තව සරලව කියනවනම් කෙනෙකුගෙන් ලබාගන්න පුළුවන් උපරිමය ඔවුන් ලබාගනන්ව.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඕස්ට්‍රේලියාවේ මම දන්නා මහත්මයෙක් ඉන්නවා පසුගිය අවුරුදු 15ම ඔහු විවිද සංකීර්ණ තා වලින් පෙළෙනවා, දැනට වසරකට ඉස්සල්ල ඔහු ශරීරයේ සවිකරන monitoring device එකෙක් පලද සිටියා මාසමග skype ඔස්සේ කතාකරන විට මම ඔහුගෙන් හැම සැරේම මම අහන දේ තමයි "අන්කල් දැන් ඔය කරන පර්යේෂණ වලින් ඔවුන් සොයාගන තියෙන්නේ මොනවද ? කියල.

      ඔහු හැමවිටම කියන්නේ "පුතා ඔවුන්ට තවම මොකුත් හොයාගන්න බැරිඋනා නමුත් මට තියන අපහසුතාවලට නම් බෙහෙත් දුන්න දැන් දීල තියන බෙහෙත් වලින් මට වෙන අමාරුත් ඇතිවෙලා"

      කියලයි ඔහු කිව්වේ.

      අතිශයෙන් දියුණු ලෝකයේ අතිනවීන තාක්ෂනය ඇති රටක වසර 15ක් තිස්සේ ලෙඩකට හේතුව හොයන්න බැරිවීම ඔබට විහිළුවක් කියල හිතන්නේ නැද්ද?

      දැන් අපි කියමු මොහුට මේ ලෙඩේ සුවවීමට බෙහෙතක් ඔවුෂද සමාගම් සැදුව කියල දැන් ඔහු බේතක් ඩොලර් 5000ක් ගෙවල ලබාගත්ත කියමු, දැන් ඔහුගේ ලෙඩේ හොද උනානම් පසුගිය වසර 15ක් තුල ඩොලර් 100,000 වඩා වැඩි මුදලක් වැයවූ අසනීපය ඩොලර් 5000 න් සුව උනානම් මට කියන්න ඩොක්ටර් කාටද පාඩුව කියල ?

      මෙහෙම පාඩු විදින්න ඔය ඔවුෂද සමාගම් බෙහෙත් හදයිද ?

      අවසාන ලෙස මට මතක්වෙනවා ජාතකකතාවක් තියනවා නලපාන ජාතකය කියල මේකේ බෝදිසත්වයෝ වදුරු නායකයෙක් වෙලා සිටිබව කියනවා, මේ වදුරු රංචුව කැලේ යන කොට පොකුණක් දකිනවා රාක්ෂයෙක් ඉන්න බෝදිසත්වයෝ මේ පොකුණේ අනතුරක් බව දැනගන්නේ පොකුණට යන සතුන්ගේ අඩි සලකුණු තියනවා නමුත් පොකුණෙන් එන සතුන්ගේ අඩි සලකුණු නෑ, මේවගේ නවින වෛද්‍ය ලෝකයේ මෙයට යොමුවෙන රෝගීන් සිටිනවා නමුත් සුවකරගන ඉවත් වෙච්ච් මිනිසුන් දකින්න නෑ !!!!!

      Delete
    3. ඇත්ත.. බටහිර වෛද්‍ය ක්‍රමයේ සියල්ල සැකසිලා තියෙන්නේ රෝගීන්ව සුවපත් කරන්න නෙමේ දොස්තරලාට සහ ඖෂධ සමාගම් අලට සිය ජීවිකාව පවත්වාගෙන යන්න..

      Delete
    4. ඉතින් ඔය විස්තරය නිසා මමනම් දොස්තර මහතා ගේ වරදක් දකින්නේ නෑ (ඔබ අහයි මොකද්ද ඒ හතර බිරි කතාව කියල )
      දැන් ඩොක්ටර් අපි ටිකක් හිතමු දොස්තර මහතා ගේ මානසික තත්වය ගැන, ඔහු අවුරුදු ගනානාවක් රෝගීන්ට බෙහෙත් දෙනවා, පටන් ගැනීමේදී අවංකව ලෝක සේවයක් ලෙස ඔහු සේවය කරයි නමුත් කල් යන විට ඔහු දැනගන්නවා ඔහුගේ බෙහෙත් වලින් මේ ලෙඩුන්ට කිසිම සුවයක් ඇති නොවන බව (හදිසි අනතුරු සේවයේ ශල්‍ය වෛද්‍යවරයෙක් නම් දකිනවා තමාගෙන් බෙහෙතින් සුවය ලන්බනවා ජිවිත බේරෙනවා කියල ) මෙහෙම දිගින් දිගටම තමන්ට ආත්ම තෘප්තියක් නැති වූ විට ඔහු නිතැතින් පෙලබෙනවා ආත්මතුර්ප්තියක් ඇති මුදල් උපයාගැනීම වෙත යොමුවෙන්න. මේක මිනිස් මනසේ සොබාවයයි. තමන්ගෙන් කිසිම සේවයක් වෙන්නේ නෑ කියල දැනගත් විට වෛද්‍යවරයෙක් ට බෑනේ ඩොක්ටර් බුලත් විට විකුනන්න, ඔහුට ඉන්නවෙනවා එම වුර්තියෙම හිතට එකග නැති උනත්. මේ නිසා ඔවුන්ගේ මේ හැසිරීම මටනම් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    5. ඒකෙ අනිත් පැත්තනෙ වෙන්න ඕනා.. තමන් දන්නවනම් තමන්ගෙන් බේත් ගන්න ලෙඩා කවදාවත් සුවයක් ලබන්නෑ කියලා, ඔහු ඒ ලෙඩාට අඩුම තරමින් කාරුණිකවත් වෙන එකනෙ වෙන්න ඕනා...එහෙම නැතුව ඒ ලෙඩාගෙ ඇඟට බුරන් පැනලා උගේ ලොකු කම පෙන්නලා වැඩක් නෑනේ...

      Delete
    6. සෙන්නා,

      මෙතන මම කිව්වේ මානසිකව ඇතිවන තත්වයයි, මෙතැනදී ඇති විශාල ආත්ම වංචාවක් කිරීමට සිදුවෙනවා.
      දැනට දශක ගණනාවකට පෙර මගේ මව සමග සේවයකළ ඔවුෂධවේදිනියක් උසස්වීමක් ලැබිල රජයේ ඔවුෂද ත්ත්වපරික්ෂන ආයතනයක සේවයට ගියා, පසුකලක ඇයට මගේ මව මුණගැසුන විට කියල තිබුන සමහර ඔවුෂද හොද තත්වයෙන් ඇතිබව සහතික කරලා දීමට තමන්ට ලැබෙන බලපෑම කොතරම් දැඩිද කියනවනම් සියදිවි නසාගැනීමට පවා සිති ඇති බව.

      මෙවැනි ආත්ම වංචාවකින් තොරව සේවය කල නොහැකි බවක් මේ වුර්තින් වල තියනවා, අපි ඔවුන්ගේ මානසික තත්වය ඔවුන්ගේ පැත්තෙන් බැලුවමයි පෙන්නේ කොච්චර අසරණද කියල. මොකද ඔබත් මමත් ඉන්න වුර්ති වල අපට ඔයවැනි මානසිකත්වයක් ඇති නොවෙන්න පුළුවන්.

      Delete
    7. මේ තත්වය වෛද්‍යවුර්තියේ හැමෝටම අදාළ නැත්තේ හදිසි අනතුරු වලට ගෙනෙන රෝගීන් සුවය ලබන බව ඇස් දෙකින් දකින දොස්තර වරු ලබන මානසික තෘප්තිය කොච්චරද කියල දැනගන්න ඔබ රජයේ රෝහලක එළිවෙන පාන්දර තම ශල්‍ය කාර්ම වල යෙදෙන තරුන වෛද්‍යවරු එකදිගට පැය ගණන් වැඩ වල නිරත උනත් ඔවුන් කොතරම් සතුටින් සිටිනවාදැයි ඔබම බලන්න.

      මේක තනිකරම මනස එක්ක කරන සෙල්ලමක් මේක බාගෙට දකින වෛද්‍ය වරුන්ගේ වැරදි පමණක්ම දකිනවා.
      හොදට මතක තියාගන්න ඕනේ මෙවැනි තත්වයක් ඇතිවීමට සමාජයේ මහජනයාගේ නොදැනුවත් කම බලපානවා, මේ නොදැනුවත් කම රටේ ජනමාද්‍ය ඇතුළු විශාල ආයතන රාශියක් නඩත්තු කරනවා. එහෙම නැත්තම් රටක ජනතාව තමාට ඕනේ විදියට පාලනය කිරීමට වෙළද ලෝකයටත් රටේ පාලකයන්ටත් බැරුව යනවා.

      Delete
    8. //මේක තනිකරම මනස එක්ක කරන සෙල්ලමක් මේක බාගෙට දකින වෛද්‍ය වරුන්ගේ වැරදි පමණක්ම දකිනවා.
      හොදට මතක තියාගන්න ඕනේ මෙවැනි තත්වයක් ඇතිවීමට සමාජයේ මහජනයාගේ නොදැනුවත් කම බලපානවා, මේ නොදැනුවත් කම රටේ ජනමාද්‍ය ඇතුළු විශාල ආයතන රාශියක් නඩත්තු කරනවා. එහෙම නැත්තම් රටක ජනතාව තමාට ඕනේ විදියට පාලනය කිරීමට වෙළද ලෝකයටත් රටේ පාලකයන්ටත් බැරුව යනවා.//

      මං ගිහිල්ල තියෙන රටවල් කීපය අතරින් ඔයවගේ වෛද්‍ය ආචාරධර්ම අවම වෛද්‍ය ගොල්ල නම් දැක්කේ අපේ රටේදී විතරයි.

      අපේ රට ලෝකේ උතුම්ම එක නිසා වෙන්න ඇති වෙනස. අනිත් රටවල වෛද්‍යවරු රෝගියෝ එක්ක ජිල් බෝල ගහනවා මිසක් ප්‍රතිකාර කරන්නේ නෑ. අපේ රටේ වෛද්‍යවරු විතරයි රෝගී ප්‍රතිකාර කරන්නේ. මේවාත් ජ්‍යාත්‍යන්තර මාධ්‍ය කුමන්ත්‍රණ ද මන්ද :D

      ඇත්තටම ඉතින් යකාගේ හැටියට නේ විමානේ :D :D :D

      Delete
  9. වෛද්‍ය රුවන්, ටික්කා කියලා තියෙනවා වගේ මේ මාතෘකාව දැන් අප්පිරියා වෙන තරමට කතා කරලා තමයි. ඒත් මේ වගේ සංවේදී හා සමාජ වැදගත් කමක් සහිත කාරනා සමාජ කථිකාවතක් ලෙස පවත්වා ගැනීමට ඔබ දක්වන දායකත්වය අගය කල යුතුයි.
    මේ වගේ කොන්ද කෙලින් තබාගෙන මේවා සාකච්චා කිරීමට හැකි වෙනත් වෛද්‍ය වෘත්තිකයෙකු සිටීදැයි මා දන්නේ නැහැ.
    කෙසේ වෙතත් ත්‍රිමාණ යේ දක්වා ඇති ආකාරයට මේ ප්‍රශ්ණය රජයේ රෝහල් වලට පමණක් සීමා වන්නේ නැහැ බොහෝ විට වෛද්‍ය වරුන් පෞද්ගලික සේවයේදී පවා මෙවැනි උමතු ආකාරයකින් හැසීරීම තමයි සැබෑ තත්වය.

    රජයේ හෝ පෞද්ගලික බේදයකින් තොරව රථ ගාලේ වෙද නලාව කරේ දමාගෙන හැසිරෙන වෛද්‍ය වරුන් ගනන කොපමනද? මේ අන් මිනිසුන් අතර වෛද්‍ය වරුන් කියන ඉහල කුලයේ මිනිසුන් ලෙස පෙනී සිටීමේ උමතුව නොවෙයිද?

    අතලොස්සක් වූ සැබෑ නිහතමානී ජීවකයන් හටද මෙයින් සිදු වනුයේ අවමානයකි.

    ReplyDelete
    Replies
    1. මේ මාතෘකාව ගැන කතා කිරීම නිසා සමහර දොස්තරලා මට හෝ ගාලා බනිනවා

      Delete
  10. Hats off to you Dr. For keeping up the discussion!

    ReplyDelete
  11. අපට වෛද්‍ය ආචාර ධර්ම පිලිබඳ දේශන මාලාව කළේ මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්. ඔහු ඉගැන්වු දේවල් තවම අපේ මතකේ තියෙනවා . වෛද්‍යවරයා සහ රෝගියා අතර ඇති "බල වෙනස" / Power relationship අයුතු ලෙස පාවිච්චි නොකල යුතු බව අපට මුලින්ම කියලා දුන්නේ වෛද්ය සුසිරිත් තමයි . 1994 වසරෙදී

    ReplyDelete
    Replies
    1. ඔහු වීරවංශට ක​්ඩ් යාම ගැන දුකයි

      Delete
    2. http://www.gmc-uk.org/guidance/

      Delete


  12. මටත් කාලෙකට ඉස්සර මෙහෙම දෙයක් උනා, නවලෝකෙ ඉන්නෙ මකුලොළුව කියන ඇස් දොස්තර චැනල් කරල පෙන්නුව ඇහේ පොඩි ප්‍රශ්ණයකට, මට ස්ටීරොයිඩ් බිංදු වගයක් ලියල දුන්නහම මම දොස්තරගෙන් ඇහුවා "මේක මාස දෙකක් දානකොට IOP වැඩිවෙයිද කියල. මෙන්න මෙකා මගෙ ඇගට ගොඩ උනා තමුසෙ දොස්තර වෙන්න ද හදන්නෙ කියල.

    මට උනේ මොකද කියල හිතාගන්න බැරි උනා. හැබැයි මම උන්දැට මුණ රතුවෙන්න දෙකක් කියල ආවා.

    මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැතිහින්ද මුන් ලගට යන බව දන්න හින්ද තමයි මුන් අමුතු සත්තු වෙලා තියෙන්නෙ.


    ලංකාවෙ සැළකිය යුතු ප්‍රමානයක් දොස්තරල හීන මානෙන් පෙලෙනවා, ඒ හින්දම ඉස්පිරිතාලෙදි විතරක් නෙමෙයි පාරෙදිත් තමන් දොස්තර කියල පෙන්නන්න කාර් එකේ ලෙබල් එකක් අලවගෙන යන්නෙ.





    ReplyDelete
    Replies
    1. heena manaya thiyenne methana comment dana ayatai

      Delete
  13. රුවන්, ස්ටඩි එකක් කරමුද වෛද්‍යවරුන්ගේ ගාම්‍ය හැසිරීමට තුඩු දෙන පවුල් පසුබිම් ගැන

    ReplyDelete
    Replies

    1. කරන්න පුලුවන් නම් හොඳයි

      Delete
  14. මම චෙනල් කරපු දොස්තරලා නම් හොඳ මිනිසුන්.එයාලට කේන්ති යන්නේ චනල් කරලා ආන්ඩුවෙ රෝහල් වල නවතින එකටයි. පුද්ගලික රෝහල් වල නවතිනවා නම් බොහොම ගව්‍ රවයෙන් කතාකරනව.ඒත් හම්බන්තොට මහ රෝහලේ ඉන්න හර්ද රෝග විශේෂඥ වයිද්‍ය වරයා ආන්ඩුවෙ රෝහලේදිත් මට කතා කරෙත් බයවෙන්න දෙයක් නෑ මිස්ට මොහොට්ටි කියලයි.ඒ වගේ අයත් කලාතුරකින් ඉන්නව

    ReplyDelete
    Replies
    1. ඉතා යහපත් අයත් ඉන්නවා නමුත් පත්තර වල යන්නේ යක්කු ගැන

      Delete
  15. හම දොස්තර කෙනෙක්ම හොඳ නැහැ කියන එක අසාධාරණයි. දොස්තර කියන්නෙත් ඔය කියන සමාජයේම කොටසක්. හරියට ගුවන් සේවිකාවෝ දිහා බලන්න. රටේ ගමනාන්තය අනුව සර්විස් එක වෙනස් කියල බොහෝ අය කියනවා. පොලිසිය. වෙනත් රජයේ ආයතන. වැඩි වෙනසක් නැහැ. මේ ලඟදි මගේ ඥාතියෙක් හදිසි රෝග තත්වයකදී ලංගම තිබෙන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කලා . එහි සිටි තරුණ වෛද්‍යවරු හොඳින් වෙදකම් කලා . නර්ස් ලත් හොඳයි. හැබැයි වැඩි විස්තර ගන්න අමාරුයි. ඒකටත් හේතුවක් තියනවා. ලංකාවේ කියල දෙන්න අමාරුයි මිනිසුන්ට. ඒ ගොල්ලෝ ළඟ තියෙන ඇතැම් ගතානුගතික අදහස් නිසා. දොස්තරලා ලෙඩ ගැන විස්තර කියන්න අකැමැති එක හේතුවක් ඒක වෙංන් ඕනේ..

    ReplyDelete
    Replies
    1. සමාජයේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. අජිත් ඔබගේ පියා රෝහල් ගත වූ විට එතන සිටි ලොකු වෙදදුරු රෝගියා සබැඳිව ක්‍රියා කල පිලිවෙත එඞලන්තයේ කලා නම් ??

      Delete
    2. ////හරියට ගුවන් සේවිකාවෝ දිහා බලන්න. රටේ ගමනාන්තය අනුව සර්විස් එක වෙනස් කියල බොහෝ අය කියනවා.///////////

      මේ කතාවේ ඇත්තක් තියෙනවා. ගමන් ආරම්භය සහ අවසානය අනුව සීන් එක වෙනස් වෙනවා. අපේ පවුලෙත් ගුවන් සේවකයෙක් ඉන්න නිසා මම ඔය ගැන ඇහුවා. ඒකට දෙන පිලිතුරුවල බොහෝ සාධාරණ හේතුත් තියෙනවා. ගුවන් මගීන්ගේ හැසිරීම් සහ සේවකයන්ගේ ආකල්ප වෙනස් විය යුතුමයි. දොස්තරලාගේ කතාව නම් මේකට අදාල කරන්න අමාරුයි.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook