Sunday, March 5, 2017

අලංකාර හෙදිය

 


සිමොන්ස් මට හමු වූයේ ටොරොන්ටෝවේ එක් ප්‍රධාන රෝහලකදීය​. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහ  මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ   මනෝ වෛද්‍යවරු මෙන්ම අනෙකුත් මනෝ විද්වතුන් සිටි සැසියකදී සිමොන්ස් ප්‍රමුඛ අසුනක් නියෝජනය කලාය​. ඇය මෙම සැසියේදී අනෙකුත් වෘත්තිකයන් සමග හරි හරියට කරුණු කාරනා පෙන්වා දුන්නාය. ඇයගේ අදහස් හර බර ඒවා විය​.  හෙදියක වීම නිසා කිසිවෙකු ඇයගේ අදහස් බැහැර කලේ නැති බව මට හොඳාකාරව පෙනුනි. 

සිමොන්ස් උසැති පියකරු කාන්තාවකි. කොණ්ඩය කොටට කපා සිටි ඇය තම  රන් හිසකේ වලින්  අර්ධයක් ලා කොළ පාටකින් වර්ණ ගන්වා ගෙන සිටියාය​. 

පෙර කීවාක් මෙන්  ඇය හෙදියකි. ඇයට නර්සිං පිලිබඳ උපාධියක් මෙන්ම මැනිටෝබා විශ්ව විද්‍යාලයෙන් නර්සිං පිලිබඳව ආචාර්‍ය උපාධියක් Doctor of Philosophy in Nursing (PhD) තිබෙන බව මම පසුව දැන ගත්තෙමි. 

නර්සිං පිලිබඳව උපාධියක් තවමත් ලංකාවේ නැත​. එවැනි උපාධියක් ආරම්භ කිරීමට තැත් කල කාලයේ ඊට විරෝධතා එල්ල විය​. එම නිසා එකී යෝජනාව හමස් පෙට්ටියට ගියේය​.  මේ අදහසට වැඩිපුරම විරෝධය දැක්වූයේ සෞඛ්‍ය සේවය තමන් ගේ ප්‍රවේණියක් ලෙස සලකන බමුණන් පිරිසකි. මට මෙහිදී තව යමක් මතක් වේ. 1995 වසරේදී විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය ජී. ඒ රණතුංග මහතා  සූතිකාගාර වල සේවය කරන හෙදියන්ට   Cardiotocography (CTG) හෙවත්  සීටීජී යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සහ සීටීජී පට පිළිබඳ ප්‍රාථමික පුහුණුවක් දීමට අදහස් කලේය​. නමුත් බමුණන් වහාම ඊට විරෝධතාව දැක්වූහ​. 

හෙද උපාධියක්  ආරම්භ කරන්නේ නම් එය ඉතා සුවිසල් පිම්මකි. එසේම ලංකාවේ සෞඛ්‍ය සේවය වඩාත් ගුණාත්මක කිරීමට ඉන් අවකාශයක් ලැබෙනු ඇත​. මෙපමණක් නොවේ නුපුහුණු හවුස් මේඩ්ලා පිටරට ශ්‍රමිකයන් ලෙස රට යනව රටක් ලෙස ප්‍රචලිත ලංකාවට උපාධියක් සහිත පුහුණු හෙදියන් පිටරට සේවය සඳහා යැවීමට ඉඩ ලැබෙනු ඇත​. උතුරු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පුහුණු හෙදියන් සඳහා ඉල්ලුමක් තිබුනද ලංකාව පරාජය කොට පිලිපීනය තම හෙදියන් රට විරුවන් ලෙස එම රට වලට යවා විදේශ විනිමය උපයා ගනිති. එහෙත් බමුණන් නිසා ලංකාව රට යවන්නේ හෙදියන් නොව ආරියවතීලාය​. මේ ආරියවතීලා මැද පෙරදිග ගොස් ඇණ ගස්සවා ගෙන හෝ පෙට්ටි වලින් යළි සිය රට බලා එති. 

සැසිය අවසානයේදී මම සිමොන්ස් සමග කතා කලෙමි. හෙදියක ලෙස පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහ  මත්ද්‍රව්‍ය භාවිතය නිශේදනය සඳහා හෙදියකගේ කාර්‍යභාරය  ඇය පෙන්වා දුන්නාය​.  තවද මාගේ මූලයන් අනුමාන කල ඈ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු ශ්‍රී ලාංකික සරණාගතයන්ට හෙද කමින් සහාය වූ අයුරු ඇය කීවාය​. 

සිමොන්ස් ලංකාවේ උපත ලබා සිටියේ නම් ඈ මෙතෙක් ආ වෘත්තීය දුර ඇයට ඒමට ලැබේද කියා මම අවංකවම සිතුවෙමි. සිමොන්ස් ලංකාවේ උපත ලබා සිටියේ නම් හෙද උපාධියක් ලබා ගැනීම සහ හෙදකම පිලිබඳව ආචාර්‍ය උපාධියක් ලබා ගැනීම ඇයට සිහිනයක් වනු නොඅනුමානය​. එහෙත් මම ශුභවාදියෙකි. අනාගතයේ යම් දිනෙක හෙද උපාධි මෙන්ම හෙද ආචාර්‍ය උපාධි තිබෙන සිමොන්ස්ලා ලංකාවෙන් බිහි වනු ඇතැයි මම සිතමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

41 comments:

  1. //නර්සිං පිලිබඳව උපාධියක් තවමත් ලංකාවේ නැත​. //

    Really ? Are you sure ? I think, now there are B.Sc in Nursing degrees in Sri Lanka.

    KEN

    ReplyDelete
    Replies
    1. ආරම්භ කරල නම් හොඳයි

      Delete
  2. නර්සිං උපාධි ලංකාවේ ඇත

    ReplyDelete
  3. බමුණන්ට ගල්ගහමු ද ?

    ReplyDelete
  4. ඩිග්‍රිය නම් තිබේ, එත් නර්ස් කොණ්ඩේ පැත්තක් පාට කලොත් නම් ...

    නර්ස්ලට CTG පුහුණුකරන්න ගියා කියල එයාලගේ (නර්ස්ලගේ) යුනියන් එක දැනගත්තනම් හේම වෘත්තීය ව්‍යවස්තාවේ නැති අමතර වැඩ පැවරීම ගැන ස්ට්‍ර‍යික් වැලක්ම කරයි.

    ReplyDelete
  5. http://www.ou.ac.lk/home/index.php/ousl/faculties-institutes/health-sciences/office-of-the-dean/study-programmes/509-bachelor-of-science-in-nursing

    Open University of Sri Lanka has the BSC degree program for nursing. As I remember it was the first uni to introduce this program in SL. It started couple of years ago (sorry for English language, typing from the phone)

    ReplyDelete
  6. There so many things that you can achieve being a Sri Lankan and from a Sri Lankan University. I graduated from Open University and did my PhD in Medical Faculty Colombo. I was hired by New York Uni School of Medicine as a postdoctoral fellow just after my PhD, worked for US Navy for five years and ended up being a senior scientist within six years of my PhD.

    But some one would never imagine that a journey started from a Open University can go that far. But, my batch top colleague from the Open Uni, did the same, she did her master's in SL and just graduated with her PhD from Nebraska uni in USA.

    So, in simple terms, it does not matter where you are, what matters is your attitude. You just need well planned goals, hard work and effective use of resources.

    However, it is very easy to demand the luxury that we don't have, and do nothing, just like most of our uni students.




    ReplyDelete
    Replies
    1. //So, in simple terms, it does not matter where you are, what matters is your attitude. You just need well planned goals, hard work and effective use of resources.//

      Well said පොකුරු වැහි.

      Delete
    2. පොකුරු වැහි කියන දේ ගැන සම්පූර්ණයෙන්ම පාහේ එකඟයි.

      ඒ වගේම, අපේ රටේ සමාජයේ තවම තියෙන ආකල්පය උසස්පෙළ ප්‍රතිඵල මත මිනිහෙකුගේ අව්රුත්තිය පදනම් වෙන්න ඕන කියන අදහස. උපාධියක් පමණක් නොවෙයි පශ්චාත් උපාධියක් කළාටත් පස්සේ වුනත් සොයන්නේ උසස්පෙළ. පුළුවන් නම් 5 ශිෂ්‍යත්වෙත් සොයාවි. එනිසා තමයි S3 දොස්තරලා එක්ක C3 හෙදියෝ වගේ කතා මතුවෙන්නේ.

      සමාජය පමණක් නොවෙයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වුනත් එහෙම තමයි. ආචාර්ය උපාධියක් කලත් එයාලට වැදගත් මුලික උපාධිය විතරයි.

      අපේ රටෙන් එහෙම එලවගතිපු මිනිසුන්ගෙන් ලෝකේ වෙනරටවල් වැඩගන්නවා හොදින්. අපේ රටේ තිබෙන ආකල්පය හරිම පසුගාමියි.

      අපේ ඇකඩිමියානු මාෆියාවන් දේශපාලන මාෆියාවන් ට දෙවෙනි නැහැ.

      KEN

      Delete
    3. //අපේ ඇකඩිමියානු මාෆියාවන් දේශපාලන මාෆියාවන් ට දෙවෙනි නැහැ//

      මසුරන් වටිනා කතාව...මට කියන්නට බැරිවූ සියල්ල ඔබ මෙතනදී මතක් කරලා..ඇත්ත සෙකන්ඩ් ක්ලාස් අපර් එක්ක, ගන්න ආචාර්ය උපාධිය ලංකාවට වැඩක් නැහැ...ඒ වගේම ෆර්ස්ට් ක්ලාස් තිබුනට වැඩක් නැහැ ස්පෙෂල් කරලා නැත්නම්, ආචාර්ය උපාධිය තිබුනට..ඕව එකක් වත් හදල තියෙන්නේ බුද්ධිමත් කම මනින්න නෙවේ..එහෙයි කියන අයව රජ කරවන්න...

      Delete
    4. 2005:721 චක්‍රලේඛනය හදල තියෙන්නේ ඒවගේ අදහසකින් බව පෙන්නේ. මුලික උපාධිය ගැන ලොකුවට සදහන් වුනාට පර්යේෂණ පත්‍රිකා හෝ පේටන්ට් බලපත්‍ර ගැන එක අකුරක් ඒවගේ සදහන් වෙන්නේ නැහැ.

      අපේ ඇකඩිමියාවේ ලොකු පුටුවල ඉන්න අය කීදෙනෙක් මේවා දන්නවද කියන එකවත් විශ්වාස නෑ.

      Delete
    5. ඇත්ත, සෙමිගවර්න්මන්ට් වලට හොයන්නෙත් වැඩ කරන්න පුළුවන්ද කියල නොවේ ස්පෙෂල් කරලද කියලයි, ඒ මිනිස්ට්‍රි සෙකට්‍රිලාගේ බුද්ධියේ තරම.

      Delete
    6. පොකුරු වැහි - ඔබ කියන දේට මමත් 100% එකඟයි....

      Delete
  7. සයිටම් එක මේ වැඩේට ගත්තොත් නරකද?

    ReplyDelete
  8. there is a batch of nursing graduates who did not even got their certificate yet cz SMLC's opposition, i have a friend who graduated as a nurse from state uni , none of her batch mates got the degree certificate, she can easily migrate to canada if the certificate is given but our hypocrites called doctors dont allow that

    ReplyDelete
  9. මටත් ආසයි එහෙම හෙදියක් ගෙන් සේවය ලබන්ට...
    හෙහේ...

    ReplyDelete
  10. ඩොක්ට, මට My night nurse සින්දුව මතක් උනා..🙃..

    ලංකාවේ හෙදියන්ට උපාදියක් නැති එකනම් ලොකු අඩුපාඩුවක්. එංගලන්තයේත් යුරෝපෙත් ලෝකේ දියුණු හැම රටවලත් හෙදියන් වගේම කෙයාරින් ෆීල්ඩ් එකෙත් ගොඩක් ඉන්නෙ පිලිපීන ජාතික කාන්තාවන්.

    සමහරක් විට ඩොක්ට කිව්ව අද්‍යාපන සුදුසුකම් නිසා වෙන්න ඇති.

    අපේ රටෙන් මැද පෙරදිග යන ගොඩක් කාන්තාවන්ට අරාබි තියා ඉංගිරීසි තියා හරියට ගෙදරක කරන මලදානයක් කරගන්නත් බැහැ.

    දුප්පත් කම නිසා ඒජන්සි කාරයෝ පොල් පටවනව වගේ රට පටවන්නේ අරාබියේ ඉන්න ඒජන්ත වරයාගෙන් ගානක් අරගෙනත් මෙහෙ කරන ඒජන්සියෙන් ගානක් අරගෙනත්.

    අනික එහෙම ගිහිං අසරණ වෙන අයට ඒ රටේ පුරවැසියන්ගෙන් වත් ශ්‍රී ලංකන් එම්බසියෙන් වත් රට යවපු ඒජන්සියෙන් වත් විදේශ සේවා කර්යන්ශයෙන්වත් සාදාරණයක් ඉෂ්ට කරන්නෙ නැහැ. ඒවාට නීතියක් ඇත්තෙත් නැහැ.

    ඒ වගේම පිලිපීනුවන්ගේ තානාපති සේවයත් ඉතා ඉහල මට්ටමක තියෙනව.

    ගොඩක් කාලයකට ඉහත මම මැදපෙරදිග ඉන්නකොට අපේ ආයතනය අපිට මාස 14ක් යනකං පඩි ගෙව්වේ නැහැ. ඒත් පිල්ලො මාස දෙක යනකොට එම්බසියට කියල ඒමගින් ආයතනයට දන්වල පඩි ගත්ත.

    අපි එම්බසියට ගියහම කිව්වෙ "උබලට වැඩිය ප්‍රශ්න අපිට තියෙනව. ඒජන්සියට කතා කරල පුළුවන් දෙයක් කරගනිං" කියල.

    එංගලන්තේ එම්බසිඩර් ටත් කනට ගහන දේශපාලකයෝ ඉන්න රටක තව මොන කතා ද ඩොක්ට.. 🤔

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ එම්බසිඩර් ටත් කනට ගහන දේශපාලකයෝ ඉන්න රටක ///////////// ++++

      Delete
  11. මට නං හිතෙන්නේ GMOA එකට එනකොටම PTSD හැදෙනවා ඇති.
    නැත්තං කොච්චර පිස්සු කෙලියත් ඔය වගේ විකාර කරයිද?

    ReplyDelete
    Replies
    1. no comments ( I am a GMOA Member )

      Delete
    2. අම්මට සිරි, එතකොට කැනඩාවෙත් GMOA එකක් තියෙනවද?
      අනේ සුද්දන්ට දෙවි පිහිටයි!

      Delete
    3. Canadave novei mama thama Lankave GMOA eke innava

      Delete
  12. appreciate your ideas about the profession of Nursing. It is true that Sri Lanka do have Nursing degree at the moment and also there are many Nursing Graduates are practicing. But as a Graduate nurse what I ca say is this degree is only a name sake. I do not find anybody who is trying to apply acquired knowledge in to practice. I strongly believe that after better education, there should be a change in way of thinking, behavoiur and attitudes.The education which is not modifying above factors in the student cannot be considered as a effective education. It is very hard to practice true caring in nursing practice in SL. This is the real picture and my true and honest personal and professional experiences. I worked in Cardiothoracic field after my education in SL as well as abroad. Throughout the 10 years of stay there I experienced bitter things. Majority of them are narrow minded and spending time to get the salary at the end of the month. Patient care is far distance for them.

    ReplyDelete
  13. ඔබගෙ ලිපිය කියවිමි. පට්ට ප්‍රගතිශීලී අදහසක්.ඔය වගේ හිතන වෛද්‍යවරු සිරි ලංකාවේ දුලබය.ජයවේවා!

    ReplyDelete
  14. දශක දෙකකට අධික කාලයක් එක්සත් රාජධානියේ ජිවත් වන මා අදටත් කුමක්දෝ කරුමයකට ලංකාවට බෙහෙවින් ආදරය කරමි..
    ලංකාවේ දේශපාලන, සංස්කෘත, සංගීත කලාව මෙන්ම සෞක්‍ය ක්ෂේත්‍රයේ ඇති අක්‍රමිකතා සහ පිරිහීම ගැන සිතමින් හදවතින් වැලපෙමි..ඒ මා කල පෙර කරුමයක පලයක් ලෙස ඒ රට මට අමතක කර දැමීමට බැරි කම නිසාය..

    හෙදියක වශයෙන් යා හැකි උපරිම ගමන පැමිණි මා ඒ ගැන සතුටු වීම වෙනුවට අපේ රටේ හෙදියන් ගැන සිතමින් දිනපතා දුක් වෙමි..ලංකාවේ අද වන විට හෙද උපාධිය ඇති බව කීපදෙනෙකු කොමෙන්ටු වල සටහන් කර ඇතත් මා දන්නා තරමින් ඒ තමන්ගේ පුහුණුවෙන් පසු පෞද්ගලික විශ්ව විධ්යාලයක් හරහා මිස රජයේ විශ්ව ව්ධ්යාලයකින් නොවේ..එසේ ලබා ගන්නා උපාධියෙන් වුව ඔවුන්ට යා හැකි එතරම් දුරක් නැත..

    ලංකාවේ හෙදිය ඉදිරියට යාම වෛද්ය වුර්තිකයින්ට පෙනෙන්නේ ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමක් ලෙසය..අනෙක් වෛද්‍ය නොවන වුර්තිකය්න්ට පෙනෙන්නේ ඔවුන්ට වඩා වැටුපක් ගැනීමට ගන්නා උත්සාහයක් ලෙසය..මිද්වයිෆ් වැඩිපුර පුහුණුවක් ලැබීම හෙදියට පෙනෙන්නේ හෙදකමට වන තර්ජනයක් ලෙසය..

    නමුත් මේ රටේ වෛද්‍ය නොවන සේවකයින්ගේ පුහුණු සහ වුර්තිය දියුණුව දකින්නේ එය රෝගියාගේ නිරෝගී වීමට යන මාවතේ පහසුව තකා වෙන අත්වැලක් උපකාරයක් ලෙසය..වෛද්‍යවරයාට වන අප්‍රමාන සහයක් ලෙසය..හෙදියක විසින් පවත්වාගෙන යන සායනයක් තමන්ගේ ක්ෂේත්‍රයට අදාළව පැවතීම වෛද්‍ය කාර්ය මණ්ඩලය දකින්නේ ඔවුන්ට වන ආශිර්වාදයක් ලෙසය..එය පවත්වාගෙන යාමට දිය හැකි උපරිම පහසුකම් සැලසීමට ඔවුන් මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කරයි..

    උදාහරණයක් ලෙස දැනට මා පවත්වා යන සායනය පෙන්වා දීමට පුළුවන්..
    පාදවල ඇතිවන හදිසි ශයිලදාහය (acute lower limb Cellulitis) මෙරට රෝහල් වලට හදිසියේ රෝගීන් ඇතුළු කිරීමෙන් සෞක්‍ය අමාත්‍යංශයට විශාල ආර්ථික හානියක් වන රෝගයක් ලෙස හඳුන්වන්නේ..2010 වසරේදී මේ සඳහා පිලියමක් ලෙස පුහුණු කල හෙද විශේෂඤ වරියන් මගින් පැවැත්වෙන සායන ආරම්භ කිරීමට රජය තීරණය කළා..ඒ අනුව බොහෝ රෝහල් වල හදිසි අනතුරු සේවයට යාබදව සායන ආරම්භ වුනා..රෝගීන් යොමු කෙරෙන්නේ හදිසි අනතුරු සේවය මගින් සහ තමාගේ පවුලේ වෛද්‍යවරයා මගින්

    මේ සායනයේ මට ඇති රාජකාරි මේ,

    1 සායනයට යොමු කෙරෙන රෝගීන්ගේ යෝග්‍යතාවය පරික්ෂා කර රෝගීන් අනුමත හෝ ප්‍රතික්ෂේප කිරීම (Triaging)
    2 අනුමත කල රෝගීන් මුලික කටයුතු ලෙස ලේ ගැනීම, මුලික ජිව ලක්ෂණ පරික්ෂාව, කනියුලාවක් දැමීම වැනි කටයුතු සඳහා හෙද සහායක වරයකු වෙත යැවීම (අපේ රටේ උපස්ථායක හා සමාන තනතුරකි)
    3 රෝගියාගේ සම්පුර්ණ සායනික පරික්ෂාව (Systematic Clinical Assessment)
    4 සායනික පරික්ෂාවේ සහ රුධිර තොරතුරු බලා රෝග නිර්ණය, අවශ්‍ය යයි හන්ගේනවානම් එක්ස් කිරණ හෝ ස්කෑන් පරීක්ෂණ වෙත යොමු කිරීම ඒ අනුව රෝග නිර්ණය සහ ප්‍රතිකාර නියම කිරීම Diagnosis and Treatment planning
    5 වකුගඩු අක්මා ක්‍රියාකාරිත්වය අනුව ගැලපෙන ප්‍රති ජිවක ශිරා මගින් දීමට ලියා දීම, නැවත බැලීමට දින නිර්ණය Medication prescribing
    6 රෝගයට සහ ප්‍රතිකාරයට අනුව සෞක්‍ය අවවාද Health education
    7 ඔඩිට් : රෝගය, භාවිතා කරන ඖෂධ, ප්‍රතිකාර වල කාර්යක්ෂමතාවය, රෝගීන්ගේ ප්‍රතිචාර වැනි විවධ අංශ මගින් Audits
    8 ඉගැන්වීම: පශ්චාත් හෙද උපාධිධාරීන්ගේ ඖෂධ නියම කිරීමට ඉගෙන ගන්නා සිසුන්ට ඒ සඳහා වන ඉගැන්වීම් රෝහලට අනුයුක්ත හෙද විශ්ව විද්යාලයට අනුයුක්තව Teaching for nursing prescribers
    9 දත්ත එකතු කිරීම : වසරකට සායනයෙන් උපකාර ගන්නා රෝගීන් සහ ඔවුන්ගේ සුවය ලැබීමේ ප්‍රවනතාවය..ඒ අනුව ඊළඟ වසරට සුදානම් වීම Data collection
    10 වසරක් තුල සායනය මගින් කල සේවයෙන් සෞක්‍ය අමාත්‍යංශයට වුනු ආර්ථික ලාභය ගණනය කිරීම..Profit calculation

    දැන් මේ ටික කරන්න ලංකාවේ වෛද්‍ය විශේෂඤ වරු කීදෙනෙක් ලංකාවේ නම් ඕන වෙයිද?

    වඩාත්ම වැදගත් දෙය..මේ සේවය සඳහා හෙදියක් යෙදවුවොත් ලංකාවේ වෛද්‍යවරු මාස කියක් වර්ජනයේ යෙදෙවිද?

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  15. Please publish this as a blog for Sri Lankan health workers to read.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook