Wednesday, March 22, 2017

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ සංග්‍රාමික විඩාව


යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ (වර්තමානයේ  ෆීල්ඩ් මාෂල්) යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. කනිෂ්ට නිලධාරින්ට මෙහෙයුම් වලදී ඔහුට බොරු කිරීමට නොහැකි විය. ඔහු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන බිඳ දමන ක්‍රමය දැන සිටියේය. ඔහුගේ යුද උපක්‍රම ප්‍රභාකරන්ට විනාශය ගෙන ආවේය.

සරත් ෆොන්සේකා දක්‍ෂ සොල්දාදුවෙකි. යුද බිමේ අත්දැකීම් නිසා ඔහු තුල සංග්‍රාමික විඩාව ඇතැම් විට නිරීක්‍ෂණය කල හැකිය​.  සමහර අවස්ථා වලදී  ඔහු තුල මතු වන චිත්තාවේගී අසමබරතාවන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය හරහා හඳුනා ගත හැකිය​. පහත දැක්වෙන්නේ ප්‍රභාකරන් මරා දැමූ මොහොතේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යුද හමුදාපති සරත් ෆොන්සේකාට දුන් දුරකතන ඇමතුමයි

...තවත් විනාඩි දහයකට පමණ පසුව යුද හමුදාපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට මා හට හැකි වූයෙන් මා මෙතෙක් කල් මගේ ජීවිතයේ දෙන ලද සතුටුදායකම දුරකථන ඇමතුම ඒ අවස්ථාවේ දුන්නෙමි.
“Sir, Happy news (සර්, සතුටුදායක ප්‍රවෘත්තියක් යනුවෙන් මා ප්‍රකාශ කළ විට “What Kamal?” (මොකක්ද කමල්?)” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. “සර් මහ එකා ඉවරයි” යනුවෙන් මා කී විට ඔහු “මොකක්?” යනුවෙන් නැවතත් ප්‍රශ්න කළේය. “Sir, we killed prabhakaran” (සර් අපි ප්‍රභාකරන් මරා දැම්මා)” යනුවෙන් මා කී විට එම ප්රවෘත්තිය අදහාගත නොහැකි වූ ඔහු “What?” (මොකක්ද?) යනුවෙන් ප්රශ්න කළේය. මේ අවස්ථාවේ ඇති වූ දෙබස මෙහිදී එලෙසම ඉදිරිපත් කළහොත් මෙය කියවන අයට එය වඩාත් රසවත් වනු ඇතැයි මා සිතන නිසා එය ඒ ලෙසින්ම ඉදිරිපත් කරමි.
“Sir, we killed prabhakaran”
(සර්, අපි ප්‍රභාකරන් මරා දැම්මා) තත්පර 30ක් පමණ නිශ්ශබ්දව සිටි ඔහු, මා ලලන්ත ගමගේගෙන් ඇසූ පරිදිම, “Sure” (සහතිකද?) “Yes, Sir” (ඔව් සර්) නැවතත් තත්පර 30ක් පමණ නිශ්ශබ්තාවකින් පසු ඔහු, “How do you know it is Prabhakaran” (කොහොමද ඔබ දන්නෙ ඔහු ප්රභාකරන් කියලා?) “Sir, I have the dead body with me” (සර්, මාගේ ළඟ ඔහුගේ මළ මිනිය තියෙනවා) “Okay, you have a dead body, but how do you know it is Prabhakaran’s body”
“Hmm, don’t tell this to anyone, until I tell you.”
“හරි, ඔබ ළඟ මිනියක් තියෙනවා. ඒත් කොහොමද දන්නෙ ඒක ප්‍රභාකරන්ගේම මිනිය කියලා?” “Sir, please believe my word. This is Prabhakaran. Even a grade 4 child will identify this man. This is Prabhakaran. Sir, Please give the good news to secretary defence and president.” (සර්, කරුණාකරලා මගේ වචනය විශ්වාස කරන්න. මේ තමයි ප්‍රභාකරන් ඉස්කෝලේ හතරේ පන්තියේ ඉන්න ළමයෙක් වුණත් හඳුනාගෙන කියයි මේ ප්‍රභාකරන් කියලා. සර්, කරුණාකරලා මෙම සතුටුදායක ප්රවෘත්තිය ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් දෙන්න.)
තවත් විනාඩි 5-10ක් පමණ යන විට නැවතත් යුද්ද හමුදාපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. සිංහල භාෂාවෙන් කතා කළ ඔහු සහ මා අතර ඇති වූ දුරකථන සංවාදය මෙහිදීද එලෙසම ඉදිරිපත් කිරීමට මා කල්පනා කළෙමි.
(හ්ම්, මම කියනකන් මේ ගැන කිසිවෙකුටවත් කියන්න එපා) යුද හමුදාපතිවරයා මෙම ප්රවෘත්තිය ඔවුනට දීමට කලින් මා ආරක්ෂක ලේකම්වරයාට එය දන්වනු ඇතැයි ඔහුට සිතුණා විය හැකිය. එහෙත් මා විනය ගරුක යුද හමුදා නිලධාරියකු ලෙස එවැනි දෙයක් කිරීමට මාගේ සිතකවත් තිබුණේ නැත. ආරක්ෂක ලේකම්වරයා මා තරුණ නිලධාරියකු සමයේ මාගේ ජ්යෙෂ්ඨ නිලධාරියාව සිටි බැවින් ඔහු කෙරේ ඉතා ගෞරව සම්පන්න හිතවත්කමක් මා තුළ තිබුණද මෙම අතිශයින්ම ප්රීතිජනක මොහොතේ වුවද යුද හමුදාපතිවරයා අබිබවා යමින් මෙම ප්රවෘත්තිය ආරක්ෂක ලේකම්වරයාට දීමට මා උත්සාහ කළේ නැත.
“සර් පැන්නා නම් යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ. ඒත් පැන්නෙ නැහැනේ. අපි මේකව මරලා දැම්මානේ සර්”
“කමල්, දැන් ඔය යකා කොහේද හිටියේ?” “සර් කඩොල් කැලේ.” “දැන් ඊයේ සවස කඩොල් කැලේ පරීක්ෂා කරලා ඉවර වෙලා මට කිව්වා නේද ඔක්කෝම ඉවරයි. හැම බිම් අඟලක්ම අල්ලා ගත්තා කියලා.” “ඔව් සර්” “ඒකේ හිටපු ඔක්කෝම කොටි ඉවරයි කියලත් කිව්වා නේද?” “ඔව් සර්” “එහෙනම් මේකා හිටියේ කොහේද?” “සර්, කඩොල් කැලේ, ඊයේ අපිට මේකව මිස් වෙලා.” “එහෙම මිස් වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ඔබලා වැඩේ හරියට කරලා නැහැ.” “සර් කළුවර වැටුණු නිසා මිස් වෙන්න ඇති.” “ඔබ වැඩේ හරියට කරලා නැහැ. හරියට කළා නම් මිස් වෙන්න විදිහක් නැහැ. ඕකා පැන්නා නම් මොකද වෙන්නෙ?”
ඒ සමගම කෝපය ඉහවහා ගිය ඔහු මා හට තදින් දෝෂාරෝපණය කරන්නට වූ අතර එය මාගේ යුද්ධ හමුදා ජීවිතය තුළදී ඔහු මා හට තදින් බැණ වැදුණු දෙවන අවස්ථාව විය. මුළු රටම බලා සිටි ප්රභාකරන්ගේ මරණය සිදුකිරීමෙන් පසුව යුද හමුදාපතිවරයාගෙන් බැණුම් අසන මා ගැන මටම මහත් අනුකම්පාවක් මෙන්ම කලකිරීමක් ඇති විය. මා සියල්ල අසාගෙන නිශ්ශබ්දව සිටියෙමි.
“මරලා දාපු එක ඇත්ත. ඒත් ඕකා පැන්නා නම්? වැඩේ කරන්න විශ්වාසය ඇතිව භාර දුන්නට වැඩේ හරියට කළේ නැහැ.” “සර් පැන්නා නම් අප්සෙට් තමයි. ඒත් මේකාට පනින්න ලැබුණේ නැහැ. අපි මේකව පනින්න ඉස්සෙල්ලා මැරුවානේ සර්.” “මැරුව එක ඇත්ත. ඒත් පැන්නා නම්?” “පැන්නෙ නැහැනේ සර්. අපි මේකව මැරුවනේ. දැන් මේකා මැරිලා මිනිය මගේ ළඟ තියෙනවනේ.” ඉන්පසු නැවතත් ප්රශ්න කිරීම් ඇරඹූ ඔහු, “දැන් ඕකා තනියම නොවෙයිනේ ඉන්න ඇත්තේ? තව 7-8 දෙනෙක්වත් ඉන්න ඇතිනේ?” “ඊට වඩා හිටියා සර්” “කීයක්ද 10-15ක්?” “නැහැ සර් ඔක්කෝම 52ක් හිටියා. මේකත් එක්ක ඩෙඩ් බොඩීස් 52ක් එකතු කළා දැනට.” “Whattt? Fifty two buggers have escaped yesterday?”
“ඔහොමද ඔච්චර ලොකු වගකීමක් දුන්නහම වැඩ කරන්නේ?” යනුවෙන් නැවතත් සිය බැණුම් ආරම්භ කළ ඔහු නැවතත් මා හට බැණ වැදීමට පටන් ගත්තේය. තවදුරටත් නිදහසට කරුණු දැක්වීමට යාමෙන් ඔහු තව තවත් කෝපවන බව දැන සිටි මා එතෙක් තිබූ ඉහවහා ගිය ප්රීතිය වෙනුවට හදවත පුරවාගත් මහා කලකිරීමකින් යුතුව සියල්ල අසා සිටියෙමි. එහෙත් ඔහු සාමාන්යයෙන් කෙනෙකුට තදින් බැණ වැදීමේදී භාවිත කරනා වචන සමූහය මා වෙත එල්ල නොකිරීම ගැන සතුටු වූයෙමි.
“Yes sir, but we got all of them and all of them are dead now”


( ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය, 834-836 පිටු)’



43 comments:

  1. මේ සිද්ධිය විතරක් බලලා ෆීල්ඩ් මාෂල් ගැන තක්සේරැවකට එන එක වැරදි. අනික සම්පුර්ණ පොත කියෙව්වම එන්නේ එතුමා තමයි නිවැරදිම කෙනා හමුදාපති තනතුරට යුද්ධය අවසන් කිරීමට.

    ඉහත දුරකථන සංවාදය සිදුවූ මොහොතට පෙර දින කිහිපයේම ප්‍රභාකරන්ගේ සිරුර හමුඋනා, ඔහු මිය ගියා ආදී ලෙස විවිද මත පල උනා. අන්තිමේදී ඔහු ගිලන්රථයකින් පැන යමින් සිටියදී අසු වූ බවටත් සජීවී ප්‍රවෘත්ති විකාශනය වුවා. එහෙත් පසුව සිදුව තිබුනේ හමුදාගිලන් රථයකට සංවිධානයේ පිරිස් පහර දීමක්.

    ඉතිං මේ වගේ කරනා නිසා ෆොන්සේකා මහතා ප්‍රභාකරන් මිය ගියා කියූ විට ඒ ගැන එක වරම විශ්වාශ නොකිරීම පුදුමයක් නොමේ. ඉතිං ෆොන්සේකා මහතා ගැන ඉහත කි දුරකථන සංවාදය ඇසුරෙන් පමණක් විග්‍රහ කිරීම මහා මෝඩ ක්‍රියාවක්. අඩුම වශයෙන් ඒ ආසන්න දිනවල සිදුවූ දෑ, වාර්තා වූ ප්‍රවෘත්ති වත් සලකා බැලිය යුතුයි.

    ඩොක්ටර් මේ වගේ මෝඩ ලිපියක් ලියයි කියලා නං ජිවිතේට හිතුවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. 1) මම ප්‍රඟාවන්තයෙක් කියා අඞබෙර ගසා නැත​
      2) ජෙනරාල් ෆොන්සේකා ගැන මම අධ්‍යනය කොට තිබේ . සමහර දේවල් මෙහි ලිවිය නොහැක​. මගේ සංග්‍රාම විඩාව පොත කියවන්න එවිට අවබෝධයක් එයි.

      Delete
    2. ' සමහර අවස්ථා වලදී ඔහු තුල මතු වන චිත්තාවේගී අසමබරතාවන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය හරහා හඳුනා ගත හැකිය​'

      මම ප්‍රශ්න කරලා තියෙන්නේ ඒක. කමල් ගුණරත්නගේ පොත කියවලා ඔබ ෆීල්ඩ් මාෂල්ගේ මානසික තත්වය ගැන තක්‌සේරුවකට ඒම වැරදි බව මම කිව්වේ. ඒක සම්පුර්ණයෙන්ම මෝඩ වැඩක්. එහෙම නම ඔබ ලියා ඇති දෙයින් අපට ඔබගැන, ඔබගේ මානසික තත්වය ගැනත් අදහසක් ගන්න පුළුවන්.

      ෆීල්ඩ් මාෂල්ට ගුණරත්න දුන්නු ඇමතුම ගැන සදහන් කරලා ෆීල්ඩ්මාෂල්ට චිත්තාවේගී අසමබරතාවන් තිබ්බා කියන එක මම ප්‍රශ්න කලේ. යුද්දේ අවසන් දිනවල සිදුවූ දෑ ගැන නොසලකා එවැනි නිගමනයකට ඒම වැරදි බව කිව්වම ඔබ වෙන දේවල් කියනවා දැන් ඔබගේ තවත් පොත් කියවන්නලු. ඔබ මෙහි ලිය ඇති දෑ ප්‍රශ්න කලාම වටේ යන්නේ ඇයි ඩොක්ටර්?

      Delete
    3. # AnonymousMarch 22, 2017 at 11:50 PM

      ඇනෝ මචං එහෙම කියන්න එපා. අපේ හමුදාවේ වෛද්‍ය බලකායේ සේවය කෙරු වෛද්‍යවරු, වෛද්‍යවරියන් රැසක් සිටියා රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබා පැමිණි. ඔවුන් ජීවිතය පරදුවට තියලා විශාල මෙහෙයක් කළා යුද්ධය අවසන් කිරීමේදී.

      මං උඩින් අහලා තියෙන්නේ ඩොක්ටර් රුවන් කොහොමද ගුණරත්නගේ පොතේ තියෙන දුරකථන ඇමතුමක විස්තර ආශ්‍රයෙන් පමණක් ෆීල්ඩ් මාෂල්ට මානසික අසමබරතවක් තිබ්බේ කියලා. අනික ඒ ඇමතුම් සත්‍යද කියලා කවුද දන්නේ. මං විමසුවේ ඒ ගැන. වෙන දෙයක් නෑ ඇනෝ මචං.

      Delete
    4. ගුණරත්නගේ පොතේ තියෙන දුරකථන ඇමතුමක විස්තර ආශ්‍රයෙන් පමණක් නොවෙයි මම ඔය නිගමනයට ආවේ. තව බොහෝ නිරීක්‍ෂණ තිබෙනවා ; ඒවා මෙතන ලියන එක සුදුසු නෑ

      Delete
  2. ඩොක්ටර්,

    සරත් ෆොන්සේකා කියන්නේ ඉතා කසඩ ගති ඇති මිනිසෙක්, නමුත් ප්‍රබාකරන් වැනි මිනිමරුවකු විනාශ කිරීමට හැකි වෙන්නේ ඔයවැනි මිනිහෙකුටයි .
    මට මතක් වෙනවා ජෙනරාල් ජානක පෙරේරා මහතා සරත් ෆොන්සේකා ගැන කියපු දෙයක්.

    "සරත් ෆොන්සේකා කියන්නේ මම කැමති කෙනෙක් නෙමෙයි නමුත් මේ යුද්ධය දිනන්න ඕනේ නම් ඔහු අමුදාපති වෙන්න ඕනේ"

    මෙන්න මේක නිසා තමයි ප්‍රයෝගික ව වැඩ කිරීම ගැන මම කැමති, කාරුණික සටන් විරාම වලින් මරුන මිනිස් ජිවිත සහ නිවැරදිව ඉවරයක් දකින තුරු යුද කරලා ලද (ඔය ප්‍රජාත්න්ර වාදය ගැන වැදී බයිලා කියන මෝඩ හැත්ත කියන විදියට කෘර ලෙස ඉවර කල ) යුද්දයෙන් මරුන ජිවිත ඉතා අඩුයි.

    සරලව කිව්වනම් වසර 30ක යුද්දයේ නිසා නැතිවුන ජිවිත 100000 පමණ වෙද්දී අවසාන වසර 3ට නැතිවූ ජිවිත 7500 පමණ වීමෙන් පේනවා මෝඩ කරුණාවට වඩා ප්‍රායෝගික කෘර බව කොච්චර කාරුනිකද කියල.

    මේක යුදදෙට පමණක් අදාළ නෑ මේක දැන් ටික කලකට ඉස්සර මාතෘකාව වෙච්ච නවකවදයටත් අදාලයි.
    යම්විදියකින් මේ නවකවදයට සම්බන්ද සිසුන්ට දියහැකි උපරිම දඩුවම සමාජයට පෙනෙන විදියට ලබාදුන්නා නම් ඔය කියන නවකවදය අන්තරස්දාන වෙයි.

    මම සිංගප්පුරුවේ ක්‍රමයට කැමති සිංගප්පුරුවේ මිනිසුන්ගේ මනසත් වැඩකලේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ විදියටයි. මේ නිසා ඔවුන් සමාජය හැඩ ගැස්සවීමට කරපු විදි ඉතා වැදගත්, උදාහරණ කුණු දැමිම වැනි වරදකට විශාල දඩ නියමකිරිම මගින් මිනිසුන් දඩුවමින් බයකිරීමෙන් තමයි සමාජය හැඩගස්වල තියෙන්නේ එහෙම නැතුව හැමතැනම මයිත්‍රී භාවනාව කරලා නෙමෙයි. මෙහෙම කරල විනය ඉගැන්නුවහම කලකදී ඉබේම විනයට වැඩ කරනවා.

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili

      ඇත්තෙන්ම ලාංකික සිතුවිලි, අද පොදුවේ "ආසියාන්" සංවිධානය (ASEAN) තුළ රටවල් පිළිගන්නා ආසියානු වටිනාකම් යන සංකල්පය යටතට ගැනෙන පුද්ගල අයිතිවාසිකම් අභිබවා සමාජයේ යහපත සලකා කටයුතු කරන ජනතාව තම නිදහස යම් තරමකට අතහරිනු ලබන පාලනයක්‌ පිළිබඳ සංකල්පයේ පියා වශයෙන් ලී ක්‌වාන් යූ සලකන බව ඔබ දන්නවාද?

      ඔහු ගැන බොහෝ ලාංකිකයින් නොදන්නා කරුණු නම් මේවායි. තමන්ගේ දේශපාලන පිරිසිදුකම පිළිබඳ ලී ක්‌වාන් යූ දැඩි ලෙස පරිස්‌සම් වූවේය. ලෝකයේ කුමන රටක වූවත් ඔහුට විරුද්ධව නිවැරැදි නොවූ තොරතුරු පදනම් කරගෙන පුවතක්‌ පළ වුවහොත් වහා ක්‍රියාත්මක වී ඒ සම්බන්ධයෙන් නඩු මගට බැස හෝ ඒ තත්ත්වයට විරුද්ධව කටයුතු කෙළේය. ඔහුට අවශ්‍ය වූයේ හැම විටම තමන්ගේ නම පිරිසුදුව තබා ගැනීමයි. කෙනෙක්‌ ඔහු හැඳින්වුයේ හෝරා යන්ත්‍රයේ "ටික්‌-ටොක්‌ -ටික්‌-ටොක්‌ හඩ"ට පමණක්‌ අවනත නායකයෙක්‌ ලෙසටයි.

      ඔහුම ප්‍රකාශ කරන පරිදි යමෙක්‌ සිතනවා නම් මම ඔහුට රිදවන තරමට මට රිදවන්න පුලූවන් කියා උත්සාහ කරන්න. මෙම ප්‍රතිපත්තිය ඔහුගේ පාලන කාලයේ දක්‌නට ලැබුණු තවත් එක්‌ ලක්‌ෂණයකි. එය ඔහු ක්‍රියාත්මක කෙළේ සමාජයේ මනා විනය සහ ක්‍රමික පාලනය උදෙසාය.

      ඉතින් ලාංකික සිංගප්පූරු ක්‍රමය තුළ දේශපාලනඥයා යනු ජනතාවට නිකරුණේ බරක්‌ නොවන ස්ථිර නමුත් අතිවිශාල වැටුපක් වෙනුවෙන් වැඩකරන එමෙන්ම වැරදි සම්බන්ධයෙන් දැඩි නීතිරීති වලින් බැඳී සිටින පුද්ගලයෙකි. ඔහු ජනතාවට ඉහළින් සිටින්නේ නැත.

      සමහර විට ලී මෙම අදහස ප්ලේටෝ වැනි ග්‍රීක් දාර්ශනිකයන්ගෙන් ලබා ගත්තක්‌ විය හැකිය. මෙම ක්‍රමයේදී දූෂිතයාට දැඩි දඩුවම් කරන ලබන අතර බහුතරයකගේ සුබසිද්ධිය උදෙසා සහ රටේ උග්‍ර ධනවාදී නමුත් ධනාත්මක සංවර්ධනය වෙනුවෙන් ජනප්‍රිය නොවූ තීරණ ගන්නා ක්‍රමයක්‌ සිංගප්පූරු ක්‍රම තුළ දක්‌නට ලැබේ. ලිබරල් ආර්ථික ක්‍රමයක්‌ තුළ සිංගප්පූරුව තරගකාරී ලෝකයට විවෘතව පවතී.

      හැකි සෑම කටයුත්තකදීම උපරිම විනිවිදභාවයකින් කටයුතු කිරීම ලී ක්‌වාන් යූගේ දර්ශනයයි. හේ වඩාත් අවධාරණය කළ තවත් කරුණක්‌ වන්නේ වෙනස්‌වන ලෝකයා සමග වෙනස් වෙමින් ධනාට්මකව ඉදිරියට යැමයි. මේ නිසාම ඔහු දැඩි නීති රීති හමුවේ වුවද කැසිනෝ ඇතුළු විදේශයින් විවිධාකාර ආයෝජකයින් රටට ගෙන්වන ක්‍රම පවා ආරම්භ කෙළේය.

      ඉතින් ලා.සි. ඔබ සිතනවාද සැබෑවටම සිංගප්පූරු ක්‍රමය කෙනෙකුට කොපි කිරීමට හැකියි කියා? ලී ක්‌වාන් යූ ප්‍රකාශ කෙළේ තමන් රට භාර ගන්නා අවධියේ පැවති වටාපිටාවට අනුව සුදුසු යෑයි කල්පනා කළ දර්ශනයක්‌ අනුව සිංගප්පූරුව ගොඩනැගීමට කටයුතු කළ බවයි. ඒ අනුව ඉහත දැක්‌වෙන කරුණු සිංගප්පූරු ක්‍රමයේ දක්‌නට ඇති ප්‍රධාන ලක්‌ෂණයන්ය. මෙම ක්‍රමය පිළිබඳ විවිධ විවේචන සහ චෝදනා එමට ඇත. ඔහුහේ පාලනය ද බරපතල ලෙස විවේචනයට ලක්වී ඇත්තේ තවත් එක් දුෂ්ට ඒකාධිපතියකු ලෙසය. ලී ක්‌වාන් යූ ම ප්‍රකාශ කළ පරිදි 1950 ගණන්වල ලෝකයට නැවත යන්නට පුළුවන් නම් සිංගප්පූරු නායකයන්ට අවලාද නැගීමට යමෙකුට හැකිද? එමෙන්ම මෙම සිංගප්පූරු ක්‍රමය 2017 -2020 යුගයේ ශ්‍රී ලංකාවට ගලපා ගත හැකිද?

      සංවාදයට විවෘතයි. ඔබගේ බ්ලොගයේම අවශ්‍යනම් සංවාද ඇරඹිය හැක.

      Delete
    2. AnonymousMarch 22, 2017 at 8:43 AM,

      //ඉතින් ලා.සි. ඔබ සිතනවාද සැබෑවටම සිංගප්පූරු ක්‍රමය කෙනෙකුට කොපි කිරීමට හැකියි කියා? //

      ඔන්න ඔතන තමයි අමාරුම ප්‍රශ්නය තියෙන්නේ, මොකද මෙ ක්‍රමය අපි සුද්දන් ගෙන් ගත්ත මෝඩ ප්‍රජත්න්ට්‍රය ප්‍රයෝගික නොවන බව සුද්දගේ රටේ cambridge විශ්වවිද්‍යාලයේ barrister වරයෙකු වූ "ලී" ඉතා හොදින් තේරුම් ගත්ත, ඔහු සකසන ක්‍රමය හරිම අපුරුයි මම බොහෝ වාර ගණනක් මේක ගැන කිව්වත් බ්ලොග් අඩවියේ කිසිවෙක් මා සමග එකග වෙලා නෑ.

      දැන් මම "ලී "ගේ ක්‍රමයේ ප්‍රායෝගික සැකැස්ම ගැන පෙන්වාදෙන්නම්

      01. වැදගත්ම දේ තමයි ස්ථාවර දේසපාලන ක්‍රමයක් තිබීම එනම් දෙසපාලකයෙක් හොරෙක් වෙන්න බෑ :-

      දැන් ඔබ හිතන්න මානසිකව මේ තත්වය ඔහු වලක්වල තියෙන්නේ කොහොමද ? මිනිස් මනස හැම විටම දඩුවමට හසු නොවේ නම් හැකි තරම් සොරකමට පෙලබෙනවා (රුපියල් ලක්ෂයක් හොරකම් නොකරන කෙනා ලක්ස 1000 හොරකම් කිරීමට අවස්තාවක් ආවහම සොරකම් කිරීමට දෙවරක් සිතන්නේ නෑ )

      අනෙක් අතට විශාල මුදලක් උයන ගරුත්වයක් ඇති මිනිසෙක් කිසිවිට සොරකම් කිරීමට අවදානමක් ගන්නේ නෑ

      මේ මුලද්ර්ම 2 පාවිච්චි කරපු ලි කවන් යු කරන්නේ එකවිදියකින් සොරකමට පෙළබිම අවම කරන්නේ අතිවිශාල ආදායමක් මන්ට්‍රිවරයකුට සහ ඇමති වරයකුය්ට ලැබෙන ලෙස ක්‍රමය හැදීමයි, ඔහු දන්නවා මෙය ප්‍රමාණවත් නැති බව මෙනිසා ඔහු තව ක්‍රමයක් පාවිච්චි කරනවා එනම් සොරකම් කර අසුවුනෝත් වසර 25 වැනි මිනිමරුවෙකුට ලැබෙන දඩුවම දීම මහින්

      මේ ක්‍රම 2 නිසා දෙසපාලනයට එන මිනිසුන් සොරුන් වෙන්නේ නෑ

      02. ඔහු දැනගන්නවා අවංක උනාට මදි බව මෙනිසා ඔහු ඇමති වරයකු වීමට අතිදක්ෂයෙක් වියයුතු වෙනවා, ඔහුට ආචාර්ය උපාදියක් විතරක් නෙමෙයි විශේෂ දක්ෂකම් පෙන්වන්න ඕනේ ඇමතිවරයකු වීමට (මෙය ඔබත් මමත් දන්නා සුද්ද කියල දීල තියන ප්‍රජාතන්ත්‍ර වාදයේ නෑ )

      මේ ක්‍රම 2 තමයි මම දකින විදියට සිංගප්පුරුවේ අවංක සහ බුද්ධිමත් දෙසපාලකයකු නිපදවන විදිය.

      ඉතිරි ඔබ දකින තාක්ෂණික දියුණුව, පරිපාලන දියුණුව සැලසුම් කරන දියුනුව. ඉහත මුලික කොන්දේසි ඉටුවීම නිසා ඇතිවුන අතුරු ඵල විතරයි.

      ශ්‍රී ලංකාව කියන රටේ J R ජයවද්දන කියන පුද්ගලයා කලේ ඔය අතුරු ඵල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමයි නමුත් ඔහුට ඉහත කොන්දේසි සාර්ථක වීම ගැන කිසිදු උවමනාවක් හෝ කැමැත්තක් තිබුනේ නෑ

      දැන් මෙය කියවන කෙනෙක් ඔය කියන දෙසපාලනයට අදාළ කොන්දේසි ඉටු වෙලත් ශ්‍රී ලංකාව දියුණු වෙන්නේ නෑ කියනවනම් කරුනාකර හේතු දක්වන්න

      Delete
    3. සිංගප්පූරුවේ හා ලංකාවේ අනුගමනය කළ උපක්‍ර‍ම සංසන්දනය සාධාරනද? ලී ක්වාන් යූ ට පාලනය කරන්න තිබුනේ වරායකට සහ ආර්මි කඳවුරකට සේවා සැපයූ කඩ මණ්ඩියක් නෙවෙද? කොළඹ නඟරය පමනක් වෙනම රටක් විදිහට තිබ්බා නම් ඒ සංසන්දනය සාධාරන වෙන්නත් තිබ්බා.

      Delete
    4. ඇණයා,

      නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ තමයි ආසියවෙ හොදම පරිපාලන ක්‍රමය තිබිල තියෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමග සංසන්දනය කරන විට.
      අඩු ගානේ කොළඹ නගරයවත් සිගප්පුරුවේ තියන දියුණු මට්ටමට ඇවිල්ල තියනවද ? මතක තියාගන්න සිංගප්පුරුව කියන්නේ බොන්න වතුරවත් නැති මඩ වගුරක් ලෙස තිබු රටක් බව (මේකට රටක් කියන්නත් බෑ ).

      //සිංගප්පූරුවේ හා ලංකාවේ අනුගමනය කළ උපක්‍ර‍ම සංසන්දනය සාධාරනද?//

      මෙහිදී මම පෙන්වාදෙන්න උත්සහ කලේ සරලව කියනවනම් දෙසපාලකයකුට ඉතා ඉහල වැටුපක් ගෙවීම, වංචා කර වැරදි කරුවකු උනොත් වසර 25ක වැනි අපරාධ කරුවකුට ලැබෙන දඩුවම් දීම සහ ඇමැති මණ්ඩලයට ඉතා දක්ෂ පුද්ගලයන් බදවාගැනීම.

      කියන කාරණා තුනයි සරලවම.

      රටේ ප්‍රමාණය කොච්චර උනත් මේ ක්‍රමය යම්පමනකට ක්‍රියාවේ යෙදෙව්වනම් ඉදිරි ක්‍රියාමාර්ග ඉබේම ක්‍රියාත්මක වෙනවා, එකයි ඇත්ත.
      අද වනවිට දෙසපාලකයකුට නීතිවිරෝදී විදියට සිංගප්පුරුවේ ඇමති වරයකු ලබන මුදලට වඩා වැඩි මුදලක් සොරකම්කරන සොරෙක් බවට මෙරටේ මිනිසුන් පත්කරල තියනවා

      Delete
    5. සිංගපූරුව ගැන පිටින් බලලා එක එක දේවල් කියන්න එපා මෙන්න ඇත්ත තත්වෙ
      http://singaporedissident.blogspot.sg/2007/08/lee-kuan-yew-family-owns-republic-of.html?m=1

      Delete
    6. Robert,
      දුෂණයෙන් අඩුම රටවල් අතර සිංගප්පුරුව පවතින්නේ 7 වැනි ස්ථානයේ මේ අනුව ඇමරිකා එක්ෂත් ජනපදයත් සිංගප්පුරුවට වඩා දුෂිතයි, කතාව එච්චරයි.
      https://themysteriousworld.com/10-least-corrupt-countries-in-the-world/

      Delete
    7. ලාංකික සිතුවිලි,

      මා අසා ඇති පරිද්දෙන් සියලුම සේවකයන්ගේ කාර්යක්ෂමතාව ඉතාම සාර්ථකව මනිනු ලබන ආයතනයක් ලෙස දකින්නේ ගූගල් සමාගමයි. මේ සමාගමේ සේවක පෆෝමන්ස් එවැලුවේශන් සිස්ටම් එක ගැන ලිපියක් ලියා අපව දැනුවත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

      Delete
  3. ලැබූ දෙවන අවස්ථාව ප්‍රයෝජනයට ගත්තද පළමු අවස්ථාවේ සිදුවූ වෘත්තීය නොසැලිකිලිමත් බව පිළිබද ඔහු දැක්වූ සැලකිල්ල අපට බැහැර කළ නොහැක. එතැන වෘත්තීයභාවය පිලිබදව ප්‍රශ්නයක් තිබේ. වෘත්තීය හමුදාපතිවරයකුගේ වෘත්තීය ප්‍රශ්න කිරීමක් ලෙස මා මෙය දකිමි. එහි වරදක් මා නම් නොදකී.

    ReplyDelete
  4. 52ක් ම ලිස්සල තියෙද්දීත් හැම අඟලක්ම අල්ලගත්ත කියල රිපොට් කරන තැනකින් විඩාවක් නැතිව පැන්ෂන් යන්න පුළුවන් ඇල්වතුරත් නිවල බොන අයටම විතරයි.

    කමල් ගුණරත්න කියන විදිහට ප්‍ර‍ාභාකරන්නම් අමු මැට්ටෙක් තමයි, //“පැන්නෙ නැහැනේ සර්. අපි මේකව මැරුවනේ. // ලබ්බයි චාන්ස් (Saved by the Bell) වලින්ම තමයි ඔච්චරකලුත් දුවන්න ඇත්තේ.

    ReplyDelete
  5. රුවන් පුලුවන්නම් ප්‍රභාකරන්ගේ පුතා ( කුඩා දරුවා ) ගාතනය කිරීම පිළිබඳව ලිපියක් ලියන්න. එය කොච්චර සදාචාර සම්පන්නද කියා විමසා බැලිය යුතුම කරුණක්.

    ReplyDelete
    Replies
    1. මේවට ලිපි ලියන්නේ කවුද ?
      https://pbs.twimg.com/media/Bn8NTdyIcAEODc8.jpg

      කොටිසන්විදානය අහිංසක කිරිදරුවන් පෙති ගසා මරාදමන විට දෙමල දයස්පොරාවත් ඔය කියන ස්වාදීන සිවිල් සමාජයවත් ලිපි ලියල තියනවද ?
      ඔය මොන ලිපිවලින්ද යුද්දේ ඉවර උනේ?

      Delete
  6. කමල් ගුණරත්න කියන්නෙ වැඩ බැරි සහ විනය චෝදනා මත, මුල් කාලයෙ ෆොන්සේකගෙ උදහසට ලක් වෙච්ච කෙනෙක්. නමුත් පස්සෙ ඊළාම් යුද්ධෙ වගකීම් ගොඩක් පැවරුණා. ඒත් එයාගෙ වැඩවල විශ්වාසනීයබව අඩුයි. මේක කමල්ගෙ විතරක් නෙවෙයි, ගොඩක් හමුදා ඉහල නිළධාරීන්ගෙ හැටියක්. නමුත් ෆොන්සේකා මේගොල්ලන්ව හදලා ගත්තා. හැබැයි වර්තමාන ෆොන්සේක කියන්නෙ කුජීත චරිතයක්.

    ReplyDelete
    Replies
    1. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය.

      Delete
  7. මට හිතෙන්නේ ඒ දුරකථන සංවාදය අනුව හමුදාපති විදිහට ඔහු කරපු දේ හරි කියලා. සෑම තැනක්ම අල්ලා ගත්තා කියලා රිපොට් කලාට ඒ වැඩේ හරියට කරලා තිබුනේ නෑ. ඇත්තෙන්ම ප‍්‍රභා පැන්නා නම් මෙච්චර අමාරුවෙන් හමුදා කොල්ලෝ මරාගෙන නන්දිකඩාල් දක්වා පසුබස්සපු එක නැති වෙලා යනවා නේද? මේ පොතේම තියේනවා හමුදා කෑම්ප් එක අතහැරලා පසු බහිද්දි කාලතුවක්කු වගයක් කොටින්ට අසුනොවෙන්න පුපුරවලා දාන්න කියලා හමුදාවේ ලොක්කෙකුට කිව්වාම ඔහු රිපොට් කලේ ඒවා විනාස කළා කාලතුවක්කු ටික මල් පිපිලා වාගේ පිපිරුනා කියලා. පස්සේ ආයෙත් ඒ කෑම්ප් එක හමුදාවෙන් අල්ලාගත්තාම එක කාලතුවක්කුවක් වත් ඔහු විනාස කරලා නෑ. අන්න ඒවාගේ තම ඩියුටිය හරියට නොකරන බයගුල්ලන් එක්ක තමයි සරත් ෆොන්සේකා යුද්ධයක් මෙහෙව්වේ. ඉතිං මට හිතෙන්නේ 100% තහවුරු වෙනකම් කිසිම දෙයක් ඔහු විස්වාස කලේ නෑ. ඔය නන්දිකඩාල් පොතේම ඒ බව සදහන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. තම ඩියුටිය හරියට නොකරන බයගුල්ලන් එක්ක තමයි සරත් ෆොන්සේකා යුද්ධයක් මෙහෙව්වේ//// 100 % athha

      Delete
  8. මටනම් මේ සංවාදයෙන් ගම්‍ය වන්නේ, කමල්ට උවමනා වෙලා තිබුණේ රොත්ත පිටින් මරන්න, ඒකනෙ අපි 52කම මැරුවා කියලා ප්‍රීති වෙන්නෙ.
    ෆොන්සේකට අවශ්‍ය වෙලා තිබුණේ පැනයන්ට පෙර පණ පිටින් අල්ල ගන්න වෙන්න බැරිද හිටං.
    (සමහරවිට අල්ලල වද දීල මරන්ඩ වෙන්නත් තිබුණා. හි හි
    - මීට හිරු )

    ReplyDelete
  9. යමු ඉදිරියට මග දිගටම හන්දිකඩාල්
    හන්දිය අවට ඇති සියළුම ගෙවල්කඩාල්
    ගෙවල්වල ඉන්න උං ගේ කකුල්කඩාල්
    අවසානයේ ජය ගත්තෙමු නන්දිකඩාල්

    [“නන්දිකඩාල් නෙමෙයි, ගෙවල්කඩාල්, හන්දිකඩාල්, කකුල්කඩාල්” - මංගල සමරවීර (15 March 2017)]
    https://youtu.be/1CDUwo_aQTM?t=160

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන් කරපු විනාස ගැන මංගල සමරවීර කතා කරන්නේ නෑ නේද

      Delete
  10. අද නන්දිකඩාල් වීරයා වෙන්න දඟලන කමල් ගැන තිබෙන හොඳම තක්සේරුව තමයි ඔහු කොළඹ ඩී. එස්. සේනානායක සිසුවෙකුට සලකපු එක. මුන්ගේ කොලිටි එක ගැන තවත් කතා අවශ්‍යද? පට්ට මෝඩයෝ හමුදා යුනිෆෝම් දාගත්හහම පට්ට වීරයෝ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕක අපේ හැටියක් යුනිෆෝම් අඳින උන් හැම තිස්සෙම තමන්ගේ අධිකාරී බලය සිවිල් මිනිස්සුන්ට පෙන්වන්න උත්සහා කරනවා,මේජර් ජනරාල් වුනත්,ආරක්ෂක නියාමකයෙක් වුනත් එක එහෙමයි.

      Delete
    2. ගුටිකාපු කොල්ලටත් වඩා, රාවය පත්තරේ උන්ට ඒ ගැන අමාරුවක් ඇතිවුනේ ඇයි.

      Delete
    3. රාවය පමණක් නොව මනුෂ්‍යත්වය අගයන කවුරුත් ඒ සිද්ධිය හෙළා දකිනවා.

      Delete
  11. ඇත්තට එතුමට ඇයි බැරිවුනේ තමන්ගේ මූලස්ථානය ඇතුලේ ප්‍රහාරයක් එල්ල කරපු වුන්ට සහයෝගය දුන්න වුන්ට දඩුවම් කරන්න, සමහරවිට තමන්ටම දඩුවම් කරන්න බැරි නිසා වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. දඩුවම් දෙන්න එතුමාට බලයක් නෑ. ඒක කරන්නේ අධිකරණය. ඔහු හමුදාපති පමණයි. නීතිපති හෝ අගවිනිසුරු නොවේ.

      Delete
    2. ඇත්තෙන්ම ෆීල්ඩ් මාශල් ෆොන්සේකා මහතා සාපේක්ෂව දක්ෂ කඨෝර සැර පරුෂ සෙනෙවියෙක් බව ඇත්ත. නමුත් ඔහුගෙනුත් ඇතැම්විට යම් අඩුපාඩුකම් අතපසුවීම් සිදුවුන බවක් පේනවා.

      ඉහත සාකච්ඡාව අනුව කමල් ගුණරත්නගේ කණ්ඩායම අදාළ භූමිය අල්ලා ගත්තත් ඔහුගේ පිරිස් එම භූමිය පරීක්ෂා කර බලය තහවුරු කරගෙන තිබෙන්නේ උඩින් පල්ලෙන් බව පැහැදිලි වනවා. මෙහි පොර ටෝක් ඉශූ කරන සිවිල් පුද්ගලයන් මොන බයිලා ගැසුවත් දරුණු යුද්ධයකින් පසුව දැඩිලෙස විඩාබරව වෙහෙසී සිටින සෙබලුන්ගෙන් ලබාගත හැකි දෑ ඉතා සීමිතයි.

      බොහෝ විට ධනවත් දියුණු රටවල හමුදාවන් නම් මෙබඳු දරුණු සටන්/ වෙඩි හුවමාරු වලින් පසුව අල්ලාගන්න බිම් පරීක්ෂාවට අතිරේක භට පිරිස් වලින් සමන්විත වෙනම කණ්ඩායමක් ගෙන්වා අදාළ කණ්ඩායම ලවා පරීක්ෂා කළ හැකියි. නමුත් ලංකාවේ ඒ වනවිටත් දැඩිසේ විඩවට පත්ව දින ගණන් සටනින් හෙම්බත් වූ සෙබලුන්ගෙන් ලැබෙන සහාය අල්පයි.

      අනෙක් අතින් ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා යටතේ පැවති යුධ හමුදා මූලස්ථානයටම පැමිණ එතුමාටත් ප්‍රහාර එල්ල කිරීම මගින් ඔහුගේ පුද්ගලික නිරීක්ෂණය යටතේ පවා මෙබඳු අඩුපාඩු සිදුවූ බව පෙනෙන්නවා. ඇත්තෙන්ම අඩුපාඩු නැති අය නැහැ. අනෙක් අතින් ත්‍රස්තවාදීන්ද ඉතා සූක්ෂ්මව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ රුසියන් බවත් කිව යුතුයි.

      කෙසේ නමුත් එතුමා වැරදි කල අයට හමුදා විනය අනුව අවශ්‍ය දඬුවම් දීමට පැකිළුනු අයෙක් නොවන බව සැවොම දන්නවා.

      Delete
  12. රාවය පමණක් නොව මනුෂ්‍යත්වය අගයන කවුරුත් ඒ සිද්ධිය හෙළා දකිනවා.

    ReplyDelete
  13. ඩොක්ට. සරත් ෆොන්සේකා කියන්නෙ මම ගෞරව කරන එක පුද්ගලයෙක්.

    ගොටාබයට කඩේ යන පුද්ගලයෙක් විදිහටයි ඔය පොත ලියපු කෙනා මම දන්නෙ.

    මම එංගලන්තේ හිටපු LTTE මිනිස්සු එක්ක වැඩ කරල තියෙනව. ඒ වගේම ලංකාවේ පොලීසියේ හමුදාවේ ලොකු නිල තල කරපු ඒත් කොටින්ට උදව් කරල එංගලන්තේ ඇවිල්ල (කොටින්ගේම උදව්වෙන්) එසයිලම් ගහල ලංකාවට යන්නේ නැතුව පවුල් පිටිං කොටින්ගේම සල්ලි වලින් මෙහේ සුරසැප විඳින මිනිස්සුත් දැකල තියෙනව.

    එතකොට අපි මේ කතා කරන්නෙ කවුරු ගැනද ඩොක්ට..??

    ReplyDelete
    Replies
    1. සරත් ෆොන්සේකා කියන්නෙ යුද වීරයෙක්

      Delete
  14. මේ වෙනකොට හැමෝම දන්නවා කමල්කියන්නේ පුස් වෙඩිල්ලක් කියලා, නන්දසේන උඩින් තියන්න ලිව්වා මිසක දැන් රටම දන්නවා නන්දසේන පඹයෙක් කියලා, ෆොන්සේකා අදත් වීරයා, එදත් වීරයා, තාම ආමී එක වෙනුවෙන් පෙනී සිටිනවා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook