කෙලී සේනානායක සහ ලාල් සෝමසිරි
අප්‍රේල් මහ නඩුවේ 26 වන සැකකරුවූ කෙලී සේනානායක අද දේශපාලන පක්ෂයකට අයත් නොවන සමාජ ව්‍යාපාරයක ක්‍රියාධරයකි. මා විසින් නිරීක්ෂණය කළ අන්දමට 71 කැරලිකරුවන් අතර වර්තමානයේ ඔහු ජනප්‍රිය චරිතයකි. ඉතා මිත්‍රශීලීව කෙලී සේනානායක මහතා මට පැවසු අතීත විත්ති පාඨකයාට මෙලෙස ඉදිරිපත් කරමි.
මම විජේවීර ගේ ව්‍යාපාරයට සම්බන්ධ උනේ 1968 විතර කාලයේදී. මම එතකොට පාසල් ශිෂ්‍යයෙක්. මගේ පන්තියේ හිටියා සම්පතී කියලා ශිෂ්‍යාවක්. එයාගේ බලපෑම නිසා තමයි මම මෙම ව්‍යාපාරයට ඇදිලා ආවේ. සම්පතී ලඟ විෙජ්වීරගේ දේශනවලින් ලියාගත් සටහන් තිබුණා. මම පන්තියේදී මේවා කියෙව්වා. මේ නිසා මෙ දේශපාලන ධාරාව කෙරෙහි මට උනන්දුවක් ඇති වුණා. පාසලේදී මම ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ වගේම පාසලේ යම් දානයක්, පිරිතක්, උතAසවයක් තිබුණොත් මම නිතරම ඒ තැන්වල. මිනිසුන්ට එකතුයි. යාළුමිත්‍රාදීන් ගොඩක් හිටියා.
මට විජේවීර ප්‍රථම වතාවට මුණ ගැසෙන්නේ 1968 අග බලපිටිය සාකච්ඡාවේදී. මේ කාලේ වෙනකොට මම පන්ති පහ අවසන් කරලයි තිබුණේ. මට පන්ති කළේ සනත් බොරළුකැටිය, සුනන්ද දේශප්‍රිය, හා අනුර කුරකුලසූරියයි. පන්ති පහ කළ අයට, මාදුගෙ`ග් දූපතක වාඩියක විෙජ්වීර එක් දින පුහුණු පන්තියක් කළා. මේ පන්තියේ සුනන්ද හා අනුර හිටි බව මතකයි. මේ සාකච්ඡාවේදී විෙජ්වීර කිව්වා මතවාදය ඉදිරියට ගෙනියන්න, ජනතාව අතරට ගෙනියන්න පූර්ණකාලීන ක්‍රියාධරයන් අවශ්‍ය බව. මම එහිදි තීරනය කළා පූර්ණකාලීනයෙකු වන්න. එය හදිසි තීරණයක් නොවෙයි. කල්පනා කරල බලලා ගත්ත තීරණයක්. හැබැයි මගේ තනි කැමැත්තට.
මම පසුවදා මම ඉස්කෝලේ යන්න කලින් දෙමව්පියන්ට ලියුමක් ලිව්වා රස්සාවකට යනවා. මා ගැන කරදර වෙන්න එපා කියලා. උදේ පාසලට ගිහිල්ලා පොත් ටික සම්පතී අතට දීලා කිව්වා zzමම හෙට ඉඳන් ඉස්කෝලේ එන්නේ නැහැ. ෆුල් ටයිමර් කෙනෙක් වෙනවා. මගේ පොත් ඔය ගොල්ලෝ පාවිච්චි කරන්නZZ. එහෙම කියලා මම සුනන්ද දේශප්‍රියලාගේ ගෙදර ගියා. ඇල්පිටිය පැලවත්තේ දවස් පහේ අධ්‍යයන කඳවුරට සහභාගි වෙන්න.
මේ කඳවුරට විජේවීර සනත්. බටපොල අතුල, කුමානායක, අනුර කුරුකුලසූරිය, එහෙමත් සහභාගි උනා. ඒ කඳවුරෙන් පස්සේ මාව යැව්වා කොළඹ ඉඩම් සංවර්ධනේ ධනපාල හමුවෙන්න. එහෙ දවසක් දෙකක් විතර ඉඳලා මම මාතලේ යන්න සූදානම් උනා. පැලවත්තේ කඳවුරේදී මට ලැබුණු, දිස්ත්‍රික්කය තමයි මාතලේ. සුසිල්ට පොළොන්නරුව, නිශ්ශංකට අම්පාර, අනුර කුරුකුලසූරියට නුවර, ලැබිලා තිබුණා.
මම ඉගෙන ගත්තෙ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ. මම තමයි මුල්ම පූර්ණකාලීනයා. ඊට පස්සේ ෆුල් ටයිමර්ස්ලා 7ක් අපේ විදුහලින් ආවා. ගෙදර දෙමව්පියන් යටතේ හිටපු නව යෞවනයෙක්. දේශපාලන මතවාදයක් නිසා ගෙදරින් ඉවත්වෙලා එනවා. ප්‍රේම සබඳතාව අත්හරිනවා. මේ වගේ ආකර්ෂණයක් තරුණයන් අතර ඇති කිරීමට විෙජ්වීරට පුළුවන් උනා. ඒකට විශේෂ හේතුවක් ලෙස මට හිතෙන්නේ පන්ති පහේ දැනුම. මින් වඩාත්ම තරුණයන් ආකර්ෂණය කළ පන්තිය උනේ ආර්ථීක අර්බුධය. ඒක තමයි පළමුවන පන්තිය. ඒ වගේම අන්තිම පන්තිය විප්ලවය ගත යුතු මග කියන පන්තියත් තරුණයන් අතර ජනප්‍රිය උනා.
දැනුම හා තොරතුරු තාක්ෂණය සීමාසහිත වෙලා තිබු යුගයක සම්ප්‍රදායික දේශපාලන හා සමාජ ධාරාවන් ඔස්සේ ආපු දැනුමට වඩා වෙනස් රැඩිකල්, දැනුමක් තමයි විෙජ්වීර ඛෙදා දුන්නේ. ඒ වගේම සම්ප්‍රදායට දෙමාපියන්ට, වැඩිහිටියන්ට, අභියෝග කරන්න පුරුදුව සිටි ගැටවර වයසේ තරුණයෝ මේ මතවාදය හරහා යම් අනන්‍යතාවක් හදාගත්තා. ඒ වගේම රහසිගත දේශපාලනය කිරීමේ ත්‍රිල් එක, තරුණයන් කුල්මත් කරන්න ඇති. ඊට අමතරව කියුබානු විප්ලවය, චේගුවේරා චරිතය තරුණයන් අතර ඇති කළේ උණුසුම් හැඟීම්.
(60 දශකයේ, ආවේගශීලි ධාරාවන් 3ක් ලෝකයේ තරුණ කොටස් අතර දැකිය හැකි විය. කැස්ත්‍රෝ, චේගුවේරා, සුසංගතයේ, විප්ලවවාදී ක්‍රියා, බීට්ල්ස්මේනියාව හා වියට්නාම් යුද විරෝධී මතවාදයයි. ඒත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතර වඩාත්ම ප්‍රචලිතවූයේ කැස්ත්‍රෝ, චේගුවේරා විප්ලවවාදී අදහස්ය. කත_ෘ )
මේ හේතුවෙන් මා වැනි ලාබාල තරුණයන් සිය නිවෙස්. දෙමාපියන්, සහෝදර සහෝදරියන්, අතහැර ව්‍යාපාරයට ආවා. මම පවුලේ වැඩිමලා. මට බාල සහෝදරයෝ 6 දෙනෙකු හා නංගී කෙනෙකු සිටියදී තමයි මම ඒ සියළු වගකීම් හැර දමා පැමිණියේ. ඒත් ඊට වඩා වැඩි වගකීම් තිබූ තරුණයන් පවා මෙම ධාරාවට ඇදී ආවා.
ධනපාල මාව දඹුල්ලට ගෙන ගියා. දඹුල්ලේ ඉඩම් සංවර්ධන වැඩබිමේ ධනපාලගේ යාළුවෙක් හිටියා. මිත්‍රපාල කියලා. මිත්‍රපාලට මාව හඳුන්වලා දුන්නේ අක්කගේ පුතා හැටියටයි. මට ධනපාල දීපු නම සෙනරත් බණ්ඩාර. මම දඹුල්ලේ පෙනි සිටියේ මේ නමින්. මම නැවතුනා පියසිරි කුලරත්න එක්ක තාවකාලිකව. නිතරම දඹුල්ල පුස්තකාලයට යනවා. ඒ අතර වාරයේ පුස්තකාලයට එන තරුණයන්ට කොකු ගහනවා. දඹුල්ල මහා විද්‍යාලයේ ළමයි නිතරම පුස්තකාලයට එනවා. මම වැඩිහිටි ළමයින්ටත් කථාකළා. මගේ පළමුවන කොක්ක පියසේන කියන ඉහළ පන්තියේ ශිෂ්‍යයා.
මම දඹුල්ලේ වැඩකරන ගමන් ගෙදරට ලියුම් යවනවා. මම හොඳින් ඉන්නවා. මා ගැන කරදර වෙන්න එපා කියලා. මම ලියුම් තැපැල් කරන්නේ පේරාදෙනි යනකොට. මගෙ ලියුම්වල මම ඉන්න තැන් ඇඩ්‍රස් නැහැ. මගේ පාසල් මිත්‍ර සුනිල් සොයිසා මට ගෙදර විස්තර දන්වලා ලියුම් එව්වා. අම්මා, තාත්තා. කැලඹිලා හිටියේ මගේ මේ තීරණයට. ඒ අය දැනගන හිටියේ නැහැ මගේ හා ව්‍යාපාරයේ සබඳකම්. දැනගත්තෙත් ගොඩාක් පහුවෙලා.
ඒ කාලේ අපි ව්‍යාපාරය කියන නම තමයි භාවිතා කළේ. ජනතා විමුක්ති පෙරමුණ කියන නම දැම්මේ 70 දී. විෙජ්වීර ප්‍රථම වතාවට හම්බන්තොටදී අත්අඩංගුවට ගත්තට පස්සෙදි. දියත් කෙරුණු පෝස්ටර් ප්‍රචාරයේදී වෙන්න ඕනැ. ඒ නම යෝජනා උනේ ලොකු අතුල ගේ ගෙදර තිබු සාකච්ඡාවකින්. පසුව බවයි. මගේ අදහස.
පක්ෂයේ නායකයන් අතර තිබූ මතභේදයන් නිසා වරක් විෙජ්වීර පියතිලක සමඟ මාව හමුවෙන්න දඹුල්ලට ආවා. මාව දඹුල්ලේ සිට අම්පාරට ගෙනයාම ගැන, මම හිතන්නේ ඒ අයට අවශ්‍ය උනා මගේ ස්ථාවරය බලන්න. මම සනත් බොරළුකැටිය ගේ පැත්තෙAද, විෙජ්වීරගෙ පැත්තෙAද කියලා බලන්න වෙන්න ඇති. හිඟ=රක්ගොඩදී විෙජ්වීර අනික් සාමාජිකයන්ට කථා කරනකොට, පියතිලක මට කිව්වා සනත් හා ලොකු අතුල විෙජ්වීර සමඟ තිබූ අර්බුදය ගැන මට පැවසුවා පක්ෂ නායකත්වය සමග ඉන්න කියා. මම ඊට එකඟතාව දුන්නා. එ අනුව තමයි මමයි විෙජ්වීරයි අම්පාරට ගියේ.
අම්පාරෙදී අපට අම්පාර දිස්ත්‍රික් ලේකම් නිශ්ශංක හා අම්පාරේ ප්‍රේමරත්න හමු උනා. ප්‍රේමරත්න ගනිසම (ගංඟා නිම්න සංවර්දන මණ්ඩලේ) වැඩකළේ. පදිංචිය ගනිසම නිළ නිවාසයක. අපි උහන සිට ටැක්සියකින් 1971 මාර්තු 13 දින අම්පාරට ආවා. අපි ටැක්සියෙන් බැස්සෙ ප්‍රේමරත්නගේ ගේ ළඟ. එදා ගනිසම සේවක ස්ට්‍රයික් එකක්. ටැක්සිය නවත්තපු තැන ළඟ පොලිස් ට්‍රක් එකකුත් නවත්තලා. තිබුණා. එතන පොලිස් කාරයො 30 විතර හිටියා. මේ වෙනකොට සවස 6.30 විතර ඇති. එතන හිටපු උපපොලිස් පරීක්ෂකවරයා හිතුවේ අපි ස්ට්‍රයික්කරුවන්ට සහයට පැමිණි කට්ටියක් කියලා. අපිව අල්ල ගත්තා. ටැක්සිය පවා පරීක්ෂා කළා. පත්‍රිකා එහෙම තියෙනවද කියලා. මේ අය හිතන්නට ඇත්තේ අපි වැඩවර්ජනය මෙහෙයවීමට කොළඹින් පැමිණි පිරිසක් ලෙසට. ප්‍රේමරත්නගේ ගේ අසල අපේ තව සාමාජිකයන් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ලාල් සෝමසිරි ඒ අයත් අපි ළඟට ආවා. මේ නිසා පොලිසිය දැන් අපි හයදෙනා පොලිස් ට්‍රක්එකට දාගත්තා.
විෙජ්වීර මඳක් කැළඹුණා. මම හිටියෙ විෙජ්වීර ළඟ. විෙජ්වීර කිව්වා අඳුනාගන්නවා වගේ තත්වයක් තියෙනවා නම් අපි කවුද කියලා කියමු. එතකොට ට්‍රක්එකේ අපි ඉදිරියේ හිටපු පොලිස්කාරයා උඹලා කතාකරන්න එපා කියලා නියෝග කළා. අපි අම්පාර පොලිසියට ගෙන ගියහම පොලිස් ඉන්ස්පැක්ටර් කෙනෙක් ආවා. zකවුද මේ?Z කියලා අහනකොට එස්.අයි. කිව්වා මේ ගොල්ලෝ අපේ පොයින්ට් එක ළඟට ආවා. එතනදී තමයි ගත්තේ කියා කීවා.
ඉන්ස්පැක්ටර් විෙජ්වීර දිහා බලලා ඇහුවා තමුසෙ කවුද කියලා. විෙජ්වීර උත්තර දුන්නේ නැහැ. මුහුණට පොඩි හිනාවක් ආවා. ළඟ හිටපු පී.සී. කෙනෙක් zසර් මෙයා විෙජ්වීර වගේZ කිව්වා. ඒ වෙනකොට විෙජ්වීර ප්‍රසිද්ධ චරිතයක්. සෑම පොලිසියකම වගේම විෙජ්වීරගේ ෆොටෝ එක තිබුණා. ධර්මසේකරලා ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගහලා නෙළුම්දෙනියෙ බෝම්බ පිපිරිලා. මාස් හෝල් එකේ සිවිලිමේ බෝම්බ පිපිරිලා. අවි ආයුධ තොගපිටින් අත්අඩංගුවට ගැනෙනවා. මේ නිසා පොලිසිය ජ.වි.පෙ ගැන සෝදිසියෙන් සිටියා.
ඉන්ස්පැක්ටර් මේ සැරේ ඇසුවා තමුසෙ විෙජ්වීරද? කියලා. විෙජ්වීර zඔව්Z කිව්වා. පොලිස් පිරිස පුදුම තිගැස්සුණු හා කෙටි නිහැඩියාවකට ගියා. වැරදිලා අල්ලපු ලොකු කැච් එකක් ලෙසට තමයි ඉන්ස්පැක්ටර් විෙජ්වීරගේ අසුවීම තේරුම් ගත්තේ. ඊට පස්සේ විෙජ්වීරට කණ්නාඩිය දාගන්නවා කියලා නියෝග කළා. විෙජ්වීර කණ්නාඩිය දාගත්තා. දැන් පොලිසියට හොඳටම සහතිකයි.
ඉන්ස්පෙක්ටර් මගෙන් ඇහුවා තමුසේ කවුද? කියලා. මම උත්තර දුන්නා සෙනරත් බණ්ඩාර දඹුල්ලෙන්. ඒ වගේ අනිත් අයගෙනුත් විස්තර ඇහුවා. ඒ කරලා විෙජ්වීර දෙසට හැරිලා අහනවා මොකටද මෙහෙ ආවෙ කියලා. විෙජ්වීර කිව්වා පක්ෂයේ වැඩකට ආවේ කියලා. ප්‍රේමරත්නගේ ගෙදරට එන කොට තමයි. අපිව අරගන ආවේ කියලා.
අපිව පොලිසියේ කූඩුවලට දැම්මා. මමයි විෙජ්වීරයි එකම කූඩුවක. අනිත් හතරදෙනා තවත් කූඩුවක. හදිසි අත්අඩංගුවට ගැනීම නිසා විෙජ්වීර කලබල මෙන්ම වික්ෂිප්තවෙලා හිටියා. විෙජ්වීර මට කිව්වා ප්‍රශ්න තියෙන අවස්ථාවේ (මේකෙන් අදහස්කළේ සනත්, ලොකු අතුල, ඇතුළු නායකයන් අතර තිබූ මතභේද) අත්අඩංගුවට ගැනීමෙන් සංවිධාන කටයුතු මාර අවුලක් වෙනවා කියලා. මේක කියන කොට රෑ 9.30 විතර ඇති.
අම්පාර පොලිසිය විෙජ්වීර අත්අඩංගුවට ගැනීම ගැන කොළඹට දැන්වූවා. ඒ අයට අවශ්‍ය කළා කොළඹින් උපදෙස් ගන්න. මේ අතර විෙජ්වීර අම්පාර පොලිසියට ගෙනාවා කියල සාමාන්‍ය ජනතාව 200-300 විතර අම්පාර පොලිසිය අසල කුතුහලයට. එය විරෝධතාවයට නොවේ. මේ අස්සේ පොලිසියට සම්බන්ධකම් තියෙන මිනිස්සු අපි හිටපු කූඩුව අසලට ඇවිත් විෙජ්වීරව බලලා යනවා.
අපිට පොලිසිය හොඳට සැලකුවා. කෑම දුන්නා. ඒ වෙනකොට ප්‍රේමරත්නගේ ගෙදරිනුත් ඇවිල්ලා හිටියා. රෑ10 විතර වෙනකොට ඒ.එස්.පී. වගේ නිළයක් දරන අයෙක් පැමිණියා. අපි හිටපු සෙල් එක ළඟට. අවිල්ලා විෙජ්වීර සමඟ කථා කළා. ඇහුවා zඇයි ඔය ගොල්ලෝ මෙහෙ ආවේ? කොහේද ගියේ? යනාදි වශයෙන්Z විෙජ්වීර පිළිතුරු දුන්නා. පක්ෂයේ වැඩකට ආවා. ඒ කරලා ඒ.එස්.පී. ගෙන් ඇහුවා zඇයි අපව තියාගෙන ඉන්නේ?Z කියලා. එයට ඒ.එස්.පී. කිව්වේ ඔයගොල්ලන්ව අත්අඩංගුවට ගැනීම ගැන කොළඹට දැනුම් දීලා තියෙන්නේ. උදේ කොළඹින් එනවා. ඒ අයගේ තීරණය මත අපි කටයුතු කරනවා. කිව්වා.
අනපේක්ෂිත ලෙස අත්අඩංගුවට පත්වීම නිසා විෙජ්වීර හිටියේ කරදර ගතියෙන්. විෙජ්වීර සිය කැමැත්තෙන් අත් අඩංගුවට පත් උනා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මම එදා එතන හිටියා. අද විෙජ්වීර ජීවතුන් අතර නැහැ. ඒ නිසා මම සත්‍යය කියයුතුයි. එදා සිදුවීම ගැන බොරුවක් කියන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. පසු කලෙක විෙජ්විර මා සමඟ තරහ උනා. මට 88 කාලයේ ජීවිත තර්ජනත් ආවා. ඒත් මම 1971 මාර්තු 13 සිද්ධිය විකෘති කරන්න කැමති නැහැ.
අපි අම්පාර පොලිසියේ සෙල් එකේ ඉන්න කොට විෙජ්වීර මට පක්ෂය තුළ තිබූ මතභේද කිව්වා. ලොකු අතුල, සනත්, කට්ටිවාදී ලයින් එකක් ගෙනියනවා කියලත් කිව්වා. මේක (අත්අඩංගුවට ගැනීම) මාර ප්‍රශ්නයක් වෙනවා. මේ ගොල්ලෝ (ලොකු අතුල/සනත්) මොනවා කර ගනීවිද දන්නේ නෑ යනුවෙන් කිව්වා. විෙජ්වීර කැලඹිලා හිටියේ. නිදහස් වෙන්න උවමනාව තිබුණා. කලින් (1970දි) ගත්තවගෙ ලේසිවෙන්නෙ නෑ මේ සැරේ යනුවෙනුත් ප්‍රකාශ කළා.
උදේ අපිට මූණ සෝදන්න දුන්නා. අපි ඇඳගන හිටියේ අත්අඩංගුවට පත්වන විට ඇඳගෙන හිටි ඇඳුමමයි. උදේ 10 විතර වෙන කොට සර්නි විෙජ්සුරිය, කේ.එස්.ද සිල්වා, යන රහස් පොලිස් නිළධාරීන් ආවා. මට හිතෙන හැටියට මේ අය කොළඹ සිට හෙලිකොප්ටරයෙන් පැමිණියේ. ඒ කාලෙ රහස් පොලිසිය හැඳින්වූයෙ එම්.අයි.5 යුනිට්එක කියලා. චේගුවේරා බියුරෝව යනුවෙන් කිව්වා. මේ අය මුලින්ම ගත්තේ රෝහණ විෙජ්වීරවයි. පැය 1, 2/1ක් පුරා කට උත්තර ගත්තා. ඊට පස්සේ මාව. මම දුන්නෙ ව්‍යාජ නම ගම. හවස 3 විතර වෙනතෙක් අපි සැම දෙනාගේම කට උත්තර ලියාගෙන අපිව ගෙන ගියා මහේස්ත්‍රාත් ලඟට. මහේස්ත්‍රාත් අපට දින 14 කට රිමාන්ඩ් කළා. මඩකලපුව බන්ධනාගාරයේ.
1971 මාර්තු 14 දින හවස 6ට 7ට විතර අපිව මඩකලපුව බන්ධනාගාරයට ගෙන ගියා. අපිව දැම්මේ කාන්තා වාට්ටුවේ. ඒ මොකද කාන්තා වාට්ටුව හිස් නිසා. මඩකලපුවේ බන්ධනාගාරයට යාමත් විෙජ්විරට ගැටළුවක්. අපට නීති උපදෙස් ලබා ගන්නේ කොහොමද යන්න පිළිබඳවත් විෙජ්වීර කථා කළා. ඒ වගේම අපට විශ්වාසයක් තිබ්බා කවුරු හරි අපිව බලන්න නීතිඥයකු සමඟ එයි කියලා. රෑ එකට විතර අපිව නැගිට්ටෙව්වා. වහාම කොළඹ යන්න ලෑස්තිවන්න කියලා. අපිට මාංචු දාලා ඊක්ජන ඵ්රස් කළු පැහැයට හුරු නිල් බන්ධනාගාර වෑන් එකකට දාගත්තා. මමයි විෙජ්වීරයි එකට මංචු දාලා අපට මේ ගැන බියක් ගැස්මක් ආවා. අවිනිශ්චිතතාව නිසා. මහ රෑ අඳුරු කැලෑ පාරක වාහනයේ අපිව ගෙනිච්චා. කොහෙටද දන්නේ නෑ. අපිව ගෙනිච්චේ කාසිගේ කියන ෙජ්ලර්. එයා කිව්වේ ඔයගොල්ලෝ ගෙනියන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට කියලා.
රිමාන්ඩ් බන්ධනාගාරය ළඟ අපි දැක්කා ඔස්මන්ගේ අම්මා හා කුමානායක. මේ වෙනකොට ඔස්මන්ඩ් රිමාන්ඩ් එකේ. අම්මා දවල්ට කන්න බත් ගෙනල්ලා. ඒ අය අපව දැකලා ළඟට එන්න ආවා. ෙජ්ලර්ලා ඒකට ඉඩදුන්නෙ නැහැ. එවිට විෙජ්වීර කිව්වා විසිට් එකක් දාගන බලන්න එන්න කියලා.
1971 මාර්තු 15 දින උදේ 11ත් 11.30ත් අතර වෙලාවේ ඔස්මන්ඩ්ගේ අම්මා විසිට් එකක් දාගන කුමානායකත් එක්ක අපව බලන්න ආවා. දිග බංකුවක එහා පැත්තේ ඒ අය. මමයි විෙජ්වීරයි මේ පැත්තේ. විෙජ්වීර ඔස්මන්ඩ්ගේ අම්මාට කිව්වා එඩ්මන්ඩ් සමරක්කොඩි, ප්‍රින්ස් රාජසූරිය, ඒස්.ඩී. බණ්ඩාරනායක, ප්‍රින්ස් ගුණසේකර, යන අයට කියන්න කියලා. අපි අත්අඩංගුවට ගත් බව. කට්ටියට (මින් අදහස් කළේ, ලොකුඅතුල, සනත්ට) කියන්න ප්‍රශ්න අමතක කරන්න. ප්‍රශ්න විසඳාගන්න පුළුවන් පස්සේ. පසු බහින්න.දිස්ත්‍රික් මාරු කරන්න. ආයුධ හංගන්න. කියලා. ඒ වගේම මෙහෙ අඳින්න මොනවාහරි ගේන්න කියල කිව්වා.
මේ අනුව අප්‍රේල් 5දා ප්‍රහාරය ගැන විෙජ්වීරගේ ස්ථාවරය ගැන කුකුසක් එනවා. විසිට් එකෙන් පස්සේ අපිව ජී. වාට්ටුවට ගෙන ගියා. මාව කොළඹ රඳවාගෙන, විෙජ්වීර, ලාල්, සෝමසිරි, ප්‍රේමරත්න, නිශ්ශංක ඇතුළු පිරිස යාපනය හිරගෙදරට ගෙන ගියා. යාපනයේදී ලාල් සෝමරසිරිට ඇප ලැබුණා. අප්‍රේල් 5දා ප්‍රහාරය ගැන විෙජ්වීර ලාල් සෝමසිරිට පැවසීම හා පියතිලකගේ නායකත්වයෙන් 500 ක් යාපනය හිරගෙදරට එවා හිරගෙදර කඩා බේරාගැනීමට එවන්න යැයි කීමත් විවාදයට ලක්කළ යුතුයි. මට හිතෙන හැටියට එදා තිබූ වාතාවරණය ප්‍රහාරය සඳහා පහළින් එන පීඩනය, අවිනිශ්චිතතාව, කලබලය නිසා ඉඩ ලැබුණු විගස හදිසියේම ලාල් සෝමසිරිට ඉහත පණිවිඩය දුන්නා විය හැකියි.
මට අප්‍රේල් 5දා දක්වා රඳවාගැනීමේ නියෝගයක් දීලා තිබුණා. අප්‍රේල් 7 දින රෑ මාව හදිසියේ වැලිකඩ එච්. වාට්ටුවට ගෙන ගියා. මීට හේතුව මම බන්ධනාගාරයේ දොස්තර බැද්දවිතාන මහතා සමඟ කථාකිරීම නිසයි. අප්‍රේල් 5 දින ප්‍රහාරය ගැන මම දැනගත්තේ වෛද්‍ය බැද්දවිතාන ගෙන්. ඔයගොල්ලන්ගේ කට්ටිය පොලිසි වලට ගහලා සමහර පොලිසි අල්ලාගෙන කියලා කිව්වා. තව කොළඹ පාන් නෑ. පොල් නෑ කියලත් කිව්වා.
මේ අනුව මට තේරුම් ගියා ප්‍රහාරයක් වූ බව. ඒත් කොළඹ සන්සුන් බවයි පේන්නේ. වෙඩි හ~ක්වත් ඇහෙන්නේ නෑ. ෙජ්ලර්ලත් සන්සුන්ව ඩියුටි කරනවා. කැරැල්ල පරාජය වෙලාද යන අදහසක් මට ආවා. මේ කාලයේ මට මතක් උනේ දඹුල්ලේ මගේ දිස්ත්‍රික්කය. එහි වැඩ. අපට නියමිතව තිබුණේ දඹුල්ල හා ගලේවෙල දිස්ත්‍රික්කයට පහරදෙන්න.
පසුව මට ආරංචි උනා දඹුල්ලේ සමරතුංග දඹුල්ල පොලිසියට දෙවරක් පහර දුන් බව. දෙවන ප්‍රහාරයේදී සමරතුංග මියගියා. දෙවන ප්‍රහාරයෙන් පසුව දඹුල්ල පොලිසිය ගොඩනැගිල්ල අතහැරලා ගියා කියලා. ගලේවෙල පොලීසිය ප්‍රහාරයක් එල්ල කරන්නට කලින්ම ඉවත්කරගන.
වෛද්‍ය බැද්දවිතාන මා සමඟ කථා කරන බව ෙජ්ලර්ලා ඉහළට දන්වලා තිබුණා. ඒ නිසා මාව එච්. වාට්ටුවට යැවීමටත් වෛද්‍ය බැද්දවිතානගේ ගේ වැඩ තහනම් කිරීමත් සිදු කළා. එච්. වාට්ටුවේදී මහින්ද විෙජ්සේකර, එස්.ඩී. බණ්ඩාරනායක, එහෙම හිටියා. ජෙA.ආර්. ගේ පුතා රවි ජයවර්ධනත් එක දවසකට ගෙනත් තිබූ බවත් මතකයි. මම එච් වාට්ටුවේ ඉන්න කොට චන්ද්‍රපාල කුමාරගේ ගෙනාවා.
අපිව රඳවලා තිබුණේ අධි ආරක්ෂිත මැදිරිවල. එකිනෙකා සමඟ කථාකරන්නවත් දුන්නේ නැහැ. මාස 3 ක් විතර යනකන් මට පිටත තොරතුරු ලැබුණේ නැහැ. හිටියේ අවිනිශ්චිත බවකින්. රැඳවීම් නියෝග යටතේ අපි එක්ක කරුණාසේන ජයලත්. වාසුදේව, කපිතාන් සී.පී.ෙජ්. සෙනෙවිරත්න, හිටියා. කපිතාන් සී.පි.ෙජ්. තුළ බරපතල මානසික කඩා වැටීමක් මම දැක්කා. ඇඳුම රෝගයෙන් පෙළුණ නිසා වඩාත් වාතාශ්‍රය තියන සිර මැදිරියටකට එයාව ගෙනියන්න යැයි නිතර ඉල්ලීම් කළා. ඒත් පළක් උනේ නැහැ.
මම අත්අඩංගුවේ ඉන්නකොට ඉයන් වික්‍රමනායක ආවා. ඉයන් හොඳට ෙජ්ත්තුවට. අඳිනවා. දවල් කෑමට ගෙදර ගොස් එනවිට ටයිඑකයි. ෂර්ට් එකයි සපත්තු දෙකයි, මාරුකරලා නැවත හොඳට ඇඳගන එනවා. මට හොඳට කථා කළා. විෙජ්වීරට විරුදධව ප්‍රහාරය ගැන සාක්කිය දෙනවා නම් මාව නිදහස් කළ හැකි බව කීවා. මම ඒකට එකඟ වුණේ නැහැ.
1972 විතර මහ නඩුවට පිරිස එච්. වාට්ටුවට ගෙනාවා. මුලින්ම ගෙනාවේ ලයනල් බෝපගේ. අපි දෙන්නා කාලයකට පස්සේ හමු වූ නිසා කථා බස් කළා. මහ නඩුවේ විත්තිකරුවන් තීරණය කළේ සංඝාරාමයේදී ප්‍රහාරයට තීරණ ගත්අය, දිස්ත්‍රික් නායකයන් අරගන. ඒ වෙනකොට සරත් විෙජ්සිංහ, සනත් බොරළුකැටිය මැරිලා. ප්‍රේමපාල, නයනානන්ද විෙජ්කුලතිලක අත් අඩංගුවට ගෙන නැහැ. හිටියේ 34ක් වගේ පිරිසක්.
මට මතක හැටියට විෙජ්වීර ලොකු අතුලගේ මූණ බලලා කථා කළේ එහෙම නෑ. ඒ වගේම කුමානායක, ටි.ඩී. සිල්වාත් ඈත් කරලා තිබුණේ. නඩුවෙදි අපි කවුරුවත් හිතපු නැති විධියට ලොකු අතුල වරද පිළිගත්තා. ඊට පස්සේ අපි හිතුවා කුමානායකත්, ටී.ඩී. සිල්වත් එA මාර්ගයේම යැයි කියලා. අපේ උපකල්පනය හරි. ඒ අයත් ලොකු අතුල වගේ වරද පිළිගත්තා.
අපි සියළුදෙනා කොමිසමට ගියේ එකට. එක වාහනේ. වරද පිළිගැනීමෙන් පසු මේ තිදෙනා වෙන වාහනයකින් යළි බන්ධනාගාරයට ගෙන ගියා. ඉන්පසු රඳවා තැබුවේ වෙන වාට්ටුවල. වරක් විෙජ්වීර සාක්කි කූඩුවේදී කැරැල්ලේදි මිය ගිය අය ගැන කියලා ඇ~ුවා. ඒත් සුළු මොොහතකින් ඔහු දුක මැඩගත්තා.
විෙජ්වීර එක්තරා ආකාරයක නිර්දය චරිතයක්. ඔහුට පාසල් මිතුරන් හිටියේ නැහැ. සුළු දෙයකින් පවා කලබලවන ෑංජසඒඉකැ චරිතයක්. අධිතක්සේරුව හා සැකය නිරන්තරයෙන්ම තිබුණා. ඔහු ආවේගශීලී කථීකයෙක්. පියතිලක තුළත් මම දැක්කා ඇතැම් නිර්දය නිරානුකම්පික ගති ලක්ෂණ.
මහනඩුව තුළදී විෙජ්වීර ළඟ හිටපු පිරිස් එකිනෙකා ඉවත්වුණා. අන්තිමේදී මම, බෝපගේ. උයන්ගොඩ යන අය විතරයි විෙජ්වීරට හිතවත්ව හිටියේ. මම විෙජ්වීර සමඟ අවුරුදු 4 1/2 ක කාලයක් හිරගෙදර එකට හිටියා. සමහර අනුගාමිකයන් විෙජ්වීර කෙරේ දැක්වූ ගරුත්වය ඒ වෙනකොට. අඩුවෙලා වරක් ලක්ෂ්මන් මාදුවගේ විෙජ්වීරට සෙරෙප්පුවෙන් ගහන්නත් ගියා. මම දවසක් දෙකක් යනකන් මාදුවගේට උඩතට්ටුවෙන් බිමට බහින්න පවා දුන්නේ නැහැ.
මෑතකදී මාදුවගේ මට හමුවුණුවෙලාවේදී ඒ පිළිබඳව මතක් කළා. නමුත් දැන් අප අතර තරහක් නැහැ. විෙජ්වීර මාත් එක්ක ඉතා කිට්ටුව ඇසුරු කළා. විෙජ්වීර නිතරම ගැඹුරු වචනවලින කථා කළේ. අව්‍යක්ත වචන කවදාවත් භාවිත කළේ නැහැ. zඋඹZ යන වචනය මට. සුනන්ද රත්නසිරිට, නයනානන්දට භාවිතා කළා. zඋඹZ කිව්වේ වැඩි හිතවත් කමටයි. විෙජ්වීරගේ සෙල් එක අපිරිසිදුයි. ඒක සුද්ද කළේ රත්නසිරිත්
නයනානන්දත් තමයි.
වරක් මම විෙජ්වීරගෙන් zයසෝමාZ සම්බන්ධය ගැන ඇහුවා. විෙජ්වීර කිව්ව කරුණු අනුව ඒක අහිංසක ආදරයක්. දවසක් යසෝමා උදේ කෝපි එකක් ගෙන ආවිට zකිස්Z එකක් පමණක් දුන්නා කියලා විෙජ්විර මට කිව්වා. මම විහිළුවට ඇහැව්වා උදේ කුණු කෙළ පිටින්ද කියලා. විෙජ්වීරටත් ඒකට හිනා.
සී.ෙජ්.සී. කොමිසමට මරණ දණ්ඩණය දිය නොහැකි බව අපෙA නීතිඥයන් කිව්වා. ඒ නිසා එතරම් කැළඹීමක් අප අතර තිබ්බේ නැහැ.විෙජ්වීරට ජීවිතාන්තය දක්වා තීන්දුව දුන් අවස්ථාවේ විෙජ්වීර තුළ කඩා වැටීමක් මම දැක්කේ නැහැ. හිනා වෙලා හිටියා.
අපි හිරේ ඉන්නකොට මහින්ද විෙජ්සේකර නිතරම මාත් එක්ක පැටළෙනවා. අපි වොලිබෝල් ගහන කොට අපි දෙන්නා දෙපස කණ්ඩායම් දෙකේ නායකත්වය ගන්නවා වරක් අපි බල කලා විෙජ්වීරටත් සෙල්ලමට එන්න කියලා. විෙජ්වීරට ක්‍රීඩා හැකියාවක් තිබුණේ නැහැ. එකපාරටම බෝලයට ගහන්න ගිහි්ලලා මහපට ඇඟිල්ල උළුක් කරගත්තා. (මහින්ද විෙජ්සේකරගේ වාර්තාව අනුව මෙය ව්‍යාජ උළුක්කුවක් බව පැවසුනද එය සත්‍ය ලෙසින්ම සිදුවූ උළුක්කුවක් බව කෙලී සේනානායක කියා සිටියි. කර්තෘ)
දවසක් කිරි වගයක පළහිලව්වට මහින්ද විෙජ්සේකර මාත් එක්ක ගහගන්නත් ආවා. අපි දෙන්නා ඉඳහිට ඇනුම්පදත් කියාගන්නවා. වරක් අපි මහ නඩුවේ අය දිග මේසයක හිඳිමින් කෑම කනවා. මගේ පිඟානේ තිබුණේ මාලූවාගේ වල්ගය කොටස. මහින්ද විෙජ්සේකර මගේ පිඟාන දිහා බලලා ඔලොක්කුවට කිව්වා zවල්ගය නැති මිනිහට වල්ගය ලැබිලාZ කියලා. මම මහින්දගේ පිඟාන දිහා බැලූවා. ඒ පිඟානේ තිබුණේ මාලූවාගේ ඔලූව. මම ගත් කටටම කිව්වා zඔළුව නැති එක්කෙනාට ඔලූව ලැබිලාZ කියලා. හැමෝටම හිනා ගියා.
අපි හිරේදී කැරැල්ලේදී මිය ගිය අයගේ ලැයිස්තුවක් හැදුවා. අපි හැමෝම තම තමන්ගේ දිස්ත්‍රික්කවල මියගිය අයගේ නම් ලිව්වා. 71 කැරැල්ලට (20000) විසිදාහක් පමණ පිරිසක් සම්බන්ධ උනා. මරණ (5000) පන්දහසක් විතර තියෙන්න ඇති. 1971 දි පොලිසියේ හිටියේ (11000) එකොළොස්දාහක් විතර භට පිරිසක්. 1972 වෙන කොට පිරිස් බලය (35000) තිස්පන්දහ දක්වා වැඩි උනා. මේ කරුණට කෙලින්ම කැරැල්ල බලපෑවා.
යම් ලෙසකින් 71 කැරැල්ල දින්නා නම් මට හිතෙන්නේ ඝාතන වැලක් සිදුවෙන බවයි. සාමාජිකයන් අතර පවා මරා ගැනීම් සිදුවෙයි. අවසන් කාලයේදී විෙජ්වීර ළඟ ඉතිරි උනේ මමයි, බෝපේගේ, පමණයි. ප්‍රහාරය පිළිබඳ වගකීම නොදැරීම, මතභේද ආවේග පහවීම වැනි කරුණු හරහා විෙජ්වීර වටා සිටි ප්‍රබලයන් කෙමෙන්. කෙමෙන් ඔහුව අත්හැරියා. ඒ වගේම පිරිස් මාක්ස් වාදය කියවා 71 නැගිටීම පිළිබඳව වඩාත් විචාරශීලිව බලා වැරදි තේරුම් ගත්තා.
අද මම පැහැදිලිවම ආයුධ අතට අරගන කරන සමාජ පරිවර්තන ප්‍රතික්ෂේප කරනවා. ආයුධ මගින් වන ජීවිත විනාශය අපි 71 දි අත්දුටුවා. කෙනෙකුගේ මරණය කොතරම් ඛේදජනකද? ඇයි, අපි ජීවිතය විඳින්න ඉඩක් නොදෙන්නේ? මතවාද වෙනුවෙන්.
අවිහිංසාව තුළින් සමාජය වෙනස් කරන්න පුළුවන්. මාටින් ලුතර්කිං ගේ අවිහිංසාවාදී ව්‍යාපාරය වසර 40ක් ඇතුළත ඇමෙරිකානු සමාජය වෙනස් කළා. වැරදිලා හෝ ඔවුන් ආයුධ මගින් මෙය කළා නම් කොපමණ විනාශයක්ද? අද සිටින ඉලක්කයට ගවු ගණන් පසුපස ඔවුන් සිටීවි. එදා කිං බුද්ධිමත්ව ගත් තීරණයේ ප්‍රතිඵල අද අපි දකිනවා. බරක් ඔබාමා ගේ ජයග්‍රණය හරහා.
ශිෂ්ඨ සමාජ රටවල් නිර්නායනයන් හැදිය යුතුයි. දේශපාලන, ප්‍රචණ්ඩත්වය නිසා වාර්ෂිකව මියයන මිනිසුන්ගෙ අනුපාතය ලක්ෂයක ජන සංයුතිය අනුව, ඒ ඉන්ඩෙක්ස් එක මත අපට කියන්න පුළුවන්, පසුගිය වාරේ අපේ රටේ දේශපාළන ප්‍රචණ්ඩත්වය නිසා මිනිසුන් මෙපමණක් මිය ගියා. මෙය සංසන්දනය කරන්න පුළුවන් අනෙක් රටවල අගයන් සමග. එය සමාජ ප්‍රගතියේ ශිෂ්ඨභාවයේ නිර්නායකයක් වේවි.
71 කැරැල්ල අප සමාජයට ක්ෂිතිමය, අත්දැකීමක්. ඒක පිළිබඳව කිසිම සැකයක් නැහැ. 88 ඊටත් වඩා එහාට ගිය ඛේදවාචකයක්. අපි නිදහස්වෙලා යළි දේශපාළනය කළා. යම් යම් හේතුන් මත විෙජ්වීරත් මමත් දුරස් උනා. 88 දි. සන්නද්ධවීමට ඔහුට ගමනායක, ඩී.එම්.ආනන්ද, රාගම සෝමේ, සුමිත් අතුකෝරල, වැන්නවුන් ගෙන් පීඩනය එන්න ඇති. ඔහු යළිත් සන්නද්ධ ක්‍රියා මාර්ගය වෙත ගිය එක වැරදියි. එහි ප්‍රතිඵලය අපි දැක්කා. අද මට ඔහු කෙරෙහි ඇත්තේ බලවත් අනුකම්පාවක්.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ආයේ පංති පහක් තියන්න සුදුසු කාලය ඇවිල්ලා තියෙන්නේ,මේ වතාවේ ජෙප්පන්ව හෙළිදරව් කරලා උන්ට එරෙහිව, පැරාගේ පෝස්ට් වලින් පංති පහටම කොන්ටෙන්ට් හදාගත්තෑකි, 1. ජෙප්පන්ට හෙළදරව් කරලා 2. සෝ කොල්ඩ් දොස්තර මාපියාව හෙළිදරව් කරලා 3. අැන්ඩ් සෝ ඔන්
ReplyDeleteමටත් ඔය විජේවීරට තිබ්බාය කියන නුහුගුණ සමහරක් ඇති නිසා වැඩේ නැඟලා යයි.
wow
Deleteඒ කියන්නේ, 71 කැරැල්ල වෙනකොට විජේවීර හිරේද හිටියේ ?
ReplyDeleteලොකු අතුල , පොඩි අතුල කියන අයගේ ඇත්ත නම් මොනවද ...
ReplyDeleteලොකු අතුල විජේවීරට විරුද්දව සාක්කි දුන්නා නේද ..ඒ ඇයි
ලොකු අතුල = අතුල නිමලසිරි ජයසිංහ
Deleteපොඩි අතුල =වික්ටර් අයිවන්
ලොකු අතුල විජේවීරට විරුද්දව සාක්කි දුන්නා නේද/////////////// මගේ ලොකු අතුල ලිපිය කියවන්න
Deleteඔබ ලියපු පොත් ගන්න තැනක් කියන්න පුලුවන්ද ? මේල් එකකින් හරි කමක් නැහැ කියන්න පුලුවන්නම් හොදයි
ReplyDeleteප්‍රසිද්ධ පොත් සාප්පු වල තිබිය යුතුයි
Deleteරාගම some අයිය mata මුලින්ම හමුවුණා 1984 අවුරුද්දේ.ape ගෙදරත් awa.1988 පස්සෙ මුණගැසීමට ලැබුණේ neha.භක්තිමත් wijewira අනුගාමිකyek.1990 mul karthuwe මරාදැමීම වුණා.
ReplyDeleteඔහු ඝාතකයෙක් උනේ කොහොමද ?
Delete