Thursday, March 9, 2017

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පරිචින්න වශයෙන් බොරු කීවාද ?



බලයේ සිටි කාලයේ සමහරක් චන්ද්‍රිකාට කීවේ පච මල්ල කියාය​. ඊට හේතුව ඇය බොහෝ විට බොරු ගොතා කීමයි. සමහර විට ඇය විසින් කියූ බොරු ඇයටම අමතක වූ අවස්ථාද තිබිනි.  චන්ද්‍රිකා  ඇබ්බැහියෙන් බොරු කිව්වේද කියා ඇතැමුන් අසති. එයට එක එල්ලයේ පිලිතුරු දිය නොහැක​. හේතුව සියළු දේශපාලකයන් බොරු කියති. නමුත් චන්ද්‍රිකා කියූ ඇතැම් බොරු විරළ වර්ගයේ ඒවාය​. 

චන්ද්‍රිකා කියූ සෝබෝන් බොරුව  තුමුල බොරුවකි. ඇයට ප්‍රන්සයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් තිබුනේ නැත​. එක් අවස්ථාවකදී ඇය තමන්ට සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක් තිබෙන බවද කීවාය​. නමුත් මේ සියල්ල අසත්‍ය බව පසුව සනාත විය​. 

තවත් අවස්ථාවකදී චන්ද්‍රිකා තම පුත් විමුක්තිව රාජකීය විද්‍යාලයට දැමීම සඳහා එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා සිටි බව කීවාය​. එහෙත් චන්ද්‍රිකාගේ හතරැස් කතා ගැන දැන සිටි මිනිසුන් බොහෝ දෙනෙකු මේ කතාව අසා සිනාසුනහ​. 

විජය ඝාතනය වූ අවස්ථාවේදී තමා එම ඝාතකයා බිම වැටී සිටි විජය දෙසට තුවක්කුව මානා ගෙන සිටි අයුරු දුටු බව චන්ද්‍රිකා වරක් රූපාවාහිනී වැඩ සටහනකදී කීවාය​. විජය කුමාරතුංග ඝාතනය පිලිබඳ රහස් පොලිස් පරීක්‍ෂණ කටයුතු කල චන්ද්‍රා ජයවර්ධන මහතා ගෙන් වරක් මම මේ ගැන ඇසුවෙමි. චන්ද්‍රා ජයවර්ධන මහතා කියූ පරිදි   චන්ද්‍රිකා ඝාතකයාව දැක නැත​. චන්ද්‍රිකා එක එල්ලේ  කීවේ තමා ඝාතකයා දුටු බවය​. සමහර විට තමා කියූ අසත්‍යය සත්‍යක් කියා තමාටම ඒත්තු ගියා විය හැකිය​. 

පරිචින්න වශයෙන් බොරු කීම Pseudologia fantastica  හෝ   Pathological Lying ලෙස හැඳින්වේ. මෙම ස්වභාවය  ව්‍යාථවේදී තත්වයක් බව  1891 දී ජර්මානු මනෝ වෛද්‍ය  Anton Delbrück විසින් පෙන්වා දෙන ලදි. පෞරුෂ අක්‍රමතා වලදීද  ව්‍යාථවේදී මුසාවාද කීමේ තත්වය දක්නට හැකි බව මනෝ විද්වතුන් පවසයි.  DSM මානසික රෝග  වර්ගීකරණයේදී  Pathological Lying   නොහොත් ව්‍යාථවේදී මුසාවාද කීමේ තත්වය  factitious disorder යටතේ වර්ගීකරණය වෙයි. 

පහත දැක්වෙන්නේ මා විසින් ලියන ලද Personality Disorders Described in the Jātaka Stories  ලිපියේ ව්‍යාථවේදී මුසාවාද කීම ගැන අන්තර්ගත වූ කොටසකි. 


Lying is a common human trait defined by Merriam-Webster’s Collegiate Dictionary as making “an untrue statement with intent to deceive (Dike, 2008). Pathological lying is characterized by a long history (maybe lifelong) of frequent and repeated lying for which no apparent psychological motive or external benefit can be discerned. Pathological lying has been defined as a chronic, uncontrollable, compulsive need to lie, regardless of the fact that the lie is evident, that it serves no purpose, or the obvious consequences of speaking the lie.   Pseudologia Fantastica or pathological lying is not recognized as a diagnosable disorder in the Diagnostic Statistical Manual for Mental Disorders. The individuals with Pseudologia Fantastica have behavior of habitual or compulsive lying. It was first described in the medical literature in 1891 by Anton Delbrueck (Dike, 2008).   Korenis and colleagues (2014) state that Pseudologia fantastica is a psychiatric phenomenon that is a mixture of fact and fiction involving fantasized events and self aggrandizing personal roles. The individual may be aware they are lying, or may believe they are telling the truth, being unaware that they are relating fantasies.   The Buddhist literature provides a case vignette of a woman with Pseudologia Fantastica. Her name is Chinchi Manavika who pathologically lied. She made a false accusation against Buddha. But her dishonesty was exposed.  Cetiya-Jātakaya could be viewed as another case example of pathological lying. The king Cetiya had been described by the texts as a deceitful and a dishonest individual.  He repeatedly and compulsively tells false stories.

32 comments:

  1. ඩොක්ට. මම මගේ කුළුදුල් ප්‍රථම සහ අවසාන චන්දය දුන්නේ චන්ද්‍රිකා නෝනා ටය. මට චන්දය දාන විදිහ තාත්තා කියා දුන්නත් තාත්තා කිව්වෙ උබ මම කියපු විදිහට කරපං. එතනට ගිහිං කට පරිස්සං කරගනිං කියලාය. මට එතන ෆුල් කම්ප්ලිකෙටඩ් උනාය. ෂුවර් එකටම එය අවලංගු චන්දයක් විය යුතුය.

    මම චන්දය දාන්ට සැලකියයුතු වෙලාවක් ගත්ත බැවින් පසුපස සිටි අයෙක් කීවේ මේ මනුස්සය චන්දෙ දානවද වෙන මොකක්හරි කරනවාද කියලාය. හැරෙන තැපෑලෙන් මම කීවේ "ඔව් මම මේ නාන ගමන්, ඔහෙට වැඩක් නැත්නම් පිට පොඩ්ඩක් අතුල්ලල යනවැයි" කියලාය. එදත් පියාගෙන් හොඳ දෙකක් අහගත්තාය.

    හැබැයි ඩොක්ට, එදා චන්ද්‍රිකා නෝනා කියනවට හපන් බොරු බයිලා ඇයගෙන් පසුව ආව හැම දෙනා අදටත් කියනවාය.

    ඒත් කිසි දෙයක් කරන්ට බැරි ඔවුන් සියලුම ජනතාව තව අවුරුදු ගණනාවකටම මානසිකව හදලා තියෙන නිසාය.

    හිතන්න සැබෑ ම වංචා දුෂණ වලට මහින්දව හිරගෙට දානවා කියල. එහෙම උනොත් මිනිස්සු පාරට බැහැල රට ලේ විලක් කරනවම තමයි.

    ඒ කියන්නෙ හෝරෙක් උනත් කමක් නැහැ. ඒ අපේ රජා කියන එක ජනතාවගේ මොළ හෝදල තියෙන නිසා..
    👊🏽

    ReplyDelete
    Replies
    1. මල් මසුරන් කතාවක් නේ ටික්කෝ උඹ කිව්වේ.

      Delete
    2. අදටත් මට මොන චරිත සහතිකය හම්බ උනත් කියන දේ කෙලින් මුනටම කියන මිනිහෙක් බන්. මගේ බ්ලොග් එක බැලුවහම තේරෙනවනේ.. :D

      Delete
  2. චතුර සේනාරත්නගෙ බොරු වලට කියන්නෙ මොකක් කියලද ?

    ReplyDelete
    Replies
    1. ඌ පුංචි බොරුකාරයා උගේ අප්පා මහ බොරු කාරයා

      Delete
  3. ඇත්ත යනු සාපේක්‍ෂයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත යනු සාපේක්‍ෂයි

      Delete
  4. ඩොක්ටර්, චන්ද්‍රිකාගේ ප්‍රශ්නය ජානමය ප්‍රශ්නයක් වෙන්න බැරිද, ඇගෙ පියා සිංහල පමණක් කියමින් මේ රටේ මිනිසුන් මුලා කළා (එතුමා ජාතියේ මහා බොරුකාරය ), එතුමියගේ මව හදෙන් හෝ හාල් දෙනබව කියමින් රට මුලාකලා, චන්ද්‍රිකා ගැනනම් මොනවා කියනවද විදායක ජනාධිපති කම අහෝසි කරන බව කියල බලයට ඇවිත් "Open economy with a human face" කියල අන්තිමට චොර රැජින විදියටයි ඉවත් උනේ.

    ReplyDelete
    Replies
    1. සියළු දේශපාලකයන් බොරු කියති

      Delete
  5. ට්‍රම්ප්කාරයා ළඟ නම් බොරු සහ විකල්ප බොරු දෙජාතියම තියෙනවා

    ReplyDelete
  6. චන්ද්‍රිකා 94 දී මැතිවරණ වේදිකාවල කිව්වා " අපි ආවම මිත්‍රවරුනි, මේ ආන්ඩුවේ හොරු ඔක්කොම ගෝලෙ ෆේස් එකට ගෙනල්ල එල්ලනව" කියල . හැබැයි එල්ලිල්ල කෙසේ වෙතත් කිසිම හොරෙකුට විරුද්ධව ක්‍රියාකලේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි මාරට ඒවා ඒ කාලේ විස්වාස කරා නේද ?

      Delete
  7. එකම බොරුව දිගින් දිගටම වරද්දන්නේ නැතුව කියන් පුළුවන් කියන්නේ හැබෑම දස්කමක් තමයි,

    ReplyDelete
  8. බොරුව තමයි අද ඇත්ත කියලා හඳුනාගෙන තියෙන්නේ. ඒක වෙන්නේ අපි බොරුම අහලා අහලා ඒක පත්තියන් වෙලා නිසා. ඒකයි අද ඇත්ත කතා කරන අයට අපේ රටේ වැලියුව් එකක් නැත්තේ. බොරුව පිලිගන්න අයටත් මොකක් හරි රෝගි තත්වයක් තියෙනවද..

    ReplyDelete
  9. very important article Doctor. Thanks!

    ReplyDelete
  10. very important article Doctor.???????? for who!!!!!!!!

    ReplyDelete
  11. ඕක ලෙඩක්ම නෙමෙයි නේද?
    "ගොබෙල් ගේ න්‍යාය" කියන එක හැදිලා තියෙන්නෙත් ඕක පදනම් කරගෙන.
    චන්ද්‍රිකා, තමුන් යුද්දෙන් 75% ඉවරකලා කිව්වෙත් ඔය විදියට හතලා වෙන්න පුළුවන්.
    මම හිතන් හිටියේ මෙයා මොනවා හරි බීලා දොඩවනවා කියලා :)

    ReplyDelete
  12. මන්ද බුද්ධික, උන්මන්තක කතක් කියපු ඒවා ගැන ඔච්චර වෙහෙසෙන්න එපා ඩොක්ටර්..

    ReplyDelete
    Replies
    1. ගෑනි මීටරේ කොහොමද මරාට ගේම දුන්න හැටි

      Delete
    2. එයානෙ කියන්නේ ගේම දුන්නේ එයා කියලා.. ඒකත් ඔය වගේම බොරුවක් වෙන්න ඇති....

      Delete
    3. while I agree with everything that was said about and against Chandrika & Dr Ruwans diagnosis of her I dont think her condition is limited to being just a pathological liar.The sad truth is Ranil (who I believe is the best leader at the moment) was incapable of reaching out to the masses when it was needed.My personal observation is that it was Chandrika who united Ranil & Maithreepala more than anyone else.
      It is well known aside from her uncanny political calculation ability Chandrika is capable of making anyone end up agreeing with her and doing her bidding.She uses the respect her family name commands from the people of SL and her charisma for that.This was one of the reasons she was able to successfully manipulate the political situation in 1994 & 2015.So instead of writing her off as just "මන්ද බුද්ධික, උන්මන්තක"you should look in to her mind to understand how this person was able to reach out to & change the whole country twice(while being a pathological liar and a bad leader).

      Delete
  13. බොහෝ දේශපාලකයන්ට තමන් කලින් කලට කරපු කියපු දේවල් මතක නැත..එදා කිව්වා බොරු අද වලංගු නැත.අලුතෙන් බොරු කියයි..මේ ලදී එක දේශපාලකයෙක් කියා තිබුනා චන්දෙ කාලේ ඩි දෙන හැම පොරොන්දුවක්ම කරන්න ඕනෙද කියල..ඒ කියන්නේ චන්දෙ කියන්නේ සමපුරන බොරුවක් මුලාවක් විතරයි වගේ

    කොහොමත අපේ රටේ නම් බොරුව රජ වෙලා

    ReplyDelete
    Replies
    1. අපේ රටේ නම් බොරුව රජ වෙලා //////sahathika athha

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook