Wednesday, December 30, 2015

ගුරුවරයෙකුට එරෙහිව



විශේෂඥ අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතා 1994 වසරේදී කොලඹ ෆ්‍රැරැන්සිස් පාරේ මෘතශරීරාගාරයේ ශ්‍රවණාගාරයේදී අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව  අපට දේශනා  පවත්වා තිබේ. එසේම මරණ පරීක්‍ෂණ සිදු කරන අන්දම ද උගන්වා තිබේ. ඒ නයින් ඔහු මගේ ගුරුවරයෙකි. එසේම වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතා මා මෙන් ආදී නාලන්දීයෙකි. නමුත් තාජුඞීන් ඝාතන සිද්ධියේදී ඔහු විසින් සමස්ත අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සිදුකර තිබෙන්නේ   එම සාහසික සිද්ධිය වසන් කෙරෙන ආකාරයට බවට නැගෙන චෝදනාව බරපතලය​. සමරසේකර මහතා මාගේ ගුරුවරයෙකු හෝ ආදී නාලන්දීයෙකු වීම නිසා ඔහුගේ ක්‍රියාව ශුද්ධ කිරීමට මට අවශ්‍ය නැත​. තාජුඞීන් ගේ මරණ පරීක්‍ෂණය  විශේෂඥ අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතා සචේතනිකව විකෘති කලේ නම් මගේ අප්‍රසාදය ඔහු වෙත පළ කිරීමට මම පසුබට නොවෙමි.      

රාවය පුවත්පතේ වික්ටර් අයිවන් විසින් ලියන ලද පහත ලිපිය ශ්‍රී ලංකාව අපරාධකාරයන්ගේ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම සඳහා විද්වත් වෘත්තිකයන් විසින් දෙන ලද දායකත්වය ගැන කරුණු අනාවරනය කරයි. මෙවැනි ක්‍රියාවක් දෙවැනි වන්නේ නට්සිවාදය පෝෂණය කොට මිලියන ගනන් මිනිසුන් මරා දැමීමට හිට්ලර්ට සහය වූ  වෛද්‍යවරුන් ගේ භූමිකාවට පමණි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


අධිකරණ වෛද්‍යවරයකුට කලිසමේ චූ යෑම - වික්ටර් අයිවන්

තාජුඞීන් ඝාතන සිද්ධිය රටක් වශයෙන් ලංකාවේ පැවති අශීලාචාර තත්ත්වය පිළිබිඹු කරන බලවත්ම සිද්ධිය ලෙස සැලකිය හැකිය. තාජුඞීන්, ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැළිගොඩ හා රවිරාජ් මෙන් එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු නොවීය. ඔහුට එල්ටීටීඊ ලේබල් ඇලවීමේ හැකියාවක්ද නැත. ඔහු අහිංසක රගර් ක‍්‍රීඩකයෙක් පමණක් විය. ඔහුගේ පිළිස්සුණු මළ සිරුර සහිත මෝටර් රථය සොයාගන්නා ලද්දේ 2012 වසරේ මැයි 17 වැනි දින උදේ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසල තිබියදීය. ඔහුගේ මරණය පිළිබඳව කරන ලද පරීක්ෂණවල නිගමනය වූයේ එය රිය අනතුරකින් සිදුවූ මරණයක් වන බවය. ඒ මරණය ගැන විවිධ කටකතා තිබුණද පරීක්ෂණවලින් ප‍්‍රකාශිත නිගමනය කිසිවකුත් අභියෝගයට ලක් කළේ නැත. ආණ්ඩු බලය වෙනස්වීමත් සමග සියල්ල කනපිට පෙරලූණි. පොලිස්පතිගේ නියමයෙන් එම මරණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය. මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් නොවන බවත් මනුෂ්‍ය ඝාතනයක් බව පෙනෙන්නට තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය. 

තාජුඞීන්ගේ ජංගම දුරකතනයද නුවරඑළිය ආගරපතනින් සොයාගනු ලැබීය. ඉන්පසු දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක්ද පැවැත්වීය. තාජුඞීන්ගේ වළලන ලද සිරුර යළි ගොඩගන්නට සිදුවිය. දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකරන ලද්දේ කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජින් පෙරේරා හා අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.පී. හේවගේ යන අය විසිනි. ඔවුන්ගේ නිගමනය මුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර නිගමනයට මුළුමනින්ම වෙනස් විය. ආනන්ද සමරසේකරගේ නිගමනය වී තිබුණේ තාජුඞීන්ගේ මරණය කෙරෙහි බලපා තිබෙන ආසන්නතම හේතුව සිහිනැතිවීම, අවයව ක‍්‍රියාකාරීත්වය අඩපණවීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඞ් ආඝ‍්‍රාණය වීමය. 

එහෙත් දෙවැනි අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණයේ නිගමන ඊට මුළුමනින් වෙනස් විය. ඔවුන් පළකර තිබෙන නිගමන අතර එක් නිගමනයක් වනුයේ තාජුඞීන්ගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහු රිය පදවා නැති බවය. තාජුඞීන්ට පහරදීමෙන් දුර්වල කිරීමෙන් පසුව අනතුර සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර ඔහුගේ සිරුර වම් අසුනේ තබා අනතුර සිදුවීමට සලස්වා ඇති බවය. ඔහුගේ මරණය කකුල්වලට, බෙල්ලට හා පපුවට සිදුකර තිබෙන පහරදීම් නිසා ඇතිවූ තුවාල නිසා හා ගින්න නිසා සිදුවී තිබෙන බවය. ඔවුන්ගේ නිගමනය අනුව ගින්න සිදුවී තිබෙන්නේද මරණය සිදුවන්නට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලයේදීය. මරණකරුගේ කලව අස්ථියේ පහළ කොටසේ පහළින් තිරස්ව තිබෙන භග්නය රිය අනතුරින් සිදුවීමට පුළුවන්කමක් නැති බවත් එය මොට ආයුධයකින් පහරදීමක් නිසා ඇතිවී තිබෙන්නක් බවත් පපුවේ හා බෙල්ලේ තිබෙන තුවාලද පහරදීම් නිසා සිදුවූවක් බවත් ඔවුන්ගේ නිගමනය වී තිබේ. 

තාජුඞීන්ගේ මරණය පිළිබඳව මුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය හා පසු අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය අහසට පොළොව මෙන් වෙනස්ය. මුල් පරීක්ෂණය අනුව තාජුඞීන්ගේ මරණය සිදුවී තිබෙන්නේ රිය අනතුරකිනි. දෙවැනි පරීක්ෂණය අනුව එය සියුම් ලෙස සැලසුම් කරන ලද මනුෂ්‍ය ඝාතනයකි. 

මුල් අධිකරණ වෛද්‍ය පර්යේෂණය කළ විශේෂඥ වෛද්‍ය සමරසේකර තමන්ගේ සමස්ත අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර තිබෙන්නේ සිදුවී තිබුණු එම සාහසික සිද්ධිය වසන් කෙරෙන ආකාරයටය. 

මළ සිරුර යළි ගොඩගන්නා ලද අවස්ථාවේදී සිරුරේ කලවා අස්ථි දෙකද ඇතුළත් සමහර වැදගත් කොටස් අතුරුදන් වී තිබුණි. ඒ ගැන ආනන්ද සමරසේකර කියන්නේ එම අස්ථි වෛද්‍ය හා විෂවේද ආයතනයේ ශීතකරණයේ තබන ලෙස තමන් උපදෙස් දුන් බවය. එහෙත් ඒවා ඔහු කියන ශීතකරණයේද නොතිබුණි. එහෙත් දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ මතය වී තිබෙන්නේ එම අස්ථි කොටස් ආරක්ෂා කිරීම පිණිස විධිමත් ලෙස ක‍්‍රියාකර ඇති බවක් නොපෙනෙන බවය. අවසානයේදී අධිකරණයට මෙම අස්ථි කොටස් නැතිවූයේ කෙසේද යන ප‍්‍රශ්නය ගැනද සොයා බලා වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට සිදුවිය. ඒ නිසා ආනන්ද සමරසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ඔහුගෙන් ප‍්‍රශ්න කොට කටඋත්තරයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය. 

එම කටඋත්තරය සටහන් කරගැනීම අවසන් කිරීමෙන් පසුව තමාගේ ප‍්‍රශ්නය මෙම කටඋත්තරයෙන් අවසන් වන්නේදැයි වෛද්‍ය ආනන්ද සමරසේකර කටඋත්තර ලබාගත් නිලධාරියාගෙන් අසා තිබේ. මෙම මරණ පරීක්ෂණයේදී බාහිර බලපෑම් ඇතිවීද යන්න සොයා බැලීම සඳහා වෛද්‍ය සමරසේකරගේ දුරකතන වාර්තාද පරීක්ෂා කිරීමට සිදුවන බව කටඋත්තරය ගත් නිලධාරියා දී තිබෙන පිළිතුර වී තිබේ. එම පිළිතුරත් සමග වෛද්‍යවරයාගේ මුහුණ මැළවී තමන්ට ටොයිලට් එක තිබෙන තැන කියන්නැයි එම නිලධාරියාගෙන් ඉල්ලා තිබේ. ටොයිලට් ගිය මෙම විශේෂඥ වෛද්‍යවරයා ආපසු පැමිණ ඇත්තේ ඇඳගෙන සිටි කලිසමේ චූ පෙරාගෙනය. -  ( අපරාධකාරයන්ගේ රාජ්‍යය-රාවය     Sunday,27 Dec 2015  වික්ටර් අයිවන් )  

48 comments:

  1. මෙතන මොහුට මුත්‍රා පහ වුනා.කෝටි දොලහක අල්ලස් සිද්ධියේදී ඔවුන්ට මුත්‍රා පහ උනා.නමුත්....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මුත්‍රා පහ වෙලා පමණක් මදි

      Delete
  2. වෘත්තිකයින් ගේ මෙවන් ක්‍රියා සමාජයට තදබල කැලලක් තමයි. එහෙත් 18 වන සංශෝධනයෙන් බිහිවුණ ලෝකයේ බලවත්ම ඒකාධිපතිවාදය යටතේ තම රැකියාව රැකගැනීමට අන් මඟක් නොතිබීම සලකා බැලිය යුතුයි නේද? මෙම කාළයේදීම වෘත්තිකත්වය විකුණා අතිවිශාල ලෙස අනිසි ලෙස මුදල් හෙවූ වරලත් ගණකාධීකාරීවරුන්, ඉංජිනේරුවන් සහ පරිපාලන සේවයේ නිලධාරීන් කිහිප දෙනෙක් සිටියා. ඒ අය සමඟ මෙය සංසන්ධනය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඉයන් මහතාගේ මේ අදහසට එකඟයි. ඒ තරම් දරුණු පීඩනයක් තිබුණා ඒත් අප කවුරුත් නෙළා ගන්නේ අප වැපිරූ දෙයෙහි අස්වැන්නයි .

      Delete
    2. Many had no choice but to toe in line. See the even today government Servants phobia of royal family

      Delete
  3. තාන්න මාන්න ගැන​ තිබෙන ආශා කෙසේ වෙතත්, අලුගෝසුවන්ට පිටුපාන්නට බැරි බිය මොහුව වරදේ පටලවන්නත් ඇති​. එදත් මොහුට කලිසමේ චූ නොගිය​ බව දැක්කේ කවුද? ජීවිත බිය ඉදිරියේ වෙන කිසි දෙයක් පෙනෙන එකක් නෑ, අන්දකාරය මිසක්..........

    ReplyDelete
    Replies
    1. මේ විෂමාචාරය කලේ නම් කරන්න ඇත්තේ ජීවිත බයකට නොවේ.

      Delete
  4. මේ සියල්ල පසුපස තිබෙන, අප්‍රසන්න, නිර්ලජ්ජී, ඒකාධිපති දේශපාලන දුගඳ හෙළිදරව් කරගැනීමට හැකිවුනොත්, මේ වෛද්‍යවරයා, මීට වඩා වෙනස් දේ කතාකරනු ඇත.

    ReplyDelete
  5. මේ නඩුව සාදාරන අදිකරනයක දී ඇසුවොත් ඔය කියනා අදිකරන වෛද්ය විසෙසඤ්ඤ තුන්කට්ටුව වන කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජින් පෙරේරා හා අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.පී. හේවගේ පැමිනි නිගමන සහ ඒ නිගමන වලට පාදක වූ නිරීක්ශන සහ ශාක්ශි හරස් ප්‍රශ්න වලට ලක් වූ කල එම තුන්කට්ටුව චූ පමනක් නොව අනික්වා ද නා ගන්නවා අප සැමට බලා ගන්නට පුලුවන.....

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      අපි ඇත්ත ඇතිසැටියෙන් දැකීමට පුරුදු විය යුතුයි. මහින්ද කියන්නේ බොහෝදෙනා සිතන තරම් බුද්ධිමත් මිනිසෙක් නෙමෙයි, වාසනාවට යුධය අවසන් කිරීමට ඔහුට හැකි වන්නේ ඔහුගේ සහෝදරයා (ගොටාභය ) නිසයි. බොහෝදෙනා කියන්නේ මහින්ද, සරත් ෆොන්සේකා සහ ගොටාභය තුන් කට්ටුව යුද්දය අවසන් කල බවයි නමුත් මට හිතෙන්නේ මෙය අවසන් කිරීමට ගොටාභය මුල්වුණා කියල.

      මේ සියල්ල මෙසේ සිදුවුනත් රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාවේ අතිවිශාල අක්‍රමිකතා දුෂණ සහ මිනීමැරුම් වලට සම්බන්දයි, ඔවුන් ට දඩුවම් නොලැබීමට හේතු කීපයක් තියනවා එකක් තමයි පවතින රජයේ නායකයන්ටත් මෙවැනි ක්‍රියා කිරීමට උවමනා වීම අනෙක් කරුණ මොන වරද කලත් මහින්ද සහ ගොටාභය ට දඩුවම් කිරීම මෙරටේ සිංහල (මෝඩ ) ජනයා අකමැති වීම.

      තජුඩින් සිධිය ඉතා පැහැදිලියි රාජපක්ෂවරු සම්බන්ද බව එය කොතෙක් පැහැදිලිද කියනවනම් දින කීපයකට පෙර හිරුනිකා රග දැක්වූ නාට්‍ය වගේ තමයි.
      අපේ රටේ ප්‍රශ්නය නම් ජනතාව දක්වන නිද්‍රාශීලි ආකල්පයි.

      ඔබ https://www.youtube.com/watch?v=hn9wujK0ho4 බොලිවියාවේ දිලිදු මිනිසුන්ට වතුර විකිනීමට උත්සාහ කලවිට සිදුවුනේ මිනිස්සු පොලු අරගෙන පාරට ඒමයි, අවසන් ප්‍රතිපලය මේ කැරැල්ල මර්ධනය කිරීමට එවපු හමුදා නායකයාව අල්ලාගත් ජනතාවා කැලය ට ගෙනගොස් පෙතිගසා දැමීමයි.

      ප්‍රතිපලය සරලයි ආණ්ඩුවට සිදුවුනා මෙම තීරණය හකුලාගනිමට. අපරටේ සිටින්නේ උගත් මෝඩයන් වන අතර ඒ රටවල සිටින්නේ නුගත් බුද්ධිමතුන්.

      Delete
    2. "අපරටේ සිටින්නේ උගත් මෝඩයන් වන අතර ඒ රටවල සිටින්නේ නුගත් බුද්ධිමතුන්".
      Well said.

      Delete
    3. Sa rasa,

      ඔබ කියන මෙම පරීක්ෂණ නිවැරදි ක්‍රමවේදය අනුව නොපැවැත්වීම පසුපස GMOA එක ඉන්නවයි කියලයි අපිටනම් ආරංචිය....:)

      දන්නවනෙ GMOA එකේ ප්‍රතිපත්තිය.." අපේ හොරා කෙසේ හෝ රැකගමු " .....:)

      Delete
    4. // Lankika SithuwiliDecember 30, 2015 at 10:56 PM //

      // AnonymousDecember 30, 2015 at 11:07 PM //

      // RaviDecember 30, 2015 at 11:59 PM //


      අදිකරන වෛද්ය තුමා ලා ගේ (ලෝකයේ හොඳම උදවියද ඇතුලුව..) සියලු නිරීක්ශන සහ නිගමන ඔය කියනා නීතියේ ආද්ය්පත්ය සුරකින උසාවියකදී ඊට ප්‍රතිවාදී අදහස් කියාපාන වෙනත් අදිකරන වෛද්ය තුමාලා යොදාගෙන විත්තියේ නීතිඤ්ඤ තුමාලා හිරු දුටු පිනි මෙන් වාශ්ප කරනා ආකාරය දැක නැති, අසා නැති, කියවලා නැති සහ දන්නේ නැථි උදවිය මෙවැනි ප්‍රතිචාර දක්වති!

      PS: සිරි ලන්කා උදාහරන අවශ්ය නම් සතාසිවම් කේස් එක කියවන්න...

      Delete
    5. Sa rasa,

      සතාසිවම් නඩුව හොඳම උදාහරණයකි. එහිදී රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අවශ්‍ය වූයේ කෙසේ හෝ සතාසිවම්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමටය. ඒ පූර්ව නිගමනයට පරස්පර සියළුම සාක්ෂි ඔහු නොසලකා හැරියේය.

      තාජුදීන් සිද්ධියේදී පෙනෙන්නට තිබෙන ලෙස සිදුවී ඇත්තේ එහි පරස්පරයයි. එනම් සමරසේකර මහතාට අවශ්‍ය වූයේ තාජුදීන්ගේ මරණය හදිසි අනතුරක් බව ඔප්පු කීරිමටය. වෙනස එපමණකි. ඉන් ඔබ්බට ඒ දෙදෙනාම අනුගමනය කලේ එකම ක්‍රමවේදයකි. එනම් තමන්ගේ මතයට විරුද්ධ සාක්ෂි යටපත් කිරීමය.

      ( සා රස මෙන් කවුරු හෝ නාගන්නාතෙක් පුල පුලා බලා නොසිට ) සාධාරණ නඩු විභාගයකදී යුක්තිය ඉටුවී තම ගරුත්වය පාවාදුන් වෘත්තීයවේදීන්ට මෙන්ම තම බලය යොදාගනිමින් අපරාධ කල බලවතුන්ටද නිසි දඬුවම් ලැබේවායයි අපි ප්‍රාර්ථනා කරමු.

      Delete
    6. //එහිදී රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අවශ්‍ය වූයේ කෙසේ හෝ සතාසිවම්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමටය. ඒ පූර්ව නිගමනයට පරස්පර සියළුම සාක්ෂි ඔහු නොසලකා හැරියේය. //

      මෙම නඩුවේදී (නඩුවක් ගියොත්...) අජිත් තෙන්නකෝන් ලොක්කා ද ක්‍රියා කරනුයේ සතාසිවම් නඩුවේදී මෙන් ම විත්තිකරුවාගේ බෙල්ලට තොන්ඩුව වැටෙන විදියට බ්‍රාපාලනයට කඩේ යාමට ය.... එය පෙන්වාදීම ගැන ඉස්තූතී ය...

      අජිත් තෙන්නකෝන් ලොක්කා ගේ ක්‍රමවේදයේ නැවු රින්ගිය හැකි හිල් සොයා ඔහු ගේ නිරීක්ශන නිගමන ගොන් පාට් බව පෙන්වීමට බොහෝ ප්‍රසිද්ද GMOA සාමාජිකත්වය නොදරන විදෙස් අදිකරන වෛද්ය තුමාලා කටයුතු කරනු ඇත...

      මුදලට කල නොහැකි දෙයක් නැත....

      ඔබ පරිස්සමින් සොයා බැලුවොත් පසුගිය කාලේ ලන්කාවේ අදිකරන වෛද්ය සාකි බිඳ නොදමා විත්තිකරුවන් වැරදිකරු වුනේ අන්ත දුප්පත් උදවිය විත්තිකරු වූ විටක පමනය...

      Delete
    7. //මුදලට කල නොහැකි දෙයක් නැත....

      ඔබ පරිස්සමින් සොයා බැලුවොත් පසුගිය කාලේ ලන්කාවේ අදිකරන වෛද්ය සාකි බිඳ නොදමා විත්තිකරුවන් වැරදිකරු වුනේ අන්ත දුප්පත් උදවිය විත්තිකරු වූ විටක පමනය...//
      ++++++++++++++++++++++++++++++
      පොල් මල්ලෙ ලියමුද පොඩි උදාහරණ ටිකක් එහෙම දාලා..

      Delete
    8. Sa rasa,

      ඔබ තුමා කියන දේ පැහැදිලියි, මම හිතන්නෙත් මේ අපරාධකරුවන් නිදහස් වෙනු ඇති බවයි. සිරිසේන රජය හැකිතාක් මේ නඩුව රාජපක්ෂ (වරු) ගැට ගැසීමට යොදාගනී. මා කිව්වේ සිදුවූ යත්ර්තයයි එනම් රාජපක්ෂ වරුන් තාජුඩින් ඝාතනය කරන ලද බවයි.

      අපි සියලු දෙන මේ ලෝකයේ සිටින්නේ ඉතා ටික කාලයයි අවසාන මැරෙන මොහොතේ හිත නොදින් මේ ලෝකය අතහරින්න මේ මිනිසුන් කිසිවීකුට නොහැකි වනු ඇති.

      Delete
    9. //මා කිව්වේ සිදුවූ යත්ර්තයයි එනම් රාජපක්ෂ වරුන් තාජුඩින් ඝාතනය කරන ලද බවයි.//

      ඔබේ විස්වාසය/ප්‍රකාශය සහ අදිකරන වෛද්ය නිරීක්ශන සහ නිගමන අතර කිසිම සම්බන්දයක් නැත.

      අදිකරන වෛද්යතුමාලා වාර්තා කල යුත්තේ තම නිරීක්ශන වල ප්‍රතිපල නිගමන ලෙස මිස ඔවුන් විස්වාසකරන දේ නොවේ!

      තාජුඩීන් මැරුනාද මැරුවාද කියා මා පවසා නැත.

      මා කියා ඇත්තේ කවුරුන් කේසේ කුමන දේ කලත්, අදිකරන වෛද්යතුමාලා ගේ වාර්තාව තප්පරයට ඩොලර් දහස් ගනන් ගන්නා නීතිවේදීන් ගේ මෙහෙයවීම මත ඊට වඩා පලපුරුද්දක් ඇති, ඊට වඩා පිලිගැනීමක් ඇති අදිකරන වෛද්යතුමා ලා ලවා පුස්ස බින්දා ලෙස කුඩුපට්ටම් කරනු ඇති බවය!

      අපරටේ සිටින්නේ උගත් මෝඩයන් වන අතර ඒ රටවල සිටින්නේ නුගත් බුද්ධිමතුන්.!!!!

      Delete
    10. //ගස් ලබ්බDecember 31, 2015 at 2:58 AM //

      // ++++++++++++++++++++++++++++++
      පොල් මල්ලෙ ලියමුද පොඩි උදාහරණ ටිකක් එහෙම දාලා.. //

      ඊට වඩා මෙවැනි ගොන් පාට් මරි මෝඩ කොමෙන්ට්ස් කෙටීම ස ර ස තුමා ට අමා සැපක් ගෙනෙදෙයි :)

      Delete
  6. රාවය වෙළඳපොලට ඇවිත් දැන් සතියක් වෙනවා. ඒත් ආනන්ද සමරසේකර මහතා අයිවන්ගේ චෝදනාව ගැන පිළිතුරක් දීලා නෑ.. හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකට ආතතිය හැදෙන්න ඇත්තෙත් මෙහෙම තමයි..

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තෙ.... මේ තියෙන්නෙ ඉටිකිරිස් ටිකට...


      https://www.colombotelegraph.com/index.php/sajin-vass-restaurant-tip-same-as-hashish-ivans-salary/

      // , Victor Ivan was a known marijuana and hashish dealer who ran a small eatery that catered to the local public and tourist hippies down south in the early 80’s. Coincidentally both Vass Gunawardena and Ivan hail from the same area on the southern coastline. //

      Delete
    2. So what's wrong in being a marijuana dealer. People make mistakes in the past (in case you think it's a mistake). How they behave in the present is what matters. Besides, what's is to do with Thajudeen case.

      Delete
    3. මරිජුවානා සහ තාජුඩීන් ඝාතනය අතර සබඳතාව මොකක්ද ?

      Delete
  7. ඇත්ත දේශපාළුවො තමං මැරුවත් ඉවසුවට තමංගෙ පවුලේ උදවියටත් ඒ තර්ජන ආවාම ඕනම හිනිහෙක්ට හෘද සාක්ෂිය පාවා දෙන්න වෙන එක අහන්ඩ දෙයක් නෙමෙයි

    ReplyDelete
  8. වසර දෙකක් ඔහු මරණ පරීක්ශන වාර්තාව අධිකරණයට යොමු නොකර සිටින්නට හේතුව තමන්ගේ ජීවිතයට ඇති ආසාව වෙන්න පුලුවන්..
    සිතාසි නිකුත් කර තිබියදී ඔහු අත් අඩංගුවට නොගෙන සිටීමෙන් එය පැහැදිලියි.. විත්ති කාර පාර්ශවයේ බලපෑමෙන් එහෙම උනා කියලා.
    තම්න්ගේ වැරදි වහගන්න තමාට අවශ්‍ය සියලු මිනිසුන් බිය ගන්වා ගෙන සිටි රෙජිමය.. වෘතිකයින්ගේ වෘත්තීය ගරුත්වය පවා විනාශ කලා.

    ReplyDelete
    Replies
    1. තම්න්ගේ වැරදි වහගන්න තමාට අවශ්‍ය සියලු මිනිසුන් බිය ගන්වා ගෙන සිටි රෙජිමය.. වෘතිකයින්ගේ වෘත්තීය ගරුත්වය පවා විනාශ කලා////

      Delete
  9. @ Sa rasa
    කාර් එක එලවගෙන එන මනුස්සයෙක් කාර් එක හැප්පුනාම තමන්ට ළඟින් තියන දොරෙන් පාරට පැත්තට එළියට බහින්නද වැඩිය උත්සාහ ගන්නේ?
    එහෙමත් නැත්තම් තාප්පෙකට හිරවෙලා තියන එහා පැත්තේ සීට් එක ලඟ තියන දොරෙන් එලියට බහින්නද හදන්නේ?

    ReplyDelete
    Replies
    1. // කාර් එක එලවගෙන එන මනුස්සයෙක් කාර් එක හැප්පුනාම තමන්ට ළඟින් තියන දොරෙන් පාරට පැත්තට එළියට බහින්නද වැඩිය උත්සාහ ගන්නේ?
      එහෙමත් නැත්තම් තාප්පෙකට හිරවෙලා තියන එහා පැත්තේ සීට් එක ලඟ තියන දොරෙන් එලියට බහින්නද හදන්නේ? //

      ගුටිකාලා මැරිච්චි එකාට මොන දොරකින් වත් එලියට එන්න උත්සාහ කල නොහැකිය...

      ඔබ වටහා ගත යුත්තේ සත්යය සහ අදිකරන විනිස්ච්ය අතර මුදල් සහ බලපුලුවන්කාරකම් නැමති උත්ප්‍රේරකය ක්‍රියා කරන බව ය...

      OJ Sympson නඩුව ගැන කියවා බලන්න...

      Delete
    2. //ගුටිකාලා මැරිච්චි එකාට මොන දොරකින් වත් එලියට එන්න උත්සාහ කල නොහැකිය...//

      හරියට හරි..
      එතකොට කාර් එක එතෙන්ට ගෙනාවේ කවුද?
      නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය ,අහල ගම් හතක මිනිස් පුලුටක් නැති පාලු කාන්තාරයක් නෙවේ .එහෙම තැනකට මැරුන කෙනෙක්ගේ මිනියක් එක්ක වාහනයක් පදවගෙන එන්න තරම් නිර්භීත විය හැක්කේ කවුද?

      Delete
    3. //එතකොට කාර් එක එතෙන්ට ගෙනාවේ කවුද? //

      ස ර ස තුමා විසිනි!

      Delete
    4. "ගුටිකාලා මැරිච්චි එකාට මොන දොරකින් වත් එලියට එන්න උත්සාහ කල නොහැකිය".

      You lost the plot Sarasa hikis....

      Delete
    5. //You lost the plot Sarasa hikis..//

      I have no plots to lose....
      I tell the TRUTH...
      No matter who (if he was killed) killed Thajudeen, if the accused is wealthy and powerful, the so called expert opinions and forensic reports go down the drain during the trial.....

      Naturally the Colombo JMO has done enough blunders during the exhuming process (as shown in TV news..).... those blunders will be a boomerang... that all !

      Delete
    6. කාරෙක ගෙනාවේ මරාගේ ගෑණිගේ සියලු ආවතේව කරන කැප්ටන් තිස්ස කියන හමුදාවෙන් හොරෙන් පැන්න එකා. ඌ අල්ලගත්තම් ඔක්කොම අහගන්න පුළුවන්.

      Delete
    7. //කාරෙක ගෙනාවේ මරාගේ ගෑණිගේ සියලු ආවතේව කරන කැප්ටන් තිස්ස කියන හමුදාවෙන් හොරෙන් පැන්න එකා. ඌ අල්ලගත්තම් ඔක්කොම අහගන්න පුළුවන්.//

      තිස්ස තිස්ස... කෝ මේ තිස්ස... අවුරුද්දක් තිස්සෙම හැන්ගිලාද තිස්ස?

      Delete
    8. Sarasa- our wish should be that justice prevails in this case. It is much better than trying to hide your bayya qualities, bluffing about the wealthy and the powerful.

      Delete
    9. 'I tell the TRUTH..'.

      We have heard a so-called powerful king in Sri Lanka, not so long ago saying the same thing.

      Delete
    10. // AnonymousDecember 31, 2015 at 6:14 AM
      Sarasa- our wish should be that justice prevails in this case. It is much better than trying to hide your bayya qualities, bluffing about the wealthy and the powerful. //

      Nice to see a mahavidhyaala chap calling me a Bayya :)

      Delete
    11. If the culprit is this chap, Capt Thissa, why the Police does not arrest him?

      If the culprit is MR family member, why the law is not enforced?

      Who is responsible for that? Me???

      Arrest those who are responsible....! Have a fair trial..! Punish those who found GUILTY!!!

      However while the court case is on, nobody could stop this Colombo JMO's verdict is being ridiculed by the Experts in the field!!!!

      Delete
    12. "Mahavidyala chap?" Hik hik. There are no mahavidyalas in Melbourne. Talk to the point without beating around the bush.

      Delete
  10. වෘත්තීය සුරක්ෂිතතාවය හා ආත්මාභිමානය අතර ගැටුමකදී සමහර නිලධාරීන්ට පුළුවන් ආත්මාභිමානය වෙනුවෙන් පෙනී සිටින්න. ඒත් එක ජිවිත සුරක්ෂිතතාවය හා වෘත්තීය අභිමානය අතර ගැටුමක් උනොත් එහෙම නිලධාරීන් වෙනුවෙන් අපි අනුකම්පා කරන්න වෙනවා. පහුගිය කාලේ මේ වගේ අවස්ථාවල තිබ්බේ ජිවිත සුරක්ෂිතතාවය පිලිබඳ ගැටුම්.

    ReplyDelete
    Replies
    1. ජිවිත සුරක්ෂිතතාවය හා වෘත්තීය අභිමානය අතර ගැටුමක් උනොත් එහෙම නිලධාරීන් වෙනුවෙන් අපි අනුකම්පා කරන්න වෙනවා/////

      Delete
  11. //ටොයිලට් ගිය මෙම විශේෂඥ වෛද්‍යවරයා ආපසු පැමිණ ඇත්තේ ඇඳගෙන සිටි කලිසමේ චූ පෙරාගෙනය. //.. හිටපු දෙසපාලකයොත් මොහුට බලපෑම් කරා විය හැක.

    ReplyDelete
  12. //// සමරසේකර මහතා මාගේ ගුරුවරයෙකු හෝ ආදී නාලන්දීයෙකු වීම නිසා ඔහුගේ ක්‍රියාව ශුද්ධ කිරීමට මට අවශ්‍ය නැත​. තාජුඞීන් ගේ මරණ පරීක්‍ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා සචේතනිකව විකෘති කලේ නම් මගේ අප්‍රසාදය ඔහු වෙත පළ කිරීමට මම පසුබට නොවෙමි.////

    මම ආදී නාලන්දීයකු නොවේ. එබැවින් එහි ගැටළුවක් මට නැත. ඔහු මට සෘජුවම ගුරුවරයෙකු නොවුනද වක්‍රව ගුරු තනතුරක තැබිය හැකිය. ඒ කෙසේ වෙතත්, හිතා මතාම සත්‍යය විකෘති කළේ නම් මගේ ද අප්‍රසාදය පළ කිරීමට මමද මැලි නොවෙමි. ඊ ළඟට අප විමසිය යුත්තේ ///රාවය පුවත්පතේ වික්ටර් අයිවන් විසින් ලියන ලද පහත ලිපිය ශ්‍රී ලංකාව අපරාධකාරයන්ගේ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම සඳහා විද්වත් වෘත්තිකයන් විසින් දෙන ලද දායකත්වය ගැන කරුණු අනාවරනය කරයි.//// රාවය කියන මේ කතාවේත් ඇත්තක් ඇත. මේ සිද්ධිය පිළිබඳ තවමත් අපි සම්පූර්ණ ඇත්ත නොදන්නා නිසා කිව නොහැකි වුවද, එවැනි දේ සිදුව නැතැයි කිව නොහැකිය. කෙසේ වෙතත්, වෙනස් දෙයක් ද වෙයි. මේ ලෙස ශ්‍රී ලංකාව අපරාධකාරයන්ගේ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම සඳහා තමන්ද නියෝජනය කරණ මාධ්‍යෙව්දීන්ද එවැනිම මැදිහත් වීම් කර ඇති බව නොකියන්නට පරෙස්සම් වීමයි.

    ReplyDelete
  13. යසනාත් ඔබ හරි ශ්‍රී ලංකාව අපරාධකාරයන්ගේ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම සඳහා මාධ්‍යෙව්දීන්ද දායක උනා. මර්වින් සිල්වා , හිරුණිකා වගේ පාතාල දේශපාලකයන් මාද්‍ය මගින් පුම්බා ඔවුන්ව වීරයන් කලේ මාධ්‍යවේදීන්

    ReplyDelete
  14. කියන්න තියෙනදේ අපක්ෂපාතව කියන... ඔබ වැනි කොන්දපණඇති මිනිසුන් මේ රටේ විරලය...අපේ එකා මොනවකලත් හරි...අරුන් කල නිසා...මුන් කරන එකත් හරි...කියන එවුන් ඉන්න රටකයි අපි ඉන්නෙ. නරුම දේශපාලුවන්, ආගමික සංස්කෘතික, විවිධ මිත්‍යාදෘෂ්ටි පසුපස යමින් ඒවායින් රටේ ප්‍රශ්නවලට පිළිතුරු සොයමින්...කාලය සහ මුදල් කාදමන මිනිසුන්ගෙන් පිරි මේ රට... හරි මගට ගැනීමට...ඔබට සහ මට කල හැකි සුළුදේ හෝ...අපි සමාජජාල භාවිතා කරමින් කරමු !.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook