Tuesday, December 8, 2015

සෙන්දුරන්ගේ මරණය උත්කර්ෂයට පත් නොකරන්න



යාපනයේ කෝපායි උතුරට අයත් කොකුවිල් ප‍්‍රදේශයේ ජීවත්වූ 18 හැවිරිදි රාජේස්වරන් සෙන්දුරන් නම් ශිෂ්‍යයා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් නොවැම්බර් විසිහයවැනිදා කොන්ඩාවිල් දුම්රිය ස්ථානය අසල කන්කසන්තුරයි සිට යාපනය බලා ධාවනය වෙමින් තිබුණු දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තේය​. අභාග්‍යකට මෙන් සෙන්දුරන්ගේ මරණය මේ වන විට උතුරේ දේශපාලකයන් උත්කර්ෂයට පත් කරගනිමින් සිටිති. ළමා සොල්දාදුවන් බිහි කරමින් දමිළ සමාජයේ මහා සංස්කෘතික ව්‍යසනයක් ඇති කල  කාලය යළි පුනරුක්තියේ යොදවමින් නොමේරූ තරුණයන් ගේ ජීවිත සමග සෙල්ලම් කරන කැත සෙල්ලම යළිත් වරක් ආරම්භ කිරීමට ඇතැමෙකු වෙර දැරීම පිලිකුල් සහගතය​.    

සෙන්දුරන්  උපත ලබන්නේ 1997 කෝපායිහිදීය. සෙන්දුරන්ගේ පියා තමන්ගේ ඉඩමක කෙසෙල් සහ එළවළු වගා කරන ඉතා දිළිඳු ගොවියෙකි. ඊලාම් යුද්ධය අවසන් වූ 2009 කාලයේ සෙන්දුරන් වයස අවුරුදු දොළහක ළමයෙකි. සෙන්දුරන්ගේ කිසිදු ඥාතියෙකු දේශපාලන සිරකරුවෙකු ලෙස සිටින බවක් වාර්තා වී නොමැත. එහෙත් ජීවිතය මරණින් කෙලවර කර ගැනීමට අවශ්‍ය කෙරන නිර්දය විනාශකාරී අදහස ඔහු තුල හට ගත්තේ කෙසේද ?   

කුඩා කාලයේ සිට සෙන්දුරන්  හැදී වැඩෙන්නේ උතුරුකර යුද්දයත් සමගිනි. දරිද්‍රතාව , සමාජ ව්‍යාකුලභාවය , අවතැන්වීම් , යුද ආතතිය වැනි අභාවවාචකයන් සමග හැදී වැඩෙන දරුවෙකුගේ මනස ප්‍රකෘතිමත් නොමැත​. ඔවුන් බොහෝ විට දුස්සාධ්‍ය විශාදය මෙන්ම ප්ශ්චාත් ක්ලමථ ලක්‍ෂණයන් ගෙන් පෙලෙති. මෙවැනි අපරිණත හා මානසික ව්‍යාධියන් ගෙන් පෙලෙන කොටස් පරිචාරණය කිරීම ඉතා පහසුය​.   මේ කොටස් මගින් ළමා සොල්දාදුවන් බිහි කරවා ගැනීම මෙන්ම  ඔවුන් ගේ මරණ ආශය සක්‍රිය කොට ඔවුන් දේශපාලන අරමුණු වෙනුවෙන් දිවි නසා ගැනීමට , මරාගෙන මැරීමට යොමු කරවිය හැක. සෙන්දුරන් ගේ දිවි නසා ගැනීම සාකච්ඡා කළ යුත්තේ මේ කරුණුද අවධානයට යොමු කර ගනිමිනි​. මෙම කරුණු බැහැර කොට එය ජීවිත පරිත්‍යාගයකට හෝ වීරත්වයකට ආදේශ කරන්නා අන්තවාදියෙකු මෙන්ම ආත්ම වංචනිකයෙකුද වේ. 

යාපනයේ සෙන්දුරන් දිවි නසා ගත්තද දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් එංගලන්තය , කැනඩාව , ඇමරිකාව ඕස්ටෙ‍්‍රලියාව වැනි  සංවර්ධිත බටහිර රට වල ජීවත් වෙන සෙන්දුරන් ගේ වයසේ ද්‍රවිඩ  ගැටවරයන් දිවි නසා ගන්නේ නැත​. ඔවුන් සැප සම්පත් මත ජීවිතය විඳිති.  නමුත් යාපනයේ සෙන්දුරන්ලාට  ජීවිතය විඳීමට තවමත් ඉඩක් නොමැත.  ළමා සොල්දාදුවන් බිහි කරන ලද විනාශකාරී බලවේග තවමත් ඔවුන් අතර සැරිසරති. එම බලවේග සෙන්දුරන්ලා මරණයට පොලඹවා ගනිමින් ආත්ම ඝාතනය උත්කර්‍ෂයට පත් කරවති. රාජිනී තිරණාගම වැනි සමාජ ක්‍රියාධාරිනියන් එදා මරණය වන්දනා කරවන  මෙවැනි දුර්භාග්‍ය  දේශපාලන කල්ට් ප්‍රතික්ශේප කලේ ඉන් දමිළ ජනතාවට සිදු වන සෙතක් නොමැති බව තේරුම්ගෙනය. එය උතුරේ ඇතැම් දේශපාලනඥයන් වටහාගෙන නොතිබීම ඛේදයකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

31 comments:

  1. යථාර්ථය පෙන්වා දෙන හොඳ ලිපියක්. මෙය ද්‍රවිඩ භාෂාවෙන් පලකරන්න වටිනවා උතුරේ තරුණ පරපුරට කියවීම පිණිස.

    ReplyDelete
    Replies
    1. Translating this into tamil is a must :)

      Delete
    2. දෙමල / සිංහල පරිවර්තනය දන්න කෙනෙක් උදව් කරනවද ?

      Delete
  2. හෙරොයින් ගැන ලිපියේ පරිවර්තනයක් දාන්න පුලුවන්ද?

    ReplyDelete
  3. මේක තව තවත් සංවාදයට ලක්විය යුතුයි.....

    ReplyDelete
  4. ඊලාම් යුද්ධය අවසන් වූ 1999 කාලයේ// 2009 විය යුතුයි නේ.. ඔය ළමයාගේ ගුරුවරිය කියලා තිබුනා මරුනේ සෙන්දුරන් කියල කියුවම හිතා ගන්නත් බැරි උනාලු. කිසිම අවෙගශිලිත්වයක්වත් පෙන්වපු නැති පසුගාමී ළමයෙක්ලු. මේක හුඟක් හිතන්න ඕනි කතාවක්.. අපේ රටේ බුද්ධි අංශ එහෙම දැන් ක්රියත්මකද දන්නේ නෑ.. (සන්නද්ධ බුද්ධි අංශ නෙවෙයි.. ඒ ගැන නම් මගේ ඒ හැටි පැහැදීමක් නෑ..)

    ReplyDelete
    Replies
    1. කිසිම අවෙගශිලිත්වයක්වත් පෙන්වපු නැති පසුගාමී ළමයෙක්ලු //// ජයලලිතා අත්අඩංගුවට ගත්තා කිව්වම තමිල්නාඩුවේ තරුණ තරුණියන් තොග පිටින් දිවි නසා ගන්නේ ඇයි.යාපනයේ සෙන්දුරන්ලා දිවි නසා ගන්නේ ඇයි ?එංගලන්තය , කැනඩාව , ඇමරිකාව ඕස්ටෙ‍්‍රලියාව වැනි සංවර්ධිත බටහිර රට වල ජීවත් වෙන සෙන්දුරන් ගේ වයසේ ද්‍රවිඩ ගැටවරයන් දිවි නසා ගන්නේ නැත​.හේතුව ? - සමාජ පසුගාමිත්වය

      Delete
  5. Nice post, some said before this boy died his letter was published in Tamil web site.

    ReplyDelete
    Replies
    1. there was a political motive behind this suicide

      Delete
  6. මේ කාගේත් ඇස යොමු වෙන්න ඕනි සටහනක්
    (එක නෙවෙයි මම ඔබේ පොස්ට් එකක කොටසක් කියවලා ඉතිරිය කියවන්න ආපහු එනකොට තව පොස්ට් එකකින් ඒක වැහිලා. අවිවේකී කියවන්නන් ගැන හිතල පොස්ට් අතර දින කීපයක පරතරයක් තිබ්බොත් මේ වටිනා පොස්ට් එකක්වත් අපට මිස් වෙන එකක් නෑ )

    ReplyDelete
  7. පුනරුප්පත්තිය පිළිගන්න ආගම් අදහන අය අතර සියදිවි නසා ගැනීමට තිබෙන පෙළඹීම වැඩියි. මෙම තත්වය ප්‍රභාකරන් ට මරාගෙන මැරෙන හමුදා හදන්න ආධාරයක් වුනා. මුස්ලිම්/ක්‍රිස්තියානි වැනි ආගම් අදහන අය අතර දිවි නසා ගැනීමේ නැඹුරුව අඩුයි. එමනිසාම මුස්ලිම් සටන්කාමී සංවිධාන වලට මරාගෙන මැරෙන හමුදා හදන්න අමාරුයි (අවශ්‍යනම් ඔවුන්ට මරාගෙන කන හමුදා හැදිය හැකියි) මේ නිසාම දෙමලෙකුගේ දිවිනසාගැනීමක වටිනාකම අඩුයි.
    ටිකක් බලු විදියට කියනවානම් මේ දෙමළ කොල්ලා මැරුනේ ජොලියට කියා කිව හැකියි.

    ReplyDelete
    Replies
    1. /පුනරුප්පත්තිය පිළිගන්න ආගම් අදහන අය අතර සියදිවි නසා ගැනීමට තිබෙන පෙළඹීම වැඩියි./

      ආගමික වංචාව සඳහා භාවිත කරන්නෙත් පුනුරුප්පත්තිය පිළිබඳ විශ්වාසයයි. බුද්ධ දේශනා වන්ගේ කියවෙන්නේ සත්‍ය අවබෝධකරගත් තැනැත්තා පුනුරුප්පත්තියෙන් ගැලවෙන බවයිම (සත්‍ය අවබෝධකරගත් තැනැත්තා නිවන් අවබෝධ කරගනී - නැවත උපදීමක් නැත), එනිසා බුදුන්ට අනුව පුනුරුප්පත්තිය විශ්වාස කරන්නේ මිත්‍යදෘෂ්ටිකයන්ය.

      Delete
    2. මුස්ලිම් සටන්කාමී සංවිධාන වලට මරාගෙන මැරෙන හමුදා හදන්න අමාරුයි /////හමාස් ?

      Delete
  8. ...//ළමා සොල්දාදුවන් බිහි කරන ලද විනාශකාරී බලවේග තවමත් ඔවුන් අතර සැරිසරති//...

    මෙන්න මේ ගැන තමයි වශේෂ අවධනයක් යොමු කරන්න වෙන්නේ.උතුරු නැගෙනහිර ද්‍රවිඪ දරුවෝ ඔවුන් දෙමළය කියන ලේබලය යටතේ හංවඩු ගහලා වෙන්කරලා පහත්කරලා සැලකුවොත් ඔවුන් ඒ නිසාම නැවතත් වෙනම ජාතියක් වශයෙන් සංවිධානය වෙන්න උත්සහ කරනවා.ළමා මනසට ත්‍රස්තවාදි අදහස් ආකල්ප පහසුවෙන්ම ඇතුල් කරන්න පුලුවන් එයම හේතුවක් කරගෙන.මම උපන් නුවරඑළිය ප්‍රදේශයේ සිංහල,ද්‍රවිඪ අය කුඩා කල සිටම එකට හැදෙන පැති තිබෙනවා.ඒ නිසා ජාතියක් වශයෙන් වෙනසක් දැනෙන්නේ නෑ.ඒ ජාතිවාදි හැගිම ඇති කරන්නේ වෙනත් පාර්ශව විසින්.අපේ ගම්පලාත් වල තවමත් කිසිම භේදයක් නැතිව එකට ජීවත්වන සිංහල දෙමළ පිරිස් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. දැන් කවුද හංවඩු ගහන්නේ. මම දන්න හැටියට දෙමළුමයි උන්ටම හංවඩු ගහගන්නේ. දෙමළාට තියෙන්නේ මාස් හිස්ටීරියා තත්වයක්.

      Delete
    2. ඔයිට සමාන තත්වයක් කුලය ගැනත් තියෙනවා. ලංකාවේ වැඩියෙන්ම කුලය ගැන වදවෙන්නේ පද්දො. ගොවි කුලේ උන්ට කුලය අමතකයි. මම ගැන කිනවානම් මට කුලය කියා එකක් තියෙනබව දැනගත්තේ වයස 12දී පමණ. මගෙ සමහර යාලුවන්ට වයස 20දිත් කුලය ගැන හැඟීමක් නෑ.

      Delete
    3. මේ ගැන අධ්‍යනයක් කිරීම වටිනවා

      Delete
    4. ...//දැන් කවුද හංවඩු ගහන්නේ. මම දන්න හැටියට දෙමළුමයි උන්ටම හංවඩු ගහගන්නේ//...

      නුවරඑළියේ කොට්ලෝජ් කියන ගම්මානයේ සිංහල පවුල් අඩුයි.දෙමළ පවුල් වැඩියි.ඒ පැත්තේ අය තවම ජිවත්වෙන්නේ පරණ විදියට.හංවඩු ගැහිල්ල කෙසේවෙතත් භේදයක් නැතිව ජීවත්වෙනවා.නුවරඑළියේ පැත්තේ ද්‍රවිඪයන් ප්‍රභාකරන්නට කැමැත්තක් තිබුනේ නෑ.ඒ වගේම ගරුගාම්භිර විදියට ජීවත්වෙන දෙමළ අය ඒ පැතිවල ඉන්නවා.උතුරේ වගේ වෙනම පාලනයක අවශ්‍යතාවය ඒ අයට නෑ.මම ඒ පැත්තේ නිසයි මේ ගැන කියන්නේ.මගේ හොඳම සමීපතම මිතුරන් අතරේ දෙමළ මිතුරෝ හිටියා.ඒ එක් මිතුරෙක් ඒ දවස්වල දරුණු රිය අනතුරකින් මියගියා.ඔහු අනතුරින් මියයන්න කලින් දවසේ මම කොළඹ ඉඳලා ගමට ගියාම ඔහු දවසම හිටියේ මගෙත් එක්ක.මම කොළඹ ආවම ඔහු මියගිය බව ආරංච් උනා.මම ඔහුගේ අවසන් කටයුතු වලට නැවත ගියා.එදා මට මගේ මිතුරෙක් නැතිවුනාම දැනුන වේදනාව අදටත් ඔහු මතක් වෙනකොට තියනවා.මෙන්න මේ හැඟීම් දෙමළ සිංහල අපි අතරේ ඇතිවුනානනම් සිංහල දෙමළ කියලා දෙපැත්තකට බෙදෙන්නේ නෑ.ඔය හංවඩු ගැහිල්ල මුලින්ම ආවේ දේශපාලන මතවාදත් එක්ක.පසුගිය ජන්දෙදි ඒක පැහැදිලි වුනා.ඔවුන් මේ මතවාදය දෙමළ ජනතාව අතරට ගෙනියනවා.මේ සිසුවගේ මරණය එක්කත් ඔවුන් කරන්න හදන්නේ ඒක.

      Delete
    5. jagath pathirana

      ඔය කුලබේදය මිනිසුන් අතරටත් වඩා තියනවා පැවිද්දන් අතරේ.ගිහි මිනිස්සුනම් දැන් දැන් කුලය ගැන ඒ තරම් වඳ වෙන්නේ නැති බවක් තියනවා.අනික ඒක වෙනස් කරන්නත් පුලුවන්නේ.නමුත් පැවිදි සමාජයේ ඒක එහෙමම තියනවා.ඔවුන් තමන්ගේ දායකයෝ කියලා වෙනම කුලය අනුව පිරිසක් වෙන්කරගත්ත පැතිත් තියනවා.සමහර නිවෙස් වලින් ගේන දානේ වළඳන්නේ නැති තැනුත් තියනවා.

      Delete
    6. පොඩි වැරදීමක් වෙලා මම ලිව්වේ පද්දෝ (බත්ගම) කියලා. අපි මැතිවරණයක් ගැන සැලකුවොත් ගොවිකුලයේ අය කුලය නොසලකා මනාපය දෙනවා. නමුත් පහත් යැයි කියන කුලවල අය මනාපය දෙන්නේ තමන්ගේ කුලයේ අයට.

      Delete
    7. මනෝ මන්දිර +++++++++++++++++++++++++

      Delete
  9. සම්පූර්ණයෙන්ම එකඟයි....

    ReplyDelete
  10. ඒක පැහැදිලි ගේමක්.....

    මහින්ද ඔය ගැන පාර්ලිමේන්තුවේ කතා කරපු එකෙන්ම වැඩේ මාට්ටු.. මහින්දගේ දකුණු අත තමයි වාසු නොහොත් පකයා.. පකයගේ මස්සිනා තමයි එහේ මහ ඇමති. මුන් තුන් දෙනාම පට්ට ජාතිවාදීයෝ...

    ReplyDelete
    Replies
    1. නොමෙරූ බිළි බෝයිස්ලා හරහා කරන දේශපාලනය

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook