නාලන්ද විද්‍යාලයේ ගණිතය ඉගැන්වූ ගුරුවරුන් අතර ලොකු විතාන සර් ප්‍රධාන වේ. හත වසරේදී ඔහු අපගේ ගණිත ගුරුවරයා විය. වරක් විතාන සර් ත්‍රිකෝණමිතිය පාඩමක් උගන්වමින් සිටියදී මම ඉදිරි පේලියේ සිටි නයනප්‍රිය රත්නායකගේ පිටට වරින් වර කවකට්ට තබා තද කලෙමි. නයනප්‍රිය ත්‍රිකෝණමිතිය පාඩමට කන් දෙන ගමන් වරින් වර පිටට ඇනෙන උල නිසා අපහසුවෙන් නලියමින් සිටියේය. ලොකු විතාන සර්ගේ දෑස් ඉදිරි පෙළට යොමුවී තිබෙන නිසා ඔහුට පසුපස හැරී පිටට කව කට්ටෙන් අනින්නේ මොකාදැයි බැලීමට අවකාශයක් නොවීය.
පිටට ඇනෙන වාරයක් පාසා ඔහු ගැස්සුනේය. මෙය මටත් මංගල දිසානායකටත් කදිම සෙල්ලමක් විය. අපද පාඩමට ඇහුම්කන් දෙන බව පෙන්වමින් නයනප්‍රියව නැටවූයෙමි. එහෙත් හිටි හැටියේ කවකටුව තදින් පිටේ ඇනීම නිසා නයනප්‍රිය "උග්" ගෑවේය . ඒ සමගින් බඩුත් සමග හොරු හසු විය. ලොකු විතාන සර්ගේ උකුසු ඇසට මා අත තිබූ කවකටුව හසු විය. මෙහෙ වර ඔටෝ ජිල්බාවා ලොකු විතාන සර් මට සිතාසියක් නිකුත් කලේය. මම කවකටුව මේසය මත තබා සෙමෙන් සෙමෙන් ලොකු විතාන සර් වෙත ගියෙමි. උගන්නන එක තේරුනාද ඔහු ඇසුවේය. මම හිස සලා ඔව් කීවෙමි. මොනවද උඹට තේරුනේ ඔහු දුස් රාවක් මා වෙත එවීය. මම නිරුත්තර උනෙමි. මොනවද තේරුනේ ඔහු යලිත් ඇසීය. සර් උගන්නපු එක මම හීන් හඞින් කීවෙමි. මොකක්ද මම ඉගැන්නුවේ ඔහු ඇසුවේය. ෆ්ලැට් නියායෙන් බේරෙන්නට හැදුවත් එයට අවසරයක් නොවීය. මට ටොක්කක් ලැබුණි. ගුටි ලැබුනද කොල්ලන් ගෙන් ඔටෝ ජිල්බාවා යන නම මට රෙජිස්තර නොවීම ගැන මා සතුටු වූයෙමි.
කැමතිනම් අපි ඒ නම පාවිච්චි කරන්නම් දොස්තර ජිල්බාවා
ReplyDeleteඅනේ එපා මෙන්න වැන්දා
Deleteසුභ නව වසරක් වේවා.................
ReplyDeleteඑසේම වේවා
Deleteඔටෝ ජිල්බාවාට සුබ නව වසරක් වේවා!
ReplyDeleteඔන්න නම මට රෙජිස්තර කලා ; කමක් නැහැ එසේම වේවා
Deleteසුබ නව වසරක් වේවා!!
ReplyDeleteඑසේම වේවා
Deleteසුබ නව වසරක් වේවා ජිල්බු :D
ReplyDeleteඔබටත් එසේම වේවා පත්තරේ
Deleteමේ බ්ලොගට ඇවිල්ල කියවනකම් හිතන්න බෑ මොන වගේ දෙයක් ලියලද කියලා... පට්ටම විවිධත්වයක් තියෙන්නෙ.. ඒක හරි රහයි.. ඔටෝජිල්බාවා කිව්වා නෙහ්... හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
තුති ගස්
Deleteඩොක්ටර් ඔටෝ වොන් ජිල්බාවා... කිව්වම හරියට ජර්මන් වගේ. :-)
ReplyDeleteඅලුත් අවුරුද්ද සෑම අතින්ම සුභ වේවා ඩොක්ටර්...!!!
එසේම වේවා ඩ්‍රැකී
Deleteසුභ නව වසරක් වේවා.
ReplyDeleteසමරසේකර
එසේම වේවා සමරසේකර මහත්මයා
Deleteසුබ නව වසරකක් වේවා.
ReplyDeleteඑසේම වේවා දිනේශ්
Deleteසුබ නව වසරක් වේවා.
ReplyDeleteඔහොම සෙල්ලං කරපු කීදෙනෙක් අද්‍යාපනය කඩාකප්පල් කරගන්ඩ ඇත්ද? බොහෝ ගම්බද පාසල් වල ඔවැනි සෙල්ලං කරන්නේ ඉගෙනීමට දුර්වල ළමුන්.
අපේ පාසලේ හැම එකාම ඔයවගේ වැඩ කෙරුවා
Deleteඩොක්ටර් රුවන්,
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබටත් එසේම වේවා ලාංකික
Deleteස් නොවිම් ගොදම්!
ReplyDeleteකොල්ලො ඒ නම රෙජිස්ටර් නොකළේ, ඒ වෙන කොට තිබ්බ නම ඊටත් හොඳ නිසා නේද?
ස්පසීබා වම් තෝශේ : කොල්ලො ඒ නම රෙජිස්ටර් නොකළේ, ඒ වෙන කොට තිබ්බ නම ඊටත් හොඳ නිසා නේද? ////// ඒකත් වෙන්න පුලුවන්
Deleteමොකක්ද එැබෑටම ජිලිබාවා කියන එකේ තේරුම
ReplyDeleteසුභ නව වසරක්
ඩබ්.කේ , ඔටෝ ජිල්බාවා එකේ තේරුම දැනගෙන ඉන්න ඇත්තේ ලොකු විතාන සර් තමයි
DeleteI vouch for this.
ReplyDelete...ඔටෝජිල්බාවාට නම් වැටුනේ අපිට ගනං උගන්නපු ලොකු විතාන සර්, අපි හැම එකාටම, කටට එන මොකක් හරි නමකින් ආමන්ත්‍රණය කරපු නිසයි. (මේකත් ඒ කාලෙට ගැලපුනාට, දැන් නම් කිසිසේත් නොකල යුතු වැඩක් )
"ඒයි, ඔටෝජිල්බාවා!" කියන එක නිතර අහන්න ලැබෙන නමක් නිසා මම අලුත් පූසට දැම්මා ඒ නම්. නමුත් සම්පූර්ණ නම උච්චාරණය කරන්න අමාරු නිසා කාලයක් යනකොට 'ජිල්බාවා' හැලිලා මූ නිකම්ම 'ඔටෝ' වුනා. "අන්න ඔයාලැයි ඔටෝ අර කඩේ ලඟ හිටියා," කියලා අහල පහල කෙනෙක් කිව්වාම, අපි ඉන්න තැනම ඉඳන් "ඔටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ" කියලා කෑ ගහනවා. මූ නැට්ට උස්සගෙනදුවගෙන දුවගෙන එන්නේ විදිල්ල වගේ. මුගේ නම මම බිත්තියේ රතු පැස්ටල් එකකින් ලොකු අකුරෙන් AUTOJILLBAVAH කියලා ලියලත් තිබ්බා.
ඉතින් ගෙදර ඉන්නේ ඔටෝජිල්බාවායි මමයි විතරයි. මම තාත්තගේ මේසේ පෑඩ් එක උඩ තියාගෙන වෝක්ස්වාගන් බීටල් එකක් අඳිනවා. පූසා මේසේ යට දෙබොක්කාවේ. මම උගේ ඇඟේ කකුල් තියාගෙන ඉන්නේ. මට හිත එකඟකරගන්න අමාරු ගතියක් තියෙනවා...
http://bluejeansntshirts.blogspot.com/2013/10/96-magic-label-old-arrack-everlasting.html
අන්තිමට පූසටත් නම වැටුනා ඔටෝජිල්බාවා කියලා
ReplyDelete