වෘකයන් අතර නග්නව
බුකන්වල්ඩ් මරු භූමියේ
මාරක විදුලි වැට අතරින්
කුඩා පාද තබමින් යන
මිනිස් දරු පැටව මේ අසව
මනුෂ්‍යත්වය පහ කළ
ඒ සාපලත් කාලයේ
යුදෙව්වෙකු වීම නිසා
මරණයේ ඉරණම් ලැබූ
මිලියන ගනනක් අතර
නුඹද එක් අසරණ වූ ජීවියෙකි
ජැන්කොව්ස්කිගේ සූට්කේසය
තම මුළු විශ්වය කරගත්
කුඩා මිනිස ගුලිවී නිදනු
කිසි හඞක් නොනගනු
වටේටම ඉව කර කර යන
එස් එස් වෘකයන් ගෙන්
බේරී ජීවත්වී ඉන්නට නම්
නුඹගේ මව හා පියා
සොයුරු සොහොයුරියන්
ජීවිත වලට සමුදී
දුමක් වී චිමිනිය තුලින්
ගිය අයුරු නොදුටුවත්
හුදකලා වූ මේ ලෝකයේ
නුඹට සෙවන දෙන්නට
නුඹ වැනිම අසරණ වූ
බඩසයින් පෙලෙන
මිනිසුන් ස්වල්පයක්
සිටින බව දන්නේද
වධයට ලක් කළත්
කිසිවෙකු හෙළි නොකලේය
නුඹව සැඟවූ ස්ථානය
මේ බුකන්වල්ඩ් මරු භූමියේ
තෝරාගති ඔවුන් මරණය
පුද කොට නුඹට ජීවිතය
යම් දිනෙක අනාගතයේ
මිනිසා මිනිසාට වෛර කරන
මිනිසා මිනිසා මරා දමන
වියරු භීම කාලය අවසන් වූ දිනයක
පා තබනු පුත නිදහස වෙත
නුඹගේ කුඩා පාද තබමින්
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මට මේ කතාව මතක් වුනා. පිපික් එහෙම තමන්ගෙ ජීවිතේ උගසට තියල පොඩි දරුව වෙනුවෙන් වැඩකරපු හැටි හරිම ප්‍රසන්සනීයයි. ඔබ කියන විදිහට නැවත වෛරය නූපදින්න නිදහස් ලොවක් බිහි කරන්න මෙවැනි දරුවන් උත්සාහ කරන්නැති. ඒත් තවමත් ලෝකයේ හැමතැනම එස් එස් වෘකයො ඉන්නවා.
ReplyDeleteතවමත් ලෝකයේ හැමතැනම එස් එස් වෘකයො ඉන්නවා.+++++++++++
Deleteජර්මන් භූමිය තුළ ම පිහිටි බුකන්වාල්ඩ් යනු හිට්ලර්ගේ වධකාගාර අතරින් නරකතම එක ලෙස සැලකෙයි. බහුතරයක් ජර්මානු කමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්ගෙන් සමන්විත වූ මෙහි රැඳවියන් අතර යුදෙව්වන් ද ඇතුළත්ව ජාතීන් 14කට අයත් විවිධ තරාතිරම්වල මිනිසුන් ඉතා විශාල සංඛ්‍යාවක් ගාල් කරනු ලැබ සිටියෝ ය. මේ කතන්දරයේ කාල වකවානුව වන නට්සි පාලනයේ අවසාන දවස් වන විට එහි සිට ඇති සිරකරුවන් සංඛ්‍යාව 86,000 ඉක්මැවූ බව වාර්තාගත ය.
ReplyDeleteබුකන්වාල්ඩ් කඳවුරේ රැඳවියන්ගේ රහස් සංවිධානයක් තිබිණි. මෙය ජර්මානු කමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් ව සිටියවුන්ගේ සංවිධානයකි. එම සංවිධානය ගැන ගෙස්ටාපෝව සිටියේ ඇහැ ගසාගෙන ය. එහෙත් එහි නායකයින් කවුරුන්දැ’යි එතෙක් අනාවරණය වී නොතිබුණි.
1945 වසරේ එක් දිනයක කඳවුරට අලුතෙන් පැමිණි සිරකරුවන් කණ්ඩායමක එක් පුද්ගලයකු අත සූට්කේසයක් තිබෙයි. එය යාන්තමින් විවෘත කරන පැරණි සිරකරුවන් දකින්නේ එතුළ සිටින කුඩා දරුවෙකි. රහස් සංවිධානයේ
සාමාජිකයෙක් දරුවාගේ ජීවිතාරක්ෂාව සලකා වහාම ඌ වහංගු කරයි. දරුවා ආරක්ෂා කළ යුතු ද නැත්නම් හෙට පිටවන කණ්ඩායමක් සමඟ ඔහු පිටත් කොට හැරිය යුතු ද යන්න ගැන සංවිධානයේ සාමාජිකයින් අතර වාදයක් හට ගැනෙයි.
’ක්‍රොපින්ස්කිගේ මුහුණ බලාපොරොත්තුවෙන් ආලෝක විය. ඔහු උනන්දුවෙන් හිස වැනූ අතර කටහඬ බැගෑපත් විය. “හරියටම අතදරුවෙක් වගෙයි. ලස්සන පුංචි ඇස්, පුංචි කන්, පුංචි අතපය. සේරම පුංචියි. ලස්සන බබා” ඔහු ආදරයෙන් කීය.
හෝපල්ට තමාගේ පපුව හිර වන්නාක් මෙන් දැනිණි. ඔහුගේ සර්වාංගයම රත්විය. ඔහු ඉතා සෙමින් අත පහත දැම්මේ දරුවාගේ මුහුණ වසා කිසියම් දෙයක් පහත දමන්නාක් මෙනි. “ඔව් පෝලන්ත ජාතික දරුවෙක්. පොඩි යුදෙව් දරුවෙක්...
ක්‍රොපින්ස්කි තවත් උනන්දු විය. “පෝලන්ත ජාතික දරුවෙක් කියා වෙනසක් නෑ. ලෝකයේ හැම තැනම දරුවෝ ඉන්නවා. අපි බොහෝම ආදරයෙන් දරුවන් රැක බලා ගන්න ඕනා.”
ReplyDeleteඑලෙස වාද කරන ඔව්හු දරුවා රඳවා ගන්නට තීරණය කරති. ඔවුන් දරුවා රඳවා ගන්නේ එමඟින් තමන් විපතට පත්වන බව සහ අතවනා කැඳවා කරදර ගෙන්වා ගන්නා බව දැන දැන ම ය. පසුව දරුවා සිටින බව හෙළිදරව් වීම නිසා ඔවුන්ට නොයෙකුත් හිංසා පීඩා යනාදියට මුහුණ දෙන්නට සිදුවේ. එසේ වුවද ඔවුහ් දරුවාගේ ජීවිතය බේරා ගන්නට සමත් වෙති. දරුවා අනුසාරයෙන් සිරකරුවන්ගේ රහස් සංවිධානය ගැන තොරතුරු ලබා ගත හැකිවෙතැ’යි දන්නා ගෙස්ටාපෝව, තමන්ගේ සැකයට බඳුන්වන සිරකරුවන්ට නොයෙක් වධ හිංසා පමුණුවයි. එහෙත් රහස හෙළිදරව් කරන්නේ ඔවුන් නොවේ. අවසානයේ මිත්‍ර හමුදාව පැමිණේ. බුකන්වාල්ඩ් කඳවුරේ දොරටු විවෘත කැර ගන්නා සිරකරුවෝ පිටතට එති. කතාව එතැනින් නිමා වෙයි. ඒ අවසාන අවස්ථාවේ දරුවා ඔසොවා ගෙන පිටතට පැමිණෙන්නේ මුලදී ඔහු රඳවා ගැනීමට එකඟ නොවූ රහස් සංවිධානයේ නායකයා වන භෝපල් ම ය.
”...දෙපා පණ නැති වූවාක් මෙන් භෝපල් වැටෙන්නට ගියේ ය. ක්‍රොපින්ස්කි වහා දරුවා අල්ලා ගත්තේ ය. එක්වරම පෝලන්ත හා ජර්මන් බසින් කතාකරමින් කෑ ගසන්නටත් සිනා සෙන්නටත් පටන් ගත් ක්‍රොපින්ස්කි, එම පෙම්බර දරුවා උස්සා සියලු දෙනාටම පෙන්වී ය. අනතුරුව ඔහු ගලා බසින ගංවතුරක් මෙන් සිරකරුවන් පිටවී යන ගේට්ටුව දෙසට දිව්වේ ය.
”මාරියන් කොහෙද දුවන්නේ” අසමින් භෝපල් කෑ ගෑවේ ය. එහෙත් ඒ වන විටත් මිනිස් දිය සුළිය විසින් ඔහු ගිල ගෙන හමාර ය. මැඬලිය නොහැකි ප්‍රවේගයෙන් ගලා බසින එම ප්‍රවාහයට හසු වී තැලී නොයනු පිණිස ඔහු අඬන දරුවා හිස උඩින් උස්සා ගත්තේ ය. උස් පහත් වන මිනිස් හිස් මතින් දරුවා පෙනුණේ රැල්ල මත පාවෙන පොලයක් මෙනි. දරුවා ප්‍රවාහයත් සමඟ පටු ගේට්ටුව තුළින් කැරකි කැරකී ගියේ ය. කිසිවකුට කිසිදා නතර කළ නොහැකි නිදහස් රැළි පෙළත් සමඟ ඔහු සිර කඳවුරෙන් පිටතට ගලාගෙන ගියේ ය.’
සුසෙයි ගේ පවුල අත්අඩංගුවට පත්වෙනකොට ඔවුන් සමඟ සිටි පුංචි කිරි දරුවා මතක් උනා.. අම්මා පිච්චිලා.. නැන්දා (සුසෙයි ගේ බිරිඳ) හා මගේ අතේ තමයි පොඩි එකා දවසම මාරුවෙන් මාරුවට හිටියේ.. සුසෙයි හා මා (නාවික හමුදාව) අතර තිබ්බේ මොන වගේ යුද්ධයක් ද කියලා ඒ පොඩි එකා දැනගෙන හිටියේ නෑ.. :-)
ReplyDeleteආහ්, ආච්චිට හෑන්ඩ් බ්‍රේක් ගහන්ට ඔයා එතනද හිටියේ එතකොට... පොඩි එකා ලොකු වුණු දවසක දැන ගනියි නේද ඔය කතාව??? ඒ ගැන දාලා නැත්නම්
Deleteනරකද ඒ ගැන පෝස්ට් එකක් දැම්මා නම්???
මට මතක විදිහට ඔයා නේද අර මැරුණු යාළුවෙක් ගැන දාලා තිබුණු කෙනා???
ඩොක් වෙනම දාන්ට අමාරුයි මේකෙන්, මේ ඔයාට...
මම කියවලා තියෙනවා ඒ කඳවුර ගැන...
හිතා ගන්ට අමාරුයි මිනිස්සු වුණාම එහෙම කරන්ට පුළුවන්ද කියලා...
ඒ ගැන පෝස්ට් එකක් දාන්න
Deleteඇත්තමයි ඒ කතාව එන මිනින්සු ගැන කියන්න වචන නෑ... මං ගොඩක් ආසාවෙන් කියවපු පොතක්
ReplyDeleteමගෙත්
DeleteS.S I. S, all are the same.
ReplyDeleteමේ පොත කියවන්න ආසාවෙන් ඉන්නවා..
ReplyDeleteකියවන්න
Deleteමේ සබ්ජෙක්ට් එකෙන් මං දැකපු හොඳම ෆිල්ම් එක, life is beautiful...
ReplyDeleteYes
DeleteBuchenwald හා Sachsenhausen හී
ReplyDeleteඇවිද ගොස් ඇත්තෙමි
වද වේදනා වල සිහින් කෙඳිරිලි
හෙමිහිට ඇසෙන විට
නැවතී අසා උන්නෙමි
පාළුවට ගිය දුම්රිය වේදිකාවේ
ඉඳගන උන්නෙමි
ඈතින් එන දුම්රියක හඬින්
තිගැස්සුනෙමි..
පීල්ලට අත තබා
කඳුළක සීතල
හඳුනා ගතිමි...
සැත්කම් මේසයක් මත
කැඩුණු පිඟන් ගඩොලක
පලුද්දක් දුටිමි
ඈත නිල් අහසේ
කළුදුම් වලාවන් ඇතිදැයි
සැකයෙන් බැලිමි
අගුළු ලූ කුටිවල
යකඩ කූරු අතරින්
සුසුමක උණුහුම දැණුනි..
පුංචි ගල් කැට
පේලියට තබා
ගෑස් කුටියේ
වීදුරු කවුළුවෙන්
එබී බැලුවෙමි....
දූවිලි පිරුණු
කුටියේ කෙලවරක
යකඩ ඇණයක්
බිම වැටී තිබුණි...
ආයමත් ලියන්න හිතුනා මේක කියෙව්වාම
ReplyDeleteExcellent asidisi
Delete