Tuesday, December 15, 2015

වීසීගේ පුතා

 



රාගම රෝහලේ ශල්‍යාගාරයට අළුත් වෛද්‍යවරයෙකු පැමිණ සිටි නිසා අප ඔහුගේ නම දැන ගැනීමට උත්සුක වූයෙමි. ඔහු ගිණි කසයා සේ වැඩය​. එකසිය ගානට ලෙඩුන්ට ශල්‍ය ප්‍රතිකාර කරයි. වැඩිය අප දෙසද නොබලයි. කිහිප දෙනෙකුගෙන් ඇසුවමුත්  බොහෝ දෙනෙකු ඔහු කවරෙක්ද යැයි නොදනී. එම නිසා රෝහලේ සියළු තොරතුරු දන්නා වෛද්‍ය විරාජ් පෙරමූණ වත මම ගියෙමි. 

විරාජ්  රෝගියෙකු නිර්වින්දනය කොට හෙදියක් සමග කතා කරමින් සිටියි. මම විරාජ්ට අතින් සන් කලෙමි. ඔහු මා වෙත පැමිනියේය​. 

" අර කව්ද අර අළුතින් ඇවිදින් ඉන්න පොර " මම විරාජ් ගෙන් ඇසුවෙමි 

"ආ ඒ වීසීගේ පුතානේ " ඔහු කීවේය​

මම උඩ ගොස් බිම වැටුනෙමි. එහෙම නෙවෙයි විරාජ් හරියට මිනිසුන්ට නම්බු දීලා කතාකරනවා. ඔහොම කතා කරන එක හරි නැහැනේ . කවුරු උනත් ඩොක්ටර් කෙනෙක් නේ.   කවුද ඒ හාදයා ?

එයා වීසීගේ පුතා විරාජ් යලිත් වරක් කීවේය​. 

"ඒ මිනිහටත් ආත්ම ගරුත්වයක් තියනවා විරාජ් ඔය කතාවට මම එකඟ නැහැ. මිනිහගෙ වැරදි වලට දෙමව්පියෝ පළි නැහැ" මම විරාජ්ට මෙසේ දෝෂාරෝපණය කරමින් වෛද්‍ය ග්‍රේෂන් වෙත ගියෙමි. පසුව ග්‍රේෂන් පැටලිල්ල නිරාකරණය කලේය​. " ඒ වයිස් චාන්ස්ලර් ගේ පුතා අනූප" ඔහු කෙටියෙන් කීවේය​. වෛද්‍ය අනූප නිරිඇල්ල මා හඳුනා ගත්තේ එසේය​. 

වෛද්‍ය අනූප නිරිඇල්ල ඉතා කෙටි කලකින් මා සමග මිත්‍ර විය. ඔහු සමග වැඩ කිරීම සතුටකි.  අප ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ චිත්‍රපට ගැන කථා කරමින් වැඩ කලෙමු. වීසීගේ පුතා වූවද ඔහු ඉතා නිරහංකාර පුද්ගලයෙකු විය​. 

වර්තමානයේ වෛද්‍ය අනූප නිරිඅැල්ල කොලඹ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකු ලෙස සේවය කරයි. 

33 comments:

  1. මේ අද ඉන්න පර්සිගෙ පුතාල වගේ නෙමේ වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. පර්සිගෙ පුතාල ......./?><^%#@_+

      Delete
    2. රනිල්ට පුතාල තියා දුවලවත් නෑ... කොල්ලො ඉන්නවා....

      Delete
    3. රනිල් අර කොල්ලෝ තුන් දෙනාටත් මක්කා හරි කොරයි වගේ..

      කොයි.. සිරන්ති නෝනා වහ බොනවලුනේ..

      කරන කලට පව් මීරිය මී සේ..

      Delete
    4. මම පර්සිගෙ පුතා කියන්නේ උන් තුන් දෙනාට නෙමෙයි. පොදුවේ බයියන්ට මොකද වේ....ගෙ පුතා කියන එක බඩ වියත රැක ගැනීමට අසම්මමත රැකියාවක් කරන කාන්තාවන්ට අපහාසයක් නිසා.

      Delete
    5. අපිට නම් අන්ත දූශිත පාදඩ රාජපක්ෂ පවුලේ මෝඩ මැටිමෝල් පුත්තුත් එකයි, උන්ට රෙදි නැතුව කඩේයන පාදඩ වහල් බයියොත් එකයි, ත්‍රාඩ සටකපඩ තක්ක්ඩි පොනිලේන්ද්‍රන් උන්නැහේ ප්‍රමුඛ කටවාචාල අතේ කයිට් බේගල් සක්විති යූඑන්පී හොර හැත්තත් එකයි, උන්ටත් රෙදි නැතුඅව කඩේ යන පොල් බූරු ටොයියොයි කියල කියාගන්න වහල් මැටිමෝල්ලුත් එකයි, සිරි කාලකණ්ණි පඹසේන උන්නැහේත් එකයි, පචායුද විකටවන්ස, මන්ගොන්පිල, බේගල් දතායි උගේ උමතු පුතා, වාසු_කා, හෙළ ඌරුමීයෝ, බොනිකර තරු ලපයා ප්‍රමුඛ රතු අලියොයි, කුරුටුගාමී හැත්තයි සේරම එපාවෙලා තියෙන්නෙ. අම්මප අපේ රටට හරිහමන් ලීඩර් කෙනෙක් ලැබෙන්නෙ නැතිහැටි රට ගොඩගන්න.

      Delete
  2. කොහොමටත් ටිකක් පොෂ් පවුල් වලින් එන එවුන්ගේ මනුස්සකම රැකියාව ගැන කරන කැපවීම, විවේචන ඉවසීමට ඇති හැකියාව අපිට වැඩිය ටිකක් වැඩියි. මන් නම් හිතන්නේ ඒ උන්ට එකිනෙකට ගරුකරගන්න, කාන්තවන්ට ගරුකරන, නිලදාරීවාදය අඩු, කසල ශෝධක සිට අගමැති දක්වා එකම දුම්රියේ යන බටහිර සංස්කෘතියේ ඇසුර අපිට වැඩිය ලැබෙන නිසා කියල. රජයේ කන්තෝරුවේ ඉදල රෝහල වෙනකන්ම ආයතන ගත්තම දුප්පත් මිනිස්සුන්ට බලනට වගේ බැනල එලව ගන්න ගොඩක් අය ගැන සොයා බැලුවම පෙන්නේ ඔවුන් බොහොම පහල සිට ඉහලට ආපු අය බව. දුප්පත් පවුල් වලින් ඉහලට ඇවිත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන බොහොම නිහතමානී ටික දෙනෙකුත් ඉන්නවා, එත් ඉහල සමාජයෙන් ආපු එවුන් ගොඩක් එවුන් ලග ඒ ගති ලක්ෂණ තිබෙනවා. විශ්වවිද්යලේදී වුනත් ඉංගීසි බැරි එවුන්ට කියල දෙන්නේ, අනික් එක තමුන්ට වැඩිය ඉහලට යාවි කියල බය නැතුව කුප්පියක් දාන්නේ, ජොබ් එකට දාන්න සීවී එක බලල දෙන්නේ, කවර් ලෙටර් එක ලියල දෙන්නේ, ඉන්ටවීවූ එකට උත්තර දෙන හැටි කියලදෙන්නෙත් පොෂ් එවුන් ගොඩක් වෙලාවට. ඉංගීසි පත්තරේ බලල මචන් අන්න ජොබ් එකක් තියෙනවා දාපන් කියල වැඩිපුර ඇවිත් කියන්නෙත් පොෂ් එවුන්. අපි පොශාලට ඒ කාලේ හිනා වුනාට, උන් ගේ හිත අපේ හිත්වලට වැඩිය හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාවේ යම් සත්‍යක් තියනවා මගේ නිරික්‍ෂන මත පෝස්ට් එකක් දාන්න ඉන්නේ

      Delete
    2. කතාවේ යම් සත්‍යක් තියනවා අනිවාර්යෙන්ම , උදා; ඔබ පොෂ් ආකාරයෙන් කොමන්ට් වලට පිළිතුරු දෙනවා
      රජයේ ආයතන ගත්තම දුප්පත් මිනිස්සුන්ට බල්ලනට වගේ බැනල එලව ගන්න ගොඩක් අය ගැන සොයා බැලුවම පෙන්නේ ඔවුන් බොහොම පහල සිට ඉහලට ආපු අය බව නමුත් [අ]විචාරක [ව] ලියන වුන් තමාට නිලබලයක් ඇතිබව පෙන්වමින් තම නිලකාමය පෙන්වමින් බොරු නයි නටවනවා

      Delete
  3. ඔය වගෙ වචන උච්ඡාරන පැටලිලි නිසා අනන්තවත් අපහසුතාවයට පත් වෙනව තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය උච්ඡාරන කියන එකත් මට ඇහෙන්නේ වෙන විදියකට

      ඇයි උක්ත ආක්යාත... ගුටි කාලත් තියෙනවා...

      Delete
    2. ආලපන විභක්තියෙන් ද ?

      Delete
  4. වීසී මහප්පා......................

    ReplyDelete
    Replies
    1. ඇයි අර කවියක් තියෙන්නෙ... රැග් කාලෙ කියන.කුරුටු කියන්නෙ ඒ ගැනද කොහෙදො

      Delete
  5. අපේ ඩොක්ටර් මාමා නිතර කියන දෙයක් තමයි, එයා මෙඩිකල් කොලේජ් යන කාලෙ මෙඩිකල් කොලේජ් එකට තෝරගන්න ඉන්ටවිව් එකක් තිබ්බලු. ඒකෙදි ශිෂ්‍යයන්ගෙ පවුල් පසුබිම හොයල බලනවලු. ඒකෙන් අදහස් කරන්නෙ වැදගත් විදිහට හැදුනු ළමයි චොස්තර වරුන් බවට පත් කිරීමලු. දැන් එහෙම දෙයක් නැතිලු. ඉතිං කසිප්පු විකුණලා පෝසත් වෙච්ච මිනිහගෙ පුතාටත්, ඉගෙනීමට දක්ෂ නම් දොස්තර වරයෙක් වෙන්න පුළුවන් ලු. ඔවුන් තමා ලෙඩ්ඩුන්ට සළකන්නෙ අමානුෂික විදිහට... (අන්න ඒ වගේ දොස්තරලට නම් වීසීගෙ පුතා කියල කටපුරා කියන්න පුළුවන්)

    ReplyDelete
    Replies
    1. //ඉතිං කසිප්පු විකුණලා පෝසත් වෙච්ච මිනිහගෙ පුතාටත්, ඉගෙනීමට දක්ෂ නම් දොස්තර වරයෙක් වෙන්න පුළුවන් ලු. ඔවුන් තමා ලෙඩ්ඩුන්ට සළකන්නෙ අමානුෂික විදිහට//

      ලැජ්ජාවේ බැ

      Delete
  6. වැඩිදුර තොරතුරු තවකෙනෙකුගෙනුත් අහපු නිසා හොඳයි, නැත්නම් අළුත් කෙනාව බ්ලැක් මාර්ක් කරගෙන ඉඳලා යහපත් මනුශ්‍ය ආශ්‍රයකුත් නැති වෙනවා.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  7. අපි නොදන්නවාට කොයි වීසීගෙ පුතා තුළත් හොඳ මිනිස්සු ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජාවේ බැ අර විවේචන ඉවසීමට නොහැකියාව ඇති "වචන උච්ඡාරන පැටලිලි " කෙනා හතර මන් හන්දියකට ඇවිල්ලා පාර හොයාගන්න බැරිව අතර මන් වෙලා ඉන්නවාලු මෙන්ඩාගේ පරණ බ්‍රා ජොබ් එක සෙට් කරලා ගන්න කියන්න වැඩකරන ගමන් රෙදි මේඩ් ඒවා බල බලා ඉන්න... කරන කලට පව් මීරිය මී සේ..

      Delete
    2. ඇනෝ බලාගෙන, නිතඹට පයින් පාරක් වදී. පරිස්සමින් !

      Delete
    3. ඇනෝ මිත්‍රවරුනි,

      ඔබ ඇනෝ පැමිණෙන විට එසේ පැමිණෙන අන් අයගේද ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි. පුද්ගලික මඩ ගැසීම් වෙනුවට අපි අදහස් දැක්වීම සහ විවේචනය කරමු. අප වැනි බ්ලොග් නොලියන සාමාන්‍ය පාඨකයන් ඔබලාගේ පුද්ගලික ප්‍රශ්න සමග ගාවා නොගන්නාමෙන් ඉල්ලා සිටිමි.

      ස්තූතියි !

      Delete
    4. @ AnonymousDecember 16, 2015 at 12:30 AM

      චී.......කේ..............නිකම් විලිලැජ්ජාවේ නෙවෙයි හතර විලිලැජ්ජාවේ බෑ. (හතර විලිලැජ්ජා කියන එක විස්තර කරන්න දන්නවද? දන්නේ නැත්නම් එත් ලැජ්ජාවේ බෑ නොදැන පණ්ඩිත කතා කියන එක ගැන) උච්ඡාරණ කියන වචනේ ලියාගන්න බැරි කුක්කා. චී.......කේ.....කක්කා ගොඩයි. රෙදි මේඩ් කියන්නේ මොකක්ද කුක්කෝ. කුක්කා කුක්කා විදිහට හිටපන්. ලොක්කා වෙන්න ආවම ප්‍රසිද්ධියේ රෙදි ගැලවෙනවා. දුප් යන්න කුක්කා.

      Delete
    5. ඔහේ හිතාගෙන ඉන්නේ මහලොකු සිංහල දැනුමක් තියන එකම බ්ලොග් ලියන්නා ඔබ කියලනේ ලොක්කා වෙන්න ආවම ප්‍රසිද්ධියේ රෙදි ගැලවෙනවා ඔබටත් වෙන්නේ ඒ ටිකමයි එහින්දා තදේට ඇඳගෙන ලියන්න අපිට සිංහල බස ප්‍රොමෝට් කරන්න කිසිම උවමනාවක් නැත බණ්ඩා 1956 කල දෙයින් ප්‍රගතිය දැන් ඔප්පුවෙලා තියනවා තමාගේ බස ගැන තියන තත්වය අල්ලපු රටේ මිනිසුන්වත් බාවිතා නොකරන කොට ,අඩුම වශයෙන් ඔය රටේ උතුරෙවත් බාවිතා නොවෙන කොට තව මොන කථාද? ලිඳේ ඉන්න ගෙම්බෝ දන්නේ ලිඳේ තරම පමණයි.


      Delete
  8. වීසී , උක්ත,ආක්‍යත ,,, හෙළුවෙන් වැනීම,... බසක මහිම...

    ReplyDelete
  9. meka adala nathi comment ekak nemeyi, karunakara kiyawanna Kuraan kiyana pothe niyama hati danaganna:-

    "153 People killed in Paris France by the Jihadist:
    These type of terrorism can only stop when the West acknowledge the fact that Islam is the greatest threat to Humanity and World Peace and stop being politically correct about Islam. Even though not all Muslims are terrorist but any Muslim who take teaching of Muhammad seriously would have no choice but 'KILL THE INFIDELS WHEREVER THEY FIND THEM' Quran (2:191-193).
    Islam and Secularism is diametrically opposite...They cannot coexist.. Islam does not acknowledge presence of other religion or culture.... Islam has problem with woman's right and Non-Muslims rights.
    Europe has not learn their lesson from Muslims, It's the same Europeans often defend the Muslims and claim that it has nothing to do with Islam and its the same European would welcome them as migrants and claim that they're fleeing persecution and deserve protection in the West, but the truth is that Muslims are not in Europe to live and assimilate into Western society, Muslims are in Europe to kill as many as they can to takeover Europe.
    When Israel defend themselves against Arabs terrorists, Israeli get condemnation from European Governments without acknowledging the fact that Israel has been in forefront fighting a war the Europeans themselves would find it difficult to fight. Israel is the only Country in heart of Savege Middle Eastern region defending Western Civilization and Democracy but instead of the Europeans to support and defend Israel, they condemn Israel and support the Arabs Barbarism, but when you condemn Israel and support the Arabs, you will surely taste what Israel has been fight against for decades because you thought that the enemies are the victims.
    ISIS had promised to flood Western Countries with 500,000 Jihadist disguised as refugees, but Western Countries ignore the threats despite Jordanian and Libyan Army Generals warned that there could be thousands of ISIS sympathizers among the so called Refugees.
    Of the multiple current world conflicts in the Muslim World, The West are yet to understand that Islam is the greatest threat to world peace not their Nations, It's the Islamic ideology the Muslims embrace inspires them to destabilize their own region.
    Quran (8:12) - 'Cast TERROR into the hearts of those who disbelieve. Therefore strike off their heads and strike off every fingertip of them'
    Quran (3:151) - 'Soon shall We cast TERROR into the hearts of the Unbelievers, for that they joined companions with Allah, for which He had sent no authority.'
    Quran (4:74) - 'Let those FIGHT in the way of Allah who sell the life of this world for the other. Whoso FIGHTETH in the way of Allah, be he slain or be he victorious, on him We shall bestow a vast reward.'
    Quran (9:14) - 'FIGHT against them so that Allah will punish them by your hands and disgrace them and give you victory over them and heal the breasts of a believing people.'
    Quran (48:29) - 'Muhammad is the messenger of Allah. And those with him are hard (ruthless) against the disbelievers and merciful among themselves.'
    Say NO to Political correctness and identify the threats and defeat Jihad. If you ignore this message you might end up as one of their next victims. I am an Ex-Muslim and I know what Islam teach and act like this is 100% justified in Islam according to Quran and Sunna. The above verses from the Quran are just few of it." - Karim Bin Abdullah

    ReplyDelete
  10. හාමුදුරුවෝ සල්ල වුඛ වුත්තී.. කියල බණ කියද්දී මටත් ඔහොම වැරදිලා තියෙනවා. :p

    ReplyDelete
    Replies
    1. ඕක කියනකොට බවලත් උදවිය බිම බලාගන්නවා

      Delete
  11. SallaWUKA wutthi nemeyi ban, hariyatama kiyanne sallaHUKA wuththi, e kiyanne simple wruthaya,; sallahukatha= simplicity, ape bawuddhayo karaniya mettha sutrayawath hariyata danne nane

    ReplyDelete
    Replies
    1. සැහැල්ලු දිවි පෙවෙත

      Delete
  12. අැත්ත........පොෂ් පවුල් වලින් එන එවුන්ගේ මනුස්සකම රැකියාව ගැන කරන කැපවීම, විවේචන ඉවසීමට ඇති හැකියාව අපිට වැඩිය ටිකක් වැඩියි. මන් නම් හිතන්නේ ඒ උන්ට එකිනෙකට ගරුකරගන්න, කාන්තවන්ට ගරුකරන, නිලදාරීවාදය අඩු, කසල ශෝධක සිට අගමැති දක්වා එකම දුම්රියේ යන බටහිර සංස්කෘතියේ ඇසුර අපිට වැඩිය ලැබෙන නිසා කියල. රජයේ කන්තෝරුවේ ඉදල රෝහල වෙනකන්ම ආයතන ගත්තම දුප්පත් මිනිස්සුන්ට බලනට වගේ බැනල එලව ගන්න ගොඩක් අය ගැන සොයා බැලුවම පෙන්නේ ඔවුන් බොහොම පහල සිට ඉහලට ආපු අය බව. දුප්පත් පවුල් වලින් ඉහලට ඇවිත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන බොහොම නිහතමානී ටික දෙනෙකුත් ඉන්නවා, එත් ඉහල සමාජයෙන් ආපු එවුන් ගොඩක් එවුන් ලග ඒ ගති ලක්ෂණ තිබෙනවා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook