Saturday, December 19, 2015

71 කැරැල්ල : මහනඩුවේ 14 වන විත්තිකරු වඩුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර





71 මහනඩුවේ 14 වන විත්තිකරු  වූ සිසිල්චන්ද්‍ර 2006 වසරේ දීි හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු රෝහණ විජේවීර​ගේ කායාරක්ෂකයකු ලෙසටද කටයුතු කළේය. ඔහු විසින් 1971 ජූනි මස 10 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කට උත්තරය සමන්විත වන්නේ මේ ආකාරයටය.

71.6.10 සිට 71.6.13 දක්වා වඩුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර විසින් රාජ නීතිඥ අයි.එෆ්. බී. වික්‍රමනායක මහතාට කරන ලද ප්‍රකාශයේ සාරාංශය.

වඩුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර අවුරුදු 25 යි. රක්ෂාවක් කරන්නේ නැත. පදිංචිය අම්බලන්ගොඩ දූවේ යි. අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයෙන් 1964 දී අ.පො.ස. (උසස් පෙළ) සමත් වුණා. 1965 දී පාසලින් අස් වුණා. 1964 දී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ තරුණ පෙරමුණේ (මොස්කව් පිළේ) අම්බලන්ගොඩ ශාඛාවට බැඳුණා. එහි භාණ්ඩාගාරික වශයෙන් මා තෝරා ගනු ලැබුවා. විජේවීර​ගියේත් එම පාසලටමයි. චන්ද්‍රසේන (කලූ ලකී) ගියේ එම පාසලටමයි. 1968 සැප්තැම්බරයේදී චන්ද්‍රසේනත් මේ රටේ වාමාංශික ව්‍යාපාරය ගැන මා සමඟ කතා කොට, ඔවුන් දේශනා කරන ප්‍රතිපත්ති අවංකව ක්‍රියාත්මක නොකරන බව කීවා.

පසුව චන්ද්‍රසේන ඔහුගේ නිවසේ පැවැත්වුණු පංතියකට පැමිණෙන්නැයි මට ඇරයුම් කළා. තේමිස් (බටපොල අතුල) සහ තවත් අය ඇතුළු දහදෙනෙක් පමණ ඊට පැමිණ සිටියා. චන්ද්‍රසේනගේ ගෙදර දේශන 5කට අපි ගියා. චන්ද්‍රසේන පළමුවෙන් ආර්ථීක තත්වය ගැන දේශනයක් පැවැත්තුවා. නිදහස සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ජනක කතා කළා. චන්ද්‍රසේන හතරවැනි සහ පස්වැනි දේශන පැවැත්වූයේ වාමාංශික ව්‍යාපාරයත් ලංකාවේ විප්ලවය සංවිධානය කළ යුතු අන්දමත්
ගැනයි. 

ඒ කාලයේ තේමිස් කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව් පිලේ) සාමාජිකයෙක්ව හිටියා. ඔහු යුද හමුදාවේ සේවය කර තිබුණා. ලංකාවේ විප්ලවය වෙන රටවල විප්ලවයන්ට වඩා වෙනස් බව චන්ද්‍රසේන කීවා. යුද හමුදාව සමඟ දිගින් දිගට සටන් කිරීමට හැකියාවක් අපට නැති නිසා මේ රටේ විප්ලවය සුළු කාලයකින් කළ යුත්තක් බව කිව්වා. මාස දෙකකට පමණ පසු තේමිස්ගේ ගෙදර සාකච්ඡාවකට මා කැෙඳව්වා. මට සනත් හඳුනා ගන්නට ලැබුණේ මෙහිදීයි. ඔහු සාකච්ඡාව මෙහෙයවූවා.

ප්‍රදේශයේ නායකයා සනත් බව පෙනුණා. තවත් වැඩි වැඩියෙන් සාමාජිකයන් බඳවා ගෙන පස්දෙනා බැගින් වූ කාණ්ඩ ඇති කිරීමට උත්සාහ කළ යුතු යයි ඔහු කියා සිටියා. සුබසීල කොඩිකාර සහ තව කිහිප දෙනෙක් මම පළමුවෙන් බඳවා ගත්තා. සුනන්ද දේශප්‍රියත් බඳවා ගත්තා. අලූත් සාමාජිකයන්ට පංති පැවැත්වූයේ සුනන්දගේ ගෙදරයි. මේ පන්තියේදී සුනන්ද එක්කර ගෙන ආ අනුර කුරුකුලසූරිය මට හමුවුණා. සනත් මේ කණ්ඩායමට දේශන පැවැත්වූවා. 

1969 ආරම්භයේදී තේමිස් සිය නිවසේ සාකච්ඡාවක් පැවැත්වීමට විධිවිධාන යෙදුවා. මෙරිල් ජයසිරි ඇතුළු 20 දෙනෙක් පමණ ඊට සහභාගි වුණා. මට පළමුවැනි වරට විෙජ්වීර හමුවුණේ මෙහිදීයි. ඔහු තම නම සඳහන් කළේ රෝහණ යනුවෙනුයි. ඔහුට උඩු රැවුලක් තිබුණා. අප බඳවා ගන්නා අය ගැන අප ඉතා පරිස්සම් විය යුතු බව ඔහු මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. අපේ සාමාජික සංඛ්‍යාව වැඩි කර ගෙන පස්දෙනා බැගින් වූ කාණ්ඩ ඇති කරගත යුතුයි. පුහුණු කිරිමේ කඳවුරක් නුදුරු අනාගතයේදී අප සඳහා පවත්වන බව විෙජ්වීර කීවා. මේ සාකච්ඡාවෙන් පසු සාමාජික සංඛ්‍යාව වැඩිකර ගැනීමටත් දේශන පැවැත්වීමටත් අප පටන් ගත්තා.

ගාල්ලේ කඳවුරක් පැවැත්වීමට විධිවිධාන යොදා ඇති බවත් රු. 5 ක්ද රැගෙන ගාල්ලේ බස් නැවතුම්පොලට අවුත් ඔහු හමුවන ලෙසත් අප්‍රේල් මාසයේදී තේමිස් මට කීවා. සුනන්දත් ආවා. තේමිස් අපව බස් රියෙන් අක්මීමන ඩබ්ලිව්. ටී. කරුණාරත්නගේ ගෙදරට එක්කරගෙන ගියා. පසුව ජ.වි.පෙ. භාණ්ඩාගාරික වූයේ ඔහුයි.

එදා රෑ සනත්, ඔස්මන්ඩ්, ටී. ඩී. සිල්වා සහ විමලගුණේ යන අය සමඟ විෙජ්වීර පැමිණියා. තැන් තැන්වල නොගොස් දින පහක් එහි අප නැවතී සිටිය යුතු බව විෙජ්වීර කීවා. විෙජ්වීර නොයෙක් විෂයයන් ගැන දේශන පැවැත්වූවා. අන්තිම දේශනය පැවැත්වූයේ විප්ලවය සඳහා සූදානම් විය යුත්තේ කෙසේද යන්න ගැනයි. විෙජ්වීර අසනීප වූ නිසා දේශනය කෙටි කළා.

කඹ දිගේ ඉහළට නැගීම, පොලූවලින් පැනීම ඇතුළු ශාරීරික අභ්‍යාස උදේ කාලයේ පැවැත්වූවා. ඒවා පවත්වන ලද්දේ උපාලි විසින්. තේමිස් සහ විමලගුණේ කරාටේ පාඩම් ඉගැන්නුවා. බෝපගේ ලයනල්ද පැමිණ සිටියා. තුවක්කු වශයෙන් කෝටු තබාගෙන ගමනේ යාමටද ඉගැන්නුවා.

මේ කඳවුරෙන් පසු කීප වාරයක් සුනන්දගේ ගෙදරදී මට විෙජ්වීර හමුවුණා. රටේ නොයෙක් පළාත්වල පන්ති පැවැත්වීම සඳහා යන අතරතුර එහාට ගොඩවී යාමටද ඔහු පුරුදුව සිටියා. බඳවා ගත යුතු වූ පුද්ගලයන්ගේ ලිපිනයන් ඔහු දුන්නා. ලොකු අතුල මහනුවර කටයුතු සංවිධානය කරන බවත් ඔහු කීවා. තමා තනමල්විල කඳවුරක් පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව 1969 අගොස්තුවේදී මට දැන්වූ විෙජ්වීර, අම්බලන්ගොඩින් පුද්ගලයන් පස් දෙනෙක්ද රැගෙන එහි එන ලෙස මගෙන් ඉල්ලා සිටියා. සුබසීල කොඩිකාර හා ආරියදාස සමඟ මා එහි ගියා.

පාරේ සිට සැතපුම් 1/3 ක් පමණ ඈත කැලෑව තුළට අප කැඳවාගෙන ගියා. 100 දෙනෙක් පමණ එහි පැමිණ සිටියා. ඒ අය අතර ඔස්මන්ඩ්, ලොකු අතුල, සෝමසිරි කුමානායක, ප්‍රැන්සිස් අබේවික්‍රම, කලූ ලකී, මිල්ටන්, පියතිලක, චුක්කි ප්‍රේමරත්න, සුසිල් වික්‍රම, අනුර කුරුකුලසූරිය, පොඩි ලකී, බටපොල තේමිස්, චන්ද්‍රසේන, ධනපාල, සනත් සහ තවත් අය සිටියා. මුල් කඳවුරේදී මෙන්ම අප ව්‍යායාම්වලද නිරත වූවා. ලොකු අතුල සහ බටපොල තේමිස් අපේ කරාටේ පන්ති පැවත්තුවා.

අතුල තුවක්කුවකින් වෙඩි තබා වඳුරන් මැරුවා. අපි ඒ මස් ඉවුවා. දෙවෙනි දින රෑ මැදිවියේ පුද්ගලයෙක් මලයාවේ ගරිල්ලා සටන් ක්‍රම ගැන තමා ලත් අත්දැකීම් ගැන දේශනයක් පැවැත්තුවා. වසන්ත කනකරත්න සිල්වා සිටියේත් මේ කඳවුරේ යි. ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ කටයුතු භාරව සිටියා.

නයනානන්ද විෙජ්කුලතිලකට මා හඳුන්වා දෙන ලදුව ඔහුගේ නිවසේදී පන්ති පැවැත්තුවා. මා සනත් සමඟ   ගොස් නිමල් මහරගේ, සුසිල් වික්‍රම, චන්ද්‍රසේන, බටපොල තේමිස්, කලූ ලකී, ධනපාල සහ තවත් අය හමුවුණා. ධනපාල බස් රියෙන් ඔහුගේ ගෙදරට අප එක්කරගෙන ගියා.   එහිදී පියතිලක, ලොකු අතුල, මිල්ටන්, ඔස්මන්ඩ් ටී. ඩී. සිල්වා, පොඩි අතුල, ලක්ෂ්මන් මුණසිංහ, ඩබ්ලිව්. ටී. කරුණාරත්න, ප්‍රේමසිරි සිරිවර්ධන ආදී පුද්ගලයන් 30 දෙනෙකු පමණ අපට හමුවුණා. විෙජ්වීරද එහි සිටියා. අප සෑහෙන තරම් මහන්සි වී වැඩ කරන්නේ නැතැයි ඔහු අප විවේචනය කළා. 

පත්‍රවලට ලිපි ලිවිය හැක්කාවූත් පන්ති පැවැත්විය හැක්කාවූත් අයගේ නම් ඔහු ඉල්ලා සිටියා. කණ්ඩායමට විරුද්ධව ධර්මසේකර කටයුතු කරන බවට පැමිණිල්ලක් දැදිගම නමැත්තෙක් ඉදිරිපත් කළා. අප මහන්සි වී පූර්ණකාලීනව වැඩ කරන 250 දෙනකු පමණ බන්දවා ගෙන
අපේ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව 2500 ක් පමණ දක්වා වැඩි කර ගත යුතු බව විෙජ්වීර කිව්වා. චිත්‍රපටි බැලීමෙන් සහ දුම් බීමෙන් සාමාජිකයන් වළක්වාගෙන, හැකි කවර මුදලක් හෝ ඉතිරි කර ගැනීමට ඔවුන් පෙළඹවිය යුතුයැයි ද ඔහු කීවා.

නොයෙකුත් සාමාජිකයන්ට දිස්ත්‍රික්ක වෙන්කර දී තිබුණා. ලොකු අතුල නුවර සහ බදුල්ල භාරව සිටියා. සනත්ට ගාල්ල. සුසිල් වික්‍රමට මාතර සහ හම්බන්තෙ.ාටයි. නිස්සංකට අම්පාරේය. නිමල් මහරගේට සහ ප්‍රේමපාලට කෝට්ටේය. ඔස්මන්ඩ්, ධනපාල, පියතිලක, ටී. ඩී. සිල්වා, වසන්ත යන අයට කොළඹ වැඩ කිරීමට නියම වුණා. සරත් ගුණරත්න සහ පොඩි ලකී අනුරාධපුරයේ වැඩ කළා. ධර්මස්කරට කලූතරයි. ජයසේකරට රත්නපුරය. ජයකොඩිට කුරුණෑගලය. චන්ද්‍රසිරි හේරත්ට හලාවතය. ප්‍රේමසිරි සිරිවර්ධනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ව්‍යාපාරය පුළුල් වී යත්ම පසු අවස්ථාවක මෙම වෙන් කිරීම් වෙනස් කළා.

මේ කාලයේදී විෙජ්වීර ඛෙහෙවින්ම අවධානය යොමු කළේ පක්ෂය ගොඩනගා ගැනීම කෙරෙහිය. 1969 සැප්තැම්බර් මාසයේ නැත්නම් ඔක්තෝබර් මාසයේ විෙජ්වීර, සුනන්දගේ ගෙදරදී මා හමු වී මට කීවා නන්දසිරි එම්.අයි.එෆ්. 5 භූමි භාගයේ මෝටර් රථවල අංක ලියා ගනිමින් සිටියදී එම්.අයි.එෆ්. 5 විසින් ඔහු අත් අඩංගුවට ගන්න ලද බව.

ධර්මසේකර සමඟ පැවති මතභේද සමථයකට පත් කර ගැනීම පිණිස ඉහළ පෙළේ නායකයන්ගේ සාකච්ඡාවක් මාතරදී පැවැත්වූණා. (ධර්මසේකර ස්වකීය ප්‍රදේශයේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තු භාර දීමට අකමැත්තක් දැක්වූවා. ජයකොඩිත් කුරුණෑගලදී එයම කළා. 

විෙජ්වීර පූර්ණකාල සාමාජිකයන් වැඩියෙන් බඳවා ගත්තා. 1969 මාර්තු මාසයේදී සනත්, අම්බලන්ගොඩ සාමාජිකයන් කැඳවා එක් එක් පුද්ගලයා විසින් එකතු කළ යුතු දේවල ලැයිස්තුවක් අපට දුන්නා. එම දේවල් නම් තුවක්කුවක්, පතරොම් පෙට්ටි හයක්, නිල ඇඳුම්, පිහියක් පොරවක්, වතුර බෝතලයක්, හැවර් සැක් සපත්තු ආදියයි. බල්බ්, ටින්, කටුකම්බි, වෙඩි ඛෙහෙත් සහ ඇසිඩ් යනාදියත් අප විසින් එකතු කර ගත යුතු බවද ඔහු කීවා. එකතු කරගත් පුපුරන ද්‍රව්‍ය බටපොල අතුලට දිය යුතුව තිබුණා. 

ඒ ඒ ප්‍රදේශවල තිබුණු පාරවල්, පාලම්, විදුලි ට්‍රාන්ස්ෆෝමර්, රජයේ නිලධාරීන්ගේ ගෙවල්, පොලිස් ස්ථාන ආදිය දැක්වෙන කටු සිතියම්ද අප විසින් සූදානම් කරගත යුතුව තිබුණා. තුවක්කු අයිතිකරුවන්ගේ ද එ.ජා.ප. යට අධාර කරන්නන්ගේද වෙනත් පක්ෂවලට ආධාර කරන්නන්ගේද නම් ලැයිස්තුවක් පිළියෙල කර ගන්නට නියම වී තිබුණා. ජගත් ප්‍රදේශයේ සිතියමක් පිළියෙළ කළා. අමරදාස ප්‍රා.ආ.නි. කාර්යාලයේ සිටි තම යාළුවකුගෙන් තුවක්කු අයිතිකරුවන්ගේ නම් ලැයිස්තුවක් ලබාගත්තා. ටී. ඩී. සිල්වාගේ තුවක්කු බලපත්‍රය පාවිච්චි කර අමරදාසත් මාත් පතුරොම් පෙට්ටි හතරක් මිලදී ගත්තා. අපි මනෝසීල රාත්තල් 10 ක් මිලදී ගෙන ඒවා බටපොල අතුලට දුන්නා. බල්බ් සහ ටින් ද අපි එකතු කර ගත්තා.

මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී සනත් අපට කීවා ධර්මසේකර සහ ඔහුගේ කණ්ඩායම ඉවත් කරනු ලැබූ නමුත් ජයකොඩි තමා කළ වැරදිවලට සමාව ගෙන නැවතත් විෙජ්වීරට එකතු වූ බව, 

70.5.12. වැනි දින හම්බන්තොටදී විෙජ්වීර අත්අඩංගුවට ගනු ලැබුවා. ලක්ෂ්මන් මහදුවගේත් සෝමසිරි කුමානායකත් මාත් බදුල්ලේ බන්ධනාගාරයට ගියා. විෙජ්වීරව නුවරඑළියේ උසාවියට ඉදිරිපත් කරනු ලැබූ වාර හතරේදීම මා එහි ගියා. විෙජ්වීර නිදහස් කරන ලෙස බලකර සිටීමේ පෝස්ටර් දැන්වීම් පාඨ සනත් දුන්නා. 70.7.9 වැනි දින විෙජ්වීර නිදහස් කරන ලදින් තංගල්ලට ගියා. 70.7.14 වැනි දින විද්‍යෝදයේ දී මට මහින්ද විෙජ්සේකර මුණ ගැසුණා. ජවිපෙ සඳහා මුදල් එකතුකළා. දෙල්ගොඩ රාජා රු. 1000 ක් දුන්නා. මා රු. 300 ක් දුන්නා. මා ප්‍රවෘත්ති පත්‍රයේ ප්‍රකාශකයා වූ නමුත් ප්‍රකාශන කටයුතු කළේ සුබසීල, මහින්ද විෙජ්සේකර, ලක්ෂAමන් මුණසිංහ, මිල්ටන්, උයන්ගොඩ සහ සෝමසිරි කුමානායක යන අයයි. ලක්ෂAමන් මුණසිංහ සහ ඔස්මන්ඩ් පත්‍රය ඛෙදා හැරීමත්, මුදල් එකතු කිරීමත් කළා.

පිටරට ගොස් ඇත්තාවූද, සුසිල් සිරිවර්ධන සමඟ පැමිණීමට නියමිත වූද විරාජ් නමැති පුද්ගලයකු හමුවීමට තමා බලාපොරොත්තු වන බව විෙජ්වීර 1970 ජූලි මාසයේදී ටී. ඩී. ගේ ගෙදරදී කීවා. අපි පොඩි ලකීත් සමඟ විමලගුණේගේ ගෙදරදී ඔහු මුණ ගැසුණා. සුසිල් සිරිවර්ධන සහ පියල් සෝමරත්නත් එහි සිටියා. නොයෙක් විදියේ විප්ලවකාරයන් සමඟ තමාගේ ඇති සම්බන්ධකම් ගැන විරාජ් විස්තර කළා. තමා කියුබානු සමාජවාදී ක්‍රමය අගය කරන බව ඔහු කීවා. සිංහල සාහිත්‍යයේත් ඉතිහාසයේත් විප්ලවකාරී අංශය ගෙනහැර පාන පොත් ලිවීමෙන් තමාට සහාය විය හැකි බව සුසිල් සිරිවර්ධන කීවා. ජ.වි.පෙ. පත්‍රයේ දෙවෙනි මුද්‍රණය ප්‍රකාශයට පත් කිරීම සඳහා තමා සුසිල් සිරිවර්ධනගෙන් රු. 1000 ක ණයක් ලබා ගත් බව පොඩි ලකී පසු අවස්ථාවක කීවා.

විෙජ්වීර හමුවීමට විරාජ් දෙවෙනි වරට පැමිණියේ අගෝස්තු මාසයේදී පැවැත්වුණු අපේ ප්‍රසිද්ධ රැස්වීමෙන් පසුව ටී. ඩී. සිල්වාගේ ගෙදරටය. 14 අපගේ ව්‍යාපාරය සහ පිටරටවල වෙනත් විප්ලවකාරී ව්‍යාපාර සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට විරාජ් ප්‍රයෝජනවත් විය හැකි බව, විරාජ් යන්ට ගිය පසු විෙජ්වීර කීවා. අපට පිටරටවලින් ආධාර ලබාගැනීම සඳහා විරාජ් පිටරටවලට යනු ඇතැයිද ඔහු කීවා.

අගෝස්තු මාසයේදී පවත්වන ලද අපගේ පළමුවැනි රැස්වීමට කලින්, (නායකයන්ගේ) රැස්වීමක් විෙජ්වීර විසින් කැඳවන ලදුව මධ්‍යම කාරක සභාවක් පත්කර ගැනීමට තීරණය කළා. නැවතත් ඔක්තෝබර් මාසයේදී, සනත්, කරුණාරත්න, ලොකු අතුල, ලක්ෂAමන් මහදුවගේ, ධනපාල, ටී. ඩී. සිල්වා, සුනන්ද, අනුර සහ මා විෙජ්වීර විසින් කැඳවනු ලැබුවා. උද්‍යෝගිමත් පූර්ණකාලීන සාමාජිකයන් පක්ෂයට තව තවත් අවශ්‍ය බව විෙජ්වීර කීවා. විප්ලවයට සූදානම් වීමේ කටයුතු දිගටම කරගෙන යාමේ අවශ්‍යතාවය ගැනද විෙජ්වීර කතා කළා. 

විෙජ්පාල, ඇලඩින් සහ පොඩි අතුල සමඟ තමා ගරාජයක අත් බෝම්බ (ගෙඩි) සාදමින් සිටි බව ලොකු අතුල කීවා. එක බෝම්බයක් සෑදීමට රු 5 ක් වැයවන බව ඔහු කීවා. බෝම්බ සෑදීමේ වියදම අඩු කිරීමට උත්සාහ ගත යුතු බව විෙජ්වීර ඔහුට කීවා. නොයෙක් දිස්ති්‍රක්කවලින් ද්‍රව්‍ය එකතු කිරීම සහ බෝම්බ සෑදීම සංවිධානය කිරීම සහ ඛෙදාහැරීම අතුලට භාර වී තිබුණු අතර, බෝම්බ සෑදීම ප්‍රධාන වශයෙන්ම භාරවී තිබුණේ පොඩි අතුලට බව සම්මේලනයේදී මට දැනගන්නට ලැබුණා.

නොවැම්බර් මාසයේදී සනත් මට රු. 5000 ක් බාරදී බෝම්බ සෑදීම සඳහා පුපුරන  ද්‍රව්‍ය මිලට ගැනීමට එය ලොකු අතුලට දෙන්නැයි කීවා. මේ මාසයේදීම ලොකු අතුලට දීම සඳහා ඔහු මට රු. 4000 ක් සහ රු. 3000 ක් දුන්නා. එසේ දුන්නේ මොණරාගල බැංකුවෙන් උපසේන ලබාගත් මුදල් බව සනත් මට කීවා.

අම්බලන්ගොඩ පදිංචි ගැහැණු ළමයින් දෙදෙනෙකු වූ, සුනන්දගේ සහෝදරියක වන කමනී සහ සම්පතී ව්‍යාපාරයට වැඩ කිරීමට අගෝස්තු මාසයේදී පොරොන්දු වී සිටියා. සිරගෙදරින් ආ පසු පැමිණි විෙජ්වීර නිතර නිතර මගේ ගෙදරට පැමිණ නැවතීමට පුරුදුව සිටියා. රැස්වීමකට දවසකට පසු, පූර්ණකාලීනව වැඩ කිරීම සඳහා කමනී සහ සම්පතී විෙජ්වීර විසින් තම නැන්දා සමඟ තංගල්ලට යැව්වා. පසුවදා මේ බව දැනගත් ගැහැණු ළමයින්ගේ දෙමව්පියෝ පොලිසියට යන බවට තර්ජනය කළා. ගැහැණු ළමයින් විෙජ්වීරගේ ගෙදරින් ආපසු කැඳවාගෙන ආවා. සම්පතී ආ නමුත් කමනී පැමිනීම ප්‍රතික්ෂේප කළා.

විෙජ්වීර නිතරම මගේ ගෙදරට ඒමට පටන් ගත්තා. ඔහු මගේ සහෝදරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇතැයි මම සැක කළා. විෙජ්වීර මගේ සොහොයුරිය වන යසෝමා සිප ගන්නවා තමා දුටු බව මගේ වැඩිමල් සහෝදරිය වන කුසුමාවතී මට කීවා. මම ඒ ගැන සනත්ට, කරුණාරත්නට සහ ලක්ෂAමන් මහදුවගේට කීවා. ගැහැණුන් ගෙන් වෙන්ව සිටින ලෙසත්, ගැහැණුන් නිසා අපේ වැඩවලට බාධා සිදුවීමට ඉඩ නොතබන ලෙසත් විෙජ්වීර අපට කියා තිබුණ නමුත් ඔහු, ඔහුට අවශ්‍ය පරිදි කටයුතු කළ බව මම ඔවුන්ට කීවා.

සනත් ඒ ගැන විෙජ්වීරගෙන් ප්‍රශ්න කළා. ඉන්පසු ඔහු අපේ ගෙදරට පැමිණියේ මා ගෙදර නොසිටි වේලාවලයි. පසුව, විෙජ්වීර මගේ සහෝදරියට ලියන ලද ලියුම් තුනක් මට හමු වුණා. ඔහු ඇය සමඟ රහසින් පැන යන බව එක ලියුමක ඔහු සඳහන් කර තිබුණා. මම මේ ගැන ලොකු අතුලට කීවා. අතුල පෙබරවාරි මාසයේදී ඔහුගේ ගෙදර (දේලගොඩ රාජාගේ ගෙදර) සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා. විෙජ්වීරද පැමිණ සිටියා. අපද ගැහැණුන් සමඟ සම්බන්ධකම් ඇතිකරගෙන තිබුණු බව ඔප්පු කිරීමට උත්සාහ කළ විෙජ්වීර අපට එකමුතු වී සිටීමට නොහැකි වුවහොත් පෙබරවාරි 27 වෙනිදායින් පසුව තමා අස්වන බවද කීවා.

මාර්තු මස 6 වැනි දින විෙජ්වීර නැවතත් (නායකයන්ගේ) සම්මේලනයක් කැඳවා, පක්ෂයේ ඛෙදීමක් ඇති කිරීමට උත්සාහ කිරීම ගැන ලොකු අතුලටද, රු. 1000 ක් වංචා කිරීම ගැන කුමානායටද චෝදනා කළා. තමාගේ වැඩවලට ඇඟිලි ගැසීමටත්, තමාට නොදන්වා පුපුරන ද්‍රව්‍ය ඛෙදා හැරීමටත් පොඩි අතුල යොදා ගැනීම ගැන ලොකු
අතුල විෙජ්වීරට චෝදනා කළා.

සාකච්ඡාව පවත්වන ලද්දේ ඔස්මන්ඩ්ගේ ගෙදරයි. ගෙය වැටලු පොලිසිය, වසන්ත සහ ඔස්මන්ඩ් සිර භාරයට ගත්තා. අනෙක් අය පැන ගියා. සාමාජිකයන් හමුවෙමින්, නිල ඇඳුම් සහ පුපුරන ද්‍රව්‍ය එක් රැස් කිරීමට ඔවුන් යුහුසුළු කරවමින් විෙජ්වීර තනියම දිවයින පුරා ගියේ මීට පසුවයි. විෙජ්වීර, තම්පෝ සහ ප්‍රංශ ට්‍රොට්ස්කිවාදියකු අතර රැස්වීමක් සඳහා 1970 සැප්තැම්බර් මාසයේදී හෝ ඔක්තෝබර් මාසයේදී ටී. ඩී. සිල්වා වැඩ කටයුතු පිළියෙළ කළා.

1970 ඔක්තෝබර් මාසයේ දිනකදී බෝම්බ අත්හදා බලමින් සිටියදී පොඩි අතුල හදිසි අනතුරකට භාජන වී ඔහුග් අත් දෙක කැඩී විසිවී ගියා. ඔහුගේ රෝහල් වියදම් සඳහා සනත් රු. 2000ක් දුන්නා. ලොකු අතුල සහ මම රු. 500 ක් දුන්නා.

1971 මාර්තු වල අම්පාරේදී විෙජ්වීරව සිර භාරයට ගත්තා. සිර ගෙදරදී මා හමුවීමට විෙජ්වීර කැමැත්ත පළ කළ බව කොළඹදී මා හමුවූ පොඩි ලකී මට කීවා. මම කුමානායක සහ ඔස්මන්ඩ් සමඟ ගොස් විෙජ්වීර මුණගැසුණා. මතභේද අමතක කර දමා එකමුතුව වැඩ කරන ලෙස විෙජ්වීර අපට කීවා. පක්ෂය පවත්වාගෙන යාමේ කාර්යය භාර ගන්නා ලෙසත්, පියතිලක සහ අතුල සමඟ කටයුතු කරන ලෙසත් සනත්ට දන්වන ලෙස ඔහු අපට කීවා.

සනත් මාර්තු මාසයේ 25 වැනිදා හෝ 26 වැනිදා දෙහිවල සත්තු වත්තේදී ලක්ෂAමන් මහදුවගේ, කරුණාරත්න, කුමානායක, ලොකු අතුල සහ මා මුණ ගැසුණා. අපි එදා පැවති තත්වය සාකච්ඡා කළා. බෝම්බ විශාල ප්‍රමාණයක් අසුවී ඇති බවත්, සටනක් ආරම්භ කිරීමට අපට තත්වයක් නැති බවත් සනත් කීවා. සනත්, කරුණාරත්න සහ ලොකු අතුල ඔවුන්ගේ ප්‍රදේශවලට ගොස් තත්වය සොයා දැනගෙන, තීරණයක් ගැනීම සඳහා නැවත 3 වැනිදා හමුවිය යුතු යයි අපි එකඟ වුණා.

කටයුතු ප්‍රමාද කිරීමට අප තීරණය කළ බව මම සුනන්දට කිව්වා. ඔහු අපගේ අදහසට එකඟ උනේ නැහැ. තවදුරටත් ප්‍රමාද නොවී පහරදීම ආරම්භ කළ යුතුයයි ඔහු කීවා. 71.4.4 වැනි දින අම්බලන්ගොඩදී මට මහින්ද හමුවුණා. අප 5 වැනි දින පහරදීම ආරම්භ කරනවාදැයි ඔහු මගෙන් ඇසුවා. මම බියවී සනත් සොයාගෙන ගියා. මම කොලඹ ගිය විට ඔහු ගෙදර සිටියේ නැහැ. ඒ 71.4.5 වැනි දින උදෑසනය. ටී. ඩී. සිල්වා හමුවූ මම, 5 වැනි දින පහරදීම ආරම්භ කිරීමට තීරණය කර ඇත්දැයි ඔහුගෙන් ඇසුවා. ආරංචිය තමාට ලැබී ඇති නමුත් අනෙක් අය තමාට ඒ ගැන කියා නැති බව ඔහු කීවා. පසුව මම අම්බලන්ගොඩට ආපසු පැමිණ බටපොල තේමිස් හමුවුනා.

 71.4.5 වැනි දින පහරදීමට කර ඇති තීරණය ගැන ඔහු මට කීවා. තේමිස්, සනත් හමුවීමට මා කැඳවාගෙන ගියා. පියතිලක, අනුර, සුසිල් වික්‍රම, ලකී මුණසිංහ, ලයනල් බෝපගේ, සුනන්ද, කරුණාරත්න, ලොකු අතුල යන අය සාකච්ඡා කළ බවත්, 5 වැනිදා පහරදීම ගැන වැඩි දෙනෙකු කැමති වූ බවත් සනත් මට කීවා. පහරදීමට මා විරුද්ධ නමුත් දැනටමත් තීරණයත් කර ඇති නිසා මාද ඊට සහභාගි වන බව මම සනත්ට කීවා. එදා රාත්‍රී 11.30 ට අම්බලන්ගොඩ පොලිසියට මා විසින් පහර දිය යුතු බව සනත් මට කීවා. (එදා රාත්‍රි මාදම්පේ පන්සලේ කණ්ඩායමකට සිසිල් චන්ද්‍ර එක්වුණා. ඒ කණ්ඩායම ළඟ තුවක්කු සහ බෝම්බ තිබිනි) අම්බලන්ගොඩ පොලිස් ස්ථානය පැත්තෙන් බෝම්බ පිපිරෙන හ~ක් අපට ඇසුණා.

තමන් ගිය බස් එකට පොලිසිය වෙඩි තැබූ නිසා මීටියාගොඩ පොලිසියට පහරදීම අසාර්ථක වූ බව තේමිස් අපට කීවා. අපි බටපොල කඳවුරක් පිහිටුවා ගත්තා. එය භාරව සිටියේ සනත්. අපි ගස් කපා දමා, යුද හමුදාව සහ පොලිසිය පැමිණීම වැලැක්වීම සඳහා පාරවල් අවහිර කළා. ප්‍රදේශයේ පාලනය ජ.වි.පෙ. අතට ගෙන ඇති බව ඩග්ලස් සහ ප්‍රේමතිලක විසින් ශබ්දවාහිනී යන්ත්‍රයකින් ප්‍රකාශ කළා. එහි සාමාජිකයෝ 100 ක් පමණ සිටියා. පසුව අපි කඳවුරු 3 කට ඛෙදුනා. එකක් නින්දානේද, එකක් කහටපිටියේද අනෙක ඉඳිකැටියේද පිහිටුවා ගත්තා.

නින්දාන චන්දසේනටද, කහටපිටිය අතුලටද, ඉඳිකැටිය ලක්ෂ්මන්ටද භාරව තිබුණා. එක් අවස්ථාවකදී අපි කහටපිටියේදී යුද හමුදාව සමඟ මුහුණට මුහුණලා වෙඩි තබා ගත්තා. 71.5.23 වැනි දින ඉඳිකැටියේදී කීප දෙනෙකු සිරභාරයට ගත්තා. අපි බටපොල නැවතී සිටි කාලය තුළදී ගම පුරා ගොස් ගම්මුන්ගේ තුවක්කු එකතු කර ගත්තා. අප ළඟ තුවක්කු 60ක් තිබුණා. ඌරගහ පොලිසියෙන් ගන්නා ලද රයිෆල් දෙකක්ද අපට ලැබුණා. ජනක ඒවා ගෙැනවිත් එක්කෙනාට උණ්ඩ 50 ක්ද සමඟ අතුලට සහ ලක්ෂAමන්ට දුන්නා. සනත් මුදල් ගෙන ආවා. ඒ ඇල්පිටියේ බැංකුවෙන් ගත් මුදල් බව ඔහු කීවා. ඔහු සුබසීලට රු. 27000 ක් දුන්නා. 23 වැනිදා අපි සිංහරාජ කැලයට පසු බැස්සා.

71.5.6 වැනි දින මම යටත්වීමට තීරණය කළා. අපේ සාමාජිකයන් බොහෝ දෙනෙක් අප අත්හැර යන නිසා, තේමිස් ඊට විරුද්ධ උනේ නැහැ. මා ළඟ තබා ගැනීමට සුබසීල දුන් මුදල් බාරදී ගොස් ආරකඩේ ග්‍රාමසේවකට භාර උනා. ඉවත්ව යාමට පෙර අපේ තුවක්කු අතුලට (තේමිස්) දුන්නා. මා අන්තිම වරට සනත් දැක්කේ අප්‍රෙA්ල් මස 22 වැනිදායි. සිංහරාජ කැලයේ තත්වය සොයා බැලීමට යන බව ඒ අවස්ථාවේදී ඔහු මට කීවා. ඔහු ආපසු පැමිණියේ නැහැ.

සන්නද්ධ සේවාවල අයට අපේ අදහස් කාවද්දා ඔවුන් නම්මවා ගැනීම භාරව තිබුණේ උයන්ගොඩටයි. රැස්වීම්වලදී එකතු කරනු ලදුව විෙජ්වීර විසින් මගේ සහෝදරියට දී තිබුණ මුදල්වලින් පිට පිට වෙඩි වදින තුවක්කුවක් රු. 950 කට ගන්නා ලදි. එය මිලට ගත්තේ පොඩි අතුලය. (සිසිල් චන්ද්‍ර දිස්ත්‍රික් ලේකම්ලාගේ නම් සඳහන් කරයි.)

අප්‍රේල් මස 16 වැනි දින පමණ උයන්ගොඩ සහ මෙරිල් ජයසිරි ඉඳිකැටිය කඳවුරට පැමිණ එදාම ආපසු ගියා. කොළඹදී කිසිවක් කළ නොහැකි වූ බව ඔවුන් කීවා. කොළඹ ප්‍රදේශයේ සංවිධාන කටයුතු කිරීමට යන බව කියමින් ඔවුන් ආපසු ගියා. මා මේ ප්‍රකාශය කළේ මගේම කැමැත්තෙන්.


(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්   කෘතිය ඇසුරෙනි)



16 comments:

  1. අතුල තුවක්කුවකින් වෙඩි තබා වඳුරන් මැරුවා. මෙයකලේ පොඩිඅතුලද ලොකු ඇතුලද පහදන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ලොකු අතුල විය යුතුයි

      Delete
  2. අපි දන්නැති බොහෝ කරුනු මෙම ලිපිය මගින් දැන ගන්න ලැබුණා.
    සුබ නත්තලක්...

    ReplyDelete
  3. ඇත්තටම මේ විස්තර කියවන්න ඕනේ මනසින් එදා මේ රටේ තිබුණු දේශපාලන තත්වයට ගිහින්. එහෙම නැත්නම් මේවා සුරංගනා කතා වගේ පෙනෙනවා. අද අපිට පෙනෙන්නේ මොනතරම් මෝඩ විදිහටද වැඩ කරලා තියෙන්නේ කියලා. නමුත් ඒ කාලේ මේ සටන සෑහෙන දුරකට ගියා. නමුත් අත්දැකීම් නැතිකම සහ අසංවිධානාත්මක බව මත සියල්ල කඩාකප්පල් වුනා. මා හිතන්නේ තනිවම විජේවීර වගකිවයුතු නැහැ. දේශපාලන මණ්ඩලයම වගකිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. මනෝරාජික සැලැස්මක් එසේම රාජ්‍ය භීශනය එස්ටිමේට් කලේ නැහැ

      Delete
    2. මේ දේශපාලන මණ්ඩලයෙ එවුන් මොනතරම් මෝඩයොද කියල හිතෙන්නෙ. එක වාගෙ එවුන් එකට සෙට් වෙනව නෙ. සමහරවිට මානසික ගැටළු තිබුන අය එකට එකතුවුනා කියලත් හිතෙනව.

      Delete
  4. http://tinypic.com/view.php?pic=2hh1xxi&s=9#.Vnb4yflEmUm

    ReplyDelete
  5. 71 කැරැල්ල ගැන අසා තිබුනට කැරැල්ල සම්බන්දයෙන් මෙවනි තොරතුරු දැනගන්න ලැබුනේ ඔබේ මේ ලිපි පෙලෙන්...

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය ජයතුංග ලියා තිබෙන පොත '71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්' අරගෙන කියවන්න මනෝ. බොහොම වැදගත් කරුණු ගොඩක් තියනවා.

      Delete
    2. ස්තුතියි විචාරක පොත ගැන කිව්වට.මේ බිලොග් එකෙත් ඒ පොත ගැන පොස්ට් එකක් තියනවා මම දැක්කා.මේ සෙනසුරාදා මරදානට යැවෙනවා.එතකොට අරගෙන කියවලම බලන්නම්...

      Delete
    3. තුති ඔබෙ දෙප​ළට මෙම පොතෙන් ලැබෙන මුළු ආදායම 71 අප්‍රේල් සංසදයේ රංජිත් දිසානායක මහතා ප්‍රමුඛ නිලධාරීන් වෙත ලැබේ. ඉන් ඔවුන් 71 අප්‍රේල් සංසදයේ ආර්ථික අපහසුතා තිබෙන සාමජිකයන්ට නිවාස තනා දීම වැනි ක්‍රියා කරති

      Delete
  6. 71 කැරැල්ල ගැන අසා තිබුණත් එය 88/89 තරම් දරුණු බවක් පෙනෙන්නේ නැහැ. මැතිනියගේ පාලනය හා 88/89 පාලනය අහසට පොලොව වගේ.

    ReplyDelete
    Replies
    1. 71 ගැනනම් අප දන්නෙ පොත් වලින් නැත්නම් වැඩිහිටියන් කියපු කතා අනුව චිත්ත රූප මවාගෙන. කොහොමත් 89 තරම් දරුණු නැහැ. අනික් එක 71 කැරලිකාර තත්වය දින කිහිපයකට වඩාතිබුනෙ නෑ. නමුත් 87,88,89 හා 90 පවා රටේ දරුණු භීශනයක් පැවතියා. දෙපාර්ශ්වයම ක්‍රියා කළේ ඉතාම ම්ලේච්ඡ අන්දමට.

      Delete
  7. සිසිල් චන්ද්‍ර මට 71 කැරළිකරුවන්ගෙන් විශේෂ කෙනෙක්. ඔහු ලියූ විප්ලවීය ගීයක් මට කටපාඩම් හිටිය.ඒකයි හේතුව . ඒ වීරත්වයට අපත් ගරු කළා. 71 කැරළිකරුවන් තුලත් යම් ප්‍රබුද්ධ බවක් පැවතියා.

    රටේ සියළුම පොලීසිවලට එක රැයින් පහරදී බලය අල්ලන්න සිතූ විජේවීරලාට හමුදාව කියල එකක් තියන බව අමතක වෙලා තිබුනෙ.

    88 කැරැල්ල තනිකරම ජනතාව බියවැද්දීම මත පදනම් වුනේ. ජවිපෙ නියෝග නොපිලිපදින අය මැරීම හා මිනී දනහිසට පහලින් ගෙනයාම ආදියෙන් කැරළිකරුවන් ජනතාව බිය වැද්දීම අපේක්ශා කළා.
    වරෙක ලකී අල්ගම කීව ජනතාව හමුදාවෙ අන නොපිළිපැද්දත් කැරළිකරුවන්ගෙ නියෝග කඩීමට සිහිනෙන්වත් නොසිතන බව. ඉන් පසු තමයි හමුදාව කැරළිකරුවන්ට වඩා දරුණු භීෂනයක් ජනතාවට මුදා හැරියෙ.

    රිවිරෙ ධර්මන් වික්‍රමරත්න ලියන ලිපිපෙල 89 කැරැල්ල ගන හොද මූලාශ්‍රයක් . ඔහු ගිය පාර ලිපියෙ කියල තිබුන ජවිපෙ ක්‍රියාකාරකම් වලට එරෙහි අය සමාජයෙන් ඉවත්කිරීමට පක්ෂය තීරණය කළේ 1986 දි කියල. ඉස්සරවෙලාම මැරුවෙ හම්බන්තොට ගෝනදෙනියෙ විදුහල්පතිවරයෙක්ලු.

    මේ විදියට පටන් ගත් මිනීමැරුම් රැල්ල තබා රට අමුසොහොනක් කළේ.

    රට අමුසොහොනක් කරන්න තීරනය කරල තියෙන්නෙ පුද්ගලයන් දෙතුන් දෙනෙක්. රාගම සෝමෙ ,ඉඩමේගම ,සමන් පියසිරි ,ඩී එම් ආනන්ද වගෙ දෙතුන් දෙනෙක්. ඒක තමා ඛේදවාචකය.

    සමාජය දේශපාලනිකව සවිඥානික වියයුතුයි. දෙතුන් දෙනෙකුට සමාජයක් ගැන මෙහෙම තීරන ගන්න ඉඩ නොදිය යුතුයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook