Friday, May 19, 2017

පර පීඩක සමාජය

  
ශ්‍රී ලාංකික සමාජය පර පීඩක සමාජයක් බව පෙනේ. මෙම පර පීඩකත්වය  ශ්‍රී ලාංකික සමාජය පුරා පැතිරී තිබේ. පර පීඩකත්වය මුලින්ම ආරම්භ වන්නේ පාසලෙනි. පාසල් ළමයාට අවශ්‍ය වනුයේ ආදරය , ආරක්‍ෂාව සහ මග පෙන්වීමයි. නමුත් මේ ත්‍රිත්වය දීමට නොහැකි ගුරුවරු රාශියක් අපගේ අධ්‍යාපන ක්‍රමය තුල සිටිති. ඔවුන් අධ්‍යාපනයේ නාමයෙන් ළමුන්ව වධයට පත් කරති. 

මොන්ටිසෝරියේ සිටම නැතහොත් එක වසරේ සිටම ගුරුවරියන් බොහෝ දෙනකු ළමුන්ව කායික මානසික පීඩාවන්ට පත් කරති. ඉහල පන්ති වලට යාමේදී ළමයාට දරුණුව කායික වධයන් පැමිනවීමද ඔහුව හෝ ඇයව  ශික්‍ෂණය  යන පදයට මුවාවී අවමානයටද පත් කරති. ඔවුන් ගේ ආත්ම අභිමානය බිඳ දමති. මේ නිසා අපගේ පාසල් පද්ධති වලින් පිට වන  ළමුන් බොහෝ දෙනෙකු  චිත්තාවේගී අසමබරතාවයෙන් පෙලේ.  සංවර්ධිත රටවල අධ්‍යාපන ක්‍රමය සකස් වී තිබෙන්නේ පාසල් දරුවාගේ නිර්මාණශීලීත්වය ,ආත්ම අභිමානය ඉහල නැංවීම සඳහාය​. එහෙත් ලංකාවේ දැකිය හැක්කේ මෙහි විලෝමයයි. 

පාසලෙන් සරසවියට යන සිසුවා තව දුරටත් පර පීඩක සමාජයේ ගොදුරක් වෙයි. සරසවියට යන නවකයා නවක වධය නම් පර පීඩාවට ලක් කෙරෙන අතර එය පසුව විශම චක්‍රයක් වී නවකයා ජ්‍යෙෂ්ඨයෙකු වූ ඔහුද පර පීඩක නවක වධකයෙකු වෙයි. තවද ඔහු නවක වධය සොඳුරු අත් දැකීමක් කියමින් පර පීඩකත්වය සාධාරණීකරනය කරයි. බොහෝ සරසවි ආචාර්‍යවරුන් ද සරසවි සිසුන්ව පාගා දමා පීඩනයට ලක් කොට  වින්දනයක් ලබති. සරසවි ආචාර්‍යවරයෙකු සමග නෝරොක් වූවහොත් උපාධිය ලබාගෙන ඉවරය​. පන්න පන්නා පලි ගැනීම දක්නට තිබේ.  

විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිධරයා බොහෝ විට රජයේ සේවයට එක්වේ. රජයේ සේවයේදී ඔහුගේ පරපීඩක මානසිකත්වය නැවතත් එලියට එයි. තම  ආයතනයේ කණිෂ්ඨයන්ට මෙන්ම සේවය ලබා ගැනීමට එන ජනතාවද පරපීඩනයට ලක් කිරීම සිදුවේ. මිනිසුන් බොහෝ දෙනෙකු රජයේ දෙපාර්තමේන්තු තුල ආයතන තුල අනවශ්‍ය ලෙස පරි පීඩනයට ලක් කෙරෙන අතර මෙම පර පීඩාවන් වසන් කර ගැනීම සඳහා බොහෝ විට ආයතන රෙගුලාසි යොදා ගැනේ. මිනිසුන් රස්තියාදු කොට සාටර් කිරීමට රජයේ ආයතන වල සිටින වධකයන් අති දක්‍ෂය​. 

ලාංකිකයාගේ එදිනෙදා ජීවිතයද පර පීඩකත්වය සමග බැඳී ඇත​. නිවසේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද මග තොටේද ප්‍රචණ්ඩත්ව තදින් තිබේ. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එදිරිව ලිංගික හිංසනය මුදා හැරේ. ලිංගික හිංසනයට ලක් නොවී  කාන්තාවන්ට බස් වල දුම්රියේ යෑම අතිශයින්ම අසීරු කරුණකි. 

තැපැල් කාර්‍යාලයකට යන්න එහි කවුන්ටරයේ සිටින්නාට ඔබව පෙනෙන්නේ තමන් ගේ ඇසක් ගලවාගෙන යාමට පැමිනි අයෙක් ලෙසටය​. ලිපියක් තැපැල් කිරීමට , පාර්සලයක් යැවීමට අවශ්‍ය ගම් , කොල , කතුරු සියල්ල ඔබ නිවසින් ගෙන ආ යුතුය​. රස්තියාදුව උපරිමය​.  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට වැඩක් කරවා ගැනීමට යන්න අදිසි පීඩකත්වය තිබේ. මෙම පීඩකත්වයෙන් බේරීම සඳහා සමහරු අල්ලස් දෙති. අල්ලස් නොදී අලුතින් ගොඩ නගන නිවසක ප්ලෑන් එකක් පාස් කරවා ගැනීම අසීරු කටයුත්තකි. නැතහොත් ඔවුන් ඔබව වසර ගනනක් රස්තියාදු කරනු ඇත​. 

රෝහලේදී රෝගීන් සහ ඔවුන් ගේ ඥාතීන් පිලිවලින් රෝහල් සෙකුරිටියන්ගෙන් ද , ඇටෙන්ඩන්ලාගෙන් ද , හෙදියන්ගෙන් ද අවසානයේදී වෛද්‍යවරුන් අතින් ද පර පීඩනයට ලක් වෙති. හැඳුනුම් කමක් නොමැතිව රෝහලකට ගිය විට නොතකා හැරීම , බැනුම් ඇසීම මෙන්ම රස්තියාදු කරවීමද සුලබය​. මේවා ගැන පැමිනිලි කිරීමට ශක්තිමත් ප්‍රජා අනුකූල ආයතනද නොමැත​. 

උසස් නිලධාරියෙකුගේ, දේශපාලකයෙකුගේ දුරකථන පනිවිඩයකින් තොරව පොලිසියට ගිය විට අනාතය​. සරමක් හැඳගෙන ගියහොත් සංවාදය ආරම්භ වන්නේ ඕයි හෝ යකෝ කියාය​. පරපීඩකත්වය උපරිමයේදී පොලිස් ගුටි මෙන්ම ජීවිත හානියද සිදු විය හැකිය​. 

හමුදාවට යන නවකයා පිලි ගැනෙන්නේ දරුණු වධයකට ලක් කිරීමෙනි. මෙම වධ දීම් පුහුණුවීමේ අංගයක් ලෙසට අර්ථ කථනය කෙරේ. සොල්දාදුවා කෝප්‍රල් අතින් ද  කෝප්‍රල් සාජන් අතින් ද සාජන් ආර්.එස් එම් අතින් ද ආර්.එස් එම් ලුතිනන් අතින් ද ලුතිනන් කපිතාන් අතින් ද   මෙසේ ඉහලට යන තෙක් අනු පිලිවෙලින් වධයට ලක් කෙරේ. සමහර විට ලිංගික හිංසනයන් ද කෙරේ. 

උසාවියේදී මිනිසුන් නීතීඥයන් අතින් ද නඩු කාරයන් අතින් ද උසාවි වල සේවය කරන නිලධාරීන් අතින් ද නොයෙකුත් හිංසනයන්ට ලක් වෙති. මෑත කාලයේදී විත්තිකරුවන් ගේ බිරින්දෑවරු දූෂණය කල නඩුකාරයෝ අපගේ අධිකරණ පද්දතිය තුලින් වාර්තා විය​. 

පන්සලේ පල්ලියේද පර පීඩකත්වය මුදා හැරේ. වැඩිහිටි භික්‍ෂූන් / පූජකයන් අතින් කණිෂ්ඨයෝ පහරකෑම් වලටද ලිංගික අපයෝජන වලට ලක්වීමද නිබඳව සිදුවේ. පර පීඩකත්වයට ලක්වූ භික්‍ෂූන් / පූජකයෝ ඉන් පසු සමාජයට වයිරය දේශනා කරති. 

මේ අනුව බලන කල මුළු ලාංකික සමාජයේම පර පීඩකත්වය උතුරා යයි. මේ රෝගී වූ සමාජය සුවපත් කිරීම සුළු පටු කරුණක් නොවේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. මේන ඕජස් ගලන, ඉහඳ පනුවන් දගලන තුවාලයක්..හොඳ කරන්නනම් බොහොම රැඩිකල් විසඳුම් දෙන්න පුලුවන්, කියන දේ කරන , කොන්ද පන තියන පාලකයෙක් අවශ්‍යයි..

    ReplyDelete
  2. අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා
    එක පහනක් දල්වමු එය වැඩිය හොඳා
    යන කියමන සිහිපත්කර සැවොම සදා
    හැකි තරමින් ගොඩ ගමු සිරිලක වෙරදා

    ReplyDelete
    Replies
    1. හැකි තරමින් ගොඩ ගමු

      Delete
  3. +++++
    පරපිඩක ගතිගුනාංග වර්ධනය කරගන්න අසමත් අයට "පොන්නයා" කියල ලස්සන නමකුත් දානවා.

    ReplyDelete
  4. තැපැල් කාර්‍යාලයකට යන්න එහි කවුන්ටරයේ සිටින්නාට ඔබව පෙනෙන්නේ තමන් ගේ ඇසක් ගලවාගෙන යාමට පැමිනි අයෙක් ලෙසටය​. ලිපියක් තැපැල් කිරීමට , පාර්සලයක් යැවීමට අවශ්‍ය ගම් , කොල , කතුරු සියල්ල ඔබ නිවසින් ගෙන ආ යුතුය​. රස්තියාදුව උපරිමය​."


    Please dial 1950 and complain about these issues...

    ReplyDelete
  5. පරපීඩකත්වය ලංකාවේ ප්‍රකාස වෙන්නෙ අනන්‍යතා අර්බුදයක්( x කන්ඩායමෙන් ගත් වචනයක් )විඩියට කියලයි මට හිතෙන්නේ.විස්වවිද්‍යාල වල යන අයටත් රාජ්‍ය සේවකයින්ටත් මේ ප්‍රස්නෙ වැඩියෙන්ම තියෙනව.මම කව්ද කියන එක පෙන්නන්න ඕන.ගමේ හංදියේ බීල හැන්දෑවට කුනුහරුප කියන මිනිහත් කැම්පස් නවකයාව වදයට පමුනුවන ජේස්ඨ සිසුවාත් කරන්නෙ එකම ක්‍රියාදාමයක්.බාර් එකෙන් වැඩිවෙන්න බීල වැටෙන්නෙ නැතුව හොඳට ගෙදර ඇවිත් ගෙදරදි බිරිඳට සහ ලමයින්ට ගහන මිනිහ පාරෙදි මිනිස්සුන්ට ගහන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් හොඳටම ගුටිකන්න වෙනව. තමන්ට තර්ජනයක් නැති ගෙදර අයට ඒ වෙනුවට ගහනවා.බිව්වහම අපේ මනුස්සය හරිම දරුනුයි කියල එයාගෙ බිරිඳත් කියවමින් යනවා.ඉහල වුර්තිකයින් අතරෙත් තියෙන්නෙ මේ හා සමාන අනන්‍යතා අර්බුදයක් සමග බැදුනු පරපීඩකත්වයම තමයි

    ReplyDelete
    Replies
    1. අනන්‍යතා අර්බුදයක් සමග බැදුනු පරපීඩකත්වය

      Delete
  6. මෙහි සඳහන් බොහෝ අතදැකීම් මටද මුහුණදීමට සිදුවූ ඒවාය. අප සමාජයේ අදද බොහෝවිට සිටිනුයේ කලිසම් ඇඳි ගෝත්‍රිකයින් වීම මෙයට හේතුවිය හැකිය.

    ReplyDelete
    Replies
    1. කලිසම් ඇඳි ගෝත්‍රිකයින්

      Delete
  7. ඇත්තටම මේ ක්‍රමේ වෙනස් කරන්නේ කොහොමද ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook