Thursday, March 30, 2017

වදනී සහ අණ්ඩ කෝෂ

 

හලාවත රෝහලේ සිටි ද්‍රවිඩ වෛද්‍යවරියක වූ වදනී ඉතා මිත්‍රශීලී තැනැත්තියකි. ඇයට සිංහල කතා කිරීමට අපහසුය​. එහෙත් ඇය අපගෙන් අසමින් සිංහල වචන ඉගෙන ගත්තාය​. මෙසේ ක්‍රමක් ක්‍රමයෙන් සිංහල ඉගෙන ගත් ඇය සෞඛ්‍යය අමාත්‍යාංශයේ භාෂා නිපුනතා විභාගයට පෙනී සිටීමට අදහස් කලාය​. ඇයට අවශ්‍ය වූයේ සිංහල භාෂා නිපුනතා විභාගයට පෙනී සිටීමටය​. මේ නිසා වදනී වෙනදාටත් වඩා වැර වෑයමින් සිංහල වචන ඉගෙන ගත්තාය​. 

මෙම විභාගයේදී අපේක්‍ෂකයා / අපේක්‍ෂිකාව අදාල භාෂාවෙන් රෝගීන් ගෙන් ප්‍රශ්න ඇසීම මෙන්ම ඔවුනට උපදෙස් දීම කල යුතුය​. විභාගය  පවත් වන්නේ කොලඹ සෞඛ්‍යය අමාත්‍යාංශයේදීය​. 

සිංහල විභාගයට නියමිත දිනයේදී උදෑසනින්ම වදනී හලාවත බස් ස්ටෑන්ඩ් එකට ගොස් කොලඹ දක්වා යන අන්තර් නගර බස් රථයකට නැගුනාය​. බස් රථයේදීද වදනී සිංහල වචන පාඩම් කල අතර හදිසියේම ඇයට Testicles වලට කියන සිංහල නම කුමක් ද කියා අමතක වූ බැවින් රෝහලේ සිංහල වෛද්‍යවරයෙකුට ඇයගේ ජංගම දුරකථනයෙන් ඇමතුවාය​. 

දැන් බස් රථය වෙන්නප්පුව පසු කරගෙන යයි. බස් රථය මගීන් ගෙන් පිරී ඇත​. වාදනය වන ගීතය අභිබවමින් වදනි ගේ කට හඞ බස්  රථය පුරා පැතිරී යයි. 

" හලෝ හලෝ " ඇය අදාල වෛද්‍යවරයාට කතා කලාය​. මෙම තරුණ වෛද්වරයා සිටියේ ශල්‍යාගාරයේය​. වදනීගේ ඇමතුම නිසා ඔහු තම ජංගම දුරකථනය ගෙන වෛද්‍ය විවේක කාමරයට ගියේය​. 

" වට් ඉස් ද සිංහල වර්ඩ් ෆෝ ටෙස්ටිකල්ස් ? ඇය උක්ත වෛද්‍යවරයාගෙන් ඇසුවාය​. 

" අණ්ඩ කෝෂ " කියා වෛද්‍යවරයා උත්තර දුන්නේය​. 

වට් " අණ්ඩ කෝෂ " වදනී ප්‍රතිරාව කලාය​. 

යියස් " අණ්ඩ කෝෂ " වෛද්‍යවරයා යළි නාම පදය කීවේය 

ඕකේ ඕකේ " අණ්ඩ කෝෂ " නව් අයි නෝ. තෑන්ක් යූ " මෙසේ කියමින් වදනී දුරකථන සංවාදය අවසන් කලාය​. 

වදනී මහ හයියෙන් කතා කල බැවින් බස් රථයේ සිටි මගීන්ට මෙම සංවාදය ඇසුනු බවත් සමහරු කටවල් වසාගෙන සිනාසුනු බවත් මෙම බස් රථයේ ගමන් කල වෙනත් වෛද්‍යවරයෙක් පසුව අපට කීවේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. අණ්ඩ කෝෂ කීවාම රෝගින්ට තේරෙයි ද?

    ReplyDelete
    Replies
    1. අණ්ඩ කියන්නේ බිත්තර වලට නේද අණ්ඩරදෙමළෙන්

      Delete
    2. අණ්ඩ කෝෂ කීවාම රෝගින්ට තේරෙයි ද? //// නෑ ;

      Delete
  2. ඇයගේ නම "වදනී" (deliver? :-D ) නිසා මේක තවත් අදාලයි
    Huichol Indians are descendants of the Aztecs, and live in the mountains of North Central Mexico. During traditional childbirth, the father sits above his labouring wife on the roof of their hut. Ropes are tied around his testicles and his wife holds onto the other ends. Each time she feels a painful contraction, she tugs on the ropes so that her husband will share some of the pain of their child's entrance into the world.
    http://hoaxes.org/weblog/comments/huichol_labor_pain_relief

    ReplyDelete
    Replies
    1. නුගත් මවකට ඉපදුණු අවජාතක දැරියකට, එම රෝහලේ හෙදියක් විසින් "ප්‍රසූතිකා" යනුවෙන් උප්පැන්න ලියාපදිංචි කළ සිද්ධියක් අසා තිබේ ද ?

      Delete
    2. ඒවා පහාර වැඩ

      Delete
  3. රුවන් ඇතැම් බියුගල් පිඹින හමුදා සෙබලුන් ( ඔවුන්ගේ රාජකාරිය උදෑසන සහ රාත්‍රී ධජ ඔසවන සහ බාන විට බියුගල් නමැති හමුදා සඥා නලා විශේෂය පිඹීමයි.) අතර බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ යැයි මිථ්‍යා බියක් තියන බවක් මා අසා තිබෙනවා. ඔබ හමුදා වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කිරීමේදී මෙවැනි අය හමුවී නැත්ද?

    ReplyDelete
    Replies
    1. විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම වසර හතරක් වැඩ කර තිබේ. එතුමා තුලද හාස්‍යය දැකීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේ. වරක් යුද හමුදා රෝහලේ සායනයකට බියුගල් පිඹින සොල්දාදුවෙකු ආවේය​. ඔහුගේ රාජකාරිය උදෑසන සහ රාත්‍රී ධජ ඔසවන සහ බාන විට බියුගල් පිඹීමයි. බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ බියක් තියනවා යැයි ඔහු කීවේය​.

      මෙම බියුගල් පිඹින්නා අණ්ඩයෙකු බවත් වරක් ප්‍රමාදවී නැගිටීම නිසා ඔහු නිල අැඳුම නොඇඳ යන්තම් මුහුනේ කබ පිසදා සොල්දාදු නිවස්නයේ ජනේලයක් තුලින් බියුගලය එලියට දමා පිඹ තිබෙන බව රෙජිමේන්තු සාජන් මේජර් අප සමග කීවේය​. මෙය ඇසීමෙන් අප දෙදෙනාටම සිනහව නවතා ගැනීමට නොහැකි විය​. අවසානයේදී වෛද්‍ය නීල් ප්‍රනාන්දු බියුගල් පිඹින්නාට අවවාදයක් දුන්නේය​. බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ බියක් තිබෙනවා නම් ඔළුවෙන් හිටගෙන බියුගල් පිඹින්න කීවේය​. එය ඇසීමෙන් බියුගල් පිඹින්නාටද සිනා පහළ විය​.

      Delete
  4. දෙමල බාශාවේ එදිනෙදා පාවිච්චිවෙන වචන සිංහල දන්න කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. නමුත් තරමක් සීරියස් මාතෘකාවකට අදාලව කියැවෙන වචන අවබෝධ කරගන්න පහසුයි. එයට හේතුව ඒුවාට යොදා ගන්නේ සංස්කෘත වචන.

    ReplyDelete
  5. I think this is Dr. Vadani who worked in our Cardiothoracic team since 2009. She was in Dr.Ajith Karunarathne's team (Cardiothoracic unit 2). very friendly medical officer who always values the team effort. Unforgettable personality in Cardiothoracic unit during my stay 10 years there.

    ReplyDelete
  6. අණ්ඩ කෝෂ කිව්වාම අවුලක් නෑ වගේ..

    සමහරු මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැනේ. සුද්ද සිංහලෙන් ඇට දෙක කිව්ව නම් තමා අවුල :D

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook