Tuesday, March 14, 2017

බටහිර වෛද්‍යවරු ; ආයූර්වේදය සහ දේශීය වෙදකම

 


ලංකාවේ බොහොමයක් බටහිර වෛද්‍යවරු  ආයූර්වේදය පහත් කොට කතා කරන බව සංවාද වලදී මට ඇසී තිබේ.  ඊට මූලික හේතු ලෙස මා සිතන්නේ ආයූර්වේදයේ තිබෙන රෝගියාට නොකියන රහස් වට්ටෝ‍රු භාවිතය , සමහරක් විට විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව සිදු කරන ප්‍රතිකාර කෙම් , ගුරු මුෂ්ඨි යනාදියයි. එසේම සමහර ආයූර්වේද වෛද්‍යවරු බටහිර වෙදකමේ දෙන ප්‍රතිජීවක , ප්‍රෙඩ්නිසෙලොන් ආදිය කල්ක වලට මිශ්‍ර කොට රෝගීන්ට දීමද බටහිර වෛද්‍යවරුන් ගේ දැඩි විවේචනයට ලක් වේ. 

මම ප්‍රතිපත්තියක් ලෙස ආයුර්වේද වෛද්‍යවරුන්ට පරිභව නොකරමි. නමුත් රටේ වෙදුන් කෙරෙහි නම් ගරුත්වයක් නැත​.  රෝගීන් ගේ රෝගී තත්ව උග්‍ර කොට රජයේ රෝහල් වලට එවන ලද රටේ වෙදුන් ගේ වැඩ මා දැක තිබේ. වරක් පත්තු බැඳ කැඩුනු කටු වෑල්ඩිං කල රටේ වෙදෙක් රෝගියාගේ දකුණු අත සකස් කොට තිබුනේ අනෙක් පැත්තටය​. ඉන් පසු මෙම රෝගියාව සිහි නැති කොට යලිත් භග්නය සෑදීමට වෛද්‍යවරුන්ට සිදු විය​. 

මගේ පුතා කුඩා කාලයේ ඔහුගේ කකුලේ ආ ඩ්‍රයි ස්කින් එකක් බටහිර ක්‍රීම් වලින් සුව කිරීමට අපහසු විය​. අප ඔහුව චර්ම රෝග  විශේෂඥයන් කීප දෙනෙකුට පෙන්වූ නමුත් සුවයක් නොවීය​. අවසානයේදී එය සුව වූයේ ආයුර්වේද තෙලකිනි. ඉන් පසු මම වඩාත් විවෘතව ආයූර්වේදය දෙස බැලීමට පුරුදු වූයෙමි. 

මම   මාතලේ රෝහලේ සේවය  කල කාලයේදී  හර්නියා ඔපරේශන් එකක් කිරීමට  කොටින්කඩුව වෙද මහතා පැමිනි අතර මම වෙද මහතාගේ ප්‍රතිකාර සියලම ඉටු කරදී ඔහුගේ ඇඳ අසල පුටුවක වාඩිවී මිත්‍රශීලීව වාද කලෙමි. කොටින්කඩුව වෙද මහතා දැණුමැති වෙදදුරෙකි. ආයූර්වේදය සහ දේශීය වෙදකම කාලයත් සමග බොහෝ ලෙසින් දූෂණය වී තිබෙන බව ඔහු පිලිගත්තේය​. මෙසේ අප බොහෝ වේලාවක් වාද කර ගත්තෙමු. සුවවී යන විට කොටින්කඩුව වෙද මහතා කැවුම් කොකිස් පෙට්ටියක් ඔපරේෂන් තියටර් එකට එවා තිබූ අතර අනිවාර්‍යෙන් මටත් කැවුම් කොකිස් දෙන ලෙසට ශල්‍යාගාරයේ නිල්මිණි මිස් ගෙන් ඉල්ලීමක් ද කර තිබූ බව පසුව නිල්මිණි මිස් මට කීවාය​. 

වරක් අනුරාධපුරයේ අභයගිරිය කෞතුකාගාරය නැරඹීමට ගිය විට ආදි හෙළ වෙදදුරන් විසින් සියුම් සැත්කම් හෙවත් මයික්‍රෝ සර්ජරි කරන ලද සැත් දුටුවෙමි. එකී ශල්‍ය ආම්පන්න දුටු විට මට හැඟුනේ ඒ කාලයේ කෙතරම් දියුණු වෛද්‍ය විද්‍යා දැණුමක් ඔවුන් සතුව තිබුනේද කියාය​. එහෙත් මේ දැණුම වර්ධනය නොකිරීම නිසා යම් කාලයකදී අභාවයට යන  ලදි. මේ දැණුම නැවත සොයා යාම වෙනුවට සමහරක් කරන්නේ ආදි හෙළයන් ගේ විකුම් ගැන කියමින් වංශය කබල් ගෑමත් ඒවා අනියම් ලෙසින් තමන් ගේ ස්වාර්ථය පිරුණු දේශපාලන ඇජෙන්ඩා වල කොටස් කර ගැනීමත්‍ ය​. මේ තත්වය වකුගඩු රෝගයේදී හොඳාකාරව දක්නට තිබේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

49 comments:

  1. මං දවසක් කකුලේ අමාරුවකට වෙදෙක් ගාවට ගියාම වෙදා මගේ සෙක්ස් එක අතගෑවා. එදා ඉදලා මං යන්නේ නැහැ එහෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. වල් වෙදෙක් වෙන්න ඇති

      Delete
  2. බටහිර විද්‍යාවේදී, පරීක්ෂණ කර නිරීක්ෂණ මගින් නිගමන වලට එළඹීම සිදුකරන්නේ. අපේ සමහර උදවිය නම් ඒවුනාට ආයුර්වේදය වගේ දේවල් ගැන කෙලින්ම නිගමනයට එන වෙලාවල් තියෙනවා.

    ආයුර්වේදය හා බැඳුනු රහස් වට්ටෝරු කෙම් ක්‍රම වැනි දේ ගැන වුවත් නිරීක්ෂණ වලින් තොරව එකවර නිගමන වලට එළඹීම අවිද්‍යාත්මක බවයි මට නම් හිතෙන්නේ.

    කොහොම වුනත්, එහෙම විටෙක ආයුර්වේද වෛද්‍ය වරයෙකු වශයෙන් ලියාපදිංචි වුන කෙනෙකුගෙන් ප්‍රතිකාර ගැනීම තම ආරක්ෂාවට හොඳ බවයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ආයුර්වේදය හා බැඳුනු අවිද්‍යාත්මක දේවල් තිබෙනවා

      Delete
    2. බටහිර විද්‍යාවට අනුව අවිද්‍යාත්මක දේ තිබෙන බව මමත් දැනුවත් වී තිබෙනවා. නමුත් ඒවා ගැන නිගමන වලට ඒමේදී බටහිර විද්‍යාඥයන් හැටියට අපිට අවිද්‍යාත්මක වෙන්න අයිතියක් නැහැ.

      උදාහරණ ලෙස ශබ්ධ තරංග වලින් කරන ප්‍රතිකාර (මන්ත්‍ර) ගැන කීවොත් අවිද්‍යාත්මකයි කියල අපි කෙලින්ම නිගමයකට ආවොත් ඒ නිගමනයත් අවිද්‍යාත්මකයි. විද්‍යාත්මක ක්‍රමයට නිගමනයට පැමිණිය යුත්තේ පරීක්ෂණ නිරීක්ෂණ තුලින්. ඔබ මනෝවිද්‍යාවට සම්බන්ධ අයෙකු බැවින් Dr. Masaru Emoto ගේ Water Crystals සම්බන්ධ Hado පරීක්ෂණය ගැන අධ්‍යනය කර ඇතැයි සිතනවා. මම හිතන්නේ විද්‍යාත්මකව නිගමනට වලට ඒමේ ක්‍රමය අනුගමනය කල නිසා තමයි ඔහුට එය සොයා ගන්නට හැකි වුනේ.

      Delete
    3. https://en.wikipedia.org/wiki/Masaru_Emoto#Scientific_criticism

      Delete
  3. ආයුර්වේද වෙද්දු මූලග්ගින්න තද වෙච්ච එවුන්.. උන් බේත් කියාගෙන කියගෙන යනවා අපි මතක තියා ගන්න ඕනා.. දෙපාරක් ඇහුවොත් කුණු බැනුම්..(සමහරක් කන්සල්ටන්ට්ලත් මෙහෙම තමා)

    අනිත් එක ආයුර්වේද බේත් හල් බොහෝ විට පට්ට අපිරිසිදුයි.. දුවිලි පිරුණ් මුස්පේන්තු, මූසල තැනක පොඩි පු‍ටු කබලක් තියාගෙන තමා බොහෝ විට වෙද මහත්තයා ඉන්නෙ.. පිළිවෙල අන්තිමයි..

    අනිත් එක ඒ කියන සමහර බේත් ජාති ආයෙ ලොවෙත් නෑ.. ඕනමනම් හිමාලෙට වගේ යන්න වෙනවා සෘෂිවරයෙක්ගෙන් ඉල්ලන් එන්න..

    මටනම් ආයුර්වේදෙ එපාම වුනා අපේ අම්මට බේත් කරන්න ගිහින්,..

    ReplyDelete
  4. දොස්තර රුවන් මහතා,

    විචාරක මහතා අභාවප්‍රාප්ත වී ඇතිද? පුවතක් ආරංචි උනා. දුරකථන අංකයක් හෝ එතුමාගේ වෛද්‍යවරියක් වන දියණිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. මට තිබෙන්නේ ඊමේල් සබඳතාවන් පමණයි ; මම ඊමේල් තුන හතරක් දැම්මා පිලිතුරක් නෑ

      Delete
  5. There was a ayurveda Dr specialising in snake bite in my hometown, how do they do this? What is your view on this (life and death) deal Dr.

    ReplyDelete
    Replies
    1. snake bites are peculiar ; some bites does not inject venom and no casualties. then vedamahata gets the credit

      Delete
  6. ඩොක්ටර්,

    ඔබ හරි වටිනා අදහස් ටිකක් පලකරලා තියන්නේ.

    //ඊට මූලික හේතු ලෙස මා සිතන්නේ ආයූර්වේදයේ තිබෙන රෝගියාට නොකියන රහස් වට්ටෝ‍රු භාවිතය//
    මේකේ කිසියම් ඇත්තක් තියනවා හැබැයි බොහෝවිට මේ වට්ටෝරු රෝගියාට බර දෙනවා බෙහෙත් මිලදීගන්න, ඔවුන් බෙහෙත් බදු කඩේට දෙන්නේ මේවයි.


    //
    එසේම සමහර ආයූර්වේද වෛද්‍යවරු බටහිර වෙදකමේ දෙන ප්‍රතිජීවක , ප්‍රෙඩ්නිසෙලොන් ආදිය කල්ක වලට මිශ්‍ර කොට රෝගීන්ට දීමද බටහිර වෛද්‍යවරුන් ගේ දැඩි විවේචනයට ලක් වේ.
    //

    මේ කතාවත් සම්පුර්ණයෙන් ම ඇත්ත ඩොක්ටර් මෙවැනි කූට වෙදුන් සිටිනවා මෙය සිදුවෙන්නේ වේද මහතාම බෙහෙත් දෙන තැන්වලින් (සැමවිටම නෙවෙයි කුට වෙදුන් මය කරනවා ) නමුත් බෙහෙත් තුණ්ඩුව ලියල දෙන තැන් වලින් මේක වෙන්නේ නෑ.


    // වරක් පත්තු බැඳ කැඩුනු කටු වෑල්ඩිං කල රටේ වෙදෙක් රෝගියාගේ දකුණු අත සකස් කොට තිබුනේ අනෙක් පැත්තටය​. ඉන් පසු මෙම රෝගියාව සිහි නැති කොට යලිත් භග්නය සෑදීමට වෛද්‍යවරුන්ට සිදු විය​. //

    ඔබ හොරිවිල වේද ගෙදර ගියානම් දකින්න පුළුවන් දහස් ගණන් රෝගීන් බටහිර වෙදකමෙන් අසාද්‍ය උන සහ සිංහල වෙදකමෙන් සුවය ලැබුන.
    ඔබ ඔය කියල තියන වැරදි බටහිර විශේසන්යයන් අපුරුවට සිදුකරනවා.

    මාදන්න මහත්මියක් විශේසන්ය දොස්තර වරයකු මගින් අතේ සංදී බිදීමකට ප්‍රතිකාර ගත්ත නමුත් එන්න එන්න ඉදිමුම වැඩිවීමත් වේදනාව දදිවිමත් නිසා පරික්ෂා කිරීමේදී තව ශ්‍රී ලංකික දොස්තර වරයකු කිව්වේ ඇගේ වරද නිසා මේ ප්‍රශ්නය ඇති වී ඇතිබවයි. ඔවුන් ඔස්ට්‍රේලියාවේ පදින්හ්චිවී ඇති පිරිසක් නිසා ඉක්මනින් නැවත ඔස්ට්‍රේලියාවට ගියහම එහෙ දොස්තරලා කියල තියන්නේ " I don't believe a medical man can do such a thing" කියල.


    //වරක් අනුරාධපුරයේ අභයගිරිය කෞතුකාගාරය නැරඹීමට ගිය විට ආදි හෙළ වෙදදුරන් විසින් සියුම් සැත්කම් හෙවත් මයික්‍රෝ සර්ජරි කරන ලද සැත් දුටුවෙමි.//

    ඇත්තටම අපේ වෙදකම නැත්තටම නැතිවී තියන්නේ ඔය ගුරු මුෂ්ටි නිසයි.

    මා කුඩා කල මගේ මිතුරෙක් සිටිය කකුලේ bone marrow වල ප්ර්හ්ස්නයක් නිසා බටහිර වෙදකම තුලින් එවක බෙහෙතක් නැතිබවයි පවසල තිබුනේ.
    මෙනිසා ඔහුව දේශීය වෙදකම වෙත යොමුකලා, ඒ වෙනකොටත් වයස 80 ක පමණ වේදමහතකු තමයි බෙහෙත් කරලා තියෙන්නේ, ඔහු කියනවා එම පත්තු බැන්දහම ශරීරය ඇතුලින් කිසියම් ප්‍රතික්ක්රියාවක් සිදුවෙන බව ඔහුට තේරෙන බව.

    කොහොම හරි අදත් ඔහුට කිසිම ප්‍රශ්නයක් නෑ, පසුව රෝහලින් පරික්ෂා කිරීමේදී දොස්තර වරුන් පුදුම උනා ඔහු ගේ bone marrow නැවත යතාතත්වයට පැමිණීම ගැන.

    අද නම් මම හිතන්නේ මිට බටහිර ප්‍රතිකාර තියනවා bone marrow transplant කියල අඩුම වියදම $350,000 පමණ වන.

    මම හිතන්නේ චීනය තමයි මෙවයෙන් නියම ප්‍රයෝජන ගන්නේ https://www.youtube.com/watch?v=0uhdRtSdL7o





    ReplyDelete
    Replies
    1. very good explanations; මා කුඩා කල මගේ මිතුරෙක් සිටිය කකුලේ bone marrow වල ප්ර්හ්ස්නයක් නිසා බටහිර වෙදකම තුලින් එවක බෙහෙතක් නැතිබවයි පවසල තිබුනේ.
      මෙනිසා ඔහුව දේශීය වෙදකම වෙත යොමුකලා, ඒ වෙනකොටත් වයස 80 ක පමණ වේදමහතකු තමයි බෙහෙත් කරලා තියෙන්නේ, ඔහු කියනවා එම පත්තු බැන්දහම ශරීරය ඇතුලින් කිසියම් ප්‍රතික්ක්රියාවක් සිදුවෙන බව ඔහුට තේරෙන බව.

      කොහොම හරි අදත් ඔහුට කිසිම ප්‍රශ්නයක් නෑ, පසුව රෝහලින් පරික්ෂා කිරීමේදී දොස්තර වරුන් පුදුම උනා ඔහු ගේ bone marrow නැවත යතාතත්වයට පැමිණීම ගැන.///// මේ ප්‍රතිකාරය වැඩි දියුණු කරන්න තිබුනා ; වෙදා මලා දැණුම එක්ක

      Delete
    2. //වෙදා මලා දැණුම එක්ක//

      මට හොදටම ෂුවර් මේක තමයි වෙන්න ඇත්තේ. මිට ගෙතු 2 මුලිකවම බලපානවා
      01. වෙදමහත්තුරුන්ගේ දරුවන් වෙදකම වෙත යොමු නොවීම.
      02. මෝඩ ගුරු මුෂ්ටි

      Delete
  7. ඉතා අවදානම් සහගත තත්ත්ව යටතේදී සිංහල බෙහෙත් හෝ ආයුර්වේද බෙහෙත් කිරීමට යාම නුවනට හුරු නොවෙයි. උදාහරනනම් ඒමට ඇත. වරක් අපේ ගමේ කුලී වැඩ කරන් ඉන්න මනුස්සයෙක්ට නයෙක් දෂ්ට කරා. මේ මනුස්සයාගේ නිවාස තියෙන්නේ රෝහලට මීටර් දෙසීයක් තරම්වත් දුරුන් නොවෙයි. මේ මනුස්සය සිංහල වෙදෙක් ලගට ගිහින් මතුරලා මොනවද බෙහෙත් වගයක් ගාවා. විස ඇද්ද ලු. අන්තිමට මිනිහා මළා. ලගම තියන මීටර් දෙසියක්වත් නැති රෝහලට ගියානම් ඒ මනුස්සය අදත් ජිවත් වෙනවා. මම දැකලා තියනවා පිස්සු බල්ලන් විසින් සපා කෑවිට සිංහල බෙහෙත් කරන්න යනවා.

    ReplyDelete
    Replies
    1. සර්පයෝ කෑම් වලින් යම් ප්‍රතිශතයක් තුල විසක් නෑ ( උදා නයා මීයෙක් ට දෂ්ට කරලා ඉන් පැය බාගෙකට පස්සේ මිනිසෙක්ට දෂ්ට කලොත් එතන මිනිස් සිරුරට යවන්න විස නයා ලඟ නෑ . ඒ මිනිහා වෙදා ලඟට ගෙනිච්චාම වෙදා ගේ ප්‍රතිකාර නිසා මිනිහා බේරුනා කියලා තමයි රාවය යන්නේ. ඒත් නියම ලෙස විස ඇඟට ගියොත් මිනිහා මැරෙනවා. එතකොට වෙදා කියන්නේ දෂ්ට කරලා තියෙන්නේ මාරාන්තික නැකතකට කියලා

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. තව එක්කෙනෙක් ඉන්නවා රවණා බලයෙන් ලෙඩ සුවකරන අනෝජ් දී සිල්වා කියලා මෑන්ස් කෙනෙක්. හොද සිංහලයෙක්ලු ඒත් වාසගම de silva අනේ මන්දා, කොහේ හරි වැරදිලා තියෙනව. අමුම අමු අන්තවාදියෙක්. මේකා දන්න මෙලෝ වෙදකමක් නෑ. අමුම අමු පල් හොරෙක්. පිළිකාවක් හැදිල හිටපු ළමයෙක් දවස් 65න් සනීප කරනවා කීවා. අන්තිමට දරුවා මැරුණා.

    රජයේ ලියාපදිංචි වෛද්‍යය සංගමයේ හෝ දේශයේ වෛද්‍යය සභාවේ ලියාපදිංච් නොවී යම් අයෙක් රෝගීන් සදහා බෙහෙත් හෝ වෙනත් ප්‍රතිකාර කරයි නම් ඔහු හෝ ඇය නීතිය ඉදිරියේ වරද කරුවෙකි....! එසේම ඔහු හෝ ඇය ව්‍යාජ හෙවත් බොරු වෙඳෙක් බව බුද්ධිමත් මිනිසුන් දැන ගන්න. මේ වගේ බොරු වෙඳෙක් හිටියා කොස්වත්ත , අග්ගොණ ප්‍රදේශයේ. පත්තරකාරයෝ ලිව්වේ " එළොවෙන් ආපු ජීවකයා " කියලා කිලෝ මීටර් ගණන් මිනිස්සු පෝළිම්වල හිටියේ.අද මෑන් හොයා ගන්නත් නැහැ කියහංකෝ....!

    මිනිස්සු මුලා කරමින් මහා පරිමාණයේ ජාවාරමක් තමයි මුන් සෙට් එක කරගෙන යන්නෙ. අන්තිමට අමාරුවේ වැටෙන්නේ ලෙඩ්ඩු. තව කවුද වේද නෝනා කෙනෙක් ඉන්නවා ඩෙංගු වලට ප්‍රතිකාර කරනවා කියලා. එයා පහුගිය දවස්වල කියලා තිබ්බා HIV වලටත් ප්‍රතිකාරයක් හොයා ගත්තා කියලා අයියෝ සල්ලි.

    ReplyDelete
    Replies
    1. ඕව මොනාද ඔය සිරිලකේ වතාවක් වතුරෙන් දුවන ඇන්ජිමක් හදපු පොරක්, පත්තරවල චැනල් වල මහා ඉහලින් වර්නනා කරල අගමැති (ඌ මොන මැට්ටෙක් උනත්) පවා බැහැදුටුව.
      දැන් ඌත් හිරේ කියහංකො.

      Delete
    2. ඔව් පොර මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන පොල්ල තියලා. පොර මහා ලොකුවට ටෙලිවිෂන් චැනල් වලට කිවේ මෑන්ස් ට ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකාවෙන් ආරාධනය කලා ලු එහෙට ඇවිල්ල වැඩි දුර පර්යේෂණ පවත්වන්න කියල . මිනිහ ගියේ නැහැ ලු. ලංකාවේ දේශීය දේ ලංකාවට ලැබිය යුතු නිසා පටු මුදල් සහ ප්‍රතිලාබ වලට රැවටුනේ නැති ලු. lol

      Delete
    3. එලොවින් ආ ජීවකයාට අභියෝග කලෙමි. https://transyl2014.blogspot.ca/2016/01/blog-post_9.html

      Delete
  10. අදටත් ඇලපති වයිද්‍යවරුන් ප්‍රතිකාර රහිතව දුර්මුඛ වන අවස්ථා සඳහා ප්‍රතිකාර දේශීය වෙදදුරන් ලබා දෙන අවස්ථා කොතෙකුත් ඇත.සොයා බැලීම රෝගියා පිට පැටවී ඇත.මුදලට ලෝභීව වංචා කරන්නන් ඇලපති හෝ දේශීය කියා වෙනස් වන්නේද නැත.
    ජයවේවා..!!

    ReplyDelete
  11. සිංහල වෙදකමේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි බෙහෙත් ද්‍රව්‍ය වල ප්‍රමිතිය (ප්‍රමිතිය ... අර GMOA කියන එක, ඒ වගේ එකක් තමයි)
    ඒක නියම අවුසදේද, නියම ආකාරයට සකස් කර තිබෙනවාද, කල් ඉකුත්වීම (කාලයත් සමග එහි ගුණාංග අඩු වීම), දිලීර හෝ එවැනි අනවශ්‍ය දෑ නිසා සංයුතිය වෙනස්වීම (හෝ විෂවීම). එවැනි දේවල් කිසිවක් තත්ත්ව පාලනයක් කෙරෙන්නේ නැහැ.
    හරි සීට්ටුව ලැබුනත් අපි බොන්නේ වෙනත් දෙයක්. අන්තිමේ වෙද මහත්තයා වැරදි කාරය.

    ReplyDelete
  12. මට තේරෙන්නෙ නැත්තේ ඩොක්ට, ඇයි මේ සිංහල හෝ ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම මහා ලොකු රහස් විදිහට තියාගෙන උන්නේ? ගුරුමුෂ්ටිය තියං උගන්වන්නේ..??

    මේ දැන් කාලෙ මිනිස්සු මේ වයිද්‍යවරුන්ට කුහකයෝ කියල බනිනවානම් මේ රටේ මුල්ම කුහකයෝ මේ සිංහල පුරාණයේ සිට පැවත එන වේද මහත්තරුන්. මොකද ඒ අයත් තමන්ගේ යුතුකම හරියට කරල නැහැ.

    බොරුද මම කියන්නෙ ඩොක්ට..??

    ReplyDelete
    Replies
    1. athha මේ රටේ මුල්ම කුහකයෝ මේ සිංහල පුරාණයේ සිට පැවත එන වේද මහත්තරුන් දොස්තරලා කුහකකම ඉගෙන ගත්තේ මුන් ගෙන්

      Delete
  13. Doctor- මේ මම ඔබේ වෙද මහත්තයා POST එකට දාපු COMMENT එකම මෙතනට දානවා. ඒක අදාලයි කියා හිතෙනවා.

    වෛද්‍යතුමා-

    මෙම ප්‍රශ්ණය පැති ගණනාවකින් බලන්න ඕන.

    1. එක පරම්පරාවක රහස් වට්ටෝරු තවත් අයට නොදෙන්නේ (දල වශයෙන් 1956 ට පෙර) එක් එක් පරම්පරාවල ගෞරවය උදෙසා කියලයි මට හිතෙන්නේ. ඊට හේතුව සිංහල (දේශීය) වෙදකම මුදලට නොව සේවයක් ලෙස පැවතීමයි. ගොඩ මඩ ඉඩම් සහිතව ජීවත්වන්න ගැටළුවක් නැතිව හිටපු සිංහල වෙදවරුන්ට වටින්නේ පරම්පරාවට ලැබෙන ගෞරවය විතරයි. අනිත් එක, ඒ කාලෙ පවුලක දරුවන් ගණන ඉහල (අඩුම ගානේ 5ට වැඩි) නිසා මේ සියළුම ගුරු මුෂ්ටි දිගටම ගලාගෙන ගියා. (හොරිවිල වෙදකම සලකන්න- හේරත්හාමි වෙද මහතාගේ දරුවන් එය හොරිවිල වගේම වෙනත් ප්‍රදේශවලත් ප්‍රතිකාර කරනවා)

    2. පරම්පරාවක් සතු ගුරු මුෂ්ටිය තමන්ගේම දරුවන්ටවත් නොදෙන අවස්ථාත් තියනවා. එ් අදාල ශිල්පය දරාගන්නා දරුවා යහපත් කෙනෙක්නම් විතරයි ශිල්පය දෙන්නේ. සමාජයට අයහපතක් කරන්න අදහස් තියන අයට මේව දෙන්නෙ නැහැ.

    3. සිංහල වෙදකම සමග බැදී තිබුන සටන් කලාව, නක්ෂත්‍රය, ... ආදී බොහෝ කොටස් දැන් එකිනෙකින් වෙන්වෙලා. මේ සියල්ලම දරාගන්න පුළුවන් මොළ ටිකක් පේන්න නැහැ.

    4. පාරම්පරික සිංහල වෙදකමට 1956න් පස්සේ ඉන්දියානු ආයුර්වේදය කලවම් කලායින් පස්සේ ඔක්කොම දැන් පැටලිලා තියෙන්නේ.
    අනිත්එක දේශීය වෛද්‍ය රාජ්‍ය ආයතන කරන්නේ පාරම්පරික සිංහල වෙදකමට කෙලවෙන වැඩමයි. බටහිර වෛද්‍ය සංගම්, දේශීය වෛද්‍ය ආයතන වලට නැගීසිටින්නට ඉඩ නොදෙනවා මෙන්ම දේශීය වෛද්‍ය ආයතනද පාරම්පරික සිංහල වෙදවරුන්ට නැගීසිටින්නට ඉඩ නොදෙනවා. අපේ රටේ කිසිම වෙදවරයකුට පර්යේෂන කරන්නට ඉඩ නොදී කකුලෙන් අදින රාජ්‍ය නිළධාරී තන්ත්‍රයක් තිබේ.

    5. අනිත් කාරනය 1977න් පස්සේ විවෘත ආර්ථිකයත් එක්ක හැඩගැහෙන්න බැරිවුන වෙද පරම්පරා අද වෙනකොට ඉවරයි. බුලත් අත (පඩුර ඇතිව හෝ නැතිව) කල ප්‍රතිකාරය මුදලම මූලිකකරගත් ආර්ථිකය ආවට පස්සේ ඊට සමුදී මුදල් ගත්තු අය අද දිනුම්.

    6. බෙහෙත් හදන්න ඕන පංචාංගය අද කෙරෙන මහා පරිමාණ ආයුර්වේද නිශ්පාදනයට කොහොමද සපයාගන්නේ. ගස් කියන්නේ දවස් 30/45 හේ බ්‍රොයිලර් කුකුල්ලු නෙමේනේ. මේ නිශ්පාදනවල ප්‍රමිතිය කොහොමද? (පැරණි ග්‍රාමීය වෙදවරු තමන්ම නිපදවාගත් ඔසුවලට අනුව).

    7. අනික විදේශිය ආක්‍රමණ නිසා අපේ නැතිවුන දැනුම, නැතිවුන පුස්කොල පොත්, ගිණිතබනලද පුස්කොල පොත් කොපමණද?
    පොලොන්නරු යුගයෙන් පස්සේ හදපු මහවැවක් වත් තියනවද? කාලිංඝ මාඝ ලා ඒ දැනුම ගිණීබත්කලා නේද?

    8. අපිට ඉතිරිවෙලා තියෙන්නේ ඉතිහාසෙ සුවඳ විඳින්න විතරයි කියලයි හිතෙන්නේ. මං ලියපු ඒව හරි උනත් වැරදි උනත් කාලය ඉදිරියට ගලායමින් තියනව. බහුතරයක් වෙද පරම්පරාවල වර්තමාන පුරුක් දිගටම පවත්වාගෙන යන්නේ ඒ පරම්පරාවල ජානටික විතරයි. ඒත් පිරිමි දරුවො ඉන්නකල් විතරයි. සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය කියා වදාලේ අපේ බුදුහාමුදුරුවෝ නොවැ. ඉතිං සිංහල වෙදකමට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ඒකම තමයි උරුම.

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිරිවෙලා තියෙන්නේ ඉතිහාසෙ සුවඳ විඳින්න විතරයි////// athha

      Delete
  14. ඉහත කරුණුවලට අමතරව ලිවියයුතු තව කරුණක් ඇත.
    එනම්, පැරණි වෙද ගුරු සහ වෙද සිසු සම්බන්ධතාව වර්තමානයේ නොමැති වීමයි. වෙද නිවස තුල හිද වෙද (ගුරු) විසින් කරන රෝගී පරීක්ෂාව, නියමිත හෝරාවල බෙහෙත් ඔසු හදුනාගැනීම, නෙලීම, බෙහෙත් සෑදීම, පදම් ගැනීම ආදී කොට ඇති ප්‍රායෝගික තත්ත්ව දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාල ආයතනවල කෙසේ ඉගැන්විය හැකිද? නාඩි මගින් රෝග නීර්ණය භාවිතයෙන්ම ගුරු සමග හිද ඉගෙනගන්නවා මිස කෙසේ වෛද්‍ය විශ්ව විද්‍යාල ආයතනවල උගන්වන්නද? ඉතින් මෙසේ සිදුවන විට ගුරු මුෂ්ටිය දීමටවත් තමන්ගේම දරුවකුවත් හිදීද? (දරුවනුත් පාසලට, වි.විද්‍යාල පසුපස යනවිට මෙම සාම්ප්‍රදායික දැනුම දෙන්නේ කෙසේද? සිද්ධාන්ත මිස ප්‍රායෝගික දැනුමක් නැති අයට).... මට හිතෙන විදිහට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක් ඇත. දැන් අප ලබාගන්නට උත්සාහකරන කඩදාසි සහතික මත දැනුම මනින ක්‍රමයේ වැරද්දක් තිබේ, වර්තමාන සමාජය සාම්ප්‍රදායික දැනුම ගන්නට මන්දෝත්සාහීවේ. මේ හේතුව නිසා එම දැනුම අතුරුදහන් වී ඇත. ගුරු මුෂ්ටිය දෙන්නේ නැහැ කියා එය දන්න අයට දොස් කීම පමණක් හරිද? ගුරු මුෂ්ටිය බලාපොරොත්තුවන අය අත වරදක් නැතිද? මට හිතෙන්නේ වැරැද්දේ වගකීමෙන් 75%ක් පමණ ඇත්තේ අප අත බවයි.

    තව කරුණක් එක් කරමි-
    ගුරු මුෂ්ටිය කියා කියන්නේ මම හිතන විදිහට යම් පරම්පරාවක වර්තමාන වෙද මහතාට සාපේක්ෂව ඔහුට කලින් හිටපු එම පරම්පරාවේම අතීත වෙදවරුන්ගේ දැනුම ලබාගැනීම නොහොත් රෝගියාගේ රෝග නිධානය, කල යුතු බෙහෙත මියගිය වෙදවරුන්ගේ ශුද්ධ ආත්ම වලින් දැනගැනීමයි. (මහසෙන් මහ රජ මින්නේරි දෙවියන් වූවා සේම රටට දැයට පුද්ගලික ලාභයකින් තොරව සේවයකළ සිංහල වෙදවරු දේව ආත්ම වල ඉපිද තම පරම්පරාවේ වර්තමාන පුරුක මගින් එම සේවය දිගටම කරගෙන යාමට ඉදිරිපත්වීම ගුරු මුෂ්ටිය ලෙස මම සිතමි- මේ අය ප්‍රාදේශික/ ග්‍රාමීය දෙවිවරුන්ය, ප්‍රධාන දේව මණ්ඩලවලට අයත්/ ජනවහරට අනුව දෙවියන්ගේ ගණන 33න් කෝටියකි)
    නමුත් වර්තමාන සමාජයේ අය සියළුම දුසිරිත්වලින් සම්පූර්ණව ගතකිරීම නිසා එම ශුද්ධආත්ම වලට පෙර ලෙස තමන්ගේම අයලඟටවත් කිට්ටු විය හැකිද?

    අත තබා සුවකිරීම ගැන වචනයක්-
    මේ අයුරු ප්‍රතිකාර ක්‍රමයක් වූ බව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නා හිමියන්ගේ ලේඛන වල සඳහන්ය. වෛද්‍යවරයා (පැරණි) පරමවිඥානවාදීහුය. සෙන්පති ඕල්කට් තුමාටද මෙම හැකියාව තිබී ඇත. සිතේ කේන්තිය නැතිව මෛත්‍රියෙන් මෙම ක්‍රමය සාර්ථකබව කියවා ඇත්තෙමි. එම ලේඛන සොයා කියවා අවබෝධ කරගෙන නැවත බ්ලොග් සටහන් ලියන්න. (ජයන්ත චන්ද්‍රසිරි මහතා දඬුබස්නාමානය ටෙලිය කල පසු අංගම් ගුරාලා බිහිවූවාක් මෙන්ම ඒ මහතාම සතර දෙනෙක් සෙන්පතියෝ කල පසු අත තබා සුව කරන්නට හැකි වෙදුන් රට පුරා වූ බව ඉරිදා පුවත්පත් වල දැන්වීම් මගින් දුටිමි- කළ දුටු කල වල ඉහින්නන් නිසා තිබෙන ශිල්පද වලටම වැටෙන බව සිතෙයි මට)

    ප්‍රියන්ත-
    ස්තූතියි- දිගටම බ්ලොග් ලියන්න. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත ගෙන් දන්නේ නැති දේවල් ටිකක් දැනගත්ත.
      ස්තුතියි.
      👊🏽

      Delete
    2. ප්‍රියන්ත,

      කියන කතාවේ නම් ලොකු අත්තක් තියනවා. හැබැයි ගුරු මුෂ්ටිය ගැනනම් කියන්න තියෙන්නේ, මේවා කිසියම් ගුරුකුලයක ප්‍රදානින් දන්නා විශේෂ උපක්රමයි,
      උදාහරණ රද්දැල් ගොඩ වෙදමහතා කිව්වා ඔහුගේ ගුරුවරයා දැන සිටි උපක්‍රමයක් මුත්‍රා ගල් ඉවත් කිරීමට, එනම් කිසියම් නිලයක් ඇල්ලුවහම එය කරන ක්‍රමයක් තිබිල තියනවා, නමුත් ඔහුටවත් එම ක්‍රමය ලැබිල නෑ.

      ගුරු මුෂ්ටිය කියන්නේ වෙන කෙනෙකුට වඩා විශේෂ උපක්‍රම දේශීය වෙදකමේ මේ පරම්පරා වල තියනවා මේවා මිනිස් මානය හා සම්බන්දයි මෙනිසා තව කෙනෙක් මේවා දැනගෙන තමාට වඩා සැලකිලි ලබනවාට කැමති නෑ.

      බටහිර වෙදකමේ තියනවා පේටන්ට් කියල දෙයක් සොයාගැනීම කල කෙනාට කිසියම් මුදලක් ලැබෙනවා නමුත් දේශීය වෙදකමේ තියන්නේ ආත්ම තෘප්තිය පමණයි, මිට අමතරව ඔය නිල වෙදකම දන්නා කෙනෙකුට මිනිසුන් මරන්න උනත් පුළුවන් මේකත් තව කාරණයක් තමයි මේ වෙදකම නොදෙන්න.

      Delete
    3. Lankika Sithuwili-

      එකඟයි. මේ පරම්පරාගත ගුරුකුලවල මාන්නයනම් උපරිමයි. අත්දැකීමෙන්මයි දන්නේ. ඒ වගේම ආත්ම තෘප්තිය හා ගුරු නියමය (මුදලට නොව සුවපත්කිරීමේ කුසලය වන පරම පවිත්‍ර චේතනාව මත) පදනම්ව පමණක් වන සේවයක් නිසාම 77න් පස්සේ ටිකෙන් ටික මේ පරම්පරාවල් වල දැනුම අභාවයට ගියා. බුලත් අතවත් නොබලා බෙහෙත් දෙනවා. තමන්ම හදපු. ඒවයේ වටිනාකම රු. 400 ක් වෙනකොට බුලත් අතතුල ඇත්තේ රු. 50යි.අත්දැකීමෙන්මයි දන්නේ. ගුරු නියමය නිසා මුදලට වෙදකම කරන්න බෑ හදවතට එකඟව. ඩාවින්ගේ පරිනාමවාදයට අනුව පරිසරයට උචිත අයුරින් ඉන්න බැරිවුන මේ අය වඳවෙලා ගියා. කරන්න දෙයක් නෑ.
      මම දැනුවත්ව කුසයේ තෙල් ටිකක් ගාලා කළලයක් ඉවත් කරන්නත් පුළුවන් අය මා ජීවත්වන අසල්වාසියේ හිටියා. දරුවකු බිහිවන වේලාව අවසාන විනාඩියටම කියන්න පුළුවන් අයත් මා ජීවත්වන අසල්වාසියේ හිටියා.කරන්න දෙයක් නෑ. ඒවා ඉවරයි. (දැන් ලොව පහලවන අයගේ දරුණුකම නිසාම ඒ අය ඒ කාලයේදීම ඒ ශිල්පවලට නැවතීමේ තිත තිබ්බා කියලයි මට හිතෙන්නේ. දැනුම ආවානම් මොන විදිහකින් මොනවාකරයිද කියා හිතන්නවත් බැරි නිසා)

      ප්‍රියන්ත-

      Delete
    4. ප්‍රියන්ත මහතා,

      ඔබේ අදහස් වලට ස්තුතියි. ඒවා ගැන සංවාද කරන්න තරම් ගැඹුරු දැනුමක් ඒ ගැන නෑ.

      නමුත් ඔබෙන් අහන්නට කැමතියි, //බහුතරයක් වෙද පරම්පරාවල වර්තමාන පුරුක් දිගටම පවත්වාගෙන යන්නේ ඒ පරම්පරාවල ජානටික විතරයි. ඒත් පිරිමි දරුවො ඉන්නකල් විතරයි.// කියන අදහස ගැන ?

      ඒ කියන්නේ ගැහැණු දරුවන්ට පාරම්පරික ජාන ඉදිරියට පවත්වාගෙන යන්න බැරි බවද ? මේ ඔබේ අදහසක් ද ? දේශීය වෛද්‍යවිද්‍යාවේ දැනුම අනුව එන ඉගැන්වීමක් ද ?

      බටහිර විද්‍යාව/තාක්ෂණය ලෝකයේ තිබෙන එකම විද්‍යාව කියන අදහස යල්පැන ගිය එකක් විදියටයි මම නම් හිතන්නේ. තම උරුමය තවම යම් දුරකට රැකගෙන ඉන්න ජපානයේ මෙවැනි පාරම්පරික ආහාර ඖෂධීය උණු දිය උල්පත් පැරණි සිද්ධස්ථාන වැනි දේ ගැන ලොකු ඉඩක් තවම තිබෙනවා. හිරෝෂිමා හි මියජිමා හි තිබෙනවා අවුරුදු 1200 ක් නොනවත්වා දැල්වෙන ගින්නකින් රත්වෙන උණු දිය බඳුනක්. එම දිය බීමෙන් රෝග සුව වෙන බව විශ්වාස කරනවා. වෛද්‍යවිද්‍යා මහාචාරය වරු පවා ඕකෙන් වතුර බොනවා.

      ආසියාවේ බිහිවුන විද්‍යාව ගැන පර්යේෂණාත්මක එකක් ම නොවුනත් එය කෙලින්ම බැහැර කල යුතු නැති බවයි මම හිතන්නේ. බටහිර විද්‍යාව අනුව වුනත් පරීක්ෂණ නිරීක්ෂණ නොකර කෙලින්ම මේවා බැහැර කිරීමේ නිගමනයට ඒම අවිද්‍යත්මකයි. කෙලින්ම අපිට කියන්න පුළුවන් දේ "අපි ඒවා ගැන හරියට දන්නේ නෑ" කියන එක තමයි.

      Delete
    5. කෙන්කියුෂා-

      නමුත් ඔබෙන් අහන්නට කැමතියි, //බහුතරයක් වෙද පරම්පරාවල වර්තමාන පුරුක් දිගටම පවත්වාගෙන යන්නේ ඒ පරම්පරාවල ජානටික විතරයි. ඒත් පිරිමි දරුවො ඉන්නකල් විතරයි.// කියන අදහස ගැන ?

      මම මේ ටික ලිව්වෙ පිරිමි බව තීරනය වන Y ජානය දෙන්න පුළුවන් පිරිමි අයකුටම වන නිසයි. (මම දන්න ජාන විද්‍යාව අනුව/ දන්න කෙනෙක් වැඩිදුර පහදන්න). අදාල පරම්පරාව ඉදිරියට යන්න Y ජානය ඕනමයිනෙ. ගැහැණුදරුවකුට පියාගෙන් එන්නෙ X ජානයයි.
      ගැහැණුබවට අගෞරව කිරීමක් නෙවී. ගැහැණුදරුවකුට වූවද උගත්තානම් ගුරු මුෂ්ටිය ලැබුනත් නැතත් පියාගේ වෙද පරම්පරාවේ නම අඛන්ඩව පවත්වාගත හැකියි.

      ප්‍රියන්ත-

      Delete
    6. බටහිර අනුක ජීව විද්‍යාව අනුව ගන්නවා නම් Y යනු ජානයක් නොවෙයි. Y යනු වර්ණදේහයක්. වර්ණදේහයක් මතයි ජාන පිහිටන්නේ.

      පියාගේ ජාන වල ප්‍රවේණිය ගැහැණු වුනත් පිරිමි වුනත් දරුවන්ට ලැබෙනවා බටහිර විද්‍යාව අනුව.

      Delete
    7. පිළිගනිමි. මගේ මතකය අනුව සටහන් කලෙමි. ගැහැණු දරුවකුට පියාගේ ජාන උරුමය ආවත් ඇගේ දරුවන් ට ලැබෙන්නේ ඇගේ සැමියාගේ පරම්පරාවේ අනන්‍යතාවය බැවින් ඔබ මගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුර වෙයි.
      ප්‍රියන්ත-

      Delete
    8. ඒක ගැටළුවක් නැහැ. ඔය වචන පැටලවිලි අපි කාටත් වෙනවා.

      ඔබේ අදහස ගැන අවබෝධයක් ලැබුන පැහැදිලි කිරීමෙන්.

      KEN

      Delete
  15. Lankika Sithuwili-
    රද්දැල් ගොඩ වෙදමහතා කියන්නේ “පස්යාලේ“ නමින් ඹෟෂධ නිපදවන වෙදමහතා නේද?
    එයාගේ ව්‍යාපාරික මනස දැකපු ගුරු වෙදමහතා ගුරු මුෂ්ටිය නොදෙන්න ඇති. මුදල මතම පදනම්ව මුත්‍රා ගල් ඉවත් කිරීම සිදුකරයි කියා හිතන්න ඇති. (මේ ගුරු මුෂ්ටි දත් පරණ වෙද මහත්වරු තමන්ගේ විෂයය ගැන දැනුම 100% උනත් අනෙකුත් කාර්යයන් ගැන දැනුම හොඳටම අඩුයි කියා හිතෙනවා. සාමාන්‍ය දැනීම අඩු, මාන්නය උපරිම අයගේ වැඩවල ප්‍රතිපල දැන් පේනවා)
    අදහසක් පමණයි. අපහාස කිරීමේ අරමුණක් මට නැත. ගෞරවය ගැන ගැටළුවක් වූයේ නම් සමාවන්න.

    ප්‍රියන්ත-

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත,

      //රද්දැල් ගොඩ වෙදමහතා කියන්නේ “පස්යාලේ“ නමින් ඹෟෂධ නිපදවන වෙදමහතා නේද?//

      ඔව් ඔහු තමයි, නමුත් ඹෟෂධ නිපදවන්නේ ඔහුගේ පුතෙකුයි.

      මම කීපවරක් මගේ පියාගේ අසනීපයකට බෙහෙත් හෙවිමේදී ඔහුගේ පස්යාලේ බෙහෙත් නිෂ්පාදනය කරන ස්ථානයකට යන්න උනා.
      සෙවීමට අපහසු බොහෝ බෙහෙත් ඔවුන් ලග තිබුන, මෙතන කිවයුතු දෙයක් තියනවා පස්යාල ගමේ විවිද ගොවීන්ට මුදල් ලබාදීලා බෙහෙත් වැවීමේ ක්‍රමයක් ඔවුන් ක්‍රියාත්මක කරනවා. මොවුන්ගේ බෙහෙත් ඉතා සාදාරන බවයි මම හිතන්නේ, මිලිටිටෙර 450 මදුසමනි බෝතලය (දියවැඩියාවට ලබාදෙන ) ඔවුන් විකුනන්නේ රුපියල් 300 ට වැනි මුදලකට (ඔබ හිතන්න අඩුගානේ තෙල් බෝතලයක් කියක් වෙනවද ?) මේ තෙල් හිදින්න පාවිච්චි කරන තබ හැලියක මිල ඔබ දන්නවද ? අඩුගානේ ලක්ෂ 10 වෙනවා මේ අය සේවකයන්ගේ පඩි ගෙවල මහාපරිමාණයෙන් මේ කරන නිෂ්පාදනය නිසා බොහෝ දෙනෙක් ට බෙජ්හෙත් ලබනවා විතරක් නෙමෙයි බොහෝදෙනෙකුට රස්සාව ලැබී තියනවා.

      මම ඔබට හොද කතාවක් කියන්නම් මගේ මවගේ සීයා වෙදකම කරලා තියනවා කිසිම මුදලක් නෙගෙන ඔහුට පුතුන් 3 දෙනෙක් ඉදල තියනවා එක්කෙනෙක් වත් කැමති වෙලා නෑ වෙදකම කරන්න ඊට හේතුව මේ වෙදකමේ කිසිම මුදලක් නියම නොකිරීම, මගේ මිත්තනියට අනුව ඉතා ඈත පළාත්වල සිට පැමිණි මිනිසුන්ට කෑම බිම සහ නවාතැන් දීල තියනවා, ඔවුන්ට ඉඩම් තිබුන නිසා මෙය කල හැකි වෙන්න ඇති දවසකට මිනිසුන් 20 ට 30 ට ආහාර සපයනවලු, එවක එහම කරන්න පුළුවන් උනත් බටහිර අද්‍යාපනය ලබපු ඔහුගේ දරුවන් කිසිවිටකත් එහි වැදගත් කමක් දැකල නෑ මොකද කිසිම දෙයක් මේ නිසා උපයල නෑ.

      මෙනිසා මම නම් හිතන්නේ රද්දල්ගොඩ වෙදමහතා කරන දේ ඉතා වටිනා බවයි.

      Delete
    2. ඔහුගේ නම රද්දල්ගොඩ

      Delete
    3. Lankika Sithuwili-
      ඔබගේ අදහස් වලට එකඟයි. රද්දල්ගොඩ වෙදමහතාගේ සේවයද අගයකරමි.
      ප්‍රියන්ත,

      Delete
  16. මගේ කකුලේ සමේ රෝගයක් තිබුනා. ඇන්ටිබයොටික්ස්, ක්‍රීම් වර්ග පාවිච්චිකලා. බෙහෙත් බොනකොට හොඳවෙනවා. ආපහු මතුවෙනවා. වෙද මහත්තයෙක් වැඩේ ගොඩදැම්මා. ඒත් අන්තිමට කසායක් දුන්නා අන්තිම එක කියලා. එක වරුවයි බිව්වේ කකුල කපන්න හිතෙන තරමට තුවාල පිට දැම්මා. ඊට පස්සේ ලංකාවෙන් පිට ගියාම කවදාවත් හැදුනේ නැහැ. වෙද මහත්තුරු ගාවත් සමහර ලෙඩවලට සුවවෙන ප්‍රතිකාර තියෙනවා නේද...වෙද මහත්තයට කසාය ලිස්ට් එක වරදින්න ඇති.

    ReplyDelete
    Replies
    1. සිංහල වෙදකමේ බෙහෙත් වලින් ලෙඩක් සුව වෙන්න ඉස්සල්ල ලෙඩේ වැඩිකිරීමක් සමහර විට වෙනවා, සමහර සිංහල වෙද මහතුන් කියනවා මේකෙන් මුලින් ලෙඩේ වැඩි වෙලයි හොද වෙන්නේ කියල. නමුත් මෙවැනි බෙහෙත් ගන්න බොහෝ දෙනාට කාලය හෝ ඉවසීම නෑ (කාලය නෑ කියන දෙ නම් පිළිගන්න ටිකක් අමාරුයි මොකද අනවශ්‍ය බොහෝ වැඩවලට කාලය තියනවා )

      Delete
  17. මා වෙදකම් හා රෝග ගැන එතරම් දන්නේ නෑ. ඒත් පාකින්සන් ලෙඩේ හැදී ස්වෝත්සාහයෙන් ඇවිද ගන්න බැරිව හිටි සුනිල් මාධව හෝමියෝපති ප්‍රතිකාර වලින් යම් තරමක සුවයක් ලබා තනිවම ඇවිදින තත්ත්වයකටත්, අකුරු ලියන මට්ටමටත් පත් වීම ගැන ඔබේ අදහස කුමක්ද..?

    ReplyDelete
  18. Government ayurwedic doctor kenek wenna one awama a/l result eka mokakda.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook