Wednesday, September 28, 2016

පොලිස් රිපෝට්

 



උතුරු ඇමරිකාවේ බොහෝ රැකියා සඳහා පොලිස් වාර්තා අවශ්‍ය කෙරේ. මෙම වාර්තා මගින් අදාල පුද්ගලයා නීතිය කඩ කිරීමක් හෝ අපරාධ සඳහා චෝදනා ලැබූවෙකු නොවන බව සහතික කෙරේ. පොලීසි වල නීති විරෝධී කටයුතු කල මිනිසුන් ගේ දත්ත පරිගනක ගත කොට ඒවා පොදු ජාලයක් ඔස්සේ පවත්වාගෙන යයි. මේ නිසා විනාඩි කීපයක් ඇතුලත පුරවැසියෙකුගේ අපරාධ ඉතිහාසය පොලිසියට සොයා ගත හැකිය​. 

බොහෝ විට පොලිස් වාර්තා වාර්ෂිකව  සේවා ස්ථානයට ලබා දිය යුතුය​. අපරාධ සඳහා චෝදනා ලැබූවන් හට පාසල් වල , රෝහල් වල , මනෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල, යනාදී බොහෝ ස්ථාන වල  සේවය කල නොහැක​. මේ නිසා මිනිසුන් නීති විරෝධී කටයුතු වල නොයෙදීමේ නැඹුරුවක් තිබේ. එසේම ක්‍රිමිනල් චෝදනා ලැබූවන්ට සමාව ලබා ගත හැකි ක්‍රමවේද ද තිබේ. ඒ සඳහා ඔවුන් යම් කාලයක් විශේෂ වැඩ සටහන් වලට සහභාගී විය යුතුය​. 

ලංකාවේ පොලිස් වාර්තා ඉල්ලන්නේ හමුදාවට යාමේදී සහ ස්ථිර විදේශ ගතවීමේදී පමණි. බොහෝ රැකියා සඳහා අතීත චර්‍යාවන් ගැන සොයා බැලීමක් නොකෙරේ. මෙම නිසා ළමා අපයෝජකයන් සහ වෙනත් අපරාධ වලට චෝදනා ලැබූවන් කිසිදු ගැටළුවකින් තොරව පාසල් වල , රජයේ සහ පුද්ගලික අංශයේ කාර්‍යාලවල සේවය කරති. 

ලංකාවේ රජයේ සහ පුද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමේදී පොලිස් වාර්තා අනිවාර්‍ය කල හොත් මිනිසුන් නීති කැඩීමට පෙර දෙවරක් සිතනු ඇත​. එසේම විශ්ව විද්‍යාල වල නවක වද කරමින් රජයේ දේපළ විනාශ කරන සිසුන්ට අනාගතයේ රජයේ  හෝ  පුද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමේදී පොලිස් වාර්තා ලබා ගැනීමට සිදු වන තත්වයක් උදා වුවහොත් ලංකාවේ විශ්ව විද්‍යාල වල තත්වය යහපත් වනු නිසැකය​. නමුත් ලංකාවේ පොලිස් වාර්තා අනිවාර්‍ය කිරීම එතරම් පහසු නැත​. ඒ මන්ද යත් ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව යනු දූෂණය ඔඩු දුවා තිබෙන ආයතනයකි. එම නිසා අල්ලසක් දී නිරවුල් පොලිස් වාර්තාවක් ලබා ගැනීමේ ඉඩකඩ බෙහෙවින් වැඩිය​. මේ හේතුව නිසා පොලිස් රිපෝට් අනිවාර්‍ය කිරීමට පෙර පොලිස් දෙපාර්තමේන්තුව මුලින්ම සුද්ද කිරීම අනිවාර්‍ය වේ. 

40 comments:

  1. //මේ හේතුව නිසා පොලිස් රිපෝට් අනිවාර්‍ය කිරීමට පෙර පොලිස් දෙපාර්තමේන්තුව මුලින්ම සුද්ද කිරීම අනිවාර්‍ය වේ. //

    අනේ අම්මෝ, ඔය වැඩේ කරන්න මේ ළඟපාත රටක වත් හිටියේ ලී කුවාන් යූ උන්නැහේ විතරයි. දැන් ඒ මනුස්සයත් නැහැනේ. ඉතින් ඕක වෙන වැඩක් නොවෙයි.

    ReplyDelete
  2. Most western countries check criminal history for not only jobs and also at the entry point to the country . We should start this to stop criminals working and entering unknown to us about their criminal past

    ReplyDelete
  3. දැන් ගොඩක් තැන්වල පොලිස් රිපෝට් ඉල්ලනවා... ඒත් ඉතින් ක්‍රිමිනල් පොරවල්ටත් සත් ගුණවත් උපාසක කියලා තමයි දෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ක්‍රිමිනල් පොරවල්ටත් සත් ගුණවත් උපාසක //// OMG

      Delete
  4. පන්සල්වලින් සැටිෆිකේට් ඉල්ලලාත් තේරුමක් නෑ.

    අන්න පල් හොරෙක් ඇප පිට එළියට එන කොට සාදුලා රෑනක් ගිහිල්ලා පිරිත් නූල් බඳිනවා!

    ReplyDelete
  5. මගෙ යාළුවෙක් පොලිස් රිපෝර්ට් එක ගන්ට ගිහින් මළා.

    ප. ලි.

    හත්තිලව්වට ගහපු කලාබර ඉස්කොප්පේ කිව්වලු. මෙන්න මාතලන් තුමාත් ඇවිත් ඉන්නේ.. වෙල්කම් ලොක්කා. දැන් ඉතින් පරණ කක්කි ටික ප්ලෂ් කරල හිටං ලියමු බලන්න 👊🏽🙉🙈

    ReplyDelete
  6. දැන් පුද්ගලික ආයතන වලත් පොලිස් වාර්තාව ඉල්ලනවා..... ඔච්චර පොඩි එකක් වෙලත් අපෙත් එහෙමයි......

    අවුල තියෙන්නේ මුන් පොලීසියේ එකෙක්ට ගානක් දීලා ගන්නවද දන්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. පොලීසියේ එකෙක්ට ගානක් දීලා ගන්නව

      Delete
  7. පොලිස් වාර්තාවෙනුත් පගා ගහයිනේ !

    ReplyDelete
  8. ලංකාව දියුණු වෙන්න මේ වගේ දේවල් තියෙන්න ඕන. නැත්නම් හැමදාම ගල් යුගයේ තමයි ඉන්න වෙන්නේ.

    ReplyDelete
  9. විශේෂයෙන් පොලිස් වාර්තා දෙන්න ඔ්නේ පාර්ලිමෙන්තු යන දේශපාලුතුමන්ලාගෙන් හා පොලිසියේ පොලිස් මහත්තුරුගෙන් තමයි. මුන් දෙගොල්ලෝම දැන් වැඩිහරියක් ඉන්නේ කූඩුවේ.

    ReplyDelete
  10. මේ රටේත් තියෙනවා සිස්ටම් එකක් Criminal Records Bureau (CRB) checksකියලා. දැන් ඒකට කියන්නේ Disclosure and Barring Service (DBS) checks. කියලා. මේක බොහොමයක් රැකියා( විශේෂයෙන් සෞඛ්‍යය සේවා, ළමා ආශ්‍රීත රැකියා වැනි ) සඳහා ඉල්ලුම් කිරීමේදි වැදගත් වෙනවා. දරුවෙක් හදාවඩා ගැනීමට ලබාගැනීම වගේ දේවල්වලදිත් අවශ්‍යයයි. මෙහි වැදගත්කම වන්නේ රැකියාලාභියාට මේ සඳහා ඉල්ලුම් කිරීමට අයිතියක් නොමැතිවීමයි. ඒ ඉල්ලුම්කල හැකිවන්නේ රැකියාව ප්‍රදානය කරන ආයතනයට්යි. ඒ සිදුවන්නේ එක් ආයතනයකින් වීම විශේෂිතයි. ප්‍රදේශයේ පොලිසියෙන් ලබාගන්නට බැහැ. තාක්ශනයේ දියුනුවත් සමගම යාවත්කාලීන විය යුතු දෙයක්. අපේ රටේ එහෙම දත්ත එක් රැස් කිරීමක් වෙනවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය සිස්ටම් දියුනුයි අරුණ

      Delete
  11. මාතලන්තුමාගේ නැවත පැමිණීම සාදරයෙන් පිළිගනිමු!!!!
    පොලිසිය සුද්ද කරන්න ඉස්සෙල්ල දූෂිත දේශපාලකයො අයින් කරන්න ඕනෙ. ඒත් දූෂිත දේශපාලකයන් දිනවන්නෙ මෝඩ ඡන්දදායකයො.. උන් කවද යථාර්තය තේරුම් ගනීද ? ගොන් හැත්ත

    ReplyDelete
    Replies
    1. උන් කවද යථාර්තය තේරුම් ගනීද ? Never

      Delete
  12. ලංකාවේ පොලිසිය කියන්නේම දුෂණයක්.මුලින්ම පොලිසියට සහතිකයක් දෙන්න ඕන මේ දේවල් ලංකාවේ නීතිගත කරන්න කලින්.

    ReplyDelete
  13. තමං ජීවත්වන ප්‍රදේශයේ පොලීසියට නොව සෙන්ට්‍රලයිස් සිස්ටම් එකක් හරහා ඔය වැඩේ කරනවනං හොර වැඩ පොඩ්ඩක් හරි අඩුකරගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  14. ලංකාවෙ නම් පාර්ලිමේන්තුව වගේ තැන්වලට පත්වෙන්න අපරාධ කර තිබීම අමතර සුදුසු කමක් වෙනවා.

    දැන් දැන් අපි ආදර්ශෙට ගන්න එක්සත් ජනපදයෙ පොලෝසි ගැනත් අහන්න තියෙන්නෙ පොලිස් භීෂණය ගැන විතරයි. සමහර වෙලාවට ඒක ලංකාවත් පහුකරන් හුඟක් දුර ගිය එකක්.

    ReplyDelete
    Replies
    1. එක්සත් ජනපදයෙ පොලෝසි ගැනත් අහන්න තියෙන්නෙ පොලිස් භීෂණය ගැන විතරයි ++++++++++

      Delete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. අපිට ඕනා වෙනවා පොලිස් රිපොර්ට්.... මම මේ ලඟදි ගියා පොලීසියට ඔය රිපෝර්ට් එක ගන්න.. කාලාවරෙන්කො ගම, අදාල පූජක තැනගෙන් සහතිකයක් අරගෙන එන්න කියලා තියනවා පොලිස් රිපොර්ට් එක දෙන්න.. පල්ලි යන්නේත් නෑ, පන්සල් යන්නෙත් නෑ, උන් මාව දන්නෙත් නෑ.. ජොබ් එකට කෙලවෙන පොටක් වගේ....

    ReplyDelete
    Replies
    1. අදාල පූජක තැනගෙන් සහතිකයක් අරගෙන එන්න ???? OIC මැට්්ටකි

      Delete
  17. ලන්කාවෙ පොලිස් රෙපොර්ට් ගන්න තියෙන අමාරුව දන්න අය ජීවිතේට වෑරදි කරන්නෙ නෑ

    ReplyDelete
  18. FYI. Most of the companies in SL now do Criminal Background, Educational Qualification and Address Verification via 3rd parties. Additionally we do drug tests by getting urine samples from time to time.

    ReplyDelete
  19. ලංකාවේ හැම රස්සාවකටම පොලිස් වාර්තා ඕනෑ. හැබැයි ඔය වගේ ඩේටා බේස් එකක් පොලිසියට නෑ. ඒ නිසා වැරැද්දක් කරලා අවුරුදු දෙක තුනක් ගිහිං හොඳ පොලිස් වාර්තාවක් ගන්න පුලුවන්. අවුරුදු ගානක් පරණ පැමිණිළි පොත් කියවන්නෙ මොකාද?

    ReplyDelete
    Replies
    1. ඩේටා බේස් එකක් පොලිසියට නෑ.//// Mala Juwa

      Delete
  20. අපරාධ චෝදනා තියෙන අය විනිසුරුවන්‍, වෛද්‍යවරුන්, දේශපාලන නායකයන්, වෘත්තිකයන් විදියට ඉන්න රටක් මේක....

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook