Sunday, September 11, 2016

වල් පාඩම

 
සනි මෙඩෝ මිඩ්ල් ස්කූල් හෙවත් සනි මෙඩෝ  මැදි  විදුහලේ අටේ පන්තියට ගිය අපේ කොළුවා පාසල් වාරය පටන් ගත් මුල් දිනයේදී  ගෙදර ආවේ අද ඉස්කෝලේ වල් පාඩමක් කරා කියමිනි. මෙම පාඩම ගැන මම තොරතුරු ඇසූ අතර මට තේරුම් ගියේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව ළමුන්ට පාඩමක් කර තිබූ බවයි. මෙම පාඩමේදී මානව ලිංගික ක්‍රියාවලිය මෙන්ම කොන්ට්‍රාසෙප්ටිව් හෙවත් ගැබ් ගැනීම වලක්වන ක්‍රමද කියා දී තිබේ.  තවද උපත් පාළනයේදී යොදා ගන්නා කොපු , ලූප් ආදියද පෙන්වා තිබේ. 

කොළුවා හත වසර දක්වා කොලඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබුනද රාජකීය විද්‍යාලයේදී ඔහුට කිසිදු ලිංගික අධ්‍යාපනයක් ලැබී නැත . එම නිසා කොන්ඩොම් සහ ගිලින පෙති පෙන්වමින් කරන ලද මෙම පාඩම ඔහුට තිගැස්මක් ගෙන එන ලදි.  

1973 සිට 1985 දක්වා මම වසර 12 ක්   නාලන්දා මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුව නමුදු අපට ලිංගික අධ්‍යාපනයක් ලැබුනේ නැත​. ඉඳහිට අපේ සෞඛ්‍යය ගුරුවරිය වූ කුසුමලතා ටීච ඇඹරි ඇඹරී ප්‍රජනනය යන වචනය කී අතර අප කුණුහරපයක් අසන්නාක් මෙන් එයට කන් යොමා සිටියෙමු. 

ඇත්තෙන්ම අපගේ පරම්පරාවේ ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලැබුනේ සමවයස් පාසල් මිතුරන් ගෙනි එය අන්ධයා අන්ධයාට කණවැල ඇල්ලීමක් විය​. 

අට වසරේදී තුසිත කළටුවාව කී පරිදි ස්වයං වින්දනයේ යෙදීමෙන් දණහිස් දියවී යයි. සකලසූරිය කීවේ පුරුෂ ධාතු බිඳුවක් සෑදීමට ලේ බිංදු දාහක් අවශ්‍ය වන බවයි. ලාල් රූපතුංග කීවේ ස්වයං වින්දනය නිසා අංශභාගය සෑදෙන බවය​. රුෂාන්ත කීවේ ඔහු ධාතු පිට නොකර හස්ත ක්‍රමයේ යෙදෙන බවයි. කපිළ මුණසිංහ කියූ පරිදි සංසර්ග ක්‍රියාවලිය ගැහැනියටද පුරුෂයාටද ඉතා වේදනාකාරීය​. සංසර්ග ක්‍රියාවලියේදී දෙපාර්ශවයේම ලිංගික අවයව තුවාලවී ලේ ගලා යයි. 

මෙලෙස මිතුරන් විසින් අපට සදොස් ලිංගික අධ්‍යාපනය දුන් අතර වරින් වර කොල්ලන් පන්තියට ගෙන ආ කාම පොත් , නවසරණ , ආදිය මගින් ද අප ලිංගික අධ්‍යාපනය අප් ඩේට් කර ගත්තෙමු. එහෙත් පාසලෙන් පිටවන විට වූවද අපට නිවැරදි ලිංගික දැණුමක් නොවීය​. 

වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විට කසාද බැඳි මිනිසුන් සහ ගැහැණුන් තුල තිබූ ඌණ ලිංගික දැණුම මගේ අවධානයට ලක් විය​. මේ නිසා බොහෝ පවුල් ආරවුල් හට ගෙන තිබුණි. 

උතුරු කොලඹ මහ රෝහලේ සේවය කල කාලයේදී වෛද්‍ය සිසු සිසුවියන් සමග ප්‍රජනන අධ්‍යාපනය පිලිබඳ කල සංවාද වලදී ඔවුන් බොහෝ දෙනෙකු ගැබ්ගැනීම වළක්වන උපක්‍රම ගැන හරි හැටි දැන සිටියේ නැති බව මට තේරුම් යන ලදි. සමහර සිසුන් විශ්වාස කල පරිදි සංසර්ගයේදී ධාතු යෝනියෙන් පිටතට බැහැර කොට යළි සුරක්‍ෂිතව සංසර්ගයේ යෙදිය හැකිය​.  එසේම බොහෝ දෙනෙකු  සරු කාලය , ආර්තවය , ගැබ් ගත හැකි අවදානම් කාල පිළිබඳව හරි හැටි දැන නොසිටි බව මම ඔවුන්ට යොමු කල ප්‍රශ්න වලින්  වලින් තේරුම් ගත්තෙමි. 

ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව වෛද්‍ය සිසුන් ගේ දැණුම මෙසේ නම් ඈත ගම් දනව් වල තරුණ තරුණියන් ගේ ලිංගික දැණුම ගැන කතා කොට පලක් නැත​. මෙම ප්‍රදේශ වල ළමා ගැබ් ගැනීම් , සමාජ රෝග  ව්‍යාප්තිය , ගබ්සා කර ගැනීම් ඉහල ගොස් තිබේ. මෙයට ප්‍රධාන හේතුව නම් නව යොවුන් වියේ ළමුන්ට ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව දැණුමක් නොවීමයි. 

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලදී ප්‍රජනන සෞඛ්‍යය අධ්‍යාපනය නිවැරදිව සිදු වන්නේ නැත​. එවැනි විෂයක් නව යොවුන් වියේ දරුවන්ට ඉගැන්වීමට දැණුමක් මෙන්ම ඒ සඳහා කුසලතා පූර්ණ පෞරුෂයක් ඇති ගුරුවර ගුරුවරියන් හිඟය​. බොහෝ ගුරුවර ගුරුවරියන් ලිංගික අධ්‍යාපන පාඩම ළමුන්ටම කියවා ගන්නට කියති , නැතහොත් උඩින් පල්ලෙන් පන්තිය ඉදිරියේ ඇඹරි ඇඹරී කරති. මේ නිසා නව යොවුන් වියේ ගැබ් ගැනීම් , පූතික ගබ්සා අපගේ සමාජයේ බොහෝ සිදුවන අතර ඒවා සුදු පිරුවට මගින් වසා දැමීම විනා නිසි ප්‍රතිකර්ම කිරීමක් නම් සිදු නොකරති

37 comments:

  1. මගෙ යාලුවෙක් ඇ? පාඩ්ම කරන කාලෙ නිදිමත හැදෙනවට කරනව කිව්වෙ හස්ත ක්‍රියාව කර ධාතු පිටවෙන්න ඔන්න මෙන්න වෙනකොට නතර කරනවලු. එලිවෙනකල් නිදිමත එන්නෙ නෑලු.
    ඌ මලේ නෑ.
    Copy






















































































































































































































    මගෙ යාලුවෙක් ඇ? පාඩ්ම කරන කාලෙ නිදිමත හැදෙනවට කරනව කිව්වෙ හස්ත ක්‍රියාව කර ධාතු පිටවෙන්න ඔන්න මෙන්න වෙනකොට නතර කරනවලු. එලිවෙනකල් නිදිමත එන්නෙ නෑලු.
    ඌ මලේ නෑ.
    Copy




















































































































































































































    මගෙ යාලුවෙක් A/L පාඩ්ම කරන කාලෙ නිදිමත හැදෙනවට කරනව කිව්වෙ හස්ත ක්‍රියාව කරල ධාතු පිටවෙන්න ඔන්න මෙන්න වෙනකොට නතර කරනවලු. එලිවෙනකල් නිදිමත එන්නෙ නෑලු.
    ඌ මලේ නෑ.


    ReplyDelete
    Replies
    1. එකදිගට තුං පාරක් කලාම මලේ නැතත් මලා වගේ වෙන්න ඇති.

      Delete
    2. මේකා වැඩ කරන්නේ මවුස් විකුණන කොම්පැනියක වෙන්නැති

      Delete
  2. ඉස්කෝලෙට වඩා දහම් පාසලෙං ඉගෙනගත්තා ඔය දේවල්. ඉස්කෝලෙට වැස්සකටවත් ගියෙ නැති සෙට් එකක්ම දහම් පාසල් ආවනෙ.

    ReplyDelete
    Replies
    1. අපි නම් දහම් පාසලෙන් ඉගන ගත්තෙ ධර්ම

      Delete
  3. ඉස්කෝල ටීචර්ලා ලව්ව ඔය පාඩම උගන්නන එක අසාර්ථක වැඩක්, වයිෆ් වැඩ කරන ස්කොලේ මම අදහසක් දාලා ඒක MOH ලව්ව කෙරෙව්වා සෙමිනා එකක් විදිහට.

    ReplyDelete
    Replies
    1. එ්ක නම් නියම ක්‍රියාවක්

      Delete
  4. දැන් බ්ලොග් ලියන වෛද්‍යවරු/වරියන් කීප දෙනෙක්ම ඉන්න නිසා ඔබලාට පුලුවන්ද මේ ගැන ලියන්න ?

    මෑතකදී හමුවුණා එක්සත් ජනපදයේ STD clinic එකක සේවය කරලා විශ්‍රමගිය වෛද්‍යවරයෙක්. ඔහුගේ අදහස වුනේ ගැන ලෝකයේ STD ගොඩක් දුර්මත තිබෙන බව. ඔහු කිව්වේ සායන වලදී දැනගන්න ප්‍රායෝගික තත්වය STD biology වලින් කියවෙන තත්ත්ව වලට වැඩිය තරමක් වෙනස් බව. ඒ වගේම ඔහු කිවුවා, ජනගහනයෙන් බාගයකට පමණ HSV-1 අසාදනය වී ඇති බව. ලිංගික නොවෙන සිපගැනීම් බොහෝවිට සිදු නොවෙන අප වැනි රටවල් ඊට වෙනස් විය හැකි බව මම ඔහුට කිව්වා. ඔහුගේ පිළිතුර වුනේ ඒ ගැන අවශ්‍ය තරම් පර්යේෂණ සිදුවී නැති බව. පර්යේෂණ කෙසේ වුනත් මේ ගැන අවශ්‍ය තරමට අපි කතාකරලා වත් තිබෙනවද ?


    මේවා ගැන සාකච්චා කෙරෙන්නේ නැතිය කියන එකෙන් නවතින්නේ නැතිව, එතනින් පියවරක් ඉදිරියට තබල මේ ගැන සාකච්චා කරන්න ඔබතුමාලා පටන් ගන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි. සංවාද කරන්න ප්‍රශ්න අහන්න කරුණු මතු කරන්න අපිත් එන්නම්. එතකොට මේ කරුණු නිවැරදිව ටික දෙනක් අතරටවත් යාවි නේ.

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර්, 6-10 වසර වල ලමයින්ට ගැලපෙන පොස්ට් එකක් ලියන්න. ඇනිමේශන් හා පින්තූර දාල. නිවැරදි තොරතුරු සමග. අවශ්‍ය අය ලමයින්ට පෙන්වාවි.

      Delete
  5. ක‍තෝලික පල්ලියෙන් විවාහ වෙන්න ඉන්න අයට ඒ පිළිබඳ වැඩසටහනක් කරණවා... ඒකෙදි ඔය පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීමක් කරණවා.. අනිත් අයටත් ඒ වගේ වැඩසටහන් රජයෙන්ම් මැදිහත් වෙලා හරි කෙරුවනම් ප්‍රයෝජනවත් වේවි..

    ReplyDelete
    Replies
    1. එතනදි උපත් පාලනය බැහැර කරනේද , ස්වාභාවික ක්‍රමය කියා දෙනවා මිස වෙනත් උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන්නේ නැ නේද ,

      Delete
    2. එතනදි උපත් පාලනය බැහැර කරනේද , ස්වාභාවික ක්‍රමය කියා දෙනවා මිස වෙනත් උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන්නේ නැ නේද ,

      Delete
    3. ඔය කිව්වම තමා ඉතින් මට මතක් වුනේ. එහෙම තමා... අරක පවක් හැටියට තමා කියලා දෙන්නේ...

      Delete
    4. සෙන්නා, ඕකට කියන්නේ Tunnel Vision. හොයන්නේ බලන්නේ නැතුව සුදු හුණු ගාන්න යන එක තමයි මුලික රෝග ලක්ෂණය.

      Delete
    5. පූර්ණ වැඩසටහනක් අවශ්‍යයි

      Delete
  6. http://wkwijeratna.blogspot.com/2016/09/blog-post_11.html
    මමත් ඔය ගැන ලිව්වා විතරයි...ඔයා මගේ හිත කියෙව්වද යාළු

    ReplyDelete
  7. මාතෘකාව දැකල පිඹගෙන ආවා. කියෙව්වා :)

    ReplyDelete
  8. ස්වයං වින්දනය ගැන මේ ආකාරයේ සංවාද අප කුඩා කාලයේද පැවතුනි. අපේ පන්තියේ සිටි වට්ටක්කයා කීවේ ස්වයං වින්දනයේ යෙදීමෙන් කෙට්ටුවන බවයි. බිත්තරයා දිනක් ස්වයං වින්දනයේ දෛනවිට අල්ලේ මයිලල් එන බව පැවසීම නිසා මම වහාම අල්ල බැලීමෙන් නෝන්ඩි උනෙමි. පොඩි ගෙම්බා කීවේ දනිස් පොල්කටු දියවෙන කථාවය. අපට විද්‍යාව ඉගැන්වූ අමරා මිස් ප්‍රජනනය පාඩම කලේ විද්‍යාගාරයේ දොරද වසාගෙනය. එය අන් අයට ඇසීමත් ඒ කාලයේ වැරදි දෙයක් විය. ඒ නිසා අපටද සිදුවූයේ අර සරණ මේ සරණ කියවා දැනීම කෙසේ වෙතත් කුනු රස විඳීමටය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මුල් කාලයේ මේ සම්බන්ධයෙන් පැය කිහිපයක දේශනයක් පවත්වා අපව දැනුවත් කලද එය අසා සිටිනාවිට මටද නින්ද ගොස් තිබුණි. අපේ සම වයසේ කොල්ලන් සිය පෙම්වතියන් සමග බාහිර ලිංගික ඇසුරට ගොස් නොදැනුවත්කම නිසාම අමාරුවේ වැටී තිබුණි. සමහරුන් මේ නිසාම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ආයුබෝවන් කී අතර තවත් සමහරුන්ට හදිසියේ විවාහවීමට සිදුවීම නිසා උපාධිය ලබාගැනීම වසර කිහිපයක් ප්‍රමාද විය. මේ නිසා සෙක්ස් යනු රොකට් සයන්ස් නොව තවත් එක් බයොලොජිකල් ක්‍රියාවලියක් බව දැන්වත් තරුණ පරම්පරාවට අවබෝධකරදීම වැදගත්ය.

    ReplyDelete
    Replies
    1. සෙක්ස් යනු රොකට් සයන්ස් නොව තවත් එක් බයොලොජිකල් ක්‍රියාවලියක් බව දැන්වත් තරුණ පරම්පරාවට අවබෝධකරදීම වැදගත්ය///////////// ++++++++++++++++++ Salute

      Delete
  9. ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට එක කරන්න මේ තරම් අමාරු අපේ තියෙන සංස්කෘතික බැදීම් නිසාද ? විධිමත් ලිංගික අධ්‍යාපනයක් පාසල් වියේදීම දරුවන්ට ලබා දෙන්න අධ්‍යාපන හා සෞඛ්‍ය අමත්‍යංශ එකතුව කටයුතු කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. පරණ සංස්කෘතිය අනුව නම් අපේ බුවාලා එකගෙයි පවා කෑවා

      Delete
  10. මා හිතනවා විශ්වවිද්‍යාල මට්ටමේදීවත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සුදුසුයි කියා. සමහර විවාහකයන් අතර පවා ලිංගික චර්යාවන් පිළිබඳ බරපතළ වැරදි අවබෝධ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි වැදගත් විචාරකතුමා. වෙන මොකුත් ඕන නෑ මම දන්න විවාහක තරුණ කථිකාචාර්ය මහත්මියක් හිටියා. එතුමිය හිතාගෙන හිටියේ ලිංගිකව එක්වෙනකොට කාන්තාවක් සුරතාන්තයට පත්වුනේ නැත්නම් ගැබ් ගැනීමක් වෙන්නේ නෑ කියලා.

      Delete
  11. \\\\\Anonymous ///// abusing our blog. Anonymous කෙනෙක් ලෙස කමෙන්ට්ස් පල කිරීම අවහිර කරන්න.

    ReplyDelete
  12. මම 6 වසරේ ඉන්නකොට මගේ හොඳම යහළුවා උනේ විමුක්ති. විමුක්ති කියනවා ස්ත්‍රී දුෂණයක් කරාම එම කාන්තාවට ළමයි හම්බ වෙන්නේ නැතුව යනවලු. එකලු ස්ත්‍රී දුෂකයින්ව පොලිසියෙන් අල්ලලා හිරේ යවන්නේ.

    ReplyDelete
  13. නමවෙනි ශ්‍රේනියේ විද්‍යාව පොතේ දහනමවෙනි පරිච්ඡේදය (ද කොහෙද) වෙන් වෙලා තිබුණේ ප්‍රජනන ක්‍රියාවලිය ගැනයි. මී ජෝඩුවක ගේ ප්‍රනනය පද්ධතිය වගේම මිනිස්-ගැහැණු යුවලක ගේ රූප සටහන් ද එහි තිබුණා විස්තර සහිතව.

    ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ අපේ විද්‍යා ගුරුවරයා වුණු අබේසුන්දර කෙලින්ම කීවා තමන් දහ නමවෙනි පරිච්ඡේදය උගන්වන්නේ නැති බව. ඒ නිසා මම ඒ පාඩම හොඳින් කියවා බැලුවා.

    එහි තිබුණු එක වාක්‍ය කණ්ඩයක් තාම මට මතකයි.

    "...මනාව සෘජු වුණු ශිෂ්ණය යෝනිය තුළට ඇතුළත් කළ යුතුය......."

    විද්‍යා ගුරුවරයා එසේ මග හැරිය ද, අපේ නමවෙනි ශ්‍රේනියේ සෞඛ්‍ය ගුරුවරයා (රණසිංහ) නම් අපට අදාල සෞඛ්‍ය කරුණු කියා දුන්නා. ගොනෝරියා, සිපිලිස් වැනි සමාජ රෝග ගැන (ඒ දිනවල ඒඩ්ස්/එච්අයිවී කියා දෙයක් තිබුණේ නැත!), ප්‍රජනන ක්‍රියාවලිය ගැන, ඩිමබ ශුක්‍රානු ගැන, කොන්ඩම් (ප්‍රීති) ගැන,....

    විශ්ව විද්‍යාලයේත් මුල් සතියේම, මේ කරුණු ගැන හෙල්ත් සෙන්ටරයේ දොස්තර උඩවෙල හිල්ඩා එකට අප කැඳවා දේශනයක් කළා මතකයි.

    නමුත්, සමහර විශ්ව විද්‍යාල සිසුන් කාන්තාවක ගේ ශරීර ලක්‍ෂණ ගැනවත් නිවැරදිව දැන සිටියේ නෑ. එහි තේරුම උන් නමවෙනි ශ්‍රේනියේ විද්‍යාව පොතේ දහනමවෙනි පරිච්ඡේදය කියවා නැති බවයි...!!!

    ReplyDelete
    Replies
    1. , සමහර විශ්ව විද්‍යාල සිසුන් කාන්තාවක ගේ ශරීර ලක්‍ෂණ ගැනවත් නිවැරදිව දැන සිටියේ නෑ.//////// එක සැරයක් ඉන්ටර්න් කෙනෙක් ගෑණු කෙනෙක්ව කැතීටරයිස් කරන්න ගොස් මුත්‍රා මාර්ගය සොයා ගැනීමට බැරුව මිඩ් වයිෆ් කෙනෙක් ගෙන් එහි විවරය සොයා දෙන්න කියා කිවා

      Delete
  14. ඩොක්ටර්, 6-10 වසර වල ලමයින්ට ගැලපෙන පොස්ට් එකක් ලියන්න. ඇනිමේශන් හා පින්තූර දාල. නිවැරදි තොරතුරු සමග. අවශ්‍ය අය ලමයින්ට පෙන්වාවි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook