Wednesday, September 14, 2016

බොන පාටි

 




දොස්තරලාද කන බොන උදවිය වෙති. එහෙත් සමහර දොස්තරලා මත් පැන් කටේවත් නොතබති. මගේ ගරුත්වය ඔවුනට හිමි වේ. 

දොස්තරලාගේ මත් පැන් භාවිතය ගැන කතා කිරීමේදී ප්‍රවේසම් විය යුතුය​. මන්ද යත් එමගින් කන බොන දොස්තරලා මා සමග අමනාප විය හැකි නිසාය​.

දොස්තරලා බොහොමයක් වෛද්‍ය සිසුන් කාලයේ ඩ්‍රින්ක් දමන බව නොරහසකි. මමද වෛද්‍ය සිසුවෙකු කාලයේ මිතුරන් සමග මත්පැන් සාද වලට සහභාගී වූ බව කියන්නේ අවංකවමය​. එහෙත් මැල් මැදුරේ වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු  සහ  ඇඩික් එකේ පුබුදු සුමනසේකර ප්‍රමුඛ නිලධාරීන් සහ මහාචාර්‍ය දියනාත් සමරසිංහ සමග පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේ මම මත්පැන් බිඳක් වත් තොල නොගෑවේ දෙබිඩ්ඩෙකු නොවීම සඳහාය​. 

මම දැන් ජීවත් වන්නේ උතුරු ඇමරිකාවේය​. එම නිසා විශේෂ උත්සව අවස්ථා වල වයින් බිඳක් හෝ බියර් එකක් ගන්නෙමි. එම නිසා මගේ ශීලය බාගෙට කැඩී තිබේ. එහෙත් මම දැන් විස්කි ,වොඩ්කා මෙන්ම අරක්කු අප්‍රිය කරමි. එයට එක් හේතුවක් ලෙස වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සහ මහාචාර්‍ය දියනාත් සමරසිංහ ගේ ආභාෂය නිසා විය හැකිය​. 

1986 වසරේදී අප වෛද්‍ය සිසුන් කාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් අපට රාත්‍රී භෝජනයකට ආරාධනා කොට  පළතුරු යුෂ වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නෝය​. මේ  වෙල්කම් ඩ්‍රින්ක් එකට ඔවුන් රහසින් කොන්‍ යැක් මිශ්‍ර කොට තිබූ අතර නවකයන් බොහෝ දෙනෙකුගේ ශීලය ඉන් බිඳී යන ලදි.  එම පානයෙන් පසු මා අසල සිටි වෝල්ටර් කිරුබාරත්නම් තමගේ කන් ඇසීම අඩුවී තිබෙන බව කීවේය​. වර්තමානයේ වෝල්ටර් කිරුබාරත්නම් ජීවත් වන්නේ ජර්මනියේය​. 

ඉන් පසුව පැවති පාටියකදී එක් ජ්‍යෙෂ්ඨ සිසුවෙක් කොලඹ ප්‍රදේශයේ සිට පැමිණි වෙස්ලි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මුස්ලිම් සිසුවෙකුට වොඩ්කා පෙව්වේය​. කිසිදා මත්පැන් රස නොලැබූ මෙම මුස්ලිම් සිසුවා බීමතින් විකාර වැඩ කලේය​. එසේම ඔහු අල්ලා .. අල්ලා .. කිය කියා ඩාන්ස් දැමූ අතර ඔහුට පෙවූ ජ්‍යෙෂ්ඨයා මේ විකාර දෙස සිනහසෙමින් බලා සිටියේය​. 

එය නරුම ක්‍රියාවක් බව මම එදා මෙන්ම අද දිනයේද සිතමි. ඔහු වරක් මටද බලෙන් මෙන් සිගරෙට්ටුවක් අතට දුන්නේ මාවද  දුම් පානයට පොළඹවා ගැනීමේ චේතනාවෙන්  විය හැකිය​. එහෙත් බිග් මැච් වල ගංජා ගහන කොල්ලන් සමග සිටියද ගංජා සිගරට් නොබී සිටීමේ ආත්ම ශක්තිය තිබූ මාව පොළඹවා ගනු ඔහුට නොහැකි විය​. 

සමාජවාදය වෙනුවෙන් බොහෝ පොර ටෝක් අපට දුන් මෙම ජ්‍යෙෂ්ඨයා පසුකාලයක් යූක්‍රයීන ගැමි ලියක් කසාද බැඳගෙන පසුව ඇයවත් තමන්ට දාව ඇයට උපන් දරුවාත් යූක්‍රයීනයේ අතරමං කොට ලංකාවේදී වෙනත් කාන්තාවක් කසාද බැන්දේය​. මේ වන විට ඔහු පුනරුත්තාපනයව යහපත් මිනිසෙකු වී ඇති බවට මම සිතමි. මගේ අනුමානය වැරදි නොවේවා  කියා පතමි. 

විනිට්සා වෛද්‍ය පීඨයේදී වෛද්‍ය සිසුන් ලෙස අප පාටි වලදී වොඩ්කා පානය කලෙමු. එහෙත් ප්‍රමාණය ඉක්මවා නොයන්නට අප වග බලා ගත්තෙමු. එහෙත් ඉඳහිට සමහරු බීගෙන විකාර කලහ​.

එක් සිසුවෙක් වෙරි වූ විට නේවාසිකාගාරයේ නව වන මහලේ බැල්කනියට ගොස් විනිට්සා නගරයේ ඈත දිලෙන විදුළි එළි අතින් පෙන්වා " අන්න අන්න මාලිගාවේ ලයිට් පේනවා කියමින් බැල්කනියෙන් එලියට කකුලක් දමයි. ඔහුගේ ගම  මහනුවරය​.  ඔහුට විනිට්සා නගරයේ රාත්‍රී එළිය දළදා මාලිගාවේ එළි ලෙස පෙනුනේද කියා මම නොදනිමි. මේ උද්වේගය බලා සිටින ඔහුගේ මිතුරන් ඔහුව කුදලාගෙන කාමරයට ගෙන ගොස් නිදිකරවති. 

තවත් සිසුවෙක් බී ගත් විට ගෝරියට බරය​. එම නිසා ගෝරි බෝරි එන විට ඔහුට දෙක තුනක් නෙලා සාදයෙන් එලියට ගෙන යනු ලබයි. එවිට සියල්ල සන්සුන් වේ. 

තවත් සිසුවෙක් හතර ගාතයෙන් යනතෙක් බීමත්වූ අතර අප ඔහුව නාන කාමරයට ගෙන ගොස් නෑවුවෙමු. එය ශීත සමය විය.  එලියේ උෂ්ණත්වය සෘණ 18 කි. එම නිසා ඔහුව ප්‍රවේසමෙන් නාවා පොරෝණයකින් ඔතා නිදි කෙරුවෙමු. රාත්‍රියේ ඔහු හෝටල් කීපයක් ඇරියෙන් ඒවා සුද්ද කිරීමට මට සිදු විය​. 

වරක් කීව් නගරයේදී සිසිර මට ඔහුගේ නවාතැනට එන ලෙසට ආරාධනා කලේය​. ඔහු බිත්තර බැද රස ඔම්ලට් එකක් තනා වොඩ්කා බෝතයක් ද ඇර මට කෑමට කතා කලේය​. වොඩ්කා බිබී ඔම්ලට් කමින් සිටි ඔහු හිටි හැටියේ ෆ්‍රයිං පෑන් එකට කබරයෙක් ඇද්දේය​. ඉන් අපගේ රාත්‍රී ආහාර භෝජනය අවසන් විය​. අප දෙදෙනා නින්දට ගියෙමු 

කීව් නගරයේදී බන්දුල පට්ටියගේ ගේ කාමරයේ මම වරක් රාත්‍රිය ගත කලෙමි. ඔහුගේ කාමරයේ අනෙක් ගජයා නයිජීරියානු සිසුවෙකි. මධ්‍යම රාත්‍රියේදී මේ අප්‍රිකානු සිසුවාගේ මිතුරන් දෙදෙනෙක් බීමතින් ආ අතර එක් අයෙකු මේ නයිජීරියානු සිසුවා සමග ඇඳ බෙදාගත් අතර තෙවැන්නා ඔවුන් දෙදෙනාගේ ඇඟවල් මත නැග නිදාගත්තේය​. මෙය දුටු මටත් බන්දුලටත් සිනහවේ නිමක් නොවීය​.  එය මා දුටු ප්‍රථම සහ අවසාන ට්‍රිබල් ගැසීම විය​. 

ඉන්ටන්වරයෙකු ලෙස මාතලේ රෝහලේදී අප සාද කීපයක් පැවැත්වූයෙමු. වරක් මෙවැනි සාදයකදී ඉන්ටන්වරු කීප දෙනෙකු කට් වී මේස වලට තඩිබාමින් මහ හඞින් ගීත ගායනය ඇරඹූහ​. යාබද ගොඩනැගිල්ල නාරි හා ප්‍රසව වාට්ටුවයි. මේ වාට්ටුවේ රෝගීන් බලමින් සිටි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න මහතා මේ තොවිලය කුමක්ද කියා සෙවීමට ඉන්ටර්න් නිල නිවාසයට ආවෙන්  ඉන්ටන්වරු වහා දිව ගොස් සැඟවුනහ​. 

මම කොලොන්ගොඩ රෝහලේ සේවය කරන විට මිනිපේ දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් ගේ සංගමයක් තිබුනේය​. මෙම සංගමය සෝබා කියා හඳුන්වන ලදි මෙම සෝබා සංගමය සංවිධානය කලේ හසලක තැපැල් ස්ථානාධිපති නන්දේ අයියාය​. වරක් මමත් සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතාත් සෝබා සැඳෑවකට ගොස් යලි හසලක සිට කොලොන්ගොඩට එමින් සිටියෙමු. මාර්ගය පටුය​. එක් පසක වැවය අනෙක් පස කුඹුරු යායය​. වාහනය එලෙව්වේ මාය​. 

"ඩොක්ටර් බලාගෙන පරෙස්සමින් එලවන්න එහාට උනොත් වැවේ, මෙහාට උනොත් වෙලේ " කියා ඔහු කීවේය​.  එහෙත් මම සුපරික්‍ෂාකාරීව ප්‍රේමේව රෝහල් නිල නිවාසයට ගෙනාවෙමි. 

මීගමුව රෝහලේ සාද බොහෝ සෙයින් තිබුනේය​. සමහර සාද සංවිධාන  කොට තිබුනේ ඖෂධ සමාගම් විසිනි. එම නිසා මේ සාද පැවැත්වූයේ  මීගමුව බ්‍රවුන්ස් බීච් වැනි හෝටල් වලය​. මේ පාටි වල විස්කි බ්‍රැන්ඩි යහමින් තිබුනේය​. 

සාද වලින් පසු ඖෂධ සමාගම් රෙප්ලා අප හමුවීමට එති.  ඔවුන් ගේ ඖෂධ වර්ග රෝගීන්ට නිර්දේශ කිරීම කරන ලෙස ඉල්ලති. එහෙත් මා ඇතුළු  වෛද්‍ය ලිලිත් ලියනගේ , වෛද්‍ය මාංජේෂ්ඨ පීරිස් රෝගින්ට ප්‍රෙස්ක්‍රිප්‍ෂන් ලියන විට වරහන් තුල එස් පී සී කියා සංස්ථා ඖෂධ නිර්දේශ කලෙමු. අප එයට කිව්වේ රෙපාලාගෙන් කා සංස්ථාවට ආවඩනවා කියාය​. එහෙත් මෙය අනෙකුත් වෛද්‍යවරු කලේද යන්න මම නොදනිමි. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ  මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී මම පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාගේ සහායෙන් දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන්ට මතින් තොර ගීත සාදය කියා සාදයක් පැවැත්වූයෙමු. මත්පැනින් තොරව ගීත ගයමින් අප මධ්‍යම රාත්‍රිය වන තෙක් විනෝද වූයෙමු. ඉන් අපට පෙනී ගියේ වෛද්‍යවරුන් ගේ සාද වලට මත් පැන් අත්‍යාවශ්‍ය සාධකයක් නොවන බවය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

54 comments:

  1. හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බිව්වට මොකවත් වෙන්නේ නෑ නේද සෑර්?

    ReplyDelete
  2. මගේ ගෙදර ජැක් ඩැනියෙල් බෝතලයක් සහ ඩබල් බ්ලැක් බෝතලයක් ඇත. මාසෙකට දෙපාරක් විතර පොඩි ජොලියක් ආවම ෂොට්ස් දෙකක් විතර අරගෙන නිදා ගන්නවා. අරක්කු නම් බොන්නේ නැහැ. බියර් බිමට ප්‍රියමනාපයක් නැත. උදේට කිවිසුම් යන බැවිනි.

    මගේ බිරිඳද වයිද්‍යවරියකි. ඇය මේ දිනවල සිටින්නේ එංගලන්තයේ ෆොරින් ට්‍රේනින් ගිහින්ය. එහිදී ඇය කිහිප වතාවක් සාද වලදී බ්‍රැන්ඩි බිවුව මා සමග කීවාය.

    ReplyDelete
    Replies
    1. මූ යමපල්ලෙක් නෙවෙයි, නයි පල්ලෙක්.

      Delete
    2. බියර් බිමට ප්‍රියමනාපයක් නැත. උදේට කිවිසුම් යන බැවිනි./// මෙය වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීම අපහසුයි

      Delete
    3. යමපල්ලා, ඔයා ස්ටන්ෆොර්ඩ් ඉන්න කාලේද විස්කි බොන්න පුරූදුවුනේ මෙයා?

      Delete
  3. මගෙ යාලුවො ගොඩක් බීලම මලා.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත වෙන්න පුළුවන්.

      Delete
    2. මගේ යාලුවෙක් හොර ඔටී දාල රස්සාවෙන් අස්කරපු එකට බීල මලා!

      Delete
  4. මමද මුලින්ම රැකියාව කලේ බේබදු විමානයකය. එතැන නොබිව්වේ මා පමණි. මටද බීම හුරු කරරවීමට බොහෝ දෙනෙක් එකල වෙහෙසුනි. නමුත් අද වනතෙක් මා මත්පැන් පානය කරන්නේ නැත. නොබිව්වා කියා මගේ විනෝදයටද කිසිදු බාධාවක් නැත.

    ReplyDelete
    Replies
    1. නොබිව්වා කියා මගේ විනෝදයටද කිසිදු බාධාවක් නැත.///////// ++++++++

      Delete
  5. //මීගමුව රෝහලේ සාද බොහෝ සෙයින් තිබුනේය​. සමහර සාද සංවිධාන කොට තිබුනේ ඖෂධ සමාගම් විසිනි. එම නිසා මේ සාද පැවැත්වූයේ මීගමුව බ්‍රවුන්ස් බීච් වැනි හෝටල් වලය​. මේ පාටි වල විස්කි බ්‍රැන්ඩි යහමින් තිබුනේය​. //
    රටේ වැඩ සිදුවන්නේ මේ ආකාරයටය. මේවාට අවසානයේ සියලු බිල්පත්ද, ජීවිතයෙන්ද වන්දි ගෙවිය යුතු වන්නේ අසරණ මිනිසුන්ය.

    ReplyDelete
  6. //සාද වලින් පසු ඖෂධ සමාගම් රෙප්ලා අප හමුවීමට එති. ඔවුන් ගේ ඖෂධ වර්ග රෝගීන්ට නිර්දේශ කිරීම කරන ලෙස ඉල්ලති. එහෙත් මා ඇතුළු වෛද්‍ය ලිලිත් ලියනගේ , වෛද්‍ය මාංජේෂ්ඨ පීරිස් රෝගින්ට ප්‍රෙස්ක්‍රිප්‍ෂන් ලියන විට වරහන් තුල එස් පී සී කියා සංස්ථා ඖෂධ නිර්දේශ කලෙමු.//
    වරක් මට ෆාමසියක හිමිකරුවෙක් කීවේ මහත්තයා සංස්ථාවේ බේත් ගන්න එපා. සමහර බේත් ඉන්දියාවෙන් ගෙන්වන්නේ. ඒවා තත්වයෙන් ඒ තරම් හොද නෑ. ගන්නවානම් රෙපියුටඩ් කම්පැනියක බේත් ගන්න කියාය. මෙහි සත්‍යතාවයක් තිබේද.

    ReplyDelete
    Replies
    1. සමහර බෙහෙත් සම්බන්ධයෙන් ඇත්ත විය හැකියි කියා හිතෙනවා. මොකද ඒවා වෛද්‍යවරු නොබොන නිසා.

      Delete
    2. වරක් මට ෆාමසියක හිමිකරුවෙක් කීවේ මහත්තයා සංස්ථාවේ බේත් ගන්න එපා. සමහර බේත් ඉන්දියාවෙන් ගෙන්වන්නේ. ඒවා තත්වයෙන් ඒ තරම් හොද නෑ. ගන්නවානම් රෙපියුටඩ් කම්පැනියක බේත් ගන්න කියාය. මෙහි සත්‍යතාවයක් තිබේද.//////////// ඒකේ ඇත්තකුත් තියනවා වරක් එක් වෛද්‍යවරයෙකු කියූ පරිදි ඉන්දියාවෙන් ගෙනා ඇමොක්සසිලින් පුරවා තිබුනේ පාන් පිටි වලිනි

      Delete
  7. බෙහෙත් සමාගම් වල පිහිටෙන් නොමිලේ හම්බෙන නිසාද කොහෙද ලංකාවේ වෛද්‍යවරුන්ගේ මත්පැන් පාවිච්චිය වැඩි බව වෛද්‍ය චන්න ජයසුමන ලියා තිබුනා. සාමාගම් වල බෙහෙත් ලියුවාම ලැබෙන ප්‍රතිලාභ ගැනත් එසේම තව ලිපියක් තිබුනා.

    වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු (මේ මම හිතන කෙනානම් ) ඔහුගේ activist වැඩ නිසා පලි ගැනීම වලට ලක් උනු බව අහන්න ලැබී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු ගේ activist වැඩ නිසා පලි ගැනීම වලට ලක් වූවා ; ඔහු හොඳ වෛද්‍යවරයෙක්

      Delete
  8. අපි දවසට බ්ලොග් පෝස්ට් 2-3 ක් දැම්මොත් මොනව වෙයිද? එකක් තමයි කියවන්නට එපා වෙලා යයි. අනික අපිට ජීවිතයේ කල යුතු අනික් දේවල් කිරීමට කාලයක් නැතිවෙන්න පුළුවන්. මේක විනෝද වීම් වලට, කෑමට, සහ අනික් ක්‍රියා වලටත් අදාලයි. තරුණ කාලයේ මුදල් අඩු නිසා ඉඳලා හිටලා බොනකොට කෑදර කමට බීම සිදුවූවත්, මැදවිය පහුකරන කොට අසීමිතව බොන්නේ සුළුදෙනෙක්. ඔවුන් ඇබ්බැහි වූවන්. එසේ නොමැතිව සාදයකදී ඩ්‍රින්ක්ස් 2 හෝ තුනක් වැඩිම වශයෙන් ගන්නා අය ලංකාවේ පමණක් නොව ලෝකයේ සැමතැනම ඉන්නවා යන්න මගේ මතයයි.

    සාදයකින් පසු වාහනය පැදවීමට ඇති නිසා එක ඩ්‍රින්ක් එකක් හෝ නොබී සිටින අයත් දැක තිබෙනවා. මගේ අදහස නම් සීමාව ඉක්මවා කිරීම යන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් නොකල යුතු දෙය මත්පැන් සම්බන්ධයෙනුත් අදාල බවත් මත්පැන් පානය පොදුවේ නරකයැයි පෙනෙන්නේ ඒ සම්බන්ධ අනිකුත් හේතු නිසා බවත්ය.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නම් සීමාව ඉක්මවා කිරීම යන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් නොකල යුතු දෙය මත්පැන් සම්බන්ධයෙනුත් අදාල බව///////////// +++++++++++++++++++++

      Delete
  9. නොබී ඉන්න පොරවල් ඉන්නවා තව නේ හැක

    ReplyDelete
    Replies
    1. අයිවන් තුමා ගේ මාමන්ඩියගේ රජය යටතේ හිටන් ඉන්න මහජනතාව නොබී කෙසේ වෙතත් "නොකා නොබී" ඉන්න බව නම් පැහැදිලිය!

      Delete
  10. //විශේෂ උත්සව අවස්ථා වල වයින් බිඳක් හෝ බියර් එකක් ගන්නෙමි. එම නිසා මගේ ශීලය බාගෙට කැඩී තිබේ//
    මාත් එහෙමයි ඉස්සර. බියර් බීල බාගෙට සිල් කඩ‍ාගත්ත. දැං නං නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් බ්‍රැන්ඩි බෝතලයක්ම බීලා සිල් කඩා ගන්නවද? :D

      Delete
    2. සීලයත් හරියට කන්‍යාභාවය වගේ නේද ?

      Delete
  11. අද කෑවෙ හාල්මැස්සො කිරට.

    ReplyDelete
    Replies
    1. අමු හාල්මැස්සොද....නැත්තං වේලපුවද? අමු හාල්මැස්සො නම් කිරටම තමා හොඳ...බතට තිබුනේ රතු කැකුළුද බං..

      Delete
    2. කීරි සම්බ මහත්තයො.සේරුවක් කෑවා ඕං.

      Delete
  12. හෙහ් හෙහ්, අම්බානක ගසන දොස්තර මහත්වරු අදත් ආශ්‍රය කරමි. ඊයේ පෙරේදා කර්නල් නිළයට උසස්වූ මගේ අසල්වැසි දොස්තර මහතකු දැමූ පාටියේදී, ඔහු කර්පට් වී ගියේය.

    වෛද්‍යවරු ද මිනිස්සුය. ඔවුන් නොබී සිටිය යුත්තේ, රෝගීන්ට ප්‍රතිකාර කරන අවස්ථා වලදී සහ පොරොත්තු සේවයේ යෙදීසිටිනවිට ය.

    ReplyDelete
    Replies
    1. //වෛද්‍යවරු ද මිනිස්සුය.//

      ඔවුන් තමන්ගේ දරුවන්ට හොඳ පාසැල් ඉල්ලා ස්ට්‍රයික් කරන්නේ මේ නිසාය.:P

      Delete
    2. හැක් හැක් හැක්. අම්මපා කෝ අර මඩු වලිගෙ?

      Delete
    3. අම්බානක ගසන දොස්තර මහත්වරු අදත් ආශ්‍රය කරමි //////////// නරක ආශ්‍රය

      Delete
  13. දැන් නම් බොන්නෑ කිව්වම බලෙන් පොවන්න දගලන එවුන් ඇත්තෙම නැති තරම්...බොන එවුන් නොබොන එවුන්ට අකමැති උන්ගේ බයිට් එක ඉවර කරලා දාන නිසා...

    ReplyDelete
    Replies
    1. බොන එවුන් නොබොන එවුන්ට අකමැති උන්ගේ බයිට් එක ඉවර කරලා දාන නිසා...///////// athha

      Delete
  14. මේක කියවූවිට මට මතක් වුනේ මගේ හිතවත් වෛද්‍ය වරයෙක් දිනක් කී කථාවක්.
    රාජකාරි ආයතනයේ පැවති උත්සවයක් අතර එදා මට යන්තම් උන ගතියක් තිබුනා. ඒත් මම චුට්ටක් විතර සප්පායම් වෙලයි හිටියේ. ගෙදර එන ගමන් මම අර වෛද්‍ය තුමාගේ ඩිස්පැන්සරියට ගියා උන ගතිය තියෙන නිසා.
    එතුමා මට කියනවා ඔයා වගේම මමත් ඉඳ හිටලා පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. හැබැයි බොන මිනිස්සු අතරින් අපි තමයි සමාජයට වැඩිම හානිය කරන්නේ.
    එතුමා කියනවා, අපි බොනවා මිනිස්සු දකිනවා, නම්බුකාර විදියට සමාජයේ තනතුරු දරන බව හා වැදගත් විදියට ජීවත් වෙන බවත් දකිනවා, දරුවෝ එක්ක ලස්සනට පවුල් ජීවිතත් ගෙවනවා ඉතින් මිනිස්සු හිතන්න පෙළඹෙනවා බොන එක නිසා මිනිස්සු නාස්ති වෙනවා ආර්ථිකය කඩා වැටෙනවා වගේ දේවල් බොරුයි කියලා.

    මම 100% එකඟ නැති වුනත් අවුරුදු 15කට පමණ පෙර කී මේ කථාව මට හැමදාටම මතක හිටියා

    ReplyDelete
    Replies
    1. බොන එක නිසා මිනිස්සු නාස්ති වෙනවා ආර්ථිකය කඩා වැටෙනවා ///////// මේක බොහෝ විට වෙන්නේ අධ්‍යාපනයෙන් අඩු ශ්‍රමිකයන් අතර ; ඔවුන් සීමාව ඉක්මවා බීලා රණ්ඩුවෙනවා කෝලහල කරගන්නවා

      Delete
  15. අැඩික් එකේ නොබීම ඩෝප් වෙච්ච අය ඉන්නවා, තාප්ප කැත කරන.

    ReplyDelete
  16. ඖෂධ සමාගම් වල පාටි ගැන කිව්වහම මේකත් කියන්නම හිතුනා.
    මාස කීපයකට කලින් මම මගේ වයස්ගත ඤාති වරියක් සුළු ප්‍රශ්නයකට ප්‍රථිකාර සඳහා වෛද්‍ය රුවන් පවා සඳහන් කරලා තිබුන ඔහු හා එකව යම් පර්යේශන කල බව කී ප්‍රකට මනෝ වෛද්‍ය වරෙයෙකු වෙත ගෙන ගියා. ඔහු මේ වයස්ගත මෑණියන්ට ඖෂධ වර්ග 8 ක් නියම කලා මාස දෙකක කාලයකට වියදම මාසයකට රු 10,000 යි. බෙහෙත් ටික අරන් දුන්නා.
    මේ මෑණියෝ ඖෂ්ධ ඉතා සැරයි ඇයට අපහසුයි කියමින් ප්‍රථික්ෂේප කලා. ඒ නිසා නැවත වෛද්‍ය වරයා වෙත ගන ගිය කල ඔහු මේ රෝගී වයස්ගත මෑණියන් හා වාදයක පැටළුනා උශ්ණයි කියන්නේ මනස්ගාත එහෙම දෙයක් නැහැ. ආදී වශයෙන්. මා ඔහු හා කල කිරීමෙන් මෑණියන්ව වෙනත් තරුණ මනෝ වෛද්‍ය වරයෙකු වෙත ගෙන ගියා. පෙර රෝග විනිශ්චයම අනුමත කල ඔහු ලබා දුන්නේ සංස්ථාවේ නිශ්පාදිත එකම එක බෙහෙත් පෙත්තක් පමනයි මසක බෙහෙත් වල මිල රු 1000 ටත් අඩුයි.

    ප්‍රකට වෛද්‍ය වරයා හා කල කිරීමට හේතුව ඔහුගේ නිරර්ථක වාදයයි. තමන් හවස බුදුන් වැඳි බවවත් රාත්‍රී වනවිට අමතක වයස්ගත මවකට වාද කොට උශ්න සීතල ගැන පහදා දිය හැකිද?
    වෛද්‍ය වරුන් නොවන අප පවා ඇය සමග ගනුදෙනු කරන්නේ උපක්‍රමිකව වන විට වෛද්‍ය වරයෙකු මෙසේ හැසිරීම ගැන කුමක් කියන්නද? හැබැයි බෙහෙත් ටිකේ මිලනම් සුපිරි.

    ReplyDelete
    Replies
    1. එතුමා ගැන මම දන්නවා ; දැන් වයස නිසා තරමක් තරහා යන නොරිස්සුම් ස්වභාවයක් තිබෙනවා. නමුත් ඔහු හොඳ වෛද්‍යවරයෙක්

      Delete
  17. පාසෙලෙන් පිට වෙලා වැඩි දුර ඉගනගත්ත (?) කාලෙ තිබුන ඩීජේ පාටි වලට එන අපේ උන් වැඩිම ෆන් එකක් ගන්න ලඟ ලඟ නමාගෙන සෙනිකව නටන්න එනවා.ටික වෙලාවක් යනකොට බඩු වැඩ කරන්න ගන්නකොට මුන් උඩ පැන පැන නටනවා.ඔන්න බඩ කැලතෙන වෙලාව. පැයක් විතර යනකොට පේමන්ට් එක දිගට (ඩෙවල් චිකන් පීසා,පෝක් පීසා, කොත්තු සුප්)+ ඇල්කොහොල් වගේ අමුතු ආහාර ටික බල්ලො සෙට් එක ආසාවෙන් බුක්ති විඳිනවා.අන්න ඊට පස්සෙ තමයි හොඳම ආතල් එක.බාගෙට වෙරි උන බල්ලො නටන පිස්සු උන් දන්නෙත් නෑ අපට හිතාගන්නත් බෑ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාත් ඕවා දැකලා තියනවා

      Delete
  18. එක්තරා පුද්ගලයෙක් වෛද්‍යවරයකු හමුවන්නට ගියේය. ඔහු වෛද්‍යවරයා වෙතින් විමසා සිටියේ තමන් දුම්පානය නොකරණ බවත් එමෙන්ම මත්පැන්ද පානය නොකරන බවත්ය. අනතුරුව ඔහු වෛද්‍යවරයා වෙතින් විමසා සිටියේ එනිසා තමන්ට බොහෝ කලක් ජීවත්විය හැකිද යන්නය.

    මදක් කල්පනාකළ වෛද්‍යවරයා මෙසේ පැවසීය.

    "හුඟක් කල් ජීවත්වෙන්න පුලුවන්නම් තමයි. ඒත් ඉතින් මොකක්ද ඔය ජීවිතේ?"

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook