Tuesday, September 27, 2016

ඩ්‍රයිවර්ට ස්තූති කරන සමාජ

 



ඕස්ටෙ‍්‍රලියාව , කැනඩාව යන රට වල පොදු ප්‍රවාහන සේවා වලදී මගීන් බසයෙන් බැසීමේදී රියැදුරාට ස්තූති කරමින් බසිනු මම නිරීක්‍ෂණය කලෙමි. එහෙත් ශ්‍රී ලංකාවේදී බොහෝ විට මම දුටුවේ ඩ්‍රයිවර්ට , කොන්දොස්තරට දොස් දෙවොල් තබමින් සමහර විට ඔවුන් ගේ අම්මලාට අහවල් කාරිය කල යුතුයි කියමින් බසින මගීන් ය​. එසේම වරක් බස් රථයෙන් බැස්ස  මගියෙක් ගලක් අහුලාගෙන බසයේ පසුපස වීදුරුව කැඩී යන ලෙස ගසනු මම දුටුවෙමි.

 ඩ්‍රයිවර්ලා  කොන් දොස්තරලා සම්බන්ධයෙන් මට විවිධ අත්දැකීම් තිබේ. වරක් මම මාරවිල රෝහලේ මානසික සෞඛ්‍ය සායනයට ගොස් යලිත් මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට යාම සඳහා වෙන්නප්පුව හලාවත බස් රථයකට නැගුනෙමි. මාදම්පේ බස් නැවතුමේදී මම බසයෙන් බැසීමට තැත් කිරීමේදී එය ඉක්මන් කරනු වස් කොන්දොස්තර මාව බසයෙන් තල්ලු කිරීමට තැත් කලේය​. 

බෙල්ල කඩා නොගෙන බසයෙන් බට මා හට සාධාරන කෝපයක් ඇති විය​. මෙම බස් රථයේ අංකය ගෙන මාදම්පේ පොලිසියට යාමට සිතුනද එදින බොහෝ වැඩ යොදාගත් දිනයක් බැවින් මෙම අසාධාරණ ක්‍රියාව අමතක කොට මම නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ගියෙමි. තවත් වරකදී මම බසයෙන් බසිනවාත් සමගම රියැදුරා බසය ඇද්දුවේය​. 

ලංකාව වැනි රටවල පොදු ප්‍රවාහන සේවා වල පවතින අශිෂ්ඨ බව අපගේ සමාජයේම කැඩපතකි. වසර දහස් ගනනාවක ඉතිහාසයක් ගැන පම්පෝරි ගැසුවාට අපගේ සමාජය පවතින්නේ වනචාරි මට්ටමේය​. මේ අනුව ඩ්‍රයිවර්ට ස්තූති කරන  මට්ටමට අපගේ සමාජය දියුණු වීමට තව බොහෝ කල් ගතවනු ඇත​. 

52 comments:

  1. මාත් 1995 දී මෙල්බර්න් නගරයේ දී මගීන් බැස යන විට ඩ්‍රැයිවර්ට ස්තුති කරනවා මුල්වරට අසා තරමක විමතියටත් සතුටටත් පත් වුණා. එදින සිට මාත් එසේ කිරීම ඇරඹුවා.

    මෙතැන තව කරුණු දෙකක් කිව යුතුයි.

    1. සිංහල භාෂාවේ "ස්තුතියි" කියන වචනය ස්වාභාවික එකක් නොවේ. වාත්තු කරගත් එකක්. කරුණාකර යන්නත් එසේමයි. ඒ වෙනුවට භාවිතා වෙන්නේ ගිහිල්ලා එන්නම් සහ වෙනත් චාරිත්‍ර ක්‍රම (smiling etc). ස්තුතියි, කරුණාකාර වගේ දේඬල් සාමාන්‍ය කතා බහේ දී කෘතිම බවක් දැනෙනවා!

    2. ලංකාවේ දී නිකං ඩ්‍රැයිවර් කියන්නත් බෑ, බෑ වගේ නේද? ඩ්‍රැයිවර් මහත්තයා, මැතිතුමා කියා කියන්න වේවි?

    ඒ සමගම කිව යුත්තේ දුම්රිය ඩ්‍රැයිවර්ට හෝ ගාඩ්ට නම් තෑන්ක් යූ කීමක් නැති බවයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මැස්සෙක් දැන් සුද්දෙක් වෙලා අනේ හුකේ නන්නානේ

      Delete
    2. @ Anonymous
      ඥාණාලෝකය උදා වී ඔබට අඳුරෙන් මිදීමට හැකිවේවායි ඉත සිතින් පතමි!

      Delete
    3. ස්තූතියි, කරුණාකර ඒවා විතරක් නොවෙයි ආයුබෝවන් කියන එකත් කොහෙන්දො අහුලගත්ත ආයාසයෙන් කියන්නෝන වචනයක්, එනිසානේ තෑන්ක්ස් / ප්ලීස් / ගුඩ් මොනින්/ බායි කියන එක වඩා කටට හුරු.

      Delete
    4. ඇත්තටම රසික මම මේක නොහිතපු දෙයක් , සිංහලෙන් ස්තූති කියන කොට ටිකක් කෘතිම ගතියක් තියනවා

      Delete
  2. එංගලන්තයේ සහ ඇමරිකාවේද (විශේෂයෙන්ම නාගරික නොවන ප්‍රදේශ වල) මේ ස්තුති කිරීම සිදු වේ. ඇත්තටම කියනවානම් මෙය යම් තරමකට ලංකාවේ තිබී නැති වුණු පුරුද්දක් බව කිව හැකිය. ලංගම බස් පමණක් තිබුණු කාලයේ එක් බසයක් හෝ දෙකක් පමණක් තිබුණු මාර්ග වල බසයෙන් බැස යාමේදී "ස්තුතියි!" යන වචනය නොකිවුවත් "එහෙනං ගිහිං එන්නං/ බහින්නං ඩැයිවර් උන්නැහේ/ ගුණදාස අයියා" කීම සාමාන්‍යයෙන් සිදු වූ බව මට මතක තිබේ. පෞද්ගලික බස් ඇරඹීමෙන් පසුවද මුල් කාලයේ ගම්බද මාර්ග වල මෙවැනි තත්ත්වයක් තිබුණේය.

    ReplyDelete
    Replies
    1. බලන කොට අපි පස්සටම ගිහිල්ලා

      Delete
  3. මම ඉස්සර ලංකාවේ දොස්තර කම කරන්න පටන් ගත් මුල්කාලේ වැඩිපුර ගියේ බස් එකේ. එතකොට ඩ්‍රයිවර් ට ස්තුතියි කියා වචනෙන් නොකිව්වත් අනුග්‍රහයක් ලෙස සිනාසී අතවනා බසයෙන් බැස යාමට පුරුදුවෙලා හිටියා..

    ReplyDelete
  4. ලංගම බස් සේවකයන් තුළ මුල් කාලයේ යම් ආකාරයක විනයක් පැවතුනි. දැන් පුද්ගලික බස්රථ වල රියදුරන් හා කොන්දොස්තරලා බඳවා ගන්නා ක්‍රමවේදය කුමක්දැයි දැන්නේ බස් එකේ අයිතිකාරයා පමණි. අධ්‍යාපන සුදුසුකමක්, ශාරීරික සුදුසුකමක්, මේ කිසිවක් සැලකෙන්නේ නැත. මේ අය ඉතා අඩු අධ්‍යාපනයක් ලැබූ සහ පහළ සමාජ ස්ථරවල අයයි. මෙවැනි අයගෙන් මීට වඩා සේවයක් බලාපොරොත්තු විය නොහැකි බව මගේ මතයයි. දැනට නගරාන්තර සහ අධිවේගී මාර්ගවල ධාවනයවන බස් රථ සේවකයන් තුළ යම් විනයක් පවතින බව කිව යුතුය. එසේම දුර ගමන් බස් සේවා සේවකයන් තුලද යන්තම් හෝ විනයක් ඇත. ( කැසට් යන්ත්‍රයයේ ශබ්ධය වැඩිකිරීම හැර) මේ අවිනීවත් බව බොහෝවිට පවතිනුයේ සාමාන්‍ය බස් රථ සහ කෙටි ගමන් බස්රථ සේවකයින් තුළ බව මගේ අත්දැකීමයි.

    ReplyDelete
    Replies
    1. කොන්දා නම් බොහෝ විට කුඩ්්ඩකි

      Delete
  5. බස් එක පහු කරන්න බැරිවෙන විදියට ප්ලෑන් කරල පාර මැද්දෙ නවත්තගෙන මිනිස්සු එකතු කරන ඩ්‍රයිවර්ල ගැන නම් පුදුම ආදරයක් ඇති වෙනව ඒ පිටිපස්සෙ පුද්ගලික වාහනයක් පදින අයට. ඉස්සරකරල ස්තුති කරන්න ඕනෙ ඔයපාර​.

    ReplyDelete
  6. ස්තූති කරන්න ඕනි හොඳ සේවයක් ලබා දෙනවා නම් විතරයි.

    ReplyDelete
  7. උසස් පෙළ ලියන දවසක මට පරක්කු වෙලා විභාගෙට යන්න... යන්තං වැදල මගදි බස් එකක් නවත්තගත්තා පුල් ලෝඩඩ් එකක්.. අමාරුවෙන් ගිහිල්ලා බැහැලි එදානං ඩ්‍රයිවර් අයියට තැන්ක්ස් කරා.. හැබැයි ස්තුති කරන්න ඕන කියල හිතෙනවා හැමදාම බහින කොට. කොහේද මේ ආසියානු උ්රුව නේ අවුල්.. හැක්

    ReplyDelete
  8. හැමදාම හැමතැනම නොකෙරුණත් මේ දේ කරන ලාංකිකයිනුත් ඉන්නවා සේම ඒ තුතිය ලැබගන්න සුදුරු රියදුරුවරුණුත් ඉන්නවා. සංඛ්‍යාත්මකව අඩු වීමයි ගැටලුව.

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාත්මකව අඩු වීමයි ගැටලුව//////// athha

      Delete
  9. ඔස්ට්‍රේලියාවෙත් ඉන්නවා මඟින් බහින්න සීනුව ගැහුවත් බසය නොනවත්වා යන අය.. එවැනි වැරදි එකම බසයේ එක දිගට උනාම මඟින් කෝප උනා.. බස් ඩ්‍රයිවර් දුන්න හේතුව බසය ඇතුලෑ ඉන්න පොඩි ලමයින්ගේ කැ ගැසීම නිසා ඔහු කලබල උන බව. ඔහුත් ඒ වෙලාවේ හිට්යේ කෝප වෙල.. කොහොම උනත් thank U කියලා තමයි බැහල ගියේ මඟීන්.

    හැබැයි මේ thank u කියන වචනේ නැති උනාට අපේ රටේ මිනිස්සු මීට වඩා ලෙන්ගතුයි එකිනෙකාට..

    ලංකාව වැනි රටවල් වල මිනිස්සු එදිනෙදා ජිවිතය ගෙවන්න විඳින වෙහෙස සහ සමාජ පුරුදු එක්ක මෙවැනි රටවල ක්‍රියා සංසන්දනය කිරීම ඒ තරන් වැඩක් නැ. මෙ රටෙත් ලංකාවේ වගේ සමාජ පරිසරයක් තිබ්බා නම් මේ මිනිස්සු ත් ඒ වගේ තමා. වෙනස් විය යුත්තෙ අපේ ආකල්ප මිස ඉන්න රට නෙමේ.

    ReplyDelete
    Replies
    1. As buddhist we learn about "let go" from our childhood.. but we don't do it as a practice.. but as i see this western coutries people do it in practise in dialy life. Another thing is alwys we expect something for us in return to give something which is up side down to our religion & tradition. Finally we live two lives as a one human.

      Delete
    2. වෙනස් විය යුත්තෙ අපේ ආකල්ප +++++++++++++++++

      Delete
  10. ඩ්‍රයිවරුත් කියනවනේ thank you, have a good day වගේ එකක්.
    පිටරටදී සමහර අපේ අය කියනව ඇහෙනවා "මොන කරදරයක්ද මංදා කඩේ , පාරෙ, බස් එකේ හැමතැනම thank you, cheers, you alright? කියනවනෙ" කියලා. අපේ බොහෝ අයට ගෙදරකට ගියාම බල්ලා පූසා හැර අනික් ඔක්කොටම වඳින පුරුද්ද තිබ්බට strangersලට ආචාරශීලිවෙන පුරුද්ද නෑ

    ReplyDelete
    Replies
    1. අපේ බොහෝ අයට strangersලට ආචාරශීලිවෙන පුරුද්ද නෑ/// true

      Delete
    2. බල්ලා පූසා හැර අනික් ඔක්කොටම වඳින පුරුද්ද . ඇත්ත කතාව

      Delete
  11. / එහෙත් ශ්‍රී ලංකාවේදී බොහෝ විට මම දුටුවේ ඩ්‍රයිවර්ට , කොන්දොස්තරට දොස් දෙවොල් තබමින් සමහර විට ඔවුන් ගේ අම්මලාට අහවල් කාරිය කල යුතුයි කියමින් බසින මගීන් ය​. /

    ඔන්න ඕකනෙ කියන්නෙ එතන එහෙම වෙන්නෙ ඇයි කියල ඔබතුමා නිසියාකාරව තේරුම් අරගෙන නෑනෙ.

    සුද්දො එහෙම ඩ්‍රයිවර්ගෙ අම්ම ගැන අර විදිහට නොකියන්නෙ දැනටම එහෙම කරන හින්ද වෙන්ට බැරිද? යම් කාර්යයක් දැනටම කරනවනම් ආය කරන්න ඕන කියල අමුතුවෙන් කියන්ට ඕන නැහැනෙ.

    එතකොට අපේ මිනිස්සු එහෙම දේවල් නොකරන හින්දයි කරන්න ඕන කියල බහින්නෙ. ඒකෙං තේරෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ සභ්‍යත්වය හැදියාව නෙවෙයිද? You Underskirt I think...:)

    ReplyDelete
  12. දැං බස්වල යන්නෙ බයිසිකල් ලයිසන් නැති අයයි, 18 ට අඩු අයයි, තලත්තෑනි උදවියයි විතරයි.

    ReplyDelete
    Replies
    1. ලයිසන් නැති එකනම් හෙතුවක් නෙවේ, බයිසිකලයක් නැති එකනේ අවුල.

      Delete
  13. USA is another Country where they greet you and help to even swipe the card if you are not quite used to it. When you get off, they say " you have a good day" or suitable greeting to you acknowledging your thankfulness.

    ReplyDelete
  14. ඊයේ බෙත් ගන්න ගිය පිපි එකේ දොස්තර මහතාට තෑන්ක්යූ කිව්වාම එයා හිනාවෙලා ඔළුව වැනුවා, මම ආපහු එන ගමන් කම්පනා කරේ මම එයාගේ ගාස්තුව ගෙව්වාම මට ස්තූති කීවෙ නෑනේ කියලා, ඒ ගනුදෙනුවේ පළවෙනුවෙන් ස්තූතියි කීමේ වාරය තිබුනේ එයාටයි. මේ ලංකා වේ හොදේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගනුදෙනුවේ පළවෙනුවෙන් ස්තූතියි කීමේ වාරය තිබුනේ දොස්තර මහතාට

      Delete
  15. අපි අද පවා ටැක්සි රියැදුරාට නම් ස්තුතියි කියනවාට අමතරව සුබ දවසක් පතනවා. නමුත් ලංකාවෙ බස් රියෝදුරොන්ගෙ නම් ... අපි ඒ හරිය නොකිය ඉම්මු.

    ReplyDelete
  16. Bus driver went to heaven and the priest went to hell. Simply because driver made passengers to pray in the bus and priest made so many people to sleep in the church with his sermons.

    ReplyDelete
  17. මම කියවලා තියනවා කෙටි කතාවක් පුද්ගලික බස් එකක එක සැරයක් ගමන් කරලා උමතු වෙච්ච මානසික වෛද්‍ය වරයෙක් ගැන...

    ස්තූතියි කියන්න ඩයිවර් ලඟට කිට්‍ටු වෙන්න එපෑයෑ... සමහර ඒවයේ ඩ්‍රයිවර්ව පේන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. පුද්ගලික බස් එකක එක සැරයක් ගමන් කරලා උමතු නොවුනා නම් තමයි පුදුමේ

      Delete
  18. අද හවස 4.00 ට විතර මගේ වාහනයට ඉදිරියේන් ධාවනය වූ මරුටි සුසුකි වාහනයක දකුණු පැත්ත තලාගෙන ගියා කොළඹ - මාදුරුඔය බස් එකකින්. කාර් එකේ රියදුරා ඒ ඩ්‍රයිවර් මහත්තයට ස්තුති කල වචන මෙතැන ලියන්න බැහැ.

    බස් රියදුරන්ට අවශ්‍ය උගත්කම නෙවෙයි හැදිච්චකමයි. නමුත් ඒක උගන්වන්න බැහැ. තමන්ම වර්ධනය කලයුතු ගුණාංගයක්. අපේ රටේ ප්‍රවාහන නීති සෑම රියදුරෙකුටම එක සමානව ක්‍රියාත්මක නොවීම විශාල ගැටළුවක්.

    ReplyDelete
    Replies
    1. බස් රියදුරන්ට අවශ්‍ය උගත්කම නෙවෙයි හැදිච්චකමයි

      Delete
  19. ඒ උනාට ලංකාවේ ෆුට් බෝර්ඩ් එකේ යනවා වගේ ත්‍රිල් එකක් කොහෙන්ද. නොමිලේ රෝල කෝස්ටර් එකක යනවා වගේනේ.
    අනිත් එක ලංකාවේ බස් වල යනවා කියන්නේ ශරීර සමබරතාවය, නම්‍යශීලී බව, strength ට්‍රේනින් වගේ දේවල් නොමිලේ ලැබෙන එකයි . ඕස්ට්‍රේලියාවේ ඒවාට සල්ලි ගෙවල ජිම් යන්ඩ එපැයි.

    තව බෝනස් එකක් විදියට කර්ණ රසායන සංගීතය ත් ලැබෙනවා කන් අඩි පැලෙන්න.
    ඔය එකක් වත් තියෙනවද බටහිර රටවල? :D :D

    ReplyDelete
  20. ලංකාව දැන් තියෙන මට්ටමට හෝ ශිෂ්ඨ සම්පන්න කර ඇත්තේ සුද්දා විසින් බව මගේ අදහසයි. අවුරුදු 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් ගැන උණ විකාරෙන් වගේ දෙඩවූවත්, සුද්දො නේන්න තවමත් රජෙක්ගෙ යටතෙ පවතින වැඩවසම්, නූගත්, අශිෂ්ඨ රටක් විය හැකිව තිබුණා, හරියට භූතානය වගේ. සුද්දො ආසියාවෙ පැරණිම ප්‍රජාතන්ත්‍රවාද රට විධියට ලංකාව හැදුවත්, තාමත් ඉල්ලුම තියෙන්නෙ රජෙක්ට. හොඳ වෙලාවට සිංහලේ අන්තිම දෙමළ රජාව රටින් පිට කරලා, පරම්පරාව ඉවර කළේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook