වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මට හමු වන්නේ 1999 වසරේදී පමණය. ළමා මනෝ විද්‍යාව පිළිබඳව මා විසින් ලියන ලද පොතක් සම්බන්ධයෙන් වෛද්‍ය ජයලත් ජයවර්ධනට රූපාවාහිනී වැඩසටහනක් කිරීමට අවශ්‍ය වූ අතර ඔහු විසින් කරගෙන යන ලද අයි.ටී.එන් වෛද්‍ය හමුවට එතුමා මට ආරාධනා කලේය.
2002 වසරේදී කිලිනොච්චියේ ළමුන් සඳහා මනෝ විද්‍යාත්මක සායනයක් පැවැත්වීම සඳහා ඔහු මා ඇතුළු තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහාය පැතුවෙන් අප කිලිනොච්චියේ කොටි පාලන ප්‍රදේශයට ගියෙමු. කිලිනොච්චියේ පිහිටි ළමා නිවාසයකදී යුද්දය නිසා කායිකව මානසිකව ආබාධිත වූ දෙමල දරුවන් මම දුටුවෙමි. සමහර ළමුන් තුල පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතා ලක්‍ෂණ හඳුනා ගත හැකි විය. මෙම ළමා නිවාසය පාලනය කරන ලද්දේ කොටි සංවිධානය විසිනි. එම නිසා මෙම ළමුන් පසු කාලයක ළමා සොල්දාදුවන් ලෙස යුද බිමට යවන්නට ඇති බව මට සිතේ. පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලන ළමුන් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට ඉතා ලේසියෙන් පරිවර්තනය කල හැකිය.
දකුනේ දේශපාලකයන් සමහරක් වෛද්‍ය ජයලත් ජයවර්ධනට කොටි ලේබල් ඇලවූහ. එහෙත් මට සිතෙන්නේ සත් භාවයෙන් වන්නියේ ජනතාවට උදව් කිරීමට ඉදිරිපත් වූ වෛද්‍ය ජයලත් ජයවර්ධනව කොටින් විසින් තමන් ගේ වාසියට පරිශ්‍රීලනය කල බවයි. වන්නියේ ජනතාව වෛද්‍ය ජයලත් ජයවර්ධනට ගරු කල අයුරු මා දෙනෙතින් දුටුවෙමි. ද්‍රවිඩ සිවිල් වැසියන් ඔහුව පිලි ගත්තේ ඉතා උණුසුම් අයුරෙනි. වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ අකල් වියෝව ලංකාවේ වාර්ගික සංහිඳියාවට වූ බලවත් පාඩුවකි.
විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා මට මුලින්ම හමු වූයේ 1998 දී යූතනේසියාව (Euthanasia ) හෙවත් අනායාස මරණය පිළිබඳව වෛද්‍යවරුන්ට දේශනයක් කිරීමට මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලයට පැමිනි අවස්ථාවේදීය. එදින එතුමා ඉතා හරබර දේශනයක් කලේය. එසේම කරාපිටිය රෝහලේ එතුමාගේ වාට්ටුවේ පවත්වන සයිකෝ ඩ්‍රාමා හෙවත් ප්‍රතිකාරාත්මක මනෝ නාට්‍යය නැරඹීමට මට ආරාධනා කලේය.
විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා මගේ පොත් අතරින් යුද ආතතිය පිළිබඳ ලියා තිබෙන ග්‍රන්ථ වලට කැමැත්තක් දැක්වීය. සමහරක් විට රූපාවාහිනී වැඩසටහන් වලදී මෙම පොත් වල අඩංගු වූ කරුණු (මගේ නම සඳහන් කරමින් ) පෙන්වා දුන්නේය. තමන්ට වඩා කණිෂ්ඨ වෛද්‍යවරයෙකුගේ දෙයක් අගය කිරීමට ලංකාවේ බොහෝ වෛද්‍ය විශේෂඥයන් පැකිලුනද එතුමා තුල එම කුහක දුර්ගුණාංගය නොවීය. මේ නිසා විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා දිවයින් මානසිකත්වයෙන් මිදුණු විද්වතෙකු ලෙස මම දකිමි.
වෛද්‍ය ඩී ජේ එල් සිරිවර්ධන මහතා මුහුණ සහ හකු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු විය. එතුමා මට මුණ ගැසෙන්නේ කොලඹ යුද හමුදා රෝහලේදීය. ඉතා නිවුනු ගතිගුණ තිබූ විහිළු තහළු කිරීමට කැමති වෛද්‍ය ඩී ජේ එල් සිරිවර්ධනගේ විචිත්‍ර සිනහව මට තවමත් මතකය.
වෛද්‍ය ඩී ජේ එල් සිරිවර්ධන ඊලාම් යුද්දය නිසා මුහුණ ප්‍රදේශය තුවාල වූ සොල්දාදුවන් රැසකට ප්‍රතිකාර කලේය. එසේම උපදේශනය සඳහා මට රෝගීන් යොමු කලේය. මේ හැර මගේ පොතකටද එතුමා විසින් පෙරවදනක් සපයා තිබේ. එතුමාගේ වියෝව පුද්ගලිකව මෙන්ම පොදුවේ වෛද්‍ය ක්ශේත්‍රයට සිදුවූ පාඩුවක් ලෙස මම දකිමි.
ඒ කාලයේදී විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ගැවින් අමරසිංහ මහතා මට නිතරම යුද හමුදා රෝහලේ වෛද්‍ය නිලධාරී නිල නිවස්නයේ මුණ ගැසේ. ඔහු විවේක අවස්ථා වලදී බිලියඩ් සෙල්ලම් කිරීම කලේය. එසේම යුද්ද කාලයේදී සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමේදී විශාල සේවයක් එතුමා කලේය. වෛද්‍ය ගැවින් අමරසිංහ මහතා නොසිතූ අවස්ථාවකදී අප අතරින් වියෝ විය
වෛද්‍ය කර්නල් ටී. ඒ දයාරත්න මහතා සුන්දර මිනිසෙකි. ඔහු කණිෂ්ඨ වෛද්‍යවරුන්ට සෑම අයුරකින්ම උපකාර කලේය. කුහක කම් බෙලි කැපිලි , කේලාම් කීම් යන දුර්ගුනයන් ගෙන් තොරවූ වෛද්‍ය කර්නල් ටී. ඒ දයාරත්න මහතා ජීවිතය වින්දනය කලේය. සාදයකදී වෛද්‍ය කර්නල් ටී. ඒ දයාරත්න නොමැති නම් එය මහා අඩුවක් විය. වෛද්‍ය කර්නල් ටී. ඒ දයාරත්න මහතා මිය ගිය බව පණිවිඩය ලැබුනේ බොහෝ කාලයකට පසුවය.
ශල්‍ය වෛද්‍ය විශේෂඥ බ්‍රිගේඩියර් සොයිසා මුල් කාලයේ මනෝ ප්‍රතිකාරයන් ගැන විශ්වාස නොකලේය. පසුව ඔහුගේ රෝගීන් කිහිප දෙනෙකු තුල තිබූ විශාදය , කාංසාව නිසා හටගත් කායික රූපී ආබාධ මනෝ ප්‍රතිකාර හරහා සුව වනවා දැකීමෙන් පසු මා සමග මිත්‍ර විය. වරක් යුද හමුදා රෝහලේදී මා විසින් පැවැත්වූ මනෝ ප්‍රතිකාර පිලිබඳ දේශනයකටද බ්‍රිගේඩියර් සොයිසා පැමිනියේය. එම දේශනයේදී මම රෝගියෙකුව මෝහනය කලෙමි. පසු දිනෙක මට බ්‍රිගේඩියර් සොයිසා ඉන්ටකොන් හෝටලයේදී පැවති වෛද්‍යවරුන් ගේ ගේ සමුළුවකදී හමු විය. එහිදී බ්‍රිගේඩියර් සොයිසා මාව හිටපු සෞඛ්‍යය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු මහතාට හඳුන්වා දෙමින් මා රෝගියා මෝහන ප්‍රතිකාර මගින් සුවපත් කල අයුරු විස්තර කලේය.
බ්‍රිගේඩියර් සොයිසා රෝගී සත්කාරයේ කැපවී යෙදුනේය. රෝගී සත්කාර මඟ හැරුනහොත් ඔහු කාර්‍යමණ්ඩලයට දෙහි කපයි. එසේම තම සේවා මුරය අවසන් කොට ගෙදර යමින් සිටියදී ගිලන් රථයක් එනවා දුටුවහොත් ඒ පසු පස ගොස් රෝගියා ගැන සොයා බලා අවශ්‍ය ප්‍රතිකාරයක් වහාම ලබා දේ. ඔහුගේ වියෝව යුද හමුදා රෝහලට වූ බලවත් පාඩුවකි.
ඉහත නම් සඳහන් වෛද්‍යවරු පුද්ගලික මෙන්ම වෘත්තීය දිවියේදී මට මුණ ගැසුනු වෛද්‍යවරු වූහ. ඔවුන් මිය ගියද ඔවුන් පිළිබඳ මතකය මිය ගොස් නැත.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මේ ලියන්නේ අපහාසයකට නෙමෙයි. වෛද්‍ය හරිස්චන්ද්‍ර මගේ මවගේ පාරෂවයෙන් ඥාතිත්වයක් තියෙන කෙනෙක්. හැබයි සමහර වෙලාවට ස්ටෙතස්කෝප් එක ඩිකියෙත් දාගෙන යනවා. ඔය ඉන්න එක හාමුදුරු කෙනෙකුටවත් නෑ හරිස්චන්ද්‍ර මහත්තයට බුද්ධාගම ගැන තිබුන දැණුම. සමහර වෙලාවට පවුලේ බණ ගෙවල්වලදි හාමුදුරුවෝ කිව්වේ බොරු කියලා හාමුදුරුවෝ පන්සලට වැඩියායින් පස්සෙ කියනවා. ඒත් කාගෙවත් හිත රිදවපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම මුදල මුල් කරගෙන ගියපු කෙනෙකුත් නෙමෙයි. අතේ තියෙන සල්ලිත් දුප්පත් මිනිස්සුන්ට දුන්න කෙනෙක්. ඔය වැඩේ දැනගත්ත සමහර උන්, බොරුවට අඬලා සල්ලි ඉල්ලගත්ත බවත් ප්‍රකට කතාවක්.
ReplyDeleteදොස්තර ජයලත් ජයවර්ධනත් දෙවියෙක් වගේ කෙනෙක් කියලා කීප දෙනෙක්ගෙන්ම අහලා තියෙනවා. ඒත් කොටි ලේබල් වදින්න මකා හරි කරුමයක් කරලා තියෙන්න ඇති. බුද්ධාගමේ කියන විදියට. ඒත් ඉතින් උන්නැහේගේ ආගමේ විදියට කෙලින්ම ස්වර්ගයට යන්න ඇති.
අනෙක් අය ගැන නම් දන්නේ නෑ.
වෛද්‍ය හරිස්චන්ද්‍ර මහත්තයා සෝම හාමුදුරුවොත් එක්ක නැන පහන වැඩසටහන කරන කොට සෝම හාමුදුරුවො කිව්ව අවිද්‍යත්මක කරුණු හගිස්සන්න ගියේ නෑ නිහඞව හිටියා.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteහරිච්චන්ද්‍ර මහත්මයා එකම වාරයක් දැකල තියනව. හයිවේ එක හදපු අලුත බස් එකේ කොළඹ එද්දි.
ReplyDeleteජයලත් ජයවර්ධන මහතා මියයාම නිසා වාර්ගික සමඟිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කල හැකි කෙනෙක් නැතිවුනා. ඒ අඩුව පුරවන්න කිසිවෙකු දැන් නෑ.
agree
DeleteAir Rajitha Senarathna
ReplyDelete????
Deleteවෛද්‍ය හරිස්චන්ද්‍රයන් මමත් බෙහෙවින් ගරු කරන වෛද්‍යවරයෙක්. ඊට අමතර ව මගේ නැසී ගිය මගේ මාමන්ඩිය වෛද්‍ය ලය රෝග පිළිබඳ වෛද්‍ය ආර්. ඒ. ටී. විජේසිංහයනුත් මම ගරු කරන චරිතයක්. එතුමා ඉතා දැහැමෙන් ජීවත් වූ කෙනෙක්.....වෛද්‍ය හරිචන්ද්‍රයන්ගේ විශ්වවිද්‍යාල කාමර සගයා.....
ReplyDeleteවෛද්‍ය ලය රෝග පිළිබඳ වෛද්‍ය ආර්. ඒ. ටී. විජේසිංහ මහතා ගැන අහලා තියනවා හමුවී නෑ
Delete(අමාත්‍ය) දොස්තර ජයලත් ජයවර්ධන 2002 දී වැලිඔය ප්‍රදේශයට ආවා. කොළඹින් පැමිණි ආරක්‍ෂකයකු සමග හමුදා ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට (LTTE ප්‍රදේශයට) ගියා. අපි තරහෙන් පුපුරමින් හිටියා. ආවා මෙතන කොටියට පන්දම් අල්ලන්න කියා. 'කොළඹින්' ආව නියෝගයක් නිසා, කරන්න දෙයක් නැහැ. හැන්දෑ වෙලා ආපහු ආවා. අපි ඔක්කොටම පුතා මචං කියලා කතාකලේ.
ReplyDeleteකෙලින්ම අපෙන් ඇහුවා, උඹලා හිතුවා නේද මම කොටියට පු දෙන්න ගියා කියලා. නෑ බං. උඹලගේ එවුන් කීපදෙනෙක් උන්ගේ අත්අඩංගුවේ ඉන්නවා මම ගියේ උන්ව බලන්න. අපි බලමු ළඟදීම උන්ව නිදහස් කරගන්න කිව්වා.
ඒ වනවිට කළුවර වැටී තිබුණා. ඔහු කිව්වා, මට දැන් වැවක නාන්න ඕනේ කිව්වා . මම කිව්වා පිස්සුද ඇමතිතුමා, හදිසි ඇටැක් එකක් ආවොත් අපි වග කියන්න ඕනේ කියලා.
හරි, ඇටැක් එකක් අවොත් මම මැරෙයි. ඉතිං අපි කොහොමටත් මැරෙනවානේ. උඹලා කියපල්ලා මම හමුදාවේ අවවාද නොතකා නාන්න ගියා කියලා. මම 25 ක් පමණ භට පිරිසක් යොදවා ආරක්‍ෂාව සලස්වා දුන්නා වැවක නාන්න. මට වැව් මාළු, පොල් සම්බෝල, මැල්ලුමක් එක්ක, රස්නෙන් බත් ඕනේ කිව්වා. මම වහාම ගුවන්විදුලි පණිවිඩ මගින් කඳවුරට කතාකර ඒවා සූදානම් කරන්න කිව්වා. ඒවා සමග තවත් බොහෝ කෑම ජාති තිබුනත්, ඔහු කෑවේ තමන් ඉල්ලාසිටි කෑම පමණයි. (නෑ නෑ එව්වා තිබුනට බිව්වේ නැහැ)
ඔහු සරල පුද්ගලයෙක් වරක් මුලංගාවිල් වල පොඩි වැලි කණ්ඩියක වාඩිවී මා සමග සංවාදයේ යෙදුනා
Delete