2005 වසරේ මම ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ සාජන්වරයෙකු සමග මම හමුදා ඩබල් කැබ් රථයකින් යාපනයේ ගමන් කරමින් සිටියෙමි.
"සර් මෙන්න මෙතනදී තමයි 2000 දී අපේ කොල්ලෝ එල්.ටී.ටී.ඊ එකේ ඇටෑක් එක රිවස් කලේ . එදා එල්.ටී.ටී.ඊ එකේ ඇටෑක් එක සාර්ථක උනා නම් යාපනේ වැටෙනවා හමුදාවේ 40,000 කගේ ජීවිත අණතුරේ "
සරසාලේ එක් ප්‍රදේශයක් පෙන්වා සාජන්ට්වරයා මට කීවේය.
සරසාලේ මහා සටන සිදුවූ ස්ථානය දෙස මම බැලුවෙමි. මෙම සටන ඊලාම් යුද්දයේ තීරණාත්මක වූ සටනකි.මට මොස්කව් නගරය ආසන්නයේ තිබෙන ජර්මන් හමුදාවේ යුද ටැංකි නවත්වන ලද ස්ථානය සිහිපත් විය. එම ස්ථානය පසු කොට ජර්මන් හමුදාවට මොස්කව් නගරයට ඒමට රතු හමුදා භටයෝ ඉඩ දුන්නේ නැත.
සරසාලේ යුද්දයේදී හමුදාවේ සොල්දාදුවන් ජීවිත පුදා සටන් කලහ. හමුදා සොල්දාදුවන් වැටුපට සේවය කරන්නන් කියන පුද්ගලයන් මට හමුවී තිබේ. එහෙත් ඔවුන් සරසාලේ සටන දුටුවේ නම් මේ අදහස වෙනස් කර ගනු නියතය.
සරසාලේ සටන පරාජය වූවානම් හමුදාවන්ට සිදුවනුයේ යාපන අර්ධද්වීපයේ හමුදා ඉවත් කිරීම යටතේ පැමිණෙන ඉන්දියානු නැව් වලට නගින්නය. නැතහොත් කොටි අතින් මැරුම් කෑමටය.
අලිමංකඩ කඳවුර වැටීමෙන් පසු ප්‍රභාකරන් යාපනයට මහා ප්‍රහාරයක් එල්ල කලේය. ඒ වන විට ජනධිපතිනී චන්ද්‍රිකා යාපනයෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා ඉන්දියාවට කතා කර තිබුනි. මෙම අවස්ථාවේදී කොපමණ වැරදි සහ චෝදනා තිබුනද ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ එයට විරුද්ධව වී හෙලිකොප්ටරයකින් යාපනයට ගොස් හමුදාවට කතා කොට ඉදිරියේ එන කොටින් ගේ ප්‍රහාරයට මුහුණ දීමට ඔවුන්ව සූදානම් කලේය. ඊට ජෙනරාල් ජානක පෙරේරා සහ ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාවට නායකත්වය දුන්හ. එසේම ජෙනරාල් සීවලී වනිගසේකරගේ සේනාංකයන්ද ප්‍රභාකරන් ගේ නොනවතින රැල්ල යාපනය දෙසට ඇදී ඒම ප්‍රමාද කලේය.
මේ කාලයේදී පලාලි රෝහලේ තත්වය දරුණු විය . දිනපතා තුවාලකරුවන් රෝහලට ගෙන එනු ලැබීය. පලාලි රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය කර්නල් රන්ජන සෙනෙවිරත්න මහතා තමා පලාලි රෝහලේ ශල්‍යකර්මයක් කරමින් සිටියදී කොටින් ගේ අර්ටිලරි වැටුණු ශබ්ද ඇසුනු බවත් ඒ මහා අර්ටිලරි හඞ නිසා එක් හෙදියක් ශල්‍යකර්මය අවස්ථාවේදී සිහි නැතිව ඇද වැටුනු අයුරුත් පසුව මා සමග කීවේය.
මලිත් ජයතිලක ලියූ ‘අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව‘ නමැති කෘතියේ මෙම අවස්ථා ගැන වඩාත් හොඳින් විස්තර කරයි. මේ අවස්ථාවේදී හිටපු හමුදාපති ජෙරී ද සිල්වා මහතා පකිස්ථානයෙන් මල්ටි බැරල් යන්ත්‍රයක් ගෙන්වීමට උපකාරී විය. එය යාපනයේ ටයර් හංදියේ තබා ක්‍රියාත්මක කරනු ලැබීය. එමගින් හමුදාවේ මොරාල් එක ඉහල ගියේය. අවසානයේදී සෙබළුන් ගේ ධෛර්‍යය සහ චෙක් රාජ්‍යයේ මල්ටි බැරල් රොකට් යන්ත්‍ර මගින් ප්‍රභාකරන් ගේ නොනවතින රැල්ල පරාජය කරනු ලැබීය.
සරසාලේ මහා සටන ගන්නෝරුව සටන මුල්ලේරියාව සටන මෙන් ඉතිහාසයට එක් විය යුතු මහා සටනකි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ඔව් ඩොක්ටර් චන්ද්‍රිකා ගේ අමන වැඩ නිසා මේ යුද්ධය තවත් දික් උනා, එක පැත්තකින් සුදුනේලුම් පැල කරන ගමන් අනෙක් පැත්තෙන් යුද්දය කිරීම නිසා සෙබළුන් ගේ චිත්ත මට්ටම අන්තිමට වට්ටලා රට පාවා දීමයි ඇය කලේ, බැලුවහම චන්ද්‍රිකාගේ පරම්පරාවම රට පාවාදුන්න පිරිසයි, ඇගේ නෑයෙක් වන රනිලුත් වැඩි වෙනසක් නෑ.
ReplyDeleteත්රස්තවාදීන් පරදවපු නිසා අද සාමය තියනවා, තවදුරටත් සාමකතා කලානම් මැරෙන ප්‍රමාණය මිට බොහෝ වැඩියි
Chandrika gave mix messages
Deleteඒ වගේ සටන් තුල සිදුවුණා කතාත් කවුරු හරි ලියනවා නම් හොඳයි.
ReplyDeleteමම විචා තුමාට නිතර කියනවා
Deleteමල්ටි බැරල්.......
ReplyDeleteමල්ටි බැරල්.......
Deleteසරසාලේ සටනේදී තමයි පොතේ හැටියට යුද ටැංකි යොදවා සතුරු බලය මුළුමනින්ම විනාශ කලේ. සතුරා බලාපොරොත්තුවුණේ පාබල හමුදා ප්‍රහාරයක්. නමුත් මුලින්ම යුද්ධ ටැංකි යොදවා දෙවනුව තමයි ඒ ආවරණය ගෙන පාබල හමුදා ගියේ. සාර්ථක සැලැස්මක් නිසා ජයගැනීම පහසුවුණා.
ReplyDeleteWocharaka thumaaaa..oka gana post ekek daannako
Deleteතම ජීවිත පරදුවට තබමින් රටක මිනිසුන් සහ දේපල ඇතුළු සියලු දේ ආරක්ෂා කිරීමට කැපවන සියලු ආරක්ෂක අංශ වලට ඉහලින්ම ගරු කරමි.
ReplyDeleteනමුත්, සියලු සටන් ඉතිහාසයට එක්විය යුත්තේ යලි සිදුනොවිය යුතු විනාශකාරී අමිහිරි සිදුවීම් ලෙසම යයි මම සිතමි.
එකඟයි
Deleteමේක සුරංගනා කතාවක් නේද ?
ReplyDeleteලංකාවේ යුද්දයක් තිබුනාද ?
mmmmmmmmmmmm
Deleteස රසාගේ මහා සටන නම් දැකලා තියනවා බ්ලොග්වල
ReplyDeleteඔව් ඒකත් හැබැයි
Deleteමෙවැනි ලිපියක් බ්ලොග් අඩවියක් තුලින් හෝ ලියා පල කිරීමට තරම් වූ පෞරුශයක් සහිත මිනිසුන් දකිනා විට අපි තවමත් ජීවත් වන වගක් හැඟෙනවා.
ReplyDeleteඅද ප්‍රකට තලයේ සිදු වන කථා බහ අසනා කල, යුද්දය සිංහල හමුදාව විසින් අහින්සක දෙමළ ජනයා වෙත මුදා හරින ලද භීෂනයක්දැයි විටෙක අපිටත් හිතෙනවා .
අපිට පාරේ බැහැලා යන්න වාතාවරණය දිවි හිමියෙන් ලබා දුන් මිනිසුන් අගයන වචනයක් පාසා ඔබට පින් වෛද්‍යතුමනි.
වරක් මගේ සුමිතුරු ගුවන් හමුදාවේ සිටි ඉහල නිලධාරියෙක් සුහද කථා බහකදී කීවේ මචං අපිට ඒ කාලේ තිබ්බේ ප්‍රභාකරන් එක්ක පර්සනල් වෛරයක්. අපි ඒක ඒ තරමටම ඇඟට අරගෙනයි හිටියේ කියායි.
ඔවුන් වැඩ කලේ පඩියටද නැතහොත් තම රට ජාතිය ආගම වෙනුවෙන්දැයි කියා වටහා ගැනීමට මට ඒ වචන ටික හොඳටම ඇති.
නයනේ යුද්දයේ ඉදිරි පෙල සිටි සොල්දාදුවන් වැඩ කලේ පඩියට කියන්නා කිසි දිනක යුද භූමියක් නොදුටුවෙකි
Deleteශ්‍රීලංකා හමුදාවන් විනය ගරුක වෘත්තීයමය හමුදාවන් බව හමුදාපති වරුන් මෙන්ම සේනාධිනායකයන්ද ප්‍රකාශ කර තිබේ. ඔවුන් ගේ මානුෂීය මෙහෙයුමේ අරමුණ නිරායුධ වුයේ සිවිල් පුරවැසියන් ත්‍රස්තග්‍රහණයෙන් මුදවා ගැනීමම විය.
Deleteශ්‍රීලංකා හමුදාවන් ක්‍රියාත්මක වුයේ ජ්‍යාත්‍යන්තර යුධ නීති පිළිපදිමින් වෘත්තීයමය වශයෙන්ම පමණකි. සෑමවිටම පාහේ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වුනේ පුරවැසියන් බේරාගැනීම සඳහා වෘත්තීයමය වශයෙන් මිස ත්‍රස්තවාදීන් කෙරෙහි පුද්ගලික වෛරයකින් නොවේ. යටත් වූ, අත්අඩංගුවට ගත් සහ තුවාලලැබූ ත්‍රස්තවාදීන් කෙරෙහි ශ්‍රීලංකා හමුදාවන් වෘත්තීයම වශයෙන් ක්‍රියාත්මක වෙමින් ඔවුන් ප්‍රතිකාරකිරීම ආදියද සමග නීතිය හමුවට පැමිණවීම කළහ.
ඉහත අදහස් දක්වන්නාගේ සුමිතුරා වැනි කලාතුරකින් අයෙක් ත්‍රස්තවාදී නායකයා කෙරෙහි එවැනි පුද්ගලික වෛරයක් ඇතිකරගෙන තිබිය හැකි වුවද, එය සවිඥානිකව හෝ අවිඥානිකව මුළුමහත් හමුදා කෙරෙහිම විස්තීරණය කිරීමට සිතීම ඉතා අසාධාරණ අඥාන උත්සාහයකි. ශ්‍රී ලංකික පුරවැසියෙක් වශයෙන් මම එය තරයේ ප්‍රත්ක්ෂේප කරමි. බොහෝ විට, මෙවැනි නොමගයවන සුළු ප්‍රකාශ කරමින් හමුදාවන් කෙරෙහි අසත්‍ය යුධ අපරාධ චෝදනා එල්ල කරන්නේ ත්‍රස්තවාදී හිතවාදීන්ය.
මිතුර ඔබ මේ දෙන්නේ සම්පූර්ණ වැරදි අර්ථ කථනයක්.
Deleteමගේ මිතුරා කීවේ ඔවුන් යුද්ධය ඔවුන් ගේ ජීවිතය කරගෙන සිටි හැටියි. ඔවුන් වෛර කලේ ඒ මස් වැද්දාට මිස අහින්සක දෙමළ මිනිසුන්ට නොවෙයි.
මස් වැද්දාට වෛර කලේ ඉඩම් නඩුවකට නොවෙයි. පුද්ගලික තරහකර නොවෙයි. ඔවුන්ගේ පවුලේ කිසිවෙකු ත්‍රස්තයා අතින් මැරුණු නිසා නොවෙයි.
ඒ වෛරයට පදනම ඔබත් මාත් දෙමළාත් මුසල්මානුවාත් ක්‍රිස්තියානියාත් ඇතුළු සියල්ලන්ම භුක්ති විඳිය යුතු අහිමි වී තිබූ නිදහසයි.
++++++++++
Deletesalute
ReplyDeleteකියෙව්වා! මම මගේ "සයිකලයෙන් තල් අරණට" පෝස්ටු වල අන්තිමට ලියන්නෙත් ඒ පලාත් වල් නොගිහින් ඒ ගැන හිතන්නටවත් නොහැකි බව මයි!
ReplyDelete