Sunday, June 12, 2016

අරාලි තුඩුව

 

අරාලි තුඩුවට මා ගියේ 2005 වසරේදී වෛද්‍ය බළකායේ කපිතන්වරයෙකු සමගය​.  අරාලි තුඩුව ප්‍රකට ස්ථානයකි. කයිට්‌ස්‌හි අරාලි තුඩුවේදී ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු හමුදා නිලධාරීහු නව දෙනකු (මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියාර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් ආරියරත්න, ඒ. පළිපහන, එම්. ආර්. ස්‌ටීවන්, අසංග ලංකාතිලක, සී. බී. විඡේපුර, එන්. එස්‌. අල්විස්‌ )  1992 අගෝස්‌තු 8 වැනිදා  ඔවුන් ගමන් කළ ලෑන්ඩ් රෝවර් රිය බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් මරුමුවට පත් වූහ.මේ නිලධාරීන් අරාලිපොයින්ට්‌ වෙත ගියේ මීලඟට ඇරඹීමට නියමිතව තිබූ ජයකීර්ති" මෙහෙයුමට සහභාගි වන හමුදා සේනාංක අරාලිපොයින්ට්‌ සිට කලපුව ඔස්‌සේ යාපනය අර්ධද්වීපයට යවන අන්දම පිළිබඳව සැලසුම් කිරීමටය. 

අරාලි තුඩුවේදී බිම් බෝම්බයකට අසුවූ ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් ගමන් ගත් ලෑන්ඩ් රෝවර් රියට සමාන ආදේශක  මම දුටුවෙමි. ලෑන්ඩ් රෝවර්  රථය බෝම්බය නිසා ඇඹරී ගොසිනි. එම නිසා එදා සිදුවූ ස්ඵෝටනය ගැන මා අනුමාන කර ගත්තෙමි. එය බිම් බෝම්බයක් ද නැතහොත් ලෑන්ඩ් රෝවර්  රථයට ඇටවූ බෝම්බයක්ද කියා තවමත් කිසිවෙකු නොදනී. සත්‍ය අප කෙරෙන් බොහෝ ඈතය​. බ්‍රිතාන්‍ය බෝම්බ නාශක විශේෂඥයකු වූ ඡේ. ආර්. වයිට්‌ නිගමනය කල පරිදි  මෙය බිම් බෝම්බයක්‌ නොව බවත් ජීප් රියේ අටවා තිබූ බෝම්බයකි 

මට ලලී කොබ්බෑකඩුව මහත්මිය හමු වූ අවස්ථාව මතක් වේ. මට ඇය හමු වූයේ ඇයගේ නිවසේදීය​. ජෙනරාල් කොබ්බෑකඩුව ගේ මරණය ගැන කථා කල ඇය අවසානයේදී " ඔවුන්ට ඩෙන්සිල් ගේ නැග එන ජනප්‍රියතාව දරා ගැනීමට නොහැකිව ඔහුව ඝාතනය කලා කීවාය​. ලලී කොබ්බෑකඩුව මහත්මිය ඔවුන් කියා හැඳින්වූයේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය නොවේ.ඔවුන් යනු කවරහුද ?  

මේ භූමියේදී මාගේ පාසල් මිතුරෙකු වූ ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලකද මිය ගියේය​. අසංග ලංකාතිලක මා සමග නවය සහ දහය යන ශ්‍රේනි වල   එකම පන්තියේ ඉගෙන ගත්තේය​. අප  අසංගට මාමා සහ මුචලින් ද කියා නම් පටබැඳ තිබුනි. ඔහු දක්‍ෂ ක්‍රීඩකයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු නාවික හමුදාවට බැඳුනේය​. ඔහුගේ මරණයට වසරකට දෙකකට පමණ උඩදී මා නිවාඩුවට ලංකාවට ආවිට අප දෙදෙනා හමුවී ගන්ස් ඔෆ් නැව්‍ රෝන් චිත්‍රපටය නැරඹූවෙමු. එය අපගේ අවසන් හමු වීමයි. ඉන් වසර බොහෝ ගනනකට පසු කොලඹ කනත්තේදී මම ඔහුගේ සොහොන දුටිමි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග

29 comments:

  1. H.R.ස්ටීවන්, A.පළීපාන

    උඩ බලාගෙන කෙල ගහගන්නේ මොකටද. ලියන්න හිතුන දේ මෙතන ලියන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. දන්න අය කතා නොකර ඉන්න එකත් වරදක් නේද

      Delete
    2. විචාරකර හිතුන දේ යනු අප නොදන්නා සත්‍යය ම යැයි කියන්න බෑනේ.

      Delete
    3. දන්න තොරතුරු කියන්න

      Delete
    4. ජෙනරල් කොබ්බෑකඩුව විසින් සම්පූර්ණ යාපනය අර්ධද්වීපයම LTTE යෙන් මුදාගැනීම සඳහා සැලසුම් කල Operation Countdown' ක්‍රියාන්විතයට එරෙහි වුණේ කවුද? ත්‍රිවිධ හමුදාවටම නියෝග ලැබෙන පරිදි, යුද හමුදා සේනාංකාධිපති වරයකු ක්‍රියාන්විත සැලැස්මක් සැකසීම, දිරෙව්වෙ නැත්තේ කාටද? (ඊලාම් යුද්ධය ජය ගැනීමේදී, එවකට යුදහමුදාධිපති, සරත් ෆොන්සේකා සැකසු සැලසුම්, ත්‍රිවිධ හමුදාවම පදනම් කරගත් අතර, එය සාර්ථක වුණා) එදා මේජර් ජෙනරල් කොබ්බෑකඩුව සැලැස්ම ක්‍රියාත්මක වුනානම්, යුද්ධය ඉවර වෙනවා. එයට විරුද්ධ වුණේ කවුද? එසේම, ඔහු හමුදාපති වෙනවා. එය නොඉවසුවේ කවුද? අරාලි තුඩුවට යන්න ගියේ ඒ සංග්‍රාමික සැලැස්මේ තොරතුරු සොයාබැලීමේ කාර්යයක්පු ලෙසයි. එදා ඒ ජීප් එකට නගින ලෙස, ජෙනරල් කොබ්බෑකඩුව කිව්වම අදිමදි කලේ කවුද? ඒ ඇයි? මියයාමෙන් පසු විශාල මුදල් තොගයක් සහිත පෙට්ටියක් හමුවුනේ කාගේ නිවස්නයකින්ද?

      ඔය ඇති.

      Delete
    5. ඉන්ටේක් නැති ඔෆිසර්ස්ලා ඕනෙ පදම් ඉන්නෙ?

      Delete
  2. Yes . You have nothing to think about. Just kiyala dhaanna.

    ReplyDelete
  3. ඇත්තටම මේවගෙ මුලක් මැදක් අගක් නැද්ද?
    ජයවේවා..!!

    ReplyDelete
  4. ඇයි තිස්ස බණ්ඩාරනායක කොමිසමේ දී ගැහැනියක කියූ බොරු අසා ජනතාව කුපිතව විමලරත්න ගේ කිරිබත්ගොඩ පිළිරුව කඩා දැම්මා නේද?

    ReplyDelete
    Replies
    1. රෝහිනී හතුරුසිංහ

      Delete
  5. සත්‍ය අප කෙරෙන් බොහෝ ඈතය​.

    ReplyDelete
  6. යුද්ධයක පළමුවෙනි වින්දිතයා සත්‍යයයි

    ReplyDelete
  7. උඩින් පෙනෙන දෙයට වඩා යටින් සිදුවන දෙය සිතනවාට වඩා භයානක විය හැකිය.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මොනතරම් අභව්‍යයයි කියල හිතුනත් ඒ කාලෙ රට කරවපු පාලකයින්ගෙ උම්මත්තක හැසිරීම් ගැන හිතල බලනකොට අපි හිතන ඕනම දෙයක් වෙන්ටත් පුලුවන් එක අතකට.

    Truth is most probably not only stranger than you think, it would be even stranger than you could imagine - Arthur C. Clarke

    ක්ලාක් මහත්තය මෙහෙම කිව්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රපංචයක් ගැන හිතල වුනත් ඒ කතාව මෙතෙන්ටත් යොදාගන්න පුලුවන්ය කියල මට හිතෙනව... :)

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ රට කරවපු පාලකයින්ගෙ උම්මත්තක හැසිරීම් ගැන හිතල බලනකොට අපි හිතන ඕනම දෙයක් වෙන්ටත් පුලුවන් ++++++++++++++++=

      Delete
  10. විජය විමලරත්නත් ඩෙන්සිල් කොබ්බෑකඩුවත් කොන් කිරීමට හමුදාපති වෛද්‍යරත්න ගත් උත්සහය නිසා ඉතා බරපතල ගැටුමක් ඇති වූ බවත් විමලරත්නත් කොබ්බෑකඩුවත් යන දෙදෙනාම හමුදාව දමා යාමට ගිය බවත් පසු කාලෙක ජෙරී ද සිල්වා (පසු කාලෙක හමුදාපති ) කියා තිබෙනවා.

    මේ බෝම්බය වෛද්‍යරත්න තැබුවා කියා මම කියන් නෑ. නමුත් අපි නොදන්නා බොහෝ දේ තිබෙනවා කියා නම් කියනවා.

    ReplyDelete
    Replies
    1. හමුදාපති වෛද්‍යරත්න දූෂිත පුද්ගලයෙක් ඔහු රිමාන්ඩ් එකෙත් හිටියා පසු කාලයක

      Delete
  11. යුද්ධයක් කියන්නේ ම අභාග්‍යයක් ට්‍රාන්ස්............... ඒක තේරුම් ගත්ත දවසට ලෝකය ලස්සන තැනක් වේවි...

    ReplyDelete
  12. අරාලි තුඩුවට මමත් ගිහින් තියෙනවා. ඒ පළාතෙ තියෙන භූ විෂමතාව අනුව වාහනයක් එද්දි බොහොම ඈතට පේනවා...ගස් කොලන් නැති නිසා...ඒ නිසා මේ වාහන වලට ඉලක්කය ගන්න අමාරු වෙන්න නැතුව ඇති. ඔය පිපිරීම ගැන විවිධ අයගෙ විවිධ අදහස් තිබුනා. සමහරු එවකට රජයටත් චෝදනා කලා නේද ? සෑහෙන කාලයකට කලින් එන්න තිබ්බ ගමනක්...පරක්කු වෙලා හරි අද මේ පැත්තට ආවා.

    ReplyDelete
  13. මුලින්ම මෙම පිපිරීම ගැන පත් කරපු ඉස්මයිල් කොමිසමේ වාර්තාවේ අගට ඇමුනුමක් ලෙස දක්වා ඇති දොස්තර නිර්නාමිකගේ ලිපිය ගැනත් කයන්නේ නැත්තේ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook