Sunday, June 5, 2016

දෙවන පන්තියේ පුරවැසියන්



සෝවියට් දේශයේ ඉගෙනුම ලබන කාලයේදී සෝවියට් දේශය සංවර්ධිත රටක් වූ අතර අජටාකාශ , වෛද්‍ය , ඉංජිනේරු , යුද  තාක්‍ෂණය අතින් දියුණු බටහිර රටවල් සමග කරට කර සිටියේය​. මේ නිසා බොහෝ සෝවියට් සිසුන් තම රට ගැන සිටියේ ආඩම්බරයෙනි. මේ අතර සෝවියට් දේශයේ ඉගෙනුම ලැබීමට ගිය ආසියාවේ අප්‍රිකාවේ  ලතින් ඇමරිකාවේ සිසුන් හෙවත් තුන්වන ලෝකයේ සිසුන් දෙස සමහර විට ඔවුන් බැලුවේ අනුකම්පාව මුසු  සමච්චලයෙනි. එසේම වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරු දේශන වලදී කොලරාව​, ඩිසෙන්ටිරියාව​, පෝලියෝ, මන්ද පෝෂණය වැනි රෝගාබාධ පිලිබඳ වඩාත් හොඳ පැහැදිලි කිරීම්  සඳහා ප්‍රොජෙක්ටර් මගින් රෝගීන් ගේ පින්තූර පෙන්වූහ​. මේ පින්තූර බොහෝ විට ආසියාවේ  අප්‍රිකාවේ  ලතින් ඇමරිකාවේ රෝගීන් ගේ පින්තූර වූ අතර පසෙකින් දරිද්‍රතාවයේ ලක්‍ෂණ වූ පැල්පත් , දුගී මිනිසුන් දැකගත හැකි විය​. මේ හැර ලංකාව ගැන පෙන්වූ වැඩසටහන් වල බොහෝ විට පෙන්වන ලද්දේ බින්තැන්නේ වැද්දන් , ධීවරයන් සහ අමුඩ ඇඳගෙන කෙත් වතු වල වැඩ කරන ගොවීන් ය​. මේ චිත්‍රපට සෝවියට් මාධ්‍ය  වලට දී තිබුනේ අපගේ තානාපති කාර්‍යාල වීමද මෙහිදී කිව යුතුමය​.  එම නිසා තුන්වන ලෝකයේ මිනිසුන් දුප්පත්කමේ ඇලී ගැලී පැල්පත් වල වාසය කරන බවත් සෝවියට් පුරවැසියන් මේ දුගී ජනතාවට ආහාර මෙන්ම විශේසඥයන් පුහුණු කොට ආධාර සැපයිය යුතු බවත් ඒ කාලයෙ තිබූ විශ්වාසය විය​. 

හේතුවෙන්  අපගේ වෛද්‍ය පීඨයේ සිටි සමහර සෝවියට් සිසුන්  අප කැන්ටිමේ සොසේජස් , චීස් , බිත්තර , බේකන් කන විට " කාපල්ලා කාපල්ලා උඹලගේ රටවල් වලට ගියාම සාගතේ නොවැ ඒ නිසා මෙහිදී හොඳට කාපල්ලා බඩවල් පුරවගනිල්ලා " වැනි බැල්මකින් අපට සංග්‍රහ කලහ​. 

ඇමරිකාවේ මෙන් නොව සෝවියට්  දේශයේ වර්ණ භේදය නොමැති බව අපට ගුරුවරු සහ සුද්දෙන් කී නමුත් බාහිර සමාජයේදී අප වර්ණ භේද වාදය සෝවියට්  සමාජවාදී සමාජයේදී දුටුවෙමු. වරක් පළමු භාෂා වසරේදී මමත් සෙරලියොන්හි ජෝසෆ් කරෝමාත් ඔහුගේ සොහොයුරු එඩ්වඩ් කරෝමා හෙවත් රැම්බෝත් , සැමුවෙල් ස්මිත් සහ තවත් මොරොක්කෝ සිසුවෙකුත් සිකුරාදා දිනෙක සවස නගරයේ පැවති සංගීත සාදයකට ගියෙමු. එම සාදයේදී එක් තරුණියක් මිහිරි හඞකින් ආලා පුගචෝවාගේ ප්‍රේම ගීතයක් ගැයූ අතර බොහෝ දෙනෙකු එම ගීතයට ආලිංගන නැටුම් වල යෙදුනහ​. 

ජෝසෆ් කරෝමා සහ මොරොක්කෝ සිසුවා සෝවියට් තරුණියන් දෙදෙනෙකු වෙත ගොස් ඔවුන් සමග නැටීමට ආරාධනා කලහ​. මඳක් අකමැත්ත පෙන්වමින් ඔවුන් මේ විදෙස් සිසුන් සමග නර්තනයේ යෙදීම ආරම්භ කලහ​. මෙහිදී බොහෝ දෙනෙකු නීග්‍රෝ ජාතික ජෝසෆ් කරෝමා සමග නර්තනයේ යෙදෙන තරුණිය දෙස බැලීමටත් පහත් හඞින් කසු කුසු ගාන්නට වීමත් මම නිරීක්‍ෂණය කලෙමි. මොරොක්කෝ සිසුවා තරමක සුදු පැහැයක් තිබීම නිසාත් ඔහු අවධානයට ලක් වූයේ නැත​. නමුත් නර්තනය මැදදී සුදු තරුණයෙකු පැමින ජෝසෆ් කරෝමාට ඇබීසියානා (වඳුරා) කියා නිග්‍රහ කොට තරුණියගේ අතින් ඇද නර්තනය නවතාලීය​. එඩ්වඩ් කරෝමා හෙවත් රැම්බෝ හතයි හතේ පුද්ගලයෙකි. ඔහු එම සුදු තරුණයාට පහර දීමට නැගිටිනවාත් සමගම මම  එඩ්වඩ්ව අල්ලාගත්තෙමි. එසේම ඇසින් සන් කොට ජෝසෆ් කරෝමාත් සහ  සැමුවෙල් ස්මිත්  ද රැගෙන එම ස්ථානයෙන් පිටවූයෙමි. මොරොක්කෝ සිසුවා තරුණිය සමග ආලිංඟනයේ වෙලී සිටි නිසා අප ඔහුට බාධා නොකලෙමි. එය අපගේ ප්‍රථම වර්ගවාදී අත්දැකීම විය​. 

තවත් වරක් අපගේ ශල්‍ය වෛද්‍ය ගුරුවර ශුපානොව් anal fistula හෙවත් ගුද බගංදරාවන් ගැන තේරුම් කර දී එක් එක් සිසුවාට රෝගියා බැගින් දී පරික්‍ෂා කිරීමට නියම කලේය​. මෙම රෝගීන්ට රෙක්ටල් එක්සැෂන්මිනේ හෙවත් ග්ලවුස් සහිතව තම දබර ඇඟිල්ල රෝගියාගේ අධෝ මාර්ගයට දමා පරීක්‍ෂාවට නියමිතව තිබුනේය​. මගේ රෝගියා විශ්‍රාමික යුද නිලධාරියෙකි. " මගේ අධෝ මාර්ගයට උඹගේ කළු ඇඟිල්ල දැමීමට ඉඩ දිය නොහැකියි " ඔහු තරයේ කීය​. මගේ මිතුරු එව්ගේනි පද්සූහා මම වෛද්‍ය සිසුවෙකු බවත් මේ පරීක්‍ෂනය අත්‍යාවශ්‍ය බවත් කීවද යුද නිලධාරියා තම ස්ථාවරය වෙනස් කලේ නැත​. අවසනයේදී එව්ගේනි ඔහුව පරික්‍ෂා කොට මට ෆිස්ටියුලාවේ තත්වය කීවේය​. මම එය වෛද්‍ය ශුපානොව්ට වාර්තා කලෙමි. 

මෙවැනි කතාවක් එංගලන්තයේ රෝයල් බ්‍රෝම්ටන් රෝහලේ සේවය කරන මගේ ඥාතී සොහොයුරෙකු කීවා මතකය​. ඔහු වෛද්‍ය අධ්‍යාපනය ලැබුවේ බ්‍රිතාන්‍යයේය​. වරක් මහළු සුදු කාන්තාවක් පරීක්‍ෂා කරන විට කළු හමක් තිබෙන වෛද්‍ය සිසුවෙකු වෙනුවට සුදු හම තිබෙන වෛද්‍ය සිසුවෙක් ඇය බලෙන් ඉල්ලා සිටියාය​. එංගලන්තයේද වර්ගවාදී අත්දැකීමක් මම ලබා ඇත්තෙමි. ඒ සවස් වරුවක උමං දුම්රියේ හෙවත් ටියුබ් එකේ යන විටය​. 

නවක වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ සේවය කරන විටද අපට සමහර අවස්ථා වලදී ප්‍රභේධකරනයන්ට මුහුණ දීමට සිදු විය​. අප විදේශ පුහුණුවලත් වෛද්‍යවරු වීම නිසා සමහර දේශීය වෛද්‍ය විශේසඥයන් අප කෙරෙහි අගතිගාමීව ක්‍රියා කරන ලදි. මෙසේ කල එක් ශල්‍ය වෛද්‍ය විශේසඥයකු මට මතක් වේ. ඔහු විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට එරෙහි වන ලද්දේ ඔහුගේ දියණිය සෝවියට් ශිෂ්‍යත්වයකට අයදුම්කලද ඇය සම්මුඛ පරීක්‍ෂණයේදී අසමත් වීම නිසා බවටද රාවයක් තිබුනේය​. මේ විශේසඥ වෛද්‍යවරයා මට මෙන්ම අනෙකුත් විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට අනවතරයේ හිරිහැර කල අතර මගේ බිරිඳගේ පියා මිය ගිය අවස්ථාවේදී මම  නිවාඩු ඉල්ලූ විට ඔවුන්ට නුඹ නැතිව නුඹේ ඥාතීන්ට මාමාව වළදාගත හැකියි කියා අවඥාසහගතව ඉංග්‍රීසි භාෂාවෙන් කීවේය​.   

මේ හැර සමහර දේශීය වෛද්‍ය පීඨවල වෛද්‍යවරුද  අපට හිරිහැර අවමාන කලහ​. මීට ඉහතදී කී ලෙසින් ග්‍රාමීය පාසල් වල ඉගෙනුම  ලැබූ අඩු සමාජ ආර්ථික මට්ටමකින් පැමිනි  දේශීය වෛද්‍ය පීඨවල වෛද්‍යවරු විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට හිරිහැර අවමාන කරන බවට මට නිරීක්‍ෂනය වී තිබේ. මේ සඳහා ඉරිසියාව , හීනමානය , අඩු සමාජ නිරාවරණය, ග්‍රාමීය පසුගාමීත්වය හේතු කාරකයන් වන බව මම අනුමාන කරමි. නමුත් ඉතා යහපත් ගතිගුණ තිබෙන ග්‍රාමීය පාසල් වල ඉගෙනුම  ලැබූ අඩු සමාජ ආර්ථික මට්ටමකින් පැමිනි  දේශීය වෛද්‍ය පීඨවල වෛද්‍යවරුද මට හමුවී තිබෙන බව මෙහිදී කිව යුතුය​. මෙවැනි එක් වෛද්‍යවරයෙක් ඉතා යහපත් මිනිසෙකු මෙන්ම යහපත් මිතුරෙකුද විය​. ඔහු කී පරිදි ඔහුගේ පියා මහවැලියේ රියැදුරෙකි. නමුත් ඔහු  ගතිගුණ වලින් ධනවතෙකි. 

මීගමුව රෝහලේ නිතරම විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට හිරිහැර අවමාන  කරන වෛද්‍යවරයෙකු සිටියේය​. නමින් ලයනල් වූ ඔහුගේ ගම පොලොන්නරුවේය​. පේරාදෙනිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ ඔහු පේරාදෙනිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෙනත් වෛද්‍යවරු වන සසකාවා, සුබේ, බස්නායක යන වෛද්‍යවරු මා සමග හිතවත්කම් පෑම දරා ගත නොහැකි විය​.  ඔහු නිබඳවම මා ඉදිරියේ විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන් විවේච්නය කලේය​. ඔහු මෙසේ පහත් හින්ට් ගසන විට මම මෙසේ සිතුවෙමි. ඔහු කිසිදු පිටරටකට අඩිය තබා නැත​. රතු චතුරශ්‍රය , බිග්බෙන් කුළුන , බර්ලින් තාප්පය , කාර්පේතියානු කඳුකරය සියැසින් දැක නැත​. මේ ඉම්ගල් දැක ඇති මා ඔහු ගේ දෙනෙත් ඉදිරියේ මිනිසෙකු නොවූයේ මන්ද ? මම ඉංග්‍රීසි ,රුසියානු , යූක්‍රයීන​, මඳ වශයෙන් පෝලන්ත  යන භාෂා කතා කරමි. එහෙත් ඔහු ගේ දෙනෙත් ඉදිරියේ මිනිසෙකු නොවූයේ මන්ද ? මට ඔහුගේ අවිචාරක හැඟීම් තේරුම් ගැනීම අපහසු විය.

ඔහුගේ ආචාර සම්පන්න නොවන වෘත්තිමය හැසිරීම බිඳ වැටුනේ මා ඉදිරියේමය​. වරක් වෝඩ් රවුන්ඩ් එකකදී වී.ඕ.ජී විද්‍යාතිලක මහතා ගැබිනි මාතාවක් පෙන්වා හව් මෙනි චිල්‍ රන් කියා ලයනල් ගෙන් ඇසුවේය​. වන්  චිල්‍ රන් (one children) කියා ලයනල් කී අතර වී.ඕ.ජී මහතාට පමණක් නොව හෙදියන් ද සිනාසුනහ​. මම පමණක් නිහඞව සිටියෙමි. මේ අතර වී.ඕ.ජී මහතා ලයනල් අමතා වන්  චිල්‍ රන් නොව වන් චයිල්ඩ් විය යුතු බවත් වෛද්‍යවරු ඉංග්‍රීසි ඉගෙන ගත යුතු බවත් පවසා ඔහුගෙන් මොන වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබුවේදැයි ඇසීය​. ඔහු ලැජ්ජාවෙන් තමා උගත් වෛද්‍ය පීඨයේ නම කීවේය​. ඉන්පසු ලයනල් ගේ හින්ට් නැත්තටම නැතිවී ගියේය​.  

මීට වසර ගනනාවකට ඉහතදී මම කැනඩාවේ සෙනෙකා කිං කැම්පස් හි අධ්‍යනය ලබන විට  නෝත් යෝර්ක් ජෙනරල් රෝහලේ මානසික රෝග වාට්ටුවට ගියේ ස්ථාපනය සඳහාය​. මා  ලංකාවේ වෛද්‍යවරයෙකු බව දැනගත් නෝත් යෝර්ක් ජෙනරල් රෝහලේ ජේෂ්ඨ මනෝ වෛද්‍ය ගෝරන් එරෙවැක් මා හට කාරුණිකව සලකා ඔහුගේ රෝගීන් බැලීමට මට ඉඩ දුන්නේය​. නමුත් ඔහුගේ එක් සහායක වෛද්‍යවරයෙකු වූ සුදු ජාතික තරුණ මනෝ වෛද්‍ය වරයෙකු මගෙන් තොරතුරු විමසන ගමන් " නුඹ ලංකාවෙන් නේද ? නුඹට තිබෙන්නේ තුන්වන ලෝකයේ වෛද්‍ය උපාධියක් යැයි සමච්චල් සහගතව කීවේය. මම නිරුත්තර වූයෙමි. ඔහු වැරදිය​. මට තිබෙන්නේ යූක්‍රයීනයේ සෝවියට් වෛද්‍ය උපාධියකි. ඒ කාලයේ සෝවියට් දේශය පළවන ලෝකයේ රටක් විය​. නමුත් මම ඔහු සමග වාදයට නොගොස් නිහඞ වූයෙමි. තුන්වන ලෝකයේ වෛද්‍ය උපාධි යැයි උපාධි වර්ගයක් තිබෙන බව ඔහු එදා මට පෙන්වා දුන්නේය​. 

යෝක් විශ්ව විද්‍යාලයේ එක් රූමත් සුදු සිසුවියක් විශ්වාස කල පරිදි ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල මිනිසුන් ජීවත් වන්නේ මඩ් හට් වලය​. ඔවුන් ගේ ආයු කාලය උපරිමය වසර 42 සීමාවේ. මේ සිසුවිය ඔන්ටේ‍රියෝවෙන් එහාට අඩිය තබා තිබෙන්නේ යාබද ඇමරිකාවේ බෆලෝ නගරයට පමණි. ඒ ශොපිං කිරීම සඳහාය​. මෙයද එක්තරා ආකාරයේ භූගෝල විද්‍යාත්මක නූගත්කමක් බව මම සිතමි. 

මම උතුරු ඇමරිකාවේ වසර 10 ආසන්න කාලයක් ජීවත් වෙමි. ලංකාවෙන් බැහැරව ජීවත් වන අප දෙවන පන්තියේ පුරවැසියන් ද? මම මගෙන් අසමි. ඒ සමගම මට සිතට නැගෙන්නේ ලංකාවේ අප පළවන පන්තියේ කියාද යන්නයි. 

ලංකාවේ ඕනෑම පාදඩ නූගත් දේශපාලාඥයෙකුට ඔබගේ ඉඩමක් නිවසක් බලහත්කාරයෙන් අත්පත් කර ගත හැකිය​. ඔබව වාහනයකට යට කර කිසිදු වන්දියක් නොදී බේරී යා හැක​. ඔබගේ දියණියක් දූෂණය කල හැකිය​. පොලිසියෙන් උසාවියෙන් ඔබට සාධාරණයක් නොවන බව ඒකාන්තය​. ඔබගේ ළමයාට සුදුසු පාසලක් ලබා ගැනීමට ඔබට දේශපාලකයන් පසු පස යාමට සිදුවේ. සමහර විදුහල්පතිවරු ඔබගේ බිරිඳ සමග යහන් ගතවී ළමයා පාසැලට දමා දෙන්නට යෝජනා කරති. පාසලේ අධ්‍යාපනය ලබන ඔබගේ ළමුන් ගුරුවරුන් ගේ කායික මානසික වද වලට ලක් වෙති. ඒවා ගැන පැමිණිලි  කිරීමට ගියොත් ළමයා ගෙන් ගුරුවරු පලි ගනිති. උසස් අධ්‍යාපනයට ලංකාවේ විශ්ව විද්‍යාලවලට යන ඔබගේ දරුවන් බොහෝ විට නවක වදය නමින් කායික වාචික භීෂණයන්ට මුහුණ දෙති. ඔවුන්ට රැකියාවක් ලබා ගැනීමට දේශපාලන පන්දම් තිබිය යුතුය​. අසනීප වී රජයේ රෝහලකට ගිය විට ගේට්ටුවේ සෙකුරිටි ගේ සිට වෛද්‍ය අධිකාරී දක්වා පුද්ගලයන් ගේ ගෙම්බර් ඉවසිය යුතුය​. වැඩක් කර ගැනීමට රජයේ ආයතනයකට ගිය විට හැඳුනුම්කමක් නොතිබුනේ නම් අබ සරණය​. 

මේ නයින් දෙවන පන්තියේ පුරවැසියන් කවරහුද ?  මම තවමත් සිතමි .


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

38 comments:

  1. /* මෙවැනි කතාවක් එංගලන්තයේ රෝයල් බ්‍රෝම්ටන් රෝහලේ සේවය කරන මගේ ඥාතී සොහොයුරෙකු කීවා මතකය​. ඔහු වෛද්‍ය අධ්‍යාපනය ලැබුවේ බ්‍රිතාන්‍යයේය​. වරක් මහළු සුදු කාන්තාවක් පරීක්‍ෂා කරන විට */

    අශික්කිත ප්‍රශ්නයක් නොවේ. මේ PR සඳහා ද, PV සඳහා ද?

    කලින් ඕස්ටේ‍ර්ලියාවේ අගමැතිව සිටි ජූලියා ගිලාඩ් ගේ සහකරුවා, අපේ පිරිමින් ප්‍රොස්ටේට් රෝග සඳහා පරීක්‍ෂා කර ගැනීමට උනන්දු කිරීම සඳහා කතාවක් කරමින් (එය මෙහි පිරිමින් විශාල සංඛ්‍යාවක් මිය යන රෝගයකි) මතක ඇතිව ප්‍රොස්ටේට් පරීක්‍ෂණය සඳහා කුඩා ඇඟිළි ඇති වෛද්‍යවරියක් කරා, උදාහරණයක් ලෙස චයිනීස් වෛද්‍යවරියක් ළඟට, යන්න කියා මහා හා හෝවක් වුණා.

    Note: Prostate cancer is the most commonly diagnosed cancer in Australia (excluding non-melanoma skin cancer), with 21,808 new diagnoses in 2009.- Prostate cancer is the fourth leading cause of mortality among Australian males, with 3,294 deaths from prostate cancer in 2011.- Around 9 in 10 (92%) males.

    ReplyDelete
    Replies
    1. අශික්කිත ප්‍රශ්නයක් නොවේ. මේ PR සඳහා ද, PV සඳහා ද? //// මෙය සාමාන්‍ය පරීක්‍ෂාවක් සඳහා අවසර ඉල්ලූ විට කරන ලද ප්‍රතික්ශේපයකි

      Delete
  2. /* මගේ බිරිඳගේ පියා මිය ගිය අවස්ථාවේදී මම නිවාඩු ඉල්ලූ විට ඔවුන්ට නුඹ නැතිව නුඹේ ඥාතීන්ට මාමාව වළදාගත හැකියි කියා අවඥාසහගතව ඉංග්‍රීසි භාෂාවෙන් කීවේය​. */

    What a horrible man.

    ඔහු මේ තිරිසන් ආකාරයට සැලකුවේ ඔබට පමණද? ඒ ඔබේ උපාධිය රුසියාවේ නිසාමද?

    ReplyDelete
    Replies
    1. ඔහු මේ තිරිසන් ආකාරයට සැලකුවේ විදේශ උපාධිධාරීන්ටය​.

      Delete
  3. අපේ අත්දැකීම් මත පමණක් පදනම්ව යම් යම් දේ සාධාරණිකරණය කළ හැකි යැයි මා සිතන්නේ නෑ. උදාහරණ ලෙස ගමේ පාසල්වල උගත් දොස්තරලා රුසියාවෙන් ආ අයට අවමන් කිරීම වැනි දේ ඔබේ අත්දැකීම් සාම්පලයට නිවැරදි වුනත්, එය පොදුවේ සැමටම ආදේශ කළ නොහැකියි.

    මගේ පොඩි අත්දැකීමක් කියන්නම්. අපේ ආයතනයේ මා සේවය කරන අංභයේ කාර්යාල හතක් ප්‍රාන්තයේ විවිධ පළාත්වල පිහිටා තියෙනවා. මා ඉන්නේ සිඩ්නිවල ඇති ප්‍රධාන කාර්යායේයි. දිනක් අපේ බටහිර ප්‍රදේශයේ (සිඩ්නිවල සිට කිලෝමීටර් 400 පමණ දුර සිට 1,200 දක්වා ප්‍රදේශය) කළමනාකරුවා ප්‍රධාන කාර්යලායේ රැස්වීමට පැමිණි දිනක දිවා ආහාර වේලාවේදී මා හා කතා කරමින් සිටියදී, ලංකාවේ බහුතරයක් ඉංජිනේරවෝ රුසියාවේ උගත් අය නේද කියා ඇහුවා. වැඩි දුර කතාවේදී මා දැන ගත්තේ, ඔහු ගේ ප්‍රදේශයේ දී ඔහුට මුණ ගැසී ඇති ඉංජිනේරුවන් අති බහුතරය රුසියාවේ උගත් අය වීමයි.

    ඔබට නිවාඩු නොදුන් පාලකයා සහ වන් චිල්ඩ්රන් කියූ විට උගත් විශ්ව විද්‍යාලය අසා සමච්චක් කළ වීඕජීකරු දෙදෙනාම එකම වර්ගයේ අමනයින් බව සැකයක් නෑ. ඒ සරල ඉංගිරිසි වැරැද්ද සහ ඔබ්ස් සහ ගයිනි අතර ඇති සම්බන්ධය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මේකයි අවුල. මේ ලියන එකත් වර්ගවාදියෙක් තමයි. හැබැයි ඌට ඒක තේරෙන්නේ නැහැ. ඌ ඔයවගේ කතා කියල moral
      high ground එක ක්ලෙම් කරන්න හැදුවට මුගේ අනිත් ලිපි කියවල බැලුවොත් තේරෙයි මූටම නොදැනී මුගේ පහත් මානසිකත්වය එලියට එන තැන්

      Delete
    2. මේ ලියන එකත් වර්ගවාදියෙක් තමයි////// තමන් ගේ නියම නමින් පෙනී සිටීමට බිය නිවටයෙකු වන ඔබට මගේ ලිපි අතරින් වර්ගවාදීව ලියන ලද ලිපියක් පෙන්වා ඔබගේ චෝදනාව ඔප්පු කල හැකිද ? මම ඔබට අභියෝග කරමි නමුත් ඔබ මගේ අභියෝගය හමුවේ තවත් අපහාස කුනුහරප ලියනු මිසක මගේ අභියෝගයට තර්කානු කූලව පිලිතුරක් නොදෙන බව මට 100 % විස්වාසය​. ඔබ නිවටයෙකු ගේ ඇනොනිමස් ඇවිත් ඔබගේ පහත් මානසිකත්වය පෙන්වූවද ඔබගේ කොමෙන්ටුව සමග සඳහන් වන ඔබගේ පරිගනකයේ අයි පී අංකයේ ලිපිනය මගින් මම ඔබව හඳුනාගත්තෙමි.

      Delete
    3. මාරයිනේ. ගම්පහ ඉන්න තිබ්බ පොරක්නේ.
      ගොනෙක් කියල මරන්නද

      Delete
    4. ඔබගේ කොමෙන්ටුව සමග සඳහන් වන ඔබගේ පරිගනකයේ අයි පී අංකයේ ලිපිනය මගින් මම ඔබව හඳුනාගත්තෙමි.

      ඔන්න ඉතින් ඩොකාත් [අ]විචාරක වගේ චන්ඩි ටෝක් දානවා ..කොහොමද චමරික/නෙට් කැෆේ එකක ඉඳන් කොමන්ට් දැම්මානම් ඕවා නිකම් පඩ ෂෝ නේද

      මේ ලියන එකත් වර්ගවාදියෙක් තමයි///// මේවානම් මට අදලා නැනේ ....අපිත් පිටගිහිල්ල ඉන්න සෙකන්ඩ් ක්ලාස් පොරවල් නිසා

      Delete
    5. ඕක තමයි මම දවසක් මෙහෙම කිව්වේ.
      //AnonymousMay 10, 2016 at 4:25 AM
      මට වඩා අඩු බුද්ධි මට්ටමක් තියෙන කෙනෙකුගෙන් මම උපදෙස් ගත යුත්තේ ඇයි?//
      සමාජේ මෝඩ මිනිස්සු ඩොක්කු ඉස්සරහ දෙකට නැවෙනවනේ. ඉතින් හිතන්නේ ඩොකෙක් උනාම ඌ තමා පොර කියල.

      මූ වර්ගවාදියෙක් කියන්නේ මේකයි.
      //එහෙත් මගේ පිළිතුර වූයේ ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකාවේ මිලිටරිවාදයේ පමණක් නොව දෙමළ ජාතිවාදයේත් දෙමළ ස්වෝත්තමවාදයේත් අවස්ථාවාදී දේශපාලනයේත් නිෂ්පාදනයක් බවත් ය.//
      ඔය කතාවම තමයි නලින් ද සිල්වත් කියන්නේ සිංහල ජාතිවාදේ ගැන වචනයක්වත් නොකිය. මම ඕකට දාපු කමෙන්ට්ස් නම් මුට දරාගන්න බැරුව මකල දැම්ම. අර මධ්‍යස්ත කියල හිතන් ඉන්න එකත් ආවා මූට අලගු තියන්න.

      Delete
    6. ඉතිං පරයෝ ඒ කතාව ඇත්තනේ ඒකේ තියන වර්ගවාදය මොකක්ද ? ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකාවේ මිලිටරිවාදයේ පමණක් නොව දෙමළ ජාතිවාදයේත් දෙමළ ස්වෝත්තමවාදයේත් අවස්ථාවාදී දේශපාලනයේත් නිෂ්පාදනයක් තමයි. උඹ එක්කෝ දෙමල ඩයස්පෝරා එකෙන් මාසිකව මුදල් ගන්න එකෙක් වෙන්න ඇති නැත්නම් උඹගේ අම්මා උඹගේ තාත්තාට හොරෙන් දෙමලෙක්ට කකුල් දෙක පලල් කරලා උඹව ජාතක කර ගන්න ඇති. ඩොක්ට කියන කතාව ඇත්ත උඹ නිවටයෙක්

      Delete
    7. ඔය කියන්නේ AnonymousJune 6, 2016 at 11:12 AM ගැනද ? මටත් හිතුනා මෑන් ගේ ජාතකේ පොඩ්ඩක් අප්සෙට් කියලා

      Lalith

      Delete
    8. මෙතන ඒ පුද්ගලයාගේ ජාති ජම්මේ ආදායම් මාර්ග අදාල නැහැ. මා විසින් ලියා තිබෙන ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේශණයක් කෘතිය (2004 සරසවි ප්‍රකාශනයකි) කියවන්න එහි පැහැදිලිවම කියා තිබෙනවා ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකාවේ මිලිටරිවාදයේ පමණක් නොව සිංහල -දෙමළ ජාතිවාදයේත් අවස්ථාවාදී දේශපාලනයේත් නිෂ්පාදනයක් බව​.

      Delete
    9. Lalith
      කාගේ හරි ජාතකේ අප්සෙට් නම් එක " ඔයාට අදාළ නැනේ "!!! " ඔයාගේ ජාතකේ චෙක්කරලා බලන්නකෝ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා

      Delete
    10. @ AnonymousJune 6, 2016 at 8:13 PM ඔයගේ අම්මා ඔයාගේ තාත්තාට හොරෙන් දෙමලෙක්ට කකුල් දෙක පලල් කරලා ඔයාව ජාතක කර ගත්ත නේද ?

      Lalith

      Delete
    11. ඇනෝනිඟලස් ප්‍රහාරයක් නිසා මා මතු කළ කාරණා යට ගොස් ඇත!

      Delete
    12. ලොජියේ තුමාට එතුමා ඕස්ට්‍රේලියාවේ දෙවන පන්තියේ පුරවැසියන් කියලා තවම දැනිලා නෑ වගේ

      Delete
    13. ඇනෝ,
      මෙහේ තුමාලා හෝ දෙවන පෙල අය හෝ නැත.
      ඇත්තේ සැම දෙනාම සමාන ඉගලිටේරියන් සමාජයකි.
      http://rasikalogy.blogspot.com/2015/06/what-hell-is-egalitarianism.html

      එන්න, ඇවිල්ලා ම බලන්න.

      Delete
    14. අනේ පනේ අපි නොදන්නා ඕස්ට්‍රේලියාවේ දෙවන පන්තියේ පුරවැසියන
      ඔහේ නිකමට වගේ සිකුරාදා රෑකට ඔය මහලොකු [Sydney down town] පැත්තේ තනියම රවුමක් ගහලා ඇවිල්ලා ලිපියක් ලියන්නකෝ Sydney down town]කොහෙදතියෙයන්න කියලා දන්නේ නැතිනම් ඔය ගෙවල් ළඟ ඇති පබ් ඒකකට ගිහිල්ලා බාමන්ගෙන් අහන්න එයා කිදෙයි යන විදිහ

      Delete
  4. ඇත්තම දෙවන පන්තියේ මිනිස්සු දෙකොටසකි.
    අනෙක් මිනිසුන්ව අවමානයට ලක්කරන මිනිස්සු .
    තමන්ව එලෙස අවමානයට ලක් වීමට සුදුසු යැයි සිතා සිටින මිනිස්සු .

    ReplyDelete
  5. අවසාන ඡේදය ඉතාම වැදගත්. ලංකාවෙ ඉන්න හැම එකාම බලන්නෙ තව එකෙක්ව පීඩාවට පත් කරන්න.
    අනුන් පහත්කොට සැලකීම නම් ලෝකෙ හැම සමාජයකම තියන දෙයක්.

    ReplyDelete
  6. ඇත්තෙන්ම ලංකාව ගැන හුඟක් විදේශිකයෝ දන්නෙ ඒ අය දකින දේ. ලංකාව ගැන හුඟක් වෙලාවට පලවෙන්නේ එකම වර්ගයේ පින්තූර. ලංකාව තේවත්තක් සහ පුරවැසියෝ ඔක්කොම කූඩේ පිටේ බැඳගෙන දලු කඩන ද්‍රවිඩ කාන්තාවො සහ නුවර පෙරහැරේ නටන නැට්‍ටුවො සහ රිට උඩ ඉඳගෙන මාලුබාන ධීවරයෝ කියල කෙනෙක් හිතුවත් පුදුම වෙන්න දෙයක් නෑ.


    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මට මාර ආසාවක් තියෙන්නෙ මාලදිවයින් කාරයො ලංකාවෙ මිනිස්සු ගැන කොහොමද හිතාගෙන ඉන්නෙ කියල දැනගන්න...හෙහ්,හෙහ්, වෙලාවක දෙකක් දාගෙන ඒ ගැන පෝස්ට් එකක් ලියන්ට ඕන...

      Delete
    3. රවී. සරලව කිව්වොත් ලංකාවට නාපු උන්ට ලංකාව තේවත්තක්, හරියටම මාල දිවයිනට නොගිය උන්ට මාල දිවයින කරවල වාඩියක් වගේ.

      Delete
    4. //ඇත්තෙන්ම ලංකාව ගැන හුඟක් විදේශිකයෝ දන්නෙ ඒ අය දකින දේ.// 100% හරි. ඕනෙම කෙනෙක් සම්බන්ධයෙන් මේ කතාව හරිනෙ.

      Delete
    5. //ඇත්තෙන්ම ලංකාව ගැන හුඟක් විදේශිකයෝ දන්නෙ ඒ අය දකින දේ.// 100% හරි. ඕනෙම කෙනෙක් සම්බන්ධයෙන් මේ කතාව හරිනෙ.

      Delete
    6. ජනමාධ්‍ය වලට වගකීමක් තියනවා සත්‍ය චිත්‍රය දෙන්න

      Delete
  7. බොහොම පළල්ව සංවාදයට භාජනය වියයුතු කාරණයක්. වර්ණ භේද, ජාති භේද, සංකල්ප තව කල්පයකටවත් මේ ලෝකෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන එකක් නැහැ.

    ලාංකික සමාජයේ දේශපාලන ඥානය ඉතා පහල මට්ටමක තිබෙන නිසා දේශපාලු වැද්දන් රජවෙනවා.

    ReplyDelete
  8. සරත්චන්ද්‍ර මහත්තයගෙ පොතක තිබුන, එයා කලක් ඇමෙරිකාවෙ ඉන්න කාලෙ, ඇමෙරිකාවට එද්දිම මුණගැහුන කෙනෙක් ආයෙ මුනගැහුනලු. "දැං මහත් වෙලා" වගේ කතාවක් කිව්වලු. සරත්චන්ද්‍ර මහාචාර්යතුමා හිතල තිබුනෙ ඔහේ නිකං කියපු දෙයක් හැටියට. නමුත් ඊට පස්සෙ කියනවලු 'ලංකාවෙදි වගේ නෙවේ මෙහේ කෑම බීම ගනිද්දි මහත් වෙනව" වගේ කතාවක්....

    ReplyDelete
    Replies
    1. මාත් ඕක අහලා තියනවා

      Delete
  9. 'ගම කොහේද?'
    'හපෝ.... '
    'ඉස්කෝලෙ කොහෙද?'
    'ම්ම්ම්ම්....'
    ඔය නිතර අහන්න වෙන ප්‍රශ්න සහ උත්තර.මේ පොඩි රට ඇතුලෙත් එහෙමයි. හමේ කේස් එක නිසා අපේ අයට එන පීටනේ එලියට දාන්නෙ මෙහාට ඇවිත් ලොකු ලයින් අල්ලලා..
    අමෙරිකාවෙ හදපු 'ඩොක්ටර් හවුස්' ටෙලි මාලාවේ පැහැදිලි දෙබසක් තියෙනවා තුන්වන ලෝකයේ රටවල ඩොකාලට කවුද ඩොකාල කියන්නෙ? කියලා අහන.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් හවුස්' ටෙලි මාලාවේ පැහැදිලි දෙබසක් තියෙනවා තුන්වන ලෝකයේ රටවල ඩොකාලට කවුද ඩොකාල කියන්නෙ? /////// මෙගා මානසිකත්වය

      Delete
  10. යකඩෝ මම හිතාගෙන හිටියේ ලෝකෙට වෛද්‍ය විද්‍යාව ලංකාවෙන් ගියා කියල. මේ අපේ වෛද්‍ය ශිෂ්‍යයන්නේ කතා අහල !

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ හිටපු කාලෙ මමත් හිතාන හිටියේ එහෙමයි. ඒත් පිටරට අඩිය තිබ්බම ඒක වෙනස් කියලා තේරුනා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook