කපිතාන් උපාලි විජේරත්නත් මමත් වාසවිලාන්හි හමුදාව විසින් අත්පත්කරගත් නිවෙසක නැවතී සිටියෙමු. අධි ආරක්‍ෂිත කළාපයට අයත් වූ මෙම නිවසේ සිට අප පලාලි රෝහල වෙත ගියෙමු.
( යාපනයේ අධි ආරක්‍ෂිත කලාප පිහිටුවනු ලැබුවේ 1995 වසරේ සිදු කළ 'රිවිරැස' මෙහෙයුමෙන් පසුවය. අධි ආරක්‍ෂිත කලාප පිහිටවන ලද්දේ එල්.ටී.ටී.ඊ.යේ මෝටාර් ප්‍රහාරවලින් උතුරුකරයේ කඳවුරු සහ ගුවන් පථ ආරක්‍ෂා කර ගැනීමටය )
නිවසේ වැඩ කල සොල්දාදුවා ඉතා රසවත් ලෙස කිරිබත් උයයි. ඔහුගේ කිරිබත් අප උදෑසන ආහාරය ලෙස ගතිමු. ඉන්පසු හමුදා කැබ් රියෙන් රෝහලට ගොස් රෝගී ප්‍රතිකාරයේ යෙදුනෙමු.
උදෑසන අවදි වීමෙන් පසු මම මෙම නිවස වටා යමි. ඉතා අලංකාර ලෙස නිමවා ඇති මෙම ගෘහය දමිළ ඉහල මධ්‍යම පන්තිකයෙකුගේ නිවසක් විය යුතුය. එහි කාමර විශාලය. කුස්සිය කොටස් දෙකකි. කෑම කාමරය දිගු ශාලාවක් බඳුය.
මහා බලාපොරොත්තු සහිතව ඉදි කල මෙම නිවෙස හැරයාමට ඔහුට සිදු වූයේ උතුරුකර යුද්දයත් සමගය. සමහරක් විට ඔහු යුරෝපීය රටක සරණාගතයෙකු ලෙස ජීවත් වනවා විය හැකිය. මට කොලඹ හැව්ලොක් ටවුමේ තිබෙන මගේ නිවස මතක් විය. යම් ලෙසකින් කොලඹ යුද්දයක් ඇතිවී මට මගේ නිවස අත් හැර දැමීමේ තත්වයක් උද්ගත වුවහොත් මට ඇතිවන ගැන මම කල්පනා කලෙමි. එවැනි හැඟීමක් වාසවිලාන් හි මෙම නිවස අයිති පුද්ගලයා නිසැකයෙන්ම අත් විඳින්නට ඇති. මා කිසි දෙනෙක නොදුටු ගෙහිමියා ගැන මට සංවේගයක් ඇතිවේ.
නිවෙස ඉදිරි පිට දර්ශනීය තණ පිට්ටනියකි. එහෙත් මේ පිට්ටනියේ ඇවිදීමට මම මැළි වෙමි. සමහරක් විට මේ තණ පිට්ටනියේ ජොනී බට්ටන් වළ දමා තිබෙනවා විය හැකිය. ජොනී බට්ටන් විසින් ඇති කරන ලද කායික තුවාල මෙන්ම මානසික තුවාලද මම දැක තිබේ. කායික තුවාල සුව වූවද සමහර මානසික තුවාල වසර ගනන් ගියද සුව නොවෙති.
වාසවිලාන්හි හමුදා බංකරයක් අසලින් අප යමු. එහි රැකවල් කරන සොල්දාදුවා සීරුවෙන් අවිය අතට ගෙන අපට හමුදා ක්‍රමයට ආචාර කරයි. වැස්ස නිසා බංකරය තෙත් වී තිබේ. අද දින රාත්‍රිය ඔහු ගත කරන්නේ මේ වතුර පිරුණු බංකරයේය.
මේ අවට භූමිය සිංහල සහ ද්‍රවිඩ තරුණයන් ගේ රුධිරයෙන් තෙත් වී තිබේ. දුර දක්නා නුවනකින් සහ රාජතාන්තික භාවයකින් තොර වූ බල ලෝභී සිංහල සහ දෙමල දේශපාලකයන් විසින් කැස කවා ආරම්භ කරන ලද යුද්දය නිසා වියැකී ගිය ජීවිත , විනාශ වූ දේපළ , සුන් වූ අපේක්‍ෂා කෙතරම් ද ?
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ඔබගේ පන්සියවෙනි පොස්ටුවට සුබ පාර්ථනා කිරීමට කිරීමට නොහැකිවුනා. කමෙන්ට් කිරීමට නොහැකි උවත් දිගටම ඔබගේ ලිපි කියවනවා. අළුත් වැදගත් ලිපි ලියන ඔබට මගේ හර්දයාංගම ස්තුතිය පිරිනමනවා..
ReplyDeleteතුති ඔබට
Delete//දුර දක්නා නුවනකින් සහ රාජතාන්තික භාවයකින් තොර වූ බල ලෝභී සිංහල සහ දෙමල දේශපාලකයන් විසින් කැස කවා ආරම්භ කරන ලද යුද්දය නිසා වියැකී ගිය ජීවිත , විනාශ වූ දේපළ , සුන් වූ අපේක්‍ෂා කෙතරම් ද ? //
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ජයවේවා..!!
මේක තමයි ලංකාවේ කතාව
DeleteShort but a really strong piece. Thank you.
ReplyDeleteThanks Niluka
Deleteමේ ඒ ගෙය ද, නැතිනම් වෙනත් ඡායාරූපයක් ද?
ReplyDeleteනෑ රසික ඒ ගෙදර මීට වඩා අලුත්
Deleteයුද්ධය වෙනුවෙන් බොහෝ විට වන්දි ගෙවන්නේ යුද්ධ නිර්මාණය කරන්නන් නොවේ. යුද්ධ වලක්වා ගැනීමට වචනයකින් හෝ දායක වීම ලොකු පිනක් යයි මම සිතමි.
ReplyDeleteයුද්ධ නිර්මාණය කරන්නන් මුදල් , බලය ; කතුන් ග්‍රහනය කර ගනිති
Deleteමෙවැනි ගෙවල් දහස් ගණනක්, ඇත්තටම දහස් ගණනක්, හමුදා පාලනය යටතේ තිබුණු ප්‍රදේශවල තිබුණා. ඒ මිනිස්සුන්ට මොනතරම් වේදනාවක් දුකක් දැනෙන්න ඇද්ද මේවා දාලා යනකොට. අපි ගෙයක් හදාගන්න විඳින දුක කොයිතරම්ද. 1998 දී හදන්න පටන්ගත් මගේ ගෙදර තවම වැඩ අවසන් නැහැ.
ReplyDeleteකීරිමලේ ප්‍රදේශයේ මෙවැනි විශාල නිවසක මා මගේ කණ්ඩායම් මූලස්ථානය (Company Headquarters) පවත්වාගෙන ගියා. ඒ ගෙවතු වලින් ලැබුණු, අඹ, කොස්, පැපොල්, මුරුංගා, ආදිය පරිභෝජනය කරද්දී මට හිතුනේ, ඒ මිනිස්සු මේවා වවන්න කොයිතරම් වෙහෙසක් ගන්න ඇතිද කියා.
යුද්දෙන් පස්සේ ඒ පැත්තට ගිහින් එම නිවස හොයන්න උත්සාහ කලත් හරිගියේ නැහැ. හඳුනාගන්න බැරි තරම් පරිසරය වෙනස් වෙලා.
ඒ මිනිස්සුන්ට ආපහු තමන්ගේ ගෙදරට එන්න ලැබීම කොච්චර ලොකු දෙයක්ද?
agree
Delete/ බල ලෝභී සිංහල සහ දෙමල දේශපාලකයන් විසින් / ඇයි එයාල විතරක්, ජාතිවාදය දේශනා කරන ශ්‍රමණ පූජකයෝ සුද්දොද?
ReplyDeleteඔය කියන්නේ එම්මානුවෙල් පියතුමා ගැනනේද?
Deleteඇයි රායප්පු ජෝසප් වගේ අන්ත ජාතිවාදී ලේ පිපාසිත පූජකයින් වගේම බෙංගමුවේ නාලක වැනි බුද්ධිහීන ශ්‍රමනයෝත් නානසාර වැනි කොන්තරාත්කාරයෝත් මීට වගකිවයුතුයි.
Deleteඅනිවා වයිරය දේශනාකරන සියලුම ආගම් වල පූජක පරපුටුවෝ
Deleteඇත්ත....නමුත් අපි කීයෙන් කී දෙනාට ද හිතෙන්නෙ උතුරෙත් හිටියේ අපි වගේ ම ජනතාවක් කියලා...උන් අපි වගේම බලාපොරොත්තු, ආශාව, එක්ක ජීවත් වෙලා මෙහෙම අසරණ වුනහම ඇතිවන වේදනාව කොපමන ද? ඇයි මේක මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි? හිතන්න උතුරේ ආඩම්බරකාර ඉහළ මධ්‍යම පාන්තික ජනතාව සරණාගතයෙක් වුනහම ඒ මිනිස්සුන්ගේ චින්තානයේ ඇතිවන වේදනාව ඇයි අපිට මේවා තේරුම් ගන්න බැරි? ඔබ මේ ටික ලිව්ව එක ලොකු දෙයක්.....
ReplyDeleteචිත්ත සංථානයේ කියල නිවැරදි වෙන්න ඕනෙ..
Deleteඔබගේ අදහසත එකඟයි රෝහණ
Deleteඒ ලබලෝභීන් විසින් ඇතිකල වේදනාව සාමාන්‍ය ජනතාව විසින් තවමත් විඳිමින් සිටිනව.
ReplyDelete++++++++
Deleteඅවස්ථාවාදී කුහක දේශපාලනය නිසා පීඩා විදින්නේ සාමාන්‍ය ජනයා... යුද්ධය ඕනෙ උනෙත් ඕනෙ වෙන්නේත් ඒ අයට විතරයි... හැබැයි ඒකෙ දුක වේදනාව අයිති වෙන්නේ අහින්සක මිනිස්සුන්ට...
ReplyDeleteයුද්දය බලවත් ලෙස හපා කන්නේ දුප්පත් මිනිහාව
Deleteapi e minisunwa adunanne na. ekata hethuwa kala kanni deshapalakayooo and kunu Indiyawa
ReplyDeleteov
Delete//මහා බලාපොරොත්තු සහිතව ඉදි කල මෙම නිවෙස හැරයාමට ඔහුට සිදු වූයේ උතුරුකර යුද්දයත් සමගය. සමහරක් විට ඔහු යුරෝපීය රටක සරණාගතයෙකු ලෙස ජීවත් වනවා විය හැකිය. //
ReplyDeleteවරක් ගුවන් හමුදා සෙබලෙක් මා සමග පැවසුවේ පළාලි අධි ආරක්‍ෂිත කාලපයේ තියෙන ගෙවල් ගෑන. සමහර ගේවල් කොලබවත් නැති තරම් සුපිරි ගෙවල් බව ඔවුන්ට කදවුරේ දර ඉවර වුනහම කේබල් එකක් සහ ට්‍රැක්ටරයක් රැගෙන ගොස් මෙවැනි අයිති කරගත් නිවෙස් වල වහලයට කේබල් එකේ එක කොනක් ගැට ගසා අනිත් කොන ට්‍රැක්ටරයට ගැටගසා ගාස්සා ට්‍රැක්ටරය අදිනවලු. එවිට මුළු වහලම බිමට පතිත වෙනවලු. ඊට පස්සේ කදවුරට ඇති තරම් දර අර වහලින් අරගන්නවලු. ගෙයක් හදන්න අපි විදින දුක දැක්කහම එක මොනතරම් අපරාදයක්ද ?
ප්‍රයෝගික ප්‍රකාශයක් විදිහට පේන්නේ නැහැ මේ කතාව...
Deleteතනි පලේ වහලක්නම් එහෙම ඇදිල එන්න හැකියාවක් තියෙනවා...
නමුත් ඔය කියන සුපිරි මට්ටමේ ගෙයක පල හතරක් නැතිනම් අඩු ගානේ දෙකක්වත් තියෙන්න ඕනේ...
ට්‍රැක්ටර් එකකින් එහෙම වහලක් අදින්න පුළුවන් කියන එක මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ...
හරි, වහල බිමට ඇදලා ගත්තම කියමු, ඒත් මුදුන් යට ලි වලින් පරාල වෙන් කරගෙන අඩියෙන් අඩිය වගේ ගහල තියෙන රීප්ප ඇණ වලින් ගලවගන්නවා කියන එක සරළ කාරණයක් කියල හිතෙනවද...
අනික ඔච්චර කැලේ තියෙද්දී ගස් කපා ගන්නේ නැතුව ඒ වගේ අපහසු වැඩක් කරන එකේ පලේ මොකක්ද...
මේක පට්ටපල් බොරු කයිවාරු සහිත ගොතපු කතාවක්. පලාලි වල ඔය කියන තරම් කොළඹ පරද්දන තරම් සුපිරි ගෙවල් නැහැ. ඔන්න නෙල්ලිඅඩි වගේ අධි ආරක්ශිත කලාපවල 1980 ගනන්වල හදපු හොඳ ගෙවල් තියෙනව හැබැයි ඒවා හමුදා නිළධාරීන් පාවිච්චි කලා. ඔහොම විනාස කරන්නෙ නැහැ ගොඩක් වෙලාවට.
Deleteහමුදාවට දර සපයන්නෙ වෙනම සැපයුම් කොන්ත්‍රාත් ගත් අයයි. ගොඩක්විට අනුරාධපුර රඹෑව, කදුරුවෙල, දහයියාගම මැදවච්චිය වගේ පළාත්වලින් ඕනැතරම දර ලැබෙනව.
ලොකුපුතා සහ ඇනෝ සමග එකඟයි. දර හොයන්න කිසිම අපහසුවක් වුණේ නැහැ. ඕනේ තරම් දර තිබුණා. බෝම්බ ප්‍රහාර වලින් පොල්ගස්, තල් ගස්, බිම වැටී තිබුණා. බිමට සමතලා වූ ගෙවල් වල වහලේ ලී ගත්තා.
DeleteAnonymousJune 22, 2016 at 1:43 AM ඕක විස්වාස කරන්න අමාරුයි
DeleteThis comment has been removed by the author.
Deleteඅපරාදෙ
ReplyDeleteටැට්ටරේද
Deleteයුද්ධයේ සම්පූර්ණ වගකීම බල ලෝභී දේශපාලනයේම තමා.
ReplyDeleteඅදත් මේ නොවිසඳුනු පැනය හෙවත් දමිල ස්වයංපාලන අයිතිය කියන්නෙත් ඒ බල ලෝභයේම දිගුවක් මිස සැබෑ ප්‍රශ්නය හෝ පිළිතුර නොවෙයි කියන එකයි මම හිතන්නේ
බලලෝභී නොවන දේශපාලනයක් තියෙන්න පුළුවන්ද? ඒක හරියට ලාබ අරමුණු නොකල ව්‍යාපාරිකයෙක් වගේ නේද?
Deletetrue
Deleteඒ මිනිස්සුන්ට යුද්ධයෙන් පස්සේ හරි නැවත ඒ ගෙවල් ආපහු නිවැරදිව ලැබෙන්න ඇතැයි කියලවත් සතුටු වෙමු...
ReplyDeleteයුද්ධය කියන්නේ බිස්නස් එකක්, මොකක් හරි ලාබයක් ලබන්න පුළුවන් උන් ඒවා පටන් ගන්නවා...
යුද්ධය කියන්නේ බිස්නස් එකක්
Deleteබැරැක් ඔබාමා හිරෝෂිමා ගිහින් සොරි කිව්වේ නෑ. ඒ ඔහුට ජපන් විරෝධයක් තියෙන නිසා නෙමෙයි.ඔහු අනුගමනයකලේ විධායක ජනපති සම්ප්‍රදාය. යුද්ධයක් කලපසු සතුරන්ගෙන් සමාව ඉල්ලන්නේ හිඟන සම්ප්‍රදාය අනුගමනය කරන අය.
ReplyDeletemmmmm
Delete"තියුනු අසිපතකයට"සහ"කොටි දියනියකගේ පාපෝච්චරනය"පොත් දෙක කියෙව්වම මට හිතුනෙ අපි යුද්ද කලේ ඇයි කියල.දෙපැත්තෙම අහින්සකයින් කීදෙනෙක් ජීවිතවලින් වන්දි ගෙව්වද?
Delete"තියුනු අසිපතකයට"සහ"කොටි දියනියකගේ පාපෝච්චරනය"පොත් දෙක කියෙව්වම මට හිතුනෙ අපි යුද්ද කලේ ඇයි කියල.දෙපැත්තෙම අහින්සකයින් කීදෙනෙක් ජීවිතවලින් වන්දි ගෙව්වද?
ReplyDelete