ඕමන්තේ : වව්නියාව ඕමන්තේ ආරක්‍ෂක මුරපොළ කඩිගුලක් සේ කාර්‍යබහුලය. රජයේ හමුදා සහ කොටි සංවිධානය අතර සමාදානය නිසා මිනිසුන් ඕමන්තේ හරහා යති. ලුතිනන් කර්නල් උපාලි ගීගනගේ මහතා සමග ඕමන්තේ මුරපොළ වෙත ගිය මම එහි කටයුතු නිරීක්‍ෂණය කලෙමි. කොටි පාළන ප්‍රදේශයේ සිට එන සහ එකී ප්‍රදේශ වෙත යන මිනිසුන් සහ වාහන සොල්දාදුවෝ පරික්‍ෂා කරති.
ඕමන්තේ මුරපොළ ඉදිරියේ තිබෙන්නේ යුද මුක්ත කලාපයයි. යුද මුක්ත කලාපයට ඔබ්බෙන් කොටින් ගේ සීමාව මම දකිමි. එතන ඔවුන් ගේ කඳවුරකි. අවි අතින් ගත් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ඔබ මොබ යති. ඔවුනද වාහන සහ මගීන් පරීක්‍ෂා කරති. බදු එකතු කරති. යුද මුක්ත කලාපයේ කුඩා ටකරම් සෙවනක් යට පුටුවක හිඳගත් රතු කුරුසයේ සුදු තරුණයෙකි. මම ඔහු වෙත ගියෙමි.
රතු කුරුසයේ නිලධාරියා මාව සාදරයෙන් පිලි ගත්තේය. ඔහු ඕලන්ද ජාතිකයෙකි. යුද්දය මොහොතකට අමතක කල අප වින්සන්ට් වැංගෝ ගැන කතා කලෙමු. තම රටවැසි සිත්තරා ගැන රතු කුරුසයේ නිලධාරියා කතා කලේ අභිමානයෙනි. වැංගෝ ගැන කතා කිරීමෙන් අනතුරුව මම කෙලින්ම මාතෘකාවට බැස්සෙමි.
" සාමය දිගින් දිගටම පවතීවිද ? මම ඔහුගෙන් ඇසුවෙමි.
" අප මහන්සි වන්නේ දෙපාර්ශයම අතර ගැටුමකින් තොරව සමාදානය පවත්වා ගැනීමටයි " ඔහු මධ්‍යස්ථ පිළිතුරක් දුන්නේය.
" එහෙත් කොටි සංවිධානය දිගින් දිගටම සාම ගිවිසුම උල්ලංඝනය කරනවා. මේ අයුරින් ගියහොත් යළිත් යුද්ධයක් ඇතිවේද ? මම රතු කුරුස නිලධාරියා කලංකයක තැබුවෙමි. එහෙත් තම නිගමනයන් සඟවා අපක්‍ෂග්‍රාහී පිළිතුරු දීමට පුරුදු කරන ලද රතු කුරුස සංවිධානයේ නිලධාරියා සිනාසුනා මිස ඉලක්ක පිළිතුරක් නොදුන්නේය. මම ඔහුට අතට අත දී ලුතිනන් කර්නල් උපාලි ගීගනගේ මහතා වෙත ගියෙමි.
මුහමාලේ : කර්නල් උදය පෙරේරා විසින් මාව මුහමාලේ අවසන් බංකර පෙළ වෙත ගෙන යනු ලැබීය. අපට කිලෝ මීටර් භාගයක් පමණ දුරින් කොටි බංකර් පෙලක් දිස්වේ. අවි ගත් කොටින් සීරුවෙන් සිටිති. දෙපාර්ශවයම සිටින්නේ අවිනිශ්චිත තත්වයන් උඩය. යළිත් යුද්දයක් ඇරඹෙන්නේ නම් මේ දෙපාර්ශවය එකිනෙකා සමග සටන් වදිනු ඇත.
2008 වසරේ අප්‍රේල් මාසයේදී කිලාලි මුහමාලේ යුදහමුදා ඉදිරි ආරක්‍ෂක වළල්ලට කොටින් විසින් හිටිහැටියේ කාලතුවක්කු හා මෝටාර් ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ‘දීපන්’ හා ‘මුහුන්දන්’ නම් වූ ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනා විසිනි. මෙහිදී යුද හමුදාවේ 53 වන හා 55 වන සේනාංක වල සොල්දාදුවෝ ප්‍රති ප්‍රහාර එල්ල කලහ. මේ ගැටුමෙන් එල්ටීටීඊ සාමාජිකයින් 150 සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 43 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූහ. මිය ගිය සොල්දාදුවන් අතර එදා මා සමග මුහමාලේදී සංවාදයේ යෙදුනු සොල්දාදුවන් කිහිප දෙනෙක් ද සිටින්නට ඇත.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
සාම ගිවිසුම අවසන් වෙලා යුද්ධය පටන්ගන්න හරියටම සතියකට කලින් අපි ඉස්කෝලෙන් යාපනේ ගියා... මේ පෝස්ටුව දකිනකොට ඒ ගමන මතක් උනා...
ReplyDeleteඅතීතයේ කොටසක්
Deleteමා 2002-2004 අතරදී යාපනයට ගියේ LTTE පාලන ප්‍රදේශය හරහාය.3 වන වර කිලිනොච්චියට ගියේ කොටි සාම ලේකම් කාර්යාලයේදී ඔවුන් හමුවීමටය.
ReplyDeleteමේ ලිපිය එම ගමන් සිහිපත් කරයි.
කොටි අඩවිය හරහා මා ගිය ගමන් පිළිබඳව මෙන්ම කොටි නායකයන් සමග කරන ලද සාකච්චාව පිළිබඳව මගේ බ්ලොග් අඩවියෙන් බල ගත හැක. එම ලිපි ඇත්තේ මාර්තු අප්‍රේල් සහ මැයි මාස වලදීය
sudukukula.blogspot.com
Thanks Premalal
Deleteදැනට අවුරුදු දෙක තුනකට කලින් නම් අපි ඔය පැත්තට ගියා ජීවිතේ ප්‍රථම වරට
ReplyDeleteඒ ගැන ලියන්න
Delete//මේ ගැටුමෙන් එල්ටීටීඊ සාමාජිකයින් 150 සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 43 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූහ.//
ReplyDeleteමේ දත්ත ගත්තේ යුද හමුදා මාද්දිය පොරකෂකගෙන්ද (බොහෝවිට සිදුවුයේ මෙහි විලොමයයි...හඃ හඃ හා..)
ඔය නිල දත්ත
Deleteලලිත්, බොහෝවිට සිදුවුයේ මෙහි විලෝමයයි කියන්නේ, කුමන දත්ත පදනම් කරගෙනද?
Deleteyes
Deleteහිනා වෙන්නද අඬන්නද?අනේ මන්දා... යුද්ධෙත් එක්ක ගැටුනු අයවළුන් කියන්නෙ එකක්.. ඒ ගැන ඇහුන අය කියන්නෙ තව එකක්
Deleteයුද්ධය කුරිරුයි...
ReplyDelete+++++
Deleteමට මේ වෙනකන් යාපනේ යන්න බැරි උනා.
ReplyDeleteයන්න වෙලාවක
Deleteනිතර ආ ගිය ඒ නයින් පාර සහ ඕමන්තේ මතක් වුනා....අපි යලි එනතුරුම ඕමන්තේ හරහා චෙක් පොයින්ට් එක තිබුනා... ඇතැම් විට වෛද්‍යවරුන් වන අපව පරීක්ෂා නොකර යන්න දෙනවා. නමුත් අමතක කළ නොහැකි දේ නම් එකල ඇම්බියුලන්ස් වල ත් මරාගෙන මැරෙන කොටි ප්‍රවාහනය කළ බවට ඇති කට කතා ය.
ReplyDelete++++++++++
Delete