Thursday, June 30, 2016

තෝසේ කෑම

 


තෝසේ කෑමට පාසල් යන වයසේ සිටි අප කැමැත්තක් දැක්වූයෙමු.. අප කුඩා කාලයේදී තෝසේ කෑමට දෙමාපියන් සමග බම්බලපිටියේ සුප්‍රකට ග්‍රීන්ලන්ඩ්ස් වෙත ගියද පාසල් මිතුරන් සමග තෝසේ කෑමට යාමේ බලවත් රුදාවක් තිබුනේය​. 

වරක් අට වන ශ්‍රේනියේ සිටියදී මමත් , කපිල ජාසිංහත් , මිනී ඔළුවාත්, අමරසිංහ හෙවත් මැස්සාත් උදෑසනක ජය මාවතෙන් පාසල් කට් කොට මරදානේ  තෝසේ කඩයකට ගියෙමු. අතරමගදී අපට ආනන්දේ කොල්ලන් දෙදෙනෙකුද හමු වූයෙන් ඔවුනද අප සමග තෝසේ පූජාවට ආහ​. 

අප තෝසේ කඩයට යාමට ප්‍රථම එකිනෙකා ලඟ තිබෙන මුදල් දමා පොදු අරමුදලක් හදා ගත්තෙමු. ඉන්පසු කඩයට ගොස් තෝසේ සහ අල බෝන්ඞා ඇනවුම් කලෙමු. 

සරම කැහැපොට ගසාගෙන සිටි දෙමල වේටර් අපට කෙහෙල් කොළ පිඟන් ලෙස දුන්නේය​. අනතුරුව තෝසේ පිඟානක් ගෙන ආවේය​. අප තෝසේ බෙදාගත් පසු ඔහු කුඩා යකඩ බාල්දි දෙකකින් වට්ටක්කා , මුරුංගා සහිත එළවලු හොද්දක් සහ සුදු සම්බෝලයක් බෙදුවේය​. හොද්ද බෙදුවේ තෝසේ අනමින් සිටි අපගේ අත් උඩටත් වැටෙන ලෙසටය​. මේ නිසා අප අත්ලවල් ලෙවකා පිරිසිදු වූයෙමු.  

මේ අතරවාරයේ වේටර්වරයා එක් අයෙකුට එක් බැගින් අල බෝන්ඞා ගෙනාවේය​. උණු අල බෝන්ඞා රසවත් නිසා අප බෝන්ඞා කෑවේ සෙමෙන් තළුමරමිනි. ඒ සමග තෝසේ සහ හොදි අනමින් කෑවෙමු. 

කඩයේ විවිධ තරාතිරම් වල මිනිසුන් සිටිති. තෝසේ කඩයේ රේඩියෝවෙන් නැගෙන දෙමල සිංදුවේ හඞ යටපත් කරවමින් අප සංවාදයේ යෙදුනෙමු. 

වේටර් අපට තව කෑම අවශ්‍යද  කියා ඇසුවද අපගේ අරමුදල සීමිත නිසා හිතේ හැටියට තෝසේ කෑමට ඉඩක් නොවීය​. ඒ නිසා අප බඩ ෆුල් බව කියා බඩවල් වලට තට්ටු දමා වේටරයාව පිටත් කලෙමු. මේ අතරවාරයේ අමරසිංහ හෙවත් මැස්සා හිමීට ලඟ තිබූ කෑම කැබිනෙට්ටුවට අත පොවා උලුඳු වඩයක් ගල් කලේය​. එයද අපි සියළුදෙනා සමසේ බෙදාගෙන කෑවෙමු. ඉක්බිති බඩ පිරෙන තෙක් වතුර බීවෙමු.  මේ අතර වේටර් බිල ගෙනාවෙන් ඔහුට සත පණහක් ටිප් එකට දී බිල ගෙව්වෙමු. 
 
තෝසේ කා බඩ පිරෙන තෙක් වතුර බී සිටි අප දැන් කරන්නේ කුමක් ද කියා එකිනෙකාගෙන් ඇසුවෙමු. රූබි එකේ ඇඩම්ස් ඔන්ලි චිත්‍රපටයක් තිබෙන බව මැස්සා කීවද චිත්‍රපටය බැලීමට මුදල් නොතිබීමත් අතිරේක පාට ඇඳුම් පොත් මල්ලේ නොතිබීමත් නිසා අප ඒ අදහස ඉවත දැමුවෙමු. ඉන්පසුව පාරේ යන අහිංසක පහේ මිනිසුන්ට උසුළු විසුළු කරමින් ආනන්ද විද්‍යාලය දෙසට ආවෙමු. 

ආනන්ද විද්‍යාලය අසලදී ආනන්දේ එක් සිසුවෙකුත් මිනී ඔළුවාත් සැප ගැනීමට අවශ්‍ය යැයි කියා විදුහල අසල ගංජා පොට් එකකට ගියෝය​. ඒ නිසා ඉතිරි වූ අප සියළු දෙනා ඩෙන්ටල් එකට යන්න ආවා කියා ආනන්ද විදුහලේ ගේට්ටුවේ සිටි මුරකරුට කියා පාසල තුලට ආවෙමු. ගේට්ටුව අසලදී ආනන්ද විද්‍යාලයේ ආචාර්‍යවරයෙකු වූ ගලප්පත්ති මහතා අප සෙට් එකට ඔහොම හිටු කියා අපගේ අනන්‍යතා පරීක්‍ෂාවටත් පොත් බෑග් පරීක්‍ෂාවටත් ආවේය​. මේ නිසා අප කොල්ලන් සලිත වූහ​. 

මගේ මව ආනන්ද විද්‍යාලයේ වසර දහයකටත් අධික කාලයක් සේවය කොට විදුහල්පතිනියක් ලෙස උසස්වීම් ලබා ගියාය​. මම ගලප්පත්ති මහතා ගේ පුතුන් ද දැන සිටියෙමි. මේ නිසා එම සබඳතා යොදාගෙන මේ මර උගුලින් ගැලවිය යුතුයි මා තීරණය කලෙමි. මම සබඳතා හෙලි කොට අප දත් අමාරුව නිසා ආනන්දේ ඩෙන්ටල් එකට ආවා කියා කීවෙමි. 

නාලන්දෙන් පර්මිෂන් අරගෙනද ආවේ කියා  ගලප්පත්ති සර් මෙවර ඇසූවෙන් අප සියළුමදෙනා එක හඞින් ඔව් සර් කියා කීවෙමු. ඉන්පසු අපව නිදහස් කරන ලදි . 

අප බොරුවට ඩෙන්ටල් එක පැත්තට ගාටා ඉන්පසුව ආනන්ද ග්‍රවුන්ඩ් එක වෙත ගොස් ළමුන් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනව බලා සිටිමින් ඔවුන් දැවී යන විට හූ කීවෙමු. 

මේ අතර තෝසේ පාර නිසා අප කීප දෙනෙකුගේ බඩ බුරුල් වී වැසිකිලි අවශ්‍යතාව ආවේය​. මේ නිසා අප ආනන්දේ වැසිකිලි සොයා ගියෙමු. එක් ස්ථානයක ඉතා අපිරිසිදු වැසිකිලි තුනක් තිබූ අතර කවුරුන් හෝ හුණු කූරකින් ඒ වැසිකිලි ද්වාර උඩ රම්‍ය සුරම්‍ය සුභ කියා ලියා තිබුනි. මේ නිසා අප සිනාසෙමින් වැසිකිලි ගියෙමු. අණතුරුව ආනන්දේ ගල්ඔය යැයි හඳුන්වන ප්‍රදේශයේ කරක් ගැසුවෙමු. එහිදී හමු වූ තවත් ආනන්ද මිතුරෙකුගෙන් මුදලක් ඉල්ලාගෙන කැන්ටිමට ගොස් කිරි බෝතලයක් මිලට ගෙන බෙදාගෙන බීවෙමු.  ඉක්බිතිව  පස් මහල් ගොඩනැගිල්ලේ උඩ තට්ටුවට ගොස් ආනන්ද මාවතට වැටෙන සේ තරඟය​ට කාරා කෙල ගැසුවෙමු. 

ගුරුවරුන් එන යන විට අප ආනන්දයේ කීකරු දරුවන් මෙන් හැසුරුනෙමු. මෙසේ කාලය යහමින් කා පාසල ඇරෙන වෙලාවට අපද ආනන්දයි ... ආනන්දයි ආනන්දේ අද ආනන්දයි ගීතය කියා අනෙකුත් සිසුන් අතරට මැදිවී  නිවෙස් බලා ගියෙමු. 

1983 ජූලි කලබල වලදී මරදානේ තිබූ මේ තෝසේ කඩය ගිණි තියන ලදි. අප මේ කලබල මරදානේ මගී පාලමේ සිට බැලුවෙමු. තෝසේ කඩයට ගිණි තැබීමට විනාඩි කීපයකට පෙර සූට්කේසයක් ගත් ද්‍රවිඩ පුද්ගලයෙක් කඩෙන් එලියට ආ අතර මිනිසුන් විසි පහක් තිහක් පමණ ප්‍රමාණයක් වටවී ඔහුට පහර දුන්හ​. එක් අයෙක් ඔහු අත තිබූ සූට්කේසය උදුරාගෙන එයින් මේ අසරණයාට පහර දුන්නේය​. 

පිරිසකගේ පහර කෑම නිසා ඔහු මිය යන්නට ඇත​. ඉන්පසුව අප දුටුවේ තෝසේ කඩයෙන් එන ගිණිජාලා පමණි. 1983 ජාතිවාදී කලබල වලින් පසු කාලයක් යන තෙක් අපට තෝසේ කෑමට මගක් නොවීය​. නමුත් කල් යාමේදී තෝසේ ක​ඩ යළිත් පහළ වූයේය​. 

සාමාන්‍ය පෙළ කරන කාලයේදී මම ටියුෂන් ගියේ වැල්ලවත්ත චැපල් මාවතේ පන්සලකටය​. මේ ටියුෂන් පන්සලේ ගණිතය සනත් ලෙනෝරා මහතාත් විද්‍යාව (වර්තමානයේ ව්‍යපාරිකයෙකු) වන ඒ.එස්.පී ලියනගේ මහතාත් ඉගැන්වූහ​. පසුව ඒ.එස්.පී ලියනගේ මහතා ව්‍යපාරික කටයුතු නිසා විද්‍යාව  ටියුෂන් පන්තිය රන්ජිත් බටුවත්ත මහතාට භාර දුන්නේය​. 

සෙනසුරාදා උදෑසන සනත් ලෙනෝරා මහතාගේ ගණිත පන්ති යන අප දහවල විවේකයේදී වැල්ලවත්තේ ආනන්ද භවන් වෙත ගොස් තෝසේ කෑවෙමු.  අපගේ කොල්ලන් කණ්ඩායමට නාලන්දේ සිසුන් මෙන්ම මහානාමයේ සිසුන් වූ ඉන්දික කැකුණවෙල (රත්නාවලී කැකුණවෙල මහත්මියගේ පුතා) ඔළු බක්කා (නියම නම මතක නැත​) සහ අළුත්ගම සිසුවෙකුද විය​. නාලන්දේ සිසුන් අතර වර්තමානයේ නාවික හමුදා නිලධාරියෙකු වන සෙනරත් විජේසූරියත් , ගාන්ත ( නියම නම ශාන්ත වූවද අප ඔහුව ඇමතුවේ ගාන්ත කියාය​) සිටියා මතකය​. 

අප ආනන්ද භවන් එකට ගොස් තෝසේ කා ඉන්පසු තිබෙන විද්‍යාව පන්තියට එන්නෙමු. පන්තියේ තෝසේ කෑමට යා නොහැකි කෙල්ලන් අපට ඉරිසියා කරති.  මේ කෙල්ලන් අතර සිටි සාන්ත පාවුළු විද්‍යාලයේ රිස්නා හෙවත් බෙරක් අපට වඩාත් ඇනුම්පද කීවාය. 

උසස් පෙළ කරන සමයේදී ආනන්ද නාලන්ද බිග් මැච් දිනෙක අප කොල්ලන් සෙට් එක කොඩිද රැගෙන බොරැල්ල බෝ ගස ලඟ තිබූ තෝසේ කඩයකින් කෑවෙමු. තෝසේ කන අතරතුර ලී ටක කරකැවීමත්  වරින් වර එන් .ඒ . එල් .ඒ .එන්. ඩී. ඒ ...නාලන්ද කියා කඩය තුලදී මොර  දීමත් කලෙමු. 

තෝසේ  කෑමෙන් පසු එක් කොල්ලෙක් හිමීට මචං දුවමුද කියා ඇසීය​. කොල්ලන් ගේ ඉරියව් තේරුම් ගත් කැෂියර් .. " කේවනං බිව්වනං ෂල්ලි ගෙවාන්ඩ.." කීවේය​. අප පොදියක් ලෙස බිල ගෙවීමට මෙන් කැෂියර් කූඩුව ලඟට ගොස්   එකායි  දෙකායි තුනායි කියා බිල නොගෙවා ආනන්ද විද්‍යාලය පැත්ත​ට දිව්වෙමු. 

අපගේ දුවන කොල්ලන් නඩය පසුපස බස්නායක දිව ඇවිත් අපට හොඳහැටි බැන්නේය​. " ජරා වැඩ කරන්ඩ එපා ඩෝ " කියා බස්නායක අපට නොනවත්වා දෙහි කැපුවේය​. පසුව බලන විට බස්සා ගෙදර යන බසය එන තෙක් සිටින්නේ මේ කඩයේය​. එම නිසා ඔහු කඩයේ මුදලාලිවද දනියි. මේ නිසා බස්සා අපට දොස් පවරමින් තෝසේ බිල තමන් විසින් ගෙවන බව කීවේය​.  අප බස්නායකට ටැංකිව් කියමින් යලි පී සරා ස්ටේඩියමට ගොස් රොශාන් මහානාම ප්‍රසන්න අමරසිංහගේ වාර්තාව කඩනවා බැළුවෙමු. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

73 comments:

  1. පල් හොරු. ඔය කියන විදියට කලිනුත් දුවලා තියෙන්න ඕනැ

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් අප දන්නා, සියලු වෛද්‍යවරු පහේ ශිෂ්‍යත්වය හොඳින් සමත් වී උසස් අධ්‍යාපනය ලැබූ අය වෙති. පහේ ශිෂ්‍යත්වයේදී සරල ව්‍යාකරණ ගැන ඉගැන්වෙයි. ඕනෑම සාමාන්‍ය ව්‍යාකරණ දැනුමක් ඇති පහේ ළමයෙක් '' යමි/ගියෙමි'' යෙදෙන්නේ ''මම'' සමග බවත් ''යමු '' ''ගියෙමු'' සමග යෙදෙන්නේ ''අපි'' බවත් දනියි. එහෙත් ඔබගේ වටිනා ලිපිය පුරා සියලු ආකාරයේ ව්‍යාකරන දොස් ඉතිරෙයි. ඉන් ඔබ තමාව අවප්‍රමාණ කරගන්නවා සේම, අන් අයට වැරදි ආදර්ශයක් දෙයි.
      එබැවින් මෙය ලියූ මගේ පැටිකිරියා සොයා දොස් නොපවරා, උගතෙකු ලෙස නිහතමානීව තමාගේ වැරදි සාදා ගනු ඇතැයි උදක්ම විශ්වාස කරමි.
      ''අප'' කැමැත්තක් ''දැක්වූයෙමු''..​. මේ නිසා ''අප'' අත්ලවල් ලෙවකා පිරිසිදු ''වූයෙමු''. තරාතිරම් වල ''මිනිසුන්'' --> ''සිටිති.''අප සංවාදයේ යෙදුනෙමු. අප ඒ අදහස ඉවත දැමුවෙමු.අප කොල්ලන් සලිත වූහ​. මා තීරණය කලෙමි.අප සියළුමදෙනා එක හඞින් ඔව් සර් කියා කීවෙමු.අප බොරුවට ඩෙන්ටල් එක පැත්තට ගාටා ඉන්පසුව ආනන්ද ග්‍රවුන්ඩ් එක වෙත ගොස් ළමුන් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනව බලා සිටිමින් ඔවුන් දැවී යන විට හූ කීවෙමු. අප ආනන්දේ වැසිකිලි සොයා ගියෙමු. අප ආනන්දයේ කීකරු දරුවන් මෙන් හැසුරුනෙමු.අප මේ කලබල මරදානේ මගී පාලමේ සිට බැලුවෙමු. මිනිසුන් විසි පහක් තිහක් පමණ ප්‍රමාණයක් වටවී ඔහුට පහර දුන්හ​.මම ටියුෂන් ගියේ වැල්ලවත්ත චැපල් මාවතේ පන්සලකටය​. අප දහවල විවේකයේදී වැල්ලවත්තේ ආනන්ද භවන් වෙත ගොස් තෝසේ කෑවෙමු.අප ආනන්ද භවන් එකට ගොස් තෝසේ කා ඉන්පසු තිබෙන විද්‍යාව පන්තියට එන්නෙමු. පන්තියේ තෝසේ කෑමට යා නොහැකි කෙල්ලන් අපට ඉරිසියා කරති. අප පොදියක් ලෙස බිල ගෙවීමට මෙන් කැෂියර් කූඩුව ලඟට ගොස් එකායි දෙකායි තුනායි කියා බිල නොගෙවා ආනන්ද විද්‍යාලය පැත්ත​ට දිව්වෙමු.

      අප බස්නායකට ටැංකිව් කියමින් යලි පී සරා ස්ටේඩියමට ගොස් රොශාන් මහානාම ප්‍රසන්න අමරසිංහගේ වාර්තාව කඩනවා බැළුවෙමු.

      Delete
    2. මම සිංහල ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙල දක්වා පම​ණි

      Delete
    3. AnonymousJuly 2, 2016 at 1:33 PM - මෙයා බාසාවෙල්ලෙක් වගේ.

      Delete
  2. තෝසේ හා පාසල් කාළය.... තර්ස්ට එක ඉස්සරහා කඩෙ, ශාන්ති විහාර්, ග්‍රීන්ලන්ඩ්, සරස්වති, ඉන්දු සිලෝන් කෑෆේ. මරදානේ පොලීසිය ළඟ කඩේ..

    බර කාරයෝ හා සෙට් උන් දිනවල රහිමා එක බුරියානී කෑවෙමු. ඊට උපහාරයක් ලෙස සාමානිය පෙළ කරන කාලේ බුරියානිද කා සතිඤ්ඤා වැල සෙට් කර විත් පාසැලේ ගේට්ටුව අසලට වී බලා සිටියෙමු.. සුළු වෙලාවකින් මුළු රහීමා එකම එලියේය. සේවා නූල ඒ සඳහා පිලියෙල් කිරීම වෙනම කලාවකි. රහිමා බුරියානී එදාටත් වඩා අද බොහෝ රසවත්ය.

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹ ළඟදිත් රහීමා ගිහිං තියෙනවා නේද.මම නං රහීමා ගිය කාලයක් මතක නෑ බං ඊරිසියයි යකෝ.

      Delete
    2. පොඩි මෑන් තාම යන්නේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට නේ බං... ඉතින් ගෙදර හිටපු දවසකට මෑන් ගන්න ගියාම පරණ පුරුද්දට ගොඩ වෙනවා දෙන්නා එක්ක..

      Delete
    3. මම නම් කැමතිම ග්‍රීන්ලන්ඩ් එකට... මොකෝ තෝසේ වඩේ අඹරන්න කලින් අනුමත වීමේ පහසුකම් තියෙන නිසා.. ඉස්සර සැලින්කෝ එක නයිට් ෂිෆ්ට් එකක් කරපු කාලයක් තිබුනා.. ෂන්මුගම් කියලා යාළුවෙක් හිටියා.. ඔය රසල් ආනල්ඩ්ගේ මස්සිනා... කන්න බොන්න දෙකටම නියම පොර.. ඌයි මායි සෙට් උනොත්.. එතනට යන එක වරදින්නෙම නෑ...

      Delete
    4. මේක හරියන්නේ නෑ තෝසේ කතා බෝමයි... පෝස්ට් එකක් දාන්න වෙයි වගේ...

      Delete
    5. ආපු ගැම්මටම ඇදල දැම්ම නං.. මාත් ආසයි රහිමා බුරියානියට. නොකා ඉන්න බැරි රසයක්.. ඇයි අපේ මහ බයියත් එක පාරක් ඔක්කමේ කැම එපා කියල ඒක ගෙන්නගෙන කෑවේ.. හැක්..

      Delete
    6. අල බොන්ඩා කියන්නේ මොකක්ද?

      මරදානේ කඩේකින් මාත් කාලා තියෙනවා. හැබැයි මැස්සොත් වැහි වැහැලා හිටිය හින්දා ආයේ කවදාවත් ගිහින් නෑ.

      Delete
    7. ඉක්මනට ලියපං.උඹ ලියන දේශපාලන පෝස්ට් වලට වඩා ඒක රසවෙයි.

      Delete
    8. රංගි,
      අල මසාල මැදට දාලා කඩලපිටි බැටර් එක තවරල බැදගත්ත ලොකු ගුලිය.දැකල තියෙනව නේද.අන්න අල බොන්ඩා.මැස්සො වහන්න වහන්න රස වැඩියි.

      Delete
    9. රහීමා එකේ ටිප් එක දෙන්න තහනම් කියල බෝඩ් ගහලත් තිබ්බ ඒ කාලෙ.. දැන් කොහොමද දන්නෙ නෑ.. කොල්ලෝ වේටර්ලව යාලු කරගෙන වැඩිපුර කාල අඩුවෙන් ගණන් දාගෙන වෙටරයට කීයක් හරි දෙන නිසා..

      Delete
    10. රහිමා එකේ ගෝදම්බා සහ එළු මස් කරිය ගැන මම සිහින මවමි

      Delete
  3. කළුතරත් තියෙනව පොඩි සයිවර් කඩයක්. "වදනි විලා" මගෙ අම්මෝ ඒකෙ තෝසෙ වල රහ!ඒකෙ අල බෝන්ඩත් එල.

    ReplyDelete
  4. වෛද්‍ය තුමාගේ අතීතාවර්ජන කියවන කොට අපිත් නිකන්ම අත්තීතයට යනවා.
    ඔය කියන තෝස කඩ වලින් මමත් කොලු රංචුව එක්ක ගිහින් කාලා තියෙනවා.
    පුංචි බොරැල්ලේ තෝස කඩෙන් නම් උසස් පෙළ කරන කාලේ හැමදාම වගේ කනවා. කාලා ඊට එහා පැත්තේ තිබුන කිරි හලෙන් රස නොකල සුදු කිරි පයින්ට් එකක් අරන් තල ගුලියක් කකා කිරි පයින්ට් එකම බොනවා.

    ReplyDelete
    Replies
    1. නයනේ ඒ කාලෙ දැන් එන්නේ නෑ

      Delete
  5. Even in 1991, there were toilets in Ananda named Ramya, Suramya, and Subha, and they were in the block where the science labs were.

    In the temple at Chappell Lane, famous Applied Maths tutor Raja Alwis had his classes in the mid 1990s.

    ReplyDelete
  6. තෝසේ දෙකට සම්බාරු ගොඩා....ක්.. දා ගත්තම බඩ පිරෙන්න කතහැකි..

    බිල ගෙවන්න අපිට තිබ්බ වෙනම ටැක්ටික් එකක්.. මොනවා කෑවත් කඩේ බිල රුපියල් 50යි.. වේටර් කොල්ලට රුපියල් 50යි.. උඩ තට්ටුව තමයි තැන.. :)

    ReplyDelete
  7. ශ්‍රංගය කියල තියෙනව වගේ දුවපු එකම අවස්ථාව ඕක නෙමෙයි වෙන්නැති නේද?

    ReplyDelete
  8. අපි ඉස්සර ඉස්කෝලේ ළඟ උඩ කඩෙන් පාන් කනවා වගේ....කොල්ලෝ ගොඩාක් පාන් කන අතර බිල් ගෙවන්නේ කිහිප දෙනෙක් විතරයි..

    ReplyDelete
  9. Hot hot Ala Boonda...yum. Now I am craving for thosai for dinner tonight.

    ReplyDelete
  10. යකෝ දොස්තරලත් ස්කූල් කට් කරා අපි වගේම ඈ? මම හිතුවා අපි කොන්දොස්තරලා වෙලා නතර වුනේ ස්කූල් කට් කරපු නිසා කියලා. හෙහ් හෙහ්!

    ReplyDelete
    Replies
    1. යකෝ දොස්තරලත් ස්කූල් කට් කරා අපි වගේම ඈ? මම හිතුවා අපි කොන්දොස්තරලා වෙලා නතර වුනේ ස්කූල් කට් කරපු නිසා කියලා. හෙහ් හෙහ්

      Delete
    2. ඒ මදිවට අටේ පන්තියෙදි

      Delete
    3. ඒ මදිවට දෙපාරක්

      Delete
    4. ඒ ගමන අලුත් ලෙඩක් ද, රිප්ලයි විදියටද දැන් ඩබොල් වැටෙන්නෙ.

      Delete
    5. කියල වැඩක් නෑ.. මාත් හිතං උන්නෙ මං වගේ අපතයෝ විතරයි තාප්ප වලින් පනින්නේ, ස්කුල් කට් කරන්නෙ කියල.

      Delete
    6. නෑ බං මට කියන්න ඕනෙ වුනේ විද්‍යාඥයො නම් ස්කූල් කට් කලේ නෑ කියලා මං දැනුවත්ව. චන්දන ජයරත්න පංතියෙම තමයි හිටියේ අපි R-10, 70-mmmmm එකේ ඉන්නකොට

      Delete
    7. අපි නම් හැමදේම කලා ඒ නිසා හිතේ දුකක් නෑ

      Delete
  11. අල බොන්ඩා නං තනියම මට කන්න බැහැ.. අපේ පොඩි උන්ට නං තෝසේ කිව්වම ඈක්කා.. ඒ ස්මෙල් එකට කැමතිම නැහැ.. මට නං ඉතිං අවුලක් නෑ.. බඩ පැලෙන කං කන්න පුළුවන්.. පාසැල් මතක අවදි වෙනවා මේවා කියෙව්වම. අපි ඒ කාලේ හරි අහිංසක මල් වගේ ලමයි නෙහ්. හැක්

    ReplyDelete
    Replies
    1. පොඩිඋන් කිව්වෙ ? පොඩි උන්ගෙ පොඩි උන් නේද දෙශා. අපි නොදන්න චෙස්

      Delete
    2. නෑ. බං මගේ පොඩි පැටව් දෙන්නා ගැන කිව්වේ.. මාත් පොඩි එකෙක් තමා.. හැක්

      Delete
    3. අල බොන්ඩයක් තනියම කාගන්න බැරි උනාට කොහොමද දෙන ටෝක්ස්. හැක්.. ටෙක්සලා.

      Delete
    4. අපි ඒ කාලේ හරි අහිංසක මල් වගේ ලමයි නෙහ්.//// අපි වගේ

      Delete
  12. මාත් දෙතුන්වරක් මිතුරන් සමග ගොස් තෝසේ කාලා තියෙනවා. අල බෝල කන්න වැඩිපුර සල්ලි තිබුණේ නෑ ඒ දිනවල. එක් දවසක්, තනියම ගොස් කන විට එක්වරම අප්පිරියාවක් ආවා. එදායින් පසු පැත්ත පලාතේ ගිහින් නෑ.

    ග්‍රීන්ලන්ඩ් කියන්නේ අර ලොකු පපඩමක් දෙන තැන නේද? I have been there just once with adults.

    ReplyDelete
  13. ගලප්පත්ති ලොකු පුතා මිය ගියා සිඩ්නිවල දී. ඒ සඳහා පැමිණි ගලප්පත්තිවත් පන්සලේ දී දිනක මුණ ගැසුණා. පොර ඒ දිවල අප දැන ඝෙන හිටියේ කරාටේ ශූරයෙකු කියායි.

    ReplyDelete
  14. /* අප මේ කලබල මරදානේ මගී පාලමේ සිට බැලුවෙමු. තෝසේ කඩයට ගිණි තැබීමට විනාඩි කීපයකට පෙර සූට්කේසයක් ගත් ද්‍රවිඩ පුද්ගලයෙක් කඩෙන් එලියට ආ අතර මිනිසුන් විසි පහක් තිහක් පමණ ප්‍රමාණයක් වටවී ඔහුට පහර දුන්හ​. */

    ජුලි කලබලවල කඩ කැඩීමට ගිනි තැබීමට වැනි දේවලට ආනන්දයේ (හෝ නාලන්දයේ) සිසුන් සහභාගී වුණාද?

    ReplyDelete
    Replies
    1. සමහර සිසුන් සහභාගි වූවා

      Delete
  15. තෝසේ කඩවලින් හොරෙන් කෑමේ පුරුද්ද්ඩ් නොතිබ්බ එකෙක් ඒ කාලේ හොයා ගන්නත් බැහැ. නුගේගොඩ බෝ ගහගාව තියන හෝටලේ. (නම මතක නැහැ. දැන් ඒක එතන නැහැ.) තව සුගතදාස එක ලන්නග් දෙමළ සයිවර් කඩේ ඒ කාලේ අපිත් නිටර ගිය තැන්. එක පාරක් අපි නඩයක්ම කාල අයිස් ක්‍රීම් එහෙමත් කාල හොරෙන් පැන්න. අද ඒ නඩයේ එකෙක් පාර්ලිමේන්තුවෙ වගකිව යුතු ජනතා නියෝජිතයෙක්. වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල ගියා. ඉඳ හිට මුණ ගැහුන ම මතක සාගරය යි.ඔබ මාව නැවත ඒ අතීතයට ගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. //වගකිව යුතු ජනතා නියෝජිතයෙක්//
      පාර්ලිමේන්තුවේ කැන්ටිමට දැන් වග කියනව ඇති

      Delete
    2. ඒ අතීතය රසවත්

      Delete
  16. නියමෙට රහට ලියල තියනව මේක නං.. ඒ විදිහට දැනෙන්නෙ අපිත් ඔය වගේ මජර වැඩ කළ නිසා වෙන්නැති...

    ReplyDelete
  17. //මගේ මව ආනන්ද විද්‍යාලයේ වසර දහයකටත් අධික කාලයක් සේවය කොට //
    hmm
    Not same surname, right?

    ReplyDelete
  18. In those days we used to go to dawalagiri hotel to eat thosa.
    -Aizaz Ahamed

    ReplyDelete
  19. අපිනං ඉස්කෝලේ යන කාලේ තෝසේ කඩවල් ගානේ ගියේ නෑ. හොරෙන් කාලා කඩෙන් පැනලා දුවලත් නෑ. මුදලාලි ඉස්කොලෙටම ඇවිත් අපිව අල්ලලා දීලා පින්සිබොල් උත්තමයාගෙන් පුක හරකා වේවැල් පාරවල් කාලත් නෑ.

    හනේ....... ඒ තෝසේ රස තවම මතකයේ තියනවා.

    ReplyDelete
  20. හොඳ ලමයි එහෙමයි

    ReplyDelete
  21. මාතලන්ගේ තෝසේ ඇඩ් එකින් ඇවිත් කියෙව්වා..

    //පන්තියේ තෝසේ කෑමට යා නොහැකි කෙල්ලන් අපට ඉරිසියා කරති. ///

    ReplyDelete
  22. තෝසෙ කිව්වම ඉතින් අපිට මතක් වෙන්නෙ නුවර බලාජි තෝසෙ කඩෙයි, ගන්නෝරුවෙ හෙළ බොජුන් එකයි තමයි..

    රංජිත් බටුවත්ත මහතාගෙන් මමත් විද්‍යාව ඉගෙන ගෙන තිබෙනවා. ඒ 2005.දී. :)

    ReplyDelete
  23. එළ තෝසේ කතාවක්. කවදාවත් ලංකාවේ සිටියදී දෙමල කඩේකින් තෝසේ කාලා නැත. ඒත් එක දවසක් යහළුවෙකු සමග තෝසේ කන්නට ගොස් බාල්දියෙන් ගෙන සම්බාරු ඒකට හැලූ පසු මට අප්පිරියාවක් දැනුනි. යාළුවාටම කන්නට කියා තේ එකක් බිවෙමි. හැබැයි එයටත් හරියන්නට මෙහෙ දෙමළ කඩෙන් තෝසේ ගෙනත් කමි.

    ReplyDelete
    Replies
    1. මාත් මෙහෙදී දෙමල කඩ වලින් තෝසෙ කනවා නමුත් ඉස්කෝලෙ ගිය කාලේ කාපු තෝසේ තමයි රසවත්

      Delete
  24. මේසෙටත් එක්ක හැලෙන්න වක්කරලා දාන හොදි එක්ක අනාගෙන තෝසෙ ගිලිනවා කියන්නෙ වෙනම විනෝදයක්.. හප්පේ ඉතිං..
    ජයවේවා..!!

    ReplyDelete
  25. In Kandy in the early 70's our favourite Dosai haunts were Chndra Vilas and 2 unnamed places.Kandy did not have such classy places like Greenland or Shanti Vihar.To my knowledge only one of those old places still exit in the town.I have tasted Indo Ceylon stuff which I quite liked & Shanthi Vihar stuff in Colombo as an adult.Those days we ourselves were expected to dump the banana leaf into a place provided after eating and we made a point to tear it well in the belief that they were reused!This Ala Bonda we had never even heard of.I still love Dosai but no place to have the real stuff-I mean that spongy variety with that thick gravy 7 that sparingly served hot sambol.(those early days we paid in cents of course not in rupees and money was valued as money as a film cost us only 60 cents so food could wait but a film should not be missed.)

    ReplyDelete
  26. පාසැල් යන කාලයේ එතරම් සුලභ නොවූවත්... උතුරු කොන වැඩ කළ කාලයේ දෛනික ආහාර වේලක් තමා තෝසේ සහ උළුඳු වඩේ...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook