Tuesday, December 1, 2015

වාහන දුම හේතුවෙන් දැඩි ලෙස වායු දූෂණය වී ඇති මහනුවර




වාහන දුම හේතුවෙන් මහනුවර නගරය දැඩි ලෙස වායු දූෂණය වී ඇත. මහනුවර වාතයේ දහනය නොවුණ තෙල් අංශු සාඳ්‍රණය ඉතාම වැඩිය. ඒ අතර  කාබන් අංශු පමණක් නොව පොලි ඇරෝමැටික් හයිඩ්‍රො කාබන් වැනි පිළිකාකාරක අංශුත් විශාල ප‍්‍රමාණයක්  අඩංගුවේ. වායු දූෂණය අතින් ශ්‍රී ලංකාවේ මුල් ස්ථානයට මහනුවර නගරය පත්ව තිබේ.   

මහනුවර නගරයේ අති විශාල රථවාහන තදබදයක්‌ නිර්මාණය වී ඇත්තේය. මේ තදබදය අතිශය වියවුලක්‌ නිර්මාණය කරන්නේ උදයේ පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන වේලාවේදීය. වැව රවුම මාර්ගයේ කිලෝ මීටරයකට වැඩි දුර ප්‍රමාණය ගමන් කරන්න සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 5 කි. එම තදබදය ඇති අවස්‌ථාවට ඒ සඳහා පැයක පමණ, පැයකට ආසන්න කාලයක්‌ ගතවේ. දිනකට මේ මාර්ගය භාවිත කරමින් යනෙන මිනිසුන්ගේ ප්‍රමාණය ලක්‌ෂ දෙක ඉක්‌මවයි (ඉතිහාසයෙන් මකාදැමූ A 26 -රුචිර ජයදේව).   

මේ වායු දූෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස ධර්මරාජ, මහාමායා, හිල්වුඞ්, ගෝතමී සහ ඞී.එස්. සේනානායක යන, මහනුවර වැවරවුම ආශ‍්‍රිතව ඇති පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට පණහක් පමණ ඇදුම රෝගයෙන් පීඩා විඳින බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙති. මහනුවර නගරයේ ද රථවාහන තදබදය හා වායු දූෂණයෙන් ඇතිවූ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් බිලියන දෙකක පමණ මුදලක් වර්ෂිකව වැය කිරීමට සිදුව තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යාව පිළිබද සම්මාන මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම පවසයි.




25 comments:

  1. මේ ප්‍රශ්නය සහ මාහනුවර මාර්ග තදබදය ගැන මමත් කලකට ඉහතදී ලිපියක් ලිව්වා. මේ තියෙන්නේ ඒ ලිපිය

    http://wicharaka.blogspot.com/2015/01/how-to-resolve-vehicle-congestion-in.html

    කුමක් හෝ හේතුවක් නිසා මේ ගැටලුවට තවමත් විසඳුමක් ලැබී නැතිවීම අවාසනාවක්.

    ReplyDelete
    Replies
    1. මේ කියල තියෙන්නේ විස්තර ඇතුව

      Delete
    2. මීට පිළියමක් අවශ්‍යයි

      Delete
  2. මේ ගැන විවිධ අධ්‍යයනයන් තවමත් කෙරෙමින් පවතිනවා. ඉංජිනේරුවන්, නගර නිර්මාණ ශීල්පීන් කොයි යෝජනවා ගෙන ආවත්, සමාජ දේශපාලන කරුණු මත තීරණ ගැනීම, නොගැනීම හෝ කල් දැමීම තමයි ප්‍රශ්ණය.

    ReplyDelete
    Replies
    1. නූගතුන් විසින් උගතුන් පාලනය කරන රටක

      Delete
    2. තීරණය ඇත්තේ ලොකුම නූගතෙකු අතේ, එ්යා පයබරවායට පිටකර බෙහෙත් බඳින්නා සේ ඇස්බැස්ටෝස් තහනම් කරනවා.

      Delete
  3. මගේ අදහස නම් දළදා මාලිගාව ඉදිරියෙන් යන මාර්ගය විවුර්ත කිරීමයි. මෙවැනි තීරණ ගැනීමට දෙසපලන්යයන් මහානායක ස්වාමීන් වහ්න්සේල්ලගෙන් අවසර ගතයුතු නෑ, මන්ද රටේ ජනතාව පාර්ලිමේන්තුවට යවා ඇත්තේ මහානායක ස්වාමින් වහන්සේලා නොවන නිසා.

    ReplyDelete
  4. මේ කාරණය ගැන මමත් ලිපියක් ලියලා තියෙනවා. එහෙම ලිව්වේ මගේ ලිපිය ගැන ප්‍රසිද්ධියක් දලබා ගැනිමට නම් නෙමෙයි. මා නිතරම වාගේ මහනුවර නගරයට යාමට පොදු ප්‍රවාහන මෙන්ම පුද්ගලික ප්‍රවාහන මාර්ග පාවිච්චි කරන අයෙක් නිසයි. මහනුවර සම්පුර්ණ නගරය තුල හා ඒ අවට මාර්ග තදබදයක් ඇත. එය වැළැක්විය යුතුමය.
    නමුත් විද්‍යානුකුලව ක්‍ෂණික, කෙටිකාලින, මාධ්‍ය කාලින හා දිගු කාලින පියවර ගන්නවා වෙනුවට තමන්ගේ හිතේ ඇති මතය විසඳුමක් හැටියට ඉදිරිපත් කිරීම වැරදියි.ඒකෙන් නැති ප්‍රශ්න අටිවෙනවා. මෙන්න මගේ යෝජනා සාකච්චා කරමු.
    ක්ෂණික පිළියම්
    1. පේරාදෙණිය සිට මහනුවර නගරය තෙක් දිවෙන මාර්ග 2 න් එකක් එක පැත්තකට පමණක් ධාවනය කිරීම
    ( මේක කලින් කරන්න ගියත් ව්‍යාපාරිකයන්ගේ විරෝධය නිසා ඇත හැරියා.
    2.නගර සභා හන්දියේ සිට මාලිගාව අසල තෙක් දිවෙන එක පැත්තකට පමණක් ගමන් කිරීමට ඇති මාර්ගයේ එක තීරුවක් අවහිර වන ලෙස නවතා ඇති වාහන වලින් ඇඟට දැනෙන අන්දමේ විශාල දඩ මුදලක් අය කිරීම
    3. වාහන නතර කර තැබීමට වෙන් කර ඇති තීරුව තමන්ට පමණක් සීමිත වන ලෙස කර ඇති වෙන්කිරීම් අවලංගු කිරීම
    4. කහ ඉර භාවිතා නොකරන හා එම ඉර පාවිච්චි නොකිරීමට සං ඥා කර ඇතිවිට එය කඩන පදිකයන්ට දඩ ගැසීම
    5. නගර සීමාව තුල කොට කොටා පාර මැද්දෙම යන පුද්ගලික බස්රථ රියදුරන් උසාවිය ඉදිරියට පැමිණවීම
    6.විදුලිය උපරිම ලෙස ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට යාමට ඉතා හෙමින් නගරය තුල ධාවනය වන හයිබ්‍රිඩ් වාහන වලට ලොකු දඩ මුදලක් අය කිරීම
    නගරය තුල බර (වැලි ලොරි) වාහන ධාවනය රාත්‍රියට පමණක් සිමා කිරීම
    කෙටිකාලින
    රියදුරන්ට රථවාහන ධාවන ධාවන ශිල්ප ක්‍රම ගැන නිපුනත්වයක් ලබාදීමට පාඨමාලා පැවැත්වීම. (රියදුරු බලපත්‍රයක් ගැනීම යනු රථයක් පාරේ ධාවනයට ලැබෙන අවසර පතක් පමණි)
    සියලු අතුරු මාර්ග මන් තීරු දෙකක් ලෙස පුලුල් කිරීම

    මාධ්‍ය කාලින
    කටුගස්තොට - නුවර මාර්ගය මංතීරු 4ක් දක්වා පුළුල් කිරීම

    දිගුකාලින
    මහනුවර වැව අවට ඇති සියලුම පාසැල් නගරයෙන් ඉවත් කිරීම
    හෝ
    දැනටමත් කුරුනෑගල නගර සභාව විසින් ඉල්ලා ඇති පරිදි දළදා මාලිගාව කුරුනෑගලට ගෙනයාම

    මේ එකක් වත් කරන්න අකමැති අය මහනුවර නගරයට පැමිණීමෙන් වැලකි සිටීම

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ සමරසේකර මහත්තයෝ. දළදා මාලිගාව කුරුණෑගලට ගෙනියන්න ගියොත් ලංකාවම ගිනිගන්ඩ පුළුවන්. ඔන්න ඔහේ මාලිගාව ඔතනම තිබුනාවේ. මහනුවර නගරය ආශ්‍රිත විකල්ප මාර්ග හැකිතරම් සංවර්ධනය කිරීම හොඳ විසඳුමක් හැටියට පෙනීයනවා. ඒ වගේමයි බෝගම්බර බන්ධනාගාරය තිබුන තැන මහලේකම් කාර්යාලයක් බවට පත්කොට සියලු රාජ්‍ය ආයතන සහ බැංකු එතනට ගෙන ඒම.

      Delete
    2. මේ මෝඩ අදහස් වලට මොනවට කොමන්ට් කරනවාද දෙකම එකයි වන්ඩුවේ තම්බලා තෙලේ දාලා බැදලා ගත්තානම් ටිකක් හරි හරියයි

      පුදුමයි මහනුවර පොළොන්නරුවට මාරුකරමු කියලා යෝජනා නොකරපු එක . අඩුම ගානේ වෙයිදෝ කියලා හිතන්නවත් තිබුණා.

      Delete
    3. සමරසේකර මහතාගේ සමහර අදහස් ප්‍රායෝගිකයි. මීට විඅඳුමක් අවශ්‍යයි

      Delete
    4. විචාරක තුමා,
      දළදා මාලිගාව හරියට රක ගන්න බැරි නම් ඒක කුරුණෑගලට දෙන්න එහෙම දෙනවා නම් කුරුණෑගල නගරයේ මාර්ග වලින් 50% වසා දළදාව රකින බව කුරුණෑගල නගරාධිපති තුමා කිව්වේ මහනුවර නගරාධිපති තුමාට. ඒක මගේ අදහසක් නෙමෙයි. දළදා වහන්සේ , බුද ධාගම හා සිංහලයන් රැකීමට සත් කෝරලයේ ජනතාව මුල පටන්ම දිවිහිමියෙන් කැපව සිටි බව මේ රටේ ඉතිහාසය දන්නෝ දනිති. ඉංග්‍රීසින් වයඹ පළාත මධ්‍යම පලාතෙන් වෙනස් කලේ ඒ නිසාය. එබැවින් නුවර මිනිස්සු දළදා වහන්සේගේ ආරක්ෂාව නොසලකනවා නම් එය ආරක්ෂා කිරීමට අයිතියක් තියෙන කුරුනෑගල එය ඉල්ලීමේ වරදක් මට නොපෙනේ.

      නුවර තදබදය ඇතිවී තිබීමට ප්‍රධාන හේතුව ලංකාවේ අන් පලාත්වල සිටින අය තම දෙවන නිවස නුවර පළාතේ හැදීම නිසා තාවකාලිකව නුවරට එන ජනයා නිසාය. ඒ අයට එසේ පැමිණීමට තහනම් දැමීමට නොහැක . එහෙත් ඔවුන් නුවර තිබෙන සිරිත් විරිත් වලට අනුගත විය යුතුය. චාරයක් නැතිව කොළඹ වාහන ධාවනය කරන ආකාරයට උඩරට පෙදෙස් වල වාහන පැදවිය නොහැක. නමුත් එසේ පදවන අය නුවරට එන නිසා මේ මාර්ග තදබදය ඇතිවී තිබේ. ලෝකයේ අන් රටවල driving techniques උගන්වන පාසැල් ඇත. එංගලන්තයේ ඇති එවැනි පාසැල් වලට අපේ රටේ පොලිසියේ මහත්වරු යති. එහෙත් ඔවුන් එහිදී උගන්නා ෂිල් ප ක්‍රම මෙහිදී භාවිතා නොකිරීම අපේ කරුමටවී ඇත .
      සමරසේකර

      Delete
  5. මහනුවරට කේබල් කාර් දාන්ඩ හැදුවලු හැබැයි හමුදුරුගොල්ල අකමැත්යි කියල නැවත්තුවලු.

    ReplyDelete
  6. ඇයි අපේ ලොකු ලොක්කෝ මේ ගැන තිරනයක් නොගන්නෙ?
    මේ අම්මට සිරි ලංකාවනේ..

    ReplyDelete
    Replies
    1. නූගතුන් විසින් උගතුන් පාලනය කරන දේශයක්

      Delete
  7. මිනිස්සුන්ට වඩා දත ළොකුයිනේ....

    ReplyDelete
    Replies
    1. අපේ ලොකු වයසක දෙපලට දත වඳින්න යන්න පාර පළල් කරලා දෙන්න

      මෙන්න තවත් ලපයි සිපයි ඉල්ලීමක්

      විදුලිය උපරිම ලෙස ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට යාමට ඉතා හෙමින් නගරය තුල ධාවනය වන හයිබ්‍රිඩ් වාහන වලට ලොකු දඩ මුදලක් අය කිරීම ......කොහෙන්දා මේවට හිනාවෙන්න ඕනේ මාතලන් සත්තර්න්

      රියදුරන්ට රථවාහන ධාවන ධාවන ශිල්ප ක්‍රම ගැන නිපුනත්වයක් ලබාදීමට පාඨමාලා පැවැත්වීම.....

      කියව කියව ඉන්නේ පන්සල්වල බණ මඩුව කුලියට අරගෙන තමන්ම දේශනාවල් තියලා නොමිලේ පාඨමාලා පැවැත්වීම කරන්නකෝ පන්සෝන් ගිය අයට මෙය අනිවාර්ය කිරීමෙන් විකාර ඔලුවට එන එක මගහරවාගන්න පුළුවන්

      Delete
    2. මා පුරුද්දක් හැටියට තම අනන්‍යතාවයෙන් පෙනී සිටීමට කොන්ද පන නැති අයට උත්තර නොදුන්නත් ඔබේ මෝඩකමට අනුකම්පා කර මේ ටික ලියන්නම්. මා driving techniques ඉගෙන ගත්තේ 1991දි මා වාහන බලපත්‍රයක් ලබා ගත්තේ 1982දි . ඔබත් ටිකක් උනන්දු වෙලා මේ දෙකේ වෙනස ඉගෙන බලන්න. ඔබ ඔබේ නමින්ම ඉන්නවා නම් සහ ආපහු මට දෙනවා නම් එංගලන්තයේ තිබෙන driving techniques පොත මට ඔබට දෙන්නපුලුවන්.
      සමරසේකර

      Delete
    3. ඔබ මහා ලොකුවට එංගලන්තයේ තිබෙන driving techniques පොත කියවා පන්පොරි ගැසීමෙන් ඉන්නේ නැතිව ඔප්පු කරන්න. ඔබ රෝද 4 හෝ 6 තියන වාහන පදවන එකගැන දන්නා driving techniques බොහොම සරල බව මතක තබාගන්න

      ඔබේ මෝඩකමට අනුකම්පා කර මේ ටික මම ලියන්නම්.

      I got my B doubles crash box[ HR open] license in the early 90s through the Australian national driving school. when i get sri lankan licence from 1986 for my profession but when i go through the A.N.D School i learnt a lot of truckload techniques when getting my licence. it was 30 wheel B double semi trailer sliding mesh gearbox licence. that profession for issuing truck roadworthy certificate .
      good luck mr samarasekara

      Delete
  8. අපි ඊයෙත් කතා උනා ඔය ගැන.. මහනුවර නගරය මැද දැන් වායු සංයෝජනයේ ප්‍රතිශතය පෙන්නන ඩිජිටල් පුවරුත් තියෙනවලු.. ඒ කියල මිනිස්සුන්ට ඔවා තේරෙන්නේ නෑ.. මොකක් හරි ප්‍රායෝගික විසඳුමක් ඉක්මනට දෙන්න වෙනවා..

    ReplyDelete
  9. //මේ වායු දූෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස ධර්මරාජ, මහාමායා, හිල්වුඞ්, ගෝතමී සහ ඞී.එස්. සේනානායක යන, මහනුවර වැවරවුම ආශ‍්‍රිතව ඇති පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට පණහක් පමණ ඇදුම රෝගයෙන් පීඩා විඳින බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙති. මහනුවර නගරයේ ද රථවාහන තදබදය හා වායු දූෂණයෙන් ඇතිවූ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් බිලියන දෙකක පමණ මුදලක් වර්ෂිකව වැය කිරීමට සිදුව තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යාව පිළිබද සම්මාන මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම පවසයි.//

    ඇදුම රෝගය ලංකාවේ දැන් පාසල් සිසුන් අතර බහුලයි පරිසර දුෂණය අඩු ගම්බද පවා. මම නම් හිතන්නේ වායු දුෂණයට අමතරව මෙයට තවත් හේතු ඒකක් හෝ කිහිපයක් ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. නමුත් මේ ගැටළුව සුළු කොට තකන්න බැහැ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook