Monday, May 28, 2018

පෙම්බර ඇලෝසියස් මගේ


පෙම්බර ඇලෝසියස් මගේ 
මා නැතේ ඔබෙන් මිදුනේ  
සුරූපී  චෙක් එකේ   විලාසේ 
මැවේ මැවේ නයනේ  
පෙම්බර ඇලෝසියස්  මගේ //  

ලොවෙහි ඈත අනන්තේ 
බැංකුවක් තුල  නොපෙනී 
ඇතත් හොරෙන් හැන්ගීලා 
මගේ චෙක් එකත් නොදනී 

අරන් එමී බොන්ඩ් කැන්දා 
ඇසිල්ලකින් පැමිණී 
සුරූපී චෙක් එකේ  විලාසේ 
මැවේ මැවේ නයනේ 
 පෙම්බර ඇලෝසියස්  මගේ //  

වඩාල බැංකු  පුරාලා පරවී කුමාරිය සේ 
සුගන්ධ මල් යහනාවේ මිලියනයක්  සිතුසේ 
පවන් සලා ඔබ සනසා බැඳුම්කරයකින් සුවසේ 
සුරූපී චෙක් එකේ  විලාසේ මැවේ මැවේ නයනේ  
පෙම්බර ඇලෝසියස් මගේ //  

අපේම පාලු විමානේ  පගා අරන් සහනේ 
අමා පැනින් මත්වීලා ඔබේ මුදල් අල්ලස් බඳුනේ 
විදින්නේමී පගා සල්ලි පෙරුම් පිරූ ලෙසිනේ 
සුරූපී චෙක් එකේ විලාසේ මැවේ මැවේ නයනේ  
පෙම්බර ඇලෝසියස්  මගේ //

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook