Thursday, May 31, 2018

ඔබ හෝමෝ ෆෝබියාවෙන් පෙලෙන්නේද ?


සමරිසියන් කෙරෙහි සමාජය තවමත්  සවිඥාණික මෙන්ම අවිඥාණිකව විරෝධතාව දක්වති. සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති උදාහරණයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තුල අවිඥානිකව සමකාමී ආශයන් මතුවූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක් දැරීය​. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස් කාමර වෙත යැවීය.​ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන හෙන්රි මරේ ඇඩොල්ෆ් හිට්ලර් තුල පැවති පරපීඩාකාමී අවිඥානික සමකාමී ආශය පිළිබඳව සඳහන් කොට ඇත.​තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කල එෆ්.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයෙකු විය​. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීය​.

ලෝකයේ විවිධ රට වල පවතින සමරිසි සංස්කෘතියන් පිලිබඳ මම අවධානය යොමු කලෙමි.  රුසියාවේ සමලිංගිකත්වය ටැබූ මාතෘකාවක් විය​. එහෙත් යටිබිම්ගත සමරිසි සමාජ කොමියුනිස්ට් වකවානුව කාලයේද තිබුනි. අපගේ වෛද්‍ය පීඨයේ හිස්ටෝලොජි හෙවත් පටකවේදය ඉගැන්වූ ව්ලැදිමීර් පෙත්‍රෝවිච් සමරිසි පුද්ගලයෙකු බවට සිසුන් කසු කුසුවෙන් කී අතර ඔහුව ගලුබෝයි (නිල්) පෙත්‍රෝවිච්  කියා අන්වර්ථ නාමයෙන් ද හදුන්වන ලදි. 

තුර්කියේ සමලිංගික සංස්කෘතිය බොහෝ සෙයින් ප්‍රචණ්ඩ මෙන්ම පරපීඩාකාමී බව කියවේ. තුර්කීන් ගුද රමණයට ඇළුම් කරන බව වරක් ඉස්තාන්බුල් නගරයේදී සිරියානු සිසුවෙක් මා සමග පැවසීය​. ඔහු තුර්කි සිරියානු දේශසීමාව ආසන්නයේ ජීවත්වූ අයෙකි. මේ නිසා තුර්කීන් පිලිබඳ බොහෝ දේවල් මා සමග කීවේය​. එහෙත් ඔහු තුර්කීන් සමග අගතියෙන් සිටින්නෙකු බව මට වැටහුණි.

සෙන් ෆ්‍රෙන්සිස්කෝ නගරය හඳුන්වන්නේ සමරිසි පාරාදීසය කියාය​. වරක් සෙන් ෆ්‍රෙන්සිස්කෝ නගරයේදී සුදු සමරිසි තරුණයෙක් ශරීර උපකාරයක් බලාපොරොත්තුවෙන් මා ආසන්නයට පැමින ඉඟි බිඟි පාන්නට විය​. මම ඔහුට මා සමරිසියෙකු නොවන බව කීවෙන් ඔහු යන්නට ගියේය​.  

තවත් වරක් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ සුප්‍රකට විකම් මාවතේ තිබූ සමරිසි අවන්හලකට ( ගේ බාර් ) මිතුරන් පිරිසක් සමග මම ගියේ  සමරිසියන් ගේ චර්‍යාවන් අධ්‍යනය කරනු පිණිසය​. එහි කළු ලෙදර් ඇඳුමින් සැරසුනු හැඩි දැඩි මිනිසුන් වූහ​. මොවුන්ව හඳුන්වන්නේ මචෝ මිනිසුන් (macho men ) කියාය​. මෙම මචෝ මිනිසුන් අතර සුකුමාල ළලනාවන් බඳු පිරිමින් ද වූහ​. ස්වල්ප වේලාවකින් සංගීතය වාදනය වූ අතර මචෝ මිනිසුන් කිහිප දෙනෙකු ආලිංගන නැටුමක නිරත වූහ​. එහි සිටි එක් පුද්ගලයෙකු ෆ්‍රෙඩී මර්කරි මෙන් ඇඳ පැළඳ සිටියේය​. ෆ්‍රෙඩී මර්කරි යනු සමරිසි සුරුවමක් බවට පත්වූ පුද්ගලයෙකි. 

කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුශිකවාදීද කියා සිතීමේ කාලය එලැඹී තිබේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග​

4 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_435.html

    ReplyDelete
  2. අපේ රට තුලත් මෙවැනි පුද්ගලයන් හෙලා දැකීම, ඔවුන්ට පහත් ලෙස සැලකීම, හිරිහැර කිරීම බෙහෙවින් දක්නට ලැබේ. වෙනත් බොහෝ ප්‍රශ්න මෙන්ම මේ සම්බන්ධයෙන්ද ආගමික රාමුවකට (බෞද්ධ, කතෝලික හෝ ඉස්ලාම්) කොටු වී සිටිමින් විවූර්තව, තර්කානුකූලව සිතීමෙන් බැහැර වීම මීට බොහෝ සෙයින් බලපායි. නමුත් පන්සල්, පල්ලි තුලද හොර රහසේ සමලිංගික කටයුතු, හිරිහැර සිදුවන අවස්ථා බෙහෙවින් ඇති බව පුවත්පත් වාර්තා අනුව පෙනී යයි. අප වැනි රට වල සමාජයේ ඇති කුහක බව පෙන්වන තවත් එක් නිදසුනක් ලෙස මෙය දැක්විය හැක.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook